Tuesday, February 4, 2014

113.මැදියම් රෑ බලු මෙහෙයුම



අපේ ෂැඩෝ පැනල ගිහිං, නැගිටින්නකො...

දහසක් බුදුන් බුදුවන පාන්දර සැප නින්දක ගිලී හිටපු මම බිරිඳගෙ සද්දෙට අවදිවුනා...ඇස් පිහිදාල බලපුවම වෙලාව මහ පාන්දර හතහමාරයි...

නැගිටින්නකො අනේ ආයෙම හරිබරි ගැහිල නිදාගත්තෙ, මම තේත් හැදුවා බීල ගිහිං මූණ හෝදගෙන එන්නකො අන්න මං අඟුරු කෑල්ලකුත් ලිඳ ළඟ තියල ඇති...

මොන කරදරයක්ද මන්ද  නිදාගන්නවත් නෑ, බල්ලටත් මේ උදේ පාන්දරම පැනල යන්න ඕනැඋනානෙ...ඊයෙ අර බ්ලොග්කාරයො දෙන්න බලු කූඩුව ලඟට වෙලා බලාගෙන හිටිය නේද, ෂුවර් එකටම උන් දෙන්නට බයවෙන්න ඇති...

බයවෙලාද නැත්නං ඒ ගොල්ලන්ව හොයාගෙන ගිහින්ද දන්නේ නෑ අනේ උදේම...කෝකටත් දවල් වෙලා කෝල් එකක් දීල බලන්නකො...

අනේ මන්ද අප්පා තියන ලෙඩ මදිවට බල්ලොත් ලෙඩ දෙනවනෙ...

උදේට කන්න චූං පාන් අරගෙන පොල් සම්බෝලයක් තලල තිබුණා,කහ ත්‍රී වීල් එකේ ගෙනියන පාන් කොහොමත් හොඳයි...මිනිහ ගේන්නෙ දර පෝරණේ පුච්චන පාන්,අනික් උන් නං ඔක්කොම විකුණන්නෙ ගෑස් පාන්,පුම්බල විතරයි කාපු වෙලේ ඉඳන් බඩ දනවා...මම කුස්සියෙ ලිබ්බොක්කෙ ඉඳගෙන පාන් කන තැනට වෙලා බිරිඳ බල්ල ගැන කියවන්න ගත්තා...

අපේ සැළකිලි හොඳ නැති හින්දනෙ ගියෙ හොඳ තැනක් හොයා ගන්නෙ නැතැයි...මම නං හොයන්න යන්නෙ නෑ එනව නං ආපුදෙන් ඇයි අනේ අපි දරුවෙකුට වගේ මෙච්චර සලකද්දී කිසිම තැකීමක් නැතුව පැනල ගියානං ඒ වගේ ගුණමකු උන් ආයෙ මොකටද...දවසකුත් මට ඔහොම වැඩක් කලානෙ, ගේට්ටුවෙන් එළියට පැනල මාව වත්තෙ පාරවල් ගාණක ගෙනිහින්...මාත් ඉතිං මගඇරෙයි කියල පස්සෙන්ම ගියා මෙයා මගේ දිහා බල බලා දිව්වනෙ,කොච්චර කතාකළාද නැවතුනේ නෑනෙ,අන්තිමේදි ලෙස්බියන්ලගෙ ගේ ගාවදි අල්ල ගත්තෙ...

බිරිඳගේ නෝක්කඩු ඉවරයක් නෑ...උදේ බල්ලට දොස් කිය කියා හිටියට ඉර මුදුන් වෙද්දී ඇයගෙ කෝපය ශෝකයකට පරිවර්තනය වුනා...

බලන්ඩකො අනේ ෂැඩෝ තාම ආවේ නෑනෙ උදේ කිරි එක බීපු ගමන් දවස් දෙකකින් කෑම කෑවෙත් නෑ බත් එක හදල දුන්නම උඩින් පල්ලෙන් ඉවකරල නිකාහිටිය...වතුර ටිකක්වත් කවුරුවත් දෙන එකක්යැ...

දුන්නත් බොන්න දන්නවයැ ටැප් එකට කට අල්ලල වතුර බොන එකා...

අන්න අන්න අර පහළ පැත්තෙන් බල්ලො බුරනව ඇහෙනව අපේ එකාටද දන්නෙ නෑ ගිහිං බලන්ඩකො...

දැන් බලන්ඩ මේ පැත්තෙන් බල්ලො රැළ ලුණුමිරිස්ලගෙ කොස්ගහ ළඟ ඇම්බුෂ් එක දාගෙන ඉන්නව කිසිම පිට බල්ලෙකුට උන්ගෙ ඒරියල් එකට එන්න දෙන්නෙ නෑ බුරල එලෝනව...එතකොට ඉස්සරහ පැත්තෙන් ගුණසේකරලගෙ බල්ල ඇම්බුෂ් එක දාගෙන ඉන්නව උගෙ ඒරියල් එකේ...ඔය දෙක අතරෙ මාග හැම තිස්සෙම පැට්‍රෝල් යනව, ඔය බල්ලො ටික එකෙක් නෑර උන්ගෙ පොයින්ට්වල ඉන්නව...මම ගිහිං බැලුව, ෂැඩෝ කොහොම මුංගේ ඇස්වහල පැනගත්තද කියල මට හිතාගන්නවත් බෑ...
                                         පැට්‍රොල් යන මාගෝ

වෙලාවට අද පුතත් ක්ලාස් ගිහින්නෙ, ඒ ළමයි දෙන්න හිටියනං මෙලහකටත් බල්ලව හොයාගෙන ඇවිත්...පොතක් දිග ඇරගෙන ඉඳගත්තහම ඔයාටත් මෙලෝ සිහියක් නෑනෙ  ගිහිං බලල එන්ඩකො අහළ පහළවත්...

අව්ව ටිකක් බැස්සහම ගිහිං බලන්නං, කොහෙද මේ ගිණි අව්වෙ බල්ලො හොයනව තියා එළියට බහින්ඩවත් පුළුවන්යැ...

අනේ මට බය මේකා වාහනේකටවත් යටවෙයි කියල පුරුදු නෑනෙ මොන වයසක්ද, පෙනුමට හිටියට තවම පැටියනේ...අපේ ඔෆිස් එකේ විජේනායකගේ බල්ලත් ඔහොම පැනල ගිහිං හෙව්වට හෙව්වට හම්බවෙලා නෑ කොහොම හරි දවස් දෙකකට පස්සෙ කොහෙද ඉඳල ගෙදර ඇවිත්,හොඳටම අසනීපවෙලා, ඇවිදින් දවස් දෙකයි ජීවත් වෙලා තියෙන්නෙ වකුගඩු ආසාදනයක්ලු...

වකුගඩු ආසාදනයක්ය කියල ලැජ්ජාවට කිව්වට ඔය වෙන ආසාදනයක් වෙන්න ඇති...

වෙන කොහෙ ආසාදනයක් වෙන්නද...

ඔය එළියෙ තියෙන අවයව වල එහෙම, ඇයි එහෙම වෙන්න බැරිද ඌ පැනල ගියෙත් බැල්ලියොත් එක්ක කං සැප විඳින්ඩ නොවැ හොඳයි බොරුද...

ඔය කිව්වෙ ඔන්න කිව්ව,ඔයාලටත් ඉතිං කතාකළොත් ඔය අවයවේ ගැනම තමයි ,මං කියන්නෙ නෑ ඉතිං කොහෙන් පටන් ගත්තත් අන්තිමට ඔය අවයවේට ඇවිත් තමා නවතින්නෙ...

නෑ මං නිකමට වගේ කිව්වෙ මට නං ඉතිං ඔව්වයෙ එච්චර ගාණක් නෑනෙ ...

මිනිස්සු බල්ලව අල්ලගනීද දන්නෙ නෑ නේද අනේ, එහෙමත් කරනවලුනෙ...

එහෙනං, බල්ලො ඇතිකරන මනුස්සයෙකුට එහෙම අහුවුණොත් ඉතිං බඩුම තමයි අල්ලල බැඳගන්නවා...

ඒත් ඉතිං එහෙමත් බෑනෙ මෙයාගෙ කොළ ඔක්කොම අපි ගාවනෙ තියෙන්නෙ, මොන මොන බේත් විදලද මොනව විදල නැද්ද කියල අල්ලගත්ත මිනිහ කොහොමද දන්නෙ...

ඔයත් හරියට නස්රුදින්ගෙ මස්ටික කපුට ගෙනිච්ච කතාව වාගෙ එකක්නෙ කියන්නෙ...

ඒ මොකද්ද ඒ නස්රුදීන්ගෙ කතාව...

ඇයි අහල නැද්ද,නස්රුදින් දවසක් කඩෙන් මස් කුට්ටියක් අරගෙන ඔය මස් කුට්ටිය බොහොම රසට හදන හදන විදියත් කොලේක ලියාගෙන ගෙදර යනවලු, එකපාරටම කපුටෙක් මස් කුට්ටිය ඩැහැගෙන ගිහිං...නස්රුදින් කලබල වෙලා නෑ, මිනිහ කෑ ගහල කපුටට කිව්වලු...

හූ...උඹ මහලොකුවට මස් කුට්ටිය විතරක් අරං ගියාට වැඩක් ඇතැයි,රෙසිපි එක මගෙ අතේනෙ මෝඩ කපුටෝ...

බඩගිනිද...

බඩගිනිත් ටිකක් තියනව...

මම කෑම බෙදනකල් ඔයා නාල එන්ඩකො...

දවල්ට කන්න තිබුනෙ කතුරුමුරුංග මල් හොදියි බතුයි...

චැහ් අම්මප මේවත් කන්න පුලුවන්ද මනුස්සයෙකුට...

කෑම නං හරි නෑ තමයි, කොහෙද මේ බල්ලගෙ කරදරෙත් එක්ක මොකුත් උයාගන්න බැරිඋනානෙ,පපඩමක් බැදල දෙන්නද...

පපඩං හොඳයි පොඩි උන් රවට්ටන්ඩ,මහ ලොකු පපඩම...

තියෙන විදියට කන්ඩ අනේ,මේ අමාරු කාලෙ අපට දෙවේලක්වත් කන්ඩ ලැබෙන එක කොච්චර දෙයක්ද, රෑටවත් හොඳට උයල දෙන්නංකො...

උදේ හදපු පොල් සම්බෝලෙ ඉතුරු වෙලා තියනවනං ටිකක් දෙන්ඩකො ඒක එක්කවත් බත් ටිකක් කන්ඩ බලන්නං...

මට නං කන්ඩ පිරියකුත් නෑ බල්ල බඩගින්නෙ කියල මතක් වෙනකොට, හාමතේ  වේලිලා ඔහේ තැන තැන දුව දුවා ඇති කාගෙන්වත් ඉල්ලන්ඩ කියලයැ...අනේ ඇත්තට අපි මෙහෙ ගිණි පත්තුවෙලා ඉන්නව කියල මූට පොඩ්ඩක් වත් හිතෙන්නෙ නැති හැටි...

බල්ල පැනල ගිහිං  අපට මෙච්චර දුක නං දරුවෙක් පැනල ගියාම දෙමවුපියන්ට කොච්චර දුක ඇද්ද...

කොහෙහරි හොඳින් ඉන්නවනං හිත හදාගන්න බැරියැ, ඒ උනාට බඩගින්නෙ එහෙ මෙහෙ දුවනකොට වාහනේකටවත් යටවුනොත් කියලයි මට හිතේ ගින්දර...

ඔයවගේ අපි බෙන් එකේ ඉන්න කාලෙ බෙනට්ගෙ බල්ල පැනල ගියානෙ, අපි මාර ඔපරේෂන් එකක් කළා ඌව හොයාගන්න...

ඉතිං හම්බවුනාද...

හම්බවුනා නේන්නං පහුවදා...බල්ල පැනල ගිය වෙලාවෙ බෙනට් කෙලින්ම ආවේ අපිව හොයාගෙන...

මල්ලි අපේ රෝවර් පැනල ගිහිල්ලනෙ...

ඉතිං බෙනට් අයියෙ හෙව්වෙ නැද්ද...

හැමතැනම හොයල හොයල බැරිම තැන තමා මල්ලි මේ ආවේ...

ඉතිං දැන් මොකද කරන්න හදන්නෙ...

දැන් කරන්න තියෙන්නෙ මේකයි, උඹල කොළ ටිකක දැන්වීම් පහළොවක් විස්සක් ලියල මේ වටපිටේ අලවපල්ල වැඩිපුරම පැලවත්ත පැත්තෙ එහෙම...

අපි කට්ටිය  එකතුවෙලා දැන්වීම් ටික ලිව්වා...
                                           
                                               සොයාදෙන්න
                   රෝවර් නමැති කළු පැහැති බල්ලා(දුඹුරු කකුල්)පසුගිය 
                   බදාදා මඳ වැසි සහිත අඳුරු සැන්දෑවේ සිට අතුරුදහන්වී ඇත.
                   බෙල්ලේ  කළු පටියකි. දුටු කෙනෙක් ඇත්නම් පහත 
                   ලිපිනයට හෝ දුරකථනඅංකයට වහාම දැනුම් දෙන
                   ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
                   27,නාගහමුල්ල පාර,
                   පන්නිපිටිය පාර,
                   බත්තරමුල්ල.

ඒ කාලෙ මොබයිල් පෝන් තිබුණු එකක්යැ බෙනට්ගෙ ගෙදර නොම්මරේ යටිං ලිව්වා...

බෙනට් අයියෙ නිවැරදි තොරතුරක් දුන් කෙනෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමමි කියලත් යටින් ලියන්නද...

නෑ නෑ ඕනැ නෑ ඔය ලිව්ව ටික මදැයි,කෝ මෙහෙට ගනිං බලන්න...මොනවද මල්ලි උඹලගෙ සාහිත්‍යය, බල්ලව හොයන්නත් උඹලට සාහිත්‍යය නැතුව බෑ නේද...මද වැසි,අඳුරු සැන්දෑව ඕව මොන කෙහෙම්මලකටද...

අපි මුවින් නොබැණ දැන්වීම් ටික අරං  ගිහිං අලෝල ආවා...

පහුවදා මම වැඩට ගිහිං ආපහු එනකොට බෙනට් සිනා උතුරවමින් බෙන් ෆිල්ම්ස් එකට එනවා...

මල්ලි රෝවර් හම්බවුනානෙ...

කොහෙද හිටියෙ බෙනට් අයියෙ...

පාර්ලිමේන්තු පිට්ටනියෙ,අපේ දැන්වීම දැකපු කෙනෙක් මට පෝන් කළා ගිහිං බලනකොට මෙයා ඉන්නව බලු රැළක් එක්ක දුව දුවා...කතාකරපුවම දුවගෙන ආව කාරෙකේ දාගෙන කෙලින්ම ගෙදර ගෙනත් පැනඩෝල් දෙකක් දීල කිරිත් හදල බොන්න දීල කූඩුවට දැම්ම දැන් ඕන් නිදි...

දැක්කද බෙනට් අයියෙ අපේ දැන්වීමෙ වටිනාකම...

පැනඩෝල් දීල හරියන එකක් නෑ ඕකව වී ඩී ක්ලිනික් එක්ක ගියානං තමයි හොඳ,දැන් නිදියන්නෙ ඊයෙ රෑ තිස්සේ ඇහැරලා ඉන්න ඇති...

බෙනා ගියාට පස්සෙ අපි කතාවුණා...

ඒ වෙනකොට බල්ල නැතිවුණු එක අපේ ගමේ ඔක්කොම අයයි අහළ පහළ ගම්වල බාගයක් විතරයි දැනගෙන ඉවරයි,බිරිඳ ගේ ඉස්සරහ ඉඳගෙන පාරෙ යන ඔක්කොම දැනුවත් කරනවා...

අපේ බල්ල උදේ පැනල ගිහින්නෙ අනේ දැක්කොත් පණිවිඩේ කියන්න හොඳද...

ෂැඩෝ ගැන පළවෙනි ආරංචිය ලැබුනෙ හවස පහට විතර, ළඟ ගෙදරක පොඩි ගෑනු ළමයි දෙන්නෙක් ඉස්කෝලේ ගිහිං එද්දී  බල්ල කනත්තෙ ඉන්නව දැක්කලු...

අපි දැක්කෙ ඉස්කෝලේ ඇරිල එද්දි දෙකට විතර, බල්ල කනත්තෙ ගෙයි සිලි සිලි බෑග් එකක් එක්ක සෙල්ලං කර කර හිටිය, අපි දන්නෙ නෑනෙ මෙහෙ බල්ල නැතිවෙලා කියල නැත්නං ආපු වෙලාවෙම කියනව...

අනේ අපි යමු මාත් එන්නං...

ඇයි පයින්ම යන්නද...

ඔව් ඔය ටික පයිම්ම යමු...

අනේ මට නං ඔච්චර දුර පයින් යන්න බෑ චන්දනටවත් කතාකරගෙන යමු...

ඒ ගමන චන්දනටත් කතා කරගෙන ගිහිල්ල කනත්තෙයි ඒ අවට හැම තැනමයි හොයල බැලුවට ෂැඩෝ හිටියෙ නෑ...

මම ඔය කියන බල්ලව උදේ අටට විතර අන්න අර සර්විස් ස්ටේෂන් එක ළඟ ඉන්නව දැක්කනෙ,ඔයාලගෙ බල්ල කියල දන්නෙ නෑනෙ වාහනවලට හුරු නෑ නේද...

ඔව් ඔව්...

ඒක තමයි වාහන එද්දී එහාට මෙහාට පැන පැන හිටියෙ...

චන්දන කිව්වා...ඒ පැත්තෙ අයටත් පණිවිඩේ දීගෙන හිස් අතින්ම අපි ගෙදර ආවා...

හවස මගේ පණිවිඩේට ලොක්කයිය අපේ ගෙදර ආවත් ඒ අහිංසකයට ප්ලේන්ටියක්වත් දෙන්න විදියක් නැති නිසා මම ලොක්කට පස්සෙ එන්න කියල කිව්වා...

 ෂැඩෝ නැතුවම රාත්‍රිය ළඟාවුණා රෑටත් අපට හරියකට කෑමක් ලැබුනෙ නෑ, චූං පාන් අරගෙන කිරිහොදිත් එක්ක කෑවා...කිසිම කතාබහක් නැතුව කට්ටියම කල්පනා කර කර ඉඳල ගොළුවො වගේ නින්දට ගියා...නින්ද ගියා විතරයි බිරිඳගෙ මොබයිල් එක දිගටම නාදවෙන්න ගත්තා...

ට්‍රීන්...ට්‍රීන්  ට්‍රීන්... ට්‍රීන්  ට්‍රීන්...ට්‍රීන්

පෝන් එකට උත්තර දෙන බිරිඳගෙ ඇස් ප්‍රීතියෙන් දිලිසෙන්න ගත්තා...

 ෂැඩෝ ඉන්නවලු චන්දන කතාකළේ විනාඩි පහකින් එනවයි කිව්වා යන්න ලැස්තිවෙලා ඉන්නලු...පුතේ පුතේ ඉක්මනට ඇඳගෙන එන්න තාත්තත් එක්ක බල්ලව ගේන්න යන්න...

චන්දනත් එක්ක අපි පිටත් වුනා වේගයෙන් ගිය චන්දන විනාඩි දෙක තුනකින් අපේ වත්ත කෙළවරේ තියෙන පාරකින් ඇතුළට දාල කොත්තු විකුණන රෑ කඩයක් ළඟ නතර කළා...දවල් අපි පණිවිඩේ කියපු සර්විස් ස්ටේෂන් එකේ කෙනා එතන හිටියා,චන්දනට පණිවිඩේ දීල තියෙන්නෙ එයා තමයි...

උදේ ඉඳලම බල්ලෙක් මෙහෙ කැරකෙනව කොහෙ හරි ගෙදරක හදපු බල්ලෙක් කියල අපි දැනගත්ත,මම අල්ලන්නත් හදල නිකාහිටියෙ රෑටම බැඳල තියනව කියල හිතාගෙන...

කඩේ කොත්තු ගහමින් හිටපු කන්නාඩියක් දාගත්ත ප්‍රසන්න පෙනුමැති හීනි තරුණයා අපිට කිව්වා...

ඔන්න ඔය පැත්තෙ ඇති කතා කරන්නකො...

කතා කරපුවම පාරෙ ඈත කෙළවරේ ලයිට් කණුව ලඟින් මතුවුණු  ෂැඩෝ මොහොතකට ආපහු හැරිල ගිහිං ආයෙම වේගයෙන් දුවගෙන ඇවිත් අපිළඟ බිම නිදාගත්තා,මම දැක්කෙ හරියටම ෂැඩෝ අපි එනකං බලාගෙන හිටිය වාගෙයි...දංවැල දාගෙන ගෙනත් ත්‍රීවීල් එකට දාගෙන ගේන්න බලපුවම මෙයා චන්දනට ගොරවන්න ගත්තා...

එහෙනං ඔය දෙන්න ෂැඩෝව පයින් එක්කරන් එන්න...

එහෙම කියල චන්දනයි මමයි ගෙදර ආවා...බිරිඳ අපි එනතුරු නොඉවසිල්ලෙන් බලං හිටියෙ, විනාඩි කීපයකින් ෂැඩෝ එක්කගෙන පුතා ගෙදරට ළඟාවූනා...ආපු ගමන්ම දුන්න වතුර බීගෙන බීගෙන ගියා...

ඉන්න ඉන්න වතුර දෙන්න එපා මම කිරි ටිකක් හැදුවා...

ෂැඩෝ කිරි ටික  වේගෙන් බීල බාජනෙත් ලෙවකාගෙන ගියා...

පව් අනේ දවසෙම කන්නවත් බොන්නවත් නැතුව වේලිලා ඉඳල තියෙන්නෙ...

බිස්කටුත් කන්න දීල ෂැඩෝව කූඩුවට දැම්මා, මගෙ හිතේ තිබුනෙ නං පොල්ලකින් දෙකක් සළකන්නයි,ඒ උනාට ගහගන්න හම්බවුනේ නෑ...ෂැඩෝ ගෙදර ගෙනාවට පස්සෙ නං කේක්,කෙසෙල්ගෙඩි,බිස්කට් කෝපි ආදියෙන් සමන්විත සංග්‍රහයක් මදි නොකියන්න ඒ මහ රෑ  අපට ලැබුනා.

(ප.ලි . මාතෘකාව හෙන්රිගේ අනවසරයෙන් උපුටා ගත්තකි)







                                                                                                                                                       

123 comments:

  1. ම්ම්ම්ම් ..බල්ලො ඔහොම තමා ,අර බලු කුඩුව ලග හිටපු බ්ලොග් කාරයා කවුද හැබෑට...
    කොම වුණත් බල්ලා හම්බ වුණා නේ

    ReplyDelete
    Replies
    1. මාතලන් සහා ඉවාන් වත්ද...?

      Delete
    2. ඈ බොල මනෝජයෝ බල්ලෝ කියපු ගමන් උඹට මතක් වෙන්නේ අපිවද? :D

      Delete
    3. මක්කට දුක් වෙනවාද බං බල්ලා කීවාම.බල්ලා කියන්නේ මිනිහාගේ ලගම යාළුවා වෙච්චි කොට...:D

      Delete
    4. බල්ලා හම්බුනා බං හොඳ වෙලාවට නැත්නං මාර කට්ටක් තමයි කන්න වෙන්නෙ.

      Delete
    5. @මනෝජ්,ඉවාන්
      බලපන් ඉවාන් මූ කියන බලු කතාව,මොකෝ වෙන එවුන් නැතුවද බොලගේම නං කියන්නෙ.

      Delete
  2. අපොයි ඔය බල්ලව පරිස්සම් කර ගන් අයියෙ සතියක් විතර නැති උනොත් බොලා හාමතේ මැරෙයි පේන විදියට...
    මරු කතාව:-)

    ReplyDelete
    Replies
    1. සතියක් විතර නැතිවෙලා හිටියොත් නං වෙනී ඉඳල ඕනැ නෑ ඊට හොඳයි ගෙවල් අතඇරල දාල යන එක.

      Delete
  3. අටමා දත් විලිස්සුවාම බව්වා බය වෙන්න ඇති හැලපයියේ..

    ඉස්සර ගෙදර ඉන්න බල්ලෝ කැලේ පැන්නම ගෙදර එන්නේ සතියකින් විතර.. ඒ ඇවිත් මාර ආතල් දෙන්නෙ..
    හරියට අපි පැනල ගිහින් ගෙදර ආව වගේ..

    රතිඤ්ඤා පත්තුවෙන කාලෙට තමා උන් දුවන්නෙ..

    බලු කතාවක් තියෙනවා ලගදිම දාන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔන්න සෑම් උඹ තමයි අටම ගැන ඉස්සෙල්ලම මතක් කලේ හරිද.

      Delete
  4. මහ පාන්දර හතහමාර? ඔයත් හිතන්නේ මං වගේමනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ නිලුක,ටොපට නින්ද යන වෙලාව නේද.

      Delete
  5. බැනට් ලොක්කා පෙරේත කමට වැඩේ කරාට ඒක හරි ගියා නෙව.. හැක්..

    ReplyDelete
    Replies
    1. බලපංකො,ඒකත් බැනාගේ වෙලාව ඈ.

      Delete
  6. ඔහොම තමා. සතෙක් වුණත් අපි එක්ක හැදෙනකොට පවුලෙ කෙනෙක් වගේ සමීප වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්තමයි දිලිනි,අර මනුස්සය බල්ල නැතුව පුදුම දුකකින්නෙ හිටියෙ.

      Delete
  7. ඇ යකෝ රස්සාවටවත් යන්ඩ නොදි කෝල් කරල අපි දෙන්නව ගෙන්න ගෙන , උඹ අපිව බලු . බළල් ගානට දැම්මා නේද , ආයේ තො මලයි කියුවත් පස් පාගන්නැ .

    ඔය එයාපෝට් දැලේ යටට කොන්කිරිට් ටිකක් වක්කරහං , එතකොට ඔය දඩෝරියට පැනල යන්ඩ බෑ ,

    මම දැක්කනේ උෟගේ තියන , මර විසේ ඔකට කන්ඩ දෙන්ඩ එපා වැඩිය , ඕකව කසාද බන්දහං එතකොට ගෙදරට වෙලා ඉදි

    ReplyDelete
    Replies
    1. හුටා මම හිතුවේ කුඩුව ගාව වුන්නේ අර ඩබල කියා.බලන් ගියාම මේ හාදය වගේ ඉදලා තියෙන්නේ...:D

      Delete
    2. නෑ නෑ අටමයි නලින් අයියයි නෙවෙයි ..ඒ වගේ වෙන දෙන්නෙක්

      Delete
    3. හරි, කියපං මම කොතනද උඹගෙ නම කියල තියෙන්නෙ, උඹනෙ ඇදගෙන නෑවේ.
      මේ දවස්වල ඔය දැල රෙපෙයාර් කරනව බං,කසාදයක් කරල දුන්නත් ඕකා නං ගෙදර ඉඳී කියල හිතන්න බෑ.

      Delete
    4. අටම් ඇදගෙනම නාලා ,හැක් .. :)

      Delete
    5. අටමා කවදත් කරේ ඇදගෙන නාන එකනෙ.. අනික බලු කේස් නම් අටමා ඇමතිය යුතුය...

      Delete
  8. වෙනී අයිය කිව්ව වගේ බල්ල සතියක් නැතිඋනොත් කට්ටිය හාමතේ තමා :D

    ReplyDelete
    Replies
    1. සසිඳුගේ කතාව හරි කියල මටත් බොහෝ දුරට හිතෙනවා.

      Delete
  9. හැලප නෝන හැලපෙට වඩා බල්ලට සලකනව වගේ. :D
    කොහොම උනත් අන්තිමේ බල්ලව හම්බවෙච්ච එකනං ලොකු දෙයක්.

    අම්මප කවුද අර කූඩුව ළඟට ගිය බ්ලොග් කාරයො දෙන්න. ඇති බල්ලට නූලක් බඳින්න සිද්ද නොවුන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රසන්න මගේ කරුමේ තමයි.ගියපු බ්ලොග් කාරයෝ දෙන්න නං ඔය එහෙං මෙහෙන් ඔලුව දාන්නෙ.

      Delete
    2. හරියට හරි පුසන්නයෝ හැලපි මුදුන් හැන්ද බෙදන්නේ බල්ලට , ඊලගට කොල්ලට , හැලපයට දංකුඩ , ඒකත් බෙදලා දෙන්නේ නැ , මුම බත් හැලියට මාළු පිනි දාගන කුස්සි බංකුවට වෙලා කන්නේ

      Delete
    3. කිව්වහම මොකද අටමෝ ඔය දංකුඩත් මම හරිම මනාප කෑමක් නොවැ,කතාවක් තියෙනව වෙලාවක ලියඤ්ඤං.

      Delete
  10. "අන්තිමේදි ලෙස්බියන්ලගෙ ගේ ගාවදි අල්ල ගත්තෙ..." ඔයාලගේ ගෙවල් පැත්තේ ලෙස්බියන් අයත් ඉන්නවද අයියේ............ හිටියත් කොමද ඔයා හරියටම දැන ගත්තේ

    ReplyDelete
    Replies
    1. අන්න කතාව. ඕය ටික කියවත්දිම මටත් ඔය ප්‍රශ්ණෙම ආවා. :-D

      Delete
    2. මම අහන්න හිටපු එක දෙන්නෙක්ම අහලා තියෙන්නේ ....

      Delete
    3. මුන් මොන මගුලකට ලෙස්බියන් වෙනවද මන්ද රාළේ මෙච්චර මේ අපි ඉද්දි.ඔය ලෙස්බියන් විස්තරේ නං දිග කතාවක් බං,කොහොමත් පෝස්ට් එකක් විතර දිගයි හිතුනොත් පස්සෙ වෙලාවක දාන්නං.

      Delete
    4. එයාල ලෙස්බියන් වෙලා තියෙන්නේ හැලපය එක්ක ඉදලා එපා වෙලා

      Delete
    5. ම්මත් අහන්නම හිටියෙ ඔය කතාව

      Delete
    6. ෂැඩෝගෙ ජෙන්ඩර් එක මොකක්ද?

      Delete
    7. කිව්වට තරහා එපා හලපයිය්යේ ..... කොහෙමත් අහල පහල එවුන් ලෙස්බියන් වෙන්නේ අවට ඉන්න පිරිමින්ගේ දුර්වල කන් හින්දා තමයි/......

      Delete
    8. ඒ කතාවත් හරි රාළේ,මාත් ගමේ රටේ නැතිකොට උන් වෙන මොනා කොරන්නද.

      Delete
  11. අනේ මංද මීට පස්සෙ වත් බල්ලව බැදල තියා ගන්ඩ නැත්තං මේ පාර හොදියි බතුයි හරි හම්බුනා ඊළග පාර ඒකත් නැති වෙන්න පුලුවං.
    ඒ මේ ඕ පැත්තෙ ලෙස්බියං අය ඉන්නවැයි. සැක් අපේ පැත්තෙ ඕ කේස් එක තහනං නෙව..

    ReplyDelete
    Replies
    1. එහෙමද, කොහොමද දන්නෙ නෑ මහේෂ් ඔය පැත්තෙ ඒ කෙළිය තහනං කොළේ,අනේ අපේ පළාතටත් අඳුන්නල දෙන්න බැරිද.

      Delete
  12. රැලේ යන කාලෙට බල්ලන්ව කූඩුවල හදන්න බෑ.. බලු කෙල්ලක් ගෙදරටම ගෙනත් දුන්නනං හරි. ඕකා හෙන විසේකාර බල්ලෙක් කියලා අපි දැක්කනේ.......

    ReplyDelete
    Replies
    1. මගුලක් කතාකරලා තියෙන්නෙ නලින්,වැඩේ කියන්නෙ බල්ලගෙන් වචනයක් ගන්න බැරි එකනෙ.

      Delete
    2. බල්ලා අඹගේ වෙලත් ඔව්වට කැමති නැති එකනේ පුදුමේ

      Delete
  13. බල්ලට කන්න දෙන්නේ නැතිව ඇති. මුන් කන ඒවත් මොනවද කියලා පේනවනේ. ඇයි යකෝ 2500 කින් හතර දෙනෙකුට කන්න පුළුවන්නේ. මුන් තුන් දෙනයි, බල්ලයි.. ඉතින් මුන් කන විදියටම බල්ලටත් දෙන්න බැරිය. මුගේ සයිස් එකයි බල්ලගේ සයිස් එකයි බැලුහම පේනවා. බල්ලගේ මානුෂික අයිතිවාසිකම් කඩ වෙච්චි බව. 100 - 200 කින් ෂේප් වෙන්නේ නැතිව හොඳට අත පය දිග අරලා 2500 ක් වියදන් කරලා කාපන්කෝ මාසෙකට පෙරේතකන් නැතිව.. ඉතුරු කරලා පොදි ගහන්නේ නැතිව..

    බල්ලන්ට කිරි දෙන්න එපා. කිරි වල වස විස තියෙනවා. ඒකයි ඒවා මිළ වැඩි කරලා පාරිභෝගියන්ට ගන්න බැරි වෙන විදියේ තීරණයකට ආන්ඩුව එළඹිලා තියෙන්නේ..

    අපි පොඩි කාළෙත් එකෙක් උන්නා බ්‍රවුනි කියලා.. අපේ ගෙදර අය කියන්නේ. ඌයි මායි එක නැකතෙලු ඉපදිලා තියෙන්නේ. කොයි වෙලාවෙත් ගෙදර නෑ.. දව්සක ගියා ගියාමයි ආයෙ හොයා ගන්නම් බැරි උනා. අදත් මම අම්මලට කියන්නේ.. මායි ඌයි එක නැකතෙ නෙමෙයි.. මොකෝ මම හැමදාම අම්මලා බලන්න යනවනේ..

    ReplyDelete
    Replies
    1. අපට මොනවද ලැබෙන්නෙ බං ඌට දෙන කෑමවල හැටියට,රතු බත්(ඒකා සුදු බත් කන්නෙ නෑ)කැල්සියම් සහිත මාළු ඔන්න ඔය මොන මොනවද දාල සමබල ආහාරයක් හදනවනේ බං.
      ඔන්න බලපං අපි කොච්චර සරුවට කනවද කියල,සම්බෝලයි පානුයි අද ලේසි පාසු පුතෙකුට කන්න පුලුවන්ද කියපන්කො.අපි එහෙමයි.
      කිරි ප්‍රශ්නෙ විසඳන්න ගයෙෂව දාන්න හදපු වෙලේ උඹල දාහක් ජාති කියල ඒකට අකුල් හෙලුව,දැන් අඬනව මිල වැඩියි කියල අනේ මන්ද උඹලත් මොන ජාතියෙ අන්දොස් පොරවල්ද කියල.

      Delete
    2. කවුද බන් කෑ ගැහුවේ... මම කුක්කු බොන්න මාර මනාපයි..

      Delete
  14. කතුරුමුරුංගා මල් හොද්ද මරු නේ.. මම නම් බිත්තරයක් බැද ගන්නවා. එතකොට කිසි කේස් එකක් නෑ පිගන් දෙකක් විතර වැලදුවෑකි. :)

    අපේ බල්ලෙකුත් තාත්තා ප්‍රිප් එකක් ගිය වෙලේක තාත්තා පස්සෙන් ගිහින් ගෙදර ආවේ නෑ.

    ReplyDelete
    Replies
    1. කතුරුමුරුංගා මල් හොද්ද මරු නේ.. මම නම් බිත්තරයක් බැද ගන්නවා,හරියට හරි ඕකටම තව මිරිස් කරලකුත් බැදලා ගත්තාම කොහොමද ආතල් එක..

      Delete
    2. යකෝ මුන් දෙන්නම කතුරුමුරුංග ලෝලියො නොවැ,ඔය මෙනු එක ආයෙම ගියපු වෙලාවක ට්‍රයි කරල බලන්න ඕනෑ.

      Delete
    3. නැ බං හොද්දට බිත්තරක් කඩල දාන්ඩ ඕන

      Delete
    4. අන්න හරි.. අටම් අයියා කියපු පිලිවෙල තමා. හොද්දට බිත්තරේකුත් කඩලා දාන්ඩ ඕන.
      ආයේ දෙසෑබෑවෑකි බුරිය උල් වෙනකන්ම..

      Delete
    5. අන්න අටම් ක්‍රමේ.....මම නම් ආසා උම්බලකඩ එක්ක තෙල්දාලා.

      Delete
  15. බල්ලව ඩොක්ට‍ර් කෙනෙක්ට වත් පෙන්නලා බැලුවෙ නැත්ද හැලප අයියෙ? කියන්න බෑනෙ.

    අනේ මටත් ආසයි වෙලාවක නැතිවෙලා බලන්න. අපේ ගෙදරනුත් ඔහොම හොයයිද කියලා බලන්න.

    බැලින්නම් බල්ලො කොල්ලන්ට වඩා වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. බල්ලො කොහොමත් කොල්ලන්ට වඩා වාසනාවන්තයි ප්‍රියා,ඕනනං නැතිවෙලා බලපංකො හොයයිද නැත්නං එන දවසක ආපුදෙන් කියල නිකං ඉඳීද කියල බලන්න.

      Delete
  16. ඔන්න ඕකනේ මම බල්ලෝ හදන්නේ නැත්තේ.ඇයි හැලපයියේ අපිට තියෙන තැන බල්ලාට දීලා මොකටයි අපි බලු වෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. උඹ නං බල්ලො හදන්න එපා මනෝජ් මල්ලි,අපි නං දැන් බලු වෙලා ඉවරනෙ.

      Delete
  17. උඹගේ ලියවිල්ල පංකාදුයි හැලපයෝ. කතුරැ මුරැංගා මල් හොද්දක් කාපු කාලයක් මතක නෑ.
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන,මොකද අප්පා කතුරුමුරුංග හොයාගන්න එච්චර අමාරුද.

      Delete
  18. කොහොම වුනත් ගෙදරක සතෙක් ඇතිකරලා ඌ නැති වුනාම දුකයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි තුශානි,පවුලෙ කෙනෙක් වගේම තමා බල්ලත්.

      Delete
    2. සමහරුන්ට (අපි ඈතුලුව) ගෙදර බල්ලන් දරුවන් වගේ. ඒත් ලොකුම ප්‍රශ්නය (සහ වෙනස ) තමයි උන් අපිට ඉස්සෙල්ල මෑරෙන එක. ඉබ්බො ගිරව් එහෙම ඉන්න කාලෙ ගෑන සෑලකුවහම බල්ලන්ගෙ ජීවිත කාල සීමාව හරි අසාදාරනයි කියල හිතෙනවා

      Delete
    3. ප්‍රා ජේ ගෙ කතාව මමත් පිළිගන්නවා,අවුරුදු පහළොවක් උපරිම විස්සක් කියන්නෙ සුළු කාලයක්,ආදරෙන් හදපු සතෙක් මැරුණම සත්තු හැදිල්ලත් එපාවෙනවා.

      Delete
  19. හප්පේ මගේ පූස් පැටියත් අතුරුදහන් උන නේ. http://pinthorawick.blogspot.com/2014/02/lost-companion.html
    අර බෙනට්ගේ බල්ලා හොදින් ජිවත් උනාද ඊට පස්සේ. පැනඩෝල් කියන්නේ බල්ලොන්ට බෙහෙතක් නෙමෙයි වහක්. බල්ලන්ට නම් යම් තරමක් දරා ගන්න පුළුවන් උනත් පුසෙක්ට නම් පැනඩෝල් පෙති බාගයක් දුන්න කියන්නේ බඩුම තමයි ඉතින්. මිනිස්සු නොදැනුවත්වම තමන් ආදරේ කරන සත්තු මරා ගන්නවා පැනඩෝල් දීලා.
    ගොඩක් වෙලාවට බල්ලෝ පැනල යන්නේ රැලේ යන කාලෙට. ඒ විතරක් නෙමෙයි අර කියන අවයවේ ලිංගිකව බෝවන පිළිකා තත්වයකුත් වෙන TVT (Transmissible Venereal Tumor) කියන ලෙඩෙත් හදන එනවා ගොඩක් වෙලාවට. ඒ විතරක් නෙමෙයි, රැලේ වැටිලා ඉන්න එක ගැනු සතෙක් වෙනුවෙන් බල්ලෝ රංචුවම කා කොටා ගන්න නිසා ජලභීතිකාව බෝවෙන්නත් ලොකුම දායකත්වයක් ලැබෙනවා. ඕකට විසදුමක් විදිහට ඔය කියන අවයවයට පිටිපස්සෙන් එල්ලෙන මල්ලක තියෙන බෝල දෙක අයින් කරන එක කරන්න පුළුවන් පශු වෛද්‍යවරයෙක් ලවා සැත්කමකින්.

    ReplyDelete
    Replies
    1. ඔබ සත්තුන්ගෙ ලෙඩ සහ පිළියම් ගැන හොඳ විස්තරයක් කරල තියනව චමින්ද එය සත්තු හදන කාටත් වැදගත් වේවි.මේ ඔබේ පළමු පැමිණීම මම හිතන හැටියට, ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.

      Delete
    2. @අටං,
      ආ බං පව් වෙන්නෙ කොහොමද ඒක කරන්නෙ සතාගේ පණ බේරන්නනෙ,දැන් උඹම හිතල බලපං අර ජොලී ලස්සනට රන්වන් පාටට හොල්ල හොල්ල හිටපු රන් තැඹිලි ගෙඩි දෙක කිසිම දුකක් නැතුව කපල දැම්මෙ මොකටද,ඕනෑ නැතිකමකට නෙවෙයිනෙ පණ බේර ගන්නනේ.

      Delete
    3. @හැලප කලින් ඇවිත් තිබුනත් දෙතුන් වරක් කමෙන්ට් කරන මුල් අවස්ථාව.
      @අටම් එක එක අය එක එක විදිහට හිතනවා. මම නම් හිතන්නේ නෑ ඒක පව් වැඩක් කියල. මොකද මිනිස්සු වගේ නෙමෙයි මේ සත්තුන්ගේ ලිංගික ක්‍රියාවලි වෙන්නේ හරියට ඔරලෝසුවක එලාම් එකක් වදිනවා වගේ කියලයි මට හිතෙන්නේ. ගැහැණු සතෙක් රැලේ යන දවස් කිහිපයේ නිකුත් කරන පෙරමෝන වලට ඉබේම සිදුකරන ප්‍රතිචාරයක් විදිහට විතරයි ඔවුන් ලිංගික කාර්යයේ නිරත වෙන්නේ. මිනිස්සු වගේ වින්දනය උදෙසා නෙමෙයි. එත් ඒ සතුන්ට දැනෙන විදිහ මගේ දැක්මට වඩා වෙනස් වෙන්න පුළුවන් නිසා මගේ මතය වැරදි වෙන්නත් පුළුවන්. මොනවා උනත් මේ ක්‍රියාවලියෙන් එක වරකට බිහිවෙන ප්‍රතිපලය වුනු පැටව් 10ක් විතර පාරවල් ගානේ කන්න බොන්න නැතුව, හොරි හැදිලා කහ කහ, මිනිස්සුන්ගේ ගල් පාරවල් කකා, වේදනා විද විද මැරිලා යනවට වඩා උන්ගේ ප්‍රජනනය සිමා කරලා ඔය කියන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන මිනිස්සුන්ගේ ආරක්ෂාවත් තහුරු වෙන තත්වයක් හදන එක හොදයි කියන එකයි මම කියන්නේ. නිකමට වගේ බලන්නකෝ පාරක් ලග තියෙන කසල ගොඩක් ලග පුංචි ළදරු බලු පැටව කොච්චර ඉන්නවද කියල. ඒ වගේ තැන් වල හැමදාම උදේට වාහන ටයර් වලට චප්ප උන බලු පැටව කියක් ඉන්නවද බලන්නකෝ. (කමෙන්ටුව දිග වැඩිද මන්ද)

      Delete
    4. චන්දනගේ අදහසට මම එකඟයි.

      උඹ සත්තු දොස්තර කෙනෙක් නම් සත්තුවත්තට බැඳියන් බන්...අරුන් සත්තුන්ව මරා ගන්නවා අපරාදේ..

      Delete
  20. මට නම් මචන් ලියවිල්ලේ කෙල ඉනුවේ කතුරුමුරුංග මල් හොද්දයි,සම්බලයයි..
    මම සතුන් ගෙන් ඈත් වෙලා දැන් 10 වසරක් නිසා යමක් කියන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. ඔයා සත්තුන්ගෙන් ඈත් වුනාද ? සත්තු ඔයාගෙන් ඈත් වුනාද?

      Delete
    2. මටත් තියෙනවා පුරස්නයක්.. සත්තුය කිව්වේ...?

      Delete
    3. ඔතන කෙන්ජි ව්‍යංගාර්ථයෙන් කියන්නෙ ලංකාවෙන් ගිහිල්ල අවුරුදු දහයක් කියල බං,තොපිලට තේරෙන්නෙ නැද්ද.

      Delete
  21. හැබැයි බල්ලා නියම පොරක් ,ඌට දුක හිතිලා අර බ්ලොග් කාරයොඉ දෙන්නා දැක්කට පස්සේ. ඌ හිතන් ඉඳලා තියෙන්නේ බ්ලොග් කාරයෝ කිව්වම හෙන නළුවෝ වගේ ඩයල් කියලා ..!

    ReplyDelete
    Replies
    1. අර ගියපු උන් දෙන්නගෙන් එකෙක්, පාලි සඟිස්කුරුත වලින් දෙනකොට බල්ලටත් එපා වෙන්න ඇති.. මහත්තයගේ යාළුවෝ මෙහම නම්, මහත්තයා මොන වගේ එකෙක්ද කියලා.. බුදු හාමුදුරුවොත් කියලා තියෙනවලු, ෂොරි ඈ... දෙසලා තියෙනවලු පාප මිත්තරයෝ ආස්සොරේ කොරන්න එපාය කියලා..

      Delete
    2. අහුවෙයංකෝ මට වල් ඌරු තඩියා

      Delete
    3. එහෙම කියන්න එපා ඉවාන් මල්ලි,එදා මම බ්ලොග්කාරයො දෙන්නගෙම ගත්ත පිංතූර අටමට යැව්වා,පුළුවන් නං ඉල්ලං බලන්න මොන තරං සොමි කොල්ලො දෙන්නෙක්ද කියල .

      Delete
  22. හපොයි බල්ලෝ ගෙදරින් පැනලා ගියාම හොයන්න වෙන කට්ට ගැන කියන්න ඕන නෑ.. මමත් කී පාරක් නම් පාර දිගේ ඇවිදන් ගිහින් ඇද්ද බල්ලව හොයන්න..

    // මහ පාන්දර හතහමාරයි...// එලි වෙන්න තව වෙලා තියෙනවා අෆ්ෆා.. ;)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ දිනේෂ් මල්ලි,එළි වෙන්න තව කොච්චරවෙලා තියෙනවද,මේ ගෑනුන්ට නං පිස්සු.

      Delete
    2. ඉතින් අටමට කතා කරානම් අහවරයි නොවැ.. අනිත් දවසෙවත් අටමට කතා කොරන්න...

      Delete
  23. අපේ ගෙදර අන්තිමට හිටිය සුනඛ තෙමේ ටොමියා....මේ හාදයව උදේට කූඩුවට දාන්න කිසිම විදියකින් බෑ...මග ඇරලා හැංගෙනවා...ඒකට අපි දුන්න විසදුම තමයි සෑම උදෑසනකම ටොමියාට පාන් භාගයක් ලබා දීම....ගෙදර උන්ට කන්න වෙන දෙයක් උදේට අම්මා හැදුවත්...ටොමියගෙ පාන් භාගය ගේන්න අපි කඩේ ගියා...නැත්තං ඒකා පාරෙ යන හැම එකාටම බුර බුරා නාඩගං නටනවා දවස පුරාම...පාන් භාගය දැක්කම ටොමියා ඒක කන්න තියෙන ආශාවට වේලාසනම කූඩුවට වෙනවා...

    ReplyDelete
    Replies
    1. මෙයාට දෙන්නෙ බිස්කට්,බිස්කට් පෙට්ටිය ගන්න සද්දෙ ඇහුනත් කෙලින්ම කූඩුවට යනවා.

      Delete
  24. හැලපයියෙ උබත් පොඩ්ඩක් නොකිය එහෙට මෙහෙට වෙලා බලපන්කො ඔය විදියටම හොයයිද කියල

    ReplyDelete
    Replies
    1. පිස්සුද දමිත් මල්ලි,හිතනවද අවුරුද්දක් එහෙට මෙහෙට වෙලා හිටියත් මාව හොයයි කියල,නැති එකමයි වැඩේ හිටියත් කරන්නෙ එක එකා එක්ක පිස්සු නටන එකනෙ කියල සතුටින් ඉඳී.

      Delete
  25. බල්ල ඉලන්දාරියෙක් වෙලාද හැලපෙ අයියෙ..කෑල්ලක් පස්සෙ ගියාද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පේන්නෙ,ඒ උනාට මල්ලි අහළ පහළ හොයාගන්න ඉන්න කෑලි ඌට හරියන්නෙ නෑ මේකා මහබඹා වගේ උසයිනෙ ඒ මෝඩය ඒක දන්නෙ නෑ.

      Delete
  26. බුහ්...බුහ්..බුහූග්...!

    ReplyDelete
    Replies
    1. බල්ලව හම්බවෙලා වාගෙ

      Delete
  27. මොකෝ මේකට මැදියම් රෑ බලු මෙහෙයුම කියලා නමක් දැම්මේ,,දවාලෙනෙ බල්ලව හොයලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නෑනෙ ඩිලාන් දවාලෙ කතාකළා ටිකක් හෙව්වා,නමුත් මෙහෙයුම සිද්ද වුනේ මැදියම් රෑ.ඒ නිසා තමයි එහෙම දැම්මෙ,ඉතිං මැදියම කිව්වට මැදියමම නෙවෙයි ඊට ටිකක් කලින්.අර පුක කිව්වට පුකම නෙවෙයි ඊට ටිකක් උඩින් කියල කිව්වනෙ අන්න ඒ වාගෙ.

      Delete
  28. //මොනවද මල්ලි උඹලගෙ සාහිත්‍යය, බල්ලව හොයන්නත් උඹලට සාහිත්‍යය නැතුව බෑ නේද...මද වැසි,අඳුරු සැන්දෑව ඕව මොන කෙහෙම්මලකටද...//

    එහෙනං.. දැන් කන්න හදන රොටියට මොන සීගිරි කැටයං ද කිව්වලු.. :D මං ඔය උපුටගෙන ගෙනා කොටස තුලත් ලොකු පාඩමක් තියනව නේද කියල හිතුන.

    කොහොමත් ගෙදරක හදන සතෙක් නැති වුනාම ටිකක් විතර අප්සෙට් තමයි..

    ReplyDelete
    Replies
    1. උපුටල ගත්ත කොටස තුලත් චන්දන කියපු දේ තුලත් ලොකු පාඩමක් තියෙනව කියන එක හැබෑව,ගෙදර හදපු සතා නැති වෙලා ටිකක් නෙවෙයි ගොඩක් අප්සෙට් ගිය එක තමා වැඩේ.

      Delete
  29. අපේ බල්ලත් ඔහොම වැඩ වලට හෙන දස්සයි. අපිට තමයි මලවදේ ඉතින්. දවසක් කඩාගෙන ගිහින් තාත්තගෙ ඔෆිස් එකට, (අපි එතෝට හිටියෙ ඔෆිස් ක්වාටර්ස් නිසා සුට්ට දුරයි.) මූ තාත්තව හොයන් ගිහින් ලැබ් එකට. එදානම් ගෙදර එක්කන් ආවෙ දෙන්නම් සබ්බුව කියල. ඒත් අර වීඩියෝ එකේ වගේම ආදරේ පෙන්නල කට්ටකමට බේරුනා ගුටිකන එකෙන්.

    ReplyDelete
    Replies
    1. මොන හේතුවකට ලැබ් එකට ගියාද කියල හොයල බලන්නෙ නැතුව තඩි බාන්න හදන එක වැරදියිනේ,සමහරවිට රස්සාවක් හොයාගන්න වෙන්න පුළුවන්,එහෙම නැත්නං ටෙස්ට් එකක් කරගන්න වෙන්න පුළුවන්,අපි අපේ පැත්තෙන් විතරක් බලන එක කොච්චර අසාධාරණද කියල මට වෙලාවකට හිතෙනව.

      Delete
    2. හ හා.... අපේ අම්ම කියනව බඩු මිල ඉහල යන හැටියට බල්ලවයි පූසවයිත් රස්සාවට යවන්නෝන කියල. ඌට ඒක ඇහිල වෙන්නැති. :D

      Delete
  30. උඹ මාතෘකාව අනවසරයෙන් උපුටගත්තා කිව්වට මොකුත් කියන්නේ කොහොමද බං මේ බලු තඩියගේ අහිංසක මූණ බල බල. ඇත්තටම ඌට හරිම ලස්සන මූණක් තියෙන්නේ. අනිත් එක බැලන්ස්ඩ් ඩයට් එකක් දෙන හන්දාද කොහෙද සික්ස්පැක් එකකුත් තියෙනවා නේ?

    ReplyDelete
    Replies
    1. බලු තදඩිය ලස්සනද මචං,මම හිතුව උඹ ඔහොම කියාවි කියල.ගානකටනේ මචං කන්නේ දෙන්නෙ ඉතිං සික්ස්පැක් වෙන්න ඕනැනේ.

      Delete
  31. බල්ලෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ........කෑල්ලක් දැක්ක ගමන් රෑයක් දවාලක් නෑ පැනලා යනවා.... බලාන යද්දි බල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙනසක් නැද්ද මන්දා

    ReplyDelete
    Replies
    1. ශානු,ඒ කතාවට නං මට කියන්න තියෙන්නෙ නෝ කමෙන්ට් කියලයි.

      Delete
  32. "ලෙස්බියන්ලගෙ ගේ ගාවදි" ඒ මොකක්ද ඒ හරුපේ???? එහෙම උදවියත් ඉන්නවද ඔය ඉසව්වේ?

    ReplyDelete
    Replies
    1. රට්ටුනෙ කියන්නෙ කෝරළේ මහත්තයො,මම නෙවෙයි.

      Delete
    2. මාත් අහන්න හිටියේ ඕකමයි

      Delete
    3. පිළිතුර ලැබුන නේද

      Delete
  33. හපොයි හැලපයියට වෙන දෙයක්... බල්ල යහතින්ද ?? නෑ මම අහුවෙ අටම ඔය ලග පාතම හිටපු හින්ද??

    ReplyDelete
    Replies
    1. ආ බං අටම ඔය තරං බලු එක්ස්පර්ට් කෙනෙක් කියල මම දැනගෙන හිටියෙ නෑනෙ.

      Delete
  34. "Bringing Tommy Home" - Tissa Abeysekere

    ReplyDelete
    Replies
    1. "ටොමී" ද කියල හරියටම මතක නෑ. කියවපු දුක වෑඩියම හිතෙන කෙටි කතාව

      Delete
    2. අවාසනාවකට වගේ මට ඒ කෙටි කතාව කියවන්න ලැබිල නෑ

      Delete
  35. බල්ලාගේ මානව හිමිකම්........... හුටා.............. බලු හිමිකම් වෙනුවෙන් තමා ඌ ටිකක් අවේලාවේ වීදි සංචාරයේ ගිහින් තියෙන්නේ. කසාදයක් කරලා දුන්නනම් ප්‍රශ්නය ඉවරයිනේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් මතක් කරල දෙනකං බල්ලන්ටත් මානව හිමිකම් තියෙනව කියල දැනගෙන හිටියෙ නෑනෙ විචාරක තුමා,වයස සම්පූර්ණ වුනාම කසාදයක් කරල දෙන්නයි හිතං ඉන්නෙ.

      Delete
  36. අඩෝ උඹලාගේ එකා නම් මාර හැන්ඩියා සහා ෆිට් බුවෙක්. ඕකාට බඩු කෑලි ඇති ගම වටේ. මෝල් කලන්තේ වයසනේ.

    මචං අපි ඕමාන් ඉන්න කාලේ අපේ යාළු කැනේඩියන් සුද්දියෙක් හිටියා. අපිව බලන්න මෙහේ ආවාත් එක්ක. සත්තු පිස්සියෙක්. ලිලි කියලා වයසක බැල්ලියෙක් හිටියා.ආතරයිටිස් උට. ඉන්ජෙක්ශන් ගගහා හිටියේ. ඕමාන් ඉඳලා කැනඩා ගියාම බැල්ලි නැතිවෙලා. එහෙත් තියෙනවා අපේ වගේ අන්ජනම් හුට පටයක්. මම ඕකට කියන ඉංග්‍රීසි වචනේ මතක නැහැ. එහෙම තැනකට ගිහිල්ලා හොයාගන්න බැරිනිසා. එතනින් අර බෝලේ අස්සෙන් බලලා කිව්වලු, තව හැතැප්ම 150ක්ද කොහෙද ඈත වැන්කූවර් වලම තැනක් කියලා එතන පාලු බිල්ඩිමක් ගාවට ගිහිල්ලා ලිලි ලිලි කියලා කෑගහන්න කියලා. ගිහින් කෑගැහුවාම මූ ඇවිල්ලනේ බන්. ජූලිට බොරු කියන්න උවමනාවකුත් නැහැ. මම හිනාවුනා. ජූලි ඔය කතාව කියන කොටත් ඇඬුවා. අපේ මංජුවා ජූලිව දන්නවා. අපිට එයාගේ ගේ උඩ තට්ටුවම දීලා තිබුනේ. බාර් එක මගේ වගේ. අල්කුවේර්වල හිටියේ. අරූව හම්බ වුන වෙලාවක අහපන්.
    ඔහෙම මම වැඩකරා සුදු ජෙනරල් කෙනෙකුට. බල්ලෝ 12ක් හිටියා . පරම්පරා තුනක එවුන්. සත්තුන්ට ආදරය ගැන මට හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙ උන්ගෙ සත්තු හැදිල්ලක් නෑනෙ බං,ඔය සුද්දෙක් සුද්දියක් හැදුවොත් මිසක.වැඩේ කියන්නෙ මචං අපේ එකා හැන්ඩියැ උනාට තාම කිසිම දැනුම් තේරුමක් නැති එකනෙ,එහෙම නං ඉතිං ඇරලා එළියට දාන්න වෙනව එතකොට වල් බල්ලොත් එක්ක එකතුවෙලා ගෙදරට වැඩක් නැතුව යනව ඒකනේ වැඩේ,මූව එළියට දානවට අපේ හාමිනෙයි පුතයි කොහොමත් කැමති නෑ.

      Delete
  37. එක පාරක් අපේ පූසා රෑ කෑමට ආවේ නැහැ, හොයනකොට ලිඳ පැත්තෙන් වතුර හෙලවෙන සද්දයක් ආව. බැලුවම මිනිහ ලිඳේ වැටිලා. ටක් ගාල බාල්දියෙන් ගොඩට අරන්, ඇඟ පිහිදාල ඔය කිවුව වගේම කන්න බොන්න ගොඩක් දුන්න. අපි හිතුවේ ජයට කන්න ඕන නිසා මිනිහ හැමදාම ලිඳට පනීවි කියල..
    පහුවදා ලිඳට ආවරණයක් යෙදුව අපි.
    බල්ල ගෙදර නෑවිත් හිටිය කියල නොකා නොබී ඉන්න එපා හැලපතුමා. බල්ලව හොයන්න යන්න වත් පණක් තියෙන්න එපාය. හැබැයි හරිම අහිංසක පාටයි බලු හාමි. හැලපතුමා ව දැකල ඒ විදියට හැදුන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ලිඳට ආවරණයක් දැම්ම දවසෙ ඉඳන් අපේ කිටී විවේක ගන්නෙ ලිඳ උඩ.
      නොකා නොබී ඉන්න නං මගේ කිසිම ආසාවක් තිබ්බෙ නෑ මානවී එහෙම කරන්න සිද්දවුනා මිසක.අපේ උන්දැගේ නාඩගම් නිසා,මානවීට විතරයි මගේ අහිංසක කම තේරුම්ගියේ,ඔය එක එකා නොයෙක් කතන්දර කිව්වට මොළේ ඇති ළමයින්ට එව්වා හොඳට තේරෙනව.

      Delete
  38. මගේ චාලි මතක් උනා අයියේ .
    අපේ අටං ගොයියා දැක්කට පස්සේ තමයි බල්ලට සුවර් එකට ඔහොම උනේ .

    ReplyDelete
    Replies
    1. අටං බල්ලොන්ට හරිම ලැදියි නේද අපූස්,චාලිව මාත් මතක් කළා කියන්න මතක ඇතුව.

      Delete
  39. නියම බලු කතාව... :)
    මම ඔය බලු මෙහෙයුම කල දවසේ කෝල් කළා.. අක්කා එතකොටත් කිවුවේ බල්ලා ගැන තමයි හරිම දුකෙන්... හැබැයි එතකොට බල්ලා හම්බ වෙලත් හිටියේ පව් අනේ එයා...
    හොඳ වෙලාවට බල්ලා හම්බුනේ නේද.. නැත්නම් ඉතිං අනිත් දවසෙත් කෑම නැතුව තමා ඔයාලට ඉන්න වෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. අපොයි,අක්ක ඔයාටත් කිව්වද බලපුවම පිටරටටත් සන්නිවේදනය කරල,පණ ඇරල හරි බල්ලා හොයාගත්තෙ පහුවදත් බඩගින්නෙ ඉන්න බැරි කමටමයි.

      Delete
  40. මෙන්න තවත් සාර්ථක බලු මෙහෙයුමක්! ඔපෙරේෂන් බිංගෝ!

    ReplyDelete
    Replies
    1. බැලුව මචං,සෑහෙන පරණ පෝස්ට් එකක්,මට අත ඇරුනේ කොහොමද මන්ද.

      Delete
  41. hoda welawata dadooriya hambaunee.naththam uba idala iwarai loku aiyee

    ReplyDelete
  42. බෙනාගෙ හිනාව මැවිල පේනවා කියවනකොට. ඩයලොග් ටික එලකිරි. බෙනා කතා කරන්නෙ ඔහොමම තමා.

    ReplyDelete
  43. බල්ලටත් මද කිපෙන කාලේ එන්න ඇති. එතකොට ඉතින් පැනලා යන එක අමුතුවෙන් කියන්න දෙයක්යැ :P

    ReplyDelete
  44. Ballonta wath puusontawath panadol( paracetamol) denna epa. Unta Ewa metabolize karanna enzymes Naha. Unwa marenawa. Chocolate wani foods dennath EPA. Vet surgeon kenekuge upadesaki.

    ReplyDelete

ඔබේ අදහස්