Saturday, February 1, 2014

112.සංවත්සරය සහ ලොක්කයියා 18+

 
 



අලුත් අවුරුද්දෙ මාසෙකුත් ගතවුනා,පහුගිය මාසෙම වගේ ලංකාවෙ ගතකරපු නිසා ලියාගන්න ලැබුනෙ පෝස්ටු දෙකයි,අලුත් මාසෙට අලුත් යමක් ලියන්නත් ඕනෑ...මොනව ලියන්නද කියල කල්පනා කරමින් හිටියෙ.ලංකාවෙ හිටපු කාලෙ පෝස්ට් දෙකතුනක් ලියන්න දේ හොයාගත්ත කිව්වොත් නිවැරදියි...ඒත් මගේ හිතේ තිබ්බ හැටියටම කරුණු හොයාගන්න නං බැරිවුනා,ලංකාවේදී මම උත්සාහ කලේ ගමේ ඉන්න වයසක උදවිය අල්ලගෙන ඒ ගොල්ලන්ගෙන් පරණ කතා ටිකක් අහගන්නයි...නමුත් ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා.ඔන්න විස්තර කිව්වොත් මෙහෙමයි...

ගමේ මරණාධාර සමිතියෙ සංවත්සරෙත් ඒ දවස්වලම පැවැත්වුන නිසා මටත් සහභාගී වෙන්න හැකියාව ලැබුන...රැස්වීම ඉවරවෙද්දි දවල් එකත් පහුවුනා සංවත්සරේ නිසා කැවුම් කිරිබත් කෙසෙල්ගෙඩි දුන්නනෙ, ඒ හින්ද බඩගින්නක් නං තිබුනෙ නෑ...කැවුම් කිරිබත් දුන්න එකත්  ලස්සන කතාවක්, දවසක්දා රාත්‍රියෙ අපි කීප දෙනෙක් අපේ ගෙදර පොඩියට කර්තව්‍යයක් කරමින් හිටියා...මරණාධාර සමිතියෙ ලේකම් සහ භාණ්ඩාගාරික දෙපොලත් ඔය කට්ටිය අතරෙ හිටිය, දෙක තුන වැදිල කං පෙති එහෙම රතුවේගෙන එද්දී මේ දෙන්න සමිතියෙ සාර්ථකත්වය ගැන දිගින් දිගටම කතා කරන්න ගත්තා...

මේ සැරේ සංවත්සරෙත් එන ඉරිදා තියෙන්නෙ ඔයත් එන්නම ඕනෑ...

හරි හරි ඒක කියන්නත් දෙයක්යැ මම නොවැරදීම එනව...

අපට පුටු ටිකකුත් හම්බවෙන්න තියෙනව පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ගෙන් එයා එනකොට පුටුත් අරගෙනම එයි...එතකොට හුළඟට කැඩිල ගිය ඇස්බැස්ටස් තහඩු වෙනුවට අලුත් තහඩු අරන්දුන්න මන්ත්‍රීතුමා, එයයි දෙන්නම රැස්වීමට එනව කිව්වා...

මේ දවස්වල හිටපු පළාත් සභා මන්ත්‍රී තුමන්ලාගෙන් නං අපේ පැත්තට කිසි අඩුවක් නෑ...හිටපු මන්ත්‍රීතුමන්ලා තුමියල තුන් හතර දෙනෙක්ම අපේ අම්මගෙ මළගෙදරටත් සහභාගී වුණා, ඒ ගොල්ලො මේ කාලෙ මළගෙවල් හොයා හොයා යන්නෙ...

හොඳයිනෙ...ඒක නෙවෙයි මේ සැරේ සංග්‍රහයට ඔයාල මොනවද දෙන්න ඉන්නෙ...

ඔන්න දෙන්නම මූණෙන් මූණ බලා ගත්ත,ඒ වෙනකොටත් සංග්‍රහය ගැන කවුරුවත් කතාබහ කරල නැති බවත් රැස්වීම දවසෙ උදේ ටවුමෙන් මැලිබන් හරි මන්චි හරි ලොකු බිස්කට් පෙට්ටි දෙකක් ගෙනත් බෙදල දාල තේ හදල දීල ලේසියෙන්ම අත පිහිදාගන්න හදන බවත්  මට උන් දෙන්නගෙ මූණු දෙක බලපු ගමන් තේරුණා...කවුරුත් ලේසියට කරන්නෙ ඒකනේ.

මේ සැරෙත් බිස්කට් සහ තේ දීල ෂේප් වෙන්න නේද හදන්නෙ...හරි ලේසියිනෙ,ඒ හුකාමාට් මෙදා හරියන්නෙ නෑ කැවුම් කිරිබත් දීපල්ල...මතකනෙ අපි සමිති කරන කාලෙ හැම සංවත්සරේටම කිරිබත් දුන්න, ඒ කාලෙ සමිතියට එච්චර වත්කමක් තිබුනෙත් නෑ සමිතිය තියන්න හරිහමන් තැනක් තිබ්බෙත් නෑ ඒත් අපි කොහොමහරි කරගෙන ගියානෙ...දැන් එහෙමද හැම පහසුකමක්ම තියෙනව ඇතිවෙන්න සල්ලිත් තියනව බොලාගෙ කම්මැලිකමනෙ වෙලා තියෙන්නෙ...හැමදාම බිස්කට් ගෙනත් දෙනව ලේසියට, සාමාජිකයොයි කියන එකාලත් වචනයක් කියන්නෙ නෑ දෙනදේ කාල යන්න යනව, මෙදා සැරේ වැඩේ පිළිවෙලකට කරපල්ල...

ඔන්න ඔය විදියට කියපුවම අපරාදෙ කියන්න බෑ දෙන්නම ඊට විරුද්ධව වචනයක් වත්  කතා කලේ නෑ...පහුවදාම දුවල පැනල කැවුම් කිරිබත් හදන්න ඕඩරේ දීල රාත්තිරියෙ ආර්තිකේට ගිහිං ඉදිච්ච කෙසෙල්කැන් දෙකතුනක් ගෙනත් සංග්‍රහය ලෑස්ති කළා...රුපියල් හාර පන්දාහක් වියදම ගියා වාගෙද වැඩේ ලස්සනයිනෙ...අනික අර පිට මිනිස්සුත් එන එකේ කැත  නැතුව සංග්‍රහ කරන්න තියෙන්න එපැයි,මොකෝ ලස්සනට තිබුනම ගමටමනෙ ආඩම්බරේ...

ඉතිං ඔන්න ඔය ආකාරයට සංවත්සරය සහ සංග්‍රහය අති සාර්ථකව පැවැත්වුණා, හිටපු මන්ත්‍රීවරුත් ඇවිත් කතාබහ කරල සංග්‍රහ විඳල ගියා...කට්ටිය ඔක්කොම කිරිබත් කාලත් තවත් මහගොඩක් ඉතුරුත් උනා මම බිරිඳටත් කිරිබතුයි ලුණුමිරිසුයි ගිහිං දුන්න ඒ මනුස්සයත් කිරිබත් කන්ඩ බොහොම මනාපයිනෙ...සමිතිය අවසානයේ අස්සන් කරන පොත ළඟ ඔක්කොම රොක්වෙලා පොරකකා අස්සං කරනව,ලොක්කයිය මතකනෙ, පොරත් ඔය අස්සෙ අස්සං කරන්න වලිකනව...

මොකක්ද ලොක්කයියෙ තමුසෙත් ඔය ගෑනු ගොඩේ පොරකන්නෙ මහ ඈතක යන්න තියෙනව වගේ,පැත්තකට වෙලා ඉන්නවකො ගෑනුන්ට අස්සං කරන්ඩ දීල තමුසෙට කොයි වෙලාවෙ අස්සං කරගන්න බැරිද...

ජයතිස්ස ඔන්න ඔහොම කිව්වහම පැය ගාණක් එකතැන ඉඳගෙන ඉඳල හෙම්බත් වෙලා හිටපු වයසක ලොක්කයියට මාරය ආවේශ වුනා...

තොගෙ අම්මට අහවල් එක කරන්න වේසිගෙ පුතා මට පොරකන්න එපා කියන්න එනව,ජයසේකරයගෙ ගොනා ම්ම්ම්හ්...

උඹ මේ ලොක්කයියෙ අම්මට තාත්තට බනින්න එන්න එපා හරිද...

ඇයි තෝ මහ රජ්ජුරුවොද පල පකය යන්න හමන්නගන්නෙ නැතුව බලු වේසිගෙ පුතා ම්ම්ම්හ්...

ඉඳපිය පරය තොට මම කෙළවන්න...

ජයතිස්ස දුවගන එනකොට කට්ටිය ලොක්කව බිමට බස්සගෙන තල්ලු කරන් වගේ අරගෙන ආව ලොක්ක මෙලෝ සිහියක් නැතුව කුණුහරුප වපුරනවා...

වරකො තෝ අපේ ගේ ළඟින්, කපන එක කපනව පට්ට වේසිගෙ පුතා එහෙනං,බලන්ඩකො  අර ජයසේකරයගෙ ගොනා මට ගහන්ඩ අත උස්සගෙන ආවනෙ, ඕක දන්නැතුවයි මේ ලොක්කගෙ හැටි අම්මට හැමනෙන්ඩ පර බල්ල තෝ දැනගං මම අද පාරට වෙලා ඉන්නව තෝ කීයට හරි එනකං...ම්ම්ම්හ්

කට්ටිය එකතුවෙලා ලොක්කව ඇදගෙන වාගේ ගෙදර ගෙනිච්ච, ලොක්කත් ලවක් දෙවක් නැතුව කුණුහරුප දෙසමින් යන්න ගියා, ලොක්කගෙ ගේ තියෙන්නෙත් එතනම පාරෙ පහළ වංගුවෙ,අඩි දහයක්වත් දුර නෑ...

ඔන්න අද උඹට වැඩේ හරි...පණ බේරගන්න ඕනනං ලොක්කලගෙ ගෙවල් පැත්ත පළාතෙන්වත් යන්න එපා වෙන පාරකින් ගෙදර පලයන්...

අපි ජයතිස්සට විහිළු කළා, ඒ වුනාට රැස්වීමෙන් පස්සෙ කොල්ලො ටික අපේ ගෙදර ආවනෙ...උන් ආපහු යද්දී හවස හය හත උනා...

පහුවදා උදේ මම එගොඩහ කඩේට ගියෙ බුලත් රුපියල් දහයක ගේන්න,බුලතුත් අරං ආපහු එනකොට ලොක්කයිය ගේ ළඟ කොටයක් උඩ පවුලත් එක්ක වාඩිවෙලා ඉන්නව,ලොක්කගෙ අතක් බැන්ඩේජ් කරල...මාව දැකපු ගමන් ලොක්ක නැගිටලා පාරට දුවගෙන ආව...

ඔයාට ගෙදර යන්ඩ හදිස්සියක් නෑනෙ...හොඳයි ඔයා කියන්ඩ බලන්ඩ මම ඊයෙ අරූට බැන්න එක වැරදිද...

නෑ නෑ කිසි වැරද්දක් නෑ මම එහෙම නං ඌට ගහලයි පස්ස බලන්නෙ...

මමත් ලොක්කගෙ පැත්තටම කතා කළහම ලොක්ක තව ටිකක් චූන් උනා...

ආන්න ඔයාට තේරෙනව, ඕකට වටිනවද මට එහෙම කතාකරන්ඩ, ඔවුන් මොක්කුද හරක් වගේ කැලේට කොළේට හැදිච්චි උන්නෙ,හරියක් වැරද්දක් දන්නෙ නෑ මනුස්සයෙක් දන්නෙ නෑ...දැන් බලන්ඩ ඔයාට සමිතියෙන් හම්බවෙච්ච සල්ලි ඔයා ආපහු දුන්න, ඒ ඔයා එහෙම කරන්න පුළුවන් තත්වෙක ඉන්න හින්දනෙ...මටත් පුළුවන් ඒවගේ කරන්ඩ මගෙ ළමයත් රජයේ හොඳ රස්සාවක් කරන්නෙ මටත් මෙහෙම ඉන්ඩ ඕනෑ නෑ හොඳට ගේ දොර රෙපෙයාර් කරගෙන ඉන්ඩ පුළුවනි ඒ උනාට මොනවටද මේ ඉන්න ටික දොහට...ඔයාලගෙ අම්ම කැන්දන් ආපු වෙලාවෙ තාත්ත දවස් හතක් මගුල් කෑවා,ඔයාලගෙ අම්ම අපට කොච්චර නං කන්ඩ දීල තියෙනවද...

ඔන්න එතකොට මට පොඩ්ඩක් උනන්දුව ඇතිවුනා, මෙහෙම නං දෙඩෙව්වට ලොක්ක ලඟත් අපේ අම්ම තාත්තගෙ මගුල් ගෙදර ගැන එහෙම පරණ රසකතා ඇති පුළුවන් නං ඒ කතා ටික ඔක්කොම අහගන්නව කියන අදහස මට ආවා...

ලොක්කයියෙ මම එහෙනං යන්නං, මං තව උදේට කාලත් නෑ හවසට අපේ ගෙවල් පැත්තෙ එනවකො...මොකද ඔය අතට උනේ...

ආ ඒ වාහනේ දොරට අහුවෙලා, මහත්තය අත සනීපවෙනකන් මට නිමාඩු දුන්න...ගෙදර එන්නෙ කොහොමද බල්ල ඉන්නවනෙ...

ඒකනෙ වැඩේ ඕයි බල්ල අද උදේ පැනල ගිහින්නෙ...හිටියත් මොකද කූඩුවට දාන්න බැරියැ...

අපේ බල්ල උදේ පාන්දරම දොට්ට පිලට යන්න කූඩුවෙන් එළියට දැම්මහම දැල් වැටේ ගැලවිච්ච තැනකින් රිංගල යන්න ගිහිං...දවල් වෙනතුරුම ආපහු ආවෙ නෑ එයාව හොයන්න විශාල මෙහෙයුමක් කරන්න උනා.






76 comments:

  1. හෑ ඉවරද ..?

    හැලපයිය ලියපු කෙටිම කතාවද?

    ReplyDelete
    Replies

    1. කාලය අනුව දිගට ලියයි.,
      මේ හැලප අයිය වෙන්න ඇති නේද?

      Delete
    2. කෙටි වැඩිද ඉවාන්,ලියාගෙන යද්දි කම්මැලි හිතුණා ඉතිං නැවැත්තුව.

      Delete
    3. කුමාව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,හැලපය තමයි.

      Delete
  2. ලොක්ක කියන කතා අහගන්න වෙන්නේ පස්සේ තමා එහෙනං

    ReplyDelete
    Replies
    1. කියවගෙන යමු නලින් ලොක්කත් මාරු කතා කියන්නෙ කුණුහරුප දෙයියා.

      Delete
  3. අනෙ බුදු අයියෙ මට අගමුල තෙරුනෙ නැ නේ.ඉතුරු කොටසෙන්ද බලන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. එච්චර අගමුල ගැන හිතන්න දෙයක් නෑ දමිත්,මේක මේ නිකමට ලියපු කතාවක් ඕනනං තවත් එකක් ලිය්ඤං

      Delete
  4. අද නං වන්දනාවේ නොයා කතාව ලියල තියෙනවා. හැක්.. ඒක නෙමෙයි ඔහේ මොකද ඔච්චර කිරිබත් කන්න ආසා...

    ReplyDelete
    Replies
    1. වන්දනාවේ ගියාමත් ඔහේලමනේ කණු කුණු ගාන්නෙ ඉතිං කෙලින්ම ලිව්වා,ඇයි බං බඩ තදවෙන්නම කිරිබත් කෑවහම මුල්ලකට වෙලා බුදියගත්තැහැකි නොවැ.

      Delete
    2. වන්දනාවේ තමයි හැලපයියේ ආතල් එක තින්නේ..

      Delete
  5. අනේ වාසනාවන් කාලෙකට පස්සේ හිතේ හැටියට සුද්ද සිංහල ටිකක් කියවගන්න ලැබුනා ...........

    ReplyDelete
    Replies
    1. අනේ රාළේ මට කණගාටු ලොක්ක කියපු සුද්ද සිංහල ටික ඒ ආකාරයෙන්ම මෙතන ලියාගන්න බැරිඑකට.

      Delete
  6. මොකක්ද අප්ප මේ කරල තියෙන්නෙ. මේකෙ අවසානෙනං ටිකක් අවුල් වගේ. බලමු ඊ්ගාව කෑල්ල ආවමවත්.

    ReplyDelete
    Replies
    1. ටිකක් අවුල් වගේ පේනවද කමක් නෑ ඉතිරි ටිකත් ලියඤ්ඤ

      Delete
    2. මොකෝ කෙන්ජි පුතා වැටක් ගහගෙන කියන්න දෙයක් ඇත්තෙම නැතෙයි.

      Delete
  7. දැන් ඉතින් කතාව අහගන්න ඊලග පෝස්ටුව එනකන් ඉන්න එපායෑ :D

    ReplyDelete
  8. ඉවරද? මතු සම්බන්ධයි ද?

    ReplyDelete
    Replies
    1. කොහොමද ඔබතුමිය කැමති,ඉවරකරනවටද මතු සම්බන්ධ කරනවටද.

      Delete
    2. අහල නැද්ද අර "නවත්තපු තැනින් පටන් ගම්මු" කියන ටීචර් ගෙ කතාව :)

      Delete
  9. කෝ පඳුරු තැලිලි.... ඒ උනාට පට්ටම රහයි.. උඹ කව්ද කියලා අපි දෑහින්ම දැක්කා නේ.. සමහර වචන වගයක් තිබුනා මට තේරෙන්නේ නැති, සමහර විට පාලි හරි සංස්කෘත හරි වෙන්න ඕනා.. මම අටමගෙන් අහ ගන්නම්.. ඌත් එදා කලින්ම කොහෙන්ද අනුමත වෙලා ඇවිත් ගුරුවරුන්ගේ (Teachers) සංග්‍රහයත් බුක්ති විඳලා.. ඕන් ඔය වගේ වචන වගයක් කිව්වා.. කොහෙද මේ ඉලව් රස්සාව නිසා.. එළි වෙනකන් ඉන්න බැරි උනානේ.. නැත්නම් ඌගෙන් තව පාලි, සඟිස්කුරුත ටිකක් ඉගෙන ගන්න තිබුනා... මට දුක අර අහිංසක ඉවානයා.. කීයට ගෙදර ගියාද දන්නේ නෑ.. අහන්නත් බැරි උනා..

    ReplyDelete
    Replies
    1. අනේ මචං මටත් ඉවානය ගැන තමා දුක හිතුනෙ,අර කියමනක් තියෙනවනෙ
      තල තෙලට වේලේ
      මී බෙටි කුමට වේලේ
      කියල,අන්න ඒ වගේ වැඩක් තමයි ඉවානයට උනේ.ඌ කටත් ඇරගෙන අරුන්ගේ කටවල් දිහා බලාගෙන හිටිය.
      කිව්වහම මොකද ඔය අටම පාලි සඟිස්කුරුත බාසා පරතෙරටම දන්න බාස වෙල්ලෙක්.එදා ඉවාන් හිටියට පාඩුවක් වෙන්න නැතුව ඇති ඌටත් යමක් ඉගන ගන්න පුළුවන් වෙච්චි නිසා.අලුතෙන් ඉගෙනගත්ත බාසාවේ වචනත් දාල ඉවානය කෙටිකතාවක් ලියනකල් මම මේ බලං ඉන්නෙ.

      Delete
  10. මරණාධාර සමිති සංවත්සරයට කැවුම්, කිරිබත්...:D

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩ්ඩි ටිකක් ගැලපෙන්නෙ නෑ නෑ වගේ හිතෙනවද.

      Delete
  11. පදුර උගුල්ලලා සමිතිය තියන්න හෙහෙ හෙහ්හේ හේ /// ඊ ලග එකට පස්සේ එකෙන් කතාව කියමු එහෙනම්

    ReplyDelete
    Replies
    1. හිමිහිට කියමු බං,තව කල් තියෙනවනෙ.

      Delete
  12. මමත් අදමයි හැලප කඩේට ගොඩවුනේ. හැබැයි හැලප නෑ. තිබුනේ කිරිබත්. ඒවත් පංකාදුයි. ආයේ දවසක හැලප කන්න එන්නම් හැබැයි හොඳ කුරක්කං ඒවා හොඳේ.
    ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි දිගටම එන්න,ඉම්පෝටඩ් කුරහන් ටිකක්වත් අඹරල හැලප හදල තියන්න බැරුවයැ.
      ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  13. මේකේ අග ටික කොපි පේස්ට් කරනකොට සිලෙක්ට් වෙලා නැතිව වගේ මොකක්දෝ පාලුවක් තියෙනවා බං.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මචං,අර මම ඉවානයට කිව්වා වගේ ලියාගෙන එද්දී කම්මැලි හිතුන නිසා නවත්තල පබ්ලිෂ් කළා.අනික මචං දැන් කොපි පේස්ට් කරන්නෙ නෑනෙ,පේජ් එකේම ගහගෙන ගහගෙන යනව.

      Delete
    2. හැක් හැක් ඔයා දස්සයෙක් උනා එහෙනං...

      Delete
  14. අලුත් අවුරුද්දෙන් පස්සේ ලියන විදිහේ වෙනසක් වත් කරලද ? ඉතුරු විස්තර ඊලඟ පෝස්‍ටුවෙදි බලමු එහෙනම්..

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දෙ ලියන විදියෙ වෙනසක් තුශානිට පෙනෙනවද.

      Delete
    2. නෑ.. වෙනදට වඩා කෙටි ලිපියක් නිසයි එහෙම කිව්වේ...

      Delete
  15. අපේ ගමේ මරණාධාරෙත් බොහොම පරණ එකක්....මේ වැඩ වලට ඉතිං බොහෝ ගම් වල වගේ අදටත් වෙහෙසෙන්නෙ විශ්‍රාම ගිය වයසෙ ඉන්න වැඩිහිටියො...ඒ අයත් යලි නොඑන ගමන් ගිය දවසක හරියට මළගෙදරක චාරිත්‍ර වාරිත්‍ර ටිකවත් කරන්න දන්න කෙනෙක් ඉතිරි වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ....මොකද අපේ පරපුරේ අයට සමාජ සේවය කෙසේ වෙතත් මේ වගේ රැස්වීමකටත් සහභාගි වෙන්නත් වෙලාවක් නෑ....වැඩ වැඩ වැඩ.... කාලය ගතවෙලා දවසක හැරිලා බැලුවාම කරපු වැඩකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැන් ඉන්න උන් ටික මැරිලා ගිය දාකට චාරිත්‍ර ටික කරන්නවත් එකෙක් නැතුව යයි.දැන් ඉන්න උන් රැස්වීමකටවත් එන එකක්යැ ගෑනු එවල නිකං ඉන්නව,මරණාධාර සමිතියක් නෙවෙයි බලපුවම කාන්තා සමිතියක් වගේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  16. 2014 හැලප්ස්ටයිල්ස් .. අදනම් සේරම එකපාර කියෝලා ඉවර කළා ..///මේ සැරෙත් බිස්කට් සහ තේ දීල ෂේප් වෙන්න නේද හදන්නෙ...හරි ලේසියිනෙ,ඒ හුකාමාට් මෙදා හරියන්නෙ නෑ කැවුම් කිරිබත් දීපල්ල/// හි හි

    ReplyDelete
    Replies
    1. කියවන්න ලේසියි නේද අපූස්,හිනා නෙවෙයි අපි එහෙම තමා කියනව කියන එක හරියට අර මොකාටද පොල්ලෙන් ගැහුවහේ ඉඳගෙන.

      Delete
  17. අපේ ගමේ නම් මරණාධාර සමිතියක් තියෙනවද දන්නෙත් නෑ. ඇත්තටම ලැජ්ජයි ඒ ගැන නම්.

    අද කතාව මතුසම්බන්දයි නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ප්‍රියා මතු සම්බන්ධ කරන්නත් පුළුවන් මෙතැනින්ම නවත්තන්නත් පුළුවන්,කැමති විදියකට කොරඤඤ

      Delete
  18. අහා... මේ වචන සෙට් එක නිසා නේද මේකට 18+ දැම්මේ...?? අම්මේ වලියක් ළඟ හිටියා වගේ..:)

    ReplyDelete
    Replies
    1. කොහොමද වලිය,හොඳයි නේද

      Delete
  19. හුග දවසකින් තමයි අපි හැලපේ අයියගෙ කතාවක් අහන්නෙ..ගම්වල ඔය වගේ පොඩි පොඩි ගෝරි වලින් ගන්න ආතල් ගැනනම් කියල වැඩක් නැහැ..මමත් හුගක් වෙලාවට කොරන්නේ ඔය ලොක්ක වගේ එකෙක්ව සෙට් කරගෙන වුව අවුස්සන එක තමයි.පව් වැඩ තමයි ඒත් ඒකෙත් පොඩි ගතියක් තියෙනව..හරියට ඕසම් වගේ..හි හි

    ReplyDelete
    Replies
    1. ඔය වගේ තැන්වල සුපිරි බයිට් තියෙනව උමේෂ්,අපටත් ඉතිං නිකන් ඉන්න බැරිකමට අවුස්සනව

      Delete
  20. නැවතත් ඔබේ රසවත් ලිපියක් කියවන්න ලැබීම ගැන සතුටුයි. මෙවර හමුවන්න බැරිවුනත් ඊළඟට ලැබෙන පළමු අවස්ථාවේදීම හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. හොඳයි විචාරක තුමා,ඔබ මුණ ගැහෙයි කියා සතුටින් හිටියෙ

      Delete
  21. කල වයස හරි ගියාට කටයුත්තක් කරල දුන් නැහැනෙ හැලපයියා.ඉතින් බල්ලා පැනල යන එක අහන්නත් දෙයක්ද?

    මෙන්න කියවන්න මහඇමති වෙන්න දඟලන සීනිබෝල කෑලි

    ReplyDelete
    Replies
    1. ඊළඟට බලාපොරොත්තුවන්න බල්ලාගේ කතාව

      Delete
    2. බල්ල නාම යෝජනා දෙන්න යන්න ඇති :)

      Delete
  22. මේකේ තව තියෙනවනේ.. අවසාන වුනේ නෑ කියලා මට හිතෙනවා.. අද නම් කම්මැලිකමට ලියපු ගානයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්,කම්මැලි හිතිලා මගින් නැවැත්තුව,ඒ වුනාට ඔක්කොම ලියනවා.

      Delete
  23. හොදට හරි බරි ගැහිලා කියවන්න යද්දි ගලක හැප්පිලා වැටුනා වගේ ඔබතුමා කතාව නතර කොරලා නොවෑ.......මන් ආවේ අර දිගම දිග මාතෘකාව එක්ක තියෙන දිග වෙනත් කතා කියවන්න නොවෑ......

    ReplyDelete
    Replies
    1. ශානු ලඟත් තියෙන්නෙ අපූරු උපහැරණ නොවැ.දිගම දිග කතා ලියන්නං ඉදිරියට.

      Delete
  24. අද අප්සට් කතාව මට.
    අද කියෙව්වේ 3 වැනි සැරයට මචෝ
    අපේ අරූ ත් අද නාගෙන.
    අනේ මන්ද.....

    ReplyDelete
    Replies
    1. ඔව් මචං,ඔහොම වෙනවනෙ ගණන් ගන්න එපා පස්සෙ ලියල බලමු.

      Delete
  25. කොටට ලියපු එකත් හොඳා... මොකද වැඩ කරන ගමන් නෙව කියවන්නේ :)
    මේ ලියමන කියවපු වෙලේ ඉදන් ඔබා මාමව මතක් උනා.. :(

    ReplyDelete
    Replies
    1. කොටට ලියන එකේ හොඳ නොහොඳ දෙකම තියනව කියල මට තේරුණා.

      Delete
  26. කතාව එක පාරම නැති උනා නේ ..නිමි ද -.මතු සම්බන්ධයි ද ලොක්කා අවද සවස ??කොම උනත් ඉක්මනින් ඒ කතා දාන්න

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා කිසි දෙයක් අතාරින්නෙ නෑ ඉක්මනින්ම කතා ටික ලියන්නං

      Delete
  27. වාර්ථාවක් - කෙටිමි පෝස්ට් එක..!!

    ReplyDelete
    Replies
    1. වාර්තාවක් යනුවෙන් වචනය නිවැරදි විය යුතුය.

      Delete
  28. මදි,මදි හැලපයියා,අද නම් හොදටම මදි විස්තරේ.තව ටිකක් රස කරලා ගන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් මල්ලි,මදි කියල දැනගනමයි නැවැත්තුවේ,කම්මැලි කම නිසා

      Delete
  29. පොස්ට් එකේ වචන හයියෙන් කියෝන ගමන් නේද ටයිප් කලේ ? ඒක තමා බල්ල ලැජ්ජාවට ගිහින් තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. හපොයි,බල්ලා හිතන්න ඇති ඌට බනිනවා කියල නේද

      Delete
  30. ලොක්කයිය ගේ රස කතා කියවන්න ආසාවෙන් ඉන්නවා අපි එහෙනම් ඔන්න ඉක්මනට දාන්න ඉතුරු ටික..
    බල්ල ගෙදර ආවද ආපහු ?

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දානව මානවී බල්ලගේ කොටස ඊළඟට.

      Delete
  31. කම්මැලිකමක් ඇවිත් හැලප ආරෙන් පිට පැනලා ... කොළඹ යන්න ගිහින් ගම්පහෙන් බැහැලා වගේ !!

    ReplyDelete
    Replies
    1. ඇයි සරත් කොටුවට ටිකට් අරං මරදානෙන් බහින කතාව අහල තියෙනව නේද,මේත් ඒ වගේ එකක්.

      Delete
  32. හැලපේ.......පටන් ගත්තා විතරයි නේද? ලොක්කයියා කියන්න පටන් ගත්ත කතාව දැන් ඊළඟ එකේ ඉඳන් කියපන්. අපේ පැත්තෙත් හිටියා බන් ඔය වගේ බුවෙක්. ඌත් කුණුහරුප දෙක තුන එකට දාලා ජොයින්ට් කරලා අලුත්ම වර්ශන් එකකින් තමයි එලියට දාන්නේ බිව්වාම. අහවල් එකට කියන වචන දෙක තුනක් එකට දාලා ඒක එකක් හැටියට කියන්නේ. මෙතන ලියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මචං ඒ සොමිය,ඌ කියපු කුණුහරුප තොගේ ඒ විදියටම මෙතන ලියාගන්න තිබ්බ නං කොච්චර එකක්ද,තව එකක් මචං කැමරාව අතේ තිබිලත් උන්ගේ පින්තූරයක් ගන්න බැරිවුනානෙ බං චඃ අම්මප ආයෙම එහෙම චාන්ස් එකක් ජීවිතේට එන එකක් නෑ.

      Delete
  33. yakooo ada paduru thalala naththe monawa hithilada...

    ReplyDelete

ඔබේ අදහස්