Monday, December 23, 2013

108.මඟුල් කතා ඔතෙලෝ සහ වැරිසැල්ගෙ දෙවෙනි ගමන





වරායේ කිටියා සහ මඟුල් කතා

අපේ ගෙදර ගෘහ මූලිකය හෙවත් බිරිඳ පෙරේද ගෙදර ආව,ඇයවත් බ්ලොගයට ආදරයෙන් පිළිගනිමු...අව් සැරේට රබර් කටු පට පට ගගා පුපුරන්නැහේ හදිස්සියෙන්  මම ලියපු මගුල් කතාවට අපේ හිතවතුන් එකතුකළ අදහස් කතාව මම නොහිතපු මානයකට කතාව රැගෙන ගියා...මගුල්වල මම නොලියපු පැති මග ඇරුණු විස්තර ඔක්කොම වගේ කිසි අඩුවක් නැතුව කියවිලා තිබුණා.

මගුල් කතා අපේ හිතවතුන්ගෙ සිත් ඔපමණ බැඳගනී කියල මමත් බලාපොරොත්තු වුනේ නෑ,කොහොමත් ඉතිරි හරියත් ඔය ගොල්ලන්ගෙ රස වින්දනය තකා ලියන්නයි අදහස.

මගුල් ගෙවල් මුලපුරන හැටි මම දැනටමත් ලියල තියෙන්නෙ ඒත් මගුල් මඩුව හදන ආකාරය ගැන තව ටිකක් විස්තර කළොත් හොඳා කියල මට හිතුණා...

පුවක් කොට හිටවල හදපු මගුල් මඩුව සරසන්නෙ ක්‍රේප් පටි සහ බැලුන් වලින්, කොට බිත්ති ආකාරයට වියාපු අමු පොල්ලතු වලින් වටේ ඇහුරුවට එක කොනක් සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා...ඒ තමයි මගුල් මඩුවේ ගබඩාව මඩුව පිටිපස්සෙ කෝකියො ලිප් බැඳගෙන දුම් ගගහ උයන කෑම ජාති මේ ගබඩාවෙන් ගෙනත් තියාගන්නව...එතකොට ගබඩාවෙ ඉඳන් මගුල් මඩුවට පොඩි කවුළුවක් විවෘත වෙලා තියෙනව මගුල් මේසෙට කෑම දෙන්නෙ හිස්වුනු කෑම දීසි පුරවන්නෙ ඉඳුල් පිඟන් අතහෝදන ලොකු වීදුරු බාජන හෝදන්න දෙන්නෙ  මෙන්න මේ කවුළුව හරහායි...

හොඳට දැනුම් තේරුම් තියෙන මගුල් ගෙවල්වල ගබඩාවෙ වැඩ කරලම හොඳ පළපුරුද්දක් සහ හැකියාවක් ඇති කෙනෙක් ගබඩාව බාරව වැඩකරනව...ගබඩාවෙන් මේසයට යවන කෑම අපතේ නොයන ආකාරයටත් හැම කෙනාටම අඩුවක් නැතුව ලැබෙන ආකාරයටත් කෑම මේසයට යවන්නට ඔහු වග බලාගත යුතුයි...මෙහිදී ඔහුට ඇති පළපුරුද්ද උපයෝගී කරගෙන ඒ කටයුත්ත හොඳින් කරන්නට ඔහුට ඇති හැකියාව ගෙදර උදවියට පහසුවක් වගේම ලොකු සහනයක්...

 කෑම විතරක් නෙවෙයි ගබඩාවෙ වැඩකරන කීප දෙනාට බොන්න දීල තියෙන මත්පැන් බෝතලුත් පොල්ලතු අස්සෙ ගහල තියෙනව, කෝකියොත් උයන තැන තියාගෙන හීනියට කර්තව්‍යය කරගන්නවා ඔය මිනිස්සුන්ට තෙල් වලං අස්සෙ කෑම උයන හට්ටි මුට්ටි අස්සෙ ඉඳල කෑම රුචිය නැත්තටම නැතිවෙලා...ඒ වැඩේ නං මමත් අත්දැකල තියෙනව පැහෙන තෙල් තාච්චිය ඉස්සරහ පැයක් විතර හිටගෙන වඩේ එහෙම බැදපුවම ආසාවකටවත් වඩේ එකක් කන්න තියෙන රුචිය නැතිවෙලා යනව...

ඒ කාලෙ අපේ අල්ලපු ගෙදර හිටිය වෙනුජගේ මංගල්ලෙට අපි බැහැගෙන වැඩකළා...මගුල් ගෙදර එක එක වැඩවලට අමතරව අරක්කු ගබඩා කර තබාගැනීමත් බෙදාහැරීමත් මට බාරවෙලා තිබුනෙ,මගුලට උයන්න ආවෙ කටාන පැත්තෙ කෝකියො දෙන්නෙක්, ඒ දෙන්නගෙ උදව්වට කියල නංගි නංගි කියපු කාන්තාවකුත් එක්ක ඇවිත් තිබුණා මගුලට කලින් දවසෙ ඇවිත් වැඩ පටන් ගනිපු කෝකියන්ට මම දවල් බෝතලයක් දුන්න...රෑ වෙලා ඒ බෝතලේ ඉවරයි කියල මගෙන් තවත් බෝතලයක් ඉල්ල ගත්තා...

මගුල් දවසෙ දවල් අතුරුපසට පළතුරු සලාදයක් හෙවත් පෘට් සැලඩ් එකක් හදන්නත් මම බාර අරගෙන තිබුණු නිසා උදෙන්ම ගිහිං පොඩිඋනුත් අල්ලගෙන සැලඩ් එක හදල ෆ්‍රිජ් එකටත් දාල මම ගෙදර ආවා...කෝකියො දෙන්න රෑ නස්පුක් වෙන්න ගහපු පාර ඒ වෙනකොටත් කුස්සියෙ නිදි...

ඔය වෙනුජලගේ කුස්සිය තිබ්බෙ අපේ ගෙදර කුස්සියට මූණ ලා වැටෙන් දෙපැත්තෙ...එහෙ කුස්සිය පැත්තේ කෙරෙන දේවල් අපේ කුස්සියේ ජනේලෙන් හොඳට පේනවා...

මඟුල් දවසෙ උදේ ඒ පැත්තෙන් කාන්තාවකගෙ අඬන සද්දේ ආපු නිසා අපේ ගෙදර උදවිය මොකද කියල බලපුවම අර නංගි අඬ අඬා කෝකියෙකුට හැන්දකින් පෘට් සැලඩ් කවනවලු...කෝකිය සැලඩ් කන්න කැමති නෑලු,  හැන්ද කටට ලංකරනකොට මූණ අනික් පැත්තට හරවනවලු,නංගි වදෙන් පොරෙන් සැලඩ් කවන ගමන් ...

අනේ ඔයා ඊයෙ රෑට කෑවෙත් නෑ මේ ටිකවත් කන්නකො...

ඔය කතාව අපේ බිරිඳට කියල බිරිඳ පස්සෙ මට කිව්වෙ,මගුල් කතා කියන්න ගියොත් නං රෑ වෙනකං එලි වෙනකං කියන්න පුළුවනි...

ධර්මයා දවසක් දා මට හරි අපූරු කතාවක් කිව්වා,ඒ කාලෙ අපි ළපටි තරුණයො ගෑනු පිරිමි සම්බන්ධකම් ගැන එහෙම බොහොම කුතුහලයක් තිබුණා...අපේ නාන ලිඳ ළඟ නාන ගමන් ධර්මෙය කිව්වේ අපි ඉපදෙන්නත් කලින් වෙච්චි සිද්ධියක්...ඒ කාලෙ වැරිසැල් කියල බොහොම අහිංසක ගමේම මනුස්සයෙක් ගොඩක් කල් ගමෙන් පිට ඉඳල ගමට ඇවිත් පොල්ලතුවලින් අහුරපු ගෙයක් හදාගෙන පදිංචි වුනා... පවුල නං මිනිහ වගේ නෙවෙයි බොහොම දස්ටි දිස්ටි ඇති ගිණි කිකිළියක් වගේ ගෑනියෙක්...ධර්මය කිව්වේ වැරිසැල්ගෙ මගුල ගැන...

ඒ කාලෙ ඔයාල ඉපදිලත් නෑ ඔය වැරිසැලාගෙ මගුලට අපි බැහැගෙන වැඩකලේ...වැරිසැලා අහිංසක මෝඩය මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ  හැම එකම අපෙන් අහනව,

අයියෙ අනේ බං මට ඔව්ව තේරෙන එකක්යැ,උඹලම බලල හොඳ විදිහකට කරපල්ලකො...

මගුල් කටයුතුත් සිද්ධ වෙලා මනමාලිවත් ගෙදරට කැන්දන් ආවා...ඒ කාලෙ රේට් හවුස්,හෝටල් ඔලට හනිමෝන් ගිය එකක්යැ හැම කටයුත්තක්ම සිද්ධ වුනේ ගෙදරම තමා,පහුවදා ඉසදියට මනමාලිගෙ පාරුසේ හතර වරිගෙ රිදි නැන්දත් ඉස්සර කරගෙන දෙවෙනි ගමන එනකොට මනමාලිගෙ අඩුපාඩුවක් තිබ්බොත් එහෙම නෑදැයොත් එක්කම මනමාලි ආපහු පිටත් කරන්න නැන්දම්මා ඇතුළු මනමාලයාගේ පාරුසේ හතර වරිගෙ වැඩකටයුතු කළා...

රෑ වෙන්න වෙන්න වැරිසැල් අලවත්තෙ අගලකින් අල්ල ගත්ත වල් හා පැටියෙක් වගේ ගැහෙනව,මගෙ පස්සෙමයි...

එතකොට මනමාලි...

මනමාලි නං මගුල් ගෙදර වැඩපොළවලට උදව් පදව් කර කර අගේට හිටියෙ...කරුමයක් පලදීල වැරිසැලා වගේ කකුල් දෙකේ හරකෙක් එක්ක එන්න සිද්ද වුනාට ඒකි බොහොම කලඑළියට හැදිච්චි කෙල්ලක්...

ධර්මෙය ළිඳ අයිනෙ පඳුරකින් කඩාගත්ත හිඟුරු කෝටුවකින් දත් මදින්න වුණා...

ඉතිං ඉතිං ධර්මෙ ඊට පස්සෙ මොකද උනේ...

අපේ කුතුහලය උපරිමේටම නැගල,ධර්මෙය ගානක්වත් නැතුව වහල්ල විරිත්තගෙන දත් මදිනවා...

ඉතිං මොනවද වැරිසැලාගේ රාජකාරි මට කොරන්න උනා මිසක...

ෂෙක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයෙ සිංහල පරිවර්තනයෙ පදපේලි කීපයක් මට මෙතැනදී මතක්වෙනව,රුද්‍රිගු ඔතෙලෝ එක්ක වෛරයි ඒක කියන්නෙ මෙහෙම...

යවනයා කෙරෙහි මාගේ වෛරයක් ඇත,

යවනය කියන්නෙ ඔතෙලෝට,ඔතෙලෝ කළු ජාතික කපිතාන් වරයෙක්...විවාහවෙලා ඉන්නෙ සුන්දර ඩෙස්ඩිමෝනා එක්ක...ඔතෙලෝට රුද්‍රිගුගේ පවුල එක්ක ඇයි හොඳයියක් තිබුන කියල රුද්‍රිගු සැක කරනවා සැකය කියන්නෙ මෙන්න මෙහෙම...

මගේ වැඩ කටයුතු යහන මත
ඌ කලැයි කට කතාවක් ඇත

ඒ දේම ධර්මෙයටත් කරන්න වෙලා,සිරියහනෙ වැරිසැල්ගෙ රාජකාරිය ධර්මෙය කලාලු ...

ඉතිං වැරිසැලා,ඇයි ඌ මොකද කලේ...

වැරිසැලා නේන්නං ඔක්කොටොම මුල ඌ මට යන්න දුන්නෙම නෑනෙ...

අනේ අයියෙ මට බයයි අයියෙ යන්ඩනං එපා  ඕං...

අපට මේක සුරංගනා කතාවක් වගේ විස්වාස කරන්නද නොකරන්නද කියල හිතාගන්න වත් බෑ...ධර්මෙය කිසි කලබලයක් නැතුව ගල උඩට වෙලා දත් මදිනව,හරියට උගෙ නෙවෙයි අනුන්ගෙ කතාවක් කියනව වගේ...

 ඉතිං වැරිසැලාගෙ මනමාලි මොකද කිව්වෙ...

පහුවදා මගුල කඩාගෙන ගෙදර මිනිස්සුත් එක්ක ආපහු යන්ඩ කැමති කොයි ගෑනිද...අනික ඒකි මෝඩ වැරිසැලාට වැඩියෙ මගෙත් එක්ක ඉන්ඩ කැමතිවුනා...

වැරිසැල්ගේ මනමාලිගෙ දෙවෙනි ගමන ධර්මෙයගේ අනුග්‍රහයෙන් අඩුපාඩුවක්  නැතුව සිද්ද වුනාලු...බැන්ද සන්දියෙම ජෝඩුව ගමෙන් යන්න ගියාට පස්සෙන් පහු කාලෙ වැරිසැල් දරු පවුලත් එක්ක ගමට ඇවිත් පදිංචිවුනා, එතකොට නං උන්ට දරුවො තුන් දෙනෙක්ද කොහෙද හිටිය මට මතක හැටියට...

දෙවෙනි ගමනට පස්සෙ ජෝඩුව ඉස්සෙල්ලම මනමාලිගෙ ගෙදර ගිහිං ඊට පස්සෙ අනිකුත් නෑදෑයන්ගේ ගෙවල්වල යනව...සාමාන්‍යයෙන් සිරිතක් හැටියට ඔය ගමන්වලට පොඩි ළමයෙක් හරි දෙන්නෙක් හරි එක්කගෙන යනව, ඒ චාරිත්‍රයෙ තේරුම මොකක්ද කියලනං මම දන්නෙ නෑ...

අපේ සුදු මාම බැඳපු වෙලාවෙ ජෝඩුව නැන්දගේ ගෙදර යද්දී එක්කං ගියෙ මාවයි අපේ පුංචි අම්මගෙ පුතා සිසිරවයි,ඒ කාලෙ අපි කොට කලිසම් අඳින පොඩිඋන්...නැන්දගෙ ගම හත්කෝරළේ ඔන්න ඔය ගිරිඋල්ල පැත්තෙ ඉන්ගරදවුල කියල හද්ද පිටිහර ගමක්,එගොඩ කියලත් කියනව ඒ නැන්දට අපි කිව්වෙ එගොඩ නැන්ද කියල, ජෝඩුවත් එක්ක ඉන්ගරදවුලෙ ගිය ගමන් ඒ ගෙදර මාම කෙනෙක්  අපිව කැලේ එක්කගියා,පුදුම ලස්සන කැලයක්...මම ඉස්සෙල්ලම වෙනිවැල් දැක්කෙ ඒ ගමනෙදි, මාම අපට පෙන්නන්න වෙනිවැලක් කපල එතනින් ගලන වතුර කොළ ගොටුවකට අරගෙන අපට බොන්න දුන්නා...

එගොඩ නැන්ද රස්සාව හැටියට කල් එළියෙ මුස්ලිම් කාන්තා විද්‍යාලෙක ඉගැන්නුවා,ඒ පැත්තෙ යමක් කමක් තියෙන මුස්ලිම් පවුල්වල කෙල්ලො ඔක්කොම ඉගෙනගත්තෙ ඒ පුද්ගලික ඉස්කෝලෙයි...ඉස්කෝලේ කෙල්ලන්ගෙන් නැන්දට බොහොම වටිනා තෑගීබෝග සල්ලි විතරක් නෙවෙයි කෑම ජාතිත් පෙට්ටි පිටින් ලැබිල තිබුණා...

ඒ රසවත් කෑම වලට වගකියන්න හිටියෙ අපිදෙන්න විතරයි...අඩ කියල කෑමක් මම ඉස්සෙල්ලම කෑවෙ ඔය ඉස්කෝලෙන් ලැබුණු වෙලාවෙයි...ඒ පොල්කිරි බිත්තර එහෙම දාල පැණි ආප්පයක් වගේ තාච්චියෙ හදාගත්ත කෑමක් හරිම රසයි...

ඊට පස්සෙ මට ඒ කෑම වර්ගය කන්න ලැබුනෙ හලාවත ගොඩ්ප්‍රිලගෙගෙදරදී ගොඩ්ප්‍රි හලාවත කොල්ලෙක් රෙදිමෝලේ වැඩට ඇවිත් අපේ ගමේ නැවතිලා හිටිය ගොඩ්ප්‍රිට අපි කිව්වෙ ගාමිණී කියලයි...ගාමිණී නිවාඩුවට ගමේ යද්දී මාත් පස්සෙන් වැටිල එහෙ යනව,විවිධාකාරයට උයපු කළපු මාළු,ඌරු කොටු,බාල්දි වැසිකිලි,හැලි අරක්කු මම ඉස් ඉස්සෙල්ලම අත්දැක්කේ හලාවතදියි...ගාමිනීලගේ අම්ම කෑම ඉවීමේ කලාවේ විශේෂඥ වරියක් කියන්න පුළුවන්,ඇය උයන මාළු එහෙම ගෑවුණු තැන කන්න පුළුවනි...ෂා ෂා වැඩේ දිග දුර යනව වගේ...

ගාමිණීගෙ කතා ටික මෙතනදී කියන්න ගියොත් ඒක වටේ තැලිල්ලක් වෙනව වගේම පෝස්ටුව දිග වැඩිවෙනව,අනික ඔය කතාව මම වෙනම පෝස්ටුවකට ලියන්න තියාගෙන ඉන්න එකක්...දැන් ලියන්නෙ මඟුල් කතානෙ හලාවත කතාව අනික් කතා වගේම පස්සට...

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!!!


98 comments:

  1. ඔබටත් සුභ නත්තලක් වේවා...!
    මට නම් ඉතින් හැමදාම නත්තල්.
    ඉස්සර මහ ගෙදර සවස තේ බොන වෙලාවට කන්න හදනවා අඩ ඉදල හිටලා.
    පොල් පැණි ඕනෑතරම් තිබුන නිසා මට මතක පැණි දැම්ම වගේ මතකයක්.

    ReplyDelete
    Replies
    1. අපේ මාතලන් ලොක්කට සුභ උපන් දිනයක් වේවා .....

      Delete
    2. ඔව් ඔව් කෙන්ජි පැණිත් මිශ්‍ර කරන්න පුළුවනි.
      ඔබටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා !!!

      Delete
    3. අඩේ,මාතලන්ගේ උපන්දිනේද.
      මාතලන්ට සුබ උපන් දිනයක් වේවා!!!

      Delete
  2. හරිම ලස්සණ කතා ටිකක් හැලපේ. හිතට ඉතින් දුකකුත් එනවා හීනියට වගේ.

    //ඒ කාලෙ රේට් හවුස්,හෝටල් ඔලට හනිමෝන් ගිය එකක්යැ හැම කටයුත්තක්ම සිද්ධ වුනේ ගෙදරම තමා,//

    මෙන්න මේකට නම් බයත් හිතෙනවා. හිනාත් යනවා. පව් නේද ? දැන් කාලේ නම් කට්ටිය රටෙත් නෑ. ගෙදරින් පුලුවන් තරම් දුරට තමා දුවන්නේ. :)

    //මම ඉස්සෙල්ලම වෙනිවැල් දැක්කෙ ඒ ගමනෙදි,//

    මේ කියන්නේ අර ෆොටෝ ගහන කෙනා නෙමේ නේද? :D :D

    ඔයාටත්, හැලපිටත්, චූටි හැලපයටත් සුබ නත්තලක් වගේම සුබ නව වසරක්!!! (නව වසරට රහා හැලප හදයි නේද? )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි,දුකක් එන්නෙ ඒ කාලෙ පොඩ්ඩි හිටපු නැති නිසාද .
      නෑ නෑ ඒ වෙනිවැල් නෙවෙයි,මේ ඇත්තම වැල්.
      පොඩ්ඩිටත් ඔබේ ආදර ගෙඹි කුමාරයාටත් සුබ නත්තලක් හා සුබම සුබ නව වසරක්!!!!

      Delete
  3. ඔය අඩ හදන්නේ කැන්දා කොලේක වගේ ඔතල නේද? නිකන් කප් කේක් එකක් වගේ හැඩේ මමත් අකුරැස්සේදී කෑවා

    ReplyDelete
    Replies
    1. ඒ සුදු පාටට හුරු වන්ඩු.
      අඩ ආප්ප පුච්චන තාච්චියේ පියනෙන් වහල පුච්චන්නෙ.
      ඉදුනම තල එළලු ගෑල් ළමයින්ගේ රණ හංසයෝ වගේ.

      Delete
    2. කෝරළේ මහත්තයො,ඔන්න කෙන්ජි කියල තියෙනව සිංහලෙන්ම.බටර් පාට අඩ දැක්කම මටත් මතක් වෙන්නෙ හංසයො.

      Delete
    3. අඩයක් කන්න හිතුනා කෙන්ජිගේ කොමෙන්ටුව දැකලා :D

      Delete
    4. කොහොම අඩයක්ද ඉවාන්

      Delete
  4. ඔතෙලෝ කියන්නෙ මචං කළු ජාතිකයෙක්මත් නෙවෙයි නේද? Othello the Moor කියලයි කියන්නෙ. Moor කියන්නෙ ඉස්ලාම් භක්තිකයා කියන එක. අනික යවනයා කියන එකත් වැරදියි. යවන කියන්නෙ ග්‍රීක්. යවන පුරාණය කියල තිබ්බ ග්‍රීක් දේවකථා තියන අපූරු පොතක් උඹ අනිවාර්යයෙන් කියවල ඇති. මුස්ලිම් අයට කියන්නෙ යොන් කියලයි. පරණයොන් වීදිය = Old Moor Street

    වැරිසැලාගෙ කේස් එක වගෙ මරු කතාවක් තියනව. තාත්තයි පුතයි දෙන්නම හොඳ බෙර වාදකයො. පුතා ඔන්න හිරයක් ගෙනාව.ඌත් වැරිසැලා වගේම තමා. මොකද කොරන්ට ඕන කියල අඳෝ සංසාරයක් දන්නෙ නෑ. තාත්ත මොකද කලේ ඌට කිව්ව කොල්ලො මෙහෙමයි ..අහවල් තැන මෙහෙම එකක් ඇති ඒකට මෙහෙම කරහං කියල. කොල්ල ඉතිං ඒ කියපු ආකාරයට වැඩේ පටන් ගත්තට වැඩේ කචල්. ඉතිං මොකේද දං වළඳන්නෙ?..හැබැයි එකක් තියෙන්නෙ අර වැඩේ බැරි උනාට උගෙ මීටරේ හොඳයි. මූ ගත්ත බෙරේ..ගැහුව බෙර පදයක් ...

    **** මිස ***** නැත,
    **** මිස ***** නැත,
    මම දැං මොක කර,
    මම දැං මොක කර,

    තාත්ත ඉන්නව එහා කාමරේ....උන්දැට තේරුණ වැඩේ...තාත්තත් ගත්ත බෙරේ

    *** පීර පීර බල **** ඇත **** ඇත,
    *** පීර පීර බල **** ඇත **** ඇත,

    වැඩේ ඉවර වෙනකල්ම ඔහොම දිගටම යනව තාත්තගෙයි පුතාගෙයි බෙර කෙළිය.......හෙහ්, හෙහ්,

    සුබ නව වසරක් හැලප, ඔබ බිරිඳ පුතා සහ පවුලේ අනික් සැමට!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. There is no consensus over Othello's race. Although, Moors were the medieval Muslim inhabitants of Morocco, western Algeria, Western Sahara, Mauritania, the Iberian Peninsula, Septimania, Sicily and Malta, in the context of the play the term 'Moors' refers to dark-skinned people in general and, in the play itself, the character Othello was frequently depicted as an Arab Moor . (පරිවර්තන නොහෑකියවට සමාවන්න)

      Delete
    3. රවී,
      ප්‍රා නිවැරදිවම කියා තිබෙනවා මෙන් ඔතෙලෝගෙ වර්ගය කුමක්ද කියා පොතෙන් පැහැදිලිවන්නේ නෑ නමුත් ඔහු මුස්ලිම් වරයෙකු වියයුතුයි.ජෝන් ද සිල්වා ඔහුගේ ඔතෙලෝ පරිවර්තනයේදී යවනයා කිව්වෙ මුස්ලිම් නිසාද කළු නිසාද කියන එකත් මට පැහැදිලි නෑ.
      නමුත් ඔතෙලෝ නාට්‍ය සහ චිත්‍රපට වලට ඔතෙලෝ චරිතය රඟපෑවේ බොහෝ දුරට කළු ජාතිකයන් නිසා ඔතෙලොද කළු ජාතිකයෙක් යයි මා අනුමාන කළා.

      Delete
    4. ප්‍රා ජේ ගෙ පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි.

      Delete
    5. මේ රවීගේ කමෙන්ට් එකේ ඉතිරි ටිකට,
      බෙර කතාව ගෙඩි පිටින්ම කියල දැම්ම නේද,ඔබට සහ පවුලේ සියලු දෙනාට සුබ නත්තලක් සහ සිරි සුබ නව වසරක් වේවා!!!

      Delete
    6. අර තව කතාවක් තීනෙ කොල්ල නිකන් බබා වගේ උන්න නිසා මහ උන්දැ එදා වහලට නැග්ගලු මූ මහ වැඩේ හරියට කොරයිද බලන්න. කොල්ල බබා උනාට සැබෑ කොබා නිසා ඇඳුම් එහෙම අහවර කොරල මනාලිට කියනවලු "අද මම උළු උඩ යන්න ඔයාට දෙන්නෙ" කියල. භය වෙච්චි මහ උන්දැ "හනේ වාසනාවන්...පොඩ්ඩක් ඉඳින් කොල්ලො මම වහලෙන් බහිනකල් එහෙනං" කිව්වලු.

      සුභ නත්තලක් හැලපෙට සහ පවුලෙ සැමට...!

      Delete
    7. ඔතෙලෝ මුස්ලිම් කියලා කියන්ටත් කිසිම ඉඟියක් නාට්‍යයෙන් ලැබෙන්නෙ නෑ නේද 'Moor' කියන වචනය ඇරෙන්ට.?? නාට්‍යයේ ඔතෙලෝ ගැන කියද්දී ඉයාගෝ පාවිච්චි කරන වචන බලන්ට.. "an old black ram ... is tupping your white ewe", එතකොට තව තැනක කියනවා "Barbary horse" කියලත්.. 1600 ගනන්වලදී 'Moor' කියන වචනය පොදුවේ සමාජයේ පරයින්ව (බහුතර සුදු හමැති ක්‍රිස්තියානි සමාජයෙන් පිට අය) හඳුන්වන්ට භාවිත වුනා.. හැබැයි අනිත් අතට Pra Jay ඉහළ දක්වලා තියෙනවා වගේ ඒ කාලෙ උතුරු අප්‍රිකානු හා අයිබීරියානු මුස්ලිමුන් හඳුන්වන්ටත් මේ වචනය වෙසෙසින්ම භාවිත වුනා..

      මේක හරියටම දැනගන්ට ශේක්ස්පියර්ගෙන්ම තමා අහන්ට වෙන්නෙ.. :)

      Delete
    8. ඕං ඉතිං බුරත් දන්න තරම.. :D

      මොකද කියන්නේ... අප මහා හෙළු පඬි අහුබුදු ශූරීන් අනුසාරයෙන් මං ඔප්පු කරලා පෙන්නන්ටද ඔතෙලෝ යනුත් අන් කවරෙකුවත් නොව අප මහා රාවණයන්ගෙන් පැවත එන වීර හෙළු පුතකු බව..? :D :D :D

      Delete
    9. ස්තූතියි බුරාස්,
      එක අවුලක් ලිහෙන කොට තවත් අවුලක පැටලෙනවනෙ,ජෝන් ද සිල්වා ඔහුගේ පරිවර්තනයේදී මුවර් කියන වචනය යොන් යන්නට පෙරලා යවනයා යනුවෙන් භාවිත කරන්නට ඇති.
      ශේක්ස්පියර්ගේ කතාවල මෙවැනි තවත් පැටලිලි සහිත තැන් තියෙනවද?

      Delete
    10. හලපේ......මේ ගැන හොඳම පැහැදිලි කිරීම කරගන්න පුළුවන් ටෝනි රණසිංහයන්ගේ....ශේක්ෂ්පියර් කෘතීන් පිලිබඳව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ශාස්ත්‍රීයව හදාරපු කෙනෙක් තමයි ටෝනි රණසිංහයන්.

      Delete
  5. ඉස්ස‍ර හදන අඩ නම් රහ ඇති. දැන් කඩේ විකුණන්න තියන අඩ නම් මෙලෝ රහක් නෑ. උඩ තල්ලෙත් එක්ක ඇලෙන පාන් පිටි ගුලියක් වගේ. ආසාවට දවසක් කෑවා. කාපු මෝඩකම කියලා හිතුණා. කතා සෙට් එක නම් සුපිරි වෙනදා වගේම.

    ReplyDelete
    Replies
    1. මෑත කාලෙකදී මට අඩ කන්නට ලැබිල නෑ,නමුත් මම රස බලා තියෙන අඩ නං රස අතින් සුපිරියි.දැන් ඉතිං හැම කෑම ජාතියකම ප්‍රමිතිය නැතිවෙලා තියෙන කාලයක්නෙ යක්ෂයො.නමේ අවුල විසඳා ගත්තද.

      Delete
  6. //.මම ඉස්සෙල්ලම වෙනිවැල් දැක්කෙ ඒ ගමනෙදි//
    මේ යකා ඒකාලෙත් හිටියද? :O

    ReplyDelete
    Replies
    1. එදිරි බොහොම කාලෙකින්.
      මම මෙතනදී කිව්වෙ මේ ඇත්ත වෙනිවැල් ගැන,අපරාදෙ වෙනිවැල්ට මඩ ගහන්න එපා

      Delete
  7. වැරිසැල් කියන්නෙ ඈත්ත නමක්ද ? origin එක මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක් ප්‍රා ජේ
      ඇත්තටම වැරිසැල් කියන නම වින්සන් කියන නමෙන් විකාශනය වී ආ එකක්.

      Delete
    2. That's NEWS to me!

      වැරිසැල් යන නම මුලින්ම යුනිකෝඩ්වලින් මේ ජංජාලයේ ලියවී ඇතාතේ හැලපේ ගේ මේ පෝස්ට් එකේය. (හඳුන් පෙත ද සිහිවිය).

      මෙය මර්සලීන් වැනි නමක් යැයි සැක කළ හැකි Vercelline නමේ සිංහලකරණයක් යැයි සිතිය නොහැකිද?

      Delete
  8. //ඒ කාලෙ අපි කොට කලිසම් අඳින පොඩිඋන්.//
    //මම ඉස්සෙල්ලම වෙනිවැල් දැක්කෙ ඒ ගමනෙදි,//
    යකෝ වෙනියට අන්කල් නෙමෙයි සීය කියලත් මදි වගේනෙ. :D

    කොහොම හරි ධර්මය වැරිසලාගෙ මගුල බේරල දුන්න එකත් ලොකු පිනක්නෙ.

    හැලප අයියටත් පවුලේ සැමටත් සුබ නත්තලක් සහ සුබ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. දැන් වෙනිය මා එක්කත් තරහ වෙනව බං උඹල කියන එව්ව හින්දා.
      ප්‍රසන්නටත් පවුලේ සැමටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  9. හමුදා සොල්දාදුවෙක් කසාද බැඳලා හනිමූන් රාත්‍රිය කෙල්ලගේ ගෙදරම ගත කලාලු. .........................ඒ කතාව අහලා තියනවා නේද?

    මගේ මිත්‍රයෙක් ඉන්නවා අර ධර්මේගේ රාජකාරිය ඉටුකරලා දීලා ළමයි තුන්දෙනෙක් හදලා දුන්නා.

    ReplyDelete
    Replies
    1. නෑනෙ විචාරක තුමා ඒ කතාවත් වෙලාවක ලියල දාන්නකෝ.

      Delete
    2. කොහොමද ලියන්නෙ අප්පේ? ඊ මේල් එක දාන්නකෝ මම ලියලා එවන්නම්.

      Delete
    3. ලොක්කට දාන කොට මටත් දාන්න . ගේ මේල්ලුව දන්නවානේ

      Delete
    4. මේන් මෙයාටත් එවන්නලු

      Delete
    5. @ අටං
      බොට එවපුවම මටත් එවපන් හරිද.

      Delete
    6. @අපූර්
      අපූස් ටත් ඕනනං කියන්න

      Delete
  10. සුභ නත්තලක් සහ කිරි පැණි ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. රුවන්ටත් සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  11. හැලපයියට සුබ නත්තලක් වේවා. කොහෙද ඉතින් ගෙට්ටුවකවත් දකින්න කියලයි. මොකක්ද හැලපයියේ "හනිමූන්"කියන්නේ ...? හිකිස්

    ReplyDelete
    Replies
    1. මම නං ඉවාන්ව දැක්කා ඔන්න,අපිත් කවද හරි ගෙට්ටුවකදී හමුවේවි.
      හනිමෝන් වල තේරුම ඉවාන් ලොකු වුනාම කියල දෙන්නං.
      ඔබටත් සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
    2. @ ඉවාන්........ඔය හැලප මාමා කිව්වාට උඹ පොඩි නැහැ කොලුවෝ ඕකේ තේරුම දැනගන්න. හනිමූන් කියන්නේ පුතේ , සඳසාවීට පැණි කවන එක.

      Delete
    3. එක්තරා හැන්දක් තමා බං කවලම බලපංකො.

      Delete
  12. ඔබටත් සුභම සුභ නත්තලක් වේවා!!

    ඇත්තට ඒ දවස් වල මඟුලකට ලෑස්ති වෙත්දි හැමෝම දුවලා පැනලා වැඩ කරන විදිය මැවිලා පෙනුනා.
    දැන්නම් හොටෙල් එකෙ ලෑස්ති කලාම මහන්සි වෙන්න දෙයක්ම නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මගුලක් වුනාම ඉතිං ගමටම මගුල්නෙ ප්‍රියා.හෝටල් සහ හෝල් නිසා දන් ඒ ගමේ කම නැතිවෙලා ගිහිං.
      ප්‍රියාට සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  13. සුබ නත්තලක් එක්කම සුබ නව වසරක් කියල කියනව හැලප කඩේට..ධර්මය වගේ වාසනාවන්තයෙක්..ඇත්තමයි මම ඔහොම් සීන් එකක් ගැන ඇහැව්වමයි.අපිත් විහිලුවට ඔය වගේ කතා කිව්වට ඔහොම දෙයක් ඇහුව්වමද කොහෙද හැලපෙ අයියෙ..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවලුත් කලාතුරකින් සිද්දවෙනව බං.
      රජ වීදියටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  14. හැලපෙටත්, පවුලේ සැමටත් ප්‍රීතිමත් නත්තලක් හා සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නාටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  15. හැලපයියටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නත්තලක් හා සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. දමිත් සහ පවුලේ අයටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  16. සුභ නත්තලක් කිව්වා ඔන්න අපිත් එහෙනම්. අපි තාම පොඩි එවුන්. සමහරක් ඒවා තේරෙනවා මදි වගේ ඕන්

    ReplyDelete
    Replies
    1. මට හිතුන පොඩි නිසා පූමට සමහර එව්වා තේරෙන්න නැතුව ඇති කියල,කමක් නෑ ලොකු වුනාම බලමුකො.
      පූමාටත් සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

      Delete
  17. හැලපේ.....අපි තුන් දෙනෙක් එකතුවෙලා ඉස්සර තරුණ කාලේ වෙඩින්ග්ස් වල ඕඩර්ස් අරගෙන ගිහින් ඉව්වා.නිවාඩු දාගෙන යනවා. හොඳට ගහගෙන තමයි වැඩේ යන්නේ. බර වැඩ අංශෙට තව පොරක් අරන් යනවා. අපි තුන්දෙනාගෙන් එකෙක් තමයි රුවන් ජයකොඩි. ඕකා දැන් ලෝකයේම ඉන්න හොඳම සූපවේදියෙක්..කේක් සහ පේස්ට්‍රි විෂයේ ලෝකයේ අතලොස්සක් මාස්ටර්ස්ලා අතරින් එකෙක්. ලෝකේ වටේ යනවා කුකින්ග් තරඟවල ප්‍රධාන විනිශ්චය කාරයෙක් හැටියට. කැනඩාවේ ඉන්නේ. අපි ඔය මගුල්වල ගිහිල්ලා මාර වැඩ කරන්නේ බං. අපිට දිගටම වැඩ ආවා . ඒ වුනාට අපි තුන්දෙනාටම රට යන්න සෙට්වුනා. තුන් දෙනාම තැන් තුනක ඔමාන්වල වැඩ කරා.

    ක්‍රිස්මස් මුබාරක්!!!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ඔහොම තමා මචං හැම කෙනාටම තමන්ට හිමි තැනක් තියෙනව කියනවනේ...උඹගේ යාලුව ගැන උඹ සතුටු වෙනව වගේම එයාටත් උඹේ ගමන් මග ගැන සතුටු ඇති.
      ක්‍රිස්මස් මුබාරක් මචං!!!

      Delete
    2. මොකක්ද ක්‍රිස්මස් මුබාරක් කියන්නේ....?

      Delete
    3. මුබාරක් කියන්නෙ සුබ කියන අර්ථය දෙන අරාබි වචනයයි,එතකොට ක්‍රිස්මස් මුබාරක් කිව්වොත් සුබ නත්තලක්.
      අරූ කාලයක් මැද පෙරදිග සිටිය නිසාත් මම දැනට මැද පෙරදිග ඉන්න නිසාත් ඔහු ඔය ආකාරයට මට සුබ පැතුවා.

      Delete
  18. උයලා ඉවර වෙනකොට කන්න එපා වෙන වැඩේ නං මටත් තියෙනව.. ඔය ගෙදරට කවුරුහරි එනවා කියල උයපු දවසට මම කන්නෙ නෑ... ඇයි ඉතිං උයලම කෑම එපා වෙලා... හි හි

    ReplyDelete
    Replies
    1. කෑම එපා උනාම කරන්න තියෙන්නෙ පලතුරු ටිකයි රසකැවිලි ටිකයි කාල ඉවරකරන එකනෙ.

      Delete
  19. අනිත් විස්තර ටිකත් හෙමින් හෙමින් ලියමු. හරිම රසයි මේ ලිපි.

    ReplyDelete
    Replies
    1. හොඳයි ඉතුරු ටිකත් ලියන්නං,ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  20. මගුල් මඩු ගැහිල්ල කිව්වම මතක් උනේ මඩුව ගහන තැන සලකුණු කරලා “කප් හිටවිල්ල“ කරලා තමා මගුලට වැඩ අල්ලන්නේ... මෝල් ගහක් වගේ එහෙකට පොල් මලක් එහෙම බැදලා කප් හිටවිල්ල නැකතට කරලා පස්සෙන් පහු එතැන තමා මඩුව ගහන්නේ...

    අපේ තාත්තා ඔය ගබඩා බාරකරුගේ වැඩේ කාලයක් තිස්සේ කරපු කෙනෙක්... මටනං ඒක කරන්න උනේ නැහැ... මොකද මං ලොකු මහත් වෙලා එද්දි ඒ මගුල් චාරිත්තර වලපල්ලට ගෙහුන්... ඒත් පස්සෙන් පහු මගුල් කීපයකම ඔය අරක්කු පොට් එක බාරව නං වැඩ කරන්න උනා... මල වදේ.. බොන්න නෙවෙයි මුං බෝතල් ගල් කරන්නමනේ හදන්නේ අපිට බටර් ගාලා... මගුලක් ඉවර වෙනවා කියන්නේ ගමේ හත් අට දෙනෙක් තරහා වෙන කේස් එකක්.. හැබැයි ආයෙම ඊ ළග මගුල වෙනකල් විතරයි... :D

    අර වෙනිවැල් කතාවනං මං දැනං හිටියේ නැහැ.. ඒ කිව්වේ වැනිවැල් කැපුවාම වතුර එන බවක්... මං කන්නෙලියෙදි දැන ගත්තේ ආපස්ස වැල්වලනං ඔහොම වතුර තියෙන වග... වැනිවැල්වල වතුර තියෙනවා කියලා ඇහුවේ අද තමා...
    (හිටහංකෝ අහු උන ගමන් වැනිවැලාව කපලා බලන්න වතුර එනවද කියලා.. :D )

    ReplyDelete
    Replies
    1. මාරයෝ....වෙනිවැල්ව අල්ලලා ටිකක් හොල්ලලා බැලුවොත් නම් වතුර එයි.

      Delete
    2. මං හිතන්නෙ නෑ අරූ..දැන් වයසනේ....! සමහර විට වෙවලල නවතී අර වතුර කැපුව දාට උදේ පයිප්පෙ ඇරියම වගේ..:D

      Delete
    3. පිස්සුද..? මෙ ්දවස්වල ඔය හාදයව හොල්ලන්න ගියොත් අපිටත් කෙල වෙන්න බැරි නැහැ.. පොර දැන් ගහන්නේ දේසීය කොල කැඳ.. ඒකෙත් හොඳම එක... :D

      Delete
    4. ඔය කියන්නේ ...ඔය කියන්නේ...අල්ලලා හොල්ලපු කට්ටිය තමයි නේද වෙනි? අපි නොදන්න වෙනිවැල්ගැට...

      Delete
    5. පව් යකෝ අහිංකයා

      Delete
    6. අපරාදේ වැනිවැලාව ගෙට්ටුවේදී අල්ලගන්න තිබ්බ මාරෙ ගල්කිස්සෙ ගියානං.
      මගුල් ගෙවල්වල අරක්කු බාරව ඉන්න එකත් බෙල්ල ගහල යන වැඩක්නෙ,කොහොමත් කීප දෙනෙක් නොරොක් වෙනව මගුල ඉවරවෙනකොට.උන් හදන්නෙ නිකං හම්බෙන නිසා මැරෙනකල් බොන්නයි බෝතල් පන්නන්නයි,ඒකට අකමැති උනොත් ඉතිං හිත හොඳ නෑ.

      Delete
    7. වරකො අල්ලලා හොල්ලන්න !

      Delete
  21. සාමාන්‍යයෙන් සිරිතක් හැටියට ඔය ගමන්වලට පොඩි ළමයෙක් හරි දෙන්නෙක් හරි එක්කගෙන යනවා // මේක අදමයි ඇහුවේ එහෙම ජෝඩු එනකොට එයාලට දෙන්න තෑගී එහෙමත් නෑදැයෝ ලෑස්ති කරන් ඉන්න ඕනේ නේද ?

    අනේ අර මනුස්සයා පව් අප්පා හි හි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඔමා ගිහිං බලන්නකො තෑගී හම්බෙන හැටි,ගමන් එක්ක යන්න පොඩි උන් හොයාගන්න බැරිවුනොත් කියන්න කෙන්ජියයි මමයි වත් එන්නංකො,වයස ගියාට අපිත් තාම පොඩි උන් වගේ තමා.

      Delete
  22. මගුල් ගෙවල් කතා ගොඩයි නේ... හලාවත් කතා , ගාමිණී කතාත් ඉදිරියෙදි කියවමු එහෙනම්...

    හැලපතුමාටත් ගෙදර අයටත් සුබම සුබ නත්තලක්....

    ReplyDelete
    Replies
    1. හොඳයි තුශානි ඉදිරියෙදි ඒ කතාත් ලියන්නං.
      ඔබටත් පවුලේ අයටත් සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් !!!

      Delete
  23. සිරාගෙ මගුල් හටන් කියෝල...හැලපෙ අයියගෙ මග=ල් කථා වලට මාරැ වුණා..කාර්ය බහුල නිසා හැලපෙ අයියගෙත් පොාස්ටුවක් දෙකක් මග හැරෙන්න ඇති..දිගටම ලියමු...මම අදත් කියන්නෙ උඹලට වගේ රහට ලියන්න පුලුවන් වෙච්චි දවසක..මගෙ ජීවන අත්දැකීම් ටිකත් ලියනව...තාම උඹ තරම් පරිණත මදි...සුභ නත්තලක්..අර කියන්න වගේ ඊළග“ට ගාමිණියගෙ කථා ටිකත් ලියහං...සුභ නත්තලක්..

    ReplyDelete
    Replies
    1. උඹට පරිණත වෙන්න දෙයක් නෑ ජෙමෝ.....වීරයගෙ කථාව කියෙව්වාම උඹ අපිට වඩා පරිණත බව මට දැනුනා....ඒ මාදිලියෙ කථාවක් විදියට මම ලියපු එම්බාම් සිද්ධිය උනත් උඹේ තරම් සාර්ථක නෑ....

      Delete
  24. ජෙමෝ,පරිණත වෙන්නෙ නිරන්තර සතතාභ්‍යාසයෙන් හෙවත් නොකඩවා ලිවීමෙන්.ඒ නිසා මොනවහරි නිතරම ලියපං,මගෙත් අත්දැකීම් මල්ල හිස්වුනු දාක උඹල වගේ තරුණයන්ගේ අවශ්‍යතාව දැනෙන්න ගනී අන්න එදාට ලෑස්තිවෙලා ඉන්න එකයි.
    උඹටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  25. සුභම සුභ නත්තලක් වේවා !!!

    අඩ නම් හොඳ කෑමක් :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  26. ඉස්සර මගුල් මඩු සරසන්න දාපු කැටයම් ගැන කියන්න අමතක වුනාද ? හංස පූට්ටුව....නෙළුම් පෙති ...මේ වගේ විවිධ කැටයම් කඩදාසි කොළ වලින් කපන්න පුලුවන් සූරයො කීප දෙනෙක්ම අපේ ඉසව්වෙ හිටියා... අපේ පවුලෙ ඥාතියෙකු වන නිමල් මාමා තමයි බොහෝ මගුල් වල ගබඩා භාරකරු...කලුවට කලුවෙ සද්දන්තව ඉන්න නිසා අමතර ගැටලු නැතුව හැමදාමත් රාජකාරිය දේව කාරිය වගේ කරන්න ඔහුට හැකි වුනා....මේ ඉතිහාසයට අයත් මගුල් ගෙවල් වලට පුංචි එකා විදියට මම ගිය මතකය මට එහෙන් මෙහෙන් ඔලුවට එනවා මේ සටහන කියවද්දි....

    ReplyDelete
    Replies
    1. අපේ ගමෙත් ඔය වගේ කැටයම් කපන්න සූරයො කීප දෙනෙක් හිටියා,කාලයාගේ අවෑමෙන් දැන් ඒ වැඩ කරන්නෙ අපේ මලයා.

      Delete
  27. katha tika ela. subama suba naththalak halape paulee samata.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,තාරක සහ පවුලේ සැමටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා.

      Delete
  28. ඔය කෑම රුචිය නැති වෙන එකනං මට නැද්ද කොහෙද. දවසක් මම වැඩේ බැදලා බොහොම පොඩි ප්‍රමාණයක් තමා අනිත් අයට ඉතුරු උනේ..

    ReplyDelete
    Replies
    1. ඔහොම මගේ යාලුවෙකුත් හිටියා,දවසක් ඌම වඩේ බදින ගමන් බදින බදින එක කාල,අන්තිමේ බඩේ අමාරුවට බේත් අරගෙන තමා නැවතුනේ

      Delete
  29. කොමන්ටුවල නේ කතා තියෙන්නේ :)) ඔන්න පහු වෙලා වුණත් සුබ නත්තලක් කිව්වා!

    ReplyDelete
    Replies
    1. කොහොමත් කමෙන්ටුවල කතාවට වැඩිය කතා තියෙනව දිලිනි,ඒ ගෞරවය අපේ පාඨකයන්ට ලැබෙන්න ඕනෑ.
      ඔබටත් පහුවෙලා හරි සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  30. //නැන්දගෙ ගම හත්කෝරළේ ඔන්න ඔය ගිරිඋල්ල පැත්තෙ ඉන්ගරදවුල කියල හද්ද පිටිහර ගමක්// හ්ම්ම්.. අපේ පැත්තේ ඇවිදින් වගේ එහෙනම්. ;) ඔය කියන කැලේ "දික් කැලේ" දැන්නම් වෙනිවැල් නැත්තටම නැති තරම්.

    ReplyDelete
    Replies
    1. අපි බොලාගෙ ගමේ එන කාලෙ බොලාගෙ තාත්තලත් කොල්ලො වෙන්න ඇති,බැරිද අපිව ආපහු ඒ කාලෙට එක්කං යන්න,අතීත මතක සමරන්නත් එක්ක.

      Delete
    2. බලමු try එකක් දීලා නේ... ;)

      Delete
  31. පහුවෙලා හැලපයියේ ආවේ.ඒත් ඔන්න හැලපයියාට,හැලපක්කාට වාගේම හැලප පුතා ඇතුලු සැමටම සුබ නත්තලක් සහ සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. මනොජ්ටත් පමාවෙලා හරි සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  32. ලස්සන කතා ටික... :)
    // අපේ ගෙදර ගෘහ මූලිකය හෙවත් බිරිඳ //.. මෙහෙම කියන එකක් අහන්නත් ආසයි...

    ReplyDelete
    Replies
    1. මොනාද ඉතිං ආයෙ බොරු කියා කියා ඉන්නෙ ඇත්තම කියල දැම්ම.

      Delete
  33. නත්තල් ඉවරයිනෙ හැලප අයියෙ..සුබ නව සවරක් වේවා කියන්නම් !
    අනේ මන්දා බන් උඹ දැන් වෙනිවැල් කපලා වතුර බීවා කියලා හින්දා මුන් ටික මට කපන්න එයිද මන්දා ? බොලා නම් ඉතින් කොලොත් ඔහොම වැඩක්මයි ! :-D

    ReplyDelete
    Replies
    1. නම හින්දනෙ බං ඔක්කොම දුක.මමනං කිව්වේ වෙනිවැල් ගැට ගැන.
      වෙනීටත් සුබම සුබ නව වසරක් වේවා.

      Delete
  34. මහගම සේකරගේ තුන්මංහන්දිය පොතේ මඟුල් මඩු ගැන හොඬ්ට විස්තර තියෙනවා. ඒකේ ළමයාගේ ලොකු මාමා ඒවාට එක්පර්ට් කෙනෙක්ලුනේ :)

    ReplyDelete

ඔබේ අදහස්