Sunday, November 24, 2013

104.ජාත්‍යන්තර කාන්තා දිනය,රැජිනි කාන්ත් සහ තවත් කතා.





අපි කැලැන්ඩර කතාව ඉවර කරලම කාන්තා දිනය කතාව කියමු, නැත්නං කැලැන්ඩර කතාව ආයෙම කොහෙහරි එල්ලන්න වෙනවනෙ... ඉතිං පොකැට් කැලැන්ඩරේ වැඩේ හරි, ඊළඟට තියෙන්නෙ ලොකු කැලැන්ඩරේ ඒ කියන්නෙ බිත්තියෙ එල්ලන එක ගහගන්න...පින්තූරයක් හොය හොයා ඉද්දි සුරේෂ් මුණගැහුනා, සුරේෂ් කිව්වෙ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, ඒ දවස්වල දෙසතියෙ වැඩකරලා අයින්වෙලා හිටියෙ,අපූරු කලාත්මක ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්, සුරේෂ්ට මගේ අවශ්‍යතාව කියපුවම පින්තූරයක් හොයල දෙන්න පොරොන්දු වුණා.

සුරේෂ් දුන්නු පින්තූරවලින් අපි තෝරගත්තේ කුඩා ළමයින් ටිකක් මීදුමත් එක්ක උදෑසන හිරු එළියෙ වෙල් නියරක් දිගේ  ඉස්කෝලෙ යන දර්ශනයක්,පින්තූරෙ හොයල කැලැන්ඩරේ ඩිසයින් කරල කලර් සෙපරේට් කරල ප්‍රින්ට් එකට දෙන්න ලැස්තිවෙලා ඉද්දි එකපාරටම ගිනිගෙඩියක් පාත්වුනා...ජනාධිපති ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් කැලැන්ඩරේ පැත්තකින් දාන්න කියල ලොක්ක එකහඬින් කියාසිටිනව...

දන්නවනෙ මේ පොඩි පින්තූරයක් කැලැන්ඩරේ උඩ පැත්තකින් දාන්නකො...

ලොක්ක කිව්වෙ එහෙමයි,කියන විදියට ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් දැම්මනං කිසි කෙනෙකුට කැලැන්ඩරේ දීගන්න බැරිවෙනව,අපි හරිම අසීරු අවස්ථාවකට මූණ පෑවා, මේක හරියට මහන්සියෙන් කිරි කලයක් දොවල ඉවරවුණාම ඒකට ගොම ටිකක් දාන්න කිව්ව වගේ වැඩක්නෙ...දන්න විදියට ලොක්කට කිව්ව හරිගියේ නෑ දාන්නම කියනව...

ගහන කැලැන්ඩර් ඔක්කොම අපිට තියාගන්න තමයි වෙන්නෙ මොකද ඔය පින්තූරෙ තියෙනකන් කවුරුවත් මේ කැලැන්ඩරේ අරං යන්නෙ නෑ, මේ වැඩෙන් මාව අයින් කරපල්ලා...

මම එහෙම කියල වැඩෙන් මග ඇරලා හිටියා,ඊට දවස් කීපෙකට පස්සෙ පින්තූරෙ වෙනුවට නොමිලෙ පාසැල් පොත් දීම ගැන කවියක් දාන්න ලොක්කව කැමතිකරගන්න අපිත් එක්ක වැඩකරපු අංගනාවියෙකුට පුළුවන් වෙලා තිබුණා...

අපිත් ඉක්මනට ප්‍රේමදාස මහත්තය නොමිලේ පොත් දීපු එක ගැන කවියක් ලියෝල පින්තූරෙ දකුණු පැත්තෙ පහලින් සුදුවට දැම්මා...කවිය ලියල දුන්නෙ දෙසතියෙ සහකාර සංස්කාරක වෙලා හිටපු මා දන්න ඉතාම අහිංසක මාධ්‍යවේදියෙක් වුනු හදිසියේ අප අතරින් වියෝවූ වින්සන්ට් පෙරියප්පෙරුම මහතායි...ඔහු අපට යවහන් දොස් නැති අපූරු කවියක් හදල දුන්නා, කවියෙ පද හතරම නං මට දැන් මතක නෑ දෙකක් විතරක් මතකයි...ඒ මුල් පදේ සහ අගපදේ...පද හතරම මතක තිබ්බ නං හොඳයි ඒත් ඉතිං අවුරුදු විස්සකට විතර කලින් වෙච්ච දෙයක් නොවැ...මතක තියෙන පදදෙක මෙහෙමයි...පුළුවන්නං මැදට එන පදදෙක ලියල දාන්න...අපේ බ්ලොග් අවකාසයේ හොඳ කවියො ඉන්නවනේ... 

අතට ලැබුණු පොතපත වාසනාවන්
දැයට කැකුළු මේ මතු   වාසනාවන්

ඔය ටික කරගත්තට පස්සෙ කැලැන්ඩරේ මුද්‍රණ කටයුතු ඉතාම වේගයෙන් කෙරිල ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන දෙසැම්බර් අග හරියෙ කැලැන්ඩර් ටික ඔපිස් එකට ගෙනාවා...

ඊට පස්සෙ එළඹුනේ බෙදාහැරීම කියන අමාරුම සහ එපාවෙන වැඩේ,අපි දෙසතිය කැලැන්ඩරේ බෙදන්නට මූලිකවම ඉලක්ක කරගෙන හිටියෙ දෙසතිය පාඨකයින්ට හා දෙසතිය විකුණන අලෙවි නියෝජිතයන්ට,ඉස්සෙල්ලාම කන්තෝරුවෙ අයට කැලැන්ඩර් දීල ඒ කරදරේ ඉවරයක් කරගත්තා...ලොකුම කරදරේ පටන්ගත්තෙ ඊට පස්සෙයි...අපට කිසිම සම්බන්ධයක් නැති සත පහක උදව්වක් නොකරපු අමාත්‍යංශ වලින් සහ ඇමතිවරුන්ගෙන් කැලැන්ඩරේ ඉල්ලලා ලියුම් ඒ කියන්නෙ නියෝග බඳු ඉල්ලීම් ගලා එන්නට ගත්තා  

අපට සීයක් එවන්න,දෙසීයක් එවන්න ආදී වශයෙන්,හැම එකාටම දහයක් පහළොවක්වත් දියයුතු නිසා අපේ මූලික ඉලක්කයන් ටික ටික මග ඇරෙන්න ගත්තා...මුදල් දීල දෙසතිය ගන්න පාඨකයන් අමතක කරල කිසි පලක් ප්‍රයෝජනයක් නැති අයට කැලැන්ඩර් දෙන්න වෙන වෙලාවට  බෙදිල්ල එපාවෙනවා ...

ඔන්න ඔය අතරතුරේ මගෙ හිතගත් ලිපියක් මට තැපෑලෙන් ලැබුනා...අතින් ලියූ ඒ ලිපිය එවා තිබුනෙ සියනෑ කෝරළේ ගම්පහ පැත්තෙ ගම්බද විදුහලක විදුහල්පති තුමෙක්, මට ලිපිය ලියල තිබ්බ හැටි මතක නෑ ඒකෙ සාරාංශය මෙහෙමයි...

බෙදාහැරීම් කළමනාකාර තුමා,
දෙසතිය සඟරාව,
මැලේ වීදිය,
කොළඹ 2.

 මහත්මයාණෙනි,

ඔබ අනගි සඟරාව මගින් මුද්‍රණය කර ඇති මෙම වර්ෂයේ දින දර්ශනයට ඇතුළත්වන ඡායාරූපයට පෙනී  සිටින්නේ මගේ පාසලේ ඉගෙන ගන්නා කුඩා දරුවන් සමූහයකි.ඔබ ඔවුන්ව  ඡායාරූපයට නගා දින දර්ශනය මුද්‍රණය කලත් එකම දින දර්ශනයක් හෝ එම දරුවන්හට ලබාදීමට කාරුණික වී නොමැති බව ඉතා කණගාටුවෙන් දන්වමි.

තවත් විස්තර ගොඩක් ලියල තිබුනත් ළිපියෙ හරය ඔන්න ඔය ටිකයි...මේ ලියුම දැකල මාව කරකවල අත ඇරිය වගේ වුණා, සුරේෂ් ගෙන් පින්තූරෙ ඉල්ලං කැලැන්ඩරේ ගැහුවට ඉන්න ළමයි කවුද ඉස්කෝල කොහෙද ගෙවල් දොරවල් කොහෙද කියල අපි හෙව්වයැ, එව්ව අපට අනවශ්‍ය දේවල්නෙ...කොටින්ම සුරේෂ් මට පින්තූරෙ දුන්නෙත් හිතවත්කමට සල්ලි සතයක්වත් ගත්තෙත් නෑ...වෙන එකෙක් නං ඒ දවස්වල අඩුම තරමෙන් රුපියල් විසිපන්දාහක්වත් ඉල්ලනව...

ඒ වුනාට අපේ ගෙදරදොර වැඩ කටයුතු විදුහල්පති තුමාට කියල වැඩක් ඇතෑ...එතුමගෙ දුක් ගැනවිල්ලට විසඳුමක් දෙන්න එපායැ, මම වහාම විදුහල්පති තුමාට පිළිතුරු ලිපියක් යැව්වා...

විදුහල්පති තුමා,
.....විද්‍යාලයය 
..........
ප්‍රිය මහත්මයාණෙනි,

ඔබ විසින් එවන ලද ..... දිනැති ලිපිය ලදිමි,එම ලිපිය මා වෙත එවීම ගැන මගේ ස්තූතිය පළමුව ඔබතුමාට පිළිගැන්වීමට කැමැත්තෙමි,මන්දයත් ඔබ විසින් සඳහන් කර ඇති ඡායාරූපය අප විසින් ගන්නා ලද ඡායාරූපයක් නොවන අතර එය බාහිර ප්‍රචාරක ආයතනයකින් ලබාගන්නා ලද ඡායාරූපයක් බැවින් එහි පෙනී සිටින පාසැල් දරුවන් පිළිබඳව අපහට කිසිම අවබෝධයක් නොතිබූ අතර එම දරුවන් හා ඔවුන් ඉගෙනගන්නා විදුහල පිළිබඳව අප දැනුවත් වුයේ ඔබතුමාගේ ලිපියෙන් බැවිනි.

ඔබතුමාගේ විද්‍යාලය සඳහා දින දර්ශන පණහක් වෙන්කර තබන අතර සතියේ දිනක දෙසතිය බෙදාහැරීම් අංශයට පැමිණ එම දින දර්ශන ලබාගතහැකි බව කරුණාවෙන් දන්වනු කැමැත්තෙමි.

තවද අවම වශයෙන් ඡායාරූපයේ පෙනී සිටින දරුවන් හටවත් දින දර්ශනය බැගින් ලබාදීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

ස්තූතියි,
මීට විශ්වාසී,
............

එහෙම ලිව්වෙ ඔය කොච්චර හිත උණුවෙන විදියට ලියුම් ලියල එව්වත් කැලැන්ඩර් ලැබුණාම ගුරුවරු ටික පොරකාල බෙදාගනී කියලයි,එතකොට අර පින්තූරෙ හිටිය අහිංසක දරුවන්ට හුළං...ප්‍රින්සිපල්ලගෙයි ගුරුවරුන්ගෙයි හැටි මම දන්නවනෙ...

ඔන්න ඔය ලියුම යවල සතියකට විතර පස්සෙ දවසක දවල් දහයට එකොළහට විතර හමුදා වාහනයකින් ආව සෙබළුන් දහදෙනෙක් විතර අපේ බෙදාහැරීම් අංශය වටකෙරුවා...මේ මොකක් වෙන්න යනවද කියල අපි බලාගෙන ඉන්නකොට හිනාවකින් මුහුණ සරසගත්ත උස මහත හමුදා නිලධාරියෙක් සෙබළුන් අතරින් ඇවිත්  අපේ කාර්යාලෙට ගොඩවුනා...

ඔහු කෙලින්ම මගෙ ලඟට ඇවිත් සුහදව කතාකළා...

මම කර්නල් නියංගොඩ නාරාහේන්පිට කෑම්ප් එකෙන්...

වාඩිවෙන්න කර්නල්...

වාඩිවෙලා කර්නල්වරයාගෙ අතේ තිබිච්ච ලියුමක් මගේ අතට දුන්නා...දිග ඇරලා බලපුවාම මම අර විදුහල්පති තුමාට යවපු ලියුම...

ලියුම දිහාත් කර්නල් නියංගොඩ දිහාත් බලපු මගෙ මූණෙ මතුවුණු ඉස්පිලි පාපිළි ප්‍රශ්නාර්ථ සැණෙකින් වටහාගත්ත කර්නල්වරයාට ආයෙම හිනාවක් ගියා...

ඔය ලියුමයි හමුදාවයි අතරෙ තියන සම්බන්ධකම මොකක්ද කියල නේද බලන්නේ...මගෙ නෝන උගන්නන්නෙ ඔය ඉස්කෝලෙ, ප්‍රින්සිපල්ට එන්න අපහසු නිසා නෝනට කියල තියෙනව මට කියල පුලුවන්නං කැලැන්ඩර් ටික ගෙන්නල දෙන්න කියල...

ඉස්කෝලෙට වෙන්කරලා තිබුණු කැලැන්ඩර් ටික කර්නල්වරයා අරගෙන ගියා...

කැලැන්ඩර් වැඩෙන් හිතට කිසිම තෘප්තියක් නොලැබුණු නිසා ඒ අවුරුද්දෙන් පස්සෙ මම දෙසතියට කැලැන්ඩර් ගැහුවෙ නෑ...

කැලැන්ඩර් කතාව මෙයින් අවසාන වෙනව සහ අපි නැවතත් මුලින් කියන්න පටන්ගත්ත කතාවට එනවා...

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ආර්යාව බදුල්ලෙ වැඩ සටහන් කීපයක්ම ලෑස්ති කරගෙන තිබුණා...

කාන්තාවන්ට පොල් පැළ බෙදාදීම 
පාවහන් බෙදාදීම
කිරිඅම්මාවරු දහසකට කිරි දානය 
කාන්තාවන්ගේ විවිධ ප්‍රසංගය 

පොල් පැළ සපයල දෙන්න බාරදීල තිබුනෙ පොලිසියට පොලිසියෙ අයත් බොහොම මහන්සිවෙලා පොල් පැළ දාහක් හමාරක් හොයල ගෙනත්දාළ තිබුණා...බදුල්ලෙ පොල් පැළ හොයාගන්න අමාරුයි බස්නාහිර පළාතෙන්ම ගෙනෙන්න ඕනෑ...සෙරෙප්පු ලෝඩ් එකකුත් කොළඹින්ම ගෙන්නගෙන තිබ්බා, කිරිඅම්මල එක්කඑන්න බාර දීල තිබුනෙ ග්‍රාමනිලධාරීන්ට, කිරිඅම්මල ගෙනෙන කොටම ඒ අයට පිළිගන්වන්න ඇතිවෙන්න  කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩිත් අරගෙන එන්න ඕනෑ... 

ඔන්න ඔය ආකාරයට මහා පරිමානෙන් ලෑස්තිකරල තිබුණු කාන්තා දිනය එනතුරු බදුල්ලෙ විතරක් නෙවෙයි ඌව පළාතෙම කාන්තාවො ඇඟිලි ගනිමින් හිටිය කිව්වොත් නිවැරදියි...

අපිත් සුපුරුදු පරිදි නවාතැනේ ඉඳල උදේ බදුල්ලට ඇවිත් ඡායාරූප ප්‍රදර්ශනයේ වැඩ කටයුතු ලෑස්ති කරනව රා බොනව, හැමදාම වගේ දවල් කෑමට කොහෙන් හරි ආරාධනාවක් ලැබුණා අපි එක එක්කෙනාගෙ යාළුවො හරියට ඒ අහළ පහල හිටියා...

ඔන්න එක දවසක් අපි නවාතැනේ ඉඳල වාහනේ එද්දී බදුල්ලෙ රෙක්ස් හෝල් එකේ දාල තිබුණු චිත්‍රපටියක් දැකපු අපේ ප්‍රධානියා එක පාරටම කලබල වුණා...

අන්න බං රැජිනිගෙ ෆිල්ම් එකක්...

බලපුවම ඔහු රැජිනි කාන්ත්ගේ හොඳම රසිකයෙක්...උදේ දහයට විතර මට කතාකළා...

මම යනව ෂෝ එක බලන්න උඹත් එනව නං වරෙන්...

රැජිනි කාන්ත් ගැනවත් දෙමළ ෆිල්ම් ගැනවත්  මට ඒ කාලෙ එච්චරම හෝදිසියක් තිබුනෙ නෑ...කතාකරපු නිසා මමත් ගිහිං චිත්‍රපටය බැලුවා... රැජිනි කාන්ත් රඟපානවා  මම මුල්වරට දැක්කෙ එදායි...නිළිය කවුද කියලනං මට මතකක් නෑ එදා චිත්‍රපටය බලන්න ඇවිල්ල හිටපු වතු කම්කරුවන්ගෙ ගෝෂාව නං මතකයි...රැජිනි තිරේට එනකොට එකම එක කම්බැල්ලෑවයි මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ... 

බදුල්ලෙදි පෙන්නන්න අපේ දෙපාර්තමේන්තුවෙනුත් චිත්‍රපටයක් ලෑස්ති කරල තිබුණා ඒක හැදුවෙ රජයේ චිත්‍රපට අංශයෙන්...ඒ කාලෙ චිත්‍රපට අංශෙ සංස්කාරකයෙක් හැටියට වැඩකරපු ප්‍රසිද්ධ නළුවෙක් ප්‍රේමදාස මහත්තය ගැන චිත්‍රපටය හැදුවා...මේ නළුවා ඒ දවස්වල මගෙත් එක්ක හුඟක් හිතවත් වුණා පස්සෙ කාලෙක ඔහු ගැන රස කතා සාගරයක් අපේ බෙන් ෆිල්ම්ස් එකේ වැඩ කරපු කොල්ලො මාත් එක්ක කිව්වා ඒවා ලියනවද නැද්ද කියල මං කල්පනා කරමින් ඉන්නෙ...මොකද ඒ කතා ඔක්කොම වගේ වැඩිහිටියන්ට පමණයි කතා...ඒ වුනාට මේ බ්ලොගට වැඩිහිටියොත් එනව දරුවොත් එනව ඉතිං අපි ස්වයං වාරණයක් ඇති කරගන්න ඕනැනේ...

93 comments:

  1. //ලොක්ක කිව්වෙ එහෙමයි,කියන විදියට ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් දැම්මනං කිසි කෙනෙකුට කැලැන්ඩරේ දීගන්න බැරිවෙනව,අපි හරිම අසීරු අවස්ථාවකට මූණ පෑවා// මේ කතාව නං සහතික ඇත්ත. දැන් දැන් දේශපාලකයෝ තමන්ගේ පින්තූරේ දාපු රත්නමාලී ගාථා රත්නය ‍නොමිලේ බෙදා හරිනවා. ඒවා ගන්න මිනිස්සු හරිම අපහසුතාවයකට පත් වෙන්නේ. මොකෝ ඉතින් ගාථ කියලා වඳිනකොට දේශපාලකයටත් එක්කනේ වඳින්න වෙන්නේ.

    අනික දෙයියනේ කියලා බදුල්ලේ පොල් පැළ බෙදලා දුන්නට මොකද බදුල්ලේ හැදෙන්න පොල් හුඟක් නිසරු යි. මම හිතන්නේ පසේ ලුණු ගතිය අඩු නිසා වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මෙහෙම ගාථා තිබ්බ ම මිනිස්සු විසික් කරල දාන්නෙ නෑ නෙ.

      Delete
    2. මං නං බෙදන කොටම එපා කියනව.. පත්තර අස්සෙ එහෙම තියෙන ඒවා එතනම කවුන්ටරයක් උඩ දාලා එනව.. ඒ තරම් වදයක්.. ගෙදර ගෙනාවම විසි කරන්න දෙන්නෙත් නෑ.. මැට්ටන්ගේ මුණු අවුරුද්ද පුරාම ගෙයි හැමතැනම...

      Delete
    3. හ්ම්ම් මාත්

      Delete
    4. බදුල්ලෙ පස පොල් වගාවට හරියන පසක් නෙවෙයි ධාරා,මම හිතන්නෙත් ඔබ කියන විදියට ලුණු ගතිය අඩූ නිසා වෙන්න ඇති.
      මේ ඔබේ පළමු පැමිණීම මට මතක විදියට,මගේ බ්ලොගයට ආදරෙයන් පිලිගන්නවා

      Delete
    5. අර බුද්ධ රූප තියන නිසා කුනුගොඩට දාන්න බැරි පරණ වෙසක් කාඩ් වගේ නේද දිලිනි.

      Delete
    6. හිරූ අපේ ගෙදර නං මැටි මූණකට තියෙන්නෙ මගේ මූණ විතරයි.

      Delete
    7. මොකද අපූරී හ්ම්ම් ගාන්නෙ බකමූණා වගේ.

      Delete
    8. බදුල්ලේ පොල් හරියන්නේ කලාතුරකින්. එත් නොයක් එළවලු වර්ග වැවෙනවා. නමුත් බදුල්ලේ මිනිස්සු වගාවට එච්චර හුරු වෙච්ච මිනිස්සු නෙවෙයි. ඒ මොකද දන්නේ නෑ ,

      Delete
  2. අග ඉඳන් මුලට. ස්වයං වාරණය බ්ලොග් ලිවීමේදී අතිශයින් වැදගත් කියලා මමත් හිතනවා. නැත්නම් හමුදා ජීවිතයේදී මම අහපු දැකපු දේවල් ලියන්න ගියොත් මොනවා ලියවෙයිද කියලා මටත් හිතාගන්න බැහැ.

    කැලැන්ඩර් එකතු කරන්න හමුදා නිලධාරියා පැමිණීම. අනේ ඔයවගේ වැඩ මහා ගොඩක් මමත් කරලා දීලා තියනවා. ඒක හමුදාවේ කොතනදීත් කෙරෙනවා. මම වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරද්දී. නොමිලේ දෙන පොත්පත්, ලීබඩු, වෙනත් උපකරණ අනුරාධපුරේ අධ්‍යාපන කාර්යාලයේ සිට වැලිඔය දක්වා ප්‍රවාහනය කර දෙන්න සමහරවිට එක පාසලකට එක හමුදා ට්‍රක් එක ගානේ දුන්න අවස්ථා තියනවා. යුද්දේ අස්සේ ඔව්වා කරන්න ගිහින් තුවාල වෙච්ච සොල්දාදුවෙකුව ප්‍රතිකාර සඳහා ගෙනියන්න ට්‍රක් එකක් නැතිවුනානම් මට නිළ ඇඳුම් ගලවලා ගෙදර එන්න වෙනවා.

    අම්මපා මේ අපේ රටේ ජනාධිපතිලාට තියන මේ තමන්ගේ ප්‍රතිරූපය පිම්බීමේ රෝගය කවදා හොඳ වෙයිද? අපේ රට මීට වඩා විශාල වුනානම් ජනාධිපතිගේ කටවුට් ගැසීමේ අමාත්‍යාංශය කියලා එකක් හදයි.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා,
      ජනාධිපති පමණක් නෙවෙයි තව තව පුස්සන්ගෙත් කටවුට් පාරක් ගානේ ගහන්න තියෙන නිසා කටවුට් ගැසීමේ අමාත්‍යාංශයක් ඇතිකරල ලඟදි දෑත ශක්තිමත් කරන්න එන එකෙකුට දුන්නනං හොඳයි.
      ඔයා ඔබ කියල තියෙනව වගේ අතිශය ප්‍රවාහන අපහසුතා තියෙන පළාත්වල මනුස්සයන්ටගොඩක්ම උපකාර කලේ හමුදාවෙන්ය කියලත් අහල තියෙනවා.

      Delete
  3. කව්ද අප්පා නළුවා...??
    දෙනිපිටියද..?
    රජයේ චිත්‍රපට අංශයේ හිටිය වික්ටර් කියල අන්කල් කෙනෙක් මුවි කැමරා/ලෙන්ස් රෙපයාර් ම
    කරන වැඩිය බොන්න බැරි මගේ පියාගේ යහළුවෙක්.

    ReplyDelete
    Replies
    1. ‍මොරටුව පැත්තෙද

      Delete
    2. මොරටුව ග්‍රවුන්ඩ් එක පිටු පස ගෙවල් .

      Delete
    3. දෙනිපිටිය නෙවෙයි කෙන්ජි,මනුස්සයගෙ නමේ අකුරක් කිව්වත් කෙන්ජිට මීටර් වෙනවා මම මෙහෙම කියන්නං,තුන්වෙනි යාමය
      වික්ටර් දැන් නෑ රිටය වෙලා

      Delete
    4. ඇයි අටං උඹත් දන්නවද

      Delete
    5. හැලපේ& කෙන්ජි.......සෝමසිරි දෙහිපිටියව නම් ඔය කාලේ රිමාන්ඩ් කරානේ...කපුගේවයි...අජිත් ද සිල්වා එක්කයි.....කතාව දන්නවා ඇතිනේ..

      මම හිතන්නේ හැලපේ කියන්නේ තුන්වැනි යාමයේ ඩොක්ටර්ට හිටිය අපේ ප්‍රසිද්ධ ලේඛකයා සහ නාට්‍යවේදියා. ප්‍රේමදාස මහත්තයාගේ අමාත්‍යාංශයට වැඩකලා කාලයක්.

      Delete
    6. සයිමන් නවගත්තෙගම​ .....

      Delete
    7. නෑ බං නවගත්තේගමයන් නොවේ

      Delete
  4. පොත් දුන් පෙම්දස් මැති වාසනාවාන්
    වෙසක් කූඩූ නෝනත් වාසනාවන්

    අම්මපා හැලපේ මේ රටේ මිනිස්සු අනික් රටවල උන්ට වඩා ගොඩක් වෙනස් කියන්නේ. ප්‍රේමදාස මහත්තයගෙන් නොමිළේ ගෙවල් හම්බ වෙච්චි උනුත්, අද ගෙවල් වල ගහගෙන ඉන්නේ මහින්ද මහත්තයගේ පින්තූරේ.

    ඔය කැලැන්ඩර් පිස්සුව නම් මම දැකලා තියෙන්නේ ලංකාවේ විතරමයි. අපේ පියුන් කෙනෙක් හිටියා මාරිමුත්තු කියලා. පිස්සු සාගරයක්. ඌ ගැන කතා ගොඩයි. මැරෙණකන් ලියන්න හිතා ගෙන ඉන්න එකේ ඌ ගැනත් ලියන්නම්. ඔය යකා සැලින්කෝ එකේ ඔක්කෝම කොම්පඇනි වලින් කැලැන්ඩර් 400-500 ක් විතර ගෙනියනවා. ඒ කියන්නේ මුගේ පිස්සුව නිසාම මම එක අවුරුද්දක මූ ගෙනියන කැලැන්ඩර් ප්‍රමාණේ ගනන් කලා. හැබයි ඉතින් සමහර උන් ඔය අස්සේ මූට පරණ කැළන්ඩර් මිටි පිටින් පත්තර වල ඔතලා දීපූ වෙලාවලුත් තිබුනා.

    කැලැන්ඩර් වලින් හොඳම කැලැන්ඩර් තමයි පිටරට ටයර් වලට ගහන කැලැන්ඩර්. ප්ලේ බෝයි එකත් මරු..

    ReplyDelete
    Replies
    1. ඒවල ලස්සන ඇන්ටිලා අක්කිලා ඉන්නවා නේද ටයර් බදාගෙන :)

      Delete
    2. ඔය ටයර්වලට ගහන කැලැන්ඩර් හොඳම ප්‍රමිතියකින් යුතුව ගහන්නෙ ඒ වැඩේටම ලෝකෙ නම් දරාපු සමාගම් විසින් නොවැ.එව්වට පෙනී සිටින කෙල්ලොත් හොඳම නිරූපිකාවෝයි.
      පරණ කැලැන්ඩර් ඔතල දෙන එක නං අපිත් හරියට කළා

      Delete
    3. ඇයි කෙල්ලටත් ආසද ටයර් එකක් බදාගෙන පින්තූරෙකට ඉන්න

      Delete
    4. @Maathalan
      //කැලැන්ඩර් වලින් හොඳම කැලැන්ඩර් තමයි පිටරට ටයර් වලට ගහන කැලැන්ඩර්...//

      මාතලන්ගේ කතාව හරි, මාත් දැක්කනෙ පත කැලැන්ඩරයක් ටයර් කඩේක ගහල තියනව ලස්සන අක්කියෙක් ටයර් එකක් බදාගෙන ඉන්නවා..! අම්මප කැලැන්ඩරුත් දැක්ක දැක්කේ නෑ එහෙම කැලැන්ඩරයක්, මාව ඔකඳ වෙලාගියා :D

      Delete
  5. කොහොමහරි අර ළමයි ටිකට කැලැන්ඩර් හම්බඋනානනං ලොකු දෙයක්.
    කැලැන්ඩර් අමාරුව ගැනනං කතා කරල වැඩක් නැ. දෙසැම්බර් මාසෙ පටංගන්නකොටම මිනිස්සු කැලැන්ඩර් හොයන්න පටංගන්න එක නවතින්නෙ අප්‍රේල් විතර ගියාට පස්සෙ තමයි.

    අතීතෙ රජවරු හදපු ‍ඒවටත් දේශපාලකයින්ගෙ පිංතූර දාගන්න එකේ කැලැන්ඩරේකට දාපුවාම මක්ක වෙනවද?

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට ප්‍රසන්න කොච්චර හම්බවුනත් කැලැන්ඩර් ඇතිවීමක් නෑ,ගෙයි ගහනව නං බිත්ති පුරාම ගහන්න ඇති ඒත් තවත් ඉල්ලනවා

      Delete
  6. මේ දවස් වල තියෙන්නෙත් ඔය ප්‍රේමදාස උන්නැහේගේ කාලේ වගේ රාජ්‍ය කාලයක් කිව්වොත් නිවැරදියි. අපේ මිනිස්සුන්ට කැලැන්ඩර්,දිනපොත් අනන් මමන් ඔක්කොම ගත්තත් කිසිම පිළිවෙලකට වගකීමකින් රාජකාරි කරන්නේ නැහැනේ කන්තෝරු වල ඉන්න උදවිය

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කෝරළේ මහත්තයො කන්තෝරුවල ඉන්න උදවිය රාජකාරි කරන්නෙ කොහොමද ඊට ඉහළ ඉන්න අයත් වගකීමක් නැතුව වැඩ කරද්දී.

      Delete
  7. මේ කතන්දරේ ම දිගට ලීව එක හොඳයි..

    ඉතිං කර්නල් තුමාගෙ බිරිඳ ඒවා අර දරුවන්ට දුන්නද දන්නෑ නේද?
    රටේ කොයි දේ කරන්න ගියත් දේශපාලනේ ගෑවෙන්න බලනවනේ ඉතින්....මූණු ප්‍රචාරය කරගන්න.. :D

    // ඒ වුනාට මේ බ්ලොගට වැඩිහිටියොත් එනව දරුවොත් එනව ඉතිං අපි ස්වයං වාරණයක් ඇති කරගන්න ඕනැනේ..//
    මෙහෙම හිතන එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. සැර අඩු කරලා ලියුවට කමක් නැනේද රෙහානි

      Delete
    2. කැලැන්ඩර අරං ගියාට පස්සෙ කාට කාට ලැබුනද කියල පසු විපරමක් නං කරන්න බැරුව ගියා රෙහානි වැඩ වැඩි නිසා.
      ඔය අටං කියන්න වගේ සැර බාල කරල ලිව්වනං වැරැද්දක් නෑ නේද.

      Delete
  8. අර දරුවො ටිකට කෙසේ වෙතත් ගුරුවරු ටිකනම් බෙදා හදා ගත්තද දන්නෑ කැළැන්ඩර් ටික.

    ඒ කාලෙත් දැන් වගේම කරන හැම මඟුලටම 'බිග් බොස්' ගෙ නම හරි මුහුණත් තහඩුව හරි ඔබන පුරුද්ද තිබිලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ප්‍රියා ඔයා දැන් ඉන්න උදවිය අනුගමනය කරන්නෙ එයා පටන්ගත්ත වැඩ පිළිවෙලයි අඩූ වැඩි වශයෙන්.

      Delete
  9. ඔන්න බොහොම අමාරුවෙන් හැල්පේගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝල්ට දා ගත්ත. දැන් ඉතින් වරදින්නේ නැතිව එන්න පුලුන්ව. අර කවි වලට පද නම් එනවා. ඒත් මැරුණ කෙනෙකුට අගෞරව කරන එක නරකයි නේ. පොත් දුන්නේ ජේ ආර් පප්පා නේ. අපිත් ඒ පොත් වලින් ඉගෙන ගෙන තමයි අද මෙතන ඉන්නේ. ඒ ගැන සතුට පල කරමු.

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ බ්ලොග් රෝලට දාගත්ත එක ගැන සතුටුයි සුදීක,පුළුවන් නං පද දෙකක් ලියල දාන්න

      Delete
  10. රජිනි කාන්ත් නං මට පේන්න බෑ ඉස්සර ඉඳන්ම... ඔය දෙමල ෆිල්ම්ස් ඕනෙ තරං බලනව ඒත් එයා ඉන්න ඒවා නං ..........

    ඇයි හැලප දැං තියෙන ඩේ ප්ලෑනර්ස්.. ලොක්කෝ හරි කැමතියි ඩේ ප්ලෑනර්ස් වලට... හැබැයි ජීවිතේට වෙලාවට වැඩක් කරන්නෙ නෑ... දැං ඔය මොන මඟුලවත් ඕනෙයැ ඔෆිස් වල පියන්ලට ඇරුනම අනිත් හැමෝටම කම්පියුටර් තියෙනව... ඒවයෙ ඕනෙ තරම් ඩේ ප්ලෑනින් සොෆ්ට්වෙයාර් තියෙනව.. ඒත් ඒවා පාවිච්චි කරන්නෙ කීයෙන් කීදෙනාද... ඒ උනාට අවුරුද්ද පටං ගන්නකොට පෙරළගෙන කැලැන්ඩර් ඩයරි හොයනව..

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් එකට ඇවිත් බලන්නකෝ හිරු,පියන්ලා කොහොමද කියලා නේද හැලපේ.. ??

      Delete
    2. ඔන්න හිරු කියපු එකට සඳා උත්තර දීල තියනවා

      Delete
    3. අප්පා.. දැං පියන්ලටත් කම්පියටර් තියෙනවද... එහෙනං අහන්නත් දෙයක්යැ ආණ්ඩුවෙ ඔෆිස් වලින් වැඩක් පලක් කරන්න බෑ කියන එක... කට්ටියම උදේ ඉඳන් ඕකෙ එල්ලිලා ඉන්නවා ඇති.. හි හි

      Delete
    4. ඒ තියෙන්නෙත් නිකං පී සී නෙවෙයි ලැප්

      Delete
  11. ජනාධිපති,ඇමති ලා කොයිතරම් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න උත්සහාගත්තත් බැලුමක හුලං බහිනවා වාගේ බහින්න වැඩි වෙලා යන්නෙත් නැහැ බං හැලපයියේ .

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රතිරූප හා ප්‍රතිරූප වන්දනාව තාවකාලිකයි මනෝජ්,මොන පිළිම හැදුවත් මනුස්සයන්ගේ හිතේ තම පිළිමය ඉදිකරගත්ත අය සැමදා සිහිකරනවා

      Delete
  12. රජවරුන්ටත් වැඩිය ඔය ගාය තියෙන්නෙ ඇම්බැට්ටයින්ටයි..වැසිකිලි දොරවල හිටං හිනාවෙන මූනු අලවන්න බොහොම කැමතියි එයාල. දැන් නං ජනගහනයෙන් කාලක් විතර එයාලනෙ..

    ReplyDelete
    Replies
    1. සරත් ඔය ශ්‍රීමතාණන් ගෙ සමයෙ තමයි හැමතැනම තමන්ගේ පිංතූර අලවන සෙල්ලම පටන්ගත්තේ.

      Delete
  13. කැලැන්ඩර් කතාව අස්සේ ඔබේ මනුස්සකම අපටත් දැනෙනවා හැලප අයියේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්,අර ගෙට්ටුව අපි නැති දවස්වල දාගත්ත එක නං හරි නෑ.

      Delete
    2. මේ වගේ දේවල් අවුරුද්දට 3ක් විතර තියනවා අවස්ථෘව එයි අනිවා ආයි කවද වගේද එන්නේ ලංකාවට

      Delete
    3. ලබන සිංහල අවුරුද්දට එන්නයි හිතං ඉන්නෙ නලින්,හැබැයි අප්‍රේල් අන්තිම වෙනකල් නං ඉන්න විදියක් නැතිවෙයි.

      Delete
  14. හනේ සංසාරේ හැබෑට කැලැන්ඩර් ටිකක් වෙන් එකල එකම ලොකු දෙයක්.මොකද ගොඩක් වෙලාවට ලියුම් විසි වෙන්නේ කුණු බක්කියට නිසා.

    ReplyDelete
    Replies
    1. මම නං මගියො ලියුම් හැම ඒකම කියවන්න පුරුදුවෙලා හිටියා,මගේ කියවීමේ පුරුද්ද ඒකට උදව් වෙන්න ඇති.

      Delete
  15. අතට ලැබුණු පොතපත වාසනාවන්
    මූණ දැම්මනං හෙම නෝසනාවන්
    නොදැමූ නිසානේ මේ කිරි සිනාවන්
    දැයට කැකුළු මේ මතු වාසනාවන්

    මට ඔය කාන්තා දිනෙන් මතක අර බැලුම් වල තෑගී දාලා උඩ ඇරිය සීන් එක විතරයි හලපයියේ , එකත් කාන්තාදිනේද වෙන දවසකද මන්දා

    ReplyDelete
    Replies
    1. උඹගෙ කවියත් අපූරුයි බං,හැබැයි වින්සන්ට් මහත්තය නං හැම පදේම අවසානෙට වාසනාවන් කියලයි දාල තිබ්බේ.
      බැලුන් උද අරින සීන එක මටත් මතකයි මම පොඩ්ඩක් කල්පනා කරල බලන්නං.

      Delete
  16. අනේ ඉතිං හමුදාවේ නෙවේ වෙන මොකක වුනත් ගෙදර නෝනා කියන දේ නාහ කොහොමැයි නේද..??

    ReplyDelete
    Replies
    1. හමුදාවෙ නෙවෙයි මහා රාජෝත්තමය වුනත් ගෙදර නෝනා කියපුදේ ඇහුවෙ නැත්නං තත්වය සෝචනීයයි.

      Delete
  17. හැලප අයියේ 2014 කැලැන්ඩරයක් නැද්ද ?? :-)

    ReplyDelete
    Replies
    1. තව මාස දෙක තුනක් ඉවසපන්කො මල්ලියෙ,මට කැලැන්ඩර හම්බුවෙවිනෙ

      Delete
  18. හැලපේ........වින්සන්ට් පෙරියප්පෙරුම මහත්මයා නම් බොහොම හොඳ කෙනෙක් බව අහලා තියෙනවා. උඹේ මේ සීරිස් එක නැගලා යනවා...මම දන්න කීප දෙනෙක් කියවනවා. උන් රසවිඳිනවා.

    රජිනිකාන්ත් සිගරට් එක උඩදාලා කටින් අල්ල ගන්න කෑල්ල නැගලා ගියා ඒ කාලේ...මචං උඹ බෙන් ෆිල්ම්ස් කියන්නේ බෙනට් රත්නායකගේ ඇතුල්කෝට්ටේ කිට්ටුව තිබුන තැනද?

    ReplyDelete
    Replies
    1. මචං,වින්සන්ට් මහත්තය ගැන කියනවනනං හරිම කණගාටුවක් ඇතිවෙනවා,රසවිඳීමට ස්තූතියි කියපං.
      බෙනා බෙන් ෆිල්ම්ස් එක ඉස්සෙල්ලම පටන්ගත්තෙ බත්තරමුල්ලෙ පන්නිපිටිය පාරෙ නාගහමුල්ල හන්දිය කිට්ටුව ගේක.අපි තමයි පලවෙනි ගෝලයෝ ටික.පස්සෙ කාලෙකදී බෙන් එක බෙනාගෙම තැනක හැදුව ඇතුල්කෝට්ටේ දැන් තියෙන්නෙ ඒ බෙන් එක මම ඒ බෙන් එකේ ඉඳල නෑ.

      Delete
  19. හැලපේ අයියෙ එතකොට ඔය කැලැන්ඩර් ගැහැව්වෙ ගම් උදාව කාලේද?මොකද ඒ දවස්වලනෙ ප්‍රේමදාස මහත්තය රජ වෙලා හිටියෙ..වෙලාවක් තියෙනවනම් ගම් උදාව ගැන පොඩි පොස්ට් එකක් දාන්න..

    ReplyDelete
    Replies
    1. එකක්ද බං එයාගෙ වැඩ,ගම් උදාවත් තිබුනනෙ ඔයා අස්සෙ,ගම් උදාව ගැන වැඩිදුර විස්තර ලියන්න කියල ඉල්ලීම් ගොඩයි ක්‍රමානුකූලව ඒවත් ලියවෙයි.

      Delete
  20. බදුල්ලෙ තිබුන හොඳම ෆිල්ම් හෝල් එක ජෙමිනි, මේකෙ තමා ඒ කාලෙ එන ඔක්කොම දෙමළ ෆිල්ම්ස් පෙන්නන්නෙ.. මේකට 83 ජූලි කලබලවලදි ගිනි තිබ්බා.. ඊට පස්සෙ තමා ඔය රෙක්ස් එකයි ඊට එහා පැත්තෙන් තියෙන කිංග්ස් එකයි නැගලා ආවෙ..

    රැජිණිගෙ ෆිල්ම්ස් බලන්ට ගියාම කොහෙත් ඔහොමයි.. ඉන්දියාවෙ ලංකාවෙ කමක් නෑ කියමුකො, ලන්ඩන් වුනත් ඔච්චර තමා.. ටික කාලෙකට කලින් මම ගියා රැජිණිගෙ එන්දිරන් ෆිල්ම් එක බලන්ට දෙමළ යාළුවො සෙට් එකක් එක්ක.. රැජිණි තිරේට එනකොටම හෝල් එකේ හිටිය සෙට් එක පටන් ගත්තනෙ විසිල් ගහන්නයි, අත්පුඩි ගහන්නයි.. එක විකාරයයි.. :D

    ReplyDelete
    Replies
    1. ඒවගේ පළාතක ඔය දේ වෙන එක ස්වාභාවිකයි බුරා,මතක නැද්ද අපේ පළාත්වලත් ගාමිණී ඉන්න ෂෝ එකක් අලුතෙන් දාද්දි කෑ ගැහිල්ලයි විසිල් ගැහිල්ලයි.
      ඉන්දියාවෙ නං ඉතිං ගන්නම දෙයක් නෑ අලි ඇත්තු සරසගෙන හෝල් වලට එන්නෙ අලුතෙන් ෆිල්ම් දාපුවම.

      Delete
  21. dannam oya kalandar pissuwa wadiya na needa.

    ReplyDelete
    Replies
    1. කැලැන්ඩර පිස්සුව දැන් එච්චර තදේට නෑ තාරක මේ ඉතිං ඩිජිටල් යුගයනේ.අපේ කාලෙ තමා හොඳම කැලැන්ඩර් පිස්සුව තිබ්බේ.

      Delete
  22. කැලැන්ඩර් වලින් ලොකු සල්ලිකාරියෝ වෙන ගෑණු දැරිවියෝ ඉන්නේ,,එයාලා මේ ටිකේ බරටම වැඩ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඩිලාන්,මේ දවස්වල දැරිවියෝ අත පුරා ගානක් හොයා ගන්නව තමයි.

      Delete
  23. ඔය කැලැන්ඩර් වල දින බලන්ට මැග්නිෆයින් ග්ලාස් එකක් ඕන. මූණත්තහඩුව කැලැන්ඩරයෙන් එකයි..ඉලක්කං කූඹි වගේ!
    මංනම් ආසම පරණ ඉට්ටයිල් එකේ දින කඩන කැලැන්ඩරේට..ඉලක්කමත් ලොකුයි..ඕන පොට්ටයෙකුට හොඳට පේනවා. :-)

    ReplyDelete
    Replies
    1. මමත් කැමති ඔය පරණ දින කඩන කැලැන්ඩරේට තමා,දැන් නං ඒවා ඇහැට දකින්නවත් නෑනෙ

      Delete
  24. අපේ ඔෆිස් එකෙත් පහුගිය දවස් වල ලබන අවුරුද්දේ කැලැන්ඩරේට පින්තූට තේරුවා... වැඩේ ලේසි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද තුශානි,වැඩේ කරලම බලන්න ඕන අමාරුව තේරෙන්න,
      පින්තූරෙට ඉන්න ඔයාවත් තෝරගත්තද

      Delete
  25. බෙදාහැරීමේ කළමනාකරු අව්රුද්ද අන්තිම වෙනකොට "කැලැන්ඩර් බෙදාහැරීමේ කලමානාකරු...... වරදක් නෑ පොස්ට් එක ....... අනික මොකද අප්පා ප්‍රේමදාසට ඔච්චරම අකමැති ???

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලංකාවෙ කිසිම මනුස්සයෙකුට ප්‍රේමදාස මහත්තයව පෙන්නන්න බැරි අප්‍රසාදයක් තිබ්බේ මගේ ඊළඟ කතාවෙන් ඒක විස්තර කරන්නං

      Delete
  26. //ඔහු අපට යවහන් දොස් නැති අපූරු කවියක් හදල දුන්නා//

    මාර කවිය නේද? :-)

    ReplyDelete
    Replies
    1. කොයි කවියද රාජ් ඉවාන් ලියපු එකද

      Delete
  27. කැලන්ඩර් වලටත් එතුමගේ මුණ දාන්න දගලපු එක කියද්දි මතක් උනේ කාලයක් රුපියලේ කාසියටත් ඔය වින්නැහිය උනානේ පසු කාලෙදි රුපියලත් පා උනේ ඔය මුණ නිසාද මන්දා හි...හි...හි.... මාමේ වෙලාවක් ලැබුනොත් ගම් උදාව ගැන කතා ටිකක් ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. රුපියලේ කාසියටත් ඔය මනුස්සය මූණ දාගෙන තිබුනා නේන්නං,ගම උදාව ගැන කතාවක් මම දැනටත් ලියලයි තියෙන්නෙ ඉස්සරහට තව ලියන්නං මේකත් කියවන්නකො
      http://helapakade.blogspot.com/2013_07_01_archive.html

      Delete
  28. රජ්‍යසේවෙ සතුටින් කරන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් කෙනෙකුට නේද

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් කලාතුරකින් ලැබෙන වාසනාව අපිත් කාලයක් භුක්තිවින්දා

      Delete
  29. පේනවනෙ අපේ පැත්තෙ විදුහල්පතිවරුත් ලේසියෙන් ගේම අත අරින්නෙ නෑ...අපි ඉස්සර දෙක /තුන පන්ති වල අකුරු ලියපු පොත් වලත් ප්‍රේමදාස ජනාධිපතිගෙ කවි තිබ්බා...ඒවත් එතකොට අනුන් ලියපු ඒවද ?

    ReplyDelete
    Replies
    1. ජනාධිපති කවි ලිව්වා කියනව එයාට ලියල දුන්න කියනව ඔව්ව් කොහොම උනාද නං දන්නෙ නෑ සිරෝ හැබැයි ඒ කතාවලත් මොකක් නමුත් ඇත්තකුත් තියෙන්න ඇති නේද

      Delete
  30. කැලැන්ඩර් ඉල්ලන සමහරු එව්ව ඇත්තටම ගහනව. මම ඉස්සර ලංකාවෙ දුෂ්කර කියන ඔය ඇඹිලිපිටිය පදවිය වගේ පැතිවල ගියාම දැකපු දෙයක් තමයි ඒ අය ගෙවල්වල බිත්ති පිරෙන්න නොයෙක් අළුත් පරන කැලැන්ඩර් ගහල, අර බිත්ති වල කටු මැටි, බ්ලොක් ගල් කැත වැහෙන්න.

    කොච්චර කම්පියුටර් තිබ්බත් මේසෙ උඩ තීන කැලැන්ඩරෙන් තමයි මම තාම දිනේ බලන්නෙ.

    මාතලන් කිව්වට ටයර් කැලැන්ඩර් ලසනයි කියල ඊට වඩ මරු අරක්කු බියර් එව්ව. ඒ කාලෙ කම්පීතර් නැති අපට දිනේ බලන්න එව්වත් පිහිට උනා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉන්දික ගෙවල්වල කැලැන්ඩර් ගහල තියෙනව බලන්න ඕනනං ඔන්න ඔය දුෂ්කර පළාත්වලට ගිහිං බලන්න ඕනෑ.දවසෙම කොම්පියුටරේට එබීගෙන හිටියත් දිනයක් බලාගන්න බිත්තියෙ ගහල තියෙන කැලැන්ඩරේ බැලෙනවා,ඒ ජීවිත කාලෙක පුරුද්ද.
      ටයර් කැලැන්ඩරත් අරක්කු බියර් කැලැන්ඩරත් දෙකම ලස්සන වෙන්න ඕනෑමයි,ඒ දෙගොල්ලන්ටම හොඳට කාසි තියෙන නිසා.

      Delete
  31. අපිත් ඉස්සර කැලැන්ඩර් ගැහුවා. පස්සේ වැඩේ අත් ඇරලා දැම්මා, සල්ලි වියදම් කරලා මිනිස්සු තරහ කරගන්න ඕන නැති හින්දා.
    ඕව බෙදනකොට සැහෙන ප්‍රශ්ණ. ඔන්න එකෙක් එනවා. උන්ගේ ගෙදරට අල්ලපු ගෙදර එකාට දීපු කැලැන්ඩර් එක උගේ එකට වඩා ලස්සනලු. උට ඒ වගේ එකක් ඕනලු. ආයි ඉතින් දීපු එක ඉල්ලන්න පුලුවනෑ. ඔන්න ඉතින් පොරට ඒකෙනුත් එකෙක් දීලා යැව්වා කියමුකෝ. ඔන්න ඊළඟ දවසේ අනිත් එකා එනවා. "අරයට කැලැන්ඩර් දෙකක් දීලා. මට එකයි." ඔය වගේ ප්‍රශ්ණ කෝටියයි. කැලැන්ඩර් ටික ඉවර උනාම මිස් උනා එවුං වෙනම තරහ වෙලා කියන්නෙවත් නැතුව. සමහර උන්ට බිත්ති 4ට කැලැන්ඩර් 4ක් ඕන. වැඩේ අල්ලලා දැම්මා. දැන් කිසි කරදරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං,අන්තිමට වෙන්නේ සල්ලි වියදං කරලා යාලුවොත් තරහ කරගන්න එකයි.ඕකට කියන්නෙ අතේ සල්ලි දීල පුකේ ටිංකිරි ගාගන්නව කියල නේද.
      ඒක නෙවෙයි උඹ කැලැන්ඩර් ගැහුවෙ පින්තූරෙට උකුස්සෙක් දාලද,ළඟ තියනවනං එකක් මටත් එවහන්කො අපේ පුතා කුරුල්ලන්ට හරි ආසයි විශේෂයෙන් උකුස්සන්ට.

      Delete
  32. පුදුමේ කියන්නේ මේක කියවා කියවා ඉද්දි මට කැලැන්ඩරයක් හම්බුනා 2014 ට. ඒකේ තියෙන්නේ පොඩි උන්ගේ චිත්‍ර ගොඩක් . හරිම සරලයි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න තිලකේ පෝස්ටුව කියවීමේ ආනුභාව,එතනදීම පින පලදුන්නනෙ.
      කොහොමත් කුඩා දරුවන්ගෙ චිත්‍ර බොහොම සිත් ඇදගන්නා සුළුයි.

      Delete
  33. හැලපයියේ ප්‍රේමදාස මහත්තයා ඔය කියන තරම්ම නරකද? ඒකද මන්දා සුනාමිය ඇවිල්ලා මාසයක් යනකනුත් ගාල්ලේ පෙරලිච්ච බස් තියෙද්දි සිරසෙන් පාරදිගට බෝඩ් ගැහව්වේ මුහුණත්තහඩුව දාලා ප්‍රේමදාස ජනතාවගේ ජනාධිපති කියලා..අනෙ ඔබ සිටියා නම් කියලා.
    පාර යද්දි දවල්ට පත්තුවෙන ලයිට්, කැඩිච්ච වතුර බට ගැන අහලා ලියුම් යවපු ජනාධිපති වරු හිටියාද,
    පුංචිම ළමයෙකුට වුනත් තමන්ව හමුවෙන්න කාගේවක් අවසර නැතිව අවස්ථාව දැන් ඉන්න අයඅ දුන්නාද,
    අද අයිතිකාරයො හිටියාට මිවිහාම තම්ය පාසල් නිල ඇඳුම දුන්නේත රු 3.00 දිවාආහාරය නමට හරි දුන්නේ. හැමෝම එක වගේ නැහැ. දැන් ඉන්න අධ්‍යාපන ඇමතියා ගාමන්ට් 200ක් නැහැ කියලා ඔට්ටුත් ඇල්ලවා ඒ කාලේ. නමුත් කරපු සේවය ගැන කවුරුත් කථා කරන්නේ නැහැ.
    මිනිහා මළ දවසේ අපේ අම්මා කිව්වා රාවයටයි, යුක්තියටයි දැන් වෙන රස්සාවයක් හොයාගන්න වේවි කියලා කරන්න.
    ඇත්තටම මිනිමා ලංකාවට පවතින වැඩක් නරලාම නැද්ද?
    udara9jayasinghe@yahoo.com

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය ඉතාම සාධාරණයි ඉතාම වැදගත්,මෙහෙමයි උදාර,හැම දෙයක්ම සාපේක්ෂයි,මම මේ ලියපු ලිපිවලින් පැහැදිලි වුණේ එදා ප්‍රේමදාස මහතාට පොදු ජනතාවගේ තිබූ අප්‍රසාදයයි,පුද්ගලිකව මා ගැන කිව්ව නං මට ප්‍රේමදාස මහතාගේ පාලන කාලය හරිම හොඳයි අපිට රට වටේ යන්න ලැබුනා අත පුරා මුදල් ලැබුනා හොඳ රසවත් කෑම බීම ලැබුනා කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ ගෙදරටත් සලකගෙන අපි සතුටින් හිටියා,

      නමුත් පොදුජන මතය වුණේ එය නොවෙයි අපි ඒ දේ පිළිගත යුතුයි.මම සාපේක්ෂයි කිව්වෙ පසුකාලීනව ඇතිවුණු නායකයන් ගැන සලකලා එදා ජනතාවට ප්‍රේමදාස මහත්තයට පස්සෙ හිටපු නායකයන් ගැන දැනීමක් තියෙන්න ක්‍රමයක් නෑනෙ ඔවුන් දන්නා විදියට විරුද්ධකම් පෑවා.
      දැන් ඔබ තර්ක කරලා තියෙන්නෙ පසුකාලීනව ඇතිවෙච්ච නායකත්වයන්ටත් සාපේක්ෂවයි.ඒ නායකයන් එක්ක සංසන්දනය කරලා බලපුවම ප්‍රේමදාස මැතිතුමා රත්තරං නායකයෙක්.

      මා ලියූ දේ වරදවා වටහා ගන්න එපා උදාර,මෙතැනදී මම වාර්තාකරුවෙක් පමණයි.මා දැකපු පෙනුණු මට වැටහුණු දේ මම ලියල තිබ්බා.ප්‍රේමදාස මැතිතුමා ගැන හෝ වෙනත් නායකයෙක් ගැන මගේ හිතේ ඇති අදහස් මගේ ලිපිවලින් පිළිබිඹු වන්නේ නෑ.

      Delete
  34. මටත් පහු කාලෙක කියවන්න හම්බවුනා...ප්‍රේමදාස මහත්ත්ය ලිව්වයි කියන..නව කථාවක් ඒහෙන් මෙහෙන් ආරංචි වුනා මේකත්...ඔය කියන ජාතියෙ අනුන්ගෙ එකක් කියල...රජිනි කාන්තගේ 8ිල්ම් විතරක් නෙමේ හැලපෙ අයියට මතක නම් ගාමිණි 8ාන්සේකාගෙ චණ්ඩිය චිත්තර පටිය එහෙම යන කාලෙ..හෝල් එකේ විසිල් ගොඩයිලු..ගහපං ගාමිණි..ගහපං කියල කෑ ගහනවලු...අපේ සිනමාවට එහෙම කාලෙකුත් තිබුණ

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තය නවකතා කවි සිංදු ආදිය ලිව්වා, ඔව්ව ගැන නොයෙකුත් කතා රට්ටු කිව්ව ඇත්ත බොරුව මම නං දන්නෙ නෑ.
      චණ්ඩියා පමණක් නෙවෙයි ගාමිණී ගහගන්න හැම ෆිල්ම් එකකම ඔය වගේ තමයි,දැන් බලනකොට ඒක විහිළුවක් වගේ පෙනුනට ඒ කාලෙ ෆිල්ම් බලාපු අය සාක්කි කියයි.
      චණ්ඩියා පෙන්නද්දී අපිත් පොඩි ළමයි ජෙමාල ඒ කාලෙ ආගිය අතක් නෑ.

      Delete
  35. ඔන්න කම්මැලි නැතුව කියෝලා දැම්ම . ලොක්ක මහා වාතයක් වෙන්න ඇති නේද වැඩ කරන්න ගියහම. අපේ දිහා නම් කැලැන්ඩර හිගයක තිබ්බේ නැහැ කවදාවත්,තාත්ත මුද්‍රණ අංශයේ නිසා ඩයරි , කැලැන්ඩර මග දිගේ බෙදා බෙදා එන්නේ . අනික අපේ දිහා වැඩිය කලන්දර එල්ලන්නත් අක්කයි මමයි අකමැති වුනා . හැබැයි සමහර ගෙවල් වල පිස්සුවක් වගේ .

    ඔය පින්තුරේ අවුල ගැන කීවාම මට මතක් වුනේ. ඉස්කෝලේ කාලේ පත්‍රිකාවකට මහගමසේකරගේ පින්තුරයක් ඇන්දා .නමුත් ගුරුතුමිය එය වෙනස් කරන්න කිවා . අවසරයක් නැතුව එහෙම යොදා ගන්න බැහැ කියල ..එදා උගත් පාඩම මා දාටත් පිළිපදිනවා .
    ඒ එක්ක බැලුවම අපේ අවුරුදු හතේ කෙල්ල දන්නවනේ කොපි රයිට්ස් අර රයිට්ස් මේ රයිට්ස් ඔක්කොම .
    බදුල්ලට පොල් පැල ..හ්ම්...

    අන්තර්ජාලය නොතිබුණ ඒ කාලයේ දෙසතිය වගේ සඟරා අපිට බොහොම අගේ වුන බව නම් කියන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. බින්දිව ආදරයෙන් පිලිගන්නවා,එහෙනං කම්මැලි කමටයි කියවල නැත්තෙ නේද,
      දැන් දරුවො අපේ කාලෙ වගේ නෙවෙයි බොහොම ඉස්සරහින් ඉන්නෙ බින්දී.

      Delete

ඔබේ අදහස්