Wednesday, October 30, 2013

99.වේලන්කන්නි සංචාරය නළ දරුවෝ සහ තවත් කතා (අවසාන කොටස)




 
අපි හිටියෙ තන්ජාවූර් වල බෝස්ගේ හෝටලේ නේද,එතනින් හැරිල මහාබලිපූරම් ගියානෙ, ආපහු තන්ජාවූර් යමු...

දවල් කෑම සූදානම් වෙනතුරු බෝස් අපට ඉන්න කාමර,නාන්න පහසුකම් සහ කෑමට පෙර ගන්න ජාතිත් සූදානම් කරල දුන්නා...කාවේරි ගඟ අයිනෙ සීත සුළං රැළි වල පහස විඳිමින් හට් එකක් යට වාඩිවෙලා අපි බීර බොමින් ඉද්දි බෝස් අපිත් එක්ක සතුටු සාමීචියෙ යෙදුනා...

ජයටම තිබුණු දිවා භෝජනයෙන් පස්සෙ ටිකක් වෙලා කැරම් ගගහ හිටපු  අපි ඊළඟට සූදානම් වුණේ රෑ කෝච්චිය අල්ලගන්න තන්ජාවූර් දුම්රිය පොළට යන්නටයි...

රෑට කෑම කොහොමද...

බෝස් ඇවිත් ඇහුවා...

ටවුන් එකේ කඩේකින් පාර්සල් කරගන්නව,නැත්නං කෝච්චියෙනුත් ඕඩර් කරන්න පුලුවන්නෙ...

නෑ ඕනැ නෑ මම කට්ටියට කෑම පාර්සල් ටිකක් ලෑස්ති කරල දෙන්නං...

අපි බෝස්ගෙන් සමුඅරන් හෝටලේම වාහනයකින් තන්ජාවූර් නගරයට ආවා...එදා හවස හයහමාරට තිබුණු  චෙන්නායි රාත්‍රී දුම්රියෙන් ඇවිත් අපි ටී නගර්වලින් බැහැල ගෙවල් බලා යද්දී පාන්දර පහමාර විතර වුණා...

මේ දවස් වෙද්දී වරුණිට දරුව ලැබෙන දිනස්තරත් ලං වෙමින් පැවතුණා...ඒ නිසා අපිත් නිතරම පාහේ වරුණිව බලන්නට ගියා...

වරුණි හිටපු ගෙවල් හරියෙ ඒ දවස්වලම පිලිපීන් රෙස්ටුරන්ට් එකකුත් විවෘත කරල තිබුණා හවස් වෙද්දී ඒ රෙස්ටුරන්ට් එකෙන් කෑම ගන්න පිලිපීන් අය ගොඩක් එකතුවෙනවා...

රෙස්ටුරන්ට් එක විවෘත කලාට සමගාමීවම ඒ පාරෙ රස්තියාදු ගහමින් හිටපු බලු රංචුවේ ගණන ශීග්‍රයෙන් අඩුවෙන්නට පටන් ගත්තා...මුලදී විස්සක් විසිපහක් හිටපු බලු රංචුව ඊළඟ සතියෙ බලනකොට පහළොවකට විතර අඩුවෙලා...මම මේ වැඩේ නිරීක්ෂණය කරල දවසක්දා ඔය පාරෙන් යද්දී බිරිඳටත් කිව්වා...

අනේ ඇත්තම තමයි බල්ලො ටිකට මක්වුනාද...

අන්න අතනින් ඇහුවනං හරියටම දැනගන්න තිබුණා...

මම රෙස්ටුරන්ට් එක බිරිඳට පෙන්නුවා... 

සපිරූ සත් මස් ඇවෑමෙන් වරුණිගෙ දරුවව සීසර් කරල අරගත්තා, ටියුබ් බබ්බු එහෙම තමයි හත් මාසෙන් ගන්නව...ඊටත් මාස දෙකකට විතර පස්සෙ වරුණි රාමනායකත් එක්ක දරුවත් අරං ලංකාවට යන්න සූදානම් වුණා...

ලංකාවට යන්න ඉස්සෙල්ල චෙන්නායි වලදී ඔවුන්ට උදව් කරපු ඔක්කොටොම ආරාධනා කරල වරුණිල හිටපු ගෙදර ලොකු සාදයක් පැවැත්තුවා...

එදා රෑ අපි සාදයට යද්දී වරුණිත් රාමනායකත් දරුවත් වඩාගෙන අපිව පිළිගත්තෙ උතුරායන ප්‍රීතියෙන් යුතුවයි...

ෂෝක් පැටිය නේද අනේ, මම ඔය ටියුබ් බබෙක් දැක්කමයි...

බිරිඳ මගෙත් එක්ක කිව්වා...උන්දැත් කොහෙ හරි පොඩි එකෙක් දැක්කොත් හෙම මැරෙන්න හදනවනෙ...

ෂෝක් නැතිවෙයියැ...ලක්ෂ පහළොවක් විස්සක් වටින දරුවෙක්නෙ...

මමත් බිරිඳට කිව්වා...

ඒ දෙන්න රටක් රාජ්ජයක් හිමිවුණා වගේ සතුටින් දරුවත් අරගෙන ලංකාවට යනකොට තමන්ට උවමනාවක් නැති වෙලාවක  බඩට ආපු දරුවෙක් කිසිම වියදමක් නැතුව රජයේ ඉස්පිරිතාලෙකදී බිහිකරපු තනුජා දරුවත් තුරුල් කරගෙන තනියම  ඉස්පිරිතාලෙන් එළියට බැස්සෙ හදවත පැලෙන තරමේ වේදනාවකින් මිරිකෙමිනුයි ...

ඇයගෙ ඇස්වලින් රූරා හැලෙන කඳුළු දහරා වලින් සේදීයන මේ මොහොත ඇගේ පසෙකින් දරුවගෙ පියාත් හිටියා නං මොනතරම් අසිරිමත් මොහොතක් වේවිද...

දරුවට අන්දගෙන යන්න ඇඳුමක් ගන්නවත් තනුජ ළඟ සල්ලි තිබුනෙ නෑ අයියෙ අපියි  ඒකටත් උදව් කළේ...

ලසිතා පස්සෙ දවසක මාත් එක්ක කිව්වා...තනුජ ඒ දවස්වලම කෝච්චියට එන එක නැවැත්තුවට පස්සෙ අපට ඇය ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබුනෙ නෑ...ඊටත් අවුරුදු ගණනකට පස්සෙයි මට ලසිතව මුණගැහුනේ...

ඒ 2007 අවුරුද්ද වගේ මට මතකයි,කොහෙහරි රටක ඉඳල මම ලංකාවට ආපුදාට පහුවදාම ලසිතා මට කතාකළා...මොකද ඇයගේ දුව ගෙටවෙලා මංගල්ලෙ පස්සෙ දවසෙ ඒක කියන්නයි...කට්ටියට අරාධනා කරද්දී මමත් ඇවිදින් ඉන්නබව ඇයට දැනගන්නට ලැබිල තියෙනව...

මෙහෙම ආරාධනා කලාට තරහවෙන්න එපා හෙට තුන්දෙනාම අපේ ගෙදර එන්න ඔයාල ඇවිත් කියල දැනගත්තෙ අදයි ...

ආරාධනාව අනුව අපිත් පහුවදා ලසිතලගේ ගෙදර ගියාම දන්න කරන ඔක්කොම වගේ අය ඇවිත් හිටියා...අපි කතාබහ කරමින් ඉද්දි තනුජා ගැනත් කතාව ඇදිල ගියා...තනුජට වෙච්චි දේවල් ගැන බොහෝ විස්තර ලසිතා එදා මාත් එක්ක කිව්වා...සාද තෙපුල් සතුටු සිනාවෙන් මුළු ගෙදරම පිරී ඉතිරී යද්දී තනුජාගේ ඉරණම දැනගත්ත මගේ හිත සෝකයෙන් බරවෙලා තිබුණා...

ආසාවෙන් පැතූ සිහින ලෝකෙ බිඳවැටිල තමන්ගෙ මුළු ජීවිතයම ආපහු ගොඩනගන්න බැරි තරමටම කඩාගෙන වැටිලා පොඩි දරුවෙක් එක්ක තනිවුනත් තනුජා දිරියෙන් ජීවිතේට මූණ දුන්නා...ඇය කොහොමහරි දරුවව තරමකට ලොකුමහත් කරගෙන පස්සෙදී දරුව ඥාතියෙක් ළඟ නවත්තල පිටරට රස්සාවක් හොයාගෙන ගියා...රට රස්සාවෙන් තනුජගෙ අතමිට සරුවෙද්දී එදා අහක බලපු නෑදෑයෝ ඔක්කොටොම ඇයව ඕනෑවුණා...

දැන්නං තනුජගෙ පුතා ගොඩක් උස්මහත් වුනු තරුණයෙක් වෙන්න ඇති...

ඉතිං ඔන්න ඔය ආකාරයට වරුණිගෙත් තනුජගෙත් කතාව අවසන් වෙනවා...තනුජව මම එදා ඉඳල අදවෙනතුරුම ඇහැට දැක්කෙ නෑ...වරුණිව නං නිතරම කොටුවෙදි මුණගැහෙනව කියල බිරිඳ මගෙත් එක්ක කිව්ව... වරුණිගෙ පුතා දැන් ආනන්දෙට යන ශිෂ්‍යයෙක්ලු...

මට හරි වැඩක් උනානේ අයියෙ...

ලසිත මාත් එක්ක කිව්වෙ හිනාවෙවී...ලසිතලත් එක්කම වැඩකරපු යාලුවෙක් හිටියා ඇයට අපි චමරි කියමු...චමරි හැමදාම ගම්පහින් කෝච්චියට ගොඩවෙලා ලසිතලත් එක්කම කොළඹ ගියා...දවසක්දා ලසිත උවමනාවකට මීගමු ගිහිං ගෙදර එන්න බස්නැවතුමට ඇවිත් ඉද්දි චමරිත් ස්ටෑන්ඩ් එකට ආවලු ඇයගේ අතේ පොඩි දුව,කරේ විශාල  බෑග් දෙකක්...

අනේ චමරි ඔයාට බෑග් දෙකම උස්සගෙන ඉන්න අමාරුයි නේද දෙන්න මට එකක්...

ලසිතා චමරිගේ කරේ තිබ්බ බෑග් එකක් අතට ගත්තා...ඔන්න ඔය වෙලාවේදී චමරිගේ අතේ හිටපු පොඩි කෙල්ල කට ඇරියා...

ඈ...මොකද බොල බාක් එක ගත්තෙ, දීපිය උත්ති අපේ බාක් එක...

කෙල්ල අම්මගෙ අතේ ඉඳන් හුරතල් හඬින් කියාසිටියා...

දෙනෝ දාහක් මැද විළි ලැජ්ජාවෙ මගෙ ඉහේ උකුණෝ බිමට පැන්න අයියෙ...

එදා මඟුල් ගේ ඉවරවෙලා ලසිතලගෙ ගෙදර ඉඳන් මීරිගමට එද්දී මගෙ හිත අතීතයට ගමන් කළා...දංඕවිට ඉඳන් මීරිගමට යන පාර එකම පාරාදීසයක් වගේ ලස්සනයි.. පාර දෙපැත්තෙ තියෙන වෙල් එළි, නෙලුම් මල් ඕලු මල් පිපුණු වලවල් පොකුණු, රක්ෂිත කැලෑව මැදින් යනකොට ඉර එළියක් වැටෙන්නෙ නෑ දෙපැත්තෙන්ම මහ කැලෙන් වැහිල සීතලම සීතලයි...ඉස්සර කාලෙ ඒ කියන්නෙ ඊට අවුරුදු බර ගණනකට කලින් මම අපේ අම්මලාගේ ගමේ හිටපු කාලෙට මගේ හිත දිව  ගියා ...
 
මීරිගම ඉඳන් හැතැප්ම දහයකට විතර දුරින් තියෙන බෝතලේ කියන සුන්දර ගම තමා අපේ අම්මලගෙ ගම,කඳු වළල්ලකින් වටේටම වටවෙලා තියෙන බෝතල් අඩියක හැඩහුරුකම ඇති බෝතලේ ගමට ඉර එළිය වැටෙනකොට බලන්න ලස්සනයි...ඉස්සෙල්ලම කන්දට ඉර එළිය වැටිලා ඊට පස්සෙ මාගලක් දිග ඇරෙන්නැහේ එළිය පහළට ගලාගෙන එන හැටි පොඩි කාලෙ මම බලාගෙන ඉන්නව...මෑතකදිත් මම හදිස්සියෙ  බෝතලේ මළගෙදරකට ගිය වෙලාවෙත් ඔය ඉර එළිය වැටෙන හැඩ බලාගෙන හිටියා දැනුත් ඒ විදියමයි අබමල් රේණුවක වෙනසක් වෙලා නෑ, ඒත් ගමත් මිනිස්සුත් මොන තරං වෙනස් වෙලාද...

එච්චර පොඩි වයසකදී මාව ගෙදරින් පිට ගෙනිහින් නවත්තන්න හේතුභූතවුනේ අපේ අම්ම අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තන්න වෙච්චි නිසාලු..ඒ දවස්වල මාව බලා හදා ගත්තෙ අපේ අම්මගෙ බාලම නංගි චූටි පුංචි අම්මා...

මේ ලඟදි මම ගෙදර ගිය වෙලාවෙ පුංචි  අම්මත් අපේ ගෙදර ආවා ඇයත් එක්ක මම ඔය පරණ කතා කියමින් ඉද්දි ඒ දවස්වල මාව ඉස්කෝලෙ එක්කං ගිය හැටි ගැනත් අපූරු විස්තරයක් ඇය මට කිව්වා...බෝතලේ ඉස්කෝලෙ තියෙන්නෙ අපේ අම්මලගෙ මහ ගෙට ඉස්සරහ  තියෙන වෙළෙන් එහා පැත්තෙ,ඔය පොඩිම කාලෙත් මාව ඉස්කෝලෙට යවල තියෙනව...අපරාදෙ කියන්න බෑ ඒ කාලෙත් මම බලන්නෙ කොහොමහරි ඉස්කෝලෙ නොගිහිං ඉන්නලු, මොනවා හරි අමාරුවක් කියල ආපහු එන්නම හදනවලු...

දවසක්දා උදේ මම මගක් ගිහිං යන්න බෑ කියල පොත් ටිකත් පැත්තක තියල වෙලේ නියරෙ ඉඳගෙන ඉන්නවලු, පුංචි අම්මත් පැත්තකට වෙලා මාව නැගිට්ටවන්න උත්සාහ කරනව,ඔන්න ඔය වෙලාවෙ නියර දිගේ මනුස්සයෙක් ආවලු මාව දැකල මොකද කියල අහපුවම පුංචි අම්ම විස්තරේ කියල තියෙනව...

මේ ඉන්නෙ බොහොම හොඳ  අනාගතයක් තියෙන ළමයෙක්...

එහෙම කියල ඒ මනුස්සය යන්න ගියාලු...කවදාවත් දැකල නැති ඒ මනුස්සය ඊට පස්සෙදිවත් ආපහු දකින්න ලැබුනේ නෑ කියල පුංචි අම්ම මාත් එක්ක කිව්වා... 

ඔයවගේ තව කතා ටිකක් කියන්නකො පුංචි අම්මෙ මට ඔව්ව ලියන්න පුළුවනි...

ඒ කාලෙ මට දීපු වදේ නං ලියල තියන්නම වටිනව...මොනවද ඉතිං ඒ සන්දියෙ වැඩේම මිදුලෙ අලි අඳින එකනෙ...

දංඕවිටට යන ගුරු පාර තියෙන්නෙ අම්මලගෙ මහ ගෙට  උඩ පැත්තෙන්  ඔය පාරෙ හරියට අලි යනවා...අලි කිව්වෙ මේ එක එක වැඩවලට ගෙනියන හීලෑ අලි, වල් අලි නෙවෙයි...

දවසක්දා සියදෝරිස් කියන මනුස්සය උදේ පාන්දරම දුර බැහැරක වැඩකට යන්න පාරට බැස්ස...ටික දුරයි යන්න හම්බවුනේ මිනිහට සීනු නාදයක් ඇහෙන්න ගත්තා,සීනු නාදය ටික ටික ලංවෙමින් ඇහෙනකොට සුදු ඇඳගෙන සුදු ජටාවක් ඉහේ බැඳගත්තු කෙනෙක් අඩි හයක් හතක් විතර උඩින් එනහැටි සියදෝරිස්ට පෙනුනා...

බුදු අම්මෝ දෙයියො වඩිනවා...බයවෙච්චි පාර සියදෝරිස්ට ඇඳන් හිටපු සරමෙම මුත්‍රා පහවුනා...කකුල් දිගේ මූත්‍රා බේරෙද්දි  එහෙම්මම පාර අයිනෙ කාණුවට බැහැපු සියදෝරිස් දනගහගෙන වෙව්ලමින් දෝත් මුදුන් දී වැඳගෙන ඉන්නව...

උඩින් එන සුදු රූපය දැන් හොඳටම ලඟයි,සීනු නාදයත් තදින්ම ඇහෙනව ඊට ටිකකට පස්සෙ සියදෝරිස් දෙයියන්ව ඇස් පුරා හොඳහැටි දැකගත්තා...

 තුහ් විතරක්  යන්න ගිය ගමනත් ඉවරයි, මේ වේසිගෙ පුතාටනෙ යකෝ  මං  රැවටුනේ...චික්‌ අම්මප...

ලී මෝලෙ අලි බාස් පාන්දරම අලියත් අරගෙන කොහෙද වැඩකට යනව 

කරුවලේ කලුපාට අලියව පේන්නෙ නෑනෙ,සීනු නාදෙට  ඇහුනෙ අලියගෙ දම්වැල් හෙල්ලෙන සද්දෙ,දෙයියො තමා සුදු බැනියමකුයි සරමකුයි ඇඳගෙන අලියගෙ පිට උඩ ආපු අලි බාස්...

අලි බාස්ට බලු බැණුම් බැන බැන සියදෝරිස් ගෙදර ගියා...

සමාප්තයි.


71 comments:

  1. උඹ තනුජගෙයි වරුණිගෙයි කතාවල් එකට සම්බන්ධ කරපු හැටි නම් නියමයි. මම මේ කතාව ලිව්වා නම් මම ඒ කතා දෙක විතරක් අරගෙන පාරවල් දෙකකින් ඇවිත් අන්තිමට ඔතනින් සම්බන්ධ කරලා නවත්තනවා.

    ReplyDelete
    Replies
    1. හරි මචං ඒ කියන්නෙ උඹ තනුජවයි වරුණිවයි අරං කෙලින්ම එතෙන්ට එනව,මම වටේ තල තලා එතනටම එනව එහෙම නේද,කොහොමහරි දැන් උඹ හිතපු විදියටම වැඩේ කෙරිල තියෙනවනෙ දැන් සතුටුයි නේද.

      Delete
    2. හෙන්රි අයියේ ....................හැලපයියගේ කතාවල මට නං පළවෙනි දවසෙම ඉදලා පෙනුනේ , හැමෝම කැමති අර දයාවති ටයිෆ් එකට යටින් දුහන සමාජ යථාර්තයේ කතන්දරය , ඉස්සෙල්ලම මේ වංඩුආප්පේ මම දැක්කේ හොදට අනුමත වෙලා ඉන්න වෙලාවක , එක හුස්මට කියවලා ඉවරකරනකොට ආයේ අනුමත වෙන තැනට මගේ චුන් එක මයිනස් වෙලා තිබ්බා . අයේ ඉතින් ලොවෙත් නැනේ පහුවදා උදේද කොහෙද මං බට කැලේට ගිනිතිබිබා ,

      වැඩට ගිහින්එන ටිකට කට්ටිය පොට් එකට බැහැලා

      හිතහන් හෙන්රි අයියේ බ්ලොග් කියලා බඩ කඩුත්තුවක් තිබ්බේ නැත්තං මේ යකා අර ඇදං දාපු පුස්ථකාලේ අස්සෙම ලෝකෙට හොරා මැරිලා යනවා ,

      අනේ උඹලා හය දෙනාම තරහා වෙයිද මන්දා මේකට ( හය දෙනාම මගේ වැඩිහිටියොනේ )

      මම දැන් ඇවිල්ලා ඉන්න නිගමනය

      බොක්ක හොද අවංක සාර්ථක මිනිස්සු

      හිත ඇතුලේ තියන දේ , පිටට පේන දේ , කරන කියන දේ , මුහුනෙන් පෙන්නේ නැ , තේරුම් ගන්න බැරි බාහිර පෙනුමක් මම නං දැක්කා උඹලා හයදෙනාගෙන්ම ,

      නලින් අයියා
      හෙන්රි අයියා
      සරත් අයියා
      හැලප අයියා
      සුදීක අයියා
      විචාරක අයියා ( දැකලා නෑ )

      අම්මේ ගුටි කන්ඩයි වෙන්නේ ඔය සෙට් එක අස්සට නැන්දම්මෙකුත් ඉන්නවා ............., ඔව්............... ඔව් ...........ඒකිතමා ................හිරු ,..............( දැකලා නැ )

      තව එකියෙක් ඉන්නවා අවල් එක තියාන අහවල් එකෙන් නොකෙලින , කියනවද නොකියනවද කියලා හිත හිත ඉන්නේ , වෙන කවුරුත් නෙමෙයි ( ඔව් ඔව් ඒ පිස්සු හටන තමා ) අපුර්වී ඔමායා.

      තව දහයක විතර ඉන්නවා

      අයියෝ ලියන්ඩ හදපු දේත් අවුල් උනා ....... මට ඇත්තටම පිස්සුද මන්දා

      Delete
    3. කාගෙන් අහලද මගේ නම ලිවුවේ ගවුරව නම්බුනාම එහෙම දාලා මෙතන.. අන්න ඒකයි මන් අහන්නේ ඉදගෙන

      Delete
    4. හිටපං කෝ මාත් බැරෑරුම් පෙනමුක් ගන්නවා මීට පස්සෙ..

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. සතු‍ටුයි බං හැලපේ. ඒක තමයිමම කිව්වේ ඒක මාර ටච් එකක් කියලා.

      අටමා. උඹට බොහොම ස්තුතියි. දැන් උඹ කියන ප්‍රතිරූපය ‍රැකගන්න බහන්සි වෙන්නෙපෑ බං.

      Spelling mistakes.

      Delete
    7. @අටම්
      උඹත් අද නියම පඳුරක් තැලුව නේද කමෙන්ට් එක ආයෙම දාපං.මං සාමාන්‍යයෙන් කියවන්නෙ ඇඳේ හාන්සිවෙලා මගෙ පුස්තකාලෙ ඇඳක් තියෙන්නෙ ඒකයි නැතුව කවුරුවත් ඒකෙ නිදාගන්නේ නෑ උඹ ඒ ටිකට ඒකත් නෝට් කළා නේද,පොත් කියවන්නම මං වේවැල් පුටුවකුත් හැදෙව්වඅමුතුම හැඩේක එකක් ඒක දැන් ටී වී කාමරේට දාල.ඇඳ අයින් කරල පුටුව පුස්තකාලෙට දාන්න කියල කියන්න ඕනෑ,කොහොමත් උඹ ගැන මගේ ඊළඟ පොස්ටුවේදී ලියවෙනවා.

      Delete
    8. අනේ මන්දා මේ අටං කොල්ල මං ලියන්න හිතන් හිටි ඔක්කොම මට අමතක කලානෙ..
      අනේ බං සාර්ථක කම කෙසේ වෙතත් බොක්ක නං ටිකක් අප්සෙට් තමයි.. මාව කොහෙ තේරුම් ගන්නද මට ප්ලේන්ටියක් වත් අරං නොදී යවලා.

      Delete
  2. අදත් රස ගොඩාක් එකතුවෙච්ච ලස්සන, රස පෝස්ටුවක්... :)
    තව සැරයක් කියවන්නද හැලපේ...??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳා,කිසිම ප්‍රශ්නයක් නෑ ඕනෑ තරං කියවන්න.

      Delete
  3. හැමදාම කොටස් වශයෙන් යනකොට හිතෙනවා මේක ඉවර වෙන්නේ නැද්ද බොලේ අන්තිමට මොකද බලන්න උනේ කියලා බලන්න,. එත් ඉවර උනාම හිතෙනවා තව ටිකක් තිබුනානම් හොදයි කියලා ......
    ඇ බන් හැලපයියේ කොමද අර චමරිගේ පොඩි එකී ඔච්චර පොඩි වයසෙන් සිංහල සංස්කෘතික ඉගෙන ගෙන තියේන්නේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකෙත් හැටි බලපංකො මම කොච්චර අමාරුවෙන් කතා ලිව්වත් බොලාට ඒකෙ ගානක් නෑ ඉවරඋනාම දුකයි.
      වෙන කොහෙන්ද බං කෙල්ල ජීවත්වෙන පරිසරයෙන්ම තමයි මූලික උගැනුම ලබන්නේ.

      Delete
  4. ෂෝයි එකට ලියලා තියෙන්නේ ,, කතාව ගානට සැට් වෙලා ,, රාලගේ ප්‍රශ්නේ මාත් අහන්න ඕනේ ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා,ඔන්න රාලෙට මම උත්තරේ දීල තියෙනව

      Delete
  5. "ඈ...මොකද බොල බාක් එක ගත්තෙ, දීපිය උත්ති අපේ බාක් එක..."

    හාමුදුරුවෝ කෙනෙක් පිණ්ඩපාතේ වදිනකොට කොල්ලෙක් මිදුලේ සෙල්ලම් කරකර ඉන්නවලු , කවුරුත් පෙන්නනති නිසා හාමුදුරුවෝ කල්ලගේ ඇහුවලු ..
    "පුතා ..මොකක්ද පුතාගේ නම"
    "මදේ නම පියතේන "

    "ආ ..මොකකදපුතා ...පුතාගේ නම මොකක්ද?"
    "මදේ නම පියතෙන "

    " පුතාගේ නම ආයෙත් කියන්න බලන්න..."
    "බෝල තත්ත උත්තෝ මදේ නම පියතේන "

    අන්න ඒ කතාව මතක් වුනා .

    මොනා වුනත් හැලපයියේ ,තනුජාගේ සහ වරුනිගේ කොම්පැරිසන් එකනම් බොහොම ඇඩේන විදිහට ලියලා තියෙනවා ඔයා .

    ReplyDelete
    Replies
    1. මම හිතුව මල්ලි උඹ ඔහොම කියයි කියල,උඹත් කතාකාරයනේ, මම ඔය කොටස දහ පහළොස් සැරයක් විතර සුද්ද කරමින් ලිව්ව බං ඒකෙ ප්‍රතිපල තියෙනව බලපුවම.

      Delete
    2. @ඔමා
      ඔමා ඔය හිනාවෙ ට්‍රේඩ් මාර්ක් එක නං හිරුගෙයි.

      Delete
  6. ඉතිං ඊලඟට............?

    ReplyDelete
    Replies
    1. ඊළඟට මොනවද ඉතිං,ඊළඟට තව කතාවක් ලියන්නං,බලල බැනපන්කෝ.

      Delete
  7. පිල්ලෝ බල්ලන්ට කරන දේ ගැන අහල තිබුන. මම වැඩ කරා කාන්තාරේ කොම්පෙනියක අපිට සාම්පලේ ගේන්නේ පිල්ලෙක් .ඌ දාඩිආගෙන ඇවිත් සාම්පලේ තිබ්බම මම ඌට "TITI MO ME KUPAAL" කියනවා. (එකෙකුට කියල බලන්නකෝ දවසක).ඌ මූන රතු කරගන මල පැනගෙන යනවා.( හේතු දේකය්.1 TITI MO ME KUPAAL 2.එළියේ රස්නේ අපි AC එකේ )දවසක් මූ සාම්පලේ තියල මම කට අරින්න ඉස්සර " උඹේ ********** ********* ********* ඇතුළු අපි දන්නා සාහිත්‍ය ගොඩාක් කියාගෙන කියාගෙන ගියා.එළියේ වැඩ කරන ලංකාවේ එකෙකගෙන් අහගෙන මාසයක් විත‍ර පුරුදුවෙලා.කොච්චර පුරුදු උනත් ඒවා කියන්න තිබුන අමාරුවට ඌ ඇද වෙලා හිටියේ

    ReplyDelete
    Replies
    1. පිල්ලො බල්ලන්ව ගෙඩි පිටින් රෝස් කරලයි කන්නෙ කොලුවෝ.මේ ඔබේ පළමුවෙනි පැමිණීම නේද ආදරයෙන් මගේ බ්ලොගයට පිලිගන්නවා.

      Delete
  8. හැමදාමත් වගේ නියම කතා සෙට් එක. අර බල්ලො ටික ඉවරඋනාට පස්සෙ රෙස්ටුරන්ට් එක වැහුවද?

    'මේ ඉන්නෙ බොහොම හොඳ අනාගතයක් තියෙන ළමයෙක්...' හපොයි...

    ReplyDelete
    Replies
    1. රෙස්ටොරන්ට් එක නං තාම ඇති ප්‍රසන්න මට ලඟදි බලන්න යන්න උනේ නෑ,චෙන්නායි වල බල්ලො ඉවර කරන්න බැරි නිසා වැහෙන්න නැතුව ඇති.

      Delete
  9. අපේ පන්තිවල කෙල්ලො කේක් හදල, අපිටත් ආරාධනාවක්‌ හම්බුනා. කේක් කන්න ඔන්න පිගන් බෙදාගෙන යනව කෙල්ලන්ට අමතක උනා ගෘහ විද්‍යා මිස් ගෙ පොඩිඑකා. මෙන්න හිටි ගමන් මේක " බෝල _ තියේ මට කේක් කෑල්ලක් දියෝ " කියල මේක මොරදුන්න.
    කතාවල් එකට ගැට ගහන්නෙ නියම හැකියාවක්නෙ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි උන්ට කිසිම බ්‍රේක් ගැහිල්ලක් නෑනෙ,වෙලාවකට උන් කියන දේවල්වලට ඇඟ හිරිවටෙනව.

      Delete
  10. වෙනදා වගේම අදත් රසවත් මතකයන් ගොඩක් නේද ?

    සමාප්තයි කියල දැක්කහම නම් ටිකක් දුක හිතුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි,ඕනෑම දෙයක අවසානයකුත් තියෙන්න එපායැ,දුක් වෙන්න එපා තවත් කතාවක් ලියන්නං

      Delete
  11. මම අහලා තියෙනවා අම්මගේ වටිනාකමේ හැටියට තමා දරුවෙක්ගේ වටිනාකම මනින්නේ කියලා. හැලපයාගේ කතාව අහපුවාම ඒ කතාව මතක් උණා.

    අර චූටි බට්ටියෙකුට ඒ වගේ කතා ටිකක් ඉගැන්නුවේ කවුද? :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද පොඩ්ඩියෙ අම්මල කියන කරන දේවල පිළිබිඹුව තමා දරුවො.දරුව ඔහොම කතා ඉගෙන ගන්නෙ ගෙදරින් මිසක් වෙන කොහෙන්ද.

      Delete
  12. උතුරේ හිටිය නායකයෙක් කියලා කිසි කතාවක් නැතුව කීහැකි.වයස,රැවුල, කිට් එක එක්ක පින්තුරේ පර්ෆෙක්ට් :-)
    මොකක්ද අය්යේ මේ කියන රක්ෂිතය හොරගොල්ලද ?

    ReplyDelete
    Replies
    1. මේ ඔබේ ප්‍රථම පැමිණීම මම හිතන හැටියට,ආදරයෙන් පිලිගන්නවා,හොරගොල්ලට වඩා ලොකු රක්ෂිතයක් මල්ලි මේක හොඳ නමක් තියෙනව මට දැන් මතක නෑ මීරිගම දන්ඕවිට පාරෙ තියෙන්නෙ,හරිම ලස්සන කාලයක් ඔන්න යනවනං තැන් අපේ තරුණ කාලෙ ඔය කඳු හොඳට නැග්ගා.
      රක්ෂිතයේ නම මම හොයල කියන්නං නලින්ගෙන්වත් අහල.

      Delete
    2. රායිට් අයියේ, යන්තං හොයා ගත්තා Wilekulakanda (විලේකුලකන්ද?) රජයේ වනාන්තරය කියලා එකක් ඔය කියන ඉසව්වේ.

      Delete
    3. හරි මල්ලි පොත්වල තියෙන නම ඕක තමා,ගමේ මිනිස්සු කියන නම මම පුංචි අම්මගෙන් අහල කියන්නං,කන්ද නගින්න යන්නෙ කවදද මටත් කියපල්ල හරිද.

      Delete
    4. දැන් තමා ගමේ අය කියන නම හොයාගත්තේ,ගමේ මිනිස්සු ඔය කැලේට කියන්නෙ බටකැලේ කියල

      Delete
  13. http://www.youtube.com/watch?v=Nq03RJB4REo&feature=share

    meka balanna, halapa ayyata mathakada ?

    ReplyDelete
    Replies
    1. පපුව කූල් වුණා පුතා හිත හිර උනා දුවගෙන එන්න හිතුනා,මොන තරං ලස්සන අතීතයක්ද ඔබ මට සිහි කලේ.
      අර කැලේ නං පස්සෙ කාලෙක වවපු කැලයක් අපි ඉස්කෝලෙන් අස් උනාටත් පස්සෙ.

      Delete
    2. meka ano watila, Halapa ayye meka ape 86---93 batch eken. api thamayi kale wawuwe.

      Delete
  14. පොඩි කාලේ මම මොකක් හරි කුනුහරුපයක් කියල අම්ම පන්න පන්න ගැහුවේ. එදා ඉඳලා මේ වෙනකම් ගෙදර කාටවත් කුණුහරුප කියල නෑ. දවසක් කඩේක ඉද්දිත් ඔහොම වැඩක් උනා. පොඩි එකෙක් චොක්ලට් එකක් ඉල්ලලා දුන්නේ නැති පාර පොර හොඳ කුණුහරුප වැලක්ම කියල ළඟ තිබ්බ බීම බෝතලයක් අරන් පොලවේ ගැහුවා. අම්ම චොක්ලට් එකත් අරන් දීල බීම බෝතලෙටත් සල්ලි දුන්නේ හිනා වේවි. බලන්නකෝ මුදලාලි කිය කිය.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් ඔය කොල්ල ඊළඟට කුණුහරුප කියල ගහන්නේ උගේ අම්මටමයි.

      Delete
  15. යකෝ බෝතලේ උන්න නිසා වෙන්න ඇති උඹත් බෝතල් වලට ඔච්චර ආස..

    අපේ ජාතියේ පියාලගෙ මුල් ගෙවලුත් ඔහේ නේද.. උඹත් ඒ වගේ හයේ හතරේ පොරක් නේ.. අලින්ටත් මනාපයි.. අනේ මන්දා ඉතින්..

    අපේ පැත්තේ කීප දෙනෙක් මහ මිනිහා කියලා එකෙක්ට බය උනා.. ඒ උඹලයි අලි බාස්ද කියන්න දන්නෙ නෑ...

    අර සංවේදි කොටසත් බොහොම හදවතට දැනෙන්න ලියලා තියෙනවා ඩූඩ් කිව්වා වගේ...

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා... අපේ නලියත් මීරිගම නේද..? ඌ රක්ෂිතයක් ගැන පෝස්ට් එකක් දාලා තිබුනා.. ඒත් උඹ කියන පැත්ත ගැනමද මන්දා...

      Delete
    2. අපි අම්මලගෙ ගෙදර යන්නෙ ජාතියෙ පියාගේ වලව්ව පහුකරගෙන,දැන්නං ඒක අයිතිවෙලා තියෙන්නෙ ජාතියෙ මුණුපුරාට එයත් වලව්වේ නෑ මම හිතන්නෙ.අපේ අම්මලාගේ ගමේ තියෙන කුඹුරු සහ ගොඩ ඉඩම් වලින් වැඩි හරියක් වලව්වට අයිති එව්වා වතු ජනසතුවේදී ඔක්කොම වගේ වැඩකරපු මිනිස්සුන්ට අයිති උනා වලව්වේ අය අයිතිය ඉල්ලනවා තියා නිකමටවත් ඇහැ ඇරලා බැලුවේ නෑ.
      උඹ මගේ පරණ මතක අවුස්සනවා බං මෙව්ව මෙහෙම ලියනවට වඩා හොඳයි පොස්ටුවක් දාන එක.මම නලියගෙ ඒ කතාව කියවල නෑ අහල බලන්නං..

      Delete
  16. තනූජා, වරුණි කියලා මිතුරියො දෙන්නෙක් මටත් ඉන්නවනෙ බොලං...මට උන්වත් මතක් වුනා මේක කියවන අතරෙ...මම කාලයක ඉදන් අහන්න හිටිය පුරස්නයක් තමයි මේක...බොට ඔය පරණ සිදුවීම් ...වෙච්ච කථා බහ ඔය තරම් හොදට මතක හිටලා තියෙන්නෙ ගල් හුරුල්ලො බැදලා ගල් නෙලන හින්දද ?

    ReplyDelete
    Replies
    1. එහෙනං මං කියන උන් දෙන්නද දන්නෙත් නෑ බං.
      මතකයෙ රැඳෙන්නට තරම් වටිනාකමක් ඇති සිදුවීම් සියල්ලම මතකයි.ඒ හා සම්බන්ධව කෙරුණු කතාබහත් ඔක්කොම අඩු වැඩි වශයෙන් මතකයෙ රැඳිල තියෙනව.
      ගල් හුරුල්ලෙක් බැදල කාපු කාලයක් මතක නෑ බං.

      Delete
  17. තනුජා කොහොම හරි ගොඩ ආව එකනම් සතුටුයි.
    චමරිගේ කෙල්ල තමයි කෙල්ල.
    බෝතලේ වලව්වට නම් කීප සැරයක් ගිහිල්ල තියෙනව රූගත කිරීම් වලට.
    අදත් වෙනද වගේ රසම තමයි ඉදගෙන.
    ඊ ලග එක සෙන්චරිය නේද :) ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි.ඊළඟ එක සෙන්චරිය,

      Delete
  18. අර පොඩි කෙල්ල කෝමද හැලපයියේ එච්චර තඩි කුණු හබ්බ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ගෙ නොමද ආභාෂය තමයි සෑම්,වෙන කොහොමද.

      Delete
  19. හ්ම්ම් තනූජගෙයි ලසිතාගේයි ජීවතවල වෙනස හොඳට ගලපලා තියෙන්නේ...

    කතන්දරේ නිමයි කීවා නේද?... ලියනවානේ අලුත් එකක්..?

    පොඩි එකීගේ ගෙදර නිතර ඇහෙන එව්වද මන්දා කියන්නේ....

    ඔය වගේ පොඩ්ඩෙක් අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා...අපි පාරේ යද්දී " අඩෝ *කයෝ ගේමද? " අහනවා....ඒවාට අම්මයි තාත්තයි හිනාවෙනවා.....අනේ මන්දා කියන්නත් හිතලා හොඳවයින් කට පියාගෙන ආවා

    ReplyDelete
    Replies
    1. කතන්දරේ ඉවරකළා රෙහානි හැමදාම ඇවිදින් කියෙව්වට ස්තූතියි,අලුත් එකක් පටන් ගන්නත් ඕනෑ,අර පොඩි එකී නං කියන්නෙම ගෙදර කතාකරන දේවල්නෙ,අම්මයි තාත්තයි ගැන හිතාගත්තහැකිනෙ.

      Delete
  20. බෝතලේ කියන්නෙ ලස්සන ගමක්..අපි ඉස්සර යනවා ඔය පැත්තෙ.මොකද කෝච්චියෙ යනකොට එනකොට බිං ගෙයක් සෙට් වෙනවනෙ..අපි කොල්ලො සෙට් එක හු කියනව..දවසක් කෙල්ලො ටිකක් එක්ක ගිහින් ඔය තප්පරේට අපේ එකෙක් හොද වැඩක් කොරල.මතක් වෙනකොටත් හිනා යනව..ඒක නෙවෙයි හැලප අයියෙ ඔයා හිටියේ බෝතලේ අඩියෙ ද , මුඩියේද ? හිකිස්....

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම මම හිටියෙ බෝතල් අඩියේ අර මම කියල තියෙන්නහේ,පස්සෙ තමා බෝතල් මූඩියට වහ වැටුනෙ.

      Delete
  21. පුංචි අම්මා හැලප ගැන කියපු කතා ටික වෙන පෝස්ට් එකකට දාන්න තිබ්බේ. ළමා උපත් දෙක සංසන්දනය හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට,තිසරගෙ යෝජනාවත් හොඳයි,පස්සේදී පුංචි අම්ම ගැන පෝස්ට් එකක් ලියන්නං.

      Delete
  22. අපි සිංහල කෙල්ලො හරි......සිංහල යුනිකෝඩ් හම්බඋනා......යුරේකා.........

    ReplyDelete
    Replies
    1. හරි හරි මටත් සතුටුයි,දැන් ඉතිං ලියාපන්කෝ සිංහලෙන් ඇතිවෙනතුරු.

      Delete
  23. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  24. ලස්සනට කතාව ගලපන අයියෙ උබ.අන්තිමට නම් හිනවෙලා පනගියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්

      Delete
  25. හැලප කඩේට අලුත් ඇදුමක් අන්දලා නේ හරිම ලස්සනයි ඇහැට ප්‍රියයි දැන්. ඔන්න මාලුන්ට කෑමත් දාලම තමා මං යන්නේ.

    ReplyDelete
    Replies
    1. අප්පා මේ නලින්නේ,මම හිතුව දැන් මේ පැත්තෙ එන්නෙ නෑ කියල හොඳයි හොඳයි

      Delete
  26. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. නියමයි කෙන්ජි,මගේ සුබ පැතුම්

      Delete
  27. පෝස්ට් එක දාපු දවසෙම දඩිබිඩියෙ ඇවිත් කියෝලා ගියාට අද තමයි කමෙන්ට් එකක් දාන්න මතක් උනේ... කොහෙද... මේකෙ දාලා තියෙන කමෙන්ට් ටික කියෝගෙන පහලට ආවට පස්සෙ ආයිත් පෝස්ට් එක කියවන්න වෙනව... හි හි

    පොඩි උන්ගේ කටවල් ගැන නං කතා කරලා වැඩක් නෑ... අපේ අම්මලා තාමත් මං ඔය පොඩි කාලෙ කියපුවා කිය කිය හිනාවෙනව... මං “ මඩේ ලඟින තාරාවුන් නාවන්නද මං ” කිය කිය මිදුලෙ සෙල්ලං කර කර හිටියලු වැස්ස දවසක.... ඔය වෙලාවෙ එහා ගෙදර අන්කල් සපත්තු දෙකට ෂොපින් බෑග් දෙකකුත් දාගෙන ඔතනින් ගිහිල්ල.. මං කෑ ගහලා ඔය සින්දුව කියල.. අවුරදු ගානක් අපේ අම්මල එක්ක තරහා වෙලා හිටියා ඒ අන්කල් ඊට පස්සෙ... එයා හිතලා තියෙන්නෙ අම්මලා මට උගන්නලා ඕක කියෙව්වා කියලා... හි හි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිත රිදිල හිටියෙ වෙනත් බ්ලොග්වල තියෙන ඔබේ කමෙන්ට් දැක්කහම,වෙනදට මුලින්ම වගේ කමෙන්ට් කරන කෙනානෙ.
      ඔන්න දැන් හිත හරිගියා

      Delete
  28. අදයි මචෝ ගෙදරට වැඩියේ.....තනුජාවයි වරුණිවයි කතාවේ අන්තිමට ගෙනාපු විදිහ මරු බන්.

    ඔය කළුවරේ අලි යනකොට සීනු සද්දේ විතරයිනේ බන්. ඇත්තටම අමුතු බයක් වගේ හැඟීමක් එනවා.ඉස්සර තල්දූවේදි ඔය අත්දැකීම ලබලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ,මමත් ඔය අලින්ගෙ අත්දැකීම ලබල තියෙනවනෙ

      Delete
  29. ape gam pradeshaya paththe gana lassana maga wanumak karala thiyenne halape ayya.godak santhosai. mama waduwaththe(tharaka)

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එක දැකල මට හරිම සතුටක් ඇතිවුනා,මමත් කාලයක් ඔබේ පලාතේ ජීවත්වුනානේ,මම අදටත් ඒ ගම්වලට පරිසරයට ආදරෙයි.

      Delete

ඔබේ අදහස්