Saturday, October 26, 2013

98.වේලන්කන්නි සංචාරය මුද්දර සහ ඔස්ටෙන්ඩ් වෙරළ තීරය 18+





අව් රශ්මිය විඳිමින් වෙරළෙ වැතිරිලා හිටපු සංචාරකයෙක් මාව දැකල මූදට පැනල මාව ගොඩට ඇදන් ආවෙ පස්පඩව්වේ බැන බැන ....

ලෝකෙ හැම තැනම මූදුවල පීනලා තියන මමවත් මේ මූදේ පීනන්නෙ නෑ ඒ තරං භයානකයි...ඒකට උඹ, මම බලාගෙන හිටියෙ ගියපු ගමන් මූදට පැන්න හැටි...

ඒ මනුස්සය විතරයැ  මාත් ලෝකෙ මූදු කීයක පීනලා තියෙනවද...

බිරිඳගේ කන්තොරුවෙ යාලුවෙක් හිටිය හිල්ඩා  කියල ඔය හිල්ඩගේ ඥාති සහෝදරියක් බෙල්ජියමෙ ඉන්නව කියල කතාකරන්න ටෙලිපෝන් නම්බර් බිරිඳට දීල තිබුණා...අපිත් ඇයව කතාකරල දැන හඳුන ගත්තා ඇයට අපි කිව්වෙ හිල්ඩ නංගි කියල ඇයගේ නම තවමත් අපි දන්නෙ නෑ...

බෙල්ජියම් ජාතිකයෙක් එක්ක විවාහවෙච්චි ඇය ජීවත්වුණේ බ්‍රසල්ස් වලින් කිලෝමීටර් තිස් පහක් හතළිහක් විතර දුරින් තියෙන දෙන්දරමුන්ද කියන නගරය ආශ්‍රිත සුන්දර ගමක...


හිල්ඩ නංගිගෙ සැමියා මුල්ඩර්, හිල්ඩ නංගි ඔහුට කිව්වෙ මුද්දර කියලයි...අවුරුදු හැත්තපහකටත් වඩා වයසැති මුද්දර  තවමත් කොල්ලෙක් වගේ... අපි එහෙ යද්දී කෝච්චියෙ ගිහිං දෙන්දරමුන්ද ස්ටේෂන් එකෙන් බැහැපුවාම මුද්දර කාරෙකත් අරං අපිව එක්ක යන්න ඇවිත් ඉන්නවා...ඒ ජෝඩුව ගැන තව කතා ගොඩයි එව්ව කියන්න ගියොත් ප්‍රස්තූතයෙන් පිටපනින්න වෙන නිසා කෙලින්ම කතාවට යමු....

හිල්ඩ නංගිගෙ උපන් දිනයක් දවසක අපට එහෙ එන්න කියල ජෝඩුව  ආරාධනා කළා, ඒ ග්‍රීෂ්ම සෘතුව ඒ කාලේදී කවුරුත් සංචාරය කරන ඔස්ටෙන්ඩ් වලට යන්න ඔවුන් සැලසුම් කරගෙන තිබුණා...බෙල්ජියමෙ එක මායිමක් තමා උතුරු මුහුද , කිලෝමීටර් කීපයක් දිග ඔවුන්ට අයත් එකම මුහුදු වෙරළ ඔස්ටෙන්ඩ්...ග්‍රීෂ්මයේදී මේ මුහුදු වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා යනවා...මුහුදු වෙරළ අද්දර ඉදිකරලා තියෙන සිය ගණනක් වුනු සංචාරක හෝටල්වල කාමර සියල්ලම වෙන්කරගෙන ඔවුන් ග්‍රීෂ්ම නිවාඩුව අවසන්වෙනතුරු මාස දෙකක් විතර නැවතිලා ඉන්නවා...ඒ කාලේදී උදේට මූදට බැස්සම දවල්ට ගොඩ ඇවිත් කාල ආයෙමත් හවස්වෙනතුරු  මූදේ බැහැල ඔවුන් දවස ගතකරනවා...


හිල්ඩා නංගිගෙ ආරාධනාව ලැබෙනකොට මගෙ කැමරාවෙ පොඩි ලෙඩක් හදන්න ෂොප් ඒකට දීල තිබුනෙ...ගමනට කැමරාවක් අත්‍යාවශ්‍ය නිසාම මම ගිහිං බැස්කියුල් හංදියේ කැමරා ෂොප් එකේ තරුණයාව මුණගැහුනා...ඔහු මාත් එක්ක ගොඩක් හිතවත්, කාරණාව කියපුවම ඔහු මට කැමරාවක් දුන්නා...

එක දවසක හවසක දෙන්දරමුන්දෙ හිල්ඩ නංගිලාගේ ගෙදර  ගියපු අපි පහුවදා ඔස්ටෙන්ඩ් බලා මුද්දරගෙ කාරෙකෙන්  පිටත්වුනා දෙන්දරමුන්ද සිට ඔස්ටෙන්ඩ් වලට කිලෝමීටර් අනූඅටක් සීයක් විතර ඇති...


ඔස්ටෙන්ඩ් වල මූදු වෙරළ සති අන්තයේ ආපු සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ල තිබුණා...මුහුද තරමක් බොරපාටයි අපේ වගේ ඇස් කඩාගෙන යන නිල්පාටක් ඒ මුහුදෙ තිබුනෙ නෑ...මුහුදෙ නාන සංචාරකයන්ට උපරිම ආරක්ෂාව ලබාදීල තිබුණා...වෙරළෙ හදපු අට්ටාලවලට ගොඩවෙලා සයිරන් නළා අතේ තියාගෙන ජීවිතාරක්ෂක තරුණ තරුණියන් මුහුද දිහා හෝදිසියෙන් බලාගෙන ඉන්නවා...යාර සීයෙන් සීයට එවැනි අට්ටාල ගොඩනගල තිබුණා...


කහපාට විශාල බැලුන්වලින් ආරක්ෂිතව යන්නට හැකි මූදෙ ඉම සලකුණු කරල තිබුණා ඒ බැලූන් වලට පිටින් ජීවිතාරක්ෂක බෝට්ටු හතරක් හැම තිස්සෙම සූදානමින් යාත්‍රා කළා...

ටිකක් විතර දවල් වෙද්දී අපි තුන් දෙනත් මූදට බැස්සා බිරිඳටයි හිල්ඩ නංගිටයි  නාන්න බෑ කිව්ව නිසා ඒ දෙන්න වෙරළෙ කුඩයක් යට නවත්තල අපේ ඇඳුම් ටිකත් තියාගෙන ඉන්න කිව්වා...

ඔස්ටෙන්ඩ් ඉඳන් එංගලන්තයට පෙරී සර්විස් එකක් එහෙම නැත්නම් කුඩා මගී නැව් සේවයක් පැවැත්වෙනවා ඔස්ටෙන්ඩ්  ඉඳල එංගලන්තයෙ කෙන්ට්හි රැම්ස්ගේට් වරායට මුහුදෙන් කිලෝමීටර් 200 කට යාන්තං අඩු දුරක් තියෙන්නෙ, පෙරිය මේ දුර පැය තුනකට චුට්ටක් විතර අඩු කාලෙකින් ගෙවා දමනවා...


මූදු වෙරළෙදී  මම ගත්තු පින්තූර ටිකක් තමා මෙතන පළකරන්නෙ හැබැයි මගෙ පින්තූර එකක්වත් මෙතන නැති නිසා මම ඔස්ටෙන්ඩ් ගියා කියල මොනම විදියකටවත් ඔප්පු කරන්න මට හැකියාවක් නෑ බිරිඳත් පුතත් ඉන්න නිසා මමත් ගියාය කියල උපකල්පනය කරපල්ලා ...

කාන්තාවන් නාන ඇඳුම් ඇඳගෙන ඉන්න තැන්වලට කෙලින්ම කැමරාව මානන්න බැරි නිසා පැත්තකින් බිරිඳවත් තියල පින්තූර ගත්තා...සමහර අති භයානක දර්ශනවල සහායට පෙනී ඉන්නට බිරිඳ කෙලින්ම විරෝධය පළකළේ මූණත් රතු කරගෙන...


ඒ වුණත් මම වගේ ජායාරූප ශිල්පියෙකුට නැවතත් ලැබේවි කියල විශ්වාස කරන්නට බැරි මේ ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මං අමතක කලේ නෑ...නමුත් මගෙ ළඟ ඇති ඒ පින්තූර සමහරක් මෙතන පළකරන්නට නොහැකිවීම පිළිබඳව මගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව මේ අවස්ථාවේ පළකරන්නට කැමතියි...

පළකරන්නට නොහැකි කාරණා දෙකක් තියෙනවා එකක් නම් ගූග්ල් වලින් මගෙ බ්ලොගයට content warning එකක් ලැබෙන්නට ඇති අවදානම...අනිත් කාරණාව බිරිඳගේ විරෝධය

ඔයා ගෑණුන්ගෙ හෙළුවැලි පින්තූර බ්ලොගේට දානව නං මම ඉන්න  පින්තූර එකක්වත් දාන්න එපා...

බිරිඳ තරයේම කියාසිටියා...ඉතිං පවුලේ සමගිය රැකගැනීම වඩා වැදගත් යැයි මම උදක්ම  විශ්වාස කරන  නිසා මම ඒ පින්තූර මෙතැනදී පාවිච්චි නොකිරීමට තීරණය කළා...


නාල එහෙම ඉවරවෙලා දවල් කෑම ඔස්ටෙන්ඩ් වල හෝටලයකින් ලබාගත්තා ඇපිටයිසරයත් ඉතාම රස සුප් එකකත් රස බැලුවට පස්සෙ පිඟාන තරම්ම ඇති කටේ දියවෙන තරමට මෙලෙකට පිළියෙළ කරපු මස් කුට්ටියක් ප්‍රධාන ආහාර කොටස හැටියට පිළිගැන්වූවා...

මුද්දරත් මමත් රෙඩ් වයින් බෝතලයක රස බලමින් ආහාර ගත්තා...එඩුවට පස්සෙ මම දැක ඇති හොඳම වයින් ලෝලියා මුද්දරයි...ඔහුට වයින් නැතිව කෑම කන්නට බෑ අපි උදේ තේ එක බොද්දි ඔහු බොන්නෙ පෝට් වයින් වීදුරුවක්, දැන් ඔහුට වයස අවුරුදු අනූවකටත් කිට්ටුවෙලත් තවම තරුණයෙක් වගේ වැඩපල කරගෙන වාහනයත් එලවන්නේ ඔහුගෙ වයින් සහිත ආහාර රටාව නිසා කියල මට හිතෙනවා...

මුද්දරත් හිල්ඩ නංගිත් ගැන ගොඩක් කතා ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න නිසා ඔහු ගැන දැනට මේ ඇති...


මේ දෙන්න හිනාවෙවී එන්නෙ එක්තරා දර්ශනයක් දැකලයි මුද්දරට නං ඕවයෙ ගානක් නෑ එහෙම දකපුවම මුද්දර මගෙන් අහන්නෙ...do you need some milk...කියලයි.

දවල් කෑමෙන් පස්සෙ ඔස්ටෙන්ඩ් වලින් පිටත්වුණු අපි හවස් වෙද්දී දෙන්දරමුන්දට ළඟාවූණා...අපි මේ ගමන ගිහිං අවුරුදු අටකට පස්සෙ මේ පින්තූර ආයෙමත් බලනකොට  සමහර කාන්තාවන් ඉන්න  පින්තූර දකිද්දී බිරිඳ හක හක ගාල හිනාවෙනවා...

ඔයා බනිද්දී මම කොච්චර අමාරුවෙන්ද මේ පින්තූර ටික ගත්තෙ දැන් නං හිනාවෙනව...

වල්කම කොහෙ යන්නද ඉතිං...


අර සංචාරකයා මාව මුහුදෙන් ගොඩ අරං වෙරළට ගෙනත් අතඇරලා යන්න ගියා...ආපහු හෝටලේ පැත්තට එද්දියි මම දැක්කෙ ඇඟිල්ලෙ තිබ්බ මුද්ද නැතිබව...මූදෙදි මුද්ද හැලිලා

මතු සම්බන්ධයි...




62 comments:

  1. මාරයගෙං ෆොටෝ ටික බේරගන්න හැලපෙ කලින්ම සැලසුම් සකස් කරල වගෙයි. :D

    මුද්ද අර සුද්ද ගලෝගත්තද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කෝකටත් කියල කලිම්ම කිව්වෙ මාරය ඔව්ව ගැන හොඳ හෝදිසියෙන්නෙ ඉන්නෙ.
      අනේ නෑ ප්‍රසන්න ඌ කොහොමටවත් ඒ වගේ සවුත්තු වැඩ කරන්නෙ නෑ මූදෙදිමයි හැලිලා තියෙන්නෙ

      Delete
    2. අයියෝ අපරාදේ ,, කොහෙද ඉතින් මෙලෝ සිහියක් නැතිවෙන්න ඇති "නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා වගේ සුද්දියන්ට ෆොටෝ අල්ල අල්ල ඉද්දි ඔවුවා තේරෙනවායෑ හොදම වැඩේ අනේ සාදු :)

      Delete
    3. මුද්ද වගේද අනේ සුදු පස්සවල් ටික..
      ඔන්න මාරයෝ මේ ඉන්නේ නියම හැලපක්කි යි පුතයි තමා. මේ පොටෝ ගැන එහෙම හොයන්න යනවා නෙවෙයි ඉදගන..

      Delete
  2. කොහොම වුනත් මුහුදට බහින්න කලින් නම් ටිකක් හිතුවොත් හොදයි.... මතුසබැදි ඉතිරියත් ඉක්මනින් ලියන්න.

    ReplyDelete
    Replies
    1. දැන්නං තුශානි බොහොම පෙරේසමෙන් තමා මූදට බහින්නෙ,ඉතිරිය හැකි ඉක්මනින් ලියන්නං.

      Delete
  3. හප්පේ දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ.මම හිතුවෙම එද මැරන්න ඇති කියල.

    ReplyDelete
    Replies
    1. එහෙමද දමිත්,කමක් නෑ එහෙනං දැන් දන්නවනෙ ඉන්නව කියල

      Delete
  4. මාරයා මිනිහෙක්ද බන්...ටී ජීට කරන්න තියෙන හැම කුපාඩි වැඩේම කරපු ගදයෙක්නෙ...උඹ ඌට නිකං පු- දෙන්න යන්නෙ නැතුව ඉදහං...මොකද ඌ බ්ලොග් සක්විතිද ?

    ReplyDelete
    Replies
    1. ඔව්ව ගණන් ගන්න එපා බං

      Delete
  5. හෙළුවැලි පිංතූර දාලා කලින් ගමන වෙච්චි දේ මතකයි වගේ ...:)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සහන්,හෙළුවැලිත් නෙවෙයිනෙ මේ නිකං වැඩකට නැති පින්තූරෙකට වෙච්චි වැඩේ මතකනෙ.

      Delete
    2. මොකද හැබෑටම උනේ...18 ට වැඩි අය පමණක් ඇතුල් වෙන්න කියලා ගූගල් ලේබලයක් වැදිච්ච එකද ?

      Delete
    3. ඔව් බං දැක්කේ නැද්ද ඕපන් වෙන්නේ නැතුව තිබුනා මේ නිකං කොහෙදවත් නැති පින්තූර කෑල්ලකට

      Delete
  6. මේ ෆොටෝ ගත්තේ උඹමයිනේ අය්යේ ?අම්මප කියහන්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං ටිකක් හොයල බලමුද

      Delete
  7. මම හිතන්නේ උඹ මුද්ද හලාගන්න ඇත්තේ කලින්මයි. අනික සුද්දා මුද්ද ගත්තත් ඌ උඹට ජීවිතේ ලොකුම උදව්ව කරලා තියෙන්නේ. මම හිතන්නේ නෑ ඌ ඒක ගත්තා කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ මචං ඒ වගන්තියෙන් තේරුම් යන්නෙ ඒ වගේ දෙයක්ද,මම නං එහෙම දෙයක් හීනෙකින්වත් හිතුවේ නෑ මුද්ද හැලුනේ මූදෙදි ඒක මට හොඳටම විශ්වාසයි හිටපං මම එක වාක්‍යය හදන්නං.
      නැතුව මචං ඌනෙ මාව බේරගත්තෙ.

      Delete
    2. Yeah. That's what it implied. Thanks for editing.

      Delete
  8. //ඔයා ගෑණුන්ගෙ හෙළුවැලි පින්තූර බ්ලොගේට දානව නං මම ඉන්න පින්තූර එකක්වත් දාන්න එපා...//

    ඔන්න ඉතින් චොයි අක්කී කක්කී කෑල්ල වෙන්ටයි ඔය තනන්නේ , මින් මනත හැලපයියගේ බොගට ඉරටු කෝටු ගහන්ට ඇවිල්ලා අටම නරක මිනිහයි කියලා කියන්ට එපා ඔන්න,

    ( මාත් මෙහෙම හිටියට හෙන දරුණු මිනිහෙක් ඈ )

    ReplyDelete
    Replies
    1. අක්ක දන්නවා උඹ හරිම දරුණු මනුස්සයෙක්ය කියල

      Delete
  9. කොහෙද ඉතින් මෙලෝ සිහියක් නැතිවෙන්න ඇති "නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා වගේ සුද්දියන්ට ෆොටෝ අල්ල අල්ල ඉද්දි ඔවුවා තේරෙනවායෑ හොදම වැඩේ අනේ සාදු :)

    ReplyDelete
    Replies
    1. අකරතැබ්බයක් වෙච්චි වෙලාවට ඔහොමත් කතා කියන්න හොඳද ඔමා ඉඳගෙන

      Delete
  10. හැලපයා, හැලපිව ඉස්සරහට දාලා අර සුදු ගෑනු අයගේ පස්සා පැත්තවල් (මෙහෙම කීවට කමක් නැද්ද දන්නේ නෑ ) ෆොටෝ ගහලනේ.:D:D

    කීවත් වගේ මේ හරියේ මුහුද නම් ලස්සන නෑ තමා. මඩ පාටක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මුහුද ගැන හොඳට අධ්‍යනය කරනවා වගේ

      Delete
    2. කළා නං කිව්වට මක් වෙනවද පොඩ්ඩියෙ,ඒ මූදේ හැටිමයි මඩ පාටයි

      Delete
  11. //"අවුරුදු හැත්තපහකටත් වඩා වයසැති මුද්දර තවමත් කොල්ලෙක් වගේ..."// ඉතින් හැලපයියත් ඒ වගේනේ. ඉතින් හැලපයියේ ඔය ෆොටෝ හැම එකකම "වෝටර් මාක් " තියෙන්නේ , හැබැයි "මුහුදු වෝටර් " , අර උඩ ඉඳලා හත්වෙනි ෆොටෝව වගේ ඉස්සරහ පැත්තෙන් ගත්ත ෆොටෝ නැද්ද ...?

    ReplyDelete
    Replies
    1. තියෙනව කොල්ලො තියෙනව හම්බවුනාම පෙන්නන්නං

      Delete
  12. වේලන්කන්නි වලින් කෙලින්ම බ්‍රසල්ස් බලා...
    කොහොම හරි බිරිඳව ඉස්සරහට දාලා හරි ෆොටෝ ටික ගන්න පුළුවන් වුණානේ නේද හැලපේ..??

    ReplyDelete
  13. අර වෙනියා පොත් ප්‍රදර්ශනේ පුක් ප්‍රදර්ශනයක් කරලා තිබුනා වගේ හැලපයියත් ජංගි ටිකක් අරන් තියෙනවා. හික් හික් හික් වයින් වල පිහිටෙන් තමයි වයස අඩු කාන්තාවක් කසාද බැඳගෙන පවුල් කන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙනියගේ පොත් ප්‍රදර්ශනේ පින්තූර දකපුවම මටත් මේ පින්තූර ටික දැම්මොත් හොඳයි කියල මතක් වුනා කෝරළේ මහත්තයො

      Delete
  14. ඔය පින්තූර ටික කොහෙ හරි අප්ලොඩ් කරල මෙතන ලින්ක් එක දාන්නකො.

    ReplyDelete
    Replies
    1. ඇනෝ පින්තූර ගැන හරි උනන්දුයි නේද

      Delete
    2. ඒක නේ. කියවල නම් නෑ වගේ :)

      Delete
  15. // දැන් ඔහුට වයස අවුරුදු අනූවකටත් කිට්ටුවෙලත් තවම තරුණයෙක් වගේ වැඩපල කරගෙන වාහනයත් එලවන්නේ ඔහුගෙ වයින් සහිත ආහාර රටාව නිසා කියල මට හිතෙනවා...//ඔන්න ඕකනේ කියන්නේ ඒ ආදර්ශෙත් වාසියට ගන්න යන හැටි විතරක්...

    අපරාදේ මුද්ද..

    ReplyDelete
    Replies
    1. හොඳ දේවල් අපි නිතරම ආදර්ශයට ගත යුතුයිනෙ රෙහානි,මුද්දනං අපරාදෙ බීමත් කමේ විපාක නොවැ

      Delete
  16. ඔය තියෙන්නේ ලස්සනට මුහුද

    ReplyDelete
    Replies
    1. ඔයා තියෙන්නෙ, උකුස්සට නං හොඳට පේනවනෙ.

      Delete
  17. ෂුවර් එකටම මුද්ද මහුදට නේද වැටුනෙ?එහෙනම් අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං බොට මොන අවුලක්ද අවුල තියෙන්නෙ මටනෙ

      Delete
  18. අද කතාව ටිකක් පොඩියි වගේනේ ..... අනික කොමද අප්පා මේක 18+ උනේ

    ReplyDelete
    Replies
    1. අද තලල නෑනෙ ඒකයි පොඩි,නිකමට 18 දැම්ම බං කියන්න බැනේ පුකවල් වලටත් වෝනින් ආවොත්

      Delete
  19. මේ හැරිලා මේ බලනකොට මෙන්න මූ බ්‍රසල්ස්. මට හරි ආස හිතුනා මුද්දරගේ චරිතෙට. එහෙමනේ දෙයියනේ ඉන්න ඕන. සැහැල්ලුවෙන් ඉන්න පොරක් කියලා පේනවා.
    :
    අපිත් එක පාරක් ෆෙරියක ගියා ටිකක් දිග ගමනක්. ඒ තමයි පළවෙනි අවස්තාව. හරි ලස්සන බාර් එකක් තිබුනා. ඊලඟ පෝස්ට් එක මුද්දද?...මුද්දරද?:D

    ReplyDelete
    Replies
    1. මුද්දර ගැන ගොඩක් දේ ඉස්සරහට ලියවෙයි අරූ,ඊළඟට ආපහු අපි තමිල්නාඩුවට යනව හොඳයි නේද.

      Delete
  20. ඔය මීගමුවේ,හික්කඩුවේ පැත්තේ 40 පැනපු අක්කලා හරි ආසයි මුද්දරලව මැරි කරන්න,,මුද්දරලට උඩට යන්න වීසා ආපු ගමන් අක්කලා ගොඩ නේ

    ReplyDelete
    Replies
    1. කොයි අක්කලත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මුද්දරලට විසා එනතුරු,හැබැයි ඒ ගොල්ලත් ඉන්නව නෙ අවුරුදු සීයක් විතර යනකං.

      Delete
  21. >>do you need some milk..<<
    තණ කොළ නැති වෙරළ තෙරේ,
    එච්චරට කිරි වැස්සියෝ හිටියද අප්ප...?

    ReplyDelete
    Replies
    1. හැබෑටම කෙන්ජි තණකොළ නැතුවට හිටිය උන්ගෙ නං ගානක් සීමාවක් නෑ,ඔය රටෙත් ඔහොමම වෙන්නැති නේද.

      Delete
  22. මුද්ද මුද්දරේ ගත්තද බලහං. උඹ අර පෑන් හොරා නෙව.. හැක්...

    ඇයි බං අර පින්තුර ඔය තරං දුරට ගත්තේ ටිකක් ලං කරන්න එපැයි ඉගසුග බලාගන්නත් එක්ක.. ගෑනි බයින එක සාදාරනයි යකෝ කරන වැඩේ හැටියට. මට ඕකට හොද කතාවක් මතක් වෙනවා කියන්න ඒත් උඹේ හැලප මූන අබල් ඩබල් වෙන නිසා මෙතැනින් නවත්තනවා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. පෙනේද දේශකයට අද මොනාහරි වෙලා තියෙනවා ,, උදේ ඉදන් මෙවුවා වෙලා ඉන්නේ හි හි

      Delete
    2. අබල් ඩබල් උනාට කමක් නෑ කියපං,ඔය ඔමා කෙල්ලත් කියල තියෙන්නෙ බොට මොනවද වෙලා ඉන්නෙ කියල.

      Delete
  23. අයියා අපේ ඊ මේල් එපාද අයියා











    ඔය හොදම ස්ටය්ල් ෆොටෝවිතරක් එවන්න හරිද...

    ReplyDelete
    Replies
    1. හරි හරි අකලංක එවන්නං,ඒක නෙවෙයි කොහෙද මෙච්චරකල් ගිහිං හිටියෙ.

      Delete
  24. මුල්ඩර්ගෙ මල්ලි සයිඩර් මේ ට්‍රිප් එක ගිහිල්ලා නෑ වගේ...බොගෙ කථා වලට 18+ නැතුවම බෑ වගේ.....

    ReplyDelete
    Replies
    1. උගෙ මල්ලිත් ගියා මම හිතන්නෙ බොට පෙනුනෙ නැතුවට.දැන් 18 දානව බං බයයිනෙ.

      Delete
  25. අලුත් blog layout එක ලස්සනයි හැලපේ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳා අලුත් ඇඳුම හදල දුන්නේ අපේ ඔමා කෙල්ල

      Delete
  26. මට මුද්ද ළිදේ වැටිච්චි මුක්කං කොල්ලගෙ කතාව මතක් උනා..

    මෙහමනේ හැලපේ.. මුද්දරලා පෙර ආත්මවල පින් කරලා දිවිය ළෝකේ ඉපදිලා තියෙන්නේ.. ඉතින් උන් බොන්නේ අමුර්තේ විතරයි.. මමත් වයින් තියෙන රටක හිටියොත් වයින් බොනවා හැමදාම.. රෙඩ් වයින් වගේම වයිට් වයින්..

    අපි එහෙමය.. කසියගෙන් පටන් ගෙන, ගල් පොල් විස්ක් බ්‍රැන්ඩි හැම මලදානෙම ගහලා.. මැරෙන්න කලින් කෝටත් ඉවර කරගෙන උඩ බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. අර මුක්කන් කොල්ලගෙ කතාවත් ලියමු නේද මාතලන්.
      ඔය රටේ වයින් වර්ග දාස් ගාණක් තියෙනව මගේ හිතේ ඉඳල හිටලා බිව්වොත් මිසක් මට නං වයින් බොන්න කම්මැලියි,ඒ වගේද විස්කි ටිකක් බොන එක.

      Delete
  27. මාත් දන්න තැනක්.. හෙලල්ඩ් ඔෆ් ‍ෆ්‍රී එන්ටර්ප්‍රයිස් පෙරළුනේ ඔය හරියෙනෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි සරත් බෙල්ජියමේ හිටියනෙ,ඔව් ඒ ෂිප් එක පෙරලුනේ මම යන්නත් කාලෙකට ඉස්සෙල්ල නොවැ

      Delete

ඔබේ අදහස්