Saturday, October 12, 2013

95.හුදෙකලාව ලියූ කවි




අද මම ඔබ හමුවෙන්නෙ කවි පෙළකුත් එක්කයි,මට නං කවි රස විඳිනව මිසක ලියන්න බෑ...මේ කවි ටික මට එව්වෙ මගේ බ්ලොගයේ පාඨකයෙක් වන,මම මෙතන පාඨකයෙක් කිව්වෙ පුළුල් අර්ථයෙන් මොකද පාඨකයා කියන වචනය කාන්තාවන් විෂයෙහි යෙදෙන්නෙ කුමන ආකාරයකටද කියල මම නොදන්නා නිසාවෙන්...පාටිකාව කියනවද එහෙම නැත්නං පාටකිය කියනවද කියල තෝරාබේරා ගන්න විදියක් නෑනෙ දන්න කෙනෙක් ඉන්නවනං කිව්වොත් ලොකු දෙයක්.

හැබැයි භටයා කියන වචනය කාන්තාව විෂයෙහි යෙදෙන ආකාරය නං මම ලඟදි ඉගෙන ගත්තා...ඒ ලංකාදීප ඊ පත්තරෙන්,අර ගුවන් හමුදා භටයෙක් තමුන් ආදරේ කරපු(මේ වචනය යෙදීමට නං විශාල ප්‍රශ්නාර්ථයක් තියන්න ඕනෑ,ආදරයක් තිබුනනං බැල්ලියෙකුට වගේ වෙඩි තියල මරල දාවිද)ගුවන් හමුදාවෙම සෙබළියෙකුට වෙඩි තියපු වෙලාවෙ ඒ ගැන ලංකාදීපෙ පලවෙලා තිබුනා  ගුවන් හමුදා භටයෙක් සහ භටවියෙකුට වෙඩි තබා මරා දමයි කියල...

ඉතිං බලන්න පුවත්පත් කලාවට වගේම සිංහල භාෂාවට මේ මාධ්‍යවේදීන් කරන සේවය නිසි ඇගයීමකට ලක්වෙලා නැතිය කියලයි මට නං හිතෙන්නෙ.

හැමදාම සම්මාන ලබන්නෙ සහ ඇගයීමට ලක්වෙන්නෙ ඔය අපේ හිතවත් කාරියකරවනයන් වගේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් නොවැ ඒ අයවම හැමදාම අගයකරන එක වැරදියි,මෙවැනි නවතම වචන සිංහල ශබ්ද කෝෂයට එකතු කරන ගවේෂණශීලී සහ නිර්මාණශීලී මාධ්‍යවේදීන්වත් අගයකල යුතුමයි.

කාරියකරවන මහත්තය මතක්වෙච්චි වෙලාවෙ මට එතුමන් ගැන කතාවකුත් මතක්වුනා...

ඒ  2009අවුරුද්ද වගේ මට මතක පෙබරවාරි මාසෙට යෙදෙන කාරියකරවනයන්ගෙ උපන්දිනයට මම එතුමාට ටෙලිපෝන් කරලා සුබ පැතුවා...සුබ පැතුමෙන් පස්සෙ අපි දෙන්න අතර ඇතිවෙච්චි සංවාදය මෙහෙමයි...

මම මේ .... කතා කරන්නෙ...

... කියන්නෙ කවුදඅඅ...

මම ....අර මැඩ්රාස් වලදි අර අර පෑන් ...

ආ හරි හරි දැන් මතකයි කොහෙද ඉන්නෙ ලංකාවෙද...

නෑ මම මේ දවස්වල නං ඉන්නෙ ඇමෙරිකාවෙ...

එහෙමද, ලංකාවට එන්නෙ කොයි කාලෙ වාගෙද...

හරියටම කියන්න බෑ ඉතිං,පුළුවන් වුනොත් මේ අවුරුද්දෙ අන්තිමට විතර නිවාඩුවකට ඇවිත් යන්න එන්න හිතාගෙන ඉන්නව...

හොඳයි හොඳයි ආවහම මාවත් බලන්න එන්න ඕනෑ හොඳද...

නොවැරදීම එන්නං...

මට ඔහෙ ඇඩ්රස් එක දෙන්නකො, අලුත් පොතක් තියෙනව එවන්න...

මම ඇඩ්රස් එකත් දීල එතුමන්ගෙන් සමුගත්තා...මම කතාකරල සුබපතපු එක ගැන එතුමන් සතුටින් ඉපිලෙමින් හිටියෙ...මොකද එපමණ කල් ගිහිනුත් එතුමන්ගෙ උපන් දිනේ මතක තිබීම ගැන එතුමන්ට හරිම සතුටුයි...ඇත්තම කිව්වොත් එතුමගේ උපන් දිනේ මතක තියාගන්න කරදර වෙන්න ඕනැ නෑ, කොහෙත්ම කරදර වෙන්න ඕන නෑ උදේම පත්තර බලනකොට ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී කාරියකරවනයන්ට සුබ උපන් දිනයක් වේවා කියල පත්තරවල තියෙනවනෙ...අපට තියෙන්නෙ ඊට ටිකකට පස්සෙ කතාකරන එකයි...හරියට මතක තියාගෙන හිටිය වගේ...

ඊට සතියකට විතර පස්සෙ කාරියකරවනයන්ගෙ අලුත් පොතක් මට තැපෑලෙන් ලැබුනා...ඊටත් දවස් දෙක තුනකට පස්සෙ මට යාලුවන්ගෙන් මඩ බාල්දි පිටින් වදින්න ගත්තා...ඊ මේල් වලිනුයි කෝල් දෙනවයි එක වැඩයි...

මොකද කියල බලපුවම නයි ටී ඇන් එකේ කාරියකරවනයන්ගෙ සාකච්ඡාවක් තිබිල තියෙනව ඒකෙ මගෙ නමත් ගෑවිලා තිබ්බලු,මම පස්සෙ වෙලාවක ඒ සාකච්චාව හොයාගෙන බැලුවා...සාකච්ඡාව මෙහෙයවන කෙල්ල බෝලෙ උස්සල දුන්නම කාරියකරවනයන් උඩ පැනල ඩෑෂ් ගහන්නෙ හෙන ගහනව වගේ...ඒකෙ කොටසක් මෙහෙමයි...

ඔබතුමන් ලංකාවෙ ජීවත්වන ජ්‍යෙෂ්ටතම මාධ්‍යවේදියා,ඒ වගේම කීර්තිමත් සාහිත්‍යධරයෙක් හැටියටත් ඔබතුමා ප්‍රකටයි...ඔබතුමන්ගෙ සාහිත්‍ය ජීවිතය ගැනත් යමක් කියනව නං...

ඔන්න බෝලෙ එතුමට පාස් වුනා දැන් දෙනව ඩෑෂ් පාර හතර අතේ...

ඒ වගේම ඔබතුමන්ට ලොකු පාඨක පිරිසකුත් ඇති නේද...

පාඨකයො කියන්නෙ ලංකාවෙ පමණක් නොවෙයි ලෝකෙ පුරාමත් මගෙ පාඨකයො විසිරිලා ඉන්නව...මේ ලඟදි ඇමෙරිකාවෙ ඉන්න....කියල මහත්මයෙක් මට ටෙලිපෝන් කරලා මම ලියපු අලුත් පොත ගැන ඇහුවා...ඔහුට ඒ රටේ පොත ලබාගන්න ක්‍රමයක් නැති නිසා මට පොත තැපැල් කරල යවන්න සිද්ද වුනා...පොතේ මිළ රුපියල් තුන්සිය ගානයි තැපැල් ගාස්තු රුපියල් දෙදාස් නමසිය ගානක් ගියා...

ඔන්න ඔය කතාවට තමයි මට මඩ ගොඩවල් වැදුනේ...

තවත් සාහිත්‍යධරයෙක් මට චෙන්නායි වලදි මුණ ගැහුනා ඔහු ඒ දිනවල රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්...ඔහු විශ්ව විද්‍යාලයේ රාජකාරි කරන සමයේදී ලියූ නවකතා කෙටිකතා එකක් නෑර මා කියවා තිබුණු නිසා ඔහු ගැන මගේ හිතේ ලොකු  හැඟීමක් තිබුනා...හරියටම කිව්වොත් පිළිමයක් මෙන් විශාල ප්‍රතිරූපයක් ඔහු ගැන මගෙ හිතේ ගොඩනැගිල තිබුනා...නමුත් මුණගැහිල විනාඩි ගාණක් ඇතුළත ඒ පිළිමය මගේ දෙපාමුල කඩා වැටුනා කියල කියන්නත් කනගාටුයි...නමුත් ඇත්තටම සිදුවුනේ ඒකයි...එතරම් රසවත් නවකතා කෙටිකතා ලියූ ඔහු කිසිම රසක් නැති මිනිහෙක්...

ඒ කතාව අවුරුදු දහඅටක් පමණ ඈතට දිවයනවා...කාලය 1994මහ මැතිවරණ සමය, බස්නාහිර මහ ඇමතිවරිය වූ චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ මහ මැතිවරණයෙන්ද ජයග්‍රහණය කරන ලකුණු හතර අතින්ම පෙනෙන්නට තිබුනා...මහ ජන්දයේ පෙරමුණේ ලැයිස්තුවට මෙන්න මේ මම කියන විශ්ව විද්‍යාල ආචාර්ය වරයාගේ නමත් ඇතුළත්ව තිබුනා...

දවසක්දා මම ටවුමෙ ඉඳන් පයින්ම ගෙදර යද්දී පාරෙදී මගෙ හිතවතෙක් මුණගැහුනා,අපි දෙන්න කතාකරමින් යන ගමන සුපුරුදු පරිදි මහ ජන්දය ගැන කතාව ඇදිල ආවා...

මචං...මහත්තයටත් මනාපයක් දීපං...

හිතවතා මට කියාසිටියා...ඒ වෙනකොටත් මම තැපැල් චන්දෙ පාවිච්චි කරල හිටියත් මම ඒ ගැන කියන්න ගියෙ නෑ...

ඒ ඇයි බං උඹේ යාලුවෙක්‌ද...

නෑ මචං අපේ ලොකු අයියගේ ගුරුතුමානෙ...

යාලුව මනාප හිඟාකන හේතුව මම එතකොටත් දැනගෙන හිටියේ...අර චන්ද අපේක්ෂකයා ඔවුන්ගේ කුලයට අයිති කෙනෙක්...

තමන්නෙ එකා වීම හෙවත් තම කුලයට අයත් නිසා,නෑදෑකම් හිතවත්කම් නිසා,ගමේකම නිසා චන්දය පාවිච්චි කිරීම මම දන්න දවසෙ ඉඳන්ම පිළිකුල් කරපු දෙයක්...ලංකාවට මේ වින්නැහිය වෙලා තියෙන්නෙ ඔන්න ඔය ආකාරයට චන්දෙ ගත්තු අපතයො දේශපාලනයට එකතුවීම නිසාය කියල මට තවම හිතෙනවා...

කොහොමහරි මහ චන්දෙදි මේ අපේක්ෂකයත් දිනල නියෝජ්‍ය ඇමතිකමකුත් හම්බවුනා...

ඊට පස්සෙ ලංකාවෙ ප්‍රකට සාහිත්‍යකරුවන් කණ්ඩායමකුත් එක්ක චෙන්නායි වල සංචාරය කරද්දී මට මේ පුද්ගලයාව මුණගැහුනා...

සාහිත්‍යය ගැනත් ඔහු ලියූ කෘතීන් ගැනත් ප්‍රමාණවත් දැනුමක් මට තිබුණු නිසා කතාව එපමණ අසීරු වුණේ නෑ...ඔහුගෙ ස්වයං ලිඛිත චරිතාපදානයක් මාස කීපයකට පෙර නිකුත්වී තිබුණු බව මම දැනගත්තෙ ඒ මොහොතේදීයි...චරිතාපදානයේ නම ඔහුගෙන් මම අහද්දී ඔහු මා වෙත හෙලුවේ නොපහන් බැල්මක්,හරියටම සියලුම ලාංකිකයින් ඔහු ලියපු පොත ගැන දැන සිටිය යුතුයි යන හැඟීම ඔහුගෙන් පළවුනා...

කෘතියේ නම ඔහු පවසා සිටියේ අවඥාවෙන් යුත් බැල්මක්ද සමගයි...

ඔහු විසින් ගොඩනගා තිබූ පිළිමය දෙදරා මගෙ දෙපාමුල ඇදහැලුනෙ ඒ මොහොතේදීයි...

මේ පුද්ගලයගෙ චරිතාපදානය මහාචාර්ය සුචරිත ගම්ලතුන් දැඩි ලෙස විවේචනය කලේ එය ආණ්ඩුවෙ දේශපාලකයෙකුගේ පම්පෝරියක්‌ පමණයි කියමින් ...

ඊළඟ මහ මැතිවරණයේදී ඔහුට දුක්ඛිත පරාජයක් උරුම වුනා...

ඉතිං මගේ බ්ලොගයේ පාඨකයෙක් සහ කමෙන්ට් කාරිනියකද වන සඳා මට එවා ඇති කවි පෙළ පහතින් එකතුකරනවා...ඒ වගේම අද ඇයගේ උපන් දිනයයි ඇයට සුබ උපන් දිනයක් වේවායි කියා මා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

හුදෙකලාව

සියොලඟම දැවටිගෙන
අත් ඇඟිලි පටලාන
යනෙන තැන් පුරාවට
හිඳින...
ඔබයි මා සුපෙම්වත

කිසිදිනෙක වෙන්නොවෙමු
ගිවිසගත් විලසින්ම
රැඳෙන කිසිවෙකුවෙනම්
ඔබයි මා සුපෙම්වත

වැළඳගමි සෙනෙහසින්
මුවතබා හාදුවක්
පපු කුහර හිස්කරන
සුසුම් පොද සමගින්ම

දනියි මෙදියත පුරා
නුඹ සෙනේ ඉඳුරාම
මුණගැසුනු කිසිවෙකුත්
පෙම්බඳියි නුඹටනම්

නුඹයි මා සුපෙම්වත්
සදාකල් පෙම්වතා
සදාදර පෙම්වතා
හුදෙකලාව






99 comments:

  1. සදාට සුබ උපන් දිනයක් වෙවා.මහා ප්‍රතිරුප මවාගෙන ඉන්න මිනිස්සු මුනට හමු උනාම එව බිදෙන එක මටත් වෙලා තියෙනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත්.. :)

      Delete
    2. මම මොන තරං බලාපොරොත්තු කදකරගත්තද කිව්වොත් දමිත් දැන් ප්‍රතිරූප ගොඩනැගීම නවත්තලයි තියෙන්නෙ

      Delete
  2. සඳා කවි ලියලා තියෙන්නේ හැලපයාට නෙමේ වෙන්ට ඇති නේද? :D

    භටවිය ??? ඒ මොකක්ද ඒ? සෙබළිය කීවා නම් ඉවරයි නේද? පාඨකයෙක් කීවාම දෙගොල්ලම අයිති වෙන්නේ නැද්ද?

    සඳාට සුබම සුබ උපන් දිනයක්!!! :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට ගැලපෙන විනෝදාංශයක් තියෙනවා..මේක බලන්ට..

      Delete
    2. ස්තුතියි පොඩ්ඩි.. :)
      නෑ අනේ.. මට හැලපේට කවි ලියන්න වෙලා නෑ..

      Delete
    3. පාඨකයගේ කාන්තා යෙදුම අපට ඉකමනටම හොයාගන්න හැකිවෙයි පොඩ්ඩි

      Delete
    4. @සහන්
      දැන් කකාගෙ රස්සාව සහන් බාර අරගෙන වගේ

      Delete
    5. පාඨකිය

      Delete
  3. සන්න්ශාට සුභ උපන්දිනයක් මුලින්ම.

    මම අර වචනේ නම් දන්නේ නෑ. නමුත් පාඨකාවිය කොහොමද?

    ඔය හුඟක් කලාකාරයෝ ලේඛකයෝ හිතනවා අපි එයාලා ගැන අනිවාර්‍යයෙන් දැනගෙන ඉන්න ඕනෙ කියලා. ඇයි බං අර සුපර් මාකට් එකකදි එක සේවිකාවක් තමාගැන දන්නේ නෑ කියලා කවුද රූ ‍රැජිනකට මල පැනලා හෙන කේස් එකකුත් ගියේ.

    ReplyDelete
    Replies
    1. සඳාට සුභ උපන්දිනයක් කියන එකයි අදහස් කලේ.

      Delete
    2. ස්තුතියි හෙන්රි ... :)

      Delete
    3. පාඨකාවීය කියන එකනං කලාත්මකයි මචං නමුත් භාවිතාවේදී කොහොම වේවිද දන්නේ නෑ නේද

      Delete
  4. හොඳ වෙලාවට හැලපයියා කවි ලියන්නේ නැත්තේ පාඨකාවිය ගේ කවියට මෙච්චර ලොකු පුර්විකාවක් ලිව්වනම් මෙයා කවියක් ලිව්වනම් බලන්න වෙන්නේ කොටස් දෙක තුනක පුර්විකවකට පස්සේ තමයි.....(හි... හි.... හි....)
    අර පිළිම කඩාගන්න කතාවනම් සහතික ඇත්ත..... මහා ප්‍රතිරුප කියලා හිතන් හිටපු අය පිටරට වලදී පිචන් වෙන හැටි දැක්කම අයියෝ කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ අනේ රාළේ මෙහෙමත් අපහාසයක්,බලපන් ඔය පොඩි කවි පෙළ විතරක් දැම්මමනං මදි කියල හිතාගෙන මම තව යමක් ලිව්වෙ බොලාට රස විඳින්න නේද

      Delete
    2. රාලගේ කොමෙන්ටුව ආදරයෙන් හෙලාදකිමි :) නියමයි කඩේ අයියත් ලියන්න කවි ටිකක්

      Delete
    3. ඒක තමයි ඔමා,මට බෑනෙ ඔය වැඩේ.උත්සාහයක් කරලා බලන්න ඕනෑ

      Delete
  5. තනතුරු වලින් ඉදිමෙන යට වැඩි ආයුෂ නැහැ අනෙක මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක නං සහතික ඇත්ත කෝරළේ මහත්තයො,අර ඔබේ අත්දැකීමත් ලියන්න

      Delete
  6. මම හිතුවා වටේ තලල කවි ටික බලන්න වෙන්නෙ ලබන පෝස්ට් එකෙන් කියල :)

    සුභ උපන්දිනයක් කියල අපිත් පතන්නම් කෝ්්්් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්.. :)

      Delete
    2. සෑම් කොහොමත් මගේ තැලිල්ලට මනාපයි කියල මම දන්නවනෙ

      Delete
  7. ම්ම්ම්.... මට ගොඩාක් සතුටුයි හැලපේ... :)
    මම හිතුවෙ නෑ ඔයා මගේ උපන්දිනය දවසේ මේ කවි ටික දාවි කියලා... :)

    ReplyDelete
    Replies
    1. හැලපගේ පාඨකාවියට සුබම සුබ උපන්දිනයක් වේවා

      Delete
    2. ඔයාද මේ කියන සඳා ... ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා..

      මාත් මේ ලඟදි මගේ උපන් දිනේ සැමරුවේ... මේ තියෙන්නේ ලින්ක් එක...

      Delete
    3. ස්තුතියි රාළ.. :)

      Delete
    4. ස්තුතියි සහන්.. :)
      ඔයාගේ පොස්ට් එක කියෙවුවා..

      Delete
    5. සුබ උපන් දිනයක් වේවා !!!

      Delete
    6. ස්තුතියි සුදික... :)

      Delete
  8. නෙතින් නෙත බලා හිද
    ස්නේහයෙන් නුඹත් එක්ක
    කතාකරපු දින ගැන ගැන
    ගෙවෙන හැම මොහොතකම
    ප්‍රේමයෙන් කිති කවයි මසිත...
    මා ඔබෙන් ලබනා සෙනෙහස
    ඇතිව නැතිවන බැදීම් පිරි ලොව
    අදහනුත් බැරි බැදීමකි මෙය...

    සුබ උපන්දිනයක් ආදරණීය සඳා !!!
    නාලිකා

    ReplyDelete
    Replies
    1. මගේ සදාදරණිය යෙහෙළිය... ස්තුතියි නාලි... :)

      Delete
    2. තෑන්ක්ස් නාලිකා,මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,ෆලෝ පාරකුත් දාල තිබුනා නේද

      Delete
  9. මම උඹව මරනවා කියලා මරනවා නෙවේනේ හැලපයියේ .. ඒ තැනට පත් කරනවා ගැහැණිය විසින් පිරිමියාව.. අන්තිමට දෝස්මුරේ එන්නෙත් පිරිමියට.. මට දුක කොහෙවත් යන උන් නිසා පිරිමි විනාශ වෙන එක ගැන..

    ඒවා ඉතින් වෙනම කතා නෙව .. හරි අපි ඕක අමතක කරමු... කාගේද උපන් දිනේ කිව්වේ...ආහ්හ් හරි මේ තියෙන්නේ ... සුබ උපන් දිනයක් වේවා සඳා ...

    .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්.. :)

      Delete
    2. කොහොම වුනත් සහන් ඔයා සකල සන්තැසියම වෙන්නෙ ආවේගයන් මැඩ පවත්වා ගන්නට හෝ පාලනය කර ගන්නට ඇති නොහැකියාව නිසා නේද,මොකද මම එහෙම කිව්වෙ අතීතයේ ඔවැනි සිදුවීම් දකින්නට නොතිබුණු නිසා.

      Delete
  10. උප ඇමතිගෙ පොත් ටික නම් මරු. මං කැමතිම පොත හෙයියංමාරුව.

    ඒක නොවෙයි අර පෑන ආපහු දුන්නද ඈ?

    ReplyDelete
    Replies
    1. ඇයි කොපුව විතරක්ද කොහෙද එයාගෙම ඇදුමෙ තිබිල හම්බවෙලා තිබුනෙ.

      Delete
    2. ඔය උප ඇමතිගේ හෙයියම්මාරුව කියන නවකතාවෙන් තමයි මං මුලින්ම ගබ්සාව කියන කේස් එක ගැන කියෙව්වේ!

      http://kathandara.blogspot.com/2013/09/short-story-plagiarised-from-ministers.html

      ඒ පොතේන කොප්පේ ගහලා මං කෙටි කතාවකුත් ලිව්වා!

      Delete
    3. කකා මමත් හෙයියන්මාරුවට හරිම කැමතියි,ඔය මනුස්සයට තිබිච්චි කැමැත්ත ඔක්කොම නැතිවුනා උන්දැ හැසිරුණු විදියට .
      කාරියකරවනයන් ගැන මම මොනව ලිව්වත් කකා ඔයා කතාව අහනවනෙ.

      Delete
    4. කකා,
      මම ලඟදි කියෙව්ව ප්‍රතිරූප බිඳීයාම සම්බන්ධ ඔබේ කතන්දරයක්. අර ඒ කාලෙ ඇ‍ෙඟෙන් ලොකුවට හිටිය කොල්ලො දෙන්නෙක් පහු කාලෙක මුනගැහිල බලද්දි අඩි පහක් විතර උසට හිටිය කතාව. නැද්ද ලින්ක් එක. මට හොයාගන්න බැරිවුනා.

      Delete
  11. සඳා ට ඔතන්ජෝබි ඔමිදිතෝ ගොසයි මසු.....!!!
    >>සියොලඟම දැවටිගෙන
    අත් ඇඟිලි පටලාන
    යනෙන තැන් පුරාවට
    හිඳින...
    ඔබයි මා සුපෙම්වත<< මේ ටික,
    හැලපට කියල එහෙම හැලප තුමියගෙන් කොසු පාර කාල අපිට නොකියන්...
    සඳා...... :):):)

    ReplyDelete
    Replies
    1. දෝමෝ අරිගතෝ ගොසයිමසු කෙන්ජි... :)
      ම්ම්ම්... එහෙම කියලා හැලපිගෙන් කොසු පාර කන්න නේද... ?? හැලපි මගේ ගැන හොඳට දන්න නිසා ප්‍රශ්ණයක් නෑ කෙන්ජි... :)

      Delete
    2. එම දෙපල නොදැක තිබුනත් හදවත් ඩයමන්ඩ් වලටත් වඩා වටින බව මටත් වැටහිලා ගොඩක් කල් සඳා...
      දෝ ගසි මස්තේ...

      Delete
    3. කෙන්ජි, අගය කිරීම ගැන ගොඩක් ස්තූතියි කෙන්ජි,රන් වැනි හදවත් ඇති මිතුරනුත් මට මහත් සම්පතක්.

      Delete
  12. / ඒ කතාව අවුරුදු දහඅටක් පමණ ඈතට දිවයනවා...කාලය 1995මහ මැතිවරණ සමය, ඊට කලින් අවුරුද්දෙ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබාගත්තු චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ මහ මැතිවරණයෙන්ද ජයග්‍රහණය කරන ලකුණු හතර අතින්ම පෙනෙන්නට තිබුනා. /

    මේ හරියට දින වකවානු ලියපං හරිය?..95 කොහෙද බොල මහ මැතිවරණයක් තිබ්බෙ?...මහ මැතිවරණය තිබ්බෙ 1994 අගෝස්තු..ඊට පස්සෙ ඒ අවුරුද්දෙම නොවැම්බර් මාසෙයි ජනධිපතිවරණය තිබ්බෙ.

    බටයගෙ ගෑනු සතා ඇවිල්ල බටිච්චි..ඔහොම මම දැක්ක ආමි එකේ පාරිභාධික වචන මාලාවෙ තිබ්බ එක එක නිලයන්ගෙ ස්ත්‍රී වාචී පද...

    ලුතිනන් - ලුතිනනී
    කපිතන් - කපිතනී
    මේජර් - මේජරී
    කර්නල් - කර්නලී
    බ්‍රිගේඩියර් - බ්‍රිගේඩියරී
    ජෙනරල් - ජෙනරලී

    ආ..සඳා - සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී.... :)

      Delete
    2. කෝ මේ විචාරක මහත්තය

      Delete
    3. සමාවුව මැනවි සූර්යාභිධානයාණෙනි සමාවුව මැනවි,වර්ෂයන් පැටලීම මට තියෙන ලෙඩක් තමයි,කෙසේ වුවද මා විවාහාභිශේකයද සිදුවූයේ උක්ත වර්ෂයේම බැවින් ලෙඩේ ඩබල් වී ඇති බව පෙනීයයි.
      භටයගේ බටිච්චි කියනවට වඩා බට්ටිච්චි කිව්වොත් ලස්සනයි නේද,ආමි එකේ ස්ත්‍රී වාචී පද ටික විචාරක තුමන්ට කියල අනුමත කර ගනිමු.

      Delete
  13. සුබ උපන්දිනයක් - සදා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හස රැල්... :)

      Delete
  14. මේ හැමෝටම දන්වන වග නම්... හැලපේ කිවුවා " දැන් ඔයාම රිප්ලයි ලියන්නත් " කියලා... ඒකයි මම රිප්ලයි කරන්නේ හොඳේ...

    ReplyDelete
  15. 'පාඨකාවිය' කිව්වොත් හරිද මන්දා...දන්න සිංහලත් අමතක වෙනවා මාධ්‍යවේදියෝ කරන වැඩ හින්දා... :-)

    සඳා ට සුභ උපන්දිනයක් වේවා කිව්වා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කැන්ඩියන්... :)

      Delete
    2. කවුරුත් වැඩි කැමැත්ත පාඨකාවීය කියන යෙදුමට වගේ දැන් පෙනෙන්නෙ කැන්ඩියන්

      Delete
  16. සදාට සුභ උපන් දිනයක්..හැලපෙ දැන් ඉන්නෙ ඇමරිකාවෙද ? යුරෝපයේද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා.... :)
      හැලපේ ඉන්න දිහා කියන්න මට අවසර නැහැනේ නේද...?? ..:)

      Delete
    2. දැන් නං මම ඉන්නෙ ඇමෙරිකාවෙ වත් යුරෝපෙවත් නෙවෙයි මැද පෙරදිගයි,සිරා රවුමක් දාල යන්න එනවනං වරෙන් මේ දවස්වල අඹුදරුවෝ කවුරුත් නැතුව පට්ට පාලුවෙන් ඉන්නෙ.

      Delete
    3. එහෙනං පත්තර කොළේකින් ඔතාගෙන තේ වතුර බෝතලේකුත් අරගෙනම එන්නම්...

      Delete
    4. එපා බං,එව්ව ඇතිවෙන්නම මෙහෙ තියෙනව,නිකං වන වනා වරෙන්.

      Delete
  17. හැලප ඔතන පාඨකී සඳාට සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!තව තව කවි ලියන්න ලැබේවා.

    හැලපේ නමට සංස්කෘතික ඇමතිලා වෙච්ච වීර සූර පප්පලා ලිස්ට්වල අන්තිමට වැටුනේ කරපු හොඳ නිසානේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ... :)
      "හැලප ඔතන පාඨකී" කිවුව එක නම් තේරුණේ නෑ...

      Delete
    2. හැලප කඩේ ඉඳන් කමෙන්ට්ස් දාන, හැලපයාගේ පාඨකයා නිසා.

      Delete
    3. ඔය මිනිස්සු කරපු දේවල් ගැන නං කියල වැඩක් නෑ අරූ,දැන් පීචං වෙලා ඉන්නව

      Delete
  18. සඳාට සුබම සුබ උපන් දිනයක් කියලා අපිත් ප්‍රාර්තනා කරනවා !

    හුදකලාව කියන්නේ හරිම සුන්දර දෙයක් ,,,

    මව් කුසක හුදකලාවෙන් ආරම්භ වන හුදකලාව, සුසාන භූමියකින් හුදකලවේම අවසන් වෙනවා,,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුශානි ... :)

      Delete
    2. මුලින්ම තුශානිව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,ඔබේ සිතුවිල්ලත් හරිම සුන්දරයි කවියක් වගේ.

      Delete
    3. බ්ලොග් එකට පිලිගත්තට ගොඩක් ස්තූතියි.. බ්ලොග් කලාවට මම තාම අලුත් ,,

      Delete
  19. ලස්සන නිසදැසක්. ඒ වගේමයි හැමදාම වගේ හැලප අයියාගේ තම්පලා ගහ සුද්ධ කරපු එකත් එල.
    සුභ උපන් දිනයක් වේවා මේ කියන සඳා ට

    ReplyDelete
  20. ඔය කොල්ලෝ පට්ට කෑල්ල කියන්නේ පාඨකයන්ගේ ගැහැණු සතාට කියලා මම හිතුවේ :)
    බාලක - බාලිකා නිසා පාඨක - පාඨිකා විය හැකියි. මේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නෑ. එනිසා වෙන බ්ලොග් එකකට ගිය වෙලාවට දැක්කොත් තමයි එන්නේ.

    ReplyDelete
    Replies
    1. නැවතත් උත්සහ කරලා බලන්න සුදීක,නැත්නං ෆලෝ කලොත් කරදරයක් නථීවංඅ ලැබෙනවනෙ.

      Delete
  21. සුබ උපන්දිනයක් වේවා! කවි පෙළ ලස්සණ යි කාට ලිව්වත් :)

    ReplyDelete
    Replies
    1. දිලිනිට සඳා ස්තූති කරයි,මම ඔබේ බ්ලොගට ගිය වෙලේ දැක්කෙ ඔබ කිසිම වැඩකට නැති අපතයෙක් ගැන පෝස්ට් එකක් ලියල තිබුනා,ඒ වගේ වෙලාවට පෝස්ට් ලිය ලියා ඉන්නෙ නැතිව කමෙන්ට් එක මකල දාන්න ඔහොම ලියන්න ගියොත් ඔය මිනිස්සු තව උඩ යනවා

      Delete
    2. ගොඩාක් ස්තූතියි දිලිනි... :)
      කාටවත් නෙවේ ලියලා තියෙන්නේ දිලිනි.. " හුදෙකලාව" ගැන.. :)

      Delete
  22. හැලපයියාගේ පාඨකවියට සුභ උපන්දිනයක්....!
    කවදාදෝ හැලපයියා ගේ ..උපන්දිනේ.?

    ReplyDelete
    Replies
    1. මගෙ උපන්දිනේ නං එන අවුරුද්දෙ මාර්තු මාසෙ මනෝජ්,අද මගේ උපන්දිනේ මට සුබ පතපල්ලා කියල මම පෝස්ට් දාන්නේ නැති නිසා උපන්දිනේ නිහඬවම ගෙවිල යනවා

      Delete
    2. ස්තූතියි මනෝජ්.. :)
      හැලපේගෙ උපන්දිනය දවසට මම කියන්නම්කෝ.. එතකොට මනෝජ් සුභ පතන්නකෝ හොඳද...

      Delete
    3. අනිවාර්යෙන්ම සදා එහෙනම් කියන්න ඕනේ හොදේ....:)

      Delete
  23. එහෙනම් ඉතින් අපිත් හැලප කඩෙන් හැලපයක් එහෙම කාල තේ උගුරක් බොනගමන්ම යාලුවගෙ උපන් දිනේට සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත් .. :)

      Delete
  24. අර පාඨකාවියට අපිත් සුබ පතන්නම්කො එහෙනම්...කාරි මහත්තයා කොහොම හරි වියදම කවර් කරගෙන තියෙන පාටයි..හොඳා හොඳා..

    ReplyDelete
    Replies
    1. කාරී මහත්තය වැඩකාරයා වෙනී, දැන් නං ඇඳෙන් නැගීටින්නත් බැරිලු

      Delete
    2. ස්තූතියි වෙනී.. :)

      Delete
  25. බ්ලොගේ හැලපයියාගේ, සිනි කිරාගන්නේ කවුරුවක්වත්. අනෙ මන්දා, සිරා පොරක් වෙලත් 64 ඒවට මෙයත් අහු වෙනවානේ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඇනෝ,අපි කොච්චර පොරවල් වුනත් ඔය 64 ට අඩූ වැඩි වශයෙන් මුළු ජීවිත කාලය පුරාම අහුවෙනව නේද,සමහර වෙලාවට අහුවුනා කියල දන්නෙත් කාලෙකට පස්සෙ එහෙම නේද.මට නං එහෙමත් වෙලා තියෙනව.කොල්ල කාලෙ එහෙම කෙල්ල ආදරයෙන් ඇඟේ අතිල්ලිලා කරන යම් යම් ඉල්ලීම් 64 න් එකක් කියල හිතෙන්නෙත් පස්සෙ කාලෙකදී ඒ ගැන නිවී සැනසිල්ලේ විචාර බුද්ධියෙන් හිතල බලද්දී තමයි.
      පිරිමි අපි කොච්චර උගත් බුද්ධිමත් කියල හිතාගෙන මුලාවක හිටියත් යන්තං ඇටෙන් පොත්තෙන් ඉඳිච්ච පොඩි කෙල්ලන්ට සමහරවිට ඉතාම ලජ්ජා සහගත ආකාරයට අහුවෙනවනෙ,ඔව්ව ගැන එච්චර හිතන්න හොඳ නෑ,අද කොච්චර පොර ටෝක් දුන්නත් නොදැනුවත්වම හෙටත් අහුවෙනව,ඒක ෂුවර් ඇන්ඩ් ෂොට් දැනුවත්වම එහෙම කලාම හිතට දුකක් නෑ.
      බ්ලොගේ වැඩේ ගැන කිව්වොත් මේ වැඩේ නිසා ඇයගේ හිතට පොඩි හරි සතුටක් ලැබුනනන් මටත් සතුටුයි,එච්චරයි.
      මම සිරා පොරක් කියල කියපු එකට ගොඩක් ස්තූතියි,ඔය මට කවුරුහරි ඔහොම කිව්වමයි.

      Delete
    2. ඇනෝ..,
      ඔයාට බොහොම ආදරයෙන් කියන්න කැමතියි.. මම නම් මෙතන කිසිම මායමක් දාලා නෑ කියන එක.
      හැලපේගෙ ඉල්ලීමට කවි ටිකක් ලියලා දුන්නා.. එයාගේ කැමැත්තෙන්ම මගේ උපන්දිනේ දවසේදී ඒ කවි ටික පළ කළා.. එච්චරයි මෙතන උනේ.
      අනික ඔයා දකින්න නැතුව ඇති මයේ හිතේ මම උඩින් දාලා තියෙන කමෙන්ට් 2.
      1.) ම්ම්ම්.... මට ගොඩාක් සතුටුයි හැලපේ... :)
      මම හිතුවෙ නෑ ඔයා මගේ උපන්දිනය දවසේ මේ කවි ටික දාවි කියලා.. :)

      2.) මේ හැමෝටම දන්වන වග නම්... හැලපේ කිවුවා " දැන් ඔයාම රිප්ලයි ලියන්නත් " කියලා... ඒකයි මම රිප්ලයි කරන්නේ හොඳේ...

      කිසිම දෙයක් ගැන උපේක්ෂාවෙන් බලන්න බැරි, ඉරිසියාව හිතේ පුරවාගෙන ඉන්න මනුස්සයෙක් නේද ඇනෝ ඔයා..??

      මේ වගේ පහත් කමෙන්ට් දානකොට ඔයාගේ අනන්‍යතාවය එක්කම දැම්මා නම් නේද හොඳ..?? එතකොට කාට කාටත් ඔයාගේ හැටි දැනගන්න පුළුවන් වෙයිනෙ..

      Delete
    3. ඇනෝස්ගෙ උපමාව ජුංඩක් විතර ගැලපෙන්නෙ නෑ නෙවද? අනුන්ගෙ සීනි කිරනව කියන්නෙ තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැතුව අනුන්ගෙ වැඩ කරල දෙන එකට..හෑන්ඩ් ඊටිං කව්ස් වොචිං කියන්නෙත් අන්න එහෙම සීන්ස් එහෙකට.

      ඇනෝස්තුමා/තුමිය….. අනුන්ගෙ පානෙං එළිය බලනව කියල කිව්වනං ආන්න ඔයා අදහස් කරං ඉන්න දේට ටක්කෙටම හරි..:)

      සීනි කිරන උපමාව හරියටම නම් ගැලපෙන්නෙ ඔයාට..හැලපෙට ප්‍රශ්නයක් නොවෙන දේ ප්‍රශ්නයක් කරගෙන සීනි කිරන්නෙ ඔයා කියලයි මට හිතෙන්නෙ :)

      Delete
    4. හැලපයියා සමහාවෙන්න, උඩ ඇනෝම තමයි මේත් ලියන්නේ, මම බ්ලොග් ලියන්නෙක් නෙමේ. ඒ නිසා මට අනන්‍යතාවය දැක්විමට අවශ්‍ය නැත.හැලපියියාගේ බ්ලෙ‍ොගේ බලන්නේ හිරාවෙල තියෙන මනස ලිහිල් කර ගන්න මිසක් සත 5තට වැඩක් නැති දේශපාලනයවත්,ත් අනුන්ගේ පිට කැසිලි බලන්නවත් නෙමේ.අපිට කලින් මේ ලොකේට ආපු අතීතය ගැන අත්දැකීම් ඇති කෙනෙක්ගේ අත්දැකීම් දැනකියා ගැනිමට මිස බලි බලන්න නෙමේ.
      ඔය දෙන්නාටම පිළිතුරු හැලපයියා දීලා තියෙනවා.
      සඳා නෝනා.
      මම උපේක්ෂාවෙන් බලන්න හොඳට පුළුවන්. දැනුත් බලන්නේ උපේක්ෂාවෙන් තමයි.ඔයා ගැන මොකක් කියලා ඉරිසියාව උපදවාගන්නද මං.එහෙමනම් මම ඔබට කියනවා විවේචනයක්/ අන් මතයකවත් ඉවසිය නොහැකිබව.ඔබ කවි ලියලා දෙන්න කියපු වගක් නම් කොහේවත්සදහන් නැහැ. අනික ඔබට වඩා වයසින් බොහෝ වැඩි අයෙකුට හැලපේ කියලා හැඳින්වීම නොතරම් කියලා තමයි මට හිතෙන්නේ.හරියට ඔයාගේ කාටද අමතනවා වගේ.කවි නම් දැම්මේ හැලපයියාගේ තියෙන් මනුස්ස කමට .ඔබ ට සතුටක් ඇති කරවීමටයි. නමුත් උනේ වෙන දෙයක්.අනුන්ගේ සතුට වෙන්වෙන් බොහෝදේවල් කරන අය තාමත් ඉන්නවා. ඔයාට තියෙන ප්‍රශ්ණය මමකියුව දෙය තදින් මනසට කා වැදීමයි. නමුත් හැලපයියා ඒක සැහැල්ලුවෙන් බාර අරගත එබ උත්තරයෙන්ම පේනවා .
      රවි මහත්තයා - මම නම් කාගේවත් සීනි කිරන්න ගොස් නැහැ. මම කියුවේ සිනී කිරාගන්නවා කියලා. ඒකෙන් අදහස් කලේ ඔබ කියුව අනුන්ගේ පහනින් එළිය බැලීමම තමයි.සිනි කිරීමයි, සිනී කිරවා ගැනිමයි දෙකක්. ඔබ ඉංග්‍රීසි උපැහැරන කියුවාට සිංහල වත් හරියට තේරුම් ගන්න බැහැ වගේ. කොහොම උනත් මට නම් හැලපයියා ගේ අතදැකීම් අනුව හා කුල මල අවුසන්නනේ නැතිව,පොරත්වය කියන්නේ නැතිව අති සරලව අනුන් තුල ප්‍රහාස්වරය ඇති කරන ඔහු සිරාම පොරක් තමයි.

      Delete
    5. ඇනෝ..,
      ඔයා හිතන්නේ ඔයා හිතන ටිකයි, මේ පෝස්ට් එකෙන් කියවන ටිකයි තමයි හරි කියලා...
      මම කියලා තියෙන දේවල් ඇත්තද, බොරුද කියලා හැලපේ දන්නවා.., අනික මේ බ්ලොග් එකෙන් එහා පැත්තේ සැබෑ ජීවිතේදී මම හැලපේට කොහොමද ආමන්ත්‍රණය කරන්නේ කියලත් හැලපේ දන්නවා.. ඒ නිසා.. ඔයා කියලා තියෙන කිසිම දෙයක් ගැන මට ප්‍රශ්නයක් නෑ..
      බොහොම ස්තුතියි ඔබට... :)

      Delete
  26. හැලපයියා මේ පාඨකයාට ගැහැණු නමක් හොයනවා ...හොඳයි පුළුවන් නම් හොයන්න බලන්න ගණිකාව කියන එකට පිරිමි නමක්....!

    ReplyDelete
    Replies
    1. ඒ නම හොයන වැඩෙත් අපි රවිට බාරදෙමු ඉවාන්,මරු නමක් හොයල දෙයි.

      Delete
    2. නමක් කියන්ට කලින් හැලප්ස් පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. ගණිකාවන්ගෙ පිරිමි වර්ෂන් එක ඉන්නව ප්‍රධාන වශයෙන් කැටගරීස් දෙකක්..ඔයා ඔය කියන්නෙ කොයි කට්ටිය ගැනද? :)

      Delete
    3. ඔය කැටගරීස් දෙකම ගැන කියන්නේ මගේ හිතේ......දෙකට නම් දෙකක් තියෙනවාද මෙයා?

      Delete
    4. අපි අහමුද කෙන්ජිගෙන්

      Delete
  27. සදාගේ කවි ටික ලස්සනයි , බැරිද හැලපේ අයියා ගැන කවියක් ලියන්න ,සුබ උපන්දිනයක් ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි චමි... :)
      මේ දවස් වල හැලපේ උඩින් කියලා තියෙනවා වගේ එයාගේ හැලපියි, හැලපැට්ටයි ලංකාවට ගිහින් ඉන්නේ.. ඉතිං එයත් ටිකක් හුදකලාවේ තමා ඉන්නේ කියලා හිතුන නිසා තමා "හුදකලාව" ගැන ලියන්න හිතුනේ..

      Delete
  28. සදාගේ කවි ටිකත් ලස්සනයි..අද තමයි මම හැලපෙ අයියගෙ ලිපි ඔක්කොම කියෝල ඉවර කරපු දවස. ( තාරක )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරක,දිගටම එන්න

      Delete

ඔබේ අදහස්