Sunday, October 6, 2013

94.කොන්දේසි සහිත ආදරය නළ දරුවෝ සහ වෙනත් කතා


  
 කොන්දේසි සහිත ආදරය 3
 කොන්දේසි සහිත ආදරය 2
 කොන්දේසි සහිත ආදරය 1 

ආදරයට ආදරය කරපු තනුජාට සිද්දවෙච්චි අකරතැබ්බය කෝච්චියෙ ගිය අපි කාගෙත් සිත් තුල තිගැස්මක් කම්පාවක් ඇතිකළා, වැඩියත්ම අකම්පාල වුණේ රැවුලා...

චිහ්...ඔය කෙල්ල හැංගෙන්නෙ නැතුව ඇවිත් අපට කතාව කිව්වනං අපි උදව් නොකර ඉන්නවද...අපරාදේ විහිං අමාරුවෙ වැටුනා මට කිව්වනං ඔය දරුවත් මම හදාගන්නවනෙ...

රැවුලා පොඩි දරුවන්ට පුදුම විදියට ආදරෙයි පොඩි එකෙක් දැක්කොත් මැරෙන්න හදනව,කරුමෙට ඌටම දරුවො නෑ...ඒ දවස්වල අපි කොහෙහරි ගමනක් ගියොත් ගමන යනකං එනකං අපේ පුතා යන්නෙ රැවුලගෙ අතේ...අතේ කිව්වට හරියටම කිව්වොත් කරේ...

ආ මගෙ චූටි පුතා එන්න පුතේ රැවුල් මාමගෙ අතට...

පුතා දැක්ක ගමන්ම එහෙම කියල අරගෙන කරේ තියාගත්තම කොල්ලත් අහිකුණ්ටිකයගේ කරේ යන රිළා පැටිය වගේ වට පිට බල බල යනව...

අපි චෙන්නායිවල ඉද්දි මම රැවුලට කියල එව්වා ඇවිත් දරුවෙක් හදාගනින් කියල...චෙන්නායිවල G Gහොස්පිටල් එකේ ඔය ටියුබ් බබාල හදල දෙනවනෙ...මම එහෙ ඉද්දි ලංකාවෙ කාන්තාවො හත් අට දෙනෙක්ම ඇවිත් දරුවො හදාගෙන ගියා...

GGකියන්නෙ ජෙමිණි ගනේෂන් කියන එක...ජෙමිණි ගනේෂන් කියන්නෙ හැට හැත්තෑව දශකවල ද්‍රවිඩ සිනමාවෙ හිටපු පතාක යෝධයෙක්(නොදන්න තරුණයින්ගේ දැනගැනීම පිණිසයි)ඉතිං ජෙමිණි ගනේෂන්ගෙ එක බිරිඳකට දරුවන් ඉඳල නැති නිසා දරුවන් නැතිව දුක්වෙන කාන්තාවන්ට පිහිටවෙන්න මේ රෝහල ආරම්භ කරලා තියෙනවා...රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියත් ජෙමිණිගෙ දුවෙක්...

ඔය ප්‍රතිකාර ගන්න ඉන්දියාවට එන්න ඉස්සෙල්ලා තමන් දන්න දන්න මාර්ගවලින් චෙන්නායිවල තියෙන සම්බන්ධකම් හොයනවනෙ... අන්න ඒ ආකාරයට කිසිදාක දැකලවත් කතාකරලවත් නැති ජෝඩුවලටත් උදව් කරන්න අපට සිද්ධවුනා, කොහොම කලත් පිංකමක්නෙ...

එක සැරයක් අපිත් එක්ක කෝස් එකක් කරපු කෙල්ලක් G G එකෙන් ප්‍රතිකාර ගන්න ආවා  අපි ඇයට වරුණි කියමු...

වරුණි වැඩකලේ රාජ්‍ය බැංකුවක බැඳල හිටියෙත් ඒ බැංකුවෙම වැඩකරන කොල්ලෙක්,  අපි ඔහුට රාමනායක කියල කියමු...

මේ දෙපොළට ඉඩ කඩම්,ගෙවල් දොරවල්,ධන ධාන්‍ය ආදී සියළුම වස්තුව අසීමිතව තිබුනත් ගෙදර පාළුව මකන්න දරුවෙක් හිටියෙ නෑ...දරුවෙක් අරන් හදාගමු කියල රාමනායක යෝජනා කලත් ඒකට වරුණි කිසිසේත්ම කැමති වුණේ නෑ...ඇයට අවශ්‍ය වුණේ ඇගේම කිරි දීල හදාගන්න ඇගේම ළමයෙක්...අන්තිමේදී චෙන්නායිවල GG රෝහලේ පිහිට සොයා යන්න මේ අඹුසැමි යුවළ තීරණය කළා...


ඒ අනුව වැඩ කරන බැංකුවෙන් නිවාඩු ගත්තු මේ යුවළ 1998 ග්‍රීෂ්ම සෘතුවෙ එක්තරා සැන්දෑවක චෙන්නායි නගරයට සම්ප්‍රාප්ත වුණා...

චෙන්නායිවලදී වරුණිව මට අහම්බෙන් හමුවුණා...මොකද අපි අර කෝස් එක කරල ඉවරවුනාට පස්සෙ අවුරුදු පහළොවකින් විතර හමුවෙලා තිබුනෙ නෑ...කොහේ ඉන්නවද මොකද කරන්නෙ ආදී කිසිම විස්තරයක් දැනගෙන හිටියෙ නැති නිසා ඔවුන් චෙන්නායිවලට එන බව මම කොහෙත්ම දන්නෙ නෑ...

වරුණිනං මාව දැකපු ගමන් අඳුනගෙන කතාකළත් මට ඇයව එකපාරටම අඳුනගන්න බැරිව ගියා ඒ දවස්වල පැන්සල වගේ හිටපු කෙල්ල පීප්පයක් වගෙ ආරලා...තෙල් මන්ද ඇවිත් වෙන්න ඇති...

දවස් කීපයකින් වරුණි GGඑකේ නැවතිලා මූලික ප්‍රතිකාර ආරම්භ කළා...ඊට මාසයකට විතර පස්සෙ නළයක සංසේවනය කල කළලය සුබ මොහොතින් වරුණිගෙ ගර්භාෂයේ තැන්පත් කළා...සුබ මොහොතින් කිව්වෙ ඇත්තෙන්ම ඒ සුභ මොහොතක්...උදෙන්ම හොඳින් නා පිරිසිදුවන ප්‍රධාන  වෛද්‍යවරිය රෝහලේ ඇති දේවාලයේ පැයක් විතර දෙවියන් නැමදල ස්තෝත්‍ර ආශීර්වාද මැදින් ශල්‍යාගාරයට පැමිණෙනවා...ඉන්පස්සෙ සිහිනැතිකරපු කාන්තාවගේ ගර්භාෂයේ සංසේවනය වූ කළල කිහිපයක් ඇගේ අතින්ම තැන්පත් කරනවා ...

බොහෝවිට කළල දෙකතුනක් තැන්පත් කරන්නෙ එකක් හරිනොගියොත් අනික් එක කියලයි...මේ නිසාම සමහර කාන්තාවන්ට නිවුන් දරුවන් ලැබෙන අවස්ථාද තියෙනවා...

පලවෙනි වතාවට වරුණිට කරපු ගැබ් ගැන්වීම අසාර්ථකයි...කාලෙ වැරැද්ද වගේම නොලැබීමත් වෙන්න ඇති... ග්‍රීෂ්ම කාලය කොහොමත් දරු පිළිසිඳ ගැනීම්වලට එතරම්  හිතකර නෑ...

සිහිය එද්දී මම ගොඩක් දඟලල තියෙනව...මොනව කරන්නද මගේ නොලැබීමට...

වරුණි බොහොම දුකින් කියාසිටියා...

එක පාරෙන් අධෛර්ය වෙන්න එපා ආයෙම උත්සාහ කරල බලන්න...

මම ඒ දෙන්නට කිව්වා...ඊළඟ අවුරුද්දෙ ආපහු එනව කියපු ජෝඩුව ලංකාවට ගියා...

ඔන්න ඔය දවස්වලම තවත් කාන්තාවක් දරුවෙක් ලබාගන්න චෙන්නායිවලට ආවා...ඇයත් කොහෙන් කොහෙන් හෝ මගේ සම්බන්ධකමක් හොයාගෙන ඇවිත් මට කතාකලා...

ඇය ලංකාවෙ හොඳ ඉහළ රැකියාවක් කරන කාන්තාවක්...විසිටින් කාඩ්එක බලපුවම නමට යටින් ඇය ලබාගත් උපාධි පේළියක්ම තියෙනවා...නම වගේ දෙගුණයක් උපාධි පේලිය දිගයි...

ඇයත් GGරෝහලට ඇතුල්වෙලා කළලය තැන්පත් කිරීම සාර්ථකව සිදුකරගත්තා...කළලය ස්ථිරව ගැබතුල පිහිටලා ඇතිබව දැනගන්නතුරු කාන්තාවන්ට ඇඳෙන් නැගිටීම තහනම්...අඩුතරමින් වැසිකිළියට යාමට පවා ඇඳෙන් නැගිටින්නට අවසර නෑ...කෑම් බීම් මළපහ කිරීම් ආදී සියල්ලම ඇඳේ දිගාවී සිටම කරගත යුතුයි...ඔය කටයුතු සියල්ලම තනියම කරගන්න අමාරු නිසා ඇගේ උදව්වට ලංකාවේ ඉඳන්ම කෙල්ලක් එක්කරගෙන ඇවිත් තිබුනා...

මේ කාන්තාව හරිම නපුරුයි,මොන තරම් නපුරුද කිව්වොත් ඇය ඇඳේ ඉඳගෙනම අර උදව්වට ආ කෙල්ලත් එක්ක රණ්ඩු කරන්නට පටන් ගත්තා...

සාමාන්‍යයෙන් දරු පිළිසිඳ ගැනීම් සිදුවෙද්දී කිසිම නපුරු සිතුවිල්ලකින් තොරව මෛත්‍රී  සහගතව සාමකාමී පිරිසිදු සිතින් යුතුව සිටිය යුතු වුනත් මේ කාන්තාව හැසිරුනේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට...දවසක් උදව්වට සිටි කෙල්ලත් එක්ක රණ්ඩු කරගත්ත පාර ඇය ඇඳෙන් පැනල පුටුවක් උස්සල කෙල්ලට ගහගෙන ගහගෙන ගියා...ඒත් එක්කම අර සාර්ථකව තැන්පත් කරපු කළලයත් ආගිය අතක් නැතිව ගියා...

ආපහු ඇවිත් නිකං බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා...

ඇය ආපහු ලංකාවට යන්න සූදානම්වෙද්දී මම පොඩි අවවාදයක් දුන්නා...උපාධි ගෝනියක් තිබුනත් මොළේ නැත්නම් ඇති වැඩක් නෑනෙ...

කිව්වත් වගේම ඊළඟ අවුරුද්දෙ ජනවාරි මාසේ වරුණිල ආපහු ඇවිත් මාව මුණගැහුනා...

ඔන්න කාලෙත් හොඳයි දෙයියනේ කියල මේ පාරවත් වැඩේ හරියට කරගන්න,ඔච්චර වියදම් කරන එකේ ප්‍රතිපලයකුත් තියෙන්න එපැයි...

වරුණිත් රාමනායකත් රෑ කෑමකට අපේ ගෙදරට ආපු වෙලේ මම එහෙම කිව්වා...ඊට සති කීපයකට පස්සෙ වරුණිගෙ කළල තැන්පත් කිරීම සාර්ථකව සිද්ධ කළා...මේ ක්‍රමය ස්වභාව ධර්මයට පටහැනි ක්‍රියාවක් නිසා කළලය තැන්පත් කල මොහොතේ පටන් ගර්භාෂයෙන් කළලය ප්‍රතික්ෂේප වෙනවා...එය වලක්වන්න ගර්භය ස්ථිරව පිහිටන තුරුම හෝමෝන එන්නත් කිරීම දකින්නට පුළුවන්...බොහෝ වෙලාවට හෝමෝන එන්නත ලබාදෙන්නෙ තුනටියටයි,ඒ සිරින්ජරය ටෝච් කඳක් විතර මහත ඇති, කටුවත් සෑහෙන්න මහතයි...එන්නතේ ප්‍රතිපලයක් විදියට විදින තැන්වල ලොකු ගෙඩි මතුවෙනවා...ඒ ගෙඩිත් තවමින් නැවත නැවත එන්නත් ලබාගන්න කාන්තාවකට පුදුම ධෛර්යයක් අවශ්‍ය වෙනවා...

වරුණිගෙ ළඟ ඉන්න කාන්තාවකුත් මම එහෙන්ම හොයල දුන්නා, මාස හතෙන් සීසර් කරල දරුව ගන්නතුරු වෛද්‍ය සෝදිසිය පිට වරුණි චෙන්නායිවලම ඉන්න අවශ්‍යයි...

හැම දේම සාර්ථකව සිදුවෙලා වරුණි ගැබ්ගත් ලක්ෂණ පෙන්නුම් කරන්න වුනු අවස්ථාවෙ රාමනායක ලංකාවට යන්න සූදානම් වුණා...

මගෙ නිවාඩු ඉවරයි මචං මම යනව... වරුණිට අවශ්‍ය දෙයක් බලල කරල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...

අපි දෙන්නට එහෙම කියපු රාමනායක ආපහු ලංකාවට ගියා...ඊට මාස කීපෙකට පස්සෙ විබාගෙකට වාඩිවෙන්න මටත් දවස් තුන හතරකට  ලංකාවට එන්න වුණා...කොළඹදී මාව මුණ ගැහුණු රාමනායක වරුණිට ගිහිං දෙන්න කියල මට පාර්සලයක් දුන්නා...බලපුවම පාර්සලේ කිලෝ විස්සක් බරයි...

ආපහු චෙන්නායි එන දවසෙ මම බඩුත් අරන් එයාපෝට් එකේ  බුකිං කවුන්ටරේට ගිහිං බෑග් දෙක තරාදියෙන් තිබ්බම කෙලින්ම කිලෝ හතළිහයි...ඒ දවස්වල එක මගියෙකුට ගෙනියන්න දෙන්නෙත් කිලෝ විස්සයි...

මාර උහතෝකෝටිකයක්, කවුන්ටරේ හිටපු කොල්ලට මම ටිකට් එකයි පාස්පෝට් එකයි දුන්නා...

අයිය චෙන්නායිවල ....... තැනද වැඩ කරන්නෙ...

ඔව් ඇයි මල්ලි...

මම තව සති දෙකකින් චෙන්නායි එනව මගේ පුතාගෙ ඔපරේෂන් එකකට, මොනවහරි උදව්වක් ඕනැ වුනොත් කරල දෙන්න පුලුවන්ද...

මෙන්න මගෙ කාඩ් එක...ඔයා ඕනැ වෙලාවක ඇවිත් මට කතාකරන්න ...

බෑග් වල බර ගැන වචනයක්වත් කතා නොකළ කොල්ල මගෙ බෝඩිං පාස් එක දුන්නා...

පහුවදා හවස අපි තුන්දෙනාම රාමනායක දීපු පාර්සලේ වරුණිට දෙන්න වරුණි හිටපු ගෙදරට ගියා...ටිකක් වෙලා කතා කර කර ඉඳල තේත් බීල අපි පයින්ම ආපහු එන්න පිටත්වුනා...ටිකක්දුර එනකොට අපිව පහුකරගෙන ගිය කාර් එකක් නවත්තල පස්සට ආවා, බලපුවම අපේ හිතවත් බෝස්ගෙ බිරිඳ ...

කොහෙද ගියෙ,නගින්න අපේ ගෙදර යමු මේ ළඟ ...

හැන්දෑවෙලත් වැඩියිනෙ අපි වෙන දවසක එන්නං...

බෑ බෑ ආයේ කවද එයිද කවුද දන්නෙ දැන් යමු නගින්න...

ඇය අපිවත් වාහනේ නග්ගගෙන ගෙදර ගියා...බෝස් කිව්වෙ ලංකාවෙ ඉඳන් ඉන්දියාවට ඇවිත් තමිල්නාඩුවෙ සාර්ථක හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්...තමිල්නාඩුවෙ කීප පොලකම ඔහුගෙ සංචාරක හෝටල් පිහිටලා තියෙනවා...එක හෝටලයක් තියෙන්නෙ මහාබලිපූරම්වල,අපි මහාබලිපූරම්වල නටබුන් දේවාල එහෙම බලන්න ගියාම දවල්ට කෑම බෝස්ගෙ අයිඩියල් බීච් හෝටලෙන්...එදාට ඔහු ඉස්සො කකුළුවො බෙල්ලො සහිත සුපිරි මුහුදු ආහාර වේලක් අපට පිළියෙළ කරල දෙනවා සල්ලි ගන්නෙත් නෑ...අපි කට්ටිය පොන්ඩිචෙරි ට්‍රිප් එක ගිහිං එන ගමනුත් දවල්ට කන්න අයිඩියල් බීච් හෝටලේට ගියා එදානං සල්ලි ගන්න කියල අපි බලකරපු නිසා බිලෙන් සීයට පණහක් අඩුකරලා සල්ලි ගත්තා...

බෝස් නෝන අපිව ගෙදරට එක්ක ගිහිං හොඳට සැලකුවා...ඒ දවස්වල අපි වේලන්කන්නි පල්ලියට ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙලා හිටියෙ කතාකරද්දී ඔය ගැනත් කියවුනා...

ඉතිං තන්ජාවූර් වලටත් ගිහිං එන්නකො අපේ හෝටලයක් එහෙත් තියෙනවනෙ මම මහත්තයට කියන්නං...

වේලන්කන්නි ගමන ලෑස්ති කලේ අපිත් එක්ක වැඩකළ භක්තිමත් කතෝලිකයෙක් වෙච්චි ටෙරන්ස්, ගමන යන්න සූදානම් වෙච්චි කට්ටිය මෙහෙමයි...

ටෙරන්ස් යුවළ සහ පොඩි පුතා ශානක,චානි අක්කා, එයා තනියම හිටියෙ මහත්තයයි පුතාලයි ඇවිත් නැති නිසා සහ අපි දෙන්නයි පුතයි,අසෝකන් ගමනෙ ගයිඩ් හැටියට ආවා...

කාලය 1999 අප්‍රේල්,මහ සිකුරාදාත් එක්ක යෙදිල තිබ්බ දීර්ඝ සති අන්ත නිවාඩුව අල්ලල ගමන සූදානම් කරගත්තා...ගමනෙ කාල සටහන මෙහෙමයි රාත්‍රී දුම්රියෙන් චෙන්නායි සිට නාගපට්නම්,නාගපට්නම් සිට වේලන්කන්නි,වේලන්කන්නි සිට තන්ජාවූර්,තන්ජාවූර් සිට රාත්‍රී දුම්රියෙන් චෙන්නායි...

ටෙරන්ස්ල කතෝලිකයො හැටියට පල්ලිය වන්දනා කරගන්න ගියා,චානි අක්ක එයාගෙ පුතාගෙ විභාගෙට බාරයක් වෙන්න ගියා,අපි බෞද්ධයො නිකං රට තොට බලාගන්න ගියා,අසෝකන් කතෝලිකය නමුත් ඌ දේවාල කෝවිල් ගානෙ යනවයි කියල ඌට පල්ලියෙන් සත්ප්‍රසාදය දීම නතර කරල තිබුනෙ...කොහොමත් අසෝකන්ට එක ආගමක් කියල නෑ හැම ආගමම අදහනවා....අපි චෙන්නායි ඉන්න කාලෙ ඕකා අයියප්පා අදහන්න සෙට්වෙලා සබරිමලේ හිටං ගියානෙ...

හැබැයි උඹ ප්‍රවේසමෙන් ඉඳපන් ඉස්ලාම් අදහන්න මොස්ක් එකට ගියදාට තොගෙ කොන කපල තමයි පල්ලිය ඇතුලට ගන්නෙ...

මේකා පොඩි එකෙක් නෙවෙයිනෙ,නාකින්ගෙ කොන නෙවෙයි බාගයක්ම කපල දානවා...

අපි අසෝකන්ට වදේ ගහනවා.

මතු සම්බන්ධයි....




65 comments:

  1. අද මමද ඉස්සෙල්ලම? වෙනද වගේම තමයි. සුපිරියි.

    ReplyDelete
  2. ඔන්න ඉතින් කියෝලා මොලේ කචල් කරගන්න කියපු පොස්ටුව......... හැලපයියා ස්පෙෂල්...... මොනවා උනත් එක හුස්මට කියෙව්වකි

    ReplyDelete
    Replies
    1. දෙවැනි සැරේටත් කියෙව්වා ..... දැන් අර තනුජාගේ කතාව ගැන ලියල තියෙන්නේ පලවෙනි ජේදේ විතරයි එකත් සම්බන්දද නැත්නම් ඉවරද .............

      Delete
    2. දෙදෙනා ගේ ශුක්‍රානු මගින්ද,පිටස්තරයන්ගෙන් ලබාගෙනද කියල පොඩි හැදින්විමකුත් කොලා නම් හරි වටිනව හැලප.
      සුපියල් ගානත් දැම්මනම් හරි වටිනව.

      Delete
    3. ඔන්න කිව්වා ශුක්‍රානු කතාවක් උදේ පාන්දරම ..:D

      Delete
    4. හොඳයි රාළේ මොලේ කචල් වුණේ නෑ නේද

      Delete
    5. @කෙන්ජි,
      ඒ ටිකත් කියන්නං කෙන්ජි

      Delete
  3. පෝස්ට් එකේ මොන කතාවටද මන්ද කමෙන්ට් කරන්නෙ දැං... හි හි...

    අද උදේ ඉඳලා කියෝන හැම එකටම කාගෙන් හරි බැනුම් අහන්න වෙන දෙයක්මයි මට කියන්න හිතෙන්නෙ.. අද දවසේ ලෙඩක්ද මන්ද..

    ඔය මගේම ලෙයින් හැදිච්ච / මගේම කිරි පොවල හදාගන්න දරුවෙක් කියලා කියන එක ඇත්තටම මට තේරුම් ගන්නම බැරි දෙයක්... මොන හේතුවක්ද මන්ද මට නං ළමයෙක් කියන්නෙ ළමයෙක් විතරයි... කාගේ බඩෙන්, කාගේ ලේ වලින් හැදුනත් මොකද, ඒක වටින ජීවිතයක් විතරයි... ළමයෙක් අරන් හදා ගත්තම ඒකා තමන්ගේ නොවෙන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ... තමන්ගේ ලේ හින්දා තමන්ගේ එකා කියන එක මට මහ විකාරයක්... ඇත්තමයි..

    ReplyDelete
    Replies
    1. හිරු, මෙන්න මගේ ශීර්ෂ ප්‍රණාමය.....!

      "ළමයෙක් කියන්නෙ ළමයෙක් විතරයි"

      Delete
    2. @හිරු& සුමිත්........මම උඹලා දෙන්නා එක්ක එකඟයි. කිසිම අවුලක් නැහැ....හැබැයි දරුවෝ නැති ගැහැණු අය කිහිප දෙනෙක් එක්ක මට කතාකරන්න ලැබිලා තියෙනවා ඔය ගැන. අන් හැම දේකදීම වඩාත් ස්වාධීන ,පරාර්ථකාමී සිතුවිලි තියෙන සමහරක් ඒ ගැහැණුන් ඔන්න ඔතනදී චූට්ටක් පස්සට යනවා. අපිට දරුවෝ ඉන්න නිසා මෙහෙම හිතෙනවාද? දරුවන් නැති බොහෝමයක් අය කෝටි ගනන් වියදම් කරගෙන, බොහෝමයක් දුශ්කරතා මැද්දේ" මගේම"ළමයෙක් කියන අදහසේ ඉන්නෙත් යම්කිසි හේතුවක් නිසා වෙන්න ඇති. මම දන්න විදිහට ඉතාම සංවේදී සහ ඉතාම සංකීර්ණ කාරණාවක්.

      Delete
    3. මම හිතන විදියට අරූ එතන තියෙන්නෙ වෙනත් කාරණාවක්...මමත් ගොඩක් ඔය වගේ ළමයෙක් හදාගන්න දඟලන ගැහැණු සහ පිරිමි අය එක්ක කතා කරලා තියෙනවා.. ඒ අයට ළමයෙක් ඕනෙ වෙන්නෙ ආදරය සෙහෙනස දීලා හදා වඩාගෙන ජීවිතයක් ජීවත් කරවීම කියන එක නෙවෙයි ඔතනදි... තමන්ටත් පුළුවන්, තමනුත් සාමාන්‍යයි කියලා සමාජයට පෙන්වන්න හිතේ තියෙන කැමැත්ත නිසා... එකක් වඳ ගැහැණියක් කියලා සමාජයෙන් කොන් වෙන්න වෙන එක.. එහෙම නොවුනත් හිතේ තියෙනවා අනේ මට බෑනේ ළමයෙක් හදා ගන්න කියලා තමන් ගැන හීනමානයක්... ඕක ගෑණුන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් තියෙනවා.. ඉතාම සංවේදීයි තමයි.. ඒ උනාට මේකත් සමාජීය කාරණාවක් කියලමයි මට හිතෙන්නෙ...

      Delete
    4. තමන්ගෙ එකත් කජු ඇටය දෙපලු කරනව වගේ,දෙමා පියන්ගෙ ඔලු කට්ට දෙපලු කොරන රටේ මොන කතාද පිටස්තර දරුවන්ගෙන්.

      Delete
    5. හිරූ කියල තියෙන්නෙ ටිකක් සංකීර්ණ කතාවක්,කොව්චර පරාර්ථකාමී වුනත් ඔතනදි කාන්තාවන්ගේ පොඩි පසුබැස්මක් තියේ කියලයි මම නං හිතන්නෙ,නානත්ථ කායා නානත්ථ සංඥා කියල කියනවනෙ.

      Delete
    6. හැෑලපයෝ බලපන් මන්් මේ පට්ට වේසිගෙ බ්ලොග් එකේ කමෙන්ට් දෙක තුනක් දැම්මා .මේ කැරි බැල්ලි ඒවා මකැැලා. තෝ ආයේ බ්ලොග් ලියලා ඉවරයි බැල්ලි . මගේ කමෙන්ට් ටික දාපන් හුකා ගන්නේ නැතුව . තොට මොකක්ද මගේ අැඩුව ? තොගේ කිම්බ අල්ලන්නේ ලොකු පකව්්ල් වලට විතරද ? හ්

      Delete
  4. බලාපං ඉතිං දැං තව හෑලි තුනක්ම කියවල එන්න එපායැ... හරි හිටහං එනකං...

    ReplyDelete
  5. //බොහෝ වෙලාවට හෝමෝන එන්නත ලබාදෙන්නෙ තුනටියටයි,ඒ සිරින්ජරය ටෝච් කඳක් විතර මහත ඇති, කටුවත් සෑහෙන්න මහතයි//
    මගෙ අම්මේ සෑහෙන්න අමාරු වැඩක්නේ.

    ReplyDelete
  6. halapayiye oya gana keti handinweemak kaloth kiyanna wenne katha saritha sagare kiyala thamayi kathaawak athule kathawak eka athule thawa kathawak

    ReplyDelete
    Replies
    1. මොකද කරන්නෙ කෝරළේ මහත්තයො එකක් පස්සෙ එකක් කතා ලියවෙනවනේ

      Delete
  7. රාමනායක දුන්නු පර්සලේ මොනවද ඔය හැටි බරට තිබුණේ? :)

    හපොයි අර ඉන්ජෙක්ෂන් එක ගැන අහනකොට බයත් හිතෙනවා. දරුවෙක් හදන්ට අම්මා කෙනෙකුට කොච්චර දේවල් නම් කරන්ට පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ස්වභාවිකව හැදුවත් ඉන්ජෙක්ෂන් එකේ වැඩි වෙනසක් නෑ පොඩ්ඩි!

      Delete
    2. ළමයි හතර පස් දෙනා හදන්න ඉන්න පොඩි එකිලව ඉන්ජෙක්ෂන් කටු ගැන කියල හැලප භය කරලනෙ.
      ඉන්දියාවෙ එහෙම උනාට ඔහේ ඉන්ජෙක්ෂන් කටු එහෙම නැහැ.
      20යි 14 වෙද්දී කටු තව හිනි වෙයි පොඩ්ඩි.

      Delete
    3. පොඩ්ඩි නං බයවෙන්න ඕනෑ නෑ තාම බැන්ද විතරනෙ

      Delete
  8. ළමයෙක් අරං හදාගන්න කොහොමත් ගොඩ දෙනෙක් කැමති නෑ . අර කොන කපන සීන් එක මම හිතන්නේ හැමෝටම කරානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් වෙයං ඉවාන්

      Delete
  9. සමහර කාන්තාවන්ට නිවුන් දරුවන් ලැබෙන අවස්ථාද තියෙනවා කියලා උඹ කිව්වට මම දන්න ඔය කියන ප්‍රතිකාරය ගත්ත හැම එකාටම ඊනේ නිවුන්නු. IVF නේද ඕකට කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ උඹ දන්න ඔක්කොටොමනෙ,මම දන්න විදියට සමහරුන්ට.නම නං මම දන්නෙ නෑ මචං

      Delete
  10. දැන්නම් ලංකාවෙත් ඔයවගේ දේවල් කරනවා මං හිතන්නෙ.සදාරනව බලනකොට ඔය වැඩේට මොකුත් කියන්නත් බැහැ.මොකද මිනිස්සු උනාම කසාදයක් කාරිය බැදලා බලාපොරොත්තු වෙන ලොකුම දේ නොලැබෙනවට මෙහෙම දේවල් තියෙන එක හොදයි කියල තමයි මගෙනම් අදහස...හොද මාතෘකාවක් ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ස්වභාව්කව නොලැබේ නං ඒ විදියට හරි හදාගන්න එක සාධාරණයි නේද

      Delete
  11. මේක උමේ කතාවට කෙලින්ම අදාල නොවුනත්, අර උඹ කිව්ව කිලෝ හතලිහ කිලෝ විස්සට ගණං හදලා ප්ලේන් එක ලෝඩ් කරන එක භයානකයි මචං. ඔය විදියට හිතවත්කමට සහ ජරාවට සෑහෙන කිලෝ ගානක් හොරෙන් යවනකොට ටේක් ඕෆ් කරන්න පයිලට් ඔන්බෝඩ් කම්පියුටරේට කවන දත්ත වල අඩු බරක් සඳහන් වෙලා වැරදි ගණනය කිරීමක් එන්න පුලුවන් ටේක් ඕෆ් කරන්න අවශ්‍ය බලය ගණනය කිරීමෙදි.

    මේක ජෙට් එකකට මහා ලොකුවට බලපෑවේ නැතත්, අපි මෙහෙදි රට ඇතුලෙ යන පුංචි සැහැල්ලු මගීන් තිස් ගනං හතලිස් ගනං වල ගුවන් යානාවලට සෑහෙන දරුණුවට බලපානවා. එක පාරක් ඒවගේ කාගෝ හොල්ඩ් එක පිටිපස්සේ තියෙන එක පුංචි ප්ලේන් එකක පස්ස පාත් වෙලා ඉස්සරහ උඩට හැරිලා ක්‍රෑෂ් වුනා US වලදි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි
      ඔය හිතවත්කමට යවන කිලෝ ගානත් එකතු වෙලා පයිලට් අතට නියම ගාන දෙනවා.ඕක වෙන්නෙ මෙහෙමයි මම දන්න තරමට.අපි ඉතින් වැඩිපුර ගෙනිච්චට වැඩි දෙනෙක් අඩුවෙන්න් ගෙනියන්නෙ .ඒකට මේක අහෝසි වෙන එක තමයි කෙරෙන්නෙ.සමහර වෙලාවට නම් එක කිලෝ එකක්වත් ගෙනියන්න දෙන්නෙ නෑ මොකද ඒ වෙනකොට බර හරි පැසෙන්ගර්ලා ගානට හරියන්න.

      Delete
    2. ස්තුතියි ඇනෝ. මම ඒක එහෙම වෙනවයි කියලා හිතුවේ නෑ.

      මම දන්නවා හුඟක් වෙලාවට නයිට් ෆ්ලයිට් වල කිලෝ තිස්පහත් ගෙනියන්න දෙනවා එක්සෙස් නැතුව. එක කිලෝ එකක්වත් ගෙනියන්න දෙන්නේ නැති එක නම් මම අහලා නෑ. ඇයි ටිකට් එකේ සඳහන් ගාන ගෙනියන එක නවත්තන්න බෑනේ.

      >>මේක අහෝසි වෙන එක තමයි කෙරෙන්නෙ<<
      වෙන්න පුලුවන්. කොහොමත් බිස්නස් ක්ලාස් වලට හෙම වැඩිය ගෙනියන්න ඉඩ දෙනවා නේද. මම හිතන්නේ ඒවායෙන් සෑහෙන්න ඉතුරු වෙනවා.

      කොහොමත් ජෙට් වල බැගේජ් කිරුවට, පැසෙන්ජර්ස්ලා කිරන්නේ නෑනේ. එයාලා පැසෙන්ජර් කෙනෙකුට ඇවරේජ් බරක් දාලා ඇති ඔය කිලෝ හැත්තෑවක් විතර.

      නමුත් මම කිව්ව ඩොමෙස්ටික් ඒවයේ, බැගේජ් කිරලා, පැසෙන්ජර්වත් කිරනවා කැබින්/හෑන්ඩ් ලගේජ් එකත් එක්ක. ඒවා පොඩි නිසා ජෙට් එකකට වඩා අගය නිරවද්‍ය වෙන්න ඕනේ නිසා.

      Delete
    3. මචං මමත් කියන්න හිටියේ ඔයා ඇනෝ කියපු කතාවමයි,බර අඩූ හෝ බර නැති අයගෙ බරට හිලව් කරන නිසා පයිලට්ට වැරදි බර වාර්තාවක් යන්නෙ නෑ

      Delete
    4. හෙන්රි
      සමාවෙන්න ඕනේ මොකද එක කිලෝ එකක්වත් වැඩිපුර ගිනියන්න දෙන්නෙ නෑ කියලයි ලියවෙන්න ඕනෑ, සමහර වෙලාවට ෆ්ලයිට් එක ෆුල් නම් කිලෝ 20 අකුරටම බලන වෙලාවල් තියනව.පැසෙන්ජර ඇවරේජ් වෙට් එකක් තියනව. පොඩි ඒවයෙ පැසෙන්ජර්වත් කිරන්නෙ Maximum takeoff weight එකට උපරිම සීමාව්ක් තියන නිසා. මේ ගාන හදනකොට උෂ්නත්වයත් බලපානවද කොහෙද මොකද රස්නෙ වැඩි නම් වාතය තුනීවන නිසා. එතකොට lifting effect එක අඩු වෙනව.

      Delete
    5. එකපාරක් බෝයින් 747 එකක ස්පේස් ෂටල් එකක් පටවගෙන ගියා මතකද...? ඒ වෙලාවේ මෙහෙම ජෝක් එකක් ෂෙයාර් වුනා... :)

      Baggage Fees Bulshit

      Delete
    6. බොහෝම ස්තුතියි ඇනෝ. ඔයාගේ පැහැදිළි කිරීම හරියට හරි.

      Delete
  12. ඔය කියන විදියට ඉන්දියාවෙ හොස්පිටල් වල අමාරු ලෙඩ්ඩුන්ට බඩු බනිස් වීමේ ප්‍රවණතාවය සෑහෙන්න ඉහළ මට්ටමක ඇතිනෙ. ඇයි දොස්තර කක්කුට්ටො පුදලා පේවෙලා කරලා එනකොට ලෙඩාට තව් තිසාවත් පහු කලෑකි නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් සුමිත් හදිසි ප්‍රතිකාර ගණයට වැටෙන්නේ නෑනෙ,

      Delete
    2. සුමියා බලපන් අර හුත්ති මට කරපු බලු වැඩේ

      Delete
  13. ඔය අත්කරගත්ත පුන්‍ය සම්භාරයේ අනුභාවයෙන් හැලපතුමාට ලබන ආත්මෙදි දරුවන් දුසිම් ගනනින් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා හැබැයි ලංකාවෙ නෙවෙයිත් වේවා

      Delete
  14. //උදෙන්ම හොඳින් නා පිරිසිදුවන ප්‍රධාන වෛද්‍යවරිය රෝහලේ ඇති දේවාලයේ පැයක් විතර දෙවියන් නැමදල ස්තෝත්‍ර ආශීර්වාද මැදින් ශල්‍යාගාරයට පැමිණෙනවා//

    ඒකට මෙහෙ....ආවා...හලෝ කිව්වා....තියටර් එකට ගත්තා...බඩු දැම්මා.. බායි..ගුඩ් ලක් කිව්වා....ගෙදර යැව්වා...:-)

    ReplyDelete
    Replies
    1. කිසි කරදරයක් නෑනෙ කැන්ඩියන්

      Delete
  15. ඉතිං වරුණිට දැන් බබාලා ඉන්නවද?

    අපි අඳුරන අක්කෙකුත් ඉන්නවා බබාල නැති... G G ඔප්පිටල් ගැන කීවනම් හරි වගේ :D

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි වරුණිට ඉන්න දරුවා දැන් ඉස්කෝලෙත් යනවා,අර අක්කට හොස්පිටල් එක ගැන කියන්න

      Delete
    2. itnishantha

      G G යන්න ඕන නැති වෙයි. පෙරාදෙනියේත් තැනක් තියනවා මම දන්නා තරමින්.

      itnishantha

      Delete
  16. // අයියප්පා//
    කව්ද අප්ප ඒ?

    ReplyDelete
    Replies
    1. අයියප්පා ගැන සර්ච් කරලා බලන්න එදිරි

      Delete
  17. අම්මේ අර නපුරු ගැනු කෙනාට ළමයෙක් හිටියා නම් ළමයවත් මරන්න හදයි..
    ලස්සන ලියවිල්ල හැලපේ.. :)

    ReplyDelete
  18. අද ලිපිය නම් කියල වැඩක් නැත හැලප.අපේ පොඩි කෙල්ලන්ට/කොල්ලොන්ට නොදන්නා විස්තර ලැබෙන්න ඇති කියල හිතනව.
    මේ වගේ ඉස්පිටිතාල සම්බන්ධ ලිපි හැකි විට ලියන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි කෙන්ජි මතක් වෙන විට ලියන්නං

      Delete
  19. හැලපයියා,උපාසක මහත්තයා,මේ දරුවෝ බලාපොරොත්තුවෙන් පැමිණි කාන්තවන්ට කරනලද අනේකවිද උපකාර සහා ආගන්තුක සත්කාර කරන කොටගෙන මතු ආත්ම භවයේ දරු සම්පත් හිග නැතුව වැඩි,වැඩියෙන් ලැබේවා.

    ReplyDelete
  20. හැලපේ......මැඩ්‍රාස් ගැන ලියන කොට මම අරකීට පෙන්නනවා. එයත් එහේ කාලයක් හිටපු නිසා ඒ ලෝකයට යනවා. තාමත් ආසයි ඒ පලාතට. හැකි හැම විටම කවුරු හරි එහේ යනවා. අයිඩියල් හොටෙල් මහාබාලිපුරම්...අරකිගේ තාත්තාගේත් හොඳ මිත්‍රයෙක්ලු. උඹේ කතාව කියවන්න තව කෙනෙක් ඉන්නවා දැන්. ගෑණු කියවන නිසා කිසිම අයුරකින් කිසිම දෙයක් වෙනස් කල යුතු නැහැ. ඒ ලෙසටම ලියපන්. අපේ තේරුම් ගැනීමේ ශක්තිය බොහොම ඉහලින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තූතියි අරූ,බිරිඳට මගේ සුබ පැතුම්

      Delete
  21. ළමයෙක් හදාගන්න චෙන්නායි වලටම යන්න ඕනෙද බං...ඔය තිරයට මුවා වෙලා කපු මහත්තුරු කරන යාතිකා වලට පස්සෙ අගේට බබ්බු ලැබෙන්නෙ....සමහර වෙලාවට කපුවො හිරෙත් යන්නෙ...

    ReplyDelete
    Replies
    1. දැන් නං කොලුවෝ ලංකාවෙත් කරනවා කියනව නමුත් ඉන්දියාවේ වගේ විධිමත් නැතිව ඇති මම හිතන්නෙ

      Delete
  22. හොස්පිට්ල් එක ගැන විස්තරෙ නොදන්න කට්ටියට වටිනව නේද

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් කට්ටිය එහෙම කියනවා

      Delete
  23. ගෑණුන්ට ළමයි හම්බු කරන්න සෑහෙන්න උදව් කරලා තියෙනවනෙ හැලප--අය්යා

    ReplyDelete
    Replies
    1. අකලංක බොහොම කාලෙකින්,දැන් එන්නෙ අවාරෙට අඹ වැටෙන්නැහැනෙ මොනව කරන්නද ඉතිං ළමයි හම්බ වෙන්නත් උදව් කරන්න එපැයි.

      Delete
  24. itnishantha

    හැලපේ හෙට රෑට ඇවිත් මුළු බ්ලොගේම කියවන්නම්. පැය 8ක්‍ම තියනවා හෙට නයිට් ශිෆ්ට් එක.

    නුවර කොළඹ පාරේ පේරාදෙණිය නගරයේ තැනක් තියනවා දැන් ඉන්දියා යන්න ඕනෑම නැ

    itnishantha

    ReplyDelete

ඔබේ අදහස්