Tuesday, September 24, 2013

92.සුනන්දගේ ප්‍රශ්නය සහ බෝධිදාසගේ සොමිය.


අද මූණු පොතේ මී පැටියෙක් විතර පොඩි කලුපාට දරුවෙකුගෙ පින්තූරයක් දකපුවම මට දැකල පුරුදු ගතියක් තේරුනා...කොයිකාලෙද කොහෙදිද  කියල මතක් කරගෙන යද්දී මට කතාව මතකෙට ආවා.

ඒ දැනට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල අපි හොඳ තරුණයො කාලෙ තමයි මේ සිද්දිය වුණේ,අපේ යාලුවෙක් හිටිය අපි කියමුකෝ සුනන්ද කියල...ඔය සුනන්දගේ හොඳම යාලුව අනිල් මේ දෙන්න දවස පුරාම එකටමයි හිටියේ සෙල්ලමට ගියත් නාන්න ගියත් රන්ඩු වුනත් දෙන්න එකටමයි ...ගමේ මිනිස්සු මුන් දෙන්නට නූලයි ඉඳිකට්ටයි කිව්වට අපි නං කිව්වේ අමුඩෙයි පුකයි කියල ඒ තරමටම ළඟින් තමයි දෙන්න හිටියෙ...

මේ දෙන්නගෙ තියෙන විශේෂත්වය නම් සුනන්දගේ ඇස් පෙනීමේ දුර්වලතාව සහ අනිල්ගෙ කන් ඇසීමේ දුර්වලතාව ...මේ අඩුපාඩු පිරිමහගන්න දෙන්න එකටම හිටියද දන්නෙ නෑ සුනන්දය මොනවහරි දිහා බලන්නෙ එතනටම ඇහැ තියල,අනිල්ට අපි මොනවහරි හිමින් කිව්වොත් ඌ හිනාවෙලා නිකං ඉන්නව...

මම ඉස්පිරිතාලෙ රස්සාව කරනකොට සුනන්ද මාව හම්බවෙලා ඇස් පෙනෙන්නෙ නැතිවට බේත් ගන්න ඕනෑ කිව්වම මම සුනන්දව ග්ලාස් හවුස් එකට එක්ක ගිහිං චැනල් කරවල කන්නාඩියක් ගන්න වැඩ කටයුතු කරල දුන්නට පස්සෙ මූ මට බොහොම ගරුසරු ඇතුව සැලකුවා...

සුනන්දගේ තාත්ත වඩු රාළ,පුතත් තාත්තගෙ රස්සාවමයි පුරුදුවුනේ...උන්ගෙ තාත්ත අම්මට වඩා බොහොම වයසයි ඒ නිසාම වැඩත් අඩුයි සුනන්දත් එක්ක ගෙදර දරුවෝ හතර දෙනෙක්ද කොහෙද...ඇත්තම කිව්වොත් මේ අය බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ ගැටගහගත්තෙ ...

ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා සුනන්ද වඩු වැඩ ඉගෙනගන්න වඩු ඉස්කෝලෙට යන්න පටන් ගත්තා...වඩු ඉස්කෝලෙ කියනකොට මතක් වුණේ ඔය වඩු ඉස්කෝලෙ හරියෙ සුපිරි පොරක් හිටියනෙ...

වඩු ඉස්කෝලෙ පහු කරගෙන එනකොට පාරෙ වම්පැත්තෙ තියෙන නුග ගහ ලඟ වත්ත ඇතුලෙ තිබ්බ පරණ සැම්පලේ ගෙදර තමයි බෝධිදාස පදිංචි වෙලා හිටියේ...මනුස්සය ඉස්සර වැඩකලේ රෙදිමෝලෙ, උගෙ බාව තමයි බාව කියන්නෙ...සූට් බූට් ඇඳල ආපුවම ආයෙ කිසි අඩුවක් නැතුව අඟල් එකොළහයිලු...තේ බොන්න කැන්ටිමට ආපුවෙලාවට කැන්ටිමේ කොල්ලන්ට පෙන්නල...

වැඩිය නෑ මල්ලි අඟල් එකොළහයි...

පොර උසයි කැහැටුයි...අර වැල මැරෙනව අල බහිනව කියල තියෙන්නෙ උන්ට වෙන්න ඇති...

පස්සෙ කාලෙක මනුස්සය පලවෙනි ප්‍රාදේශීය සභා චන්දෙටත් ඉල්ලුව කරනව කියල කියන්න දේකුත් නැති නිසා මොනවා පෙන්නලා චන්දෙ ගත්තද මන්දා කොහොම හරි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වුනා...

බෝධිදාස හැන්දෑවට සූස්තියකුත් ගහගෙන කකුල් දෙක පුටු ඇන්ද උඩ තියාගෙන සරම අස්සට හුළං වැදි වැදි ඉන්නකොට මිනිහගෙ පවුල පණ බයයි...මොකද තව ටිකකින් ගෑනිවනෙ හොයන්නෙ...

ඒ වෙලාවට පවුල අඳෝනා කිය කියා  ගේ වටේ දුවනව කියලනං දැකපු අය කියනව...ඒත් ඉතිං අපියි කියල මොනවා කරන්නද ඔව්ව ඉතිං ඒ දෙන්නගෙ පවුලෙ ප්‍රශ්නනෙ...

ඔය කාලෙ සුනන්දලගේ ගෙදර මොකක් හෝ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව කියල අපිට වටින් ගොඩින් ආරංචි උනත් අපි එව්ව හොයන්න කරන්න ගියෙ නෑ උන්ගෙ ගෙවල්වල දේවල්නෙ...

දවසක්දා රාත්‍රියෙ සුනන්දලගෙ ගෙවල් පැත්තෙන් කෝලාහලයක් වගේ ඇහෙනව...හයියෙන්ම ඇහෙන්නෙ සුනන්දගේ කටහඬ...

විජෝ විජෝ වරෙන්...ඉක්මනට 

වෙච්චි සිද්දිය මම හොයල බැලුවෙ පහුවදා උදේ ...මොකෙක්හරි උන්ගෙ අම්මට කොටුව පනිනව කියල සුනන්දට ඉව වැටිල තියෙන්නෙ සතියකට විතර කලින්...මොකාහරි එන එකා අල්ල ගන්නං කියල මූ හැමදාම රෑට ගේ පිටිපස්සෙ රැකලා...රෑ නමයට දහයට විතර සුනන්දලගේ අම්ම කුස්සිය පිටිපස්සෙ එළියෙ තිබ්බ මිරිස්ගල උඩ පත්තුවෙවී තිබුණු කුප්පි ලාම්පුව නිමල දැම්මා...ඊටත් ටිකවෙලාවකට පස්සෙ කෙහෙල් පඳුරු අස්සෙන් ගේ පැත්තට එන අඳුරු රූපයක් දැකපු සුනන්ද පැන්න ගමන් බදල අල්ලගත්ත...

දෙන්න ටිකවෙලාවක් එතන පොරකන ගමන් සුනන්ද විජාට කෑගහල කතාකලා...ඒ අව් අස්සේ ආපු එකා බේරිලා යන්න පොරකන ගමන් සුනන්දට කියනව...

සුනන්ද අතඇරපන් බං මම කුලේ...

බලපුවම එහා ගොඩේ කුලය තමයි කොටු  කාරය...සුනන්දත් අත ඇරියෙ නෑ බිම පෙරලිලා කාගෙන අරූව කකුලෙන් බදාගෙන හිටියා කුලයත් දන්න සෙල්ලං ඔක්කොම දාල සරම සුනන්දගේ අතේ තියෙද්දී කට්ටිය වටවෙන්න කලින් පැනල දිව්වා...

පහුවදා අපි ඔය කතාව අහල හිනාවෙලා ඒක අමතක කරලා දැම්මා...ඔය විදියට මාස කීපයක් ගෙවිල යන්න ඇති ඒ දවස්වල අපි ගමට මරණාධාර සමිතියක් පිහිටුවාගන්න සාකච්චා කරන කාලෙ,  හැමදාම හැන්දෑවට අපි කට්ටිය පෝටවත්තට එකතුවෙලා ඔය ගැන මහ රෑ වෙනතුරු කතාබහ කරනවා ...

ඔන්න දවසක් අපි රෑ හඳපානෙ වාඩිවෙලා කතාකරමින් ඉන්දැද්දි හන්දිය පැත්තෙන් මහ ගෝසාවක් ඇහෙනව....කීප දෙනෙක් දුවන සද්දෙකුත් ඇහෙනව.

බැලුවාම කන්ද උඩ ඉඳල පල්ලමට දුවගෙන එන්නෙ  සුනන්ද..වෙසමුණිය වගේ...

මං මැරෙනව යකෝ...අද මැරෙනව මං...

කිය කියා මූ දුවගෙන එනව....කීප දෙනෙක් පස්සෙන් එළවනව.

අපි ඉන්න තැන මැදින් දුවගෙන යන්න ආපු සුනන්දව අපි ටික වටවෙලා අල්ලගෙන බිම පෙරල ගත්ත....කොච්චර උණත් අපේ යාලුවනෙ....බිම පෙරලගෙන ඇඟ උඩට නැගගත්තෙ මම.

දැන් මගෙ මූණටයි පපුවටයි සුනන්දයගෙ දෑතින්ම පාරවල් වදින්නෙ හරියට කොස් කඩනව වාගෙ දඩ දඩ ගාල.....හැබැයි කතා කළේ බොහොම සංයමයෙන්.

මට යන්න දෙන්න අයියෙ....මට මැරෙන්න දෙන්න...

හරි හරි සුනන්ද...මැරෙන්න ඉස්සරවෙලා හුස්මක් කටක් අරං ඉඳින්කො....

පොඩ්ඩක් සන්සුන් කරල පැත්තකට වෙච්චි ගමන් මූ ආයෙම දුවනව අපිවත් පෙරළගෙන..

ආයෙත් අල්ලගෙන ආව.

කොහොමහරි සෑහෙන වෙලාවක් පොර අල්ලල සුනන්දයව ආම්බාන් කරල අනිල්ට බාරදුන්න අනිල්ලගෙ ගෙදර එක්ක යන්න කියල ...

මුගේ මේ වෙස් පෙරළිය මොකක්ද කියල හොයල බලපුවම තමයි උන්ගෙ අම්මට ආයෙම දරුවෙක් ලැබෙන්න යනවා කියන සුබ ආරංචිය අපට ලැබුනේ...

ඊටත් මාස හය හතකට පස්සෙ දවසක අපි කොල්ලෝ ටික පොඩි මහින්දගෙ කඩේ ලඟ කතා කරකර ඉන්නකොට හන්දිය පැත්තෙ ඉඳල ආපු කිඹුලා පාරෙ නැවතිලා මට කතාකලා...

පොඩ්ඩකට එනවද...

මොකද කියල බලන්න මමත් ගියහම මූ කෙලින්ම මාත් එක්ක ඊට එහා පැත්තෙ තිබුණු සුනන්දලගේ ගෙදරට ගියා...

ගෙයි සාලෙ රෙදිකඩමල්ලක් උඩ තියපු අඟුරු කෑල්ලක් වගේ කලුපාට මැරිච්චි දරුවෙක්...

උඹ ගෙනිහින් වළලලා දාපං...

සුනන්දලගේ අම්ම කිඹුලට කිව්වා...

උඹ කිව්වට හරියන්නෙ නෑනෙ ඔව්ව මොනවද අපි දන්නවයැ ඒකයි මම මෙයාව එක්ක ආවේ...

එතකොටයි මට තේරුනේ කිඹුලා මාව එක්ක ඇවිත් තියෙන්නෙ මේ වැඩේ නීතිමය පැත්ත දැනගන්න...

මේ ගැන කවුරුහරි පොලිසියට නොකිව්වොත් ප්‍රශ්නයක් නෑ හැබැයි කොහොමහරි පොලිසිය දැනගත්තොත් උඹටත් සෝලි වැටෙයි...

කිඹුලට තේරෙන බාසාවෙන් මම නීතිය පැහැදිලි කළා...

ඒ ගමන කිඹුල පස්ස ගැහුව ගෑනිත් ඔල්මොරොන්දම් වෙලා ඉන්නව අහිංසක ගෑනි ගැන මට දුකත් හිතුණා...

උඹට මේක වලදාන්න පුලුවනිද...

මම කිඹුලගෙන් ඇහුවා...

ඒකට තමයි මම ලෑස්තිවුණේ ඊට කලින්නෙ ඔයාව හම්බවෙන්න ආවේ...

හරි ගනිං ඕක යමං මාත් එන්නං...

මළකඳ බාටා සපත්තු පෙට්ටියක දාගෙන උදල්ලකුත් අරං අපි දෙන්න පිටත් වෙනකොට කොල්ලෝ කට්ටිය ඔක්කොමත් අපේ පස්සෙන් වැටුනා...

වැඩේ කනින් කොනින් ආරංචි වෙලා අපි යනකොට පාරෙ වැටවල් අයිනට වෙලා ගෑනුයි කෙල්ලොයි බලාගෙන ඉන්නව...

ටිකක් විසේකාර ගැටිස්සියන්ට අපේ අම්ම කියන්නෙ විසුරුකොඩි කියල ඔය ඉන්නෙ විසුරුකොඩි ටික කියල පෙළක් වෙලාවට අම්ම කියනව...උන්ට මේක බලන්නත් ඕනෑවුනා...

අනේ අයියෙ පොඩ්ඩක් පෙන්නල යන්නකො...

මමත් ඉතිං ඔය තරුණ කෙල්ලොත් එක්ක බොහොම සාමකාමී සහජීවනයෙන් ඉන්න කොල්ලෙක් නිසා කෙල්ලොන්ගෙ ඉල්ලීමට මගෙත් හිත උණුවුනා...

ඔන්න ඕක පොඩ්ඩක් පෙන්නල යමු ඕයි...

මම කිඹුලට කිව්වා...

දුවපියව් යන්න තොපේ මහ එකීගෙ රෙද්ද  බලාගනියව්කො ගිහිං ආව මෙතන බලන්න...

කිඹුල කෙල්ලන්ට ගෝලු ගත්තාම කෙල්ලෝ ටික පැනල දිව්වා...

අපි කට්ටියම අලවත්තෙ කනත්තට ගිහිං ඒ සමාජ සේවෙත් ඉෂ්ට කරලයි ගෙවල්වලට ගියේ...

ඔය වැඩේ ගමේ ගමේම කතාවෙලා කාලෙකට පස්සෙ අමතක වෙලා 
ගියා මිසක අපට මොකුත් කරදරයක් වුණේ නෑ..

සුනන්දට අම්මගෙ ක්‍රියාව හින්ද ගමට රටට මූණදෙන්න බැරිව තමා මැරෙන්න ගිහින් තියෙන්නෙ ...උන්ගෙ අම්මටත් දොසක් කියන්න බෑ ගෑනිත් ඒ වැඩේට පෙළඹිලා තියෙන්නෙ අධික දරිද්‍රතාව නිසා මිසක වනචර කමකට නෙවෙයි ..මනුස්සයටත් හරියට අදායමක් නැතිකොට ඒගෑනි මොනව කරන්නද දරු හතර දෙනෙකුගෙ බඩ පුරවන්නත් එපැයි...ගමේ මිනිස්සු මොන මොන කතා කිව්වත් මම නං හිතුවේ ඒ පැත්තෙන්...

පස්සෙ කාලෙක සුනන්ද වීරඟුල පැත්තෙන් කසාදයක් කරගෙන එහෙටම බින්න බැස්සා...දවසක් ටවුමෙදී මට ජෝඩුවම හම්බ වුනා...

121 comments:

  1. අම්මෝ අදනම් හැලප වලට කුරක්කන් කියල මිරිස් දළදා මන්ද?මාරම සැරයි...

    ReplyDelete
    Replies
    1. මෙතන කොමන්ට් කරල සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා,අපේ මැලේ රාල ළමයා විසින් ඉතා වටිනා කතා මාලාවක් ලියනව.එහි ගොඩ වැදී කියවා අකුරු දෙකක් කොටා ඔහුව දිරිමත් කරන ලෙසට.

      Delete
    2. මොකෝ මේ ඇඩ් දාන්නනෙ..

      Delete
    3. ඇයි....ඇයි.....අප්ෂට් ද....?

      Delete
    4. ඒ හින්ද තමයි ගුගල් බ්ලොක් එකකුත් දාන්නෙ

      Delete
  2. හපොයි ඔය සිදුවීම මාලාව ඔයින් ගියා ඇති ... ඔය දරුවා ඉපදුනා නම් අපා දුකක් විඳිනවා එක එකාගේ බලු කතා අහලම.. සුනන්ද උනත් වෙනස් කම් කරන්න ඉඩ තියෙනවා.. පව් පින් නම් මට වැඩක් නැහැ , මම කියන්නේ ඔය සිද්දිය ඔය විදිහට විසඳුනු එක ගොඩක් හොඳයි...

    ( දැන් මෙතන රෙදි උස්සන් එනවා නෙවේ සහන් කියන්නේ අමානුෂික කෙනෙක් කියලා. ලෝකෙටම හෙණයක් උනු දරුවෝ ඉපදෙනවට වඩා හොඳයි උපන් ගෙයිම මැරිලා යන එක. හැලපයියගේ අන්තිම චේදේ එක්ක එකඟයි මම )

    ReplyDelete
  3. බෝධි දාසගේ කතාව අහලා මතක් වුනේ "ජෙෆ්රි බාවා" කියන ගෘහ නිර්මාණ ශිල්පියාව. මිනිහටත් ඔහොම කෙස් එකක් තිබුනලු. ඇත්තද දන්නේ නෑ. උසාවියෙන් තහනං කොරලලු තිබුනේ කසාද බඳින එකත්

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්තන්ම් නමට ගැලපුන මෙළොව එකම මිනිහ වෙන්නත් තිබ්බ :)

      Delete
    2. මාත් අහල තියනව.

      Delete
    3. ඉවාන්
      ඒ ජෙෆ්රි බාවා (ශ්‍රේස්ට ගෘහ නිර්මාණ ශිල්පියා) නෙවෙයි. බලපිටිය පැත්තෙ හිටපු වෙන බාවා කෙනෙක්. 
      මොකද මම ඔය කථාව අහල තියෙන්නෙඅවුරුදු පනහකට විතර කලින්  
      ඉන්දරේ

      Delete
    4. @ ඇනෝ ඉන්දරේ - වෙන්න ඇති මොකද මම ඔය කතාව අහලා තිබුනේ එහෙම. එක තමයි මම කිව්වේ ඇත්තද දන්නේ නෑ කියලා. ඔබ කියන කතාව හරි වෙන්නත් පුළුවන්. එත් "ජෙෆ්රි බාවා" කිව්වම අපි දන්නා එකම කෙනා ඒ ගෘහ නිර්මාණ ශිල්පියානේ .....අපහාස කරනට හිතලා කියපු කතාවක් එහෙම නෙවෙයි ඉන්දරේ ..!

      Delete
    5. ශ්‍රේෂ්ඨ ජෙෆ්‍රිගේ ශ්‍රේෂ්ඨ බාවා!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. මමත් ඔය කතාව අහල තිබ්බට විස්තරයක් දැනන් හිටියේ නෑ

      Delete
    7. @ඉන්දික
      අපි හිතාගෙන හිටියෙ ඉන්දිකත් නමට ගැලපෙන පරිදිම උපශාන්ත ඇතිය කියලයි

      Delete
  4. මේ ඇත්තම කතාවක්ද? ඇඟේ මයිල් ගඟේ ඉස්මයිල් වෙනවා කතාව ඇහුවම.

    ReplyDelete
  5. ආයෙත් පොඩි කාලේ ගමට ගියා.. ඉස්සර ඔය වගේ කේස් ගමම දන්නවා.. තාත්තලගේ ගමේ නම් විනාසයි. කැළෑ පත්තරත් ගහනවා.. මොකෝ මුළු ගමේම උන්න නෑදෑය. තුන් සිංහලේම එහෙමද කියන්න දන්නෙ නෑ.. ගමේ නම් එහෙමයි.. දුප්පත් පොහොසත් බේදේ විතරයි. කට පුරා නෑකම කියලා කතා කරන්නේ.. අපේ ගමේ ගෙදරත් ඔහොම සීන් එකක් උනා සිරියාවතීට.. සිරියාවති බොහෝම ලස්සනයි.. ගමේ උන්නේ එතකොට සීයයි, ගොළු බාප්පයි, එඩ්වඩ් බාප්පයි.. තාත්තා අපිත් එක්ක කොළඹ නේ.. සිරියාවතිට මාව ඇලජික්.. අනික මම හිච්චි එකා.. වෙලාවක මේ කතන්දරේ ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. මාතලන් අනේ ඉක්මනටම ඒ කතාවත් ලියනවද

      Delete
  6. කඩේ අයියේ ඉස්සර මන් අපේ තාත්තාට හැමදාම රෑට කියනවා අනේ ඔයාට වෙච්ච දෙයක් කියන්නකෝ කිය කියා එයා ඔය වගේ කතා කියනවා ,,මේක කියවන යද්දී මටත් අපේ තාත්තට වෙච්චි දේවල් මතක් උනා,, ඔයාගේ හැම කතාවම මන් ආසාවෙන් කියෝනව දිගටම ලියන්න ,, ඒවගේම නිදුකින් නිරෝගිව ඉන්න සුබ පතනවා හැමදාම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔමා ඔයාගේ සුහද සුබ පැතුමට,ඒ වගේම මම ලියන කතා ආසාවෙන් කියවනවනම් මටත් සතුටුයි

      Delete
  7. මේ වගේ සිද්ධි වලටත් මූණ දීගෙන මිනිස්සු ජීවත් වෙන එකේ රටේ වෙන දේවලුත් කාගෙන ඉන්න එකේ එච්චරම අමුත්තකුත් නෑ වගේ දැන් නං...

    ReplyDelete
    Replies
    1. කම්මලේ බල්ල වගේ නේද හිරූ

      Delete
  8. මුලින් මුලින් පනයනකම් හිනාවෙලා අගට එද්දී දුක හිතුන අප්පා ....... අනික තමයි මේ කතාවෙයි අර දාලා තියෙන පොටෝ එකෙයි සම්බන්දෙ මොකද්ද අප්පා ....

    ReplyDelete
    Replies
    1. ඔය අහිංසකයෝ වගේ බ්ලොග් ලියාගෙන ඉන්න අය ගැන දැනගන්න කට්ටිය අපේ පැත්තෙත් එන්නෝ
      http://onemalaysiasinhala.blogspot.com/

      Delete
    2. කොටු පනින එක කතාවට සම්බන්ධ නිසා මම හිතුව ඒ පින්තූරෙ ගැලපෙයි කියල

      Delete
  9. කතාවේ අන්තිමට තමයි සමස්තයේම යථාර්ථය ත්බෙන්නේ. දරිද්‍රතාවය සියලු සමාජ සම්මතයන් බිඳහරින්නේ සැඩ වතුරකට හසුවූ වැව් බන්නක් වගේ. එදත් අදත් මේ තත්වයට පත්වූ කාන්තාවන් ඉන්නවා. මිනිස්සුන්ට හරියට ඔලුව උස්සලා යන්තමින් තුන්වේල කාලා ඉන්න පුලුවන්නම් තමයි සදාචාරයත් රැකෙන්නේ. ඔබ කර තිබෙන්නේත් නීතිය පසෙකලා සාධාරණත්වය ඉටු කිරීමයි.

    මගෙත් හිටියා 'අඟල් 11' යාලුවෙක් හමුදාවේ. කොකා කොලා බෝතලේ හැඩේ ලු. නානකොට පයට පාගාගෙනලු කුණු අතුල්ලන්නේ. කකුල් තිබ්බානම් තනියම කතරගමත් යයිලු. ඇදලා කැපුවොත් කොරහෙන් එකයිලු.

    අම්මපා තමුන්නාන්සේත් මේ නාකි මාව අවුස්සනවනේ.

    ReplyDelete
    Replies
    1. වැව් බැම්මක් වියයුතුයි.

      Delete
    2. කතරේ දැක්කා නම් එහෙම ආයේ එනවා බොරු...

      Delete
    3. විචාරක තුමා ලඟත් මරු කතා තියෙනව නොවැ

      Delete
    4. @සහන්
      කවුද සහන් කතරේ කියන්නෙ

      Delete
    5. කතරගම දේවතාවුන්වහන්සේට අපි ආදරේට කියන්නේ කතරේ කියලා..

      Delete
  10. ඔය ග්ලාස් හවුස් එක දැන් නැහැ නේද? පොඩි කාලෙ අපෙ අම්ම මාව එක්කගෙන ගියා බේයියං ගන්න..

    යකෝ අගල් 11 කතාව කියල දැන් මේකෙ ඉන්න කාන්තාවො බෝධිදාස හොයයි. අනික උගෙ නමේ හැටියදට බලපංකෝ සයිස් එක??
    අනිවා ඡන්දෙ දිනන්න ඇත්තෙ ගමේ කාන්තාවො නිසා..

    යකෝ දරු 4ක බඩ පුරවන්න කියල තමන්ගෙ බඩ පිරෙනකල් මේ ගැනි දන්නෙ නැද්ද? 

    මේක ගබ්සාව නීතිගත කල යුතු යැයි කිව හැකි මානුෂීය පැත්තක් හරියට බැලුවොත්..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං දැනට තියන සුපිරිම නිලකත් උපරිම 9යි

      Delete
    2. අනේ නලියො උඹයි මායි දන්න නිල්. ඔය රට සවාරියක් ගියමවත් පෝන් සොප් එකකට රින්ගල බලහන් බාවට එකසයි කරල 6" ඒව 12" කරගන්න ගැජට් තීන හැටි ( ඔහෙටනං ඉතින් ඔය වයසට අහ්‍රියන්නෙ හෙයා ස්ප්‍රේ තමයි )

      Delete
    3. ඇයි රන්ජන් R ඇමරිකා ගිහිල්ල බොඩි එකයි,මල්ලියවයි ලොකු කරගෙන ආවේ.

      Delete
    4. හෑ මට මක්කටැයි ඉන්දික මලයා දැන් ඕව.. උඹම කොරගනින්.....

      Delete
    5. මමත් හිතුවේ ඌ චන්දෙ දිනුවේ ගෑනු නිසා කියලයි

      Delete
  11. අඩේ මේ මොකද හැලප අයියට වෙලා තියෙන්නේ. අලවලා තිබ්බ පින්තුරේ දැක්ක ගමන්ම මට හිතුනා මොකක් හරි අමුතු කතාවක් වෙන්න ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. අමුත්තක් නෑ පුමා මම කොහොමත් අමුතු කතා ලියනවනේ

      Delete
  12. අගල්ම එකොලහක්...
    යකෝ අප්‍රිකානු සම්බවයක් තියෙන බුවෙක්ද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. නැහැ අප්‍රිකානු සම්භවයක් තිබ්බ බාවෙක්...

      Delete
    2. අප්‍රිකානු සම්භවයක් තියෙනවද කියල හොයල බලන්න වටිනව

      Delete
  13. හැලපයියේ මේ කතාවේ නම් ගම් කීපයක් හා තැන් ගැන මාත් දන්නවා. අනිල් වඩු ඉස්කෝලේ. අනිත් නම් නම් වෙනස් කරලා වගේ. මං හරිද මන්දා.

    ReplyDelete
    Replies
    1. නම් ගම ඔක්කොම වගේ වෙනස් කළා නලින්

      Delete
  14. අපොයි........!!!!!!! කියල තමයි කෙටියෙන්ම කියන්න වෙන්නෙ අයියෙ..!!!

    ReplyDelete
  15. ලමය මැරුනෙ ගබ්සාවකින්ද ? දරිද්‍රතාව නිසා කියල සාධාරනය කරන්න බෑ .

    ReplyDelete
    Replies
    1. හරි විස්තරයක් නං මම දන්නෙ නෑ අඩූ මාසෙන් ඉපදෙන්න ඇති

      Delete
  16. අත්දැකිම්ම වට්ටියක් පිරෙන්න ලියලානේ. :) 

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පැමිණීම ගැන බොහොම ස්තූතියි

      Delete
  17. ඔය ඇබැද්දිය වෙච්ච ගෑනු මනුස්සය තාම ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ප්‍රසා තාම ඉන්නව

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මොකෝ මේකට අර වගේ පොටෝ එකක් එන්න හේතුව

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරෙ ගැලපෙයි කියල මට හිතුණා

      Delete
  20. //බෝධිදාස හැන්දෑවට සූස්තියකුත් ගහගෙන කකුල් දෙක පුටු ඇන්ද උඩ තියාගෙන සරම අස්සට හුළං වැදි වැදි ඉන්නකොට මිනිහගෙ පවුල පණ බයයි...මොකද තව ටිකකින් ගෑනිවනෙ හොයන්නෙ...//

    හිනා ගිහං පණ යනවා කියන්නෙ මේවට තමා...සීත සුළංද දන්නෙ නෑ සරම අස්සට හැමුවෙ...

    මොකෝ බොලං වැඩිහිටියන්ට පමණයි ෆොටෝ එකකුත් එල්ලලා තියෙන්නෙ...ඔය චීත්ත කෑල්ලක් වත් දුන්නා නම්..

    ReplyDelete
    Replies
    1. ඇයි චීත්ත කෑල්ලක්?
      දැකල ක්ෂනිකද?

      Delete
    2. අපෝ නෑ...තව එච්චර වයසක් නෑ...ක්ෂණික වෙන්න...

      Delete
    3. වයසට කොහෙද යකෝ ක්ෂණික වෙන්නේ?

      Delete
    4. අප්පට සිරි පින්තූරෙ දැකල සිරාට ලජ්ජා හිතිලා තියෙන්නෙ

      Delete
  21. උඹලා කරලා තියෙන්නේ ගස් යන වැඩක්නේ බං. මට පුදුම ගමේ ඔක්කොම ඕක දැනගෙනත් පොලීසියට දැනුම් නොදීපු එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ පොලිසියට දැනුම් දුන්නනං රේල් පාරෙ යකඩ කෑවා වගේ තියෙයි මචං

      Delete
  22. උඩ තියෙන ෆොටෝ එකෙයි, මේ කතාව අතරයි තියෙන සම්බන්ධේ මොකක්ද?

    //මමත් ඉතිං ඔය තරුණ කෙල්ලොත් එක්ක බොහොම සාමකාමී සහජීවනයෙන් ඉන්න කොල්ලෙක් නිසා කෙල්ලොන්ගෙ ඉල්ලීමට මගෙත් හිත උණුවුනා...//


    පේනවනේ...:D:D

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙක්ම ඔයා කතාවම අහල තියෙනව පොඩ්ඩි දැක්කද

      Delete
  23. ඔය අඟල් එකොලහේ කතාව කිව්වාම මට මතක් වුනේ මම අහලා තිබ්බ ජෝක් එකක්. ඒක ගෙඩි පිටින්ම තියෙනවා අන්තිම පේලියේ අපේ චීටා කොල්ලා ලියපු මේ පෝස්ට් එකේ.

    මෙන්න මෙහෙම

    >>...මේ ප්‍රොෆා ලෙක්චර් එක පැයක් කලොත් විනාඩි හතලිස් පහක්ම කියන්නේ කතන්දර. නිකම් කතන්දර නෙවෙයි ඩබල් එක්ස් වලින් උඩ කතන්දර. කොල්ලෝ ටික සහ බොහොමයක් කෙල්ලෝ පොරගේ දේශනේකට යන්නේ ගණයක් බලන්න යන ශ්‍රද්ධාව හිතේ පුරවාගෙන. අනේ ඉතින් මනුස්සයෙක් පිනක් දහමක් කරගන්නකොට එකටත් අකුල් හෙලන පව් කාරයෝ ඉන්න රටක්නේ මේක. අපේ සමනගේ බැච් එකෙත් හිටියා ඒ වගේ කෙල්ලෝ සෙට් එකක්. ප්‍රොෆෙසර් මහත්තයාගේ උතුම් කතන්දර මේ කෙල්ලෝ ටිකට වහ කදුරු වගේ. අහගෙන ඉන්න බැහැ (වගේ පෙන්නනවා මගේ හිතේ ). ඔතනින් එක කෙල්ලෙක් හිටියා අයෙත් නැහැ කෙලින්ම දේවදත්ත මොඩල්. එයාට අපි කියමු පියුමි කියල. මෙයා ප්‍රොෆාගේ ශ්‍රී ශීර්ෂය මතට ගලක් පෙරලන්න වෙලාවක් හොයා හොයමයි හිටියේ.
    ඔය අතරේ තවත් එක ලස්සන දවසක් උදා උනා. කොල්ලෝ කෙල්ලෝ ටික ශ්‍රද්ධාව හිතේ පුරවාගෙන ප්‍රොෆෙසර් ගේ ලෙක්චර් එකකට යන්න ලැස්ති වෙන අස්සේ මෙන්න අර පිටුමි කෙල්ල පොර ටෝක් එකක් දෙනවා "අද සර් කැත කතා කියන්න පටන් ගත්තොත් මම නම් නැගිටලා යනවා. එතකොටවත් පාඩමක් ඉගෙන ගනීවිනේ" කියල. කට්ටිය ඕක වැඩිය ගණන් ගත්තේ නැහැ.මොකෝ උන් දන්නවා කෙල්ලෝ ලේසියෙන් කියන දේ නොකරන බව. ප්‍රොෆාත් ආවා. ඇවිල්ල පටන් ගත්ත දේශනේ. දේශනේ අතරේ ඔන්න මාතෘකාවක් ඇදිල ආව පුරුෂ ලිංගික අවයව ගැන. පොර ඉතින් ආපු චාන්ස් එක ඇත අරින්නේ නැතුව පටන් ගත්ත කතාවක් ඕවගේ සයිස් එකට බලපාන සාධක ගැන. මේ අතරේ අපේ යාළුවා සමන් බොහොම උනන්දුවෙන් ප්‍රශ්නයක් ඇහුව ඔය ප්‍රමාන වලට ජානමය වෙනස් කම් බලපානවද කියල. ප්‍රොෆා උදාහරනෙකින්ම පටන්ගත්ත විස්තර කරන්න. " ළමයිනේ අප්‍රිකානු රටක තියෙනවා මම්බෝසා කියල ප්‍රදේශයක්. ඒ පළාතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ තමයි ලෝකයේ විශාලම පුරුෂ ලිංගික අවයව තියෙන්නේ" කියල දැන් පොර ආලවට්ටම් දදා විස්තර කරනවා ඒ ගැන. ඔන්න ඉතින් පියුමිට තද උනා. අනිත් කෙල්ලෝ වගේ නෙවෙයි බලද්දී මේකි. කිව්වා වගේම ලෙක්චර් එක අස්සෙම නැගිට්ටා. කඩාගෙන යනවා දැන් දොර තියෙන පැත්තට. මේක දැකපු සර් මෙහෙම අහනවා.
    ප්‍රොෆෙසර් : මොකද මේ....කොහෙද ඔය නෝනා යන්නේ ?
    ...<<

    ඉතිරිය ගිහිල්ලම කියවපල්ලකෝ මෙන්න මෙතනට.
    මම්බෝසා by Cheetah @ TheLastRow

    ReplyDelete
    Replies
    1. නියම කතාව බං. උඹත් මාර පොරක් බං..... රසවත් තැනටම ගෙනල්ලා ඉතුරු ටික බලන්න මොම්බාසාවලට යැව්වා නේද?

      Delete
    2. අරූ, මචං. මේක මගේ කතාවක් නෙවෙයිනේ. ඉතිං කවුරුවත් ලියපු එකකට මම ලකුණු දාගන්න එක හරි නෑනේ. ඉතින් උඹලා එතනට ගිහින් ඒකත් කියවලා, ඌට සමහරවිට කමෙන්ට් එකකුත් දාලා, තවත් ඕනෙනම් උගේ අනිත් පෝස්ට් මොනවද කියලත් බලලා ආවොත්නේ බං ඌට සාධාරණයක් වෙන්නේ. ඒකයි එහෙම කලේ.

      Delete
    3. උඹ හරි හෙන්‍රි.....මම ඌව කියෙව්වා.

      Delete
    4. කියෙව්වා මචං උඋත් නියම කතා ලියනවනෙ

      Delete
    5. එල හෙන් රි එත් මම මුලින් බැලුව උබ කරන වැඩෙ හරිද කියල.නියම තැන නවත්තල.හැලපයියට කියන තියෙන්නෙ ඉතින් සන්සාරෙ කියල තමයි

      Delete
  24. යකෝ දැං ඔය වගේ වැඩක් කළානං ගෑණියං වලලපු එව්වොත් ඔක්කොම ගස්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ නං අපට විරුද්ධව කවුරුත් කතා කලේ නෑ ප්‍රසන්න

      Delete
  25. ගබ්සාව මම පිළිගන්නේ නැහැ.
    කොහොම වුනත් අයියේ උඹත් ගස් යන වැඩක් තමයිබං කරලා තියෙන්නේ.ඕක ඔහොමම බේරුනා මැදයි.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මනෝජ්,වෙන දෙයක් පස්සෙනෙ කියල අපි කල යුතු දේ කලා

      Delete
  26. අද කාලෙ වගේ නං ගස්යන කේස් එකක්. අනෙක මේ කාලෙ නං මිනිස්සු පැමිණිලි කරනව.

    එම්බාම් කරන මිනිහෙකුට එම්බාම් කරන්න ලැබුන මිනියක බාව ඔය වගේ ලොකුයිලු. මෑන්ට හිතුනලු ඒක තමුන්ගෙ ගෑනිටත් පෙන්නන්න. බාව කපාගෙන ගිහිල්ල "මේ බලපං මේ වගේ ඒව හැමතැනම නෑ" කියල ගෑනිට බාවා පෙන්නුව විතරයි ගෑනි අඬන්න ගත්තලු.

    "අයියෝ....... සිරිදාස අයිය!.......ඉහි ඉහි ඉහි......."

    ReplyDelete
    Replies
    1. ගෙදර මිනිහට උගේ බාවා කපාගන්න හිතෙන්න ඇති බං.

      Delete
    2. නියම කතාව රාජ්,ප්‍රේමදාස මහත්තය මැරිච්චි වෙලාවෙත් වුනා කියල කතාවක් මමත් අහල තියෙනව

      Delete
  27. පැරණි කාලේ ඔය වගේ සිද්දි සාමාන්‍ය උනාට දැන් කාලේ නම් අනේ මන්දා එල්ලෙන්න වෙන කේස්.

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරළේ මහත්තයො අද නම් වෙනදේ හිතාගන්නත් අමාරුයි

      Delete
  28. හැලපේ.. මම කතාව දෙසැරයක් කියෙවුවා.. :) හිනා වෙලා ඇස් වලින් කඳුළුත් අවා.
    // පොර උසයි කැහැටුයි...අර වැල මැරෙනව අල බහිනව කියල තියෙන්නෙ උන්ට වෙන්න ඇති...// ඔයාටත් මේවා කියන්න නියම දේ නියම වෙලාවට මතක් වෙන විදියනම් අගෙයි.. :)
    කතාවේ 1/2 ක් කියවනකන්ම් කට තිබුණේ මෙහෙම :-) .... හැබැයි එක පාරටම මෙහෙම වුණා .. :-(
    ලස්සන ලියවිල්ල... :-)

    ReplyDelete
  29. ඔය වගේ කතාවල කවුරුත් නොදකින සමාජ ප්‍රශ්න තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි කවුරුත් නොහිතන පැති තියෙනවනෙ

      Delete
  30. සුනන්දයා පව් බං. මගේ යාලුවෙකුට ඔය ප්‍රශ්ණේ තිබුනා. ඌට අම්මට එකෙක් කොටු පනින එක නෙමෙයි ප්‍රශ්ණේ....අවට ඉන්න දසයෝ ඕක රසකරන එකනේ අමාරු. උඹ ලියාගෙන එන විදිහට මම හිතුවේ බෝධියා තමයි කොටුව පනින්නේ කියලා.

    අපේ අම්මත් කියන්නේ ඔය විසුරුකොඩි වචනේ තමයි.

    ReplyDelete
    Replies
    1. මොකක්ද දන්නෙ නෑ බං ඔයා විසුරුකොඩි කියන එකේ තේරුම නේද

      Delete
  31. සිරා ලියවිල්ල හැලපයියා.... අපේ පුංචිකාලේ සමාජ පැතිකඩක්...

    ReplyDelete
  32. අර වැල මැරෙනව අල බහිනව කියල තියෙන්නෙ උන්ට වෙන්න ඇති... +++++++++++++

    ReplyDelete
  33. There is a content warning for this blog ,when page loads... Please look into it...

    ReplyDelete
  34. content warning එකක් එන්නෙ මොකද අප්පා...

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්ට හැදුවා විතරයි. පොඩ්ඩක් චෙක් කරලා බලන්ට හැලපයෝ...

      Delete
    2. @ඇනෝ,හිරූ,පොඩ්ඩි
      අද උදේ ඉඳන් ඔය warning එක එන්නෙ,කවුරු කවුරු හරි කම්ප්ලේන් කරලලු,මම දන්නෙ නෑ මොනව කරන්නද කොහොම චෙක් කරන්නද කියල මෙහෙම වෙනවා නං මට තියෙන්නෙ ලියන එක නවත්තන්න තමයි

      Delete
    3. මොකක්ද වැරදිලා තියෙන්නේ කියලා බලපන්. ඒක හදාගමු. නොලියා ඉන්න එපා. රෙද්ද අස්සේ සදාචාරියෙක් වෙන්න ඇති කම්ප්ලේන් එක දාන්න ඇත්තේ. සමහරවිට අර දරුවගේ කේස් එකද දන්නේ නැහැ. හොයපන් හරියට.

      Delete
    4. https://support.google.com/blogger/answer/76314

      Delete
    5. https://www.blogger.com/content.g?hl=en

      Delete
    6. යකෝ හැලපයියේ ලියන එක නතර කරන්න එපා.උඹ හදන්නේ රතුපස්වල වගේ අපිව පාරට බස්සවන්නද...?

      Delete
    7. අර අහවල් එකකටද ලියන එක නවත්තන්නේ , ඔය වගේ සුචරිත්වාදියෝ ඉන්නවා මේ රටේ අනන්ත.....දන්නා කියන කාට හරි කියලා හොයලා බලමුද? අපේ සහන්ට පුළුවන් වෙයි උදව්වක් දෙන්න.

      Delete
    8. සහන් තමා උදව් කරන්න ඉන්නෙ, සහන්ට කියමු උදව්වක් දෙන්න කියල

      Delete
    9. මන් හිතුවේ හැලපයා විසින් කන්ටෙන්ට් වොර්නින්ග් ඇක්ටිව් කරලා කියලා..ඒකයි දැක්කේ නැහැ වගේ උන්නේ....වෙන කෙනෙක්ට ඇක්ටිව් කරන්න බැහැ PW නොදැන...

      දැන් අයින් වෙලා නේද ...?

      Delete
    10. නෑ සහන් තාම එනවා,කොහොමද අයින් කරගන්නෙ

      Delete
    11. මට නම් පේන්නේ නැහැ.. නමුත් මේ විදිහට ගිහින් බලන්න ...ගූගල් එකෙන්ම ඇක්ටිව් කරපු එකක් නම් අයින් කරන්න බැහැ අය්යේ.. උඩ තියෙන ෆොටෝ එක තමයි අවුල.. ඒක අයින් කරලා බලන්න ...

      Settings › Other > Adult Content > NO!

      Delete
    12. No More Content Warning ... Keep up the good work boss all the best

      Delete
    13. නැහැ තාමත් එනවා... කලින් දාපු පින්තූරේ නිසා තමයි අවුල ගිහින් තියෙන්නේ අය්යේ..

      Delete
  35. බ්ලොගට චෙක් පොයින්ට් එකක් දාලනෙ....:-)

    කතාව නං බොහොම දුක්බර එකක්... තාමත් ලංකාවේ ඔහොම දේවල් සිද්ධවෙනවා නූගත්කම දරිද්‍රතාවය නිසා....

    ReplyDelete
    Replies
    1. තවම මෙවැනි දේ ලංකාවේ සිද්ද වෙනවා කැන්ඩියන්

      Delete
  36. යකෝ මෙහෙමත් හැලප.....ඇත්තට ඉස්සර වගේම දැනටත් තියෙන පුරෂ්නයක් නේව ඔක නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රාජ්,මෙවැනි දේ සදාතනික ප්‍රශ්න තමයි

      Delete
  37. ඔහොම වටවෙලා මිනිස්සු බලන් ඉඳලත් ප්‍රශ්නයක් උනේ නෑ කියන්නෙ පුදුමයිනේ...මෙව්වා ලියන්න බය හිතුනේ නැද්ද අප්පා...

    ReplyDelete
    Replies
    1. දැන් මොකට බයවෙන්නද රෙහානි එදත් බය නැති කොට

      Delete
  38. Content Warning
    Some readers of this blog have contacted Google because they believe this blog's content is objectionable. In general, Google does not review nor do we endorse the content of this or any blog. For more information about our content policies, please visit the Blogger Terms of Service.

    I UNDERSTAND AND I WISH TO CONTINUE I do not wish to continue

    මෙන්න මෙහෙම කන්ටෙන්ට් වෝනින් එකක් ආවා නේ??

    ReplyDelete
  39. හැලප දිරවන්නෙ නැති කට්ටියක් මොකක්ද කරල වගේ නේද ? ගූගල් උන්නැහේ අපිට වෝනින්ග් දෙන්නෙ.. ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සරත්,අපට උදව් කරන්නද කොහෙද.මොනවා කරන්නද

      Delete
  40. කන්න බොන්න හොයාගන්න ඔය රස්සාවම කරන්න ඕන නෑ නේද? හුඟ දෙනෙක් අහු උනාම කියන කතා වලින් එකක් තමා ඕක. පාර අයිනේ ලොතරැයි ටිකට් විකුණලත් ජිවත් වෙන මිනිස්සු ඉන්න රටේ රස්සාවක් හොයාගන්න බැරිකමක් නෑ ඕන මනුස්සයෙකුට. මම කියන්නෙ හොඳම ජොබ් එකක් නැතත් ජිවත් වෙන්න පුළුවන් විදියේ ජොබ් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ගමේ ගෑනියක් වෙච්චි ඒ මනුස්සයට එච්චර අදාළ වෙන්නෙ නෑ මම හිතන්නෙ

      Delete
  41. ඔන්න මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවා.එදා අද කියලා වෙනසක් නැතිව හැමදාම සිදු වෙන්නේ එකම දේ නේද? උපදිද්දීම ඒ දරුවා මැරිලා හිටි එක ගැන දුක් වෙන්නද සතුටු වෙන්නද මට හිතා ගන්න බෑ. ඒත් ඇත්තටම එහෙම වුණ එක හොඳයි කියලයි මටත් හිතෙන්නේ. නැත්නම් ගම් වල හැටි දන්නවනේ. ඔය දරුවා මුළු ජිවිත කාලෙම විඳ වාවී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි,මමත් මේ ඔබේ බ්ලොග එකක් නෑර කියවන ගමන්,මට ඔබව මග ඇරුනේ කොහොමද දන්නෙ නෑ ඔන්න ගෙනත් රෝලෙත් එල්ල ගත්තා දැන් අත ඇරෙන්නේ නෑ

      Delete
  42. කතාව නම් ෆට්ට.කෝ අප්පා උද කොමෙන්ට් වල කියන පින්තුරේ?

    ReplyDelete

ඔබේ අදහස්