උදේම පත්තර බලපුවම එක එක ඡන්ද අපෙක්ෂකයො විරිත්තගෙන පෙට්ටියට ඡන්ද කොළේ දාන පින්තූරත් තිබ්බා...ඒ වගේම බලවත් අය ඡන්දෙ දෙන්න ආපුවම ඡන්ද පොළ නිලධාරීන් බය පක්ෂපාතව සීරුවෙන් හිටගෙන ඉන්න ආකාරයකුත් සමහර පින්තූරවල තිබුණදෝ කියලත් මට නිකමට හිතෙනව...
හැබැයි මම දන්න ආකාරයට ඡන්ද පොළ ඇතුළට නිශ්චල කැමරා වීඩියෝ කැමරා ආදිය ආදිය ගෙනයාම තහනම්...විශේෂ අවසරයක් සහිතව ජනාධිපති,අගමැති,විපක්ෂ නායක ආදී අය ඡන්දය පාවිච්චි කරන ආකාරය පින්තූර ගන්න ඉඩ ලැබෙනවා...නමුත් හැම අපේක්ෂකයටම එහෙම අවසරයක් දෙන්නෙ නෑ...
අනික නමගිය අපේක්ෂකයොවත් මැති ඇමතිවරුන්වත් ඡන්දෙ දාන්න හරි ඡන්ද පොළ බලන්න හරි ආවට ඡන්ද පොළේ නිලධාරීන් නැගිටින්න අවශ්‍යත් නෑ මොකද ඔවුන් ස්වාධීන් නිලධාරීන් නිසා...
ඡන්ද රාජකාරියට ඡන්දෙට කලින් දවසෙ හතර වටින්ම පොලිස් ආරක්ෂාව සහිතව නිලධාරීන් එක්ක යන්නෙ හරියට රාජ්‍ය අමුත්තො වගේ...ඡන්දෙ කරල නිදිමරල ගැනලත් ඉවරවුනාම නිකම්ම පාරට දානවා...
ඒ වෙනකොට ඉතිං හොඳ ගණං ඡන්දෙට කලින් දවසෙ උදේ පාන්දර ගෙදරින් පිටත් වෙච්චි ගමන්නෙ...එදා රෑ ගතකරන්නෙ ඡන්ද පොළේ නිසා හරියකට නින්දක් නෑ...ඡන්දෙ දවසෙත් රෑ එළිවෙනතුරු ඡන්ද ගනින්න නිදිමරනවනෙ...
ඔන්න පහුගිය මහ ඡන්දෙට අවුරුද්ද මතක නෑ මට රාජකාරි කරන්න ලැබිල තිබුණෙ කැස්බෑවෙ ඡන්ද පොළක...ඡන්දෙ ඉවරවෙලා ගැනපු ඉස්කෝලෙට ඇවිත් ඡන්ද ගැනල එහෙම පහුවදා උදේ දහයට විතර එළියට බහිද්දි තෙහෙට්ටුවයි නිදිමතයි නිසා හිටගෙන ඉන්නත් බැරි තරමට අමාරුයි ...
බස් එකක කොටුවට ඇවිත් ස්ටේෂන් එකට ආවහම නුවර එක්ස්ප්‍රස් එක තිබුණා ඒකෙ නැගල ගෙදර ආවා...
මම ඇඳුම් මාරුකරපුවම කිළුටු ඇඳුම් ටික බිරිඳ හෝදන්න අරගෙන ගියා ඇඳුම් හෝදල වේලෙන්න දාල එහෙම ඇවිත්...
මම ඇඳුම් මාරුකරපුවම කිළුටු ඇඳුම් ටික බිරිඳ හෝදන්න අරගෙන ගියා ඇඳුම් හෝදල වේලෙන්න දාල එහෙම ඇවිත්...
අද ඔයා කොහොමද ගෙදර ආවෙ...
මං කෝච්චියෙ ආවෙ...ඇයි
කෝච්චියෙ හිටපු මිනිස්සු ඔයාට සල්ලි එහෙම දුන්නෙ නැද්ද...
මම ගලවල දාපු ඇඳුම් ඒ තරමටම ගඳයි...
ඡන්ද රාජකාරි කරපු හැටි ගැන කියනවනං කතා සිය ගණනක් ලියන්න පුළුවනි...දැන් කියන්නෙ ඡන්දෙන් පත්වෙච්චි කෙනෙක් ගැන පොඩි කතාවක්...
අපි අකුරළ ටෙලියක වැඩ කරද්දි නැවතිල හිටපු හෝටලේ අයිති ඒ දවස්වල ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දිමිත්ර ද සොයිසා මහතාට...ඔහුගෙ ගෙවල් තිබුණෙත් ඒ ළඟමයි,ගමේ හිටපු ගොඩක් කොල්ලො අපේ කණ්ඩායමත් එක්ක රොද බැඳගෙන හිටියෙ මන්ත්රීවරයගෙ මල්ලිත් ඒ අතර හිටියා...ඔහුගෙ නම මට හරියට මතක නෑ කුමාර ද සොයිසා වගෙ නමක්,මට මේ කතාව කිව්වෙ කුමාර...
77 දි අම්බලන්ගොඩ ආසනය යූ ඇන් පීයෙන් දිනපු රයිටර් තිලකසේකර මහතාගෙ ගෙවලුත් ඒ හරියෙමයි...ඡන්දෙ දිනල ටික දවසකින් රයිටර් තිලකසේකර අනගාරික වුණා...එතකොට කියන්නෙ අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික තිලකසේකර මැතිතුමා කියලයි...එහෙම කරගත්තෙ ආසනේට වැඩ කරන්න වෙනවටයි මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න වෙනවටයි මිසක් අමුතු ශ්‍රද්ධාවක් නිසා නෙවෙයි...අනගාරික වුණාම මම ඔය ලෞකික වැඩ කටයුතුවලට නෑනෙ කියල ෂේප් වෙන්න පුළුවනිනෙ...
අනගාරික තිලකසේකර තුමා ලෝඩ් බාන්න දෙයියා...ඒ පැත්තෙ කොල්ලෙකුට නොයෙකුත් පොරොන්දු දීල රස්සාවක් දෙනව සල්ලි දෙනව කියල අංබානක ලෝඩ් බාගත්තට ඌට මොකුත් දීල නෑ...
කොල්ල මේකට කේන්තියෙන් ඉඳල තියෙන්නෙ...දවසක් අනගාරික තුමා කොල්ලට ලෝඩ් එකක් බාන්න ලෑස්තිවෙලා ඇඳුමට උඩින් ඒකාංශ කරල පොරොවගෙන ඉන්න සිවුර එහෙම ගලවපුවම කොල්ල සිවුරත් අරගෙන ගෙදර දුවන් ඇවිත්...
තිලකසේකර තුමා කොල්ලට පණිවිඩ පිට පණිවිඩ එවනව...
මට අද හවස ගමනක් යන්නත් තියෙනව සිවුර ගෙනත් දීපංකො...
ඕනැනං ඇවිත් අරං පලයං කියල කොල්ලත් සද්ද නැතුව ඉඳල...
බඩ මුණයගෙ අයියටත් අපි කිව්වෙ අනගාරික කියලනෙ...ඒ නං වයසට ගිහිනුත් බැඳල හිටපු නැති නිසා මිසක් උගෙ ඇති සිල්වත් කමකට නෙවෙයි...
අනගාරිකය අපිත් එක්ක එකතුවෙලා කරපු තරං කළේ පලප්ප වැඩ...
බීල පාරෙ එන මිනිස්සුන්ට මදු තිබ්බයි ගල් ගැහුවයි ඔව්ව තමයි...
පස්සෙ කාලෙක අනගාරික ඌටවඩා අවුරුදු විස්සක් විසිපහක් බාල කෙල්ලක් කසාද බැඳගත්ත...දරුවෙකුත් ලැබුණා කොල්ල පොඩිකාලෙ හෙන චබී...
ඒ දවස්වල අපි ඒ ළමයව පුතාට පෙන්නල...
අන්න ඔයාගෙ අයිය යනව කියල කියනවා...
///අනික නමගිය අපේක්ෂකයොවත් මැති ඇමතිවරුන්වත් ඡන්දෙ දාන්න හරි ඡන්ද පොළ බලන්න හරි ආවට ඡන්ද පොළේ නිලධාරීන් නැගිටින්න අවශ්‍යත් නෑ මොකද ඔවුන් ස්වාධීන් නිලධාරීන් නිසා...
ReplyDeleteඡන්ද රාජකාරියට ඡන්දෙට කලින් දවසෙ හතර වටින්ම පොලිස් ආරක්ෂාව සහිතව නිලධාරීන් එක්ක යන්නෙ හරියට රාජ්‍ය අමුත්තො වගේ...ඡන්දෙ කරල නිදිමරල ගැනලත් ඉවරවුනාම නිකම්ම පාරට දානවා...///
හැලප්ස්....මගේ මාමාන්ඩිත් ඔය කතාවම කියලා තියෙනවා පසු කාලයේ වෙච්ච සිදුවීම් එක්ක.
ඕක තමයි ඇත්ත අරූ,අත්දැකීම් වලින් කියන්නෙ
Deleteබලං ගියාම යූ.එන්.පී. යේ ලොක්කොන්ට කොලු කේස් ගැන සෑහෙන දිග අතීතයක් තියෙනවනේ.
ReplyDeleteරයිටරයා තාමත් ඉන්නවනේද ..? කොහොම වුනත් අපි පොඩි කාලේ ලඟපාත තිබ්බ ගෙවල් ඔක්කොටම තිබුනේ ටී.වී. දෙකතුනයි ..ඉතින් කට්ටිය ගෙවල් වලට සෙට් වෙලා චන්ද ප්‍රතිපල දෙනකං ඇඩ් පන්සීයක් විතර අස්සේ දාන පිච්චර් කෑලි බල බලා එළිවෙනකන් ටී.වී. බලාපු එකනම් මාර ආතල් වැඩක්. මොකද අපිට රෑ එළිවෙනකම් බයිට් කන්න පුළුවන් නිසා
ගොඩක් ජාති ලියල බලධරයා විසින් කපල දැම්ම ඉවාන්
Deleteඅනගාරික මොකක්ද ආයිබෝවන්ඩ, උපසම්පදා උන්ගෙන් සාමනේර බේරගන්න බැරි එකේ.. බුදු හාමුදුරුවන්ගේ මොන සූත්තරේද දන්නේ නෑ තියෙන්නේ ඇබිත්තයෝ තියාගන්නයි, උන්ටයි සාමනේරවරුන්ටයි ගල් කපන්නෙයි කියලා...
ReplyDeleteහා ..හා...මාතලන් කට ..කට...
Deleteමමත් මොකුත් කියන්නෙයි..,,?
Deleteහාපෝයි මාතලන් ඔහොමත් පව් කතා කියනවයි
Delete\\\\පස්සෙ කාලෙක අනගාරික ඌටවඩා අවුරුදු විස්සක් විසිපහක් බාල කෙල්ලක් කසාද බැඳගත්ත\\\
ReplyDeleteඅනගාරිකලගේ ඇත්ත ඕකයි.. අනිත් උන්ටත් හපන් වැඩ උන් කරන්නේ.. දැන් ඉතින් කීදාහක් දෙනා ගනින්න ලෑස්ති වෙලා ඇත්ද..
ඇයි අනගාරික ධර්මසේකරත් කසාද බැන්ද.... තමන්ගෙ අම්ම බලාගන්න ගෑනියෙක් ඕන නිසා.... ගෑනි ගෙදර තියලා පොර තපසට ගියා...
Deleteකැළණි ගං මිටියාවතේ නේද අනගාරික දර්මසේකර තුමා ඉන්නේ...?
Deleteනෑ ලොක්කෝ, කළු ගංමෝයකට ගාව තියෙන කැලිඩෝ එකේ , කොල්ලේ කෙල්ලන් යටටම ඇදලා තියෙන වස්තරේ පාට බලන හැටි බල බල
Deleteඔයා තියෙන්නෙ සහන් අනගාරිකල ගැන විස්තර,මම ලියපු පොර තාම අනගාරිකද කියල නං දන්නෙ නෑ
Deleteඅම්මෝ ඒ දවස් වල පාට පාට වෑන් එහෙම තිබුණෙ නැද්ද දැන්නෑ.තිබුනනම් සොරිම තමයි..
ReplyDeleteකියල වැඩක් නෑ.
Deleteමේ ඔබේ පලවෙනි පැමිණීම නොවේද,මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා
හැලප්ස්,
ReplyDeleteදාන්නකො බ්ලොග් එකේ ඊ මේල් වලින් අලුත් පෝස්ට් ගෙන්න ගන්ට තියන අර සුට්ටි ගැජට් එක. උඹේ පෝස්ට් හුඟක් මිස් වෙලා. :(
ඔව්ව දාන්න තරං මට තේරුමක් නෑ රවී,කිව්වහම මොකද මගේ බ්ලොග් රෝලත් ඔක්කොම මැකිලා ගියා එක වැඩක් කරන්න ගිහිං,අලුතෙන් දාගන්න කවුරු හරි හම්බවෙනකන් ඉන්නෙ.
Deleteඊට ලේසි වැඩක් තියෙනව මචං මම ඒක කියන්න ඕනෑ නෑ උඹම කල්පනා කරලා බලපන්කො.
මමත් ගිහින් තියෙනව ඔය ඡන්ද රාජකාරි වලට. ලුම්බිණියේ ඡන්ද ගනං කරන්නත් ඉඳලා තියෙනවා. ඇඳුම් කිලුටු වෙන එක පුදුමයක්යැ බං. අනික සුදට හුරු පාට අඳින්න කියලනේ උපදෙස් දෙන්නෙත්.
ReplyDeleteඔය ලොක්කෝ දැක්කාම පුකට කරන්ට් වදින එක නම් හදන්න බෑ සමහරුන්ගේ. ඇයි බං සමහරු ෆෝන් එකට ආන්සර් කරන්නත් හිට ගන්නවනේ. නොද්දකිං!
ලංකාවේ ඉන්නකොට මම පස්සෙ පස්සෙ චන්ද රාජකාරිවලට ඉල්ලුවෙත් නෑ බං මග ඇරල නිකං හිටියා අවුරුදු තිහක් විතර චන්ද කොලා මදෑ
Delete//කෝච්චියෙ හිටපු මිනිස්සු ඔයාට සල්ලි එහෙම දුන්නෙ නැද්ද...//
ReplyDeleteහැලපි නියමයිනේ...:D
හැලපිටත් හිතිච්චි දේ නේද පොඩ්ඩියෙ
Deleteඉස්සර ඔය වගේ ඡන්ද කරල එලියට දාන උංට ගෙවල්වල යන්න විදියක් නැතුව ඉන්නව එදාට ඇඳිරි නීතිය දාන හින්ද.
ReplyDeleteඅනගාරිකල තමයි අගනා වැඩ කරන්නෙ.
එහෙමත් වෙලා තියෙනව ප්‍රසන්න ඔය ජේ වී පී ප්‍රශ්න තිබ්බ කාලෙ චන්ද කොරන්න ගියපුහාම
Deleteපොට්ටුවේ මුල්ම හරිය කියවන කොට මටත් හිතුනේ හලපයියට සුදු වන එකක යන්න හිතිලා වත්දෝ කියලා තමයි
ReplyDeleteලියවෙච්චි ගොඩක් දේවල් පස්සේ කපල දැම්ම රාළේ
Deleteඡන්දේ ගණන් කරන්න ගියාම ඇවිල්ලා ඉන්න නියොජිතයෝ ගියාම පිරිමි අයනම් ටිකක් මාරු වෙලා යනවා නේද හැලපේ.. අයේ ඉතින් උදේ එළිවෙන්න කිට්ටුව එනවා... කාන්තාවෝ තමා ඉතින් රෑ එළිවෙනකන් කට්ට කන්නේ.. ගන්න ක්ලේම් එක එපා වෙනවා ඒ විඳින දුකට...
ReplyDeleteමේ පොස්ට් එකනම් හැලපේ කඩිමුඩියේ ලියලා වගේ.. , ඒත් හොඳයි.:)
අපි රාජකාරි කරද්දී නං කාන්තාවෝ අත ඇරල දාලා යන්නෙ නෑ එක්කරගේනමයි යන්නෙ
Deleteදැන් පොර යූන්පී එකෙන් ජන්දෙ ඉල්ලන්නේ නෑ. කලින් සැරේ මහමැතිවරණයට ඉල්ලුවේ කුසලානයෙන්. මම ඉඳලා හිටලා පාරෙදි දකිනවා. දැන් වයසට ගිහිල්ලා දුර්වල ඇගක් තමයි තියෙන්නේ
ReplyDeleteදැන් මනුස්සයට ගොඩක් වයස ඇතිනෙ චාමි,ඒ කාලෙත් සෑහෙන්න වයසයි,ඔබත් මේ පැත්තෙ ආවාමයි නේද ආදරයෙන් පිලිගන්නවා
Deleteමේ රසවත් ලිපිය කියවපු ගමන්ම මට මතක් වුනේ 1970 මහ මැතිවරණය. මම හිතන්නේ ඒ කාලේ මම හිටියේ SSC Prep පන්තියේ. ඒ මැතිවරණයේ ඡන්ද ගැන්නේ කෑගල්ලේ කාර්මික විද්‍යාලයේ. කිසිම කලකෝලාහාලයක් නැහැ. ලවුඩ්ස්පීකරයට රේඩියෝව සම්බන්ධ කරලා පළාතටම ඇහෙන්න දාලා තිබුණා. මිනිස්සු කාර්මික විද්‍යාල භූමියේ පිරිලා හිටියා ඡන්දය අහමින්. එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා කාර්මික විද්‍යාලයේ පෝටිකෝව යටට ආවා ඡන්දේ ගනිනහැටි ටිකක් වෙලා බලා ඉඳලා. ඇවිත් පයිප්පය කටේ ගහගත්තා. එන්.එම්. පෙරේරා මහතා ගිනිකූරක් ගහලා ඩඩ්ලිගේ පයිප්පය පත්තු කරා. දෙන්න ඉංග්‍රීසියෙන් සෑහෙන වෙලාවක් කතාකරකර ඉඳලා ආපහු ඇතුලට ගියා. රෑ 12 පහුවුනාම ප්‍රතිඵල ගොඩක් කිව්වා. යූ.එන්.පී. එක පරාදයි. ශ්‍රීලනිප දිනුම්. ඩඩ්ලි කතාවක් බහක් නැතුව එලියට ආවා. (ඊයේ හවස වෙනතුරු රටේ අගමැති) නැග්ගා කාර් එකට. තනියම කාර් එක එලවාගෙන පිටවී ගියා.
ReplyDeleteරසවත් විස්තරයට බොහොම ස්තූතියි විචාරක තුමා,අන්න මිනිස්සු අන්න චන්ද කියල තමා කියන්න තියෙන්නෙ
Deleteනියමයි
ReplyDeleteස්තූතියි සජාන්,ඔබවත් මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා
Deleteදැන් ඔය කාගෙ පුතාටද අන්න පුතෙ අයිය කියල පෙන්නුවෙ
ReplyDeleteඅපේ පුතාට දමිත්,එයත් ඒ දවස්වල හෙන චබිනේ.
Deleteමට ඔක තෙරුනා.එතකොට වෙන අදහසක් එන්නෙ නැද්ද මන්ද
Deleteදමිත්
වෙනදා වගේම ඡන්ද දායකයො පැරදිලා ඡන්දය ඉල්ලපු උන් දිනාවි...ඒකෙ දෙකක් නෑ.
ReplyDeleteසුපුරුදු විදියටම නේද සිරා,අලුත් විදියට හිතන ජනතාවක් පත්කරගමු බං
Delete//ඡන්ද රාජකාරියට ඡන්දෙට කලින් දවසෙ හතර වටින්ම පොලිස් ආරක්ෂාව සහිතව නිලධාරීන් එක්ක යන්නෙ හරියට රාජ්‍ය අමුත්තො වගේ...ඡන්දෙ කරල නිදිමරල ගැනලත් ඉවරවුනාම නිකම්ම පාරට දානවා//
ReplyDeleteඉතිං ඇත්තනේ බං හැලපයියේ මොකෝ ගාගෙන එගොඩ උනාට පස්සේ පාරුව කරේ තියන් යන්න ඕනේ.
බැලුවම ඒකත් ඇත්ත තමයි බං,පුකට පයින් අනල එලියට දාන්නෙ නැතුව එහෙම කරනවත් මදෑ
Deleteඅද කාලේ මිනිස්සු පිටින් අනගාරික උනත් ඇතුලින් නාගරිකයි.
ReplyDeleteකාටද කියන්නෙ කෝරළේ මහත්තයො.
Delete