Sunday, September 15, 2013

90.විමල්ගෙ කතාව සහ තවත් කතා, අවසාන කොටස



අපි දෙතුන්දෙනෙක් හොරබඩු බාන්නො වගේ ඇඳගෙන ලැස්ති වෙලා බ්‍රෙක් වෝටර් එක පිටිපස්සෙ නොගැඹුරු මූදට බෝට්ටුවකින් ගියා,වෙරළෙ ඉඳන් කිචි ධර්මයා කැමරාව ක්‍රියාත්මක කරද්දී බෝට්ටුවෙන් බාගන්න හොරබඩු වෙරළට අරං එන්න පටන් ගත්ත.

ගෙනාපු බඩු වෙරළෙන් තියල ආපහු බෝට්ටුවට දුවන්න යද්දී ගල් අස්සේ හැංගිල රැකලා හිටපු කස්ටම් එකේ කට්ටිය පැන්න ගමන් අපිව අල්ල ගත්තා...දඟලල බිම පෙරලිලා බේරිලා යන්න හැදුවට වැඩක් වුණේ නෑ උන් අපිව අල්ලං ඉන්නෙ හරියට දඬු අඬුවකට හිරකරල වගේ...මගේ අත් කකියනව රඟපාද්දී හෙමිහිට අල්ල ගත්තම ඇති කියල ඒ මිනිස්සු දන්න එකක්යැ...

සීන් එක ෂූට් කරලා ඉවරවෙන්න පැයක් විතර ගියා...දවසම මහන්සිවෙලා අමාරුවෙන් හිටපු අපට හරි සතුටුයි ඒ වුනාට යන්න ලැබුනෙ නෑ...තවත් මරාලයක් ඔලුවට කඩාවැටුනා...

වෙරළ කිට්ටුවටම ගෙනත් නවත්තල තිබ්බ බෝට්ටුව වඩදිය බැහැල ගියාම පතුල වැල්ලේ ඇනිල හිරවෙලා හොල්ලන්නවත් බෑ ...කට්ටියම එකතුවෙලා තල්ලුකලා හරියන්නෙ  නෑ ඒ ගමන වරායට කතාකරල තව බෝට්ටුවක් ගෙන්නාගෙන කඹ දාල ඇදල යන්තං මූදට දාගත්තා ...ඒ වැඩේට තවත් පැයක් විතර ගියා...

ගොඩට ගිහින් ඇඳුම් මාරුකරගනිද්දී හොඳ ගනන් ඇඟපත තලල දැම්ම වගේ හරිම අමාරුයි...රඟපාද්දී ඇඳන් හිටපු සරම අයිතිකාරයට ආපහු දෙන්න මම උඩට ගියා...සරම දීල ආපහු එනකොට වාහන දෙකම පිටත්වෙලා ගිහිං...වාහන දෙකේම අය හිතල තියෙන්නෙ මම අනික් වාහනේය කියලයි  බෙන් එකට ගියපුවහම තමයි මම නැති බව දැනගෙන තියෙන්නෙ...

මට යන්න වාහනේ ආපහු එනතුරු ඉඳගෙන ඈනුම් ඇර ඇර ඉන්නකොට රෑ වැඩමුරයෙ අය මාව ඒ ගොල්ලන්ගෙ රෙස්ට් රූම් එකට එක්ක ගිහිං හොඳට සැලකුවා...කිචියල මාව එක්කං යන්න එද්දි මම සුදු සෝස් ගාපු ඉස්සො බයිට් එකත් එක්ක බ්ලැක් ලේබල් බොමින් හිටියෙ...

ඇඟේ තියෙන උණට ඔය ෆීල්ඩ් එකේ වැඩ කලාට කරපු වැඩවලට සතපහක වත් ගෙවීමක් මට ලැබුනෙ නෑ...බෙන් එකේ අනිත් අය ඔක්කොටොම ඒ අය කරපු වැඩ අනුව ගෙවීම් කලා ඒක ඒ අයගෙ රස්සාවනේ...මම රස්සාවක් කරන අතරෙ උදව්වට යන නිසා මට ගෙවන්න නැතිව ඇති...මුදල් නොලැබුනත් ඒ ලැබිච්චි අත්දැකීම් ටික අද මට හරියට වටිනවා...

හරියටම කිව්වොත් ඔය දවස්වල ආණ්ඩුවත් දේශප්‍රේමියොත්  තදින්ම ගැටෙමින් හිටපු කාලෙ ...එතකොට පාලන දෙකයි එකක් ආණ්ඩුවේ පාලනය අනික සියඹලාණ්ඩුවේ පාලනය දවසක ආණ්ඩුවෙ ඇඳිරි නීතිය දවසක සියඹලාණ්ඩුවේ ඇඳිරි නීතිය...අපට නං මේ දෙගොල්ලන්ගෙන්ම තර්ජනයක් නොතිබුනාට දෙගොල්ලන්ගේම වැඩවලින් අපි අප්‍රමාණ දුක් කරදර වින්දා...

වැඩට යන්න ලෑස්තිවෙලා එලියට බැස්සම බස් නෑ රස්සාවට නොගියොත් එහෙන් ප්‍රශ්න ඉතිං කොහොම හරි වැඩට යනවා...ඒ දවස්වල රුවන් චැලියක් ගෙනත් තිබුනා ගොඩක් වෙලාවට චැලියෙ වැඩට යනවා...ඒක නොතිබුනොත් පුෂ් බයිසිකලේ යනවා...පැලවත්තට ගිහිං පාර්ලිමේන්තු පාරෙන් රාජගිරියට ගිහිං බොරැල්ලෙන් බෞද්ධාලෝක මාවතේ දාල ඔෆිස් එකට ගියාම සමහරදාට උදේම ඔෆිස් එකට කොළ කෑල්ලක් දීල වහන්න කියල...ඔක්කොම ඉතිං ආ පයින්ම ආපිට යනව දවසක් මම ගෙදර ගියාම ආපහු එන්න විදියක් නැතුව සතියක්ම ගෙදරට කොටුවෙලා හිටියා...කෝච්චිත් නෑ බසුත් නෑ දෙගොල්ලම එකතු වෙලා පුදුම කරුමක්කාර ජීවිතයක් මිනිස්සුන්ට උරුමකරලා දීල තිබුනෙ...

එක සෙනසුරාද දවසක උදේට කන්න පාන් ගේන්න මම බයිසිකලේ පාරට දැම්ම විතරයි...බයිසිකල් කාරයෙක් කන්ද නැගගෙන එනවා පස්සෙන් වේගයෙන් ආපු වැන් එකක් අර බයිසිකල් කාරය ළඟ  කරා.....ස් ගාල බ්‍රේක් ගහල දඩ බඩ ගාල දොරවල් ඇරල බයිසිකල් කාරයව දාගෙන ටයර් කෑගස්සවාගෙන වේගෙන් යන්න ගියා...වැඩේට තප්පර ගානයි ගියෙ...බිම පෙරලිලා තිබුණු සයිකලේ රෝද එතකොටත් කැරකෙනවා...

සාමාන්‍යයෙන් කෙනෙකුට  මේවගේ දර්ශනයක් දකපුවම ලොකු කම්පනයක් ඇතිවෙනවා...දණිස් පණ නැතිව යනවා ...නමුත් මට එහෙම මොකුත් වුණේ නෑ මම ආපු ගමන ගිහින් පානුත් අරගෙන ආවා...

ඒ මගේ තියෙන වීරකමකටවත් නිර්භීතකමකටවත් නොවෙයි...ඒ දවස්වල අපි කවුරුත් එහෙම්පිටින්ම නිර්වින්දනය වෙලා හිටියෙ...හැඟීම් නෑ දුක සතුට තේරෙන්නෙ නෑ ජීවත්වෙලා ඉන්නව කියන්නෙ ලොකු හපන්කමක්...
ඔය දේශප්‍රේමියො වැඩ පටන්ගත්තු මුල්ම දවස්වල දවසක්දා මම ටවුමට යනවා පයින්ම...මිකාඩාවත්තෙ පල්ලමේ යද්දී වෙඩි සද්දයක් ආවා ඒත් එක්කම බයිසිකලයක් වේගෙන් මගේ ළඟින් ගියා...ටිකක් ඉස්සරහට යනකොට මනුස්සයෙක් පාරෙ වැටිලා ඉන්නව ඔලුවෙ ලොකු හිලක් කොච්චර විශාලද කිව්වොත් මේ පැත්තෙන් බලපුවම ඒ පැත්ත පේනවා ගල් කටස් එකකින් තියපු වෙඩි පාරක්...මැරිලා හිටියෙ අල්ලපු ගමේ ග්‍රාම සේවක කියල මිනිස්සු කතාවුනා...රස්සාවක් නැතුව ඉඳල චන්දෙන් පස්සෙ මිනිහට  වගා නිලධාරි කමක් ලැබුනා 

වගා නිලධාරීන් ග්‍රාම සේවකල හැටියට බඳවා ගත්තම මිනිහටත් වසමක් ලැබුනා...අහිංසකම මනුස්සයෙක්, දවල් කෑමට සයිකලෙන් ගෙදර එන ගමන්...ඒ එකක් ආයෙම බෙන් එකේ ඉද්දි කිඹුලාවල වෙලේ නියරක් උඩ කොල්ලො හය දෙනෙක්ව මරල දාල තිබ්බා...හෝකන්දර පොලිස් ජීප් එකක් බිම් බෝම්බෙකට අහුවෙලා විනාස උනාට පස්සෙ බෝම්බෙන් හැරුණු වල මිනී වලින් පිරෙව්වා...

මනුස්ස ජීවිතේක වටිනාකම තුට්ටුවටම බාල්දු වෙච්චි යුගයක්...හරි හරියට දෙපැත්තෙන්ම මිනී මරාගත්තා...ලස්සන වැඩේ කියන්නේ ඔච්චර මිනීමරන අස්සෙ ජනකලා කේන්ද්‍රයේ කානිවල් හිටං පැවැත්වුනා අපි බලන්නත් ගියා...

දවසක් උදේම ඇඳිරි නීතිය දැම්මා එදා බෙන් එකේ අනික් උන් හිටියේ නෑ කලින් දවසෙ වැඩකට ගිහින් ...මම විතරයි තනියම හිටියෙ එදා කරගන්න කිසිම දෙයක් නෑ උදේ හතහමාර වෙද්දී විමල් කඩාගෙන බිඳගෙන බෙන් එකට ආවා...

බලපුවාම විමල් මට කෑම ගෙනත්...

මෙන්න පානුයි හොදියි උදේට කන්න,මේ දවල්ට බත් එක ...

ඒ විතරක් නෙවෙයි සිගරැට් පැකට් එකකුත් ගෙනත් තිබුනා ...මම තනියම ඉන්නෙ කන්නවත් විදියක් නෑ නේද කියල ලලිතයි විමලුයි කඩිමුඩියේ කෑම උයල මට එවල තියෙන්නෙ...

කෑම දුන්නු ගමන් විමල් පිටත්වෙලා ගියා...ඔය විදියට සතුටින් සමාදානෙන් අනික් අයටත් ආදර්ශයක් වෙන විදියට පවුල් කමින් හිටපු දෙන්නෙක් වෙන්වුනා කියපුවම මට හරිම කම්පනයක් ඇතිවුනා...

වෙන කිසිම දෙයක් නෙවෙයි මම හිතන්නෙ විමල් සම්බන්ධ වෙලා හිටපු ක්ෂේත්‍රයේ වැරැද්ද...කරමින් හිටපු රස්සාවත් අත ඇරලා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කලාවට තිබුණු කැමැත්ත හින්දයි...අන්තිමට සිද්ද වුණේ කවුරුත් නොහිතපු දෙයක්.

ඔය ෆීල්ඩ් එකේ ඉන්න නාරිලතා මල්වලට ඕනෑම තවුසෙකුගේ සිල් බිඳින්න පුළුවනි...විමලුත් ෆීල්ඩ් එකේ ඉන්න අංගනාවීයෙකුට අහුවෙන්න ඇති...

බැන්දට පස්සෙත් වැඩ කීපයකටම ආරාධනා ලැබුනත් මම ආපහු ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට බිරිඳ කිසිසේත්ම කැමති වුණේ නෑ...

තියෙන රස්සාව කරගෙන ඉන්න,රස්සාවක් නැතිව නෙවෙයිනෙ ...ඕවට ගියා කියල අමුතුවෙන් ලැබෙන දෙයක් නෑනෙ...

ඇය කිව්වේ එහෙමයි...

විමල් නිට්ටඹුවේ නිළියගෙ ගෙදර පදිංචියට ආවට පස්සෙ මට කීප සැරයක්ම කතාකලා...අපේ ගෙදර එන්න කියල මම දවස් කීපයක්ම විමල්ට කිව්වා...

වෙලාවක ගෙදර වරෙන් මහ දුරක් නෙවෙයිනෙ...

එන්නං කිව්වට ආවෙ නෑ...

එන්න බැරිනං ඉන්න තැන කියපං මම එන්නං...

ඒ කිව්වෙත් නෑ...

ටවුමෙ තියෙන අපි යනඑන රෙස්ටොරන්ට් එකකදී හමුවෙමු කිව්වා...ඒත් බැරිවුනා

ඔහොම ඉද්දි දවසක් විමල් මට කතාකලා...

උඹ ගෙදරද ඉන්නෙ මම දැන් එන්නද...

මම එන්න කියල පාරත් කියපුවම ටිකකට පස්සෙ විමල් ටවුන් ඒස් එකක ආවා...
රට ඉන්න අක්ක ඉඩම් කෑල්ලක් ගන්න හොයනව බං...මේ පැත්තෙ ඇති කියල හිතුණා...

දැන් මූ හොයන ඉඩම වෙලක් අයිනෙ තියෙන්නත් ඕනෑ...රේල් පාරක් පෙනෙන්නත් ඕනෑ, මේ නං අක්කට ඉඩම් හෙවිල්ලක් නෙවෙයි මූටමයි කියල මම එවෙලෙම දැනගත්ත...ඒවා මම කියන්න ගියෙත් නෑ... හැමදාම මහගෙදර ඉන්න බෑ දැන් දරුවෙකුත් ඉන්නවනෙ ගෙයක් දොරක් හදාගමු කියල නිළිය කියන්න ඇති...

ඒ ගමන මම විකුනන්න තියෙන ඉඩම් ගණනාවකටම විමල්ව එක්කං ගියා...අපි වාහනේ යන අතරතුරේ විමල් මට කතාවක් කිව්වා...

උඹ දන්නවනෙ මම කොහෙගියත් හවසට ගෙදර එන මිනිහෙක් කියල ...ආදී වශයෙන් කතාව පටන් අරගෙන දිග කතාවක් කිව්වත් ඒ කතාව අසම්පූර්ණයි කියලයි මට හිතුනෙ...හරියට චිත්‍රයක කොටසක් අතින් වහගෙන ඉතුරු හරිය පෙන්නනව වගේ...

ලලිත දොස් කියනකොටයි බනිනකොටයි රණ්ඩුවෙන්නයි ගහගන්නයි මට බෑනේ බං...තාත්ත යකෙක් කියල දරුවො හිතනවට මම කැමති නෑ ඒකයි මම ගෙදරින් යන්නගියේ...ඒ වුනාට දරුවො ගැන මම කොහේ හිටි යත් බලනවා...

මම වචනයක්වත් නොකිය මුළු කතාවම අහගෙන හිටියා...හැබැයි විමල් කතාව කියද්දී ඒ දෙන්නගෙ ලස්සන අතීතය මතක්වුණු මගෙ හදවත හඬාවැටුනා...බිඳ  වැටිලා සුනු විසුනු වුනු මාලිගා අපි කිසිකෙනෙකුට ආපහු ගොඩනංවන්න බෑ...

විමල් ඉඩම් ගණනාවක් බැලුවත් හරිගියේ නෑ...හරියන ඉඩම් ගණන් වැඩිලු  ඌට තිබුනෙ බොහොම පොඩි බජට් එකක්...

උඹ හොයන ගණන්වලට ඉඩම් මෙහෙන් ගන්න බෑ ආපහු යමං...

අපි දෙන්න ආපහු ආවා...අන්තිමට මම විමල්ට කතාකලේ පහුගිය අවුරුද්දෙ...

ඇයි උඹ රුවන්ගෙ අම්මගෙ මරණෙට ආවේ නැත්තෙ...

විමල් ඇහුවා...

මම ඉන්නෙ ලංකාවේ නෙවෙයිනෙ බං...හිටියනං මම එනවනෙ...

කවුද දන්නෙ උඹ කොහෙ ඉන්නවද කියල දවසක ඇමරිකාවෙ ඉන්නව කියයි දවසක යුරෝපෙ ඉන්නව කියයි...

විමල්ල කරපු චිත්‍රපටයක රඟපාපු ජගත් චමිල හොඳම නළුවා වෙලා සම්මාන ගන්න නිව්යෝක් ගිය වෙලේ ඒත් එක්ක විමලුත් ඉන්නව මම පින්තූර වගේක දැක්කා.

71 comments:

  1. මං හිතන්නේ හැලපයියා ලියපු ඒවයින් සංවේදිම අවසානයක් ඇති කතාව මේක තමා...

    හැලපක්කා ක්ෂේත්‍රය ගැන දන්න නිසා හොදා නැත්නං හැලපයියා යනව නේ අමුතුවෙන් මොකුත් නොලැබුනත්...

    දේශප්‍රේමියෝ තමා මිනිස් ජීවිතේක වටිනාකම නැති කරන්න පටන් ගත්ත කස කාරයෝ ඒකේ දෙකක් නෑ...

    ReplyDelete
    Replies
    1. සංවේදී නේන්නං. මිනිහෙකුට වෙන්න තියන ලොකුම විපත!

      Delete
    2. එහෙමත් වෙන්න පුළුවනි,ඒත් ඉතිං කවුද බං දන්නෙ ජීවිතේ කොයි කොයි අතට පෙරලෙයිද කියල

      Delete
    3. @රාජ්
      ඔයදේ අපට වුන කියල හිතල බැලුවම තමා බරපතලකම තේරෙන්නෙ

      Delete
  2. මොනවා උනත් ඔය ෆිල්ඩ් එකට සම්බන්දවෙලා හිටපු එකෙකුට ඕක අත අරින එකත් අමතක කරන එකත් අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත බං කොහොමත් හිත යනවා ඒ පැත්තට

      Delete
  3. බැලුවම උඹත් අද ඉන්න ගොඩක් උන් වගේ අතින් ගෙවාගෙන රඟපාලා තියෙන්නේ.. අද නම් අතින් ගෙවාගෙන ආවට පාඩි නෑ. ටෙලි නාට්ටි දෙක තුනක උන්නහම. කෙල්ලෙක් නම් මාකට් එක හදාගෙන ස්වයං රැකියාව දිග්ටම කරගෙන යනවා. එහෙම ප්‍රසිද්ධ උනාම හම්බ වෙන ගානත් වැඩියි. කොල්ලා හැන්ඩියෙක් නම් ඇඟ පත තියෙනවනම්. වයසක ඇන්ටිලා අතරේ මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා. අද මේවා ට්‍රෙන්ඩ් වෙලා.. ඒවල අවුලක් මම නම් දකින්නෙ නෑ..

    විමලෙ ගත්ත තීරනේ උගේ පැත්තෙන් හරි. ගැලපෙන්නේ නැත්නම් වෙන්වෙන එක තමයි හොඳම දේ. මළ පෙරේතයෝ වගේ මරා ගන්නෙ නැතුව. සැලකුවත් නොසැලකුවත්. නඩුත්තු ගෙවන්න එපාය. ඒ කියලා දරුවෝ නම් අමතක කරන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. මම නම් දරුවො දෙන්න කසාද බැන්දලින් පස්සෙ තමා එළකිරිස් ගැටයක් බැදගෙන අයින් වෙන්නෙ.
      දෙන්න කැමැත්තෙන් වෙන් වුනාම ගෙවිලිත් නැහැ නොවැ.

      Delete
    2. හාමිනේ මේවා බලන්නෙ නැතෙයි.. නැත්නම් උඹට දැන්මම ගැටිස්සියෙක් ගන්න පුළුවන් වෙයි. එච්චර කල් ඉන්න ඕන නෑ...

      Delete
    3. කාලෙකට ඉස්සෙල්ල නම් කිව්ව >>අන්න කාසාද ගෑනිට ආදරේ "නියම"පිරිමි,විසේ කාර නාකින්ට ගැලපෙන්නම ජිම්නාස්ටික් දරුවෙක් හොයා ගෙන තියෙන ලස්සන<<කියල.
      ඒ කිව්වත් මම කැමති නැහැ මාමලට කියල දරුවො පෝරුවට නග්ගන්න අප්පා..

      Delete
    4. මම මචං ගොඩක් නිෂ්පාදන පැත්ත කලේ රඟපාන්න එලෙව්වේ නෑ ඔය කාගෙහරි අඩුවක් පුරවන්න හිටිය මිසක්

      Delete
    5. @කෙන්ජි
      වයස කීය වෙද්දීද උඹට එළකිරිස් ගැට උවමනා වෙන්නේ.

      Delete
  4. //වෙන කිසිම දෙයක් නෙවෙයි මම හිතන්නෙ විමල් සම්බන්ධ වෙලා හිටපු ක්ෂේත්‍රයේ වැරැද්ද...//

    සමහරවිට හැලපයියා මේ ෆීල්ඩ් එක ගැන හොඳට දන්න නිසා මෙහෙම කියනවා ඇති... නමුත් මට නං මෙහෙම හිතන්න බෑ... මේ වගේ දෙයක් කිසිම ක්ෂේත්‍රයක වැරැද්දක් කියන්න බෑ.. විමල් කියපු කතාව හින්දා මට හිතෙන්නෙ තනිකරම තමන් වැරැද්දක් කරපු බව පිළිගන්න කොන්ද පණ නැති කමට, තමන්ගේ හිත සුද්ද කරගන්න වයිෆ්ගේ පිටේ වැරැද්ද දාන පිරිමියෙක් විතරයි කියල.. අනිත් එක ඉතිං දැන් ඔය අනිත් ගෑණු කෙනා එක්ක ජීවත් උනත් මම හිතන්නේ නෑ විමල්ගේ හිත නිදහස් ඇති කියල... දරුවෝ ගැන හිතලා වෙන් උනත් දැන් දරුවොත් තාත්ත හොඳ මිනිහෙක් කියලා මුළු හිතින්ම විශ්වාස කරනවා කියලා හිතන්නත් බෑ... තමන්ගේ පවුල වෙනුවෙන් හිත හයිය පිරිමියෙක්ව මොන අංගනාවක් ආවත් වෙනස් කරන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් එකගයි අක්කා එක්ක ,,

      Delete
    2. කොහොමත් පිරිමිය කියන්නෙ එයාගෙ පැත්තෙන් හිරූ කියන්නෙ කාන්තාවගේ පැත්තෙන් නිවැරදි දේ ඔය දෙකටම අතර ඇති

      Delete
  5. ඔය දේශප්‍රේමයේ නමින් ජාතිවාදය කරපින්නා ගන්නා කාට වුණත් අන්තිමේදී කෙලවෙනවා.

    ලෝකයේ උදාහරණ ඕනෑ තරම්!

    ReplyDelete
    Replies
    1. කොටි, ප්‍රභාකරන්, මැරෙන කොට ගානක් නැතුව ඉන්න එකෙක් දැක්කොත් මේ වගෙ පයිතලාට මානව හිතවාදෙ උතුරලා හෙම්බිරිස්සාව හැදෙනවා, "කවුරු මැරුනත් මනුස්ස ජීවිත" කියලා.

      හැබැයි සිංහල බෞද්ධ කොල්ලො මැරෙන එකක් ගැන කිව්වොත් ඒක නිකන් "කෙල වුනා" විතරයි!

      Delete
    2. කකාගේ කතාවට මාත් එකඟයි,පසුකාලීනව ඔවුන් ජාතිවාදය කරපින්න ගත්හැටි බලන්න හිරිකිතයි.

      Delete
    3. හැලප මහතාණනි අපේ පොයින්ට් එක ජෙප්පන් හරිද වැරදිද යන්න නොවේ. වගකිව යුතු මොන රජය වුවත් ජේවීපී ත්‍රස්තවාදීන් හොඳින් හෝ නරකින් මර්දනය කළ යුතුව තිබුනි. ඒක උන්ටත් එකයි කොටින්ටත් එකයි, ඉස්සරහට එන්න ඉන්න ජිහාඩ් කාරයින්ටත් එකයි.

      අපේ පොයින්ට් එක කක්කා වැනි බොරු පයිතන් ගේ හැඳි දෙකේ මානව හිතවාදය ගැනය.

      Delete
    4. ඇනෝ ඔබේ තර්කයට කකා පිළිතුරක් දේවි

      Delete
    5. 1. ඉහත ජිහාඩ් කී වර්ගයට බොදු බල සේනා රාවණා මොකක්ද එක යනාදී සියල්ලම ඇතුලත් ය.

      2. කතන්දර කාරයා කොටින්ට බඩු හම්බ වීම ගැන එක පොසිටිව් දෙයක් හෝ කියා තිබේ ද?

      Delete
  6. කවුරු කොහොම තම තමන්ගේ ඇඟ බේරාගත්තා උනත් අර දරුවෝ පව්

    ReplyDelete
    Replies
    1. දරුවෝ ගැන තමයි මටත් දුක කෝරළේ මහත්තයෝ,දෙමව්පිය දෙන්නම නැති අඩුව දරුවන්ට තදින් බලපානවනේ.

      Delete
  7. උඹ ඔය වගා නිලධාරී කිව්වේ කෘෂි ව්‍යාප්ත සේවක නේද? මට මතකයි අන්න එයාලව නම ග්‍රාම සේවකලා කරනවා.

    එතකොට ඒකත් එහෙමයි නේද? ඇති උඹ අංගනාවකට අහුනොවී පණ බේරාගත්තා. ඒකම තමයි හැලපි උඹට යන්න එපා කියලා බලකලේ.

    ReplyDelete
    Replies
    1. කෘෂි ව්‍යාප්ත සේවක කියලත් උන්ට කිව්වා තමයි මට හිතෙන්නෙ,

      Delete
  8. ක්ෂේත්‍රයෙ වැරැද්දක්ද විමල්ගෙ වැරැද්දක්ද ඕකට හේතුඋනේ කියල කියන්න බෑ. නමුත් දෙන්න මරාගන්නෙ නැතුව වෙන්වෙන්න තීරණය කරපු එකනං හොඳයි.
    සෑහෙන්න සංවේදී අවසානයක්.

    'කිචියල මාව එක්කං යන්න එද්දි මම සුදු සෝස් ගාපු ඉස්සො බයිට් එකත් එක්ක බ්ලැක් ලේබල් බොමින් හිටියෙ...'
    ගියේ අපරාදෙ කියල උං‍ට හිතෙන්න ඇති. :D

    ReplyDelete
    Replies
    1. එක්ක යන ගමන් මග දිගට බැන්න මම උන්ව මග ඇරල බොන්න ගියා කියල,කාටද කියන්නෙ.

      Delete
  9. හැලප අයියත් එතකොට රඟපාලා තියනවා එතකොට ඈ....
    (හැලප අයියා කියන එක සන්දි කරලා එහෙම ලියන්නේ නෑ ඕන්)

    ReplyDelete
    Replies
    1. සන්දි කරලා ලිව්වත් ගානක් නෑ උකුස්සො

      Delete
  10. සමාන සටහනක්.

    දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි || The days of wolves

    http://samanalaviplavaya.wordpress.com/2012/09/14/butterflyrevolution22/

    ReplyDelete
    Replies
    1. කියෙව්වා,ස්තූතියි ඇනෝ

      Delete
  11. //තියෙන රස්සාව කරගෙන ඉන්න,රස්සාවක් නැතිව නෙවෙයිනෙ ...ඕවට ගියා කියල අමුතුවෙන් ලැබෙන දෙයක් නෑනෙ...//
    ලග නොබල දුර බෑලීම.මොනවත් ලෑබෙන්නෙ නෑති උනාට තියෙන දෙ නෑතිවෙන්න පුලුවන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දමිත්,තියෙන දේ නැතිවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි නේද

      Delete
  12. එහෙම කාලෙකුත් පහු කළානේ අපි.. ඒ ගැන මතක් කළ එකත් හොදයි හැලප අයියේ. අවසානය නම් හරිම සංවේග දායකයි.

    අරුං දාල ගියාට අවාසියක් වෙලාත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. අවාසියක් නං වුණේ නෑ නලින් වාසියක් මිසක

      Delete
  13. ලෝකේ කොහෙද අප්පා 100% ගැලපෙන අය හොයන්න ඉන්නේ..... හොදම දේ බැන්දට පස්සේ පෙනෙන අඩුපාඩු වලට දෙන්නම හිත හදාගෙන ඇජ්ජෙස්ට් වෙන එක....... නැත්නම් බදින හැමෝම ටික කාලෙකින් කියයි විදව විදව එකට ඉන්නවට වඩා වෙන්වෙන එක හොද නිසා වෙන් උනා කියලා

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි මෙන්න මේ කතාවට

      කොහොම උනත් අවසානය ගැන කනගාටුයි

      Delete
    2. අද නොවෙන්නෙත් ඕකනෙ මැලේ රාළ,විඳව විඳව ඉන්නව

      Delete
    3. @රෙහානි,
      අවසානය ගැන මටත් කණගාටුයි,නමුත් රණ්ඩු නොවී වෙන් වුනු එක හොඳයි නේද

      Delete
  14. මමත් හිතන් හිටියේ ජොලියෙන්ම ඉවරවෙයි කියලා. අන්තිමට කනගාටු හිතුනා. විමලයට මොකද උනේ කියලා හරියටම දන්නේ ඌම විතරයිනේ.

    ReplyDelete
    Replies
    1. උඹ විතරක් නෙවෙයි මචං,අපි හිතුවෙත් උන් දෙන්න හැමදාම සතුටින් ඉඳියි කියල

      Delete
  15. //"බැන්දට පස්සෙත් වැඩ කීපයකටම ආරාධනා ලැබුනත් මම ආපහු ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට බිරිඳ කිසිසේත්ම කැමති වුණේ නෑ..."//
    විමලේ යාළුවා වුනුකොට ඒ අත්දැකීම විඳගන්න කවුද හැලපයියේ කැමති වෙන්නේ ...?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්,දැන දැන යන්න දෙන්නෙ කවුද

      Delete
  16. අටම් තුමා වගේම කඩේ අයියගේ සාර්ථකත්වය පිටුපසත් ඉන්නේ ගැහැණියක් .. අන්න ඒකයි මන් කියන්නේ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. එහෙමද ඔමා,පණ්ඩිත කතාත් දන්නව නේද ඉඳගෙන

      Delete
    2. මම ඉන්න තැන ඉදගෙන කියවන්න ආවොත් හිටගෙන කන පලනවා ඔමාගේ...

      Delete
    3. සුවඳ බලනවා විතරයි බයවෙන්න එපා ඉදගන්න මෙයාගේ ඔඩොක්කුවෙන්ම.

      Delete
  17. කණගාටු දායක අවසානයක් මට නම්.. මට අනිත් කොටස් ටික මග ඇරිලනේ හැලප අයියේ.. බලලා එන්නං..

    ReplyDelete
    Replies
    1. හොඳයි චින්තක,ඔබ කාලෙකින් තමයි මේ පැත්තෙ ආවේ

      Delete
  18. හැලපයට නම් හැලපී රඟපාන්ට යන්ට නොදුන්න එක හොඳයි කියලා හිතෙනවා.

    හැබැයි ගියානම් අද ලෝක ප්‍රසිද්ධනේ. අපිට මේ බ්ලොග් එක කියවන්ට වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. දැක්කද පොඩ්ඩිගෙ තියෙන ආත්මාර්ථකාමීකම

      Delete
    2. අයියෝ මෙන්න මෙයා ආයේ පැලපි කන්න හදනවා... හැක්

      Delete
  19. කියන්න තේරෙන්නේ නැති අමුතු ලස්සනක් මේ කතාවේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මමත් බලන්නෙ ඔයාට පෙනෙන අමුතු ලස්සන මොකක්ද කියලයි.

      Delete
  20. හප්පේ ..එහෙමත් කාලයක්...ඒ කාලේ අතුරු ආන්තරාවක් නොවී ජීවත් වෙන්ට වාසනාවක් තිබ්බා කියලා හිතෙනකොටත් පුදුම හිතෙනවා... දෙගොල්ලන්ගෙන්ම බේරිලා.

    කතාව කියෙව්වා...හරිම සංවේදී සිද්ධීන්....

    ReplyDelete
  21. ස්තූතියි කැන්ඩියන්,ඔබටත් ඒ කාලේ මතකයි නේද

    ReplyDelete
  22. ඔය කියන කාලෙ දත් තිස් දෙක මැද ඉන්න දිව වගෙ මට වැඩ කරන්න සිද්ද උනා. හිටපු කලමණාකරුවා තර්ජන මැද්දෙ වැඩ කරන්න බෑ කිව්වම එයාව අයින් කලා. යටින් හිටි දෙවැනියා වෙච්ච මගෙ කරපිට ජේ සී ටිය වැ‍ටුනා. මොක වැඩ නොකරත් ජේ සී ටී වැඩ කරන එක තමයි හමුදාවට අවශ්‍ය උනේ,.. ඒක නතර කරන එක තමයි කැලෑ ආණ්ඩුවට ඕනෙ උනේ කවුරු කාට වැඩ කරනවද නොදැන තීරණ ගන්නකොට තිබ්බෙ පුදුම ආතතියක්.. මගෙ ගෙදරට යන පාරෙ මිනියක් සති ගානක් වරින් වර පිච්චුන. මුලදි මිනිහෙක් වගෙ තිබ්බ මිනිය අන්තිමට වඳුරෙක්ගෙ ගනට ඇකිළුනා. බල්ලෙක් උඩ නැගගෙන කනවත් මම දැක්කා. ඒවට මමත් හිරි වැටිලයි හිටියෙ.. එව්න් කාලයක් කිසිදිනක කවර දේශයකටවත් නො ඒවා කියල පතමු..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සරත් පුදුම ආතතියකින් හිටපු කාලයක් තමයි ඒ කාලෙ උඩින් යටින් දෙකෙන්ම පිච්චෙන ආප්පෙ වගේ පන ඇති මිනිස්සුත් පිච්චි පිච්චි හිටියේ.

      Delete
  23. හැලපයියා ලිව කතා වලින් බොහෝම හිතට දැනුන කතාවක් මේක.

    නිර්වින්දනය උන මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා.එකනේ මේ රට තාමත් මෙහෙම තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් තාම ඒ නිර්වින්දනය නං එහෙම්මම තියෙනව

      Delete
  24. හැලප 88 ක්...!
    කැවෙමි.
    ඉදිරියටද කමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිනි,දිගටම එන්න

      Delete
  25. ජෙප්පො වැරදිද..හම්බයො වැරදිද..දෙමළු වැරදිද..නැත්නම් සුජාත සිංහලයො වැරදිද කියන්න මම දන්නෙ නෑ...හැබැයි විරෝධාකල්ප අදහස් බිහිවුන හැම කාලෙකම...යාන්ත්ණය විරැද්ධව කැරලි ගහපු...අවි ඔසවපු...ලේ හෙලවුණු හැම කාලෙකම...ජාතිවාදියො..වගේම .සත්‍යජාතිමාමකයො..බුරැතු පිටින් මැරැණ..ඒ මැරැණෙ දෙමළෙක්ද, සිංහලයෙක්ද, හම්බයෙක්ද කියන එක නෙමෙයි වැදගත්...උං ඉස්මුරැත්තාවට එනකම් කාල...බඩඋලාගෙන නොඉ‍ද...වෙඩිකාල වද විදල..මැරෙන්න තරම් ඉන්ස්පයර් වෙච්ච හේතුව හොයන එකයි වැදගත්...(හැලපෙ අයියට මතක නම් අපේ අහල පහලත් අසූ ගණන්වල මිනී පිච්චුනා..)

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නොවුනෙත් ඕකමයි ජෙමෝ,හේතුවට මිසක් පලයට බේත් දීල වැඩක් නෑනෙ

      Delete
    2. මට හොඳට මතකයි, ජෙමාටත් මතක ඇති සෙන්ට්‍රල් එක හරියේ පාර අයිනෙ මිනී පිච්චුනු හැටි.

      Delete
  26. බොලා වගේම ෆීල්ඩ් එකේ ඉන්න මගේ යාලු අධ්‍යක්ෂ තුමෙකුගේ වැඩ වලට ඔය වගේ උදව් වෙන්න මමත් ගියා බන් ලංකාවෙ ඉද්දි...රෑ 1ට 2ට ෂූටින් ඉවර වුනාම ගෙදර යන්න වාහනේකුත් නෑ...අතින් කයිට්...

    ඇගේ ආමාරුව අඩු වෙන්න ඇති මගෙ හිතේ කලු ලේබලේ කැඩුවම...

    ReplyDelete
    Replies
    1. ඔය වගෙ චාටර් මටත් අනන්තවත් වෙලා තියෙනව බං,
      ඇඟේ අමාරුව වැඩිඋනා බං අරුන්ගෙන් බැනුම් අහපුවම තනියම බිව්ව කියල

      Delete
  27. හැලපයෝ..........
    ලස්සන බ්ලොගක් අදමයි ආවේ....
    දිගටම ආවට කමක් නැද්ද මන්දා

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගේට ඔබව ආදරයෙන් පිලිගන්නවා,හැමදාම එන්න එන තරමට සන්තෝෂයි.

      Delete

ඔබේ අදහස්