Sunday, September 8, 2013

87.මාළු පස්තෑල සාදා ගැනීමේ කතා වස්තුව





අද ලියන්න හිටියෙ කිටියගෙ කතාවෙ අන්තිම කොටස,ඒ වුණාට එක දිගටම කියවල කට්ටියට මහන්සි නිසා ඔක්කොමල එකතුවෙලා  මොනවහරි රස කෑමක් හදාගෙන කාලා මහන්සි ඇරල ඉතිරි කොටස කියවමු කියල මම හිතුවා...

මට තියෙන විනෝදාංශ එකක් නෙවෙයි...විවිධයි ප්‍රධානතම එක පොත් කියවීම...විනෝදාංශයකට වඩා ඒක සුවකරගන්නට බැරි රෝගයක්.

ඊළඟ විනෝදාංශය කෑම පිළියෙළ කිරීම,දැකපු කෑමක් හදනහැටි ඉගෙනගෙන ඒ කෑම වර්ගය හදල අනික් අයටත් රස බලන්න දීල සතුටුවෙන්න මම  කැමතියි.

දැන් මම විවිධ කෑම ජාති හැදුවට මීට අවුරුදු දහයකට දොළහකට ඉස්සර බතක් හොද්දක් උයාගන්නෙ කොහොමද කියලවත් මම දන්නේ නෑ...ඉවීම ගැන මගේ මුල්ම අත්දැකීම තරමක හාස්‍යජනකයි,කතාව මෙහෙමයි ...

අතීතයේ දවසක දෙකටම නැති වෙලාවක ගෙදරට ගොඩවුණු මම හරිම බඩගිනියි කියල අම්මට කීවා...කුස්සියෙ හොදි මාළුපිණි ඉතිරිවෙලා තිබුනත් බත් නොතිබුණු නිසා අම්මා මට සෑහෙන්න හාල් ලිපේතියල ලිපට ගින්දරත් දාල නාන්න ගියා...බත් එක ඉදවගන්න ඕනෑ නමුත් කොහොමද කියල මම දන්නේ නෑ බඩගිනියි ඊටත් වඩා කේන්තියි අම්මත් එක්ක, මොකුත් නොදන්නා මාව මෙතන තියල ගියාට...

මම මොකුත් නොකලත් බත් මුට්ටිය ගානට ඉදුනා... මුට්ටියෙ බත් ටික පිඟානට බෙදාගත්තු මම කේන්තිය නිසා  බත් බෙදාගත්තු හැන්දෙ මිටෙන්ම මුට්ටිය පතුලට එකක් ඇන්නා...

කරපු වැඩේට මට දඬුවමක් ලැබෙයි කියල මම හිතාගෙන හිටියත් කවුරුවත් ඒ ගැන  වචනයක්වත් කතා කලේ නෑ.

පස්සේ දැනගත්ත ආකාරයට මම බිඳපු මුට්ටිය දැක්ක ගමන්ම අම්මට හිනාගිහින්, අම්මට මතක්වෙලා තියෙන්නෙ ගේ කුරුළු මුට්ටියක්.

කෑම උයන්න ඉගෙනගන්න ප්‍රධානතම හේතුව විප්‍රවාසයේ හුදකලාව ගතකිරීමයි,මුලින්ම ඉන්දියාවට ගිය වෙලේ මාස හතරක් විතර තනියම හිටියා...එහෙ කඩවල කෑම කන්නත් බෑ මට උයන්න දන්නෙත් නෑ...

බැහැයි කියල බඩගින්නේ ඉන්නයැ කොහොමහරි උයාගත යුතුයි කියන තැනට මාව පත්වුනා...මිරිස් කුඩු  තුනපහ කුඩු මම එද්දි බිරිඳ බෑග් එකට දාල තිබුනා හට්ටි මුට්ටි ටිකක් කඩෙන් අරං ඇවිත් මම උයන්න පටන්ගගත්ත...මුලදී හදාගත්තු කෑම මක්කොරලවත්   කන්න බෑ මෙලෝ රහක් නෑ පස්සෙ පස්සෙ නොදන්න දේවල් කාන්තා පාර්ශවයෙනුත් අහගෙන එහෙම කෑම ඉවීම තරමක දියුණුවකට පත්කරගත්තා...

මට මුල ඉඳන්ම තිබුණු ප්‍රශ්නයක් තමයි මීට අවුරුදු විස්සකට විසිපහකට විතර කලින් අපේ අම්මල උයපු තරං රසට දැන් උයන්න බැරි ඇයි කියන එක...ඔය දේ මම නිතරම කල්පනා කරද්දී මගේ හිතට ආපු උත්තරය මේකයි...

දැන් අපි හොදි මාළුපිණි හදද්දී මිරිස් කුඩු ටිකක් දානව,කහ කුඩු ටිකක් දානව,තුනපහ කුඩු ටිකක් දානව ආදී වශයෙන් කුඩුමනේ...නමුත් ඒ දවස්වල අම්මල ඉව්වේ ඊට වෙනස් ආකාරයකට,ඒ ගොල්ලෝ වෙනවෙනම  මිරිසුත් තුනපහත් කහත් වතුර ටිකක් මිශ්‍ර කරලා හීනියට ගලේ අඹ‍රගත්තා...

අඹරපු මිරිස් ගුලිය තුනපහ ගුලිය කහ ගුලිය මිරිස් පොල්කට්ටේ අලවල ලුණු පොල්කට්ට ලඟම ඒ කියන්නෙ මිරිස් ගලේ ඉහත්තාවේ තියල තිබ්බේ...හොද්දක් මාළුවක් එදද්දී අම්මගේ අත් ගුනෙත් එක්ක  අර අඹරපු මිරිස් තුනපහ මිශ්‍රකලා...ඒ රස සුවඳ අද වියලුනු කුඩු දාල අපට ගන්න බැරිඑක පුදුමයක් නෙවෙයි.

ඉන්දියාවේ ඉන්න දවස්වල චිත්‍රපට අධ්‍යක්ෂ අර්ජුන මට කතාවක් කිව්වා...අර්ජුනල කුඩා කාලෙ පදිංචිවෙලා ඉඳල තියෙන්නෙ යාපනේ...ආච්චි අම්ම කුඩා අර්ජුනලට උදේට බත්දංකුඩ , කඩල,මීකිරි, පැණි ඔක්කොම එකට මිශ්‍ර කරල ආච්චිගෙ ආදරෙත් එක්ක කවපු බත්ගුලිය තරම් රස බත් ගුලියක් ඊට පස්සෙ කිසි දවසක කාල නෑ කියල අර්ජුන කිව්වා...

තල් ගස් වර්ග දෙකක් තියෙනවලු...ගෑනු ගස, පිරිමි ගස කියල...තෝරගත්තු පිරිමි ගහ මුලට යන ආච්චි බාවාගන්න තල් තෙලිජ්ජ වීදුරුවකුත් අර්ජුනලට දීල තියෙනව...ගෑනු ගස්වල තෙලිජ්ජවත් ගස් කීපයකින් කලවම් වෙච්චි තෙලිජ්ජවත් බොන්න ආච්චි ඉඩදෙන්නෙ නැතිලු. අවුරුදු හැට ගණනක් ගතවෙලත් අර්ජුන කොල්ල වගේ ලස්සනට සුදුවට හිටියේ ඒ කාපු කෑම නිසා වෙන්න ඇති.

ඔන්න මට කතාවක් මතක්වෙනව,කතාව කිව්වේ ඇන්සන්...

දවසක්දා රාත්‍රියෙ රොසන්ටත් එක්ක නරක වැඩක් කරන්න අකුලකට රිංගපු ඇන්සා රොසන්ටගෙ යට භාගය ගවේෂණය කරද්දි සාක්ෂාත් කරගත්ත කාරණයක් නම් රොසන්ටගේ අහවල් තැන තට්ටේ වෙන්නම බාලා කියන එක,බේතකටවත් ගහක් හොයාගන්න නැතිලු...ඇන්සා ඇහුවලු ඇයි කියල,

කරදරයි...ඒ හින්ද කපල දැම්මා...

මොකෙන්ද කැපුවෙ...

බෝධිගෙ රේසරෙන්...

බෝධි කිව්වෙ රොසන්ටගේ ලොකු කොලුවා...බෝධිය මැරෙනකල්ම උගෙ මූනෙ ඒකම කුරුලෑවක්වත් ආවෙ නෑ, මූණ හඳ වගේ තිබුනෙ ඒ නිසාය කිය කියා ඇන්සා හිනාවුනා...

මට තල් රා මිසක් තෙලිජ්ජ බොන්න ලැබිල නෑ ඉස්සෙල්ලම තල් රා බිව්වේ මන්නාරමේ ගිය ගමනකදී...

කාලය 2002 වර්ෂය,ආණ්ඩුව කොටිත් එක්ක සාම ගිවිසුමක් අස්සන් කලේ මම ඉන්දියාවෙ ඉඳල ආපු අලුතමයි...හරියටම දවස කිව්වොත් 22.2.2002...මේ දවසෙ 2 ඇරෙන්න වෙන ඉලක්කමක් නෑ බිංදුව ඉලක්කමක් හැටියට නොගත්තොත්, ඒ නිසාම මේ විශේෂ දිනයෙ සාම ගිවිසුම අස්සන් කළා...

ඒ දවස්වල ඔෆිස් එකේ ත්‍රීමූර්තිය වගෙ එකටම හිටියෙ මමයි,සිරියි,ලයනලුයි වැඩක් නැති වෙලාවට අපි අනික් උන්ව බයිට් කරමින් ඇවිදිනවා...දවල් කෑමෙන් පස්සෙ තුන්දෙනා බ්‍රිස්ටල් වීදියට ගිහින් කෙසෙල්ගෙඩි කන්න පුරුදු වෙලා හිටියා...බ්‍රිස්ටල් වීදියෙ කොමර්ෂල් බැංකුව ළඟ අත්තික්කා ගහ මුල ගස්ලබු සහ කෙසෙල්ගෙඩි විකුණන මනුස්සයෙක් ලෑල්ලක් දාගෙන හිටියා...දවස පුරහම ඔතනට එන අය මිනිහගෙන් පළතුරු කනව සහ අරං යනවා...දවල්ට කට්ටිය වැඩියි,අපි තුන්දෙනත් ගිහිං ඇම්බුං හරි ආනමාලු හරි ගෙඩි තුනක් කාල එනවා...අපි හැමදාම යන නිසා මිනිහ අපිත් එක්ක ගොඩක් හිතවත් වුණාම අපි මිනිහවත් බයිට් කරන්න ගත්තා...සිරි තමා පටන්ගන්නෙ,

අපට දෙන්නකො කාබයිට් දාපු...

අපෝ නෑ මහත්තයා...මම කාබයිට් දාල පළතුරු ඉදවන්නෙ නෑ...

ෂහ්..අපරාදෙ මෙතෙන්ට ආවෙ කාබයිට් ටිකක් නැති කෙසෙල් ගෙඩියක් කාල වැඩක් නෑ...

ආ...එහෙනං එන්නකො ටිකක් දාපුවයින් දෙන්න...

ඊට පස්සෙ යනකොටත් අපි දකිනකොටම මිනිහා හිනාවෙලා...

ආ...මහත්තයලට අරව දාපුවයින් කෙහෙල්ගෙඩි නේද...

කියල අපිව බයිට් කරන්න පටන් ගත්තා...
මනුස්සය කියපු කතාව ඇත්ත...ඔහුට පිටකොටුවෙ කඩ කාමරයක් තියෙනවා...හැමදාම උදේ පාන්දර පිටකොටුවට එන ලොරිවලින් ඔහුට අවශ්‍ය ගස්ලබුත් කෙසෙල්කැනුත් අරගෙන කඩකාමරේට දාල කාමරේ තියෙන ඉදිච්චි පළතුරු ටික මිනිහගෙ ත්‍රී වීල් එකේ පටවගෙන බ්‍රිස්ටල් වීදියට ගෙනත් විකුණනවා...ඒ නිසා ඔහුට පළතුරුවලට කාබයිට් ගහල ඉදවන්න අවශ්‍යතාවක් නෑ...

මනුස්සයො කනබොන දේවලට වහ දාන්න හොඳනෑ මහත්තයා...ඒක අපරාධයක්...

ඔහු නිතරම කිව්වා...අපිත් එක්ක කොච්චර හිතවත් වුණාද කිව්වොත් අපි ලොකු ඇම්බුං හරි ආනමාලු හරි ගෙඩි තුනක් කෑවහම මිනිහ ගන්නෙ රුපියල් දහයයි...

දවසක්දා සිරී මගෙන් උදව්වක් ඉල්ලුවා...

සිරීගෙ යාලුවෙකුගෙ නෝන බෙල්ජියමෙ ඉඳල ඉන්දියාවට එනවලු සායි බබා බලන්න බැංගලෝර් යන්න...ඇයව චෙන්නයි එයාපෝට් එකෙදි හම්බවෙන්නයි බැංගලෝර් යන්න කෝච්චියට දාන්නයි උදව්කරන්න කවුරුවත් නැද්ද කියල සිරී මගෙන් ඇහුවා...

මට එක පාරටම අසෝකන්ව මතක් වුණා...ඌත් ඔය වගේ ගයිඩ් වැඩවලට හරි කැමතියිනෙ...අසෝකන්ට මම කතාකරල විස්තරේ කිව්වා...

හරි හරි මට එන දවසයි වෙලාවයි කියන්නකො...මම එයාපෝට් එකෙන් පික් කරන්නම්...

නම ඇතුළු සියළුම විස්තර අසෝකන්ට දීල එන වෙලාවත් කිව්වා...

සිරිගෙ යාලුවගෙ නම ප්‍රේමා...අසෝකන් චෙන්නයිවලදි ප්‍රේමව පිළිගත්තු හැටි පස්සෙ දවසක සිරී මට කිව්වා...මෙහෙමයි,

නියමිත දවසෙ අසෝකන් එයාපෝට් එකට ගිහින් බෝඩ් එකකුත් අල්ලගෙන ඉන්නවා...ඉංග්‍රීසියෙන් ප්‍රේමගෙ නම ලියාගෙන ගියානං කිසි ප්‍රශ්නයක් නෑ ප්‍රේමා ඇවිත් අසෝකන්ට කතා කරනවා...මූ වැඩි හොඳට සිංහලෙන් ලියන්න ගිහිං...ඌට සිංහල ලියන්න බැරි නිසා සිංහල දන්න එකෙකුට කියල ලියවගෙන...
දෙමළ භාෂාවෙන් ප්‍රේ කියල ලියන්න බෑනෙ, ලියපු එකා ලියල දීල තියෙන්නෙ පිරේමා කියල...අසෝකන් ඒක බලාගෙන ලස්සනට බෝඩ් එක ඇඳගත්තා,අන්තිමට අසෝකන් එයාපෝට් එකේදි අල්ලගෙන හිටපු බෝඩ් එකේ තිබුණෙ මෙහෙමයි...

පී රෙමා

ප්‍රේමා මේ බෝඩ් එක දැක්කට එච්චර ගණං අරන් නෑ...කාටද මුගෙ සිංහල කියවන්න පුළුවන්...අන්තිමේ කවුරුවත් හිටියෙ නැති නිසා ආයෙම ඇවිත් බලලා අවිස්වාසෙන් වගේ කතාකරල තමා අසෝකන්ව හොයාගෙන තියෙන්නෙ...බෝඩ් එකේ කතාවට හිනාවෙලා ඉළ රිදුණා...

අසෝකන් මාර්තු මාසෙ ලංකාවට ආවා...ඉස්සෙල්ලම අපි කලේ රෙමා කියල උගෙ නම වෙනස්කරපු එක...

ඉන්දියාවෙදි අසෝකන් ගොඩක් උදව් කරපු යාලුවෙක් මන්නාරමේ ඉන්නවය එයා අසෝකන්ට එහෙ එන්න  කිව්ව කියල අපටත් මන්නාරම් යන්න කතාකලා...

ගමන ගියෙ මම සිරී සහ අසෝකන්...යන දවසෙ හවස සිරීලගෙ ගල්කිස්සෙ ගෙදර ගිහින් රෑට කාල පිටකොටුවට ඇවිත් මන්නාරම් බස් එකෙකට ගොඩවුණා...

මුලු ගමනම රාත්‍රියෙ සිද්දවෙච්චි නිසා ගමනෙ විස්තරයක් කියන්න තරම් දෙයක් නෑ...පහුවදා පාන්දර පහමාර වෙද්දි අපි මන්නාරම් බස්පොලෙන් බැහැගත්තා...

රෑ පුරාම හරියකට නින්දකුත් නැති නිසා අපි ගිහිං නිදිමතයි ගමන් මහන්සියයි යන්න හොඳට නිදාගත්තා...
 

අසෝකන්ගෙ යාලුවා ගෙදරම කොමියුනිකේෂන් එකක් කරන කෙනෙක්...ඊට අමතරව ඔහු ත්‍රීවීල් එකක් එලවනවා...බිරිඳයි දරුවො දෙන්නයි,ගේ ළඟම තව අලුත් ගෙයක් හදල තිබුණා අපට නවතින්න දුන්නෙ ඒ ගෙදර...

මම පටන්ගත්තෙ මාළු පස්තෑල හදන හැටි කියල දෙන්න...අන්තිමට වෙන වෙන තැන්වල ගිහිං ඒ කතාව අතපසු වුණානෙ, දැන් ඒ කතා මෙතන ලියන්න ගියොත් මේ පෝස්ට් එක දිග වැඩි වෙනවා...මන්නාරමේදි තල් රා බීපු කතාවයි මාළු පස්තෑල හදන හැටියි ආයෙම පෝස්ට් එකකින් කියන්නං...

මතු සම්බන්ධයි.



73 comments:

  1. මාළු පස්තෑල නම් ඔනිත් නෑ ඔය අනිත් ටික රහට තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි,අර දඩයමේ ගිය කතාවත් හරිම රහයි.

      Delete
  2. පස්තෑල ඇරෙන්න අනිත් ඔක්කෝම තියෙනවා. විප්‍රවාසය ඉගෙනගැනීමට හොද මගක් තමා.. තව කියන්න දේවල් තිබ්බත් උඹ වගේම මමත් පදුරු තලන්න ගත්තොත් මටත් මොකා වෙයිද කියල නොදන්න නිසා ඔන්න මම ගියා...

    ReplyDelete
    Replies
    1. උඹත් කන්න බලාගෙනද ආවේ,පොඩ්ඩ වෙන්න පඳුරක් තලාගත්තට කමක් නෑ බං

      Delete
  3. කෝ බොල හැලපයියේ කිටීගේ කතාව. ඉස්සර අපේ ගෙදරට ඉස්සරහ තිබුණු ප්‍රින්සිපල්ලගේ ගෙදර හිටියා වැඩට කාන්තාවක් නම රම්‍යා , හැබැයි ප්‍රින්සිපල්ගේ ගෙදරදී තමයි අකුරු ඉගෙන ගත්තේ ,දවසක් පිනාගේ නොනයි අපේ අම්මයි කතා කර කර ඉන්නකොට මේ ගෑනි දුවගෙන ආවා කොලයක් අතේ තියාගෙන
    ඇවිත් පිනාගේ නෝනට කතා කළා.
    "නෝනා නෝනා ...."
    "ඇයි රම්‍යා ...."
    "නෝනා ඊයේ රෑ තිස්සෙම මම මහත්තයගෙන් මගේ නම ලියන්න අහගෙන පුරුදු වුනා "
    " කෝ ඉතින් ලිව්වද?"
    "ඔව් නෝනා මේ"
    මොකක්ද ලියලා තිබ්බේ
    " රම් මීයා "
    මට කියවුනා කාගේද..? කියලා
    හැබැයි ඊට පස්සේ මාස ගානක් යනකම් හැංගිලා තමයි හිටියේ.

    ReplyDelete
    Replies
    1. කිටියගේ කතාව ඊළඟට,මීය කාගෙද දන්නෙ නෑ නේද බං

      Delete
  4. තල් රා බීල මත්වෙන නිසා ඊගාව කො‍ටසෙත් ඔය මාළු පස්තෑල ගැන විස්තරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. :D

    දැං ගෑණු කීයෙන් කීදෙනාද තුනපහ වර්ග ගලේ අඹරල ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගලේ අඹරන්නෙ නැති නිසා නේන්නම් මේ තරම් ගබ්සාවල්...

      Delete
    2. ඔන්න ඒකටත් එක්ක අපේ කාලේ,
      ඇඹරුවෙම ගලේ.

      Delete
    3. එතකොට කෙන්ජයියේ "සිල්ලා ගියේම නැද්ද පොලේ "

      Delete
    4. එකෙන්ම නැත.
      ටික කලකට පස්සෙ නම් එයා ආන්ටිලා වෙත ගියේ යැයි සිතමි.

      Delete
    5. ගලේ අඹරන එක ඇඟට මොන තරං හොඳ ව්‍යයාමයක්ද ප්‍රසන්න

      Delete
  5. ඔය දෙමළ භාෂාව පරිවර්තනය ටිකක් අවුල්. උදාහරණයක් විදියට කොටි නායකය හරියටම "ප්‍රභාකරන්" නෙවේ. පිරපාහරන්, පිරබාහරන් වගේ තමයි කියවෙන්නෙ. විමල් වීරවංස උන්නැහේ කියන්නෙ එහෙමනේ. අපේ ඔපීසියෙ ඉන්නව චන්ද්‍රිකා කියල නෝන කෙනෙක්. දෙමළ ඉගනගන්න කාලෙ මම එයාට කිව්වෙ "චන්දිරික්කා" කියල.

    අම්මලගෙ කෑම රස වෙන්න හේතුව දන්නවද? පහේවල අවුලක් නෙවේ,
    සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගෙ ඉවීම් වල අනන්‍ය රසයක් තියනව. උඹලගෙ අම්මටත් අපේ අම්මටත් අනෙක් හැම අම්මටත් අදාල ඉවීමේ රසයක් තියනව. කෙනෙක් අවුරුද්දක විතර කාලෙ ඉඳල පටන් ගත්තම අවුරුදු විසි ගනනක් විතර වෙනකල් කන්නෙ අම්මගෙ බත්. මේ කාලය වෙද්දි අපේ දිවවල්වල ඩිෆෝල්ට් සෙටින්ස් හැදිල තියෙන්නෙ ඒ රසයට. අන්න ඒකයි අම්මගෙ කෑම හැම දරුවෙකුටම රසවත්.

    ReplyDelete
    Replies
    1. හරියට හරි රාජ්. ඒ වගේම, අම්මා කන්න දෙන්නේ දඟලලා බඩ ගින්නේ ගෙදර එන කොල්ලෙකුට. අන්න ඒකත් එක හේතුවක්.

      Delete
    2. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවනි රාජ්,මොන රස කෑමක් වුනත් අපේ දිව ඒ කෑමට හුරුවෙලා නැත්නං රස දැනෙන්නෙ නෑනෙ

      Delete
  6. ඉස්සර අම්ම උයන කෑම වලට වඩා දැන් උයන කෑම රස අඩු ඇයි කියලා මටත් තිබුන ප්‍රශ්නයක්. දැන් ගහක හැදෙන කොච්චි මිරිස් කරල් වලත් ඉස්සර තිබ්බ සැර නෑ අයියේ.

    එක කතාවක් කියවන්න ඇවිත් කතා ලොට්ටයක් කියෙව්වා. "පී රෙමා" පට්ට බකස් ගාල හිනා ගියා

    ReplyDelete
    Replies
    1. කාලෙ වෙනස් වෙද්දී හැම දෙයක්ම වෙනස් වෙනව පැතුම්,කලින් කලට පලින් පල කිව්වලුනේ.

      Delete
  7. ගලේ මිරිස් අඹරන්ට. හපොයි. කොච්චර රහ නැති උණත් කමක් නෑ මේ තියෙන මිරිස් කුඩු හොඳයි. අම්මලාගේ කෑම රහ වෙලා තියෙන්නේ, ආදරේ එකතු වෙන හන්දා.

    මම නම් ආසාම කෝලිකුට්ටුවලට. ඒවා මාර රහයි. ලංකාවේ විතරමයි තියෙන්නේ මගෙ හිතේ.

    හැලපයාගේ නම ලීවා නම් හැ ලපයා කියලා ලියයිනේ.:)

    ReplyDelete
    Replies
    1. කෝලිකුට්ටු කෑවට කමක් නැහැ.නේත්‍රපලම් නම් කන්න හිතන්නවත් එපා. ගානයි සයිස් එකයි දෙකම ලොකුයි.

      Delete
    2. කෝලිකුට්ටු දේශීය දේ නේ ඒ නිසා මාර රහයි.. පොකු කන්නෙ කෝලිකුට්ටු නෙමෙයිය....

      හැලප අයියා කියන එක එකට කිව්වොත් කොහොම තියෙයිද.. මම හරි ආසයි ගෑණු ළමයි හැලපයට.."හැලපයියා" කියලා කියනවනම්...

      :D :D :D

      Delete
    3. අපිනම් එකපයින් කියන්නේ හැලපයියා

      Delete
    4. ඊයෙ පෙරේද බැදපු දැරිවියකුට "පයි" කතා කියන එක හරිම නරකයි.
      මොන රටේ බුල්ටෙක් උනත් හැලප වගේ උයල කන්න දෙන එල කොල්ලෙක් ට තමයි මංගල මුද්ද දාල තියෙන්නෙ.

      Delete
    5. ඉස්සර කාලෙ අම්මල හැදීගෙන එන ගෑනු ළමයින්ට මිරිස් ගලේ අඹ‍රන්න බලකලා,ඒ කාරනා දෙකක් නිසා.
      පොඩ්ඩිට දැන් කෝලිකුට්ටු අඩුවක් නැතිව ඇති මයෙහිතේ.

      Delete
  8. උබ නම් අයියේ ජාත්‍යයන්තර කතා වස්තුවක්.

    P රෙමා කියල දැම්ම නම් තමා විලි ලැජ්ජාවේ බැරුව යන්නේ..

    අර කුරුලෑ නොඑන බේත ප්‍රත්‍යක්ෂයිද බං?

    ReplyDelete
    Replies
    1. කුරුලෑ බේත අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි සෑම්,අත්හදා බලා ගුණ පන දන්වන්න

      Delete
  9. මාලු කන්න කටවල් හදාගත්ත අයට තව සතියක් දෙකක් ඉන්න වෙයි.. මෝනාලිසා වටරවුමෙ ගිහින් හැලපේ එනකල්..මාළුවලට..

    ReplyDelete
  10. මාලු කන්න කටවල් හදාගත්ත අයට තව සතියක් දෙකක් ඉන්න වෙයි.. මෝනාලිසා වටරවුමෙ ගිහින් හැලපේ එනකල්..මාළුවලට..

    ReplyDelete
    Replies
    1. හරි බං, ඕක දෙපාරක් කියන්න ඕනේ නෑ අපිට ඇහුනා.

      Delete
    2. සරත් දෙසැරේ දෙසැරේ කියන්නෙ පහුගිය ඒවට කමෙන්ට් කරන්න බැරිවුණු ඇරියස්

      Delete
  11. පස්තෑල වලට සිංහලෙන් කියන්නෙ රෝල්ස් කියලද? :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි එදිරියෝ

      Delete
    2. මලමගුලයි මම යටින් දාන්න හිටියේ පස්තෑල කියල තිබුනට පොටෝ එක රෝල්ස් වලානේ කියලා ........ මම දන්නා විදියටනම් පස්තෑල කියන්නේ පැටිස් වලට ....

      Delete
  12. අපේ ගෙදරත් තිබුණා ඔව්ව ගැන පොත් වගයක්...පිටුවක් වත් පෙරළල නම් නෑ :)

    ReplyDelete
    Replies
    1. මොනව ගැන පොත්ද දිලිනි,කෑම හදන එක ගැනද දෙමළ භාෂාව ගැනද

      Delete
  13. අනේ හැලපයියේ මේ මේකේ ඔය කෑම හදන හැටි දාන්න එපා බං.මේ වගේ වටේ යන කතා ටිකක් දාන්.

    ReplyDelete
    Replies
    1. එහෙමද මනෝජ්,එහෙනං කෑම හදන එක නවත්තන්නම්

      Delete
  14. දෙමළෙ හ යන්නක් නෑ නේ. කොළඹ ඉන්න හින්ගල උනුත් දෙමළ කතාකරනවා වතුර වගේ. ඒ වගේම "හ" යන්නත් නෑ. "ආන් බලාන් අඳේ ආවා.." කියලා හඳ පෙන්නන්නේ.

    ඔය පළතුරු කඩේ දැන් නෑ මයේ හිතේ . රීගල් එක පැත්තෙන් විදුලි බල මණ්ඩලේ පැත්තර යන කොට පළතුරු අංකල් කෙනෙක් උන්නා. රීගල් එක ඉස්සරහත් උන්නා.. ආස්චර්යෙට බේරිලා ඉන්නවද කියල නම් කියන්න දන්නේ නෑ. ජේම්ස් පැකර් ගේ හෝටලේ ගහන්න යන්නෙ ඔතනනේ මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. බ්‍රිස්ටල් වීදිය දෙපැත්තෙම තිබ්බ කඩ ටික කඩල අයින් කලානේ පහුගිය අවුරුද්දෙ.
      දෙමළ භාෂාවේ හ ක ග ශබ්ද තුනටම පාවිච්චි කරන්නෙ එක අකුරනේ.

      Delete
  15. ඔය මොන දෙමළත් යස අගේට හුයනු කයනු නයනු දාලා ඉංග්‍රීසි නම් කතා කරනවා අපූරුවට. සිංහල නමක් කියාගන්න යද්දී තමයි අමාරුව !

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට දෙමළ අය භාෂා තුනම කතා කරනවනේ සහන්

      Delete
  16. මොන පිස්සු විකාරයක්ද?

    තමන් මාතෘකාවෙ සඳහන් දේ ගැන ලියවුනේ නැතිනම්
    ඒක වෙනස් කරල දාන්න පුලුවන් නේ.

    නිකන් බොරුවට කොපි එක එක්කෙනාව කොපි නොකර.

    ReplyDelete
    Replies
    1. හැලපයියේ මූ කියන එක ගැනත් ටිකක් හිතහං

      Delete
    2. ඊට නරකද ඇනෝ මාතෘකාව වෙනස් කලානං,දැන් කාවද මං කොපි කලේ ඒකත් කියපන්කො

      Delete
    3. මාතෘකාව ගැන තමා කිව්වෙ හැලප..

      කොපි කරන්නෙ කාවද කියල ඉතින් තමන්ගෙන්ම අහල බලන්න

      Delete
  17. මේකත් අර මොනාලිසා වගේ දිගට යන කතාවක්ද???

    ReplyDelete
    Replies
    1. නැත නැත තව එක කොටසයි

      Delete
  18. යන් යන් අපිත් එන්නම්කො කවද හරි කියනකම්ම

    ReplyDelete
    Replies
    1. පස්සෙන්ම එන්න දමිත්

      Delete
  19. පණ යනවා බොලං හිනා වෙලා බෝධිගෙ රේසරෙන් කරලා තියෙන වැඩ දැක්කම...ලොකු කොලුවා ඒ රේසරෙන් විතරමද ඊට පස්සෙ රැවුල කැපුවෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං,ඒ දවස්වල කැපුවෙ අර බ්ලේඩ් දාන ලොකු රේසරෙන්නේ,උඹට ඒ රේසර් මතකද

      Delete
    2. මම ඒවා නොදකින්න තරම් පොඩි එකෙක් නෙවෙයි බොලං...දැන් දශක තුනකට වැඩියි මගේ වයස...

      Delete
    3. අපෝ මම හිතන් හිටියේ උබ මම වගේ පොඩි කොල්ලෙක් කියල...... බැලින්නම් නාකියෙක්නේ සිරෝ

      Delete
    4. සිංගපූරුවට හොරෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ!!!

      Delete
  20. කෝ මාලු පස්තෑල :P

    ReplyDelete
    Replies
    1. රෙහානිටත් එවන්නම්

      Delete
  21. අනේ මන්දා.. මේ හැලපෙට පිස්සුද නැත්නම් අපිට පිස්සුද කියලා... "කෝ මාලු පස්තෑල." කියලා අහන්නද ඉතිං.. :)

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මම එව්වෙ,කෑවෙ නැද්ද කියලයි මට අහන්න වෙලා තියෙන්නෙ

      Delete
    2. හදලා එවපු ඒවා කාලා මම කිවුවේ "හැලපෙගේ කතාවක් වගේ රහයි" කියලා..
      මම ඇහුවේ කතාව ගැන..
      anyway..හැලපේ ප්‍රධාන මාතෘකාවෙන් ටිකක් කියන ගමන්.. ඒකායන පරමාර්ථය වෙන්නේ "පඳුරු තැලිල්ල" නිසා " "කෝ මාලු පස්තෑල." කියලා අහන්නේ නෑ.. :)
      රසයි ඈ..

      Delete
  22. මේක නම් පැහැදිලිවම හැලප වැඩක් කතාවක් කියනන් අරන් මගින් නවත්වන එක කෝ ඔය අහවල් මාළු එක?????????????

    ReplyDelete
  23. අපි මේ අවේ ඔක්කොම කඩු ෆයිට් බලන්න. බලපුවාම මුගේ _රි සයන්න. සුපියල් පා කේවා.

    ReplyDelete
  24. ගලේ අබරණ තුනපහ , මිරිස් , කහ වලයි මොලේ අබරණ මිරිස් කුඩු තුනපහ වලයි ලොකු වෙනසක් නෑ හැලප අය්යේ ... එකම රස එකම පාට එකම සැර දෙකේම තියෙන්නේ ... ඕක වෙනස් වෙන්නේ ඉතින් අත්ගුනෙන් තමා .. අපේ ආච්චිඅම්මා හදපු කට්ට ස්ම්බෝලේට යි කිරි හොද්ද්ටයි ගහන්ඩ කට්ටසම්බෝල්යක් කිරි හොද්දක් මොන විදිහටවත් හදන්ඩ බෑ නේ ..

    ReplyDelete
    Replies
    1. අත් ගුනේ තමයි රස ඇතිවෙන්න මුල්වෙන්නේ

      Delete
  25. මදැයි කටත් හදාගෙන හිටියා. මමත් උයන්න පුරුදු උනේ කැලෑ වදින්න පටන් ගත්තට පස්සේ. රාත් බීලම ඔය පස් මොකද්ද එක කමුකෝ එහෙනම්.
    .
    එක නෙමයි. කොහොමද පිරිමි තල ගහ හොයාගන්නේ?

    ReplyDelete
    Replies
    1. උකුස්සටත් උයන්න පුළුවනි එහෙනං නේද.අර පිරිමි තල් ගහ හොයාගන්න හැටිනං මමත් දන්නෙ නෑ,දන්න කෙනෙකුගෙන් අහල බලමු.

      Delete
  26. අපිත් පස්තැල හදමු නේද කියල හිතලා කෙල්ලවත් ලගට අරං කියෙව්වා. කෝ යකෝ පස් තැල හදන විදිය.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දිග වැඩිඋනා මල්ලි

      Delete
  27. හැලප්ස් ඔය මිරිස්, කහ වගේ දේවල් අම්මලා ගලේ අඹරණ කොට හැම තිස්සේම ලුනු කැට දෙක තුනක් දාලා තමයි ඒ වැඩේ කරන්නේ.එකක් ඇඹරීමේ පහසුවට, අනික කල්තබා ගැනීමටයි කියලා කියනවා. Cookery වල කියනවා paste is better than powder to enhance the flavour කියලා.

    අරකී ඉපදුනේ මදුරාසියේ.අරකිගේ පියා ආදී කාලේ වැඩ කලේ මහ කොමසාරිස් කාර්යාලයේ.ඔය අර්ජුනලාව හොඳට දන්නවා.

    ReplyDelete
    Replies
    1. අරූ මට මේල් එකක් එවනවද
      helapakade@gmail.com

      Delete

ඔබේ අදහස්