Tuesday, September 3, 2013

85.නීතගේ පුතා,චිත්‍රාගේ කතාව සහ තවත් කතා 3


දෙවෙනි කොටස 
පළමුවෙනි කොටස

අහුන්ගල්ලෙ යන්න ගියපු මම මගින් හැරිල අතුරුගිරියෙ විමල්ලගෙ ගෙදර ගියානෙ...අද අහුන්ගල්ලෙ යමු.

කිව්ව වගේම මාව කොටුවට එක්කං යන්න විමල් වෑන් එක අරං ආවා...බලපුවම රෝදෙක හුළං බැහැලා...

මම බස් එකේ යන්නං බං...

නෑ නෑ ඉඳපං පට ගාල ටයර් එක මාරුකරගෙන යමු...

විමල් ටයර් මාරුකරනකල් මම හිටියෙ නෑ...කොටුව බස් එකකට නැග්ගා...

මුළු රෑම නිදිමරපු නිසා උදේ අව්ව වැටෙනකොට හරි අමාරුයි...ඇස්දෙකෙන් බුදුරැස් විහිදෙනව වගේ හිටගෙන නින්ද යනවා...උදේ හතහමාරට විතර කොටුවෙන් බැහැපු මම ගාල්ලෙ ඉන්ටසිටියකට නැග්ගා...

මල්ලි අහුන්ගල්ලෙදි කතාකරන්න මම අහුන්ගල්ලෙන් බහිනවා...

කොන්දොස්තර කොල්ලට කලින්ම කිව්වෙ ෂුවර් එකටම නින්ද යනව කියල දන්න නිසා...

ඔහොම කියද්දි මට ප්‍රයිවෙට් බස් කොන්දොස්තර කෙනෙක්ගෙ කතාවක් මතක්වෙනවා...මේක මේ ජයලත් මනෝරත්නයන්ට වෙච්චි වැඩක්...

දංකොටුවෙ පෙන්නන නාට්‍ය දර්ශනයකට මනෝරත්නයන්ට නාට්‍ය කණ්ඩායම ගියපු බස් එකේ යන්න බැරිවෙලා තියෙන්නෙ හදිසි පුද්ගලික වැඩක් යෙදිල තිබුණු නිසා...

මම පාරෙ බස් එකේ ඇවිත් වෙලාවට එන්නං මට තැන කියන්නකො...
මනෝ කිව්වා...

දංකොටුවෙ නෙළුම්මල උළුමෝල ළඟින් බැහැගන්න...එක්කංයන්න කෙනෙක් එතෙන්ට එවන්නම්...

ඔන්න හවස මනෝ දංකොටුව බස් එකකට නැගලා ටිකට් ගන්නකොට කොන්දොස්තර කොල්ලට කියල...

මල්ලි මාව නෙළුම්මල උළුමෝල ළඟ බස්සවන්න...

හරි හරි මහත්තයා...

නින්දකුත් ගහගෙන ගියපු මනෝට ඇහැරෙනකොට උළුමෝල් එක එක පහුවෙනවලු...

ටිකකින් කොල්ලට කතාකරලා...

මල්ලි නෙළුම්මල උළු මෝල තව දුරද...

වටපිට බලපු කොල්ල ඔලුවෙ අත ගහගෙන...

ෂහ්...නෙළුම්ම්මල උළුමෝල පහුවෙලානෙ...

ටිකක්වෙලා කල්පනා කරපු කොල්ලා...

මහත්තය,ඔය නෙළුම්මල උළු ගන්න එපා...මහ බාල උළු ජාතියක් මම මහත්තයව බස්සන්නංකො නියම උළු මෝලක් ළඟ...ලේනා ළකුණ දරණ උළු...අන්න නියම බඩු මේ ඉස්සරහ තියෙන්නෙ...

 තවත් බස් කතාවක් මතක්වුණා ඒකත් කියල ඉන්නංකො...

පුතෙක් අම්මව බස් ස්ටෑන්ඩ් එකට එක්කං ඇවිත් නුවර බස් එකට නග්ගවල ගියාලු...අම්ම  කොන්දොස්තරට කියල තියෙනව ...

පුතේ මට නින්ද ගියොත් කෑගල්ලෙදි කතා කරන්න...

දැන් බස් එක යනව අර අම්මටත් හොඳටම නින්ද ගිහිං...

කෑගල්ලෙදි අම්මට කතාකරන්න කොන්දොස්තරට අමතක වෙලා...කෑගල්ල පහුකරලත් කිලෝමීටර් දෙකක් විතර ගියාම තමා කොන්දොස්තරට අර නිදා ඉන්න අම්මට කතාකරන්න මතක්වෙලා තියෙන්නෙ...

දැන් මොකද කරන්නෙ...

වෙච්චි සිද්දිය ඩ්‍රයිවර්ටත් කියල දෙන්න කතාවෙලා තියෙනවා...

පව්නෙ අපි අම්මව ආපහු ගිහිල්ල දාමු...

බස් එකේ හිටිය අනික් අයත් කැමතිකරවගෙන බස් එක ආපහු හරවගෙන කෑගල්ලට ගිහිං අම්මට කතාකරල තියෙනව...

අම්මෙ අම්මෙ මේ කෑගල්ල...

හා පුතේ කියපු අම්ම ළඟ තිබුණු බෑග් එක ඇරල බේත් පෙත්තක් කටේ දමාගෙන බිව්වලු...

ඇයි අම්මෙ බහින්නෙ නැද්ද...

නෑ පුතේ මට දවල්ට ගන්න තියෙන බේත් පෙත්ත බොන්න වෙලාව කෑගල්ලට විතර එනකොට හරියයි කියල ගෙදර ළමයි කිව්වා...ඒකයි මම කෑගල්ලෙදි ඇහැරවන්න කිව්වෙ...

මට නං එහෙම මොකුත් කරදරයක් වුණේ නෑ...අහුන්ගල්ලට ළංවෙද්දි කොන්දොස්තර කොලුවා මාව ඇහැරෙව්වා...

මහත්තයා ඉස්සරහින් බැහැගන්න ...

බස් එකෙන් බැහැල වටපිට බලනකොට මට හැරිල එන්න කියපු පාර තියෙනව...පාරට හැරෙනකොටම පොඩි කෙල්ලො දෙන්නෙක් බයිසිකලේකුත් තියාගෙන ඉන්නව...

පස්සෙ දැනගත්ත විදියට ඒ චිත්‍රාගෙ අක්කගෙ දුවලා...මම ආවද පාර හොයාගත්තද නැත්නම් අතරමං වුණාද කියල බලල එක්ක එන්න තමා මේ දෙන්න ඇවිත් තියෙන්නෙ...ඒ වුණාට මම පාරට හැරෙනව දැක්ක විතරයි කෙල්ලො දෙන්න කෑ ගහගෙන හූ කියාගෙන සයිකලෙත් හරවගෙන යන්න ගියා...

චිත්‍රලගෙ ගේ පිහිටල තිබුණෙ බොහොම සුන්දර තැනක...වත්ත මායිම්වෙලා තිබුණෙ මුහුදට, මුහුදෙන් වත්තට නෙරල ආපු බොක්කක් වගේ කොටසක් ගෙයි කුස්සිය පිටිපස්සට වෙන්න තිබුණා...මම යද්දි අනිත් කට්ටිය ඇවිදින් තේ බොනවා...ටිකකින් අපි කට්ටියම එළියට බැහැල ඇවිදින අතරෙ අර නොගැඹුරු මුහුදු බොක්කට පැන්නෙ නිරායාසයෙන්මයි...

විටින් විට ඒ බොක්කට මුහුදෙන් මාළු රංචු එනවා...අපි ටිකක්වෙලා එතන දඟලද්දි වයසක මනුස්සයෙක් ඇවිත් මාළු රංචුවකට බරු දැලක් ගැහුවා...දැල බේරපුවම එතන කිලෝ දෙක තුනක කලවම් මාළු නිකං රිදී කෑලි වගෙ දඟලනවා...අලුත්ම බඩු නිසා බැදල බයිට් එකට ගන්න අපිත් මාළු කූරයියො කීපදෙනෙක් අරගෙන ආවා...
දවසම මූදෙ නටලා දවල්ටත් කාලා හවස ජයන්තලගෙ වාහනෙන් ආපහු පිටත්වෙන්න ලෑස්තිවෙනකොට රෑට කන්න ලොකු බත්මුලකුත් ලැබුණා...

මට ආපහු අහුන්ගල්ලෙ යන්න වුණේ ඊට අවුරුදු පහළොවකට විතර පස්සෙ හදිසියෙ මැරුණු චිත්‍රලාගෙ අක්කගෙ මළගෙදරට...ඒ කාලෙ වෙද්දි චිත්‍රා මීගමුව පැත්තෙන් ගෙයක් අරගෙන පදිංචි වෙලා හිටියෙ...චිත්‍රලාගෙ අම්ම ඊට කලින් මැරුණත් ඒ කාලෙ මම ලංකාවෙ හිටියෙ නෑ...

ඉස්සර මාව එක්කං යන්න ආපු පොඩි කෙල්ලො ඒ වෙනකොට ගොඩක් ලොකුයි...එකෙක් කොල්ලෙක් එක්ක පැනල ගිහින් ගෙදරට පයගහල තියෙන්නෙ අම්මගෙ මරණෙට...

මේ දෙන්න මතකද...මෙයා ලොකු හපන්කමක් කරලනෙ ඉන්නෙ...

චිත්‍රා මට කෙල්ලො දෙන්නව හඳුන්වලා දුන්නා...

2004 දී සුනාමියට චිත්‍රලගෙ ලොකු මල්ලි පදිංචි වෙලා හිටපු මහගේයි බාලම මල්ලි මුහුද අයිනෙ හදල තිබුණු ගෙස්ට් හවුස් ඇන්ඩ් රෙස්ටුරන්ට් එකයි කෑල්ලක්වත් ඉතුරු නොවී හෝදලම ගියා...

මම චිත්‍රාට කණගාටුව ප්‍රකාශකළා...

ජීවිත බේරුණු එකම මදැයි...එහෙමවත් හිත හදාගන්න...

නූල් පොටක්වත් ඉතුරු නොවී සකල සේසතම ගහගෙන ගියාට පස්සෙ ජීවිත බේරිලා ඇති වැඩේ මොකක්ද...හිටියත් මළා වාගෙ තමයි...

බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත කියල හිතෙනවා...

දකුණු වෙරළ තීරයේ පදිංචිවෙලා හිටපු මගෙ අනිත් යාලුවා ඩැනිස්ට නං මූද අයිනෙම පදිංචිවෙලා හිටියත් සුනාමියෙන් කරදරයක් වුණේ නෑ...

ඩැනිස් රෙදිමෝලෙ වැඩට ආවෙ හැත්තැ ගණංවල මුල්හරියෙ...නැවතිලා හිටියෙ පොඩි මහින්දලගෙ ගෙදර ඉස්තෝප්පු කාමරේ...රෙදිමෝලට එන්න කලින් ඩැනිස් යුද්ධ හමුදාවට බැඳිලා හිටියෙ...ඒ හැට ගණංවල එතකොට දැන්වගේ හමුදාව බල්ලට ගිය කාලයක් නෙවෙයි...බොහොම නම්බුකාර ආයතනයක් හැටියටයි තිබුණෙ...හමුදාවට බඳවගනිද්දි හත්මුතු පරම්පරාවකම විස්තර සොයා බලනවා...ගෑවිච්චි තැනක එකෙක් හරි උසාවියෙන් වැරදිකාරයෙක් වෙලා තිබුණොත් හමුදාව පැත්ත පළාතට ගන්නෙ නෑ...පස්සෙ කාලෙක නං හොරුයි මංකොල්ල කාරයොයි හැම එකාම හමුදාවට බන්ද ගත්තනෙ...ඒ ගද්දි බැලුවෙ අතපය හතර පණ තියෙනවද කියල විතරයි...

ඩැනිස් හමුදාවෙ ඉද්දි දුර දිවීමේ ශූරයෙක්...රෙදි මෝලෙ ඉන්නකම්ම ඩැනිස් අවුරුදු උත්සවයෙ ගම හරහා දිවීම තරඟය දිනුවා...ඩැනිස් දිව්වා විතරක් නෙවෙයි ගමේ පොඩි අයටත් දුර දුවන්න පුහුණු කලා...ඒ දවස්වල එහෙම දුවල ධාවන ශූරයන් වෙච්චි ගමේ කොල්ලොන්ට පසුකාලීනව ක්‍රීඩා උපදේශක තනතුරු පවා ලැබුණා...

කොච්චර වැඩකාරය වුණත් ඩැනිස් බීපු වෙලාවට නං වනේ...නිකං වනේ නෙවෙයි සාල වනේ...

ඩැනිස් රෙදිමෝලෙන් අස්වෙලා ගියාට පස්සෙත් අපේ යාළුකම ඒ විදියටම පවත්වාගෙන ගියා...විශේෂයෙන් ඩැනිස් රෙදිමෝලෙ වැඩට එක්කරං ආපු මල්ලි නැල්සන් අපේ ගමෙන්ම පිළිවෙලක් වීම ඒකට වැඩියත්ම හේතුවුණා...

අසූව දසකයෙ මැද බාගෙ විතර අපි කළුවාමෝදර ඩැනිස්ලගෙ ගමේ ක්‍රීඩා සමාජයට ක්‍රිකට් තරඟයකට ආරාධනාවක් කළා...

ඒ දවස්වල දැන්වාගෙ අපේ ගමට පිට්ටනියක් තිබුණෙ නෑ අපි සෙල්ලං කලේ නාරංවත්තෙ පිට්ටනියෙ...

නියමිත දවසෙ කළුවාමෝදර ක්‍රිකට් කණ්ඩායම වෑන් එකක් පුරවල අපේ ගමට ආවා...

මැච් එක ගහල ඉවරවෙලා දුර යන්නත් තිබුණු නිසා අපි මේ අයට ලෑස්ති කරල තිබුණෙ එක ඉනිමක තරඟයක්...ඊට පස්සෙ දවල් කෑම සහ පිටත්වීම...

ඒ වුණාට ආපු ඔක්කොටොම සෙල්ලං කරන්න ඕනැය කියල ඉල්ලීමක් කරපු නිසා ඉනිම් දෙකම ක්‍රීඩා කරන්න ලෑස්ති කළා...පලවෙනි ඉනිමෙ ගහපු අයව දෙවෙනි එකේ අයින් කරල වෙන අයට අවස්ථාව ලබාදුන්නා... 
පළවෙනි ඉනිම සෙල්ලම් කරපු ඩැනිස් දෙවෙනි ඉනිම පුරාවටම තවත් යාළුවෙකුත් එක්ක ළඟ තිබුනු ගේක මිදුලෙ පුටුදෙකක් තියාගෙන හොඳට සප්පායම් වුණා...
 
ඉනිම් දෙකේ වැඩේ නිසා දවල් කෑම හොඳටම පරක්කුවුණා අන්තිමේදී තරඟය අපි දිනුවා...
 
ප්‍රමාදවෙලා දවල් ආහාරය ගත්ත කණ්ඩායම පිටත්වෙද්දි හොඳටම හැන්දෑවුනා...
 
ගමනෙ ඉතිරි කොටසෙ විස්තරය මට කිව්වෙ කණ්ඩායමත් එක්ක ගියපු නැල්සන්...
 
වෙරිමතේ හිටපු ඩැනිස්ගෙන් යනකන් කණ්ඩායමට බලු බැණුම්...ඩැනිස් බීලා බනින්න ගත්තම බනින්නෙ ආයෙ මූණ බලන්න නෙවෙයි...ක්‍රීඩා සමාජයත් ඉවරයි...කළුවාමෝදර ක්‍රිකටුත් ඉවරයි...
 
මග්ගොන හරියෙදි එකපාරටම ඩැනිස්ට බාප්ප කෙනෙක් බලන්න යන්න ඕනැවෙලා වෑන් එකත් හරවගෙන එහෙ ගිහින්...
 
බාප්පගෙ ගේ ළඟ වාහනේ නවත්තපුවම ඩැනිස් බාප්පට කතාකරනවා...
 
මගෙ බුදු බාප්පේ...
 
ඇයි මගෙ බුජු පුචේ...
 
බාප්පා උත්තර දෙනවා...
 
බුදු බාප්පේ...
 
මගෙ බුජු පුචේ...
 
මගෙ බුදු බාප්ප කොහෙද ඉන්නෙ බාප්පේ...
 
අනේ මගෙ බුජු පුචේ මට එළියට එන්න විදියක් නෑ මම හැංගිලා ඉන්නෙ...
 
බලපුවම පොර හොඳටම බීල ගිහිං එකෙක්ව කපල ඇවිත් හැංගිලා...
 
ඩැනිස්ගෙ පිස්සු කෙළි නිසා එදා කළුවාමෝදරට යද්දි පාන්දර ජාමෙ වුණාලු...
 
මම බඳිනකොටත් කලින්ම ගිහින් ඩැනිස්ට මඟුල් කිව්වා...අමතක වෙලා එහෙම පස්සෙ ආරංචි වුණොත් බලු බැනුම්නෙ...
 
ඩැනිස්ගෙ කෙළවරක් නැති බීම පසුකාලීනව ඔහුව හෘද රෝගියෙක් බවට පත්කළා...
ඒත් ඔහු බීමත් ඔහුගෙ ප්‍රියතම කෑමත් නැවැත්තුවෙ නෑ...
 
බීමත් එක්කම ඔහු කෑමට ඉල්ලන්නෙ හරක් මස් සහ දෙල්...ඔහුට අගුණම ආහාර...
 
2006 අවුරුද්දෙ ඩැනිස්ට දෙවෙනි වතාවටත් හැදුණු හෘදයාබාධය නිසා රෝහල් ගතකලා...
රෝහලෙන් ගෙදර එන්න හදපු දවසෙ හැදුනු හෘදයාබාධයෙන් ඩැනිස්ට ගොඩ ඒමක් වුණේ නෑ...
 
ඩැනිස් මියයද්දි මම ලංකාවෙ හිටියෙ නෑ...ඒ නිසා ඔහු මගේ හිතේ තාම ජීවමානයි...
                     
අන්තිමට මම කළුවාමෝදර ගියෙ 2011දී...ඒ නැල්සන්ගෙ තවත් සොහොයුරෙක්ගෙ මරණ ගෙදරක...
 

අපි එදා ඇවිදපු පොල් රුප්පාවන් ගහකොළ රන්වන් වෙරළ තීරය දැන් ගොඩක් වෙනස් වෙලා...ඒ කාලෙ චූටියල අපි රෑට වැල්ලෙ ගුල්වලින් ගොඩට එන කකුළුවො අල්ලපු හැටි වැල්ලෙදි මතක්වෙන්නෙ නිරායාසයෙන්මයි...අද චූටියත් නෑ ඩැනිසුත් නෑ...එදා හිටපු තරුණයන් අද වයසට ගිහිං...කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්...

84 comments:

  1. පයිත්තියං වෙන්නම ගියා කතා ටික අඹරන කොට.. බුචු හැපච්චේ මේවා තමා ලියවිලි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. බොගෙ ලියවිලිත් ඒ වගේ තමයි,කියවනකොට ඔලුව හොල්මන් වෙනවා

      Delete
  2. ඔයාගේ කතා මාත් ආසාවෙන් කියවනවා කඩේ අයියේ ,, විසි දැල දැක්කම මතක් වුනේ ,,මන් පොඩි කාලේ අපේ මාමා එක්ක ගගේ වතුර අඩු කාලෙට යනවා මාළු අල්ලන්න ,,ගග දිගේ උඩටම යනවා බෙල්ල ගාවට වතුර හරි ෂෝක් ,,එයා දැල දැම්මම අහුවෙන මාළු එකතු කරලා කුඩේට දාන්නේ මන්,, හරි ෂෝක් ,,කෑම ගැන නම් ලියන්න එපා රස කරලා තව තවත් ලියන්න ඉදගෙන මේ වගේ අතීත මතක

    ReplyDelete
    Replies
    1. ඇයි ඔමා ඔය තියෙන්නෙ ඔයාට ලියන්න ලස්සන කතා ඉඳගෙන,පොඩි කෙල්ලක් මාළු කූඩෙට දානව මට මැවිලා පේනවා.
      කෑම ගැන ලිවහම අප්සැට් නේද ඒ කෑම කන්න වෙන්නේ නැති නිසා.

      Delete
  3. මේක කතා සාප්පුවක්නේ.

    //2005 දී සුනාමියට චිත්‍රලගෙ ලොකු මල්ලි පදිංචි වෙලා හිටපු //

    2005 ට දවස් හතරකට කලින් 2004 දෙසැම්බර් 26. අම්මෝ .... එදානම් ජීවිතේ තියනකන් අමතක නොවෙන දවසක්. ඒ සුනාමියට අහුඋනාට අපිට නම් ලොකු කරදරයක් උනේ නෑ. මූදෙ ඉඳන් මීටර් 150 ක විතර දුරින් අපේ ගෙදර තියෙන්නෙත්.


    හ්ම් ... යාළුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමෙ.

    ජීවිතේ ඔහොම තමයි. අද ආපහු හැරිල බලනකොට ඔහොම හිතුනට සමහර විට හැමදාම එකම විදියට තිබුනන් ඒ ඒකාකාරී ජීවිතෙත් අපිට එපා වෙයි.

    ReplyDelete
    Replies
    1. //ජීවිතේ ඔහොම තමයි. අද ආපහු හැරිල බලනකොට ඔහොම හිතුනට සමහර විට හැමදාම එකම විදියට තිබුනන් ඒ ඒකාකාරී ජීවිතෙත් අපිට එපා වෙයි.//

      අළුත් මුනක් දාගත්තට බොට තාම පරණ සිතුවිලි තමා තියෙනනේ. ලෝකයේ ස්වභාවය තමයි උඹ කියල තියෙන්නේ. ඒකයි පරම සත්‍ය්‍ය

      Delete
    2. //අළුත් මුනක් දාගත්තට//

      අනේ බං, දන්න දා ඉඳන් තිබුනෙ ඕක තමයි. :)

      Delete
    3. ඒකනං වෙන්න බෑ.. කලින් තිබ්බේ තොප්පි දාපු කළු මුනක් නෙව..

      Delete
    4. තොප්පිය හුළඟෙ ගිහිල්ල මූනට එළිය වැටිල බං.

      Delete
    5. ආ.... මේ ඒ මූන ගැනද ඇහුවෙ. ඒකට ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් උත්තරයක් දිව අග තියෙනව බන්ස්ල මෙතන කොටන්න විදියක් නෑ. :P

      ගනං ගන්න එපා, ආයෙ ඒක එනවා. :)

      Delete
    6. වැරැද්ද හැදුවට මදුරු නාශකට ගොඩක් ස්තූතියි.යාළුවො නැතිනිසා ඇතිවෙන පාළුව හැමදාටම තියේවි.

      Delete
  4. ඔය කෑගල්ලේ කතාව තිබුනේ පරණ රසකතා පත්තරේක.

    ReplyDelete
    Replies
    1. රසකතා පත්තර නම් ඇහැටවත් දැකල නැතත් මමත් ඒ කතාව නම් අහල තිබුනා කකා. ඔය පත්තරේ කියවල නේද කකා ගණිකාව කියන්නේ මොකක්ද කියල හොයන්න ගියේ.

      Delete
    2. ඩැනිස් කියන්නෙ කකාගෙ නෑ කෙනෙක් නේද? හරක් මස් වලට තියන කෑදර කම නිසා ඇහුවෙ......

      Delete
    3. කකා ලඟ පරණ රසකතා පත්තර මිටියක්ම තියෙනව නේද

      Delete
  5. කෝ බං පටන්ගත්ත කතාව?

    ReplyDelete
    Replies
    1. මූ වටේ තලනව කියල දැනගෙනමයි මම හැලප කඩේට එන්නෙ. ඒ තැලිල්ල තමා රසවත් :0)

      Delete
    2. මොන කතාවද බං,මටත් පැටලිලා දැන් ඉන්නෙ.

      Delete
    3. ඕන්න එහෙනම් ඇත්තම කිවුවා නේද හැලපේ.. :)

      Delete
  6. ගොඩක් යාලුවෝ වෙන්වෙලා වගේ ,සමහරු යන්නම ගිහින්... කාලය කියන්නේ නං මහා පුදුමාකාර දෙයක්...කොහොමත් ඉතිං විශ්වය කියන්නේ නවාතැනක් විතරයිනේ අපිටත් දවසක යන්න වෙනවා..

    //නෑ පුතේ මට දවල්ට ගන්න තියෙන බේත් පෙත්ත බොන්න වෙලාව කෑගල්ලට විතර එනකොට හරියයි කියල ගෙදර ළමයි කිව්වා...ඒකයි මම කෑගල්ලෙදි ඇහැරවන්න කිව්වෙ...//හී............ආච්චි සෝයි අනේ

    ලංකාවේ ලස්සන පරිසරවල තමයි හැලප මතක තියෙන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔක්කොම යනකොට අපටත් යන්නවෙනවමයි.ඒත් අපිට හිතෙන්නේ නෑ අපට යන්නවෙනවා කියල ඕව ඔහොම තමයි.

      Delete
  7. අදත් මරු වටේ තැලිල්ලක් නේ තලලා තියෙන්නේ..බස් කාතා නං මරු... ඩැනිසගේ කතාව කියෝනකොට මහා සාංකාවක් දැනෙන්නන ගත්තා හිතට.

    එයිටත් තදින් හිතට වැදුණා අවසන් වදන දෙපා යටික් කාලය නොදැනිම ගෙවි ගිහින් කියන එක.
    ජයවේවා හැලප අයියේ

    ReplyDelete
    Replies
    1. නලින් මල්ලි කියවනකොට විතරක් නෙවෙයි කතාව ලියද්දිත් මට මහා සාංකාවක් දැනුනා,මොකද ලියද්දි හිතේ ජීවත්වෙන මනුස්සය හැබැවටම නෑ කියල හිතුනාම.

      Delete
  8. බුදු බාප්පගෙ ගේම හින්ද ඩැනියටයි සෙට් එකටයි කන්න උනානං තමයි ආතල් එක.

    කාලය ඉතිං කාටද නවත්තන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. බුදු බාප්පගේ කතාව නැල්සන් ලස්සනට කියනව බං

      Delete
  9. කළුවා මෝදර කිව්වම මතක්වුනේ සුනිල් පෙරේරාගේ මේ සිංදුව ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුව කොල්ලෝ,මම ඔහොම සිංදුවක්‌ තියෙනව කියල දන්නෙත් නෑනෙ උඹ ගෙනල්ල දානකන්,ස්තූතියි.

      Delete
    2. උඹ ඇඳපු මගේ පින්තූරෙ,මට නිකං දැකල පුරුදු ගතියක් දැනුනා මුල ඉඳලම දැනුයි මතක්වුනේ,මෝෂේ දයාන් වගේ බං.

      Delete
  10. බස් රස කතා අර කතා මේ කතා අතරේ අවමංගල කතාත් පවත්තලා..

    ReplyDelete
    Replies
    1. 1970 ගනන්වල ඉතාලි එක්ක යනවා කියලා, සෙට් එකක් බෝට්ටුවේ දාගෙන අරගෙන ගිහින් ඉතාලියේ කාන්තාරයක් වගේ පැත්තක් බැස්සුවලු, අරුන් ඉතින් කාන්තාරේ මැද්දෙන් පාරකට ඇවිත් බැලුවම ලොරියක් යනවලු. විජය උළු කියලා ගහලා. එකෙක් කියනවලු අම්මට හුඩු යකෝ විජය උළු ඉතාලියෙත් තියෙනවනේ බං කියලා. අරුන් ගිහින් දාලා තියෙන්නේ යාපනේට...

      Delete
    2. නියම කතාව මාතලන්,අර හඳේ කිරිපැණි කඩයක් දාගෙන හිටපු මාතර මුදලාලිගෙ කතාව වගේ

      Delete
    3. ඔව් උන් ඇහුවලු යකෝ ඉතාලියේ දුවන්නෙත් ලේලන්ඩ් ලොරිද කියලා

      Delete
  11. බස් කතාවක් කිව්වම මතක් වුනේ
    දවසක් වයසක ආච්චි කෙනෙක් නැග්ගලු බස් එකට ,ඉතින් සීට් එකක් හෙම හොයල දීල ටිකට් එක දෙන්න ඕන නිසා මානව හිතවාදී කොන්දයියා ඇහුවලු
    "මේ අම්ම කොහෙටයි යන්නේ"
    "මං මේ පුතාලයි ගෙදර යනවා පුතේ"

    මදැයි කොලා

    "නෑ අම්ම කොහෙන්ද බහින්නේ කියලයි ඇහුවේ..?"
    "කොහෙවත් බැහැල හරියනවයි පුතේ, පුතාල ගේ ගාවින්මයි බහින්නේ "
    අනේ අම්මපා ....
    බොහොම ඉවසීමෙන් සැනසීම පතමින්

    "නෑ මේ අම්මට කොහාටද ටිකට් එකක් දෙන්නේ?"
    "ආ ම්ම් මේ එහෙනං අපේ පුතාලයි ගේ ලඟට එකක් දෙන්ටකෝ"

    @%#@!#$@&&^

    ReplyDelete
    Replies
    1. මානව හිතවාදී කොන්දෙක්ම හිටපු නිසා හොඳයි,වෙන එකෙක් එහෙම හිටියනං ආච්චිගෙගෙ මවුතුමියත් සමරලා මග හලලයි යන්නෙ.

      Delete
  12. අද පෝස්ට් එකේදි නං මට මතක් උනේම පැතුමගේ පෝස්ට් එකේ ගිරා ආච්චි.. හි හි... මට නං දැන් කියන්න කියලා පටං ගත්ත කතාවේ නම වත් මතක නෑ ඔන්න...

    සුනාමිය ගැන නං මතක තාමත් එහෙම්මමයි අප්පා.. කී දෙනෙක් ඔහොම සබ්බ සකමනාවම නැතුව ගිහින් ඒත් ජීවිත බේරගත්තද.. ඒ වෙලාවට හිතුනට අනේ ඇයි අපි විතරක් බේරුනේ.. අපිත් ගියානං ඉවරයි කියලා, ඒක ටික දවසකින් වෙනස් වෙනව... අපේ එකෙක් යන්නම ගියා සුනාමිය බලන්න ගිහිල්ල...

    ReplyDelete
    Replies
    1. සුනාමියට වඩා දුක හිතුනෙ ඊට පස්සෙ අපි පිටරට ඉඳල එකතු කරලා එවපු සල්ලිවලට කරපු දේ ගැන.
      කියන්න හිරිකිතයි, එවෙලෙ හම්බවෙච්චි ආධාර හරියට කළමනාකරණය කලානං රට ගොඩ ගන්න තිබ්බා

      Delete
  13. හැලප්ස්.........හොඳට කන බොන මිනිහෙක් මැරුණයි කිව්වාම මට සාමන්‍ය කෙනෙක් මැරුණාට වඩා තද දුකක් දැණෙනවා බං. ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අරූ,අපතයෙක් මළාට වඩා හිත හොඳ එකෙක් මළාම දුක වැඩියිනේ මචං

      Delete
  14. හරිම අපුරුයි හැලපයියේ.
    //කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්//මේන්න මේ කැල්ල හිතට මාරම විදියකට දැනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්,කාලය හරිම පුදුම දෙයක් තමයි,දුවලත් බෑ නැවතිලාත් බෑ

      Delete
  15. දවසක් ආච්චි කෙනෙක් ගාල්ලෙන් නැගල මාව කළුතරදි නැගිට්ටුවන්න කියල දොයිලු. පස්සෙ වාද්දුව හරියෙදි කොන්දට මතක් වෙලා බලනකොට ආච්චි තද නින්දෙලු. හරිම වයසක මේ උන්දැව මෙතන හලල යන එක පව් නිසා ඩ්‍රයිවර්ටයි, බස් එකේ කට්ටියටයි කොන්ද උන අමතකවීම ගැන කියල ආයි බස් එක හරවන් ආවලු කළුතර ස්ටෑන්ඩ් එකට. ඇවිත් ආච්චිව නැගිටල කිව්වලු "ආච්චි ආච්චි නැගිටින්න අපි දැන් කළුතර, එහෙනම් බහින්න හිමීට" කියල.

    එතකොට ආච්චිත් "මම මොකට බහිඳ කළුතරින්. ඔය ළමයට මාව නැගිට්ටවන්න කිව්වෙ බෝධියට මෙන්න මේ ගෙනපු පඬුරු ටික දාන්න දෙන්න,මම බහින්නෙ මොරටුවෙන්" කියල කිව්වලු.

    ReplyDelete
    Replies
    1. පඬුරු දැම්මම ලැබෙන පිනට වඩා කොන්ද ආච්චිට එතනදීම පිං දෙන්න ඇතිනේද

      Delete
  16. සුනාමි මතකය .එක අම්තක කරන්න ඔන අප්පා

    ReplyDelete
    Replies
    1. කාලෙකදී එය මතකයක්ම පමණක් වේවි දමිත්.

      Delete
  17. ආච්චිගෙ කතාව මමත් අහල තිබ්බා.

    පරණ මතකයන් එක්ක ජීවත් වෙනව කියන්නෙ හරිම සුන්දර දෙයක් බං. බලපං උන් ඔක්කොම වයසට ගිහින්ලු. උබ තාම තරුණයි වගේ කතාව :))

    ReplyDelete
    Replies
    1. බොලා වගේ තරුණයො එක්කනේ මමත් ආශ්‍රය කරන්නෙ,ඒ නිසා මටත් හිතෙන්නේ තවම මම තරුණයි කියල

      Delete
  18. කැලේ යනවා වැඩියි ලොක්කෝ

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං ඒ මගේ ඉස්ටයිල් එකනේ

      Delete
    2. ඔව් ඔව් ඕපන් හැපපස්ටයිල්.

      Delete
  19. බීම සහ මරණ ගැන කිව්වහම හැලප කතා අස්සේ කොටන්න කතාවක් මතක් වුනා.

    මගේ මස්සිනාගේ මස්සිනා හොදටම කන බොන බුවා. පිළිකාවකින් මැරෙන්න ඉන්න කාලෙ වුනත් ජොලියෙන් තමා හිටියේ. මිනියේ අවසන් වැඩකටයුතු ටික ලෑස්ති වෙනකොට මළ ගෙදරට ආවා මූණ මිරිකුවොත් ගල් අරක්කු බාගයක් විතර බේරෙන වයස 60 විතර අංකල් කෙනෙක්. ඒ වෙලාවේ බීල හිටපු බවක් පෙන්න තිබ්බේ නෑ. මිනිය ළගටම ගිය අංකල් මිනියත් එක්ක මොනවද කිව්වා. ළග හිටපු නිසා මට එක වචනයක් වත් මිස් වුනේ නෑ.

    'මචං, ගිය සතියෙත් ඔල්ඩ් බාගෙ එකට ගහපු උඹ අද මට නොකියම ගියා නේද බං. අවුලක් නෑ, උඹ බය වෙන්නෙපා, ඔල්ඩ් බෝතලයක්ම අරං ළගදිම මාත් එනවා උඹව බලන්න'

    මෙහෙම කිව්ව අංකල් අඩන්න ගත්තා. ඒ කදුළු ඇත්තම ඒවා. අංකල් මිනිය පස්සෙන් කනත්තට යනකම්ම කොටගගහ ආවා තනියම. වලලලා ඉවර වෙනකම්ම ඉදල එතනින් යනවා බලන් හිටපු මටත් කදුළු බිංදුවක රහ නොදැනුනාම නෙමේ.

    ReplyDelete
    Replies
    1. හොඳම යාලුවෙක් සිය අවංක සිතුවිලි එලිකරලා තියෙනව,ඇත්තටම එතකොට හිත බරවෙන එක අහන්න දෙයක් නෙවෙයි.

      Delete
    2. @MP මෙහෙම අය ඉන්නවා බං.උන්ව සමාජය සත පහකට ගනන් ගන්නේ නැහැ.ඒක තමයි අපිට තියෙන සවුත්තුම අසනීපය.

      Delete
  20. මාරම ලස්සනයි. පඳුර වටේ තලලා තියනවා තලිල්ලක්... ආයි පඳුර හොයාගන්නවත් නෑ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් උකුස්සෝ,එහෙනම් මම සාර්ථකයි

      Delete
  21. මෙච්චර ඇසූ පිරූ තැන් ඇත්තෙක් වෙන්න පින් කරන්න ඕනි :) ඔබ තුමා සෑහෙන්ඩ පින් කරල තියනවා.. ජීවිතයම අත්දැකීම් ගොඩක එකතුවක්

    ReplyDelete
    Replies
    1. පින් කොහොමවෙතත් සමී අත්දැකීම් නං ඇතිවෙන්න තියෙනව

      Delete
  22. //කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්
    අපිත් තව ටික කාලෙකිං ඕකම කියයි නේ..
    දැනටමත් හෙන වයස ගතියක් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. බොලා තාම පොඩිඋන්නෙ තරියො,ඔය විදියට කියන්න කැළණි පාලම යටින් තව වතුර ගොඩාක් ගලාගෙන යනකල් ඉන්න වෙනවා

      Delete
  23. බස් කතා රස උණාට මම නම් ආසා අර මුහුදේ කෑල්ලට. පොඩි මාලු අරගෙන ගිහින් බැදලා කන්නේ. මාත් ආසයි හුරුල්ලෝ කුරු කුරු ගාලා හැපෙන්ට බැදලා දෙනවනම්.
    කතාවේ කොච්චර වංගු තියෙනවද කීවොත්, අපිටත් ඉතින් බහින තැන අමතකවෙනවා. හැලපයටම තමා කියන්ට වෙන්නේ ඔන්න බහින තැන ඇවිත් කියලා. :)

    'කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්...' හරිම දාර්ශනික කියමනක්...

    ReplyDelete
    Replies
    1. දැන්ම හොඳ රෙසිපියක් ජාලෙන්ම හොයලා තියාගත්තොත් හොඳයි, ඉස්සරහට මොන මොනවා, මොන විදිහට කන්න හිතෙයි දන්නේ නැති නිසා. හැලපයියා කලිනුත් කියලා තිබ්බානේ.

      Delete
    2. පොඩ්ඩිට හුරුල්ලෝ කන්න ආස හිතුනත් සාලයො කන්න ආස හිතුනත් වෙල්මාලු කන්න ආස හිතුනත් ටක් ගාල කියන්න.

      Delete
    3. අමුඩයක් ගහගෙන හරි බැහැලා හැලපයියා අල්ලලා දෙයි. හැලපයියේ අමුඩෙට ඉන්ග්‍රිසියෙන් කියන්නේ මොකක්ද?

      Delete
    4. හපොයි ඇනොත් අහන කතා,රට අමුඩෙට කියන නම නං දන්නවා ඒත් හිංගල අමුඩේට කියන නම දන්නේ නෑ,එහෙම නමක් තියේනම් හෙන්රිගෙන්වත් අහල කියන්නංකෝ.

      Delete
    5. loin cloth කියන එක තමයි මම නම් දන්නේ ඇනෝ.

      Delete
  24. අදත් වටයක්ම ගිහිල්ල.
    ඉස්සර යාලුවෙක් හිටිය නයිනමඩම කියන ගමේ මුහුද කිට්ටු වෙන්න.අපි කොල්ලෝ සෙට් එක ගියහම පොල් රා බූලි දෙකක් විතර අරන් වැල්ලට ගිහිල්ල මාළුත් අරන් හෙවනකට වෙලා අපි බොද්දි,යාලුවා මාළු/ඉස්සො සුද්ද කරල ලුණු වතුර අතගාල කෙසෙල් කොලවල ඔතල වැල්ලෙ වලදාල උඩින් පොල් අතු දාල ගිනි තියල තම්බල අරගන වග කියනව.

    ReplyDelete
    Replies
    1. චින්තන ජයසේන, ඔහුත් මහාචාර්ය සෝමරත්න බාලසූරියත් ගිය ගමනකදී හලාවත වැල්ලේ ඔයා විදියට කෙහෙල් කොළේ එතූ මාළු වැල්ලෙ යටකරලා පුච්චල කාපු කතාවක් ලියල තිබුනා...
      ඒ විදියට පුච්චපු මාළු ඔහු කාපු රසම බාබකියු එකටත් වඩා රසයි කියල තිබුණා

      Delete
  25. මට මතකයි මනෝ ඔය කතාව කියනවා. හැබැයි ඔය බියගම පාරේ. එයාව බැස්සුවේ විජය උළු එක ලඟ. ඔය සෑමා හෙම දන්නවා තැන.

    මනෝරත්න කිව්වාම මට මතක් වුනේ දවසක් එයා ගිය වාහනේ මොකක් හරි පොඩි අවුලක් වෙලා (හුලං බැහැලද කොහෙද) ටයර් කඩකාරයෙක්ව ඇහැරවලා වැඩේ කරගත්තලු. යාලුවා මනෝව පෙන්න පෙන්න අහනවලු බාස් උන්නැහේ මෙයාව අඳුනන්නේ නැද්ද කියලා. බාස් උන්න්නැහෙත් හරිම ග්‍රම්පිලු. පොර ප්‍රශ්ණේ ගනං ගන්නෙ නැතුවන් ඉඳලා ඉඳලා පස්සේ කිව්වලු, "ඔව් මොකද මං නොදන්නේ? මෙයා නිට්ටඹුව ඩිපෝ එකේනේ වැඩ කරන්නේ?" කිව්වලු. එහෙම කියලා මනෝම කියනවා, "මට තියෙන්නේ බස් ඩ්‍රයිවර් කොණ්ඩයක්නේ" කියලා.

    බස් ගැන කිව්වාම මතක් වුනේ, එක නෝනා කෙනෙක් තිහාරියෙන් බහින්න ඕනේ වෙලා කොන්දොස්තරට කියලා තිහාරියට ආවාම කියන්න කියලා. කොන්දා ලඟම සීට් එක හිස් නිසා නෝනත් එතනම වාඩිවෙලා. ඊට පස්සෙ මිරිස්වත්තෙන් හෙම සෑහෙන මිනිස්සු නැග්ග නිස කොන්දා හෙන බිසිලු. දැන් නෝනට බයයි කොන්ද මල්ලිට අමතක වෙයි කියලා, නෝනා වරින් වර කොන්දාට තට්‍ටු කර කර අහනවලු මේ තිහාරියද කියලා. කොන්දට මේක හෙන ඇණයක් වෙලාලු. කොන්දා කිව්වලු, නෝනා බය නැතුව ඉන්න මම තිහාරියෙදි කියන්නම්, මට අමතක වෙන්නේ නෑ කියලා. මෙන්න තව හෝල්ට් එකක් ගිය ගමන් නෝනා කොන්දට තට්‍ටුවක් දාලා අහනවලු, "මල්ලි මේ තිහාරියද?" කියලා. කොන්දා කිව්වලු, "නෝනා ඔය තිහාරිය නෙවෙයි මගේ බුරිය හරිය, තිහාරියෙදි මම නෝනව අනිවා තිහාරියෙන් බස්සන්නම්." කියලා.

    හුහ්,උඹට විතරද පඳුරු තලන්න හොඳ?

    ReplyDelete
    Replies
    1. කාලයක් යනකොට ඔය තැන් නම් එහෙම අමතක වෙනවනෙ.මතක තිබ්බ විදියටයි ලීවෙ.
      පඳුරු තලන කණ්ඩායමට තව තව කට්ටිය එකතුවෙනවනං මම විතර සතුටුවෙන කෙනෙක් තවත් නෑ බං

      Delete
  26. අනේ දෙයියනේ .... කියපන්කො නිතාගේ පුතාට මොකද උනේ කියලා ?????

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ බොට මම මුලදීම කිව්වේ නීතගේ පුතා මළා කියල,තුන්මාසෙ දානේ ලඟයි මටනං යන්න වෙන්නෙ නෑ උඹවත් පලයන්

      Delete
  27. "කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්..." මේ වචන ටික මගේ හිතටත් වැදුනා...
    හිනහව, දුක මුසු වුණු ලස්සන කතාවක් හැලපේ.. :)

    ReplyDelete
    Replies
    1. හිනාවත් කඳුලත් මුසුවුනාම කතා නිකම්ම ලස්සන වෙනව,ස්තූතියි.

      Delete
  28. කාලයත් එක්ක අපි වෙනස් වුණාට ඒ තැන් වෙනස් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව බලනකොට,අද දාර්ශනික කියමන් තමයි ඔක්කොම අහන්න වෙන්නේ.

      Delete
  29. ඔය ලේනා මෝලත් ඒ අතීතයටම එකතු වෙලා අද එතන උළු මෝලක් නෑ

    ReplyDelete
    Replies
    1. අහෝ,මතක සටහන් එකිනෙක අතීතයටම එකතුවෙන හැටි,තොරතුර දුන්නට ගොඩක් ස්තූතියි ඩිලාන්.

      Delete
  30. කාලය මැවූ වෙනසක අරුමේ....

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක කාලයට අනුව වෙනස් වෙන්න බැරි සත්වයන් වඳ වෙලා යනවා කියනව නේද අයිලාස්

      Delete
  31. කලුවාමෝදර කිව්වම සුනිල් පෙරේරා කියන සින්දුව මතක් වුනේ...හැබෑටම හැලපයියෙ කොහොමද මේ පරණ මතකයක් මේ තරම් හොදින් මතකයේ රැදිලා තියෙන්නෙ...මොකක්ද රහස..

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න සිරා කොලුවෝ ඔය සිංදුව මම දන්නෙත් ඉවාන් කොල්ල ගෙනත් දුන්නට පස්සෙනෙ ලැජ්ජාවේ බෑ.
      මතකය ගැන කවුරුත් අහනව,මට ඉතිං අහවල් හේතුව කියල කියන්න බෑ නමුත් පැරණි මතකයන් ඉතා හොඳින් මතකයේ තියෙනව.

      Delete

ඔබේ අදහස්