ඒ දැනට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල අපි හොඳ තරුණයො කාලෙ තමයි මේ සිද්දිය වුණේ,අපේ යාලුවෙක් හිටිය අපි කියමුකෝ සුනන්ද කියල...ඔය සුනන්දගේ හොඳම යාලුව අනිල් මේ දෙන්න දවස පුරාම එකටමයි හිටියේ සෙල්ලමට ගියත් නාන්න ගියත් රන්ඩු වුනත් දෙන්න එකටමයි ...ගමේ මිනිස්සු මුන් දෙන්නට නූලයි ඉඳිකට්ටයි කිව්වට අපි නං කිව්වේ අමුඩෙයි පුකයි කියල ඒ තරමටම ළඟින් තමයි දෙන්න හිටියෙ...
මේ දෙන්නගෙ තියෙන විශේෂත්වය නම් සුනන්දගේ ඇස් පෙනීමේ දුර්වලතාව සහ අනිල්ගෙ කන් ඇසීමේ දුර්වලතාව ...මේ අඩුපාඩු පිරිමහගන්න දෙන්න එකටම හිටියද දන්නෙ නෑ සුනන්දය මොනවහරි දිහා බලන්නෙ එතනටම ඇහැ තියල,අනිල්ට අපි මොනවහරි හිමින් කිව්වොත් ඌ හිනාවෙලා නිකං ඉන්නව...
මම ඉස්පිරිතාලෙ රස්සාව කරනකොට සුනන්ද මාව හම්බවෙලා ඇස් පෙනෙන්නෙ නැතිවට බේත් ගන්න ඕනෑ කිව්වම මම සුනන්දව ග්ලාස් හවුස් එකට එක්ක ගිහිං චැනල් කරවල කන්නාඩියක් ගන්න වැඩ කටයුතු කරල දුන්නට පස්සෙ මූ මට බොහොම ගරුසරු ඇතුව සැලකුවා...
සුනන්දගේ තාත්ත වඩු රාළ,පුතත් තාත්තගෙ රස්සාවමයි පුරුදුවුනේ...උන්ගෙ තාත්ත අම්මට වඩා බොහොම වයසයි ඒ නිසාම වැඩත් අඩුයි සුනන්දත් එක්ක ගෙදර දරුවෝ හතර දෙනෙක්ද කොහෙද...ඇත්තම කිව්වොත් මේ අය බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ ගැටගහගත්තෙ ...
ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා සුනන්ද වඩු වැඩ ඉගෙනගන්න වඩු ඉස්කෝලෙට යන්න පටන් ගත්තා...වඩු ඉස්කෝලෙ කියනකොට මතක් වුණේ ඔය වඩු ඉස්කෝලෙ හරියෙ සුපිරි පොරක් හිටියනෙ...
වඩු ඉස්කෝලෙ පහු කරගෙන එනකොට පාරෙ වම්පැත්තෙ තියෙන නුග ගහ ලඟ වත්ත ඇතුලෙ තිබ්බ පරණ සැම්පලේ ගෙදර තමයි බෝධිදාස පදිංචි වෙලා හිටියේ...මනුස්සය ඉස්සර වැඩකලේ රෙදිමෝලෙ, උගෙ බාව තමයි බාව කියන්නෙ...සූට් බූට් ඇඳල ආපුවම ආයෙ කිසි අඩුවක් නැතුව අඟල් එකොළහයිලු...තේ බොන්න කැන්ටිමට ආපුවෙලාවට කැන්ටිමේ කොල්ලන්ට පෙන්නල...
වැඩිය නෑ මල්ලි අඟල් එකොළහයි...
පොර උසයි කැහැටුයි...අර වැල මැරෙනව අල බහිනව කියල තියෙන්නෙ උන්ට වෙන්න ඇති...
පස්සෙ කාලෙක මනුස්සය පලවෙනි ප්‍රාදේශීය සභා චන්දෙටත් ඉල්ලුව කරනව කියල කියන්න දේකුත් නැති නිසා මොනවා පෙන්නලා චන්දෙ ගත්තද මන්දා කොහොම හරි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වුනා...
බෝධිදාස හැන්දෑවට සූස්තියකුත් ගහගෙන කකුල් දෙක පුටු ඇන්ද උඩ තියාගෙන සරම අස්සට හුළං වැදි වැදි ඉන්නකොට මිනිහගෙ පවුල පණ බයයි...මොකද තව ටිකකින් ගෑනිවනෙ හොයන්නෙ...
ඒ වෙලාවට පවුල අඳෝනා කිය කියා ගේ වටේ දුවනව කියලනං දැකපු අය කියනව...ඒත් ඉතිං අපියි කියල මොනවා කරන්නද ඔව්ව ඉතිං ඒ දෙන්නගෙ පවුලෙ ප්‍රශ්නනෙ...
ඔය කාලෙ සුනන්දලගේ ගෙදර මොකක් හෝ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව කියල අපිට වටින් ගොඩින් ආරංචි උනත් අපි එව්ව හොයන්න කරන්න ගියෙ නෑ උන්ගෙ ගෙවල්වල දේවල්නෙ...
දවසක්දා රාත්‍රියෙ සුනන්දලගෙ ගෙවල් පැත්තෙන් කෝලාහලයක් වගේ ඇහෙනව...හයියෙන්ම ඇහෙන්නෙ සුනන්දගේ කටහඬ...
විජෝ විජෝ වරෙන්...ඉක්මනට
වෙච්චි සිද්දිය මම හොයල බැලුවෙ පහුවදා උදේ ...මොකෙක්හරි උන්ගෙ අම්මට කොටුව පනිනව කියල සුනන්දට ඉව වැටිල තියෙන්නෙ සතියකට විතර කලින්...මොකාහරි එන එකා අල්ල ගන්නං කියල මූ හැමදාම රෑට ගේ පිටිපස්සෙ රැකලා...රෑ නමයට දහයට විතර සුනන්දලගේ අම්ම කුස්සිය පිටිපස්සෙ එළියෙ තිබ්බ මිරිස්ගල උඩ පත්තුවෙවී තිබුණු කුප්පි ලාම්පුව නිමල දැම්මා...ඊටත් ටිකවෙලාවකට පස්සෙ කෙහෙල් පඳුරු අස්සෙන් ගේ පැත්තට එන අඳුරු රූපයක් දැකපු සුනන්ද පැන්න ගමන් බදල අල්ලගත්ත...
දෙන්න ටිකවෙලාවක් එතන පොරකන ගමන් සුනන්ද විජාට කෑගහල කතාකලා...ඒ අව් අස්සේ ආපු එකා බේරිලා යන්න පොරකන ගමන් සුනන්දට කියනව...
සුනන්ද අතඇරපන් බං මම කුලේ...
බලපුවම එහා ගොඩේ කුලය තමයි කොටු කාරය...සුනන්දත් අත ඇරියෙ නෑ බිම පෙරලිලා කාගෙන අරූව කකුලෙන් බදාගෙන හිටියා කුලයත් දන්න සෙල්ලං ඔක්කොම දාල සරම සුනන්දගේ අතේ තියෙද්දී කට්ටිය වටවෙන්න කලින් පැනල දිව්වා...
පහුවදා අපි ඔය කතාව අහල හිනාවෙලා ඒක අමතක කරලා දැම්මා...ඔය විදියට මාස කීපයක් ගෙවිල යන්න ඇති ඒ දවස්වල අපි ගමට මරණාධාර සමිතියක් පිහිටුවාගන්න සාකච්චා කරන කාලෙ, හැමදාම හැන්දෑවට අපි කට්ටිය පෝටවත්තට එකතුවෙලා ඔය ගැන මහ රෑ වෙනතුරු කතාබහ කරනවා ...
ඔන්න දවසක් අපි රෑ හඳපානෙ වාඩිවෙලා කතාකරමින් ඉන්දැද්දි හන්දිය පැත්තෙන් මහ ගෝසාවක් ඇහෙනව....කීප දෙනෙක් දුවන සද්දෙකුත් ඇහෙනව.
බැලුවාම කන්ද උඩ ඉඳල පල්ලමට දුවගෙන එන්නෙ සුනන්ද..වෙසමුණිය වගේ...
මං මැරෙනව යකෝ...අද මැරෙනව මං...
කිය කියා මූ දුවගෙන එනව....කීප දෙනෙක් පස්සෙන් එළවනව.
අපි ඉන්න තැන මැදින් දුවගෙන යන්න ආපු සුනන්දව අපි ටික වටවෙලා අල්ලගෙන බිම පෙරල ගත්ත....කොච්චර උණත් අපේ යාලුවනෙ....බිම පෙරලගෙන ඇඟ උඩට නැගගත්තෙ මම.
දැන් මගෙ මූණටයි පපුවටයි සුනන්දයගෙ දෑතින්ම පාරවල් වදින්නෙ හරියට කොස් කඩනව වාගෙ දඩ දඩ ගාල.....හැබැයි කතා කළේ බොහොම සංයමයෙන්.
මට යන්න දෙන්න අයියෙ....මට මැරෙන්න දෙන්න...
හරි හරි සුනන්ද...මැරෙන්න ඉස්සරවෙලා හුස්මක් කටක් අරං ඉඳින්කො....
පොඩ්ඩක් සන්සුන් කරල පැත්තකට වෙච්චි ගමන් මූ ආයෙම දුවනව අපිවත් පෙරළගෙන..
ආයෙත් අල්ලගෙන ආව.
කොහොමහරි සෑහෙන වෙලාවක් පොර අල්ලල සුනන්දයව ආම්බාන් කරල අනිල්ට බාරදුන්න අනිල්ලගෙ ගෙදර එක්ක යන්න කියල ...
මුගේ මේ වෙස් පෙරළිය මොකක්ද කියල හොයල බලපුවම තමයි උන්ගෙ අම්මට ආයෙම දරුවෙක් ලැබෙන්න යනවා කියන සුබ ආරංචිය අපට ලැබුනේ...
ඊටත් මාස හය හතකට පස්සෙ දවසක අපි කොල්ලෝ ටික පොඩි මහින්දගෙ කඩේ ලඟ කතා කරකර ඉන්නකොට හන්දිය පැත්තෙ ඉඳල ආපු කිඹුලා පාරෙ නැවතිලා මට කතාකලා...
පොඩ්ඩකට එනවද...
මොකද කියල බලන්න මමත් ගියහම මූ කෙලින්ම මාත් එක්ක ඊට එහා පැත්තෙ තිබුණු සුනන්දලගේ ගෙදරට ගියා...
ගෙයි සාලෙ රෙදිකඩමල්ලක් උඩ තියපු අඟුරු කෑල්ලක් වගේ කලුපාට මැරිච්චි දරුවෙක්...
උඹ ගෙනිහින් වළලලා දාපං...
සුනන්දලගේ අම්ම කිඹුලට කිව්වා...
උඹ කිව්වට හරියන්නෙ නෑනෙ ඔව්ව මොනවද අපි දන්නවයැ ඒකයි මම මෙයාව එක්ක ආවේ...
එතකොටයි මට තේරුනේ කිඹුලා මාව එක්ක ඇවිත් තියෙන්නෙ මේ වැඩේ නීතිමය පැත්ත දැනගන්න...
මේ ගැන කවුරුහරි පොලිසියට නොකිව්වොත් ප්‍රශ්නයක් නෑ හැබැයි කොහොමහරි පොලිසිය දැනගත්තොත් උඹටත් සෝලි වැටෙයි...
කිඹුලට තේරෙන බාසාවෙන් මම නීතිය පැහැදිලි කළා...
ඒ ගමන කිඹුල පස්ස ගැහුව ගෑනිත් ඔල්මොරොන්දම් වෙලා ඉන්නව අහිංසක ගෑනි ගැන මට දුකත් හිතුණා...
උඹට මේක වලදාන්න පුලුවනිද...
මම කිඹුලගෙන් ඇහුවා...
ඒකට තමයි මම ලෑස්තිවුණේ ඊට කලින්නෙ ඔයාව හම්බවෙන්න ආවේ...
හරි ගනිං ඕක යමං මාත් එන්නං...
මළකඳ බාටා සපත්තු පෙට්ටියක දාගෙන උදල්ලකුත් අරං අපි දෙන්න පිටත් වෙනකොට කොල්ලෝ කට්ටිය ඔක්කොමත් අපේ පස්සෙන් වැටුනා...
වැඩේ කනින් කොනින් ආරංචි වෙලා අපි යනකොට පාරෙ වැටවල් අයිනට වෙලා ගෑනුයි කෙල්ලොයි බලාගෙන ඉන්නව...
ටිකක් විසේකාර ගැටිස්සියන්ට අපේ අම්ම කියන්නෙ විසුරුකොඩි කියල ඔය ඉන්නෙ විසුරුකොඩි ටික කියල පෙළක් වෙලාවට අම්ම කියනව...උන්ට මේක බලන්නත් ඕනෑවුනා...
අනේ අයියෙ පොඩ්ඩක් පෙන්නල යන්නකො...
මමත් ඉතිං ඔය තරුණ කෙල්ලොත් එක්ක බොහොම සාමකාමී සහජීවනයෙන් ඉන්න කොල්ලෙක් නිසා කෙල්ලොන්ගෙ ඉල්ලීමට මගෙත් හිත උණුවුනා...
ඔන්න ඕක පොඩ්ඩක් පෙන්නල යමු ඕයි...
මම කිඹුලට කිව්වා...
දුවපියව් යන්න තොපේ මහ එකීගෙ රෙද්ද බලාගනියව්කො ගිහිං ආව මෙතන බලන්න...
කිඹුල කෙල්ලන්ට ගෝලු ගත්තාම කෙල්ලෝ ටික පැනල දිව්වා...
අපි කට්ටියම අලවත්තෙ කනත්තට ගිහිං ඒ සමාජ සේවෙත් ඉෂ්ට කරලයි ගෙවල්වලට ගියේ...
ඔය වැඩේ ගමේ ගමේම කතාවෙලා කාලෙකට පස්සෙ අමතක වෙලා
ගියා මිසක අපට මොකුත් කරදරයක් වුණේ නෑ..
සුනන්දට අම්මගෙ ක්‍රියාව හින්ද ගමට රටට මූණදෙන්න බැරිව තමා මැරෙන්න ගිහින් තියෙන්නෙ ...උන්ගෙ අම්මටත් දොසක් කියන්න බෑ ගෑනිත් ඒ වැඩේට පෙළඹිලා තියෙන්නෙ අධික දරිද්‍රතාව නිසා මිසක වනචර කමකට නෙවෙයි ..මනුස්සයටත් හරියට අදායමක් නැතිකොට ඒගෑනි මොනව කරන්නද දරු හතර දෙනෙකුගෙ බඩ පුරවන්නත් එපැයි...ගමේ මිනිස්සු මොන මොන කතා කිව්වත් මම නං හිතුවේ ඒ පැත්තෙන්...
පස්සෙ කාලෙක සුනන්ද වීරඟුල පැත්තෙන් කසාදයක් කරගෙන එහෙටම බින්න බැස්සා...දවසක් ටවුමෙදී මට ජෝඩුවම හම්බ වුනා...