Tuesday, August 27, 2013

83.නීතගේ පුතා,විමල්ගේ මඟුල සහ තවත් බොන කතා 2


නීතගේ පුතා ,විමල්ගේ මගුල සහ තවත් බොන කතා

අපි ඇතුළට එනකොට හිටියෙ නෑ නේද...මම හිතුවේ නෑයි  කියල...මාව මතක නැද්ද හැම සැරේම ගාලු ආවහම අපි නවතින්නේ මෙහෙනෙ...එන්න ඇතුළට...

ආ...මේ අපේ මහත්තයනේ...කාලෙකින්, මට එකපාරටම ඔහේව අඳුන ගන්න බැරිවුනා නොවැ ... 

මනුස්සය ඇතුළට ආපුවම හේරත් අසෝක වීදුරුවෙන් කට කපල එකක් පුරවල දුන්නා...ඒකත් බීල හේරත් දීපු රුපියල් දහයත් සාක්කුවේ දාගෙන පොර සමුගත්ත.

මහත්තයලට තව ඕනෙනම් මට කතා කරන්න මම ගෙනත් දෙන්නම්...

ඔවුන් ෂොට් එකක් දාගන්න කරන දේවල් තමයි ඔය...හේරත් කිව්වා.

ඊට පස්සේ නම් මනුස්සයගෙන් කිසිම කරදරයක් වුණේ නෑ.

මංගල්ලෙන් පස්සේ විමල් යුවල ඔවුන් දෙන්න කාලයක් තිස්සෙ හදල නිමකරපු අතුරුගිරිය පාරේ අරංගල ගෙදර පදිංචි වුනා...

බෙන් ෆිල්ම්ස් එකේ ඉන්නතුරු අපි හැම සති අන්තයකම විමල්ලාගේ ගෙදර ගියා...උදෙන්ම ගියාම තුන්වේලම එහෙන් කාල රෑ වෙලා ආපහු එන්නේ...නටන්න දඟලන්න පිනුම් ගහන්න විතරක් නෙවෙයි ගේ පෙරලුවත් උන් දෙන්න මොකුත් කියන්නේ නෑ...සතුට සමගිය පිරුණු ඒ වගේ කැදැල්ලක් කවදාහරි අපිටත් ලැබෙන්න කියල ඒ දවස්වල අපි හිතුවේ... 

එක අවුරුද්දක මම හිතන්නෙ 91දෙසැම්බර්වල විමල් අපට නත්තල් කෑමක් දුන්න...අපිත් වේලාසනින්ම අරංගල ගියේ එදා රෑට නත්තල් කෑමක් අපේ අල්ලපු ගෙදරත් තිබුණු හින්ද ඒකටත් එන්න බලාගෙනයි...

කුස්සියෙ ලලිතයි විනෝද්ගේ නෝනයි ජයටම කෑම ලැස්ති කරද්දී අපි ටික බෝතලයකට වටවුනා...

ඒ කාලෙ එච්චර බීලා කරල පුරුදුත් නෑනෙ...ඒ මදිවට බොන්න හිටියේ අපි දෙන්නයි...අනික් උන් ටික වටවෙලා බයිට් කෑවා...

වීදුරුව තනිකරලා කොහෙවත් යන්න හොඳ නෑ කියන පාඩම මම එදා හරියටම ඉගෙන ගත්තා...

කොහොමත් අනික් උන් ටික ලෑස්තිවෙලා හිටියෙම මට වැඩිකරවන්න...

බොනව බොනව බීලා ඉවරයක් නෑ...නැගිටල පොඩ්ඩක් එලියට ගියොත් අරුන් ටික ආපහු වීදුරුව කටටම පුරෝනවා ...

ඇයි බං මේ උඹ බීලා තියල ගියපු එකනෙ...

මාව බයිට් එකට අරගෙන උන් හොඳටම විනෝද වුනා...


කෑවද නැද්ද මතකත් නෑ ඇහැරනකොට මම හිටියේ එලිය කාමරේ ඇඳේ...හැන්දෑවේ ආපහු බෙන් එකට ඇවිත් මාව වෑන් එකෙන් එලියට ගත්තෙත් උස්සල හරහට මළමිනියක් වගේ...රෑ කෑමට අල්ලපු ගෙදරට යන්නත් බැරිවුනා කොහේ යන්නද ඇහැරුනේ පහුවදා උදේනෙ...

හැබැයි මට කරපු වැඩේට ඊළඟ සතියේදී මම අයියලව අල්ලගත්තා...සිකුරාදා  වැඩ ඇරිල එද්දි මම අරළුපෙති පැකට් එකක් අරගෙන ආවා...ගෙනත් ඕක පරිස්සමෙන් කාමරේ තියල තිබ්බා...

එකෙක් කාමරේ අදිද්දී ඔය පෙති දැකලා...

මොනවද බං මේ...

හා හා තියපන් තියපන් තිබුණු විදියටම...උඹලට ඕව වැඩක් නෑ උඹල පොඩිඋන්....

අනේ කියපන්කො බං...

මමත් වටපිට බලල කටහඬත් පාත් කරලා රහසින් වගේ...

ඕක රහස් බේතක් බං...කාටවත් එහෙම කියන්න එපා...

මගේ අතිනුත් අල්ලන් ඌත් බොහොම රහසින් අහනවා..

මොනවටද මචං බොන්නෙ... මම කාටවත් කියන්නෙ නෑ...

පුරුස සක්තිය වැඩිවෙන්න බං පුරුස සක්තිය වැඩිවෙන්න...ඔන්න උඹ අරුන්ට එහෙම කියල තිබුනොත් පුතෝ අපි දෙන්නගේ යාළුකම් එතනින් ඉවරයි හරිද...

කියාගෙන මම එලියට ආවා...අරූ දවසෙම මගේ පස්සෙමයි...

අනේ බං මටත් පෙත්තක් දියන්කො...

කනක් ඇහෙන්න නෑ දැන් වැඩේ හරියාගෙන එන්නෙ ...අනික් දෙන්නත් නිකං සැකෙන් සැකෙන් අපි දිහා බලනවා...

උඹට හින්දයි දෙන්නේ හරිද...රෑට උණුවතුර ටිකක් අරං මේ පෙත්ත බීපන්...

පොර පෙත්තත් අරගෙන ගියා...ටිකකින් අනිත් දෙන්නත්  එනව...

ඒයි උඹ අරූට විතරක් දුන්නේ අපටත් දෙකක් දීපං...

මොනවද බං...

උඹ යාලුවෙක්ද...අරූට විතරක් වාජීකරණ පෙති දීල...

ඔන්න උන් දෙන්නටත් දෙකක් දුන්නා...

තුන්දෙනාම එදා රාත්‍රියේ මගේ උපදෙස් පරිදි මහානුභාව සම්පන්න රහස් වාජීකරණ ඖෂධය පානය කළා...

බෙන් එකේ තිබ්බ කාමර දෙකේ අපි දෙන්න දෙන්න නිදාගත්තෙ...මමයි එකෙකුයි එක කාමරේක අනික් දෙන්න ඊළඟ කාමරේ...

මහ රෑ වෙද්දී මගේ කාමරේ හිටපු එකා නැගිට්ට...

මොකද බං...

නෑ නිකං බඩ ටිකක් අප්සැට් වගේ...

ඒ මොකද රෑට කාපු දෙයක්වත් නරක්වෙලාද...එහෙමනං වෙන්න විදියක් නෑ රෑට කෑවෙත් පාන්නෙ...

අරූ සිං ගාල ටොයිලට් එකට රිංගගත්තා...

ටිකකින් අනික් කාමරෙත් සද්ද බද්ද ඇහෙනව...උන් දෙන්නත් නැගිටල...

එදා රෑ එළිවෙනකන් තුන්දෙනාටම බඩගියේ හරියට ටැප් එක ඇරිය වගේ...මගේ මතු බුදුවෙන මෑණියන්ගෙ දහසක් ගුණකඳ ගායනා කරමින් තුන්දෙනා එළිවෙනකන් ටොයිලට් එක බදුඅරන් වගේ පදිංචිවෙලා හිටියා...

උදේ තුන්දෙනාම ඇඟේ පන කඳුලක් නෑ වගේ වැටිච්චි තැන්වල වැටිලා ඉන්නව...මම හොඳට සීනිදාල කෝපි හදල තුන්දෙනාට බොන්න දුන්න...

ආ මේ කෝපි ටික බීපල්ල...බඩයන්න බීපුවම කිරි බොන්න හොඳ නෑනෙ...දවල්ට මං බත්ටිකක් උයල තැම්බුං හොද්දක් හදල දෙන්නංකො...අද තැම්බුං හොදි ඇරෙන්න වෙන දෙයක් කන්න හොඳ නෑ...මට ඔහොම ප්‍රශ්නයක් නෑනෙ මම දවල්වෙලා අයි ටී එන් හන්දියට ගිහිං බුරියානි එකක් කාල එන්නංකො...

තොට කිව්ව කියල හිතාගන්...

හා...දැන්ද තොපිට අමාරුව තේරෙන්නෙ...එදා මට පොවනකොට ඔව්ව මතක් උනේ නෑ නේද බොලව්...එදා මම කන්නත් නැතිව කබරයා දදා ඉන්නකොට තොපි හිනාවුනා නේද...ඒකට රිටන් එක තමයි ඔය හම්බවුනේ තොපි දැනගනියව්...

මොනවද කාපු රිළව් වගේ තුන්දෙනාම මගේ දිහා බලං හිටිය විතරයි...මොකුත් කිව්වෙ නෑ...
ඔන්න ඔය ආකාරයට කාලය ගෙවිල බෙන් ෆිල්ම්ස් එකෙන් සමු ගන්න කාලෙත් ලංවුනා...මුලින්ම සමුගත්තෙ මම... 

ඊට පස්සේ අපි මුණගැහුනේ කලාතුරකින්...ජීවිතේ වගකීම් වැඩිවෙද්දී නොයෙකුත් ප්‍රශ්නවලට විසඳුම් හොයද්දි පරණ සම්බන්ධකම් ඈත්වෙන එක මටත් පොදුයි...

විවාහ වුනා... දරුවො ලැබුනා...ගෙවල් හැදුවා...වෙන රටවලට යන්න වුනා...ආදී වශයෙන් ජීවිතය ඉතාම සංකීර්ණ වෙද්දීත් යාළුවන් එක්ක සම්බන්ධතාව පවත්වා ගන්න මම උනන්දු වුනා...විශේෂයෙන්ම විමල්ට මම කොයි රටේ හිටියත් කතාකලා...

අවුරුදු ගානක් පෙම්වතුන් හැටියට ඉඳල කරගත්තු විමල්ගේ විවාහය දරු දෙන්නෙකුත් ලැබුනට පස්සේ දෙදරා ගිහිං කියල මට වටින් ගොඩින් ආරංචි ලැබුනා...නමුත් විමල් මට කිසිම දෙයක් කිව්වෙ නෑ මම ඇහුවෙත් නෑ...

මට මුලදීම ඒ ආරංචිය විශ්වාස කරන්නත් අමාරු වුනා...කවුද හිතන්නෙ පරමාදර්ශී පෙම්වතා සහ ස්වාමිපුරුෂයා මෙහෙම වැඩක් කරගනී කියල...අපටත් අවවාද අනුසාසනා කරපු මනුස්සයනේ...

දවසක් සරත් අයිය ගෙදර ආපු වෙලාවක අපේ ගෙදර ඇවිත් කතා කර කර ඉද්දි ඔය කතාව කිව්වා...සරත් අයියා නිෂ්පාදන කළමනාකරුවෙක් වගේම ක්ෂේත්‍රයේ කවුරුත් හොඳින් දන්න අඳුනන කෙනෙක්...විමල් මගේ හොඳ යාලුවෙක් කියල සරත් අයිය දන්නවා...

මල්ලි විමල් ඔය ටෙලිවල  රඟපාන කෙල්ලක් එක්ක දැන් ඉන්නෙ ඔය නිට්ටඹුව පැත්තෙ...

දික්කසාද වෙලාද සරත් අයියෙ...

ඒක නං මම හරියටම දන්නෙ නෑ මල්ලි  වෙන්වෙලා කියල විතරක් දන්නව...

ඔන්න දික්කසාද කියනකොට මට තව කතාවක් මතක්වුනා...මේක කලකට පෙර දිවංගත අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් කියූවක්...

දික්කසාද වෙච්චි නෝනා කෙනෙක් තවත් නෝනෙක් එක්ක තමන්ගේ අත්දැකීම් කියනවලු...

අපි දෙන්න කේස් එකක් පයිල් කරලා හොඳින් වෙන්වුනා අනේ...

දරුවො දෙන්න දෙන්න බෙදාගත්තා...

ගෙවල් දෙකත් දෙන්න බෙදාගත්තා...

කාර් දෙක දෙන්න බෙදාගත්තා...

එතකොට ඔයදෙන්න හම්බකරලා තිබුණු සල්ලි...ඒවට මොකද කලේ...

අනික් නෝනා අහනවා...

ආ...සල්ලිද  සල්ලි ටික දෙපැත්තේ ලෝයර්ල දෙන්න බෙදාගත්තා...

විමල්ගේ සුන්දර පවුල් ජීවිතය නිමාවට පත්වෙලා කියල මම හරියටම දැනගත්තෙ සරත් අයිය කියපුවමයි...

සුන්දර කියනකොටත් පොඩි කතාවක් මට මතක්වුනා...ඒකත් කියල ඉන්නංකො...

ඒ අපේ තෙල් ඉහිරෙන තරුණ වයස...අලවත්ත පාරෙ කොහුමෝලට ටිකක් එහාපැත්තෙ තිබ්බ මැණිකෙ අක්කලගේ පාලු ගෙදරට පවුලක් ඇවිත් පදිංචිවෙලා...ගෙදර මනුස්සය සුන්දරම්...සුන්දරම්ගෙ රස්සාව කසිප්පු විකුණන එකයි කුකුල්ලු ඇතිකරන එකයි...


සුන්දරම්ට නවයොවුන් වයසෙ දුවෙක් හිටියා...තාත්ත යකා වගේ වුනාට දුවනං හරියටම උදේ පින්නට තෙමුණු  මල් කැකුළක් වගේ ලස්සනයි...තරුණ කොල්ලො ඔය කෙල්ලට ආකර්ශණය වෙන එක අහන්නත් දෙයක්ද...

අපි කට්ටිය එකතුවෙච්චි ගමන් කතාකරන්නෙ ඔය කෙල්ල ගැන...

අද මොකද කරන්නෙ බං...

යමුද සුන්දරම්ගේ කෙල්ල බලන්නවත්...

වචනෙ පිටවෙන්නත් කලින් කට්ටියම ගමනටත් පිටත්වෙලා...

සුන්දරම්ල හිටපු ගේ තිබුනෙ හුදකලා පරිසරයක...වටපිටාවේ වෙන ගෙවල් නෑ...

අලවත්තෙ පාරට එහා පැත්තේ ඇළ...ඇළ උඩින් සුන්දරම්ලගේ  ගෙට යන්න පොල්කොට ඒදන්ඩක්‌ දාල තිබුණා...

අපි කට්ටිය ගිහිං ඔය ඒදන්ඩ උඩට වෙලා ඉඳගෙන ඉන්නව...සුන්දරම්ගෙ ගේ පැත්ත පාලුයි...කෙල්ල තියා සුන්දරම්වත් පේන්න නෑ...

ටිකක්වෙලා බලාගෙන ඉඳල අපි සිංදුවක් කියන්න පටන්ගන්නව...

සත්‍යම් ශිවම් සුන්දරම්...සත්‍යම් ශිවම් සුන්දරම්...
ආ ආ ආ....සත්‍යම් ශිවම් සුන්දරම්...

කට්ටියම මහහඬින් ගීතය අනුභව කරනව...කරච්චලේ උත්සන්නවෙලා කනක් ඇහෙන්න නැති තැන සුන්දරම් එලියට එනවා...

මෙතන ඇවිත් බෙරිහන් දෙන්න තියාගත්තෙ යනවලකො ඕයි යන මඟුලක අපට අපේ රස්සාව කරගන්න දීල...

සුන්දරම්ගෙ බැනිල්ල අපට ගාණක් නෑ...කෙල්ල ඉන්නවනං බැනිල්ලත් සුන්දරයි...මේ සිද්දවෙන දේවල් ඔක්කොම කෙල්ල ජනේලෙ ලඟ ඉඳන් හොරෙන් බලාගෙන ඉන්නෙ...

අපෙන් බේරෙන්න බැරුවද කොහෙද සුන්දරම් කෙල්ලව වැඩිකාලයක් ගෙදර තියාගත්තෙ නෑ...නගර සභාවෙ කුණු ට්‍රැක්ටරේ වැඩ කරන කොල්ලෙකුට දීග දුන්න...

කෙල්ල නැතුව ගේම පාලුයි...

සුන්දරම්ලගේ ගෙදර බෝතලයක් ගහද්දි සුන්දරම් කියන්නෙ බොහොම දුකෙන්...

තමුසෙට විතරද...අපටත් කොච්චර පාළුද...මොන මගුලකටද ඕයි කෙල්ලව මෙච්චර ඉක්මනට දුන්නේ...

කරගන්න බැරිකමටමයි දුන්නෙ...කොල්ලො මෙතන කැරකෙන්න ගත්තනේ දවසෙම බල්ලො වගේ...කෙල්ලව තනියම ගෙදර දාල මට කොහෙවත් යන්න නෑ...ඒකයි මම ඉක්මනටම නිදහස්වෙන්න කල්පනා කලේ...

පස්සේ කලෙකදී කෙල්ලටත් නගර සභාවෙම රස්සාව හම්බ වුනා...දැන්නං උන්ගෙ දරුවොත් බැඳල ඇති...කොයි කාලෙද...

මතු සම්බන්ධයි...





88 comments:

  1. හැලපෙගේ චිත්‍ර වලට මුලින්ම සුභපැතුම්... , තමුන්ම තනියම තමන්ව ඇඳලා තියෙන හැටි අගෙයි.. :)
    රසවත් කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,ච්ත්‍ර අඳින්න ගත්ත විතරයි.පස්සේදී හොඳට අඳින්න බලන්නම්.

      Delete
  2. අද පොස්ට් එක නං මාර රහයි. එක හුස්මට කියෙව්වා. අද මම එකද මන්දා.

    ..............
    මේ වග කොමෙන්ට් විතරනේ හැලප බ්ලොග් එකේ තියා ගන්නේ. ඇනොලා පොස්ට් එකේ වැරැද්දක් පෙන්නලා දුන්නම එව්වා අයින් කරනවනේ. ඔන්න ඉතින් දාලා තියෙනවා හැලප අංකල් කැමති විදියේ කොමෙන්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. එතකොට මේ ඇනෝලා ඉන්නේ අනිත් අයගේ වැරදි කියන්න විතරද..?? ඔයාලට අනිත් අයගේ හොඳක් දකින්න බැරි තරම් පුංචි හිත් ඇත්තේ මයේ හිතේ..නේද ඇනෝ..??

      Delete
    2. ඇනෝ@3.56AM
      මෙහෙමයි ඇනෝ,මම ඉස්සෙල්ලම කිව්වා කමෙන්ට් එක අයින් කරපු හේතුව.ඇනෝ ඒකට අභියෝග කලෙත් නෑනෙ.ඇනෝ මගෙ බ්ලොගයට එනවනං දැකල ඇති කොච්චරක් මාව විවේචනය කරපු සහ මට බැනපු කමෙන්ට් තියෙනවද කියල.ඒ එකක්වත් මම මකල නෑ...අනුන්ට අපහාස කරන සහ කුණුහරුප කියල තියෙන කමෙන්ට් විතරයි මම මකන්නේ.අනික් කාරණේ අර උඩ ඇනෝ කියල තියෙනව වගේ මගේ බ්ලොගේ කියන්න හොඳක් ඇත්තෙම නැද්ද?ඔක්කොම තියෙන්නෙ වැරදිද?
      ඇනෝට මගෙ බ්ලොගයට ඇවිත් කේන්ති ගන්නයි ආඩපාලි කියන්නයි වෙනවා නං තියෙන්නෙ මේ පැත්තෙ නෑවිත් ඉන්න එකනේ.මගේ කිසිම තරහක් නෑ.
      අනික ඇනෝ මම හැලපයා,මට හැලපය කිව්වම හොඳටම ඇති.නෑකං අවශ්‍ය නෑ.

      Delete
  3. මේ කතා පෙළට දාන්ට තිබුණේ 'බීම 1, බීම 2' වගේ නමක්නේ. හැලපෙගේ චිත්‍ර ලස්සනයි. මගේ එකකුත් අන්දගන්ට ඕනි.

    කතා පෙළම රසයි. අපි ඉතින් වෙනදා වගේම හොඳින් ඉන්නවා. හැලපෙට ගොඩක් ස්තූතියි විපරම් කරලා බැලුවට. තාම දීසි එහෙම පියාඹන්නේ නෑලු.:D:D

    ReplyDelete
    Replies
    1. හොඳයි පොඩ්ඩියෙ,අපි පින්තූරයක් අඳිමු.තාම ඉතිං ප්‍රෝබේෂන් පීරියඩ් එකනේ ඒ නිසා දීසි පියාඹන්නේ නෑ...

      Delete
  4. මගේම චිත්‍රයක් දාන්න දැන් නං පුළුවං.. ඔය වගෙ තමයි මගෙ චිත්‍රත්..

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි සරත් දැන් ඔක්කොමල තමන්ම ච්ත්‍ර ඇඳගන්නව වගේ.

      Delete
  5. අරුන්ට අරළු පෙති ගිල්ලවල රිටන් එක දීපු හැටි නම් මරු.උන් බලන් ඉඳිදිම බුරියානි කෑවද?
    ඒක නෙවෙයි හැලපයියෙ මේ චිත්‍ර ඇන්දෙ ප්ලැටිග්නම් එකකින්ද?

    ReplyDelete
    Replies
    1. චිත්‍ර ටික ඇන්දෙනං ප්ලැටිග්නම් වලින් තමයි.දිය සායම් වලින් ඇන්දනං මීට වැඩ හොඳට එයි කියල හිතෙනව.

      Delete
  6. අපුරු චිත්තර ටික. හැපපේ නිකං තෝසයක් වගේ.. උඹත් එක්ක නං බොන්න හොද නෑ.. අර අපේ මාරපුත්තරයා දවසක් මට කිව්වා පුක මහල අරළු පෙති බොන්න දෙනවය කියලා. උඹටත් තිබ්බේ ඒක කරන්න.. හැක්..

    ReplyDelete
    Replies
    1. උන්ටික බොන්නෙත් නෑනෙ...පෙති ගෙනල්ල බීපල්ල කියන්නත් බෑ දෙන්න තිබ්බ ඒකම ක්‍රමය තමයි ඒක.

      Delete
  7. අර මුල් චිත්‍රයේ ඇඳපු සරම කඩලා පස්සේ කමිසයක් මැහෙව්වා නේද?

    ReplyDelete
    Replies
    1. සිරාවට..මරු වැඩේ එකනම්...:D

      Delete
    2. අන්න නියම නිරීක්ෂක සත්තිය!

      Delete
    3. මුල එකේ ෂර්ට් එක ඇඳලා, පස්සේ එකේ සරම ඇඳලා තිබුණානම් කකා මොනා කියයිද? :D

      Delete
    4. නෑ නෑ කකා ඉතිරි රෙදි කෑල්ලෙන් කමිසෙ මැහුවෙ.

      Delete
    5. ඕක මම දැක්කෙම නෑනෙ කකා කියනකල්,අපූරු නිරීක්ෂණයක්.

      Delete
  8. මාත් දැං බය නැතුව අඳින්න ගන්නෝනි.. ඊලඟ කොටහත් දැම්මනං ඉක්කන්ට

    ReplyDelete
    Replies
    1. ඔව් සමී බය නැතිව අඳින්න.ඊළඟ කොටස ඉක්මනටම දාන්නම්.

      Delete
  9. මරු චිත්‍ර ටික හැලපෙ..මාත් කාලයක් ඔහොම කරා..ඒ කිව්වෙ චිත්‍ර ඇන්දා..හෙන්‍රියා විතරයි හොඳක් කිව්වෙ..අතෑරලා දැම්මා ඊට පස්සෙ !

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වෙනියෝ උඹේ චිත්‍ර නැතුව අපිට හරි පාලුයි. උඹේ චිත්‍රයක් තියෙන්වා කිව්වාම අපේ චූටි පුතත් මොන වැඩේ කර කර හිටියත් දාලා දුවගෙන එනවා. ආයේ ඇඳපං මචං. ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්!

      Delete
    2. හෙන්රිය ඇතුළු අපි ඔක්කොම බලාගෙන ඉන්නෙ වෙනී ආපහු අඳින්න පටන්ගන්නකල්.

      Delete
  10. හේරත් කියන්නේ මරු පොරක්නේ.
    පව් බං හැලපයියේ උඹලා නිසා අර සුන්දරම්ට වෙච්චි දේ.
    කොහොම උනත් හැලපයියා මේ චිත්‍ර ඇදිල්ල දිගටම කරන් යමු.
    එතකොට ඩුඩ් අයියාට උනත් challenge කරන්න බැරියෑ...:D

    ReplyDelete
    Replies
    1. ඩූඩ්ගෙ ඇඳිල්ලට කිට්ටුකරන්නවත් මට බෑ මනෝජ්,මම ඔහේ හිතේ සතුටට අඳිනවා කොහොමත් දිගටම අඳින්නයි කල්පනාව.

      Delete
  11. හරිම සතුටුයි දැන් ලියන කට්ටිය චිත්‍ර සහ තමන් ගත්ත පිංතුර වලින් කතාව සරසන එක.
    අපේ හෙන්රි ගෙ චිත්‍රත් රම්පෙට කරපිංචා වගේ තමා.
    හැලපගේ චිත්‍රත් නරකම නැහැ,චිත්‍රෙන්ම හිතාගන්න පුළුවන් දීපු බයිට් එක.
    ඔය ඩිවෝස් කේස් ලංකාවෙ දැන් මෝස්තරයක් වෙලා.
    ගිය අවුරුද්දෙ මම පුදුම උනා මගෙ ලගම හිතවතෙකු(බිරිද TV නාලිකාවල ස්වීප් දිනුම් ගැන නිවේදිකාවක්/හබිය ප්‍රසිද්ධ බැංකු අග නගර ශාඛාවක කළමනාකරු,දරුවො දෙන්නයි.පොර අපි ලීටර් ගණන් හිස් කරද්දී පැය4ක් විතර පළමුව දාගත්ත මේස හැදි තුනක් විතර තොල ගගා ඉන්නව)වෙන් වෙලා.
    ඒක අහපු මම මගෙ බිරිදට කිව්ව දරුවො දෙන්න කසාද බැන්ද ගමන් මාත් ඔයාගෙන් ඩිවෝස් වෙනව කියල.
    මට උත්තරයක් ලැබුන මෙතන කියන්න ලැජ්ජයි අප්පා.......!!!!!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව පැත්තකින් තියල ඔන්න ඕකත් කියල දාන්නකෝ කෙන්ජි අයියේ

      Delete
    2. ලැජ්ජ බිමින් තියන්න කෙන්ජි

      Delete
    3. යකෝ මෙන්න කෙන්ජියට ලැජ්ජාව කියලා එකක් තියනවා කියන්නේ

      Delete
    4. අපෝ මූට අමු කැවිලද ලැජ්ජාවක් ඇවිත් තියෙන්නේ

      Delete
    5. මෙතන කියන්න ලැජ්ජයි අප්පා.......!!!!!//
      කෙන්ජියටත් ලැජ්ජ හිතෙන කතා කියන නෝන කමෙන්ට් දාන්න ආවනං නියමයි බොලේ.

      Delete
    6. දෙන්න දෙමාල්ලෝ මෙතන එකතු වෙලා කමෙන්කටු දාන්න ගියොත් අපිට තමා රෙදි උස්සන් බලං ඉන්න වෙන්නේ.. රාජ්

      Delete
    7. එහෙනම් ලැජ්ජාව විසිකරල කියන්නද?

      Delete
    8. කියහං අයියෙ...ලැජ්ජාව බල්ලට දාලා...

      Delete
    9. ස්තූතියි කෙන්ජියෝ...අර කතාවත් හෙමිහිට කියමු නේද.

      Delete
  12. කට්ටිය දැන් චිත්‍රත් අඳිනවා නේ.. ෂෝක්... හි හි...

    බීම ගැන නං කියන්න දෙයක් නෑ නේ... අනිත් ඒවත් ඉතිං මොනා කියලා කියන්නද... අපිට පරමාදර්ශි චරිතයක් වැටුනය, වැරැද්දක් කරගත්තය කියලා ඇහුනම අපිත් මානසිකව වැටෙනවා නේද...

    ReplyDelete
    Replies
    1. හිරුටත් තියෙන්නෙ අඳින්න පටන්ගන්න එකයි.මගෙ බ්ලොගේ හිරූ බීම ගැන ලියන්නේ නෑනෙ දැන්.

      Delete
  13. මොකකට කොමෙන්ට් කරන්නද කියලා තේරෙන්නේ නෑ.. ගාල්ලට නම් කින්ඩි දාන්න එපා හොඳෙයි.. අපෙත් මුල් එහේ.. මම හෙන්‍රියගේ එකේ ලිව්වනේ මම කාපු පරිප්පු දෙක තුන. සමහර උන් බිග් මැච් දවසට චන්ඩි වගේ බොනවා. අනේ ඉතින් මැච් එක පටන අරන් පැයක් යන්න ඉස්සෙල්ලා කුමාරවරු කබරයා දාලා බල්ලෝ වගේ නිදි. සමහර උන්ට ගෙවල් වල යන්නත් බෑ. කරේ ගෙනියන්නේ.. අපි නම් ඉතින් 13 ඉඳලා මහ උන් එක්ක ගල් බෝතලේට සෙට් උන නිසා මද පමණින් සැනසෙන්නෝ.

    මාත් මීට පස්සේ චිත්‍ර අඳිනවා... අපරාදේ මෙතන දැම්මේ... හඳ මාමා චිත්‍ර පිටුවට යවන තිබුනා.. හැලපයට මතකද දන්නෙ නෑ ඒක..

    ReplyDelete
    Replies
    1. මාතලන් හා කියන්න බලන්න හලපෙගේ චිත්‍රෙද මගේ චිත්‍රෙද හොඳ කියලා
      හැලපයියා

      Delete
    2. හොඳ නිසානේ ප්‍රෝෆයිල් පික්චර් එකට දාගෙන තියෙන්නේ...

      Delete
    3. එකනේ අප්පා ප්‍රොෆයිල් පින්තූරෙට දාලනේ එක. මාර ආඩම්බරයක් දැනෙන්නේ, හැලපයියාගේ චිත්‍ර ටික දැකලා මට නිකන් හිතුනා ඇඳලා බලන්න.හැලපයියට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.

      Delete
    4. අන්න මරු වැඩේ,කතා ලියනවා කවි ලියනවා දැන් චිත්‍රත් අඳිමු.
      හඳමාමා වැඩ සටහන මට මතකයි,ඒ දවස්වල කලේ සුමනා ජයතිලක සහ ලැම්බට් පෙම්මාවඩු නේද.වැඩ සටහනට ගීතයකුත් තිබ්බා මට දැන් මතක නෑ.මතක් කලා මතක් කලා මතක් වුණේ අර ලලිත් එස් මෛත්‍රීපාල කියන සතියේ මනාලිය කවිය විතරනේ.
      සමන් මල් පෙති රෝස මල් පෙති තුලින් සිරි සරසවිය ගාවා
      සිතින් සොම්නස පිරී ඉතිරී මිහිරි හදවත් එලිය වේවා
      ගුවන් තලයෙන් පිපෙන ආසිරි ගීතිකා මල් සුවඳ දේවා
      කුසුම් රොන්සුනු මැදින් සතියේ මනාලිය කරළියට ආවා
      මතක් වෙච්චි හැටියටයි ලිව්වේ,මාතලන්ට මතකද?

      Delete
    5. ලොව ගණදුරු දුරු කරන්න
      ගුණ නුවනට මග පෙනෙන්න
      පුන්චි අයට දැනුම දෙන්න
      හඳ මාමාට සවන් දෙන්න..

      Delete
    6. ඔන්න දැනුයි මතක් වුණේ,හඳ මාමම ඇවිත් මතක් කරපු එක කොච්චර අපූරුද.බොහොම ස්තූතියි.

      Delete
  14. අර කුරුළු කූඩුව කැඩුනා කියාපු කතාව නම් තදින් වැදුනා හැලපයියේ . කතාවේ ඔක්කොම ආතල් එක ගියා එක ඇහුවට පස්සේ. අපි පරමාදර්ශී පෙම්වතුන්, අඹු සැමියන් හැටියට හිතන ගොඩක් දෙනෙකුට ඔහම වෙන්නේ ඇයි..? ඇස්වහද...?

    ReplyDelete
    Replies
    1. මොකද දන්නේ නෑ ඉවාන් ඒ අයටම ඔහොම වෙන්නෙ,මට තාම විශ්වාස කරන්න අමාරුයි...හරිනං ඒ දවස්වල අපි කෙලපු පිස්සුවල හැටියට කවුරුවත් හිතුවේ නෑ අපි තැන්පත් වෙයි පවුල් කයි කියල.

      Delete
  15. උබ හලප්යියේ නිතගේ පුතාට උනදේ කියන්නේ ඒ මනුස්සයාගේ අව්රුද්දෙ දානේ දුන්නටත් පස්සෙද?

    ReplyDelete
    Replies
    1. අවුරුද්දෙ දානේ එන්නෙ 2014 අගෝස්තුවලනේ.මට තව අවුරුද්දකට කිට්ටුවෙන්න කල් තියෙනව එහෙම බලපුවම.

      Delete
  16. //එක අවුරුද්දක මම හිතන්නෙ 91දෙසැම්බර්වල විමල් අපට නත්තල් කෑමක් දුන්න...

    මං තුමා ඉපදෙන්න ඔන්න මෙන්න....

    මං මේ හැලපයියගෙං අහන්නමයි හිටියේ..
    අසෝක වීදුරු කියන්නේ අර අඩියේ එක එක පාට (රතුපාට, කොල පාට, නිල් පාට) තියෙන පොඩි වීදුරුව නේ....

    ReplyDelete
    Replies
    1. තරිය ඉපදිලා තියෙන්නෙ බොක්සින් ඩේ එකේනෙ,ඒ කියන්නේ සුනාමි දවසෙ.
      අසෝක වීදුරුව තනි සුදු පාටයි,මට හොයාගන්න පුලුවන්වුනොත් පින්තූරයක් දාන්නම් ඉදිරි පොස්ටුවක.

      Delete
  17. හැලපේ අයියගේ කතා අහන් ඉන්න ඇහැකි දසක් වුනත්. දැන් කෝකට ද කමෙන්ට් දාන්නෙ. ඔක්කොම හොදයි. හැබැයි සුන්දරම්ගේ කතාව නම් සුන්දරම සුන්දරයි ඒත් කෙල්ල බැන්දනේ..

    ReplyDelete
    Replies
    1. සුන්දරම් කරපු අසුන්දර වැඩේ තමයි කෙල්ලව දීපු එක.

      Delete
  18. ෂාහ්... ච්ත්‍ර ටික නම් පංකාදුයි....
    අර පැනිවරක ගෙඩියටත් හෙන වදිනව කියන්නෙ ඔය වගේ කතා වලට වෙන්න ඇති. දික්කසාද නෙමෙයි ඕන නඩුවක පෙරකදෝරුවා තමයි දිනුම් අන්තිමේදි.

    ReplyDelete
    Replies
    1. පෙරකදෝරුවො ගැන නං කතා කරල වැඩක් නෑ සල්ලි කනවා.හැබෑටම බ්ලොග් අවකාශයේ ලෝයර්ල කවුරුවත් නැද්ද.

      Delete
  19. අරුන්ට දීපු රිටර්න් එකනම් මල් හතයි ඈ..

    චිත්‍ර ටිකත් හොඳයි.. තව දියුණු කරගන්න පුළුවන් වගේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි,සෙන්නත් ඉතිං චිත්‍ර ශිල්පියනේ.

      Delete
  20. චිත්‍ර ඇඳිල්ල නැගලා ගියපාර profile picture එකත් වෙනස් කළා නේද..?? මරු ඈ..

    ReplyDelete
    Replies
    1. ඔය පින්තූරෙ ඇඳලා මට එවල තිබ්බෙ ඉවාන් පවුලූෂා,ඒකට හිතා ගිය නිසා ප්‍රොපයිල් එකට දාගත්ත,ස්තූතියි ඇනෝ.

      Delete
  21. “රටේ ජනතාවට, ඔවුන් එකිනෙකාගේ හැසිරීම හා ඔවුන් එකිනෙකාගේ ආදර්ශයන් අනුව රටේ ඉරණම තීරණය කරන්නට ඉඩ දිය යුතු නම් එහි දී වඩා වැදගත් කුමක් ද?

    යහපත් ආණ්ඩුවක් ලැබෙන්නේ සලකා බැලීමෙන් හා තෝරා ගැනීම් වලින් තීරණය කිරීමෙන් ද?

    නැත්නම්, අහම්බෙන් හෝ බලය (force) යොදා ඔවුන්ට දේශපාලන ආයතන නියම කිරීමෙන් ද?

    ReplyDelete
    Replies
    1. ???? අනේ මන්දා,මස්කට් සහ කිරිහොදි වගේ,බොට පිස්සුද මට පිස්සුද කියල දන්නේ නෑ

      Delete
    2. මචන් කකා ජරා සීන් කරන් එපා ...

      Delete
  22. අරුන් ටික ඊට පස්සෙ "වාජීකරන" කියන නම දැක්කත් දුවනව ඇති නෙහ්.. ? :D

    ReplyDelete
    Replies
    1. උන් ටික අල්ලගන්න තිබ්බ එකම ක්‍රමය තමයි ඔය වචනය

      Delete
  23. සල්ලි දීල බෙහෙත් අරන් බඩ සුද්ධ කර ගන්න ඕන එක නොමිලේ කරල දීපු එක වරදක් නෙවෙයිනේ :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ යසිත්,මම කොච්චර උදව්වක්ද උන්ට කලේ.

      Delete
  24. අරළු පෙති කතාවට හිනා වුනා විමල්ගෙයි සුන්දරම්ගේ දුවගෙයි කතාදෙක නම් හිතේ සැහෙන බරක් ඉතිරි කළා..

    ReplyDelete
    Replies
    1. ඕව ඔහොම තමයි බින්දී,නොහිතන දේවල්නෙ වෙන්නේ.

      Delete
  25. පව් අරුන් තුන්දෙනා රෑ එළිවෙනකන් ටොයිලට් එකේද ...,

    ReplyDelete
    Replies
    1. පදිංචි වෙලා වගේ හිටියෙ,පදිංචිවෙලා වගේ.

      Delete
  26. හොඳ වෙලාවට අරුං තුන්දෙනාට මාරුවෙන් මාරුවට හරි වැඩේ කරගන්නකං ඉවසල ඉන්න පුලුවංකම තිබුණෙ. නැත්තං හැලපෙට වෙන්නෙ ‍කාමරේ හෝදන්න තමයි.

    සල්ලිටික පෙරකදෝරුවො දෙන්න බෙදාගත්ත කියපු එකනං නියම කතාව. :D

    ReplyDelete
    Replies
    1. මටත් ටිකක් හිනාගියා මුන් ටික මාරුවෙන් මාරුවට යනකොට,හොඳ නෑනෙ කියල ටිකක් සීරියස් මූඩ් එකෙන් හිටිය

      Delete
  27. මරු රිටර්න් එකක් නේ දීලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම නොකළ නං හොඳ නෑනෙ,ඔවුන් ටික මාව අමාරුවේ දාල හිනාවුණු හැටියට.

      Delete
  28. මචං උඹත් බ්ලොග් පෝස්ට් එකට චිත්‍ර ඇඳලා දාන්න ගත්ත එකනම් උපරිමයි. එතකොට තමයි නියම ගැම්ම. උඹ මේ ඇඳලා තියෙන්නේ ෆෙල්ට්පෙන්ස් වලින් වෙන්නැති. අනිත් මාධ්‍යත් පාවිච්චි කරලා බලාපංකෝ.

    නියමයි, ඈ. කීපිට් අප්යැ!

    රිටර්න් එක දීපු හැටිත් මරු බං. හැබැයි උඹට තැම්බුං හොදි හදන්නත් වුනා නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං,මේවා ඇන්දෙ පෙල්ට්වලින්,ඊළඟට අනික් පාට ජාතිත් පාවිච්චි කරන්න ඉන්නෙ.
      කඩෙන් පාට පෙට්ටි අරං එනකොට ගෙදර උන් දෙන්න හිනාවෙන එකනේ බං කාලා ඉන්න බැරි.
      තැම්බුන් හොදි ටිකක් හැදුවා හොඳ නෑනෙ ලෙඩ්ඩුනේ බං.

      Delete
    2. දැන් මුන් ඔක්කොම චිත්‍ර ශිල්පින් වෙන්න යන්නේ :D

      Delete
    3. කැමරා ශිල්පීන් වෙන්න තිබ්බ උඹ නැත්නං

      Delete
  29. වෙන්වීමක් සහ එක්වීමක් නේද හැලප්ස්.විමල්ගේ වෙන්වීම ගැන වඩාත් දුක හිතෙන්නේ ඔවුන් වඩාත් ලංව ජීවත් වෙච්ච්නිසා.සුන්දරම්ගේ කෙල්ලගේ එක්වීම ගැන දුක් වෙන්නේ උඹලා නිසා ඒ කෙල්ලට ඉක්මනටම කසාදයකට කරගහන්න වුන නිසා.

    ReplyDelete
    Replies
    1. සුන්දරම්ගේ කෙල්ලට නං අපි නිසා හොඳක් වුණේ,මොකද කොච්චර පස්සෙන් ඇවිද්දත් අපි ඔය කෙල්ලව බඳිනවයැ,විමල් කරගත්ත වැඩේ ගැන නම් මට අදටත් දුකයි.

      Delete
  30. පට්ට රිටන් එක ඈ

    ReplyDelete
    Replies
    1. කොහොමද දමිත්,මට කියන්නේ නැද්ද අටම්පහුර පැත්තේ යන්න කියල,උපන් දිනය අත ළඟ තියෙද්දී දමිත් හොඳ පිංකමක් කරගත්තෙ.

      Delete
  31. අපරාදෙ හැලප මාමෙ....සුන්දරම්ගෙ දුව බොට කරගන්න තිබුනෙ...ඒ දවස් වල පුරුෂ ශක්තිය මද වෙලාද තිබුනෙ සුන්දරම්ගෙන් කෙලින්ම අහලා වැඩේ ගොඩ දාගන්න බැරි උනේ...

    ReplyDelete
    Replies
    1. අපි හොඳ කොල්ලෝ කාලෙනෙ සිරෝ ඒ,පුරුෂ සක්තිය නං උපරිමව තිබුණා,සුන්දරම්ගේ කෙල්ලත් කරගහගෙන ගෙදර නං යන්න හම්බවෙන්නෙ නෑ කැලේ පනින්න හරි සුන්දරම්ගේ ගෙදර බින්න බහින්න හරි තමා වෙන්නෙ.

      Delete
  32. adanam patta rahai.. hinawela kaduluth awa.

    ReplyDelete

ඔබේ අදහස්