Friday, August 23, 2013

82.නීතගෙ පුතා,විමල්ගෙ මඟුල සහ තවත් බොන කතා

අපි බත්තරමුල්ලෙ පන්නිපිටිය පාරෙ බෙන් ෆිල්ම්ස් එකේ පදිංචි වෙලා ඉන්න කාලෙ මම රස්සාව කලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙ...මාව ඉස්සෙලම අනුයුක්ත කරපු බ්‍රාන්ච් එකේ හිටපු අය මට තාම මතකයි...රංජිත්,වීරක්කොඩි,චිත්‍රා,නීතා ඒ ඔක්කොම  මට වඩා ගොඩක් සීනියර් අය...පස්සෙ කාලෙකදි පුවක් වල්ල පොළොවෙ ගැහැව්වා වගේ තැන් තැන්වලට මාරුවීම් අරගෙන ගියත් නීතලගෙ ගෙදර තිබුණෙ බෙන් ෆිල්ම්ස් එකට ආසන්නව කිඹුලාවල නිසා ඇයව නිතරම මුනගැහුණා...හරියටම ඊට අවුරුදු විස්සකට පස්සෙ එකම අමාත්‍යාංශයක එකම ශාඛාවෙ නීතත් මමත් මුණගැසුනා...රාජ්‍ය සේවය ඔහොම තමයි. නීතලාගෙ ගෙදර තිබුණු උත්සව දානමාන ආදියටත් මම නිතරම ආරාධනා ලැබුවා...නීතට හිටියෙ පොඩි පුතෙකුයි දුවෙකුයි ඒ කාලෙ ඒ දෙන්නම හුඟක් පුංචියි.

දැනට සති දෙකකට විතර කලින් තරුණ නාවික හමුදා නිලධාරීන් දෙන්නෙක් ගිය කාර් එක මහ පාන්දර කන්ටේනර් වාහනයක හැප්පිලා කාර් එකේ හිටපු නාවික හමුදා නිලධාරීන් දෙන්නා එතනම මියගිය පුවතක් මම පත්තරවල දැක්කා...

ඊට පහුවදා ටොරොන්ටෝවල ඉන්න රජීන්ද්‍රාගෙන් මට පණිවිඩයක් තිබුණා...

නීතගෙ පුතා හදිසි අනතුරකින් මියගිහින්...

බලපුවාම නීතගෙ පුතා අර මියගිය නාවික නිලධාරීන්ගෙන්  එක්කෙනෙක්...

ඒ කාලෙ අපිත් එක්ක හුරතල් වෙච්චි පොඩි කොලු පැටියා ගැන අතීත මතක අවදිවුණේ එතකොටයි...

සැරයක් චිත්‍රා අහුන්ගල්ලෙ ඒ ගොල්ලන්ගෙ ගෙදර එන්න කියලා කාර්යාලයෙ අපිට ආරාධනා කලා...

නීතලගෙ ගෙදර අයයි ජයන්තලගෙ ගෙදර අයයි මමයි අපි දහදෙනෙක් විතර ජයන්තලගෙ වෑන් එකේ අහුන්ගල්ලෙ යන්න සූදානම් කරගත්තා...ලාල් ගාල්ලෙ ඉඳල කෙලින්ම එහෙට එනව කිව්වා...

කරුමෙටම ගමන යන්න කලින් දවසෙ මට නයිට් ෂූටිං එකක්...

ඔයාල යන්න මම බස් එකේ එන්නම්...මම අනික් අයට කිව්වා...

එදා ෂූට් කලේ වසන්තිගෙ සිංදුවක්...දවල් ඉඳලම අපි වැඩ...
දර්ශනයට පෙනී ඉන්න ඕනැකරන අවශේෂ අය හොයල එකතුකරල කෙල්ලන්ට රැළි ගවුම් අන්දවල ගෑණුන්ට ආදි කාලෙ විදියට සාරි අන්දවල පිරිමි අයට කෝට් කලිසම් අන්දවල වෑන්වල පටවගෙන සෙට් එකට අරගෙන ආවා...සෙට් එක තිබ්බෙ රාජගිරිය පැත්තෙ පරණ වලව්වක...

දර්ශනයට පෙනී ඉන්න අරන් ආපු අයට කන්න බොන්න දෙන්නයි පිරිමින්ට අරක්කු ගෙනත් දෙන්නයි අස්සෙ බෙනාගෙත් එක එක වැඩ...

 මල්ලි මෙයාව ගිහිං දාල වරෙං...

මල්ලි අරයව එක්කං වරෙං...

වැඩ ඉවරයක් නෑ...ඔය අස්සෙ එළිවෙනතුරුම සිංදුව ෂූට් කලා...එළිය වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඩොලියෙ කැමරාව තියාගෙන ට්‍රැක් එකේ කෙළවරටම ගියපු කිචි ධර්මයා...

මේ එල්ලල තියෙන බැලුම් බෝල ක්‍රේප් කොළ කිසි දෙයක් පෙනෙන්නෙ නෑ කැමරාව තියෙන ලෙවෙල් එකට...ඕව ඔක්කොම පහළින් එල්ලන්න...

ඔච්චර පහළින් බැලුම් බෝල එල්ලන සිරිතක් තියෙනවයැ ධර්මෙ...

ඒව මම දන්නෙ නෑ...කැමරාවට පේන්නෙ නැත්නං ඔය සැරසිලි එල්ලපු එකේ වැඩක් තියෙනවයැ...

එළිය වැටුණොත් තවත් මඟුලක්...ආයෙම ඉතුරුටික තව රෑක ෂූට් කරන්න එපායැ...

ධර්මෙ අයියෙ...උඹට වඳින්නං...ඔන්න ඔය කෙහෙල්මල ඇතා හරි නැතා හරි ඔය ෂොට් එක ඉවරකරල දාපං බං තව දවසක් නිදි මරන්න බෑ...

ඔය විදියට එළිය වැටෙනකොට අන්තිම ෂොට් එක ඉවරකරගත්තා...

උඹ දුවන්න හදන්න එපා...මම උඹව කොටුවට ගිහින් දාන්නං...

විමල් කිව්වා...විමල් තමයි ටෙලියෙ සහාය අධ්‍යක්ෂ...

බත්තරමුල්ලෙම පදිංචි කෙල්ලක් වෙච්චි ලලිතාත් එක්ක විමල් ඇතිකරගෙන තිබුණු දීර්ඝකාලීන ප්‍රේමයෙ මල්පල ගැන්වීමක්  විදියට ඊළඟ අවුරුද්දෙ මැයි මාසෙ යුවල විවාහවෙන්න සියළුම කටයුතු සූදානම් කරල තිබුණා...

විමල් තමයි අපේ කණ්ඩායමේ හිටපු ආදර්ශමත් පෙම්වතා වුණේ...

දකින දකින කෙල්ල පස්සෙ යන එක ගැන අවවාද කළෙත් එහෙම ගිහින් ලෙඩ දාගත්තාම බේරාගත්තෙත් විමල් තමයි...

හැදියල්ල බං හැදියල්ලා...

විමල් නිතරම අපට අවවාද කලා...

විමල්ගෙ මංගල්ලෙ දවසත් ළං ළං වේගන ආවා...ඒ දවස්වල අපි අනික් සියළුම වැඩ අතඇරලා මඟුලටයි වැඩ කලේ...මඟුල ගත්තෙ බොරැල්ලෙ වයි ඇම් බී ඒ හෝල් එකේ...

මඟුල් ගෙදරට කලින් දවසෙ විමල් අපි තුන් දෙනාට කතාකලා...

ඔන්න උඹල තුන්දෙනා තමයි හෙට වැඩටික ඔක්කොම බලාගන්න ඉන්නෙ...
කෑම ටික හරියට එකොළහමාර වෙනකොට හෝල් එකට එන්න ඕනෑ...තව තව මොනවහරි ඕනැ එපාකමක් තියෙනවනං ඒවත් බලපල්ල මට දුව පනින්න බෑනෙ මම මනමාලයනෙ...

හරි හරි උඹ මනමාලයගෙ පාට් එක කරපංකො සෙට් එක අපි බලාගන්නම්...ඔහොමද අපි ගොඩදාල තියෙන මඟුල්...

අපිත් ටෙලි නාට්‍ය භාෂාවෙන්ම උත්තර දුන්නා...

ඔන්න පහුවදා අපි කට්ටියම උදේ පාන්දර වයි ඇම් බී ඒ එකට ගිහින් අවසාන සූදානමත් අහවර කරලා වෙලාවට මනමාලයයි මනමාලියි දෙන්නත් එක්කරං ආවා...දැන් කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ ටික බලාපොරොත්තු වුණු පිළිවෙලටම කෙරීගෙන යනවා...කෑමත් වෙලාවට ගෙනාවා...

විමල්ලගෙ තාත්තා එච් එස් පේමේන්ද්‍ර, ඔහුට හැත්තෑ ගණංවල පට්ටිය හන්දියෙ ටේලර් සාප්පුවක් තිබුණා...ඔහු ටේලර් කෙනෙකුට වඩා භාවාත්මක දේශීය සිනමාවක් ගොඩනගන්නට අතහිත දුන්නු කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි...පසුකාලීනව සිනමාවේ ඉහළ තලයට ආපු නළුවන් අධ්‍යක්ෂවරුන් බොහොමයක් දෙනා ඒ යුගයේ ඔහුගෙ ටේලර් සාප්පුවේ රස්තියාදු වුණු අයයි.

විමල්ගෙ තාත්තගෙ ආරාධනාවට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් නළු නිළියන් සෑහෙන පිරිසක් මඟුල් ගෙදර ඇවිත් හිටියා...

දැන් යුවල පෝරු මස්තකාරූඪ වෙලා ඉන්න අවස්ථාව...පෝරුවෙ චාරිත්‍ර කරන මනුස්සයා අෂ්ටක කියවනවා...
මේ ජෝඩුව පෝරුවෙන් බස්සපු ගමන්ම මට පෝරෙ තව මඟුල් ගේකට යන්න තියෙනවා මහත්තයො...

මිනිහ මට උදෙන්ම එහෙම කිව්වා...පොරට දෙන්න තියෙන සල්ලි කවරෙත් මගෙ අතේ...

ඔන්න ඔය වෙලාවෙ වයි ඇම් බී ඒ එකේ මැනේජර් වේගවත් ගමනින් ශාලාවට ඇවිදගෙන ආවා...මම ඉස්සරහට ගියා...

කවුද විමල් මහත්තයා...

මිනිහා මගෙන් අහනවා...

ඇයි මහත්තයො උවමනාවක්වත්ද...

මම ඇහුවා...

විමල් මහත්තය තමයි ශාලාව වෙන්කරගෙන තියෙන්නෙ...කරුණාකරල ඒ මහත්තයට කාර්යාලයට එන්න කියන්න...
 
මැනේජර් යන්න ගියා...
 
පෝරුව උඩ ඉන්න එකාව බස්සගෙන යන්න පුලුවනෑ...මම ඔෆිස් එකට ගියා...
 
මහත්මයා මේක තරුණ බෞද්ධ සමිති ශාලාව...අනික් ශාලාවලට ආදර්ශයක් වෙන ආකාරයට අපි මේ ශාලාව පවත්වාගෙන යන්නෙ...දැන් බලන්න මෙතන සිද්ධවෙනදේවල්...
 
මිනිහ කාර්යාලයෙන් එළියට ඇවිත් අත දික්කරල මට මිදුල පෙන්නුවා...
 
එළියෙ චෙරිගහ යට විමල්ලගෙ තාත්තගෙ යාලු නළුවොයි අධ්‍යක්ෂවරුයි ඔක්කොමලා බෝතල් කඩාගෙන මෙලෝ සිහියක් නැතිව බොනවා...
 

එක්කො ඒ ගොල්ල බීම නවත්තන්න ඕනැ නැත්නම් අපි මෙතනින් එළියට බැහැල යන්න ඕනෑ...
 

මැනේජර් බොහොම තදින් මට කියාසිටියා...
 
හරි හරි මහත්තයා...මට තේරෙනවා...කරුණාකරල මට විනාඩි දහයක් දෙන්න...
 
බොහොම අමාරුවෙන් පොරව ෂේප් කරගෙන මම අරුං ටික බොන තැනට ගිහිල්ල විමල්ලගෙ තාත්තට පැත්තකට කතාකරලා කාරණාව කිව්වා...
 
මම එළියෙ තියෙන වෑන් එකක පිටිපස්ස ඇරලා දෙන්නම්...බෝතල් ටිකයි ෂැන්ඩි බයිට් ටිකයි එතනට ගෙනියමු නැත්නං මඟුල පැත්තක තියල මේ මිනිස්සු අපිව එළියට දාවි...
 
ඌ කොහොමද අපිව එළියට දාන්නෙ කියපං පුලුවන් දෙයක් කරන්න කියල අපි මෙතන තමා බොන්නෙ...
 

හොඳටම වැදිල හිටපු ප්‍රවීන නළුවෙක් මගෙ ඇඟට ගොඩවුණා...
 
බොහොම අමාරුවෙන් කට්ටියට වැඳල වගේ නැගිට්ටවලා වෑන් එකකට ගිහිල්ලා දැම්මා...
 
ඔයවාගෙ මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ වැඩ කරද්දි ගබඩා සමීක්ෂණයකට ගාල්ලෙ ගියා...ගියෙ මමයි හේරතුයි...
 

පළවෙනි දවසෙ වැඩ ඉවරවෙලා කඩේකට ගිහිං රෑට කෑමත් අරං බාර් එකෙන් බෝතලේකුත් අරගෙන අපි නවාතැනට ආවා...
 
අපි දෙන්න නවාතැන් අරගෙන තිබුණෙ ගාල්ලෙ වයි ඇම් බී ඒ එකේ...
 
කාමරේට වෙලා කෑමට පෙර චුට්ට චුට්ට සප්පායම් වෙමින් ඉන්න අතරෙ ශාලාවෙ බාරකාරය ඇවිත් අපට කතාකලා...
 
මහත්තයො මේක තරුණ බෞද්ධ සමිතිය...අනගාරික ධර්මපාල තුමා මේ සමිතියෙ ආරම්භකයා...එහෙව් තැනට මහත්තයල අරක්කු ගෙනැත් බොනකොට මොකක්ද එතුමට තියෙන ගරුත්වය...බොහොම කැතයි බොහොම කැතයි...
 
හේරත් ඉස්සරහට ආවා...
 
උඹ පැත්තකට වෙයං...මම පසුබැස්සා මට දැන් බයයි මූ මොන ගිණිගෙඩියක් දෙන්න හදනවද කියල...නොදන්න පළාතක මොනව කරන්නද...
                                                                 මතු සම්බන්ධයි

87 comments:

  1. අපෝ ගාල්ලේ බුවාලා ඔහොමම තමා.. බොන්න ඉල්ලන්නේ.. හැක්..

    අර අනතුර දවසේ අපේ ගයනිත් මංඤඤං පෝස්ට් එකක් දාලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං.ඒකී හෙන සෑඩ් එකෙන් ලියල තිබුනෙ.
      උඹත් නියම අයිය M වෙලා.

      Delete
    2. ඒ ගයනිගේ පෝස්ට් එකේ ලින්ක් එක දියං දේශ්.

      Delete
    3. ඒකැ තමයි වුණේ මම පස්සේ දැනගත්තෙ

      Delete
    4. http://manasindiviyata.blogspot.com/2013/07/blog-post_31.html

      Delete
  2. බොන්න ගිහින් අයියලාත් කර ගන්න ලට පට..අද කාලෙ නම් ඔනි ගහක් ගලක් ළඟ රෙස්ටෝරන්ට් එකක් ..බොලාලා බොන්ඩ ගිහින් තියෙන්නෙම බෞද්ධ මධ්‍යස්ථාන වල වගෙයි...

    ReplyDelete
    Replies
    1. මෙතන ප්‍රදාන චරිතෙ විමලය නෙ,තාත්ත එහෙම උනාට විමලෙ සුචරිතවත් නෙ.
      නැත්නම් බයිස්කෝප් බුවාලට එල තැන් නම් කොච්චර තියෙනවද?

      Delete
    2. ඒකනේ,ඒ දවස්වල සෙට් වුනේම බෞද්ධ මධ්‍යස්ථාන

      Delete
  3. මට නං ගෙදර ඉන්න කොට මිසක් ගෙදරින් පිට ගියාම බොන්න හිතෙන්නේ නෑ. ඒක ඇඟට ගුණයි!

    ReplyDelete
    Replies
    1. හොඳම වැඩක් කකා,බොහොමත්ම ඇඟට ගුණයි

      Delete
  4. මේකත් නිකන් ටෙලියක් වාගේ වලිය පාටන් ගන්න කොටම මතු සම්බන්ධයි දානවා.
    මොකක්ද බං හැලපයියේ..?

    ReplyDelete
    Replies
    1. දිග වැඩි නිසා මතු සම්බන්ධයි දැම්මෙ මනෝජ්,ඉතිරි කොටස ඉක්මනටම දානවා

      Delete
  5. අපොයි දෑන් කටිටිය තරගෙට බොන්න පටන් අරගෙන වගෙ.
    අරු ඉල්ලන්න ඈත්ටෙ බොන්නනම් තම එ වුනාට.......අයිත් කියන්නෙ දෙශා උබ මට අහුවෙයිනෙ

    ReplyDelete
    Replies
    1. අරූ ඉල්ලුවෙම බොන්න,දේශා එක්ක කෙලගන්න එපා ඌ කියනදේ ඇත්තනෙ

      Delete
  6. දැන් නිතාගේ පුතාට මොකද උනේ?

    ReplyDelete
  7. අර අනතුර ගැන දන්නවා. අපරාදේ කොල්ලො දෙන්නා. නමුත් හදිසිය නිසා එහෙම වුනේ. හැලපේ කිචි ධර්මේ මට මතකයි. මෑන් මලානෙ ටික කාලෙකට කලින්. අපරාදෙ හොද මනුස්සයා. අනිත් කතා ගැන කියනව නම්, මට බොන පාර්ශ්වයේ යාළුවොම ඉන්න නිසා උන්ගේ හැම ජරාවටම කර දෙන්නෙ වෙන්නෙ මට. ඇයි උන් කියනව. මචන් දැන් අපි බීලානෙ ඉන්නෙ ඔතනට ගියාම මල පනිනවා. උඹ අපි වගේ නෙමේනෙ. ඒ නිසා උඹ තමයි මේ වැඩේට යන්න ඕනෙ. ආයි උඹලත් එක්ක එන්නෙ නැහැ කියලා ගියාට මම ත් ආයිත් එතෙනටම ඇදෙනවා.

    ReplyDelete
    Replies
    1. කිචිය බුලත් හපෙත් කටේ තියාගෙන සමහර වෙලාවට හෙන පඩිය.
      මට මුන ගැහිලා තියෙන්නෙ ලෙස්ටර් මහත්තයගෙ කැමරා සහ සුළු උපකරණ අරගෙන ලොකේෂන් එන වෙලාවල විතරයි.
      දින ගනන් ඉන්න සෙට් වුනාම නියම කතා අහන්න පුළුවන්.

      Delete
    2. අරිෂ්ට බීපන්

      Delete
    3. කිචි ධර්මේ ගැන මටත් වඩා ගොඩක්ම කතා දන්නේ කෙන්ජියි.කොහොම වුනත් යාලුවෝ නිසා අපි කැමති අකමැති දේවල් දෙකම කරන්න වෙනවනේ වෙද මහත්තයෝ.

      Delete
  8. අර අනතුර නිව්ස් වලින් දැනගත් දාට පසුවදා ගයනිගේ ලිපියකින් කියවන්න ලැබුන.

    ReplyDelete
    Replies
    1. මට ඒ ලිපිය කියවන්න වුණේ නෑ කෙන්ජි,මම තවම ඒක සොයනවා

      Delete
  9. අන්තිම පේලි කිහිපයෙන් පෙනෙන්නේ තවත් විජ්ජුම්බරයක් අත මුල බව ද..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසෙන් බලමු චන්දන

      Delete
  10. කේස් තමයි. ඉතිං බං YMBA එකේ තියනවද බොන්නේ නැති මගුල් ගෙවල්? ඔහොම ප්‍රශ්ණ නිතර ඇතිවෙනවා ඇතිනේ. මොකද අපේ තියෙනවායැ බොන්නැති මගුල්?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං දැන් උන් මගුල පන්සලේ තිබ්බත් බීලා ඉන්නෙ

      Delete
  11. අපිත් නුවර YMBA හිටියා ලඟදි දවසක සෙට් එකම ගිහිං! ඔය නරක වැඩේ කරන්න අතමක උනා!

    ReplyDelete
    Replies
    1. අමතක වෙච්ච එකමයි හොඳ

      Delete
  12. ඕක නම් කියලා වැඩක් නෑ, එක දවසක් අපි රන්ටැඹේ ආමි කෑම්ප් එකට ගියා අපේ යාලුවෙකුගේ ඇරයුමෙන් මිනිහා දැන් මේජර් කෙනෙක්. සැලකිල්ලෙ හොඳ කමට වෙරිවෙච්ච අපේ එකෙක් "අඩෝ තොපි ..රි ආමි කාරයෝ ගෝඨාට පුක දෙන එවුන්" ගගා කෑ ගහන්න ගත්තා, අම්මට සිරි වටෙන්ම පෝරියල් එක සෙට් වෙන්න ගත්තා යන්තන් වැඳලා බේරුනා අරූ යාලුවා නිසා, කෑ ගහපු එකා අදටත් බොන්නේ නෑ සල්ලිත් එක්ක දුන්නත් බය වෙච්ච බයවිල්ලට.

    ReplyDelete
    Replies
    1. රන්ටැඹේ තියෙන්න ජා.ශි.බ. කදවුර නේද?

      Delete
    2. යකෝ බේරිලා ආවා ඇති

      Delete
    3. ඔව්.ජා.ශි. බ. කඳවුර තමයි. සංපූර්නයෙන්ම ආමි එකේ යටතේ පාලනය වෙන්නේ,

      Delete
    4. උගෙ ජීවිතේටම ඒ බයවුණු බයවිල්ල ඇති ආයේ නොබොන්න

      Delete
    5. @අටම්,
      බේරුනා කියන්නෙ බං පුදුම බේරිල්ලක්නේ

      Delete
    6. ඔව් බන්ස්ලා බේරිලා අවා කියන්නේ අදටත් මේජර් යාළුවා කියන්නේ මම හිටියේ නැත්තං තොපේ ඇට දෙක කටේ ගහගෙන තමයි එලියට බහින්න වෙන්නේ කියලා.

      Delete
    7. උබේ යාළුවා වෙරි පිට හරි කියලා තියෙන්නේ ඇත්තක් නේ බං.

      Delete
  13. කාලයක් කොටුවේ YMBA එකේ නැවතිලා හිටියට නිදාගන්න විතරක් එතනට යන නිසා බොන්න බැරිවුනානේ.

    පට්ටිට හදියේ ටේලර් මහත්තයා ගැන හැලපේ මීට කලිනුත් ලිව්වා කියල යංතං මතකයි. නීතගේ පුතාගේ සිද්ධිය මේ අනිත් කතාවලට සම්බන්ධ වුන විදිහ ගැන මට තාමත් නිච්චියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් පේට්‍රියට් මම මීට කලින් පට්ටිය හන්දියේ ටේලර් ගැන ලිව්වා,නීතගේ පුතා අපිත් එක්ක අහුන්ගල්ලේ ගිය එකෙන් තමා අනික් කතාවලට සම්බන්ධ වුණේ

      Delete
  14. ෂිහ්..! අන්තිම හරිය...පස්සට දැම්මනෙ..!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉඳපන් වීයො ඉතුරු ටික ඉක්මනට දෙන්නම්

      Delete
  15. බොන්න ගියාම ඔව්ව මතක් වෙනවයැ

    ReplyDelete
    Replies
    1. එක තමයි බොන සිහිය මිස වෙන දෙයක් මතකේ තියෙයියැ

      Delete
  16. හේරත් අනගාරික ධර්මපාලටත් පොවන්න වගේ ලෑස්තිය. :D

    අර IDL Black එක නියම බීමක් තමයි.

    ReplyDelete
    Replies
    1. මම ඒ IDL Black එකේ රස බලලම නෑ

      Delete
    2. කෙලින්ම උගුරටද දාගන්නේ? :P

      Delete
  17. කොහොමත් ඉතිං කට්ටියට බීම කිව්වම උන් හිටි තැන් මතක නෑ නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් එකනේ

      Delete
    2. නැත්නං ඒ බීමෙන් ඇති වැඩකුත් නෑනෙ

      Delete
    3. @ඔමා
      පොඩ්ඩක් අරං බලන්නකො ඒකෙ තියෙන ජොලිය

      Delete
  18. //ඔන්න උඹල තුන්දෙනා තමයි හෙට වැඩටික ඔක්කොම බලාගන්න ඉන්නෙ...//

    හෑ... අප්පට සිරි වැඩ ටික ඔක්කම උඹලා බලාගත්තද?

    ReplyDelete
    Replies
    1. බලාගත්ත බලාගත්තා,උඹටත් මතක්වෙන දේවල්.ඈ අයිලාස් උඹ උපාසකය නේද අර විස්කි බෝතල් කොමෝඩ් එකට පෙව්වේ උඹ නේද

      Delete
    2. ඒ පොස්ට් එක කියෙව්වද?

      Delete
    3. කොයි කාලෙද,තාම උඹ එහෙමද

      Delete
    4. ඔව් ඔව් තාම එහෙම තමයි.

      Delete
  19. ආ .... බොන කතාවක්..!!!!!!!!!ඇත්තටම බොන්න ගියාම මුකෝ මෙලෝ සිහියක් නැත්තේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බලු කමෙන්ට් දාන්න එපා පොන්නයෝ

      Delete
    3. බලු කමෙන්ට් නෙමේ බොල ඔය යටින් තියන එකම වැරදිලා මෙතන වැටුනා. ඉතින් මකලා දැම්මා.

      උඹට හොඳ ඩොකෙක්ව සෙට් කරලා දෙන්නද ? ඔය තත්ත්වය බේත් වේල් දෙකක් ගනිද්දි හරි යයි බොලන්.. තත්ත්වය දරුණුමනම් ශෝක් ට්‍රීට්මන්ට් එකක් කරමු.. මොකද කියන්නෙ ?

      Delete
    4. ගණන් ගන්න එපා සෙන්නෝ. ඔය වගේ රෝගින් කොහෙත් ඉන්නවා නොවැ.
      මේ බ්ලොග් වලදී කියලා උන් වෙනස් වෙන එකක්යැ.


      Delete
    5. මනෝජ, පිස්සුද බන් අපි ගනන් ගනියි ඕවා.. ඒත් ලෙඩෙක්ව වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන එක අපේ යුතුකමනෙ බන්.. ඒකයි එහෙම කිව්වෙ. :D

      Delete
    6. සිහියක් ඕනනං බොනවයැ රෙහානි

      Delete
  20. හැලපයියා ෆීල්ඩ් කීයක වැඩ කරලා තියනවද ?

    ReplyDelete
    Replies
    1. හැලපේ අයියාගේ පොස්ට් එකක් හරි සෙන්නගේ කමෙන්ට් එකත් හරි ..හිකිස් ,
      උබ ඔය හැලපේ අයියාගේ නම ලියලා තියෙන විදිය විසන්දි කරලා බලපන් සෙන්නෝ ..:D

      Delete
    2. චමියො, අපි දන්නෑ ඕවා.. දේශකයා තමා කිව්වෙ ඔහොම ලියන්ඩ කියලා. දේශකයෙක් කිව්වම නාහා කොහොමද බන්..

      Delete
    3. අනේ මන්දා සෙන්නෝ මම වැඩ කරලා තියෙන ෆීල්ඩ් ගණන මටත් මතක නෑ,කොහොම හරි හැම දේම වගේ ටික ටික කොරල තියනව මට හිතෙන විදියට

      Delete
    4. @චමි,
      ඒකෙ ගාණක් නෑ චමියො,එහෙම ලිව්වට මගේ කිසිම අමනාපයක් නෑ

      Delete
    5. ඔව් ..ඔව්..ඒක තමයි මමත් කිව්වේ ඒක ලස්සනයි නෙවැ, නිර්මාණශීලි අදහසක් .

      Delete
  21. ඇයි අනේ කට්ටිය මේ දවස්වල බොන ඒවා ගැනම ලියන්නේ. බොන්නේ නැති මේ අපි වගේ අයටත් වැඩිවෙනවා ඒවා කියවපුවාම...:D:D

    ReplyDelete
    Replies
    1. නොබීම වදිනවනං කොච්චර හොඳද පොඩ්ඩියෙ,කොහොමද අලුත් ජීවිතේ

      Delete
  22. මරාගෙන කන්න ඕනි වුනාම තලගොයා කබරයා වෙනවා කියන්නේ ඕකට තමයි.

    අද එහෙම තරුණ බෞද්ධ සමිති සාලාවේ බිව්වා නම්.... බල සේනාවක් ඇවිත් කුදලාගෙන යාවි.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ හොඳ වෙලාවට ඒ කාලේ අර සේනා මේ සේනා මොකුත්ම තිබ්බේ නෑ

      Delete
  23. අර අෂ්ඨක කාරයගෙ සල්ලි ටික ? ඒක තාමත් සාක්ක්කුවෙද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මනුස්සය ඇවිත් මාව හම්බවෙලා සල්ලි ටික අරං ගියා,සරත්ටත් මතක්වෙන දේවල් අම්මප

      Delete
  24. අද කතාව පොඩ්ඩයි වගේ. නිකම් මදි මදි වගේ ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර මදි මදි වගේ තමා දිග වැඩි වෙන නිසා නැවැත්තුව

      Delete
  25. කැළණියේ පට්ටිය හන්දිය වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බින්දී දන්නවනේ ඔයා හරිය,අර මම කලිනුත් ලිව්වේ.

      Delete
  26. අර මුරකායට ෂොට් එකක් දුන්නම හරිගියා. මම හරි නේද හැලපයියේ?

    ReplyDelete
    Replies
    1. කොහොමද දැනගත්තෙ

      Delete
    2. ඔහොම කෑගහන එවුන් එහෙම තමයි බං. අනෙක ටිකක් ‍බොන්නෙ නැති මුර කාරයො උඹ දැකල තියනවද?

      Delete
  27. කොහොමද දැනගත්තෙ

    ReplyDelete
  28. බෙන් ෆිල්ම්ස් එක ටෙලියක රගපාපු කොල්ලෙක් තමා ඉතිං සිරා කොලුවා...නාටකේ නම කලු හංසයො...මම එතකොට 7 පන්තියෙ. බෙනට් රත්නායක අධ්‍යක්ෂක තුමා උදේම බඩ පැලෙන්න කාලා එන්න කියලා රු 100/- දුන්නා මතකයි...

    බොන කථා නම් කොච්චර කියෙව්වත් ඇති වෙන්නෙ නෑ...තව ලියහං මාමෙ...අපිට ජය වේවා !


    ReplyDelete
    Replies
    1. ඔයා කළු හංසයො එකට අපිත් බැහැල හිටිය බං,මොකද දැන් සිරා කොලුවා ලියන්නෙ නැත්තෙ.

      Delete
    2. ලබන මාසෙ ඉදන් ආයෙත් වැඩ අරඹනවා...

      Delete
  29. ඔය කළු හංසයෝ එකට අපිත් බැහැල හිටිය,සිරා කොලුවා මොකද දැන් ලියන්නේ නැත්තෙ

    ReplyDelete

ඔබේ අදහස්