Friday, August 16, 2013

81.අමද්‍යප ව්‍යාපාරය සහ තවත් කතා

 

 අපේ යාලුවො දෙන්නෙක්ම අමද්‍යප කතා ලියල තිබ්බනෙ...දේශකයි,හෙන්රියි... ඉතිං මටත් මම දන්න අමද්‍යප කතා කීපයක් ලියල දාන්න හිතුනා...බ්ලොග් කරුවො  ඔක්කොම අමද්‍යප වෙන්න හිතානද දන්නෙ නෑ මෙහෙම ලියන්නෙ...ලංකාවට ගියාට පස්සෙ මටත් අමද්‍යප වෙන්න සිද්දවුණානෙ...ඊට පස්සෙ නං තාම කටහරියෙ තිබ්බෙ නෑ.

ඔය අමද්‍යප ව්‍යාපාරය තියෙනව නේද(මං කියන්නෙ ඔය හිරූල එහෙම බොනවට විරුද්ධව පස්පඩව්වෙ බැන අඬගහන එක නෙවෙයි )...ඒ කියන්නෙ මත්පැන්වලට එරෙහිව නැගී සිටීම...ඕකත් බලං ගියාම හොඳම ඉල්ලමක් කියල කාරියකරවන ශූරීන් ඔහුගෙ පොතක සහසුද්දෙන්ම ලියල තිබ්බ...ඒ කතාවත් කියලම ඉන්නංකො.
                         
හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තය තරුණ කාලෙ ඒ කියන්නෙ හතළිහේ දශකයෙ රා තැබෑරුම්වලට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනියල තියෙනව...මේ රා තැබෑරුම් විරෝධී ව්‍යාපරය කරන කාලෙ අත දිග ඇරල ඒ වැඩවලට වියදම් කරන්න ප්‍රේමදාස මහත්තයගෙ අතේ මිටේ හොඳට සල්ලි ගැවසුනාලු...කට්ටිය බැලුවලු යකෝ ජීවිතේ කිසි දවසක රස්සාවක් කරපු නැති මනුස්සයගෙ අතේ මෙච්චර කාසි මුදල් කොහොමද ගැවසෙන්නෙ කියල...ගෙදරින් සල්ලි දුන්නත් ඕනැනං එදිනෙදා වියදමට දෙයි...ඔහොම අත දිගඇරල සමාජසේවෙ කරන්නත් ගෙදරින් දෙයියැ.

ඔහොම ඉතිං මේ තැබෑරුම් විරෝධී ව්‍යාපාරය නැගල ගිහිං අන්තිමේ කොළඹ නගරයේ රා තැබෑරුම් වැහෙන විදියටම වැඩ කටයුතු සිද්දවෙලා තියෙනවා.

රා තැබෑරුම් වහපු මුල් කාලෙ එක සති අන්ත දවසක කාරියකරවන මහත්තය කොළඹ ඉඳල ගෙදර යන්න පිටකොටුවෙ බස්ස්ටෑන්ඩ් එකට යන ගමන් කල්පනා කළාලු බස් එකටත් වෙලාව තියෙන නිසා බීර වීදුරුවක් බීලම ගියොත් මීගමුවට යනකල් නින්දක් ගහගෙන යන්න පුළුවන් නේද කියල ළඟම තිබිච්ච කොලෝනියල් බාර් එකට ගොඩවෙලා.

අප්පට හුඩු...එතනනෙ සෙනග...දිග පෝලිමක්ලු අරක්කු බොන්න...අර රා තැබෑරුම්වලට ගිහිල්ල පුරුදු වෙච්චි මිනිස්සු තැබෑරුම් වැහුවට පස්සෙ දැන් බාර් වලට පෝලිමේ යනවලු අරක්කු බොන්න...කොහොමින් කොහොමින් හරි අමද්‍යප ව්‍යාපාරය නිසා බාර් කාරයන්ගෙ කරල පැහුණු එක තමයි සිද්දවෙලා තියෙන්නෙ.

ඔන්න ඔය වෙලාවෙදි කාරියකරවන මහත්තයගෙ හිතේ කාලයක් තිස්සෙ තිබුණු ගැටළුවකට පිළිතුරු ලැබිල තියෙනවා...ගැටළුව වුණේ ප්‍රේමදාස මහත්තයට රා තැබෑරුම් වහන වැඩේදි අත මිට දිග ඇරල වියදම් කරන්න සල්ලි ලැබුණෙ කොහෙන්ද කියන එක.

 ඒ තියා මැදකොළඹ ඡන්දදායකයො සල්ලි එකතු කරල ප්‍රේමදාස මහත්තයට අරං දීල තිබුණු 1 ශ්‍රී 1962 මයිනර් කාර් එකත් ඔය බාර්කාරයන්ගෙ පරිත්‍යාගයක් කියල කතාවකුත් තියෙනවනෙ...ඕවයෙ හැබෑ බොරු අපි දන්න එකක්යැ... රට්ටු කියන කතානෙ.

ඊටත් පස්සෙ පනස් ගණංවල තිබුණු අමද්‍යප සටන් නැගල යන කාලෙ අමද්‍යප සටනෙ මහ නියමුවෙක් ඇවිදින් අමද්‍යප රැළියක් අමතන්න ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන්ට ආරාධනා කළාලු...

චන්ද්‍රරත්න මානවසිංහයන් කියන්නෙ හොඳට අඩි පුඩි ගහන පත්තරකාරයෙක්නෙ...ඔහු පුදුමවෙලා...

ඈ බං...මං වාගෙ බොනයෙක් කොහොමද අමද්‍යප රැස්වීමක කතාකරන්නෙ...ඒක හරි විහිලුවක්නෙ...

නෑ නෑ ඒකෙ ප්‍රශ්නයක් නෑ...බොන කතා අපි දැනගත්තට මිනිස්සු දන්නවැයි...

අමද්‍යප නියමුවා බලකරනවා...බැරිම තැන...

හරි...එහෙනං මම එන්නං...හැබැයි කතා කරන ගමන් බොන්න මට අරක්කු බාගයක් ඕනෑ...

හරි මඟුලක්නෙ යකෝ...මම කොහොමද අමද්‍යප රැස්වීමකදි බොට අරක්කු දෙන්නෙ...

මෙහෙමයි...අරක්කු බාගෙ ජින්ජර් බියර් බෝතලේකට දාලා මම කතාකරනකොට එතනින් ගෙනැත් තියපං...බෝතලෙ අඳුරුපාට නිසා කාටවත් පේන්නෙ නෑනෙ...උඹේ වැඩෙත් කෙරෙනවා මගෙ වැඩෙත් කෙරෙනවා...
ඔන්න නියමිත දවසෙ අමද්‍යප රැළියට ගියපු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කතාව පවත්වනවා...අමද්‍යප නියමුවාත් පොරොන්දුවෙච්චි විදියටම අරක්කු බාගෙ ජින්ජර් බියර් බෝතලේට දාල එතනම තිබුණු මේසෙ උඩින් ගෙනැත් තියලා...මානවසිංහයනුත් කතාකරන ගමන් අර බෝතලෙන් ටික ටික උඩ බලන් කටේ වක්කර ගන්නවලු...

ඔය රැළියෙ මූලාසනයෙ වැඩ ඉඳල තියෙන්නෙ බොහොම සිල්වත් ධර්මධර විනයධර මහතෙර නමක්...අව්වයි...දවසත් බොහොම රස්නෙයි...හාමුදුරුවන්ටත් හරි වෙහෙසයි...

මේසෙ උඩ තිබ්බ ජින්ජර් බියර් බෝතලේ ගත්ත හාමුදුරුවො උඩ බලලා ලොකු උගුරක් කටට හලාගෙන වැළඳුවෙ තිබාසෙ නිසාමයි...

අප්පට සිරි...හාමුදුරුවන්ගෙ බඩ පපුව දවාගෙන ජින්ජර් බියර් ගලාගියා...දැන් මොනව කරන්නද...

ටිකකින් හාමුදුරුවන්ගෙ තට්ටෙන් දාඩිය මුගුරු හෝ ගාල මතුවෙන්න ගත්තා...ඔය වෙලාවෙම කතාව අහවර කරපු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇවිත් හාමුදුරුවො ළඟ වාඩිවුණා...

වේසිගෙ පුතා...තෝ මගෙ සීලෙ කෑව යකෝ...

හාමුදුරුවො මානවසිංහයන්ගෙ කණට කරල වැදෑරුවා...

ඔය වයඹ පළාතෙ පොල්වතු කුඹුරු ඉඩම් අධිරාජ්‍යයක්ම අයිති මුදලිතුමෙක් පළාතටම අධිපතියා වගේ බොහොම ජයට ජීවත්වුණා...

දවසක්දා දවාලෙ මුදලිතුමා දවල් බත එහෙම සප්පායම් වෙලා බොහොම ප්‍රීතියෙන් කළු 
සුරුට්ටුවකුත් පත්තු කරගෙන බඩත් අතගගා මිදුලෙ ඇවිදින ගමන් හිතේ සතුටට කවි පදයක් කියවුණා...

කනදෑ    අඳිනදෑ...

ඔයවෙලාවෙ හොඳටම කසිප්පු බීල වැඩිවෙලා මුදලි වලව්ව ඉස්සරහ කාණුවෙ වැටිල හිටපු පොල් කඩන සිට්ටියාට  මේ කවි පදේ ඇහුණා...පොල් කැඩුවට බොහොම හොඳ රසවතෙක් වෙච්චි සිට්ටියට ඊළඟ පදේ නිකම්ම කියවුණා...

බොනදෑ    විතර හොඳදෑ...

මොකාද බොලේ මාත් එක්ක කවි කියන්නෙ කියල මුදලි තුමා බැලුවා...

කවුද ඒ උන්දෑ...

සිට්ටියගෙ කටටත් බ්‍රේක් නෑනෙ...අන්තිම පදේ කිව්වා...

මොටද හිරයක් දෙන්ටවත්දෑ...

ඔන්න ඔය විදියට තවත් ලස්සන කවියක් කවි සාහිත්‍යයට එකතුවුණා...

කනදෑ අඳිනදෑ
බොනදෑ විතර හොඳදෑ
කවුද ඒ උන්දෑ
මොටද හිරයක් දෙන්ටවත්දෑ

ඉන්දියාවේ ඉන්න මගෙ  යාළුවා අසෝකන් දවසක් අපේ ගෙදර ආවා...අපේ ගෙදර කිව්වේ ලංකාවේ ගෙදර, ඒ එක අලුත් අවුරුද්දක ...

ලංකාවට ඇවිදින් මට කතාකරපුවම  අප්‍රේල් පහළොස්වෙනිදා නැවතිලා යන්නත් එක්ක වරෙන් කියල මම කිව්වා...

කියපු විදියටම පහළොස්වෙනිදා උදේම මූ අපේ ගෙදර ආවා...

අසෝකන් සාමාන්‍යයෙන් උදේට කෑම කන්නෙ නෑ...ඔය මොනවා හරි පෘට් ජූස් ටිකක් බීලා නිකං ඉන්නව ...

හැබැයි දවල්ට ඒකටත් එක්ක හරියන්න සුප්,සලාද,මස්,මාළු එක්ක ජයටම කෑම කනවා...

අපේ ගෙදරත් එදා අසෝකන්ට දවල් කෑම ජයටම ලෑස්ති කරලා තිබ්බා...බොන්නත් ඕනෑ කියපු නිසා බෝතලේකුත් දුන්නා...

බෝතලෙත් ගහල බිම වාඩිවෙලා කෙහෙල් කොළේට බත් මාළුපිණි බෙදාගෙන නියම දකුණු ඉන්දියානු ක්‍රමයට අපි දෙන්න එදා දවල් කෑම කෑවා...
 එදා අපේ පිට්ටනියේ අවුරුදු සංගීත ප්‍රසංගය...ඒක බලන්න යන්න කලිනුත් අසෝකන්ට බොන්න ඕනෑවුනා...

සංගීතෙට ගිහිල්ල අපි සින්දු අහනවා ස්ටේජ් එක ඉස්සරහ කොල්ලෝ කෙල්ලෝ මෙලෝ සිහියක් නැතුව නටනවා...

ටිකකින් අසෝකනුත් නටන උන් මැදට පැනල නටන්න ගත්තා...

අසෝකන් හතර අතට ඇඹරෙමින් නටන්නේ කැපිච්චි පණුව වගේ ...නටනවා විතරක් නෙවෙයි මූ පොළොවේ පස් කනවා...

නට නටා හිටපු කොල්ලන්ට මූව හොඳට අල්ලල ගියා...උන් සැරෙන් සැරේ අසෝකන්ව ස්ටේජ් එක පිටිපස්සට එක්ක යනවා මං බලාගෙන හිටියේ...

පාන්දර තුනට විතර මම මූට ගෙදර යන්න කතාකලා...

 ඔයා යන්න මම එන්නං...
 

මට ඉතිං හොඳ කුණුහරුප මතක්වුණා...බොහොම අමාරුවෙන් ගෙදර ඇදං ඇවිත් නිදිකෙරෙව්වා...
 

පහුවදා කොහොමත් ඇහැරෙන්න ප්‍රමාද වෙනවනෙ...උදේ නැගිටල තේ එකකුත් හදාගෙන ගියාම මූ ඇඳේ මුල්ලක තුංකුදු ගැහිල වකුටුවෙලා ඉන්නව...
 

මොකද බං...
 

බොඩි ඔක්කොම පේනිං අප්පා...
 

දැනුත් ඉතිං ඌව බයිට් එකට ගන්න ඕනැවුනාම මම ඉන්දියාවට කතාකරනවා.





77 comments:

  1. මාත් කිරිපිටි නවත්තලා උදේට පළතුරු ජූස් බොන්න පටන් ගත්තා. සෑහෙන වෙනසක් ඇඟට දැනෙනවා. ඕක කලින්ම අපේ ඇල් කියලා තිබුනා. සුද්දොත් එක්ක සෆාරි යනකොට කැළේ මැද්දෙදි සෆාරි ජීප් කාරයෝ පොඩි ඩ්‍රින්ක් එකක් දෙනවා සුද්දෝ ඉල්ල ඉල්ල බොන්නේ. මොනවද දන්නවද. ගල් අරක්කුයි ස්මැක් ෆෘට් ජූස් එකයි කලවම් කරලා ඒකට අන්නාසි පොඩියට කපලා දාලා. අපි කියන්නේ ගල් කොක්ටේල් එක කියලා. මාත් ගෙදර ඇවිත් හදලා බැලුවා නැගලා යනවා. මම එහෙම බොන්න ආස උනාට සෙට් වෙන උන් කැමති නෑනේ. ඉතින් ඉඳලා හිටලා තමයි එහෙම ගහන්නේ. මේ ටිකේ ඒ කොක්ටේල් එක නැගලම යනවා. කෙල්ලෝ ටික වීදූරු ලෙවකනවා.

    ප්‍රේමදාසගේ කතාව නම් අහලා තිබුනට අනිත් කතා අහලා තිබුනේ නෑ. කාරියකරවන වගේම තමයි පුතත්. මුදිත. සමහර විට හැලපෙත් දන්නවා ඇති. තාත්තා වගේම රස ගුලාවක් තමයි ඉතින්. ඔය සංගීත සංදර්ශනවල නටන ලෙඩේ මටත් තියෙනවා. ඉස්සර බ්‍රාන්ච් විසිට් ගිහින් එනකොට සංගීතයක් තිබුනොත් නවත්තලා නටලා එලිවෙලා තමයි එන්නේ. සංගීත කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක් අඳුනන හින්දා, සමහර වෙලාවට ස්ටේජ් එක පිටිපස්සෙත් අනුමත වෙනවා. හුඟ කාලේකින් නැටුවේ නෑ. සුද්දොත් එක්ක යනකොට නවත්තන්න විදියක් නෑනේ. මොනවා කරන්න ඇඟ නලියනවා. හූල්ලලා යන්න යනවා.

    ReplyDelete
    Replies
    1. fruit juice ඉඳලා හිටලා බිව්වට නිතරම බොන්න එපා.( පුරුද්දක් හැටියට ) 5 Foods To NEVER Eat

      Delete
    2. උඹ කියල තියෙන හැටියට ඒ ගල් කොක්ටේල් එක බීල බලන්න ආසාවක් ඇතිවුණා...කොළඹ ආවට පස්සෙ සංගීතයක් හොයාගෙන ගිහිං ඇතිවෙනකන් නටන එකයි තියෙන්නෙ.

      Delete
    3. අනුපානේ එහෙම කොහොමද දන්නේ නෑ නේ ?

      Delete
    4. මාත් බොන්න ඕන

      Delete
  2. හි හි හි .... අන්තිමට ඔක්කොම අසෝකාගේ පිටින් යැව්වා නේද..... අවුරුදු උත්සවේ කට්ටිය ඉන්නවනම් කියපිය එදා සරින් සැරේ ස්ටේජ් එක පිටිපස්සට ගියේ අසොකද හලපද කියල

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා බං මම ගියෙ සැරයක් දෙසැරයක් විතරයි.

      Delete
  3. මේවත් මරු කතා තමයි.

    ReplyDelete
  4. අශෝකන් හැලපයාද හැලපයා අශෝකන්ද ම්....

    ReplyDelete
    Replies
    1. මොකෝ වැව්,නිකං කරකෝල අතඇරල වගේ.

      Delete
  5. අමද්‍යප ව්‍යාපාර විතරක් නෙවෙයි ඔය කොයි ව්‍යාපාරෙත් ඔ‌ෙහාම තමයි... මෙදා බඩු ගන්න කඩේට ගියාම මනුස්සයෙක් බැන බැන යනවා “ ඔය ඇන්කර් වල ඇති විසක් නෑ, ආණ්ඩුවෙ පිටිඑක නග්ගගන්න කොරන මඟුලක් ඔය ..” කියල... හැබෑට මෙච්චර කාලෙකට මං දැකලවත් තිබ්බෙ නැති පැලවත්ත කියලා පිටි ජාතියකුත් තිබ්බ තමයි කඩේ... හි හි

    මාතලන් කිව්ව වගේ ෆෘට් ජූස් වලට මාරු වෙන්න මගෙත් හෙන කැමැත්තක් තියෙනව... ඒත් අපේ මහත්තය තේ බාස්... පැයෙන් පැයට තේ ඕනෙ ගෙදර ඉන්න දවසට... ඉතිං මට ෆෘට් ජූසුයි එයාට තේයි හදන්න බැරි නිසා මාත් තේම බොනව...

    ReplyDelete
    Replies
    1. හිරූ මමනං ඔය කිරිපිටි කියන දෙයින් දන්න කාලෙක ඉඳල ඈත්වෙලයි ඉන්නෙ.
      පැලවත්ත කිරිපිටි සෑහෙන කාලයක ඉඳල වෙළඳපොළේ තියන කිරි වර්ගයක්...නමුත් ඇන්කර් කියන දැවැන්ත හෙවනැල්ල මුලු ලංකාවෙම කිරිපිටි වෙළඳපොළ වසාගෙන තිබුණු නිසා වෙන කිරිවර්ග වලට අඳුරෙන් එළියට එන්න බැරිවුණා.
      මේ ළඟදි මම දැක්කා පත්තරේක සාකච්ඡාවකදි පැලවත්ත කිරිපිටි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහත්තය කියල තිබුණා 100%ක් දේශීයව නිෂ්පාදනය කරන පැලවත්ත කිරිවල ඩී වී ඩී හෝ වී සී ඩී වැනි විශබීජ කිසිවක් නැතිනිසා බය නැතිව බොන්න පුළුවන් කියල.

      Delete
  6. අර හාමුදුරුවො ඊට පස්සෙ අමද්‍යපෙන් අයින් වෙලා මද්‍යප සංගමේකට බැඳෙන්න ඇති මයෙ හිතේ..අර මක්කා වෙලාද අයියා අමද්‍යප උනේ ??? ලංකාවට ආපු දොහක හම්බු උනොත් ෆැන්ටද බොන්නෙ එතකොට ???

    ReplyDelete
    Replies
    1. බීලා බීලා කැවුතු දියවෙලා . ගඩ්ඩටත් කෙවෙලා . වලගංපිටි යන්න ඔන්න මෙන්න . ලාස්ට් වෝනින්ග් එක එවලා පීකුද්දෙං , මූණ දෙපැත්ත ඉදුම්මුවලා . ගල් චුට්ටක් බොන්ඩ බැරි පව්කාරකමක් එක්ක මොන රෙද්දට ආවද මන්දා ගිය මාසේ ලංකාවට වෙනියෝ

      Delete
    2. අප්පට හුඩු විග්‍රහය

      Delete
    3. අටමා ගැනත් අපිට ඔයම විග්‍රහය කරන්න වෙන දවස වැඩි ඈත නොවෙයි මයෙ හිතේ...බොලා බොන විදිය ගැන බොලා සහ අනුන් කියන දේවල් 100%ක්ම විශ්වාස කලොත්..ඇහැට නොදැක විශ්වාස නොකරන හින්දා මම නම් විශ්වාස කොරන්නෙ නෑ..

      Delete
    4. දවසකට දෙසීයක් දැම්මට කමක් නැ කියලා කවුද මන්දා කියුවා

      Delete
    5. අමද්‍යප වුණේ වෛද්‍ය උපදෙස් මතයි වෙනී මල්ලි...මේ මාසෙ අන්තිමට කෙරෙන පරීක්ෂණ වලින් පසුව නැවත සුපුරුදු රිද්මයට පැමිණෙන්නට සිතා සිටින නිසා ලංකාවට පැමිණි පසු කෙරෙන හමුවීම ගැන දුක් නොවන්න.
      ඔය අටම කියල තියෙන දේවල්වල තාරබර අයින් කරල ගන්න.

      Delete
    6. @අටම්
      උඹ ගහන්නෙ 200x5 නෙ.

      Delete
    7. තාර බර ඇරලා ගත්තත් අටමා කියන එකේ යම් ඇත්තක් තියෙනවා නම් බීම නවත්තන එකයි හොඳ හැලපේ.

      රා බිව්වම ගඳ හන්දා වෙන්නැති ඒකට කොක්ක ඇද්දේ. :D

      Delete
    8. ඇයි අරක්කු සුවඳයිද ඩුඩෝ.

      Delete
  7. අර හාමුදුරුවොනං ඊට පස්සෙ දවස ගානෙ ජින්ජර් බියර් බොන්න ඇති.
    සැරින් සැරේ අසෝකන් ස්ටේජ් එක පිටිපස්සට යන‍කොට හැලපෙ අයියත් නිකං ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මානවසිංහයන්ට හාමුදුරුවො පස්සෙ දවසක කිව්වලු පන්සල පැත්තෙ ඇවිදින් යන්න එන්න මහත්තයො කියල.

      Delete
  8. මිස්ට හැලප්ස්..රස කතා සෙට් එක.මටත් මානවසිංහ මහත්තයට උනා වගේම වැඩක් උනා.පන්සලක අවුරුදු උත්සවයක් තිබුනා එලියේ ග්‍රවුන්ඩ් එකක.දන්නවනේ ඕවට ගියාම මර කම්මැලියි පන්සල්වල වැඩනේ.මම ඕවට යනකොට පොඩි හිස් වතුර බෝතලයකට් නීට් වොඩ්කා එකක් පුරෝගෙන යනවා.ඕක මම සාක්කුවේ දාගෙන වැඩේ කරගෙන යනවා. හාමුදුරුවෝ එහාට මෙහාට යනගමන් මාව දැකලා මහත්තයෝ කියලා කයියට ආවා.ඉන්න ගමන් වතුර බෝතලේ ඉල්ලුවා එයාගේ එක කාර් එකේ කියලා.මම කිව්වා ඉන්න මම වෙන එකක් ගෙනත් දෙන්නම් කියලා.මෙයා කියනව දත් මැදලා ඉන්නේ,කට තියලා බොන් නැහලු.මම තවත් හොල්මන්.මිනිහා මගේ යාලුවා.මම කන බොන බුවා කියලත් දන්නවා.මම ඇත්ත කිව්වා.මෙන්න මිනිහා කියනවා"ඇයි මහත්තයෝ ෂැන්ඩි ටිකක් නොදන් ආවේ"කියල.මෑතකදි සිවුරු හැරලා කසාද බැන්දා ප්‍රසිද්ධ කෙනෙක්ව.
    ප.ලි.
    ගුවන් විදුලි රසකතා නැද්ද?

    ReplyDelete
    Replies
    1. පට්ට එකතු කිරීම බං

      Delete
    2. එසේ නම් ඔබත් එංගලන්තයේ ලෙට්ච්වර්ත් බෞද්ධ විහාරයේ දායකයෙක් වගේ.

      මේ කියන්නේ නහල්ලේ රාහුල හිමියන් ගැන වෙන්නැති මයේ හිතේ.

      Delete
    3. @The Modern Patriot
      මගේ අත්දැකීමට අදාල සිද්ධිය මෙය නොවේ.සිවුරු හැර විවාහවීම ඔහු සතු අයිතියකි.පෞද්ගලික පහරදීම්වලට මා එකඟ නැත.

      Delete
    4. අරූ,මමත් ඔබේ කමෙන්ටුව දැක්ක ගමන්ම හිතුවෙ පේට්‍රියට් හිතපු දේම තමයි.

      Delete
    5. යේආ. මටත් මතක් උනේ පේට්‍රියට් කිව්ව මෑන්. අපේ අක්ක කෙනෙක් ඉන්නව එංගලන්තෙ. එයා ලඟදි කියනව අපි එයාට දානෙත් දුන්න කියල!

      Delete
  9. අපොයි ඔව් ඔය අම්ද්‍යප වෑඩ ඔහොමම තමයි.අපෙ ගම කිට්ටුවත් දෑන් අවුරුදු 10 ට විතර ඉස්සර බාර් එකක් දාන්න හදල එකට විරුද්දව කට්ටිය බෑහෑල වෑඩකරා.සියලු බරපෑන දෑරුවෙ කස්සිපු මුද්ලාලිල තමයි.හෑබෑයි බර් කාරයත් ඈරියෙ නෑ ජනතාසුව පිනිස කියල පිරිත් කියලම බාර් එක දෑම්ම

    ReplyDelete
    Replies
    1. අන්න නියම බාර්කාරයො...ඊට වඩා හොඳ පිරිත් කියන්න ආපු හාමුදුරුවරු...ඕකනෙ කියන්නෙ දමිත් සල්ලි දැක්කම ගල් පිළිමත් කතා කරනව කියල.

      Delete
  10. හාංදුරුවන්ට එහෙම බීලා පුරුදු නැතුව ඇති...
    ඒගොල්ලෝ ඉතිං කොප්පරානේ කන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔය කොප්පරා කෑවෙ ඒ කාලෙ තරියො...දැන් ගාණක් නෑ හොඳට ගහනව ලැබුණොත්.

      Delete
  11. අද දවසම කට්ටිය බොන කතා...:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි දැන් වැඩිපුර කතාකරන්නෙත් නෑ...ඔලුව දාල බලල යනව විතරයි...වැඩ වැඩි ඇති.

      Delete
  12. ඩී එෆ් කාරියකරවනගේ පොතක් තියනවා දශක සතක මතක කියලා අන්න කියවන්න පොත් ඉළ ඇදෙනව හිනා වෙලා එයාගේ ජීවිත කථාව ඒකෙ තියන්නෙ. ප්‍රේමදාස ලොක්කා ගැන තරම් කථා නැතුව ඇති කාටවත්. අශෝකන් මාර බුවෙක්නෙ.
    කාඅරි මහත්යාගේ පොත් වගේමයි ගුලුගේ පොතුත්. ගුලිගේ පොතක් තියනවා මල්ලිගේ විත්ති කියලා. මම දිනක් බොහෝ කලකට කලින් මාතර සිට කෝච්චියේ එන ගමන් මේ පොත කියෙව්වා. ඒක තමයි වැඩේ. ඔන්න කියවනවා. තනියම හිනා වෙනවා. වටේ පිටේ ඉන්න ඈයෝ මගේ මුහුණ බලනව. ටිකකින් මිනිස්සු මගේ දිහා බල බල හිනා එනවා.

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ විත්ති පොත මං ගාව තිබ්බා... හයියෝ මතක් වෙනකොටත් හිනායනව තාමත්... හි හි... පස්සෙ මොකෙක්හරි උස්සන් ගිහින්.. දැන් ආයිත් ගන්න හොයනව.. තාම බැරිඋනා...

      ඒ වගේම තව පොතක් තියෙනව පස්වෙනියත් පුතෙක් කියල.. ලිව්වෙ කවුද කියල නං මතක නෑ.. හැබැයි ඒකෙ පොත් දෙකක් තියෙනවා වගෙ මතක... ‌පොඩි කාලේ ගැන එකයි කැම්පස් කාලේ ගැන එකයි.. මං කැම්පස් කාලේ කතාව කියෝල නෑ...

      Delete
    2. දශක සතක මතක පොත මගෙළඟ තියෙනව වෙදමහත්තයො...හැබැයි මල්ලිගෙ විත්ති පොත නං නෑ...ඒක කඩවලත් දැන් නෑ...ඔය ගුලිගෙ පොත් විකිණිල්ල දැන් කරන්නෙ එයාගෙ එක පුතෙක් වෙච්චි වජිර ලියනගේ...එයත් අලුතෙන් ගහන්නෙ නෑ තිබ්බ පරණ ඒව විකුණනවා...මම ගුලිගෙ ජීවිත කතාව දිවලකඩ ගුණදාස එයාගෙන් ගත්තා...අපොයි හෙන පරණ කෑලි ගැලවෙන පොතක් එවල තිබ්බෙ මුල් මුද්‍රණයෙ එකක්.

      Delete
    3. මටත් ඔය වෑඩෙ උනා මල්ලිගෙ විත්ති පොත් ලියිබ්‍රි එකෙ ඉදන් කියවන්න ගිහින්

      Delete
  13. හැලපයියගෙ කතා නං මාරයි. මූණ ආයෙත් වෙනස් කරපු එකත් හොඳයි තමා. කලින් මහින්ද උන්නැහැ වගේ පොටෝ එකක් නෙ තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ ඩ්‍රැකියො,හැම එකාම ඔය කතාව කියන්න ගත්තනෙ...මට ඊට වැඩියෙ විළිළජ්ජාවක් නෑ බං...ඔන්න ඔය ගිය සතියෙ පවුල ගත්ත පින්තූරයක් දැම්මා.

      Delete
  14. කාරියකරවන ගේ පෑන ආපහු දුන්නාද?

    ReplyDelete
    Replies
    1. අපොයි කකාට ඒ කතාවත් මතකයි එහෙනං...ඔව් ඔව් ඒ ගණුදෙනුව ඒ දවස්වලම බේරගත්තා කකා.

      Delete
  15. අපේ ඉස්කෝලේ අමද්‍යප සංගමේ හිටපු එවුන් ඔක්කොම දැන සෙට් වුනාම පැලෙන්න බොනවා. ඒ දවස් වල හොරෙන් බාබුල් කෑවා. ඒ දවස්වල අමද්‍යප එවුන්ට කෝචොක් දදා ගල් බෝතලේ නවපු එවුන් දැන් අසපුවල බණ අහනවා. වැඩිම වුනොත් බුලත් විට විතරයි.

    ReplyDelete
    Replies
    1. කාලය මැව් වෙනස...ඒ කතාවනං සහතික ඇත්ත පේට්‍රියට්...ඉස්සර අපිත් එක්ක කණ පාත්වෙන්න බීපු උං දැන් සිල් ගන්නවා.

      Delete
  16. හැලපයියේ ඉතින් ඔය නට,නටා හිටපු කොල්ලෝ ඔය අසෝකන්ව ස්ටේජ් එක පිටිපස්සට එක්ක ගිහින් පොරට කරදරයක් එහෙම කරලා තිබුනේ නැතයි...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මනෝජ්...ඕකා කැහැටුයි හිකනලා වගේ.කකුල් එහෙම කෝටු වාගෙ...කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.

      Delete
  17. >>වේසිගෙ පුතා...තෝ මගෙ සීලෙ කෑව යකෝ...<<
    >>බොඩි ඔක්කොම පේනිං අප්පා...<<
    හිනා වෙලා පන ගියා අප්පා.
    නියම කතා ටික.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි...තව බොන කතා දෙක තුනක් ලියන්න තිබුණා කොහෙද කම්මැලිමට කෙටියෙන් නැවැත්තුවා.

      Delete
  18. අර මානවසිංහයන්ගේ කතාවේ අලුත් වර්ෂන් එක දන්නවද ...?
    "ඔන්න මානවසිංහ කිව්වලු මම නම් බොන්නේ නෑ කියලා... එතකොට අනිත් අය කිව්වලු එහෙනං අපි ජින්ජර් බියර් බෝතලයක් වත් දෙන්නම් කියාලා ,
    ඔන්න එදා හිටියේ ඥාණසාර හාමුදුරුවොලු, හාමුදුරුවෝ හිතුවලු අරූ අදත් අරක්කු දාලා තමයි ජින්ජර් බියර් බෝතලේ ගෙනත් තියෙන්නේ කියලා , ගැහුවලු ෂොට් එකක් බලද්දී ඇත්තටම ජින්ජර් බියර්ලු, මානවසිංහ වාඩිවෙච්ච ගමන්ම ඇහුවලු
    "ඈ බොල වේසිගෙ පුතෝ තෝ මොකද යකෝ අරකට අරක්කු ටිකක් නොදා ඇත්තටම ජින්ජර් බියර් බිව්වේ...?"

    ReplyDelete
    Replies
    1. අලුත් වර්ෂන් එක නං සුපිරියි ඉවාන් පුතා...උඹ ඉතින් කොහොමත් තරුණ නිර්මාණකරුවෙක්නෙ...නිර්මාණය තුල ප්‍රතිභාව වෑහෙනවා.

      Delete
  19. අඩේ මම හොද එකෙන් දාගෙන ඇවිත් ඊයේ රෑ දෙක තුනක්ම මේකට කෙටුවා. එකක් වත් ඇවිල්ල නෑ.. බිව්වම ප්‍රතිචාර “භක්ෂණය“ වෙනවද බොල.. මම අහන්න හිටියේ උඹ ඒ කාලේ ප්‍රේමදාස ලොක්කටත් හැලප ටිකක් ගිල්ලල තියෙන හැඩයි..

    ReplyDelete
    Replies
    1. ඔහෙ නෑ බං...මම ස්පෑම් එකෙත් බැලුවා.වෙරි මරගාතෙ වෙන බ්ලොගේකට කොටන්න ඇති ෂුවර් එකටම...එහෙනං දැන් ඔය අගේට ඇවිත් තියෙන්නෙ.

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. හැලපතුමනි,මෙතන හාමුදුරුවන්ගේ සිල් කැඩීමක් වෙන්නෙ නෑ.හාමුදුරුවන්ට සුරා පානය කිරීමේ අරමුණක් නොතිබුන නිසා.
    කතා ටික නම් පංකාදුයි!

    ReplyDelete
    Replies
    1. ඔව්... හාමුදුරුවන්ගේ සිල් කැඩුනේ හාමුදුරුවෝ වදාල වචන හින්දා නේද..??
      හැලපේ, නියම කතා ටික... :)

      Delete
    2. ඔය දේපොළ තරං භික්ෂු විනය ගැන මං දන්නේ නෑනෙ,එහෙනං බීපු එක හරි ඇති.

      Delete
  22. පස්ට... අද තමා ඉස් ඉස්සෙල්ලම මේ පැත්තෙ ආවෙ. අර ෆස්ට් ඉම්ප්‍රෙශන් ද මොකද්ද එක නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. එහෙමනං කමක් නෑ,උකුස්සා මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා

      Delete
  23. අපූරු කතා ටික .. ප්‍රේමදාස උන්නැහැගෙ මයිනර් එක ගැන අහලා තිබුනෙ දුප්පත් ඡන්ද දායකයො සල්ලි එකතු කරලා අරන් දීපු එකක් කියලා. ඇත්ත දැනගත්තෙ අද ..

    ReplyDelete
  24. අර ආදර්ශයෙන්ම උපදෙස් දුන්න චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කතාව පට්ට.. මට අර හාමුදුරුවෝ මැවිලා පේනවා කනට කියලා වදාරපු හැටි. ගිලන් පස පිළිගන්වන්න කලින් පැනල පිලිගත්තට එක්කෝ හොඳ වැඩේ

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන්ටත් හොඳටම කට් නිසා තමයි පිලිගන්වන්නත් කලින් ජින්ජර් බියර් වලඳල තියෙන්නෙ.

      Delete
  25. මරු කතා ටික. අර කවියෙ නිධාන කතාවත් අහ ගත්ත මේකෙන්.

    ReplyDelete
  26. අර මුදලිතුමා කියපු කවියට තවත් කවියක් තියනවා නේද හැලපේ. "තෝ කොයිබ මගියා" කියලා පටන් ගන්නේ. කලින් නම් මට පද 4ම මතක් තිබ්බා. කතාවත් පොඩ්ඩක් වෙනස් විදිහටයි මට මතක.

    අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ බෝතලයක් ගන්න සල්ලි නැති උනාම "සුදා" තමයි ගෙන්න ගන්නේ. හැබයි ඕක මොඩිෆයි කරලා හොඳ වර්ගේ
    බෝතලේකට එහෙම දාල තමයි ගහන්නේ. නැත්තං වසලා හමාරයි මොකද මා ඔයේ නාන පොට් එකේ ඔය වගේ සෙට් කීපයක් හැම වෙලාවේම ඉන්න හින්දා.
    ඔන්න රෙසිපිය
    සුදුවා ඉස්පිරිතු බෝතලයකට කොකා කොලා 300ml බෝතල් එකයි. කුරුඳු පොතු ස්වල්පයක්,එනසහල් ගෙඩියක්, කරාඹු නැටි කීපයක්, කරපිංචා කොළ කීපයක්. කුඩා පිරිසිදු රෙදි කැබැල්ලක්, සීනි තේ හැඳි බාගයක්.

    සිනි,කොකාකෝලා, සුදුවා හැර අනිත් සියල්ල හොඳින් තලා ගන්න. තලාගත් මිශ්‍රණය පිරිසිදු රෙදි කැබැල්ලේ පොට්ටනියක් ලෙස ගැට ගසා සුදුවා බෝතලයට දමන්න. විනාඩි කිහිපයකින් සිනි ටිකද එකතු කර අවශය් ස්ථානයට රැගෙන යන්න. බීමට් පෙර කොක් බෝතලයම සම්පුර්ණයෙන් මිශ්‍ර කරන්න. ශේහ් ..බ්‍රැන්ඩි කැලේ...හැබයි පුතෝ මතක ඇතිව ඉස්පිරිතු ගන්න ඕන. ඔය කියන කාලේ ලාබම අරක්කු එක තමයි ගල්ඔය අරක්කු බෝතලයක් රු 95 යි. ඉසේරදේ හැදෙන්න දෙයියා ඕවා බොනවට වැඩිය අපේ සුදා අපිට හොඳා

    ReplyDelete
    Replies
    1. ටොප් රෙසිපිය නොවැ අත්හදා බලන්න ඕනෑ වෙලාවක.
      ඔබගේ ප්‍රථම ආගමනය නේද ආදරයෙන් පිළිගන්නවා

      Delete
  27. අනේ ඔය බොන කතාවලට අපි නෑ.. අනුමත වෙන එක නම් ඉතින් වෙනම එකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොන්නෙ නැතිව අනුමත වුනාට ප්‍රශ්නයක් නෑ.

      Delete
  28. අඩේ මරු කතා ටික.
    බීම ගැන කිව්වොත් ඉතිං අපි ඕවට නෑ නෙව!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රාජ් කිව්වොත් ඉතිං අමද්‍යප සටනේ පතාක යෝධයෙක් කියල අපි නොදන්නවයි.

      Delete
  29. බොන එකෙකුට අමද්‍යප රැස්වීමකට කතා කරන්න අර සංවිදායකයට හොල්මන්ද ඈ ? හාමුදුරුවො දැනගන්න ඇති උන්ගෙ අමද්‍යප කෙරුවාවෙ රඟ..බීම වගේම අමද්‍යප ව්‍යාපාරත් ලෝකෙ තියනකම්ම තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඕකත් එකම කාසියෙ දෙපැත්ත වගේනේ සෙන්නෝ,එකෙකුට වැඩ පෙන්නන්න තවත් එකෙකුගේ වැරැද්දක් ඕනෑමයි.

      Delete
  30. Replies
    1. ආ ආවද,හෆොයි නහය වහගෙන තමා ඉන්න වෙන්නේ ආයෙමත්.

      Delete

ඔබේ අදහස්