Friday, August 9, 2013

79. ජිනාගෙ බාබර් සාප්පුව සහ තවත් කතා



  අද ඊඩ්...අපට නිවාඩු මේ රටේ ඊඩ්වලට සතියක් නිවාඩු...නිවාඩු දවසෙ මම හිතාන හිටියෙ කොණ්ඩෙ කපාගන්න,උදේ දහයට විතර එළියට බැහැල බලපුවාම බාබර් සාප්පු තියා ටොපියක් ගන්න කඩයක් නෑ ඔක්කොම වහල...මම එහෙම්මම ආපහු ආවා.

බාබර් සාප්පු කිව්වම මට පරණ කතාවක් මතක් වුණා...අපි පොඩිකාලෙ කොණ්ඩෙ කැපුවෙ ටවුමෙ නිව් සිටි සැලුන් එකෙන්...මම විතරක් නෙවෙයි අපේ සීයා,තාත්තා ආදී පරම්පරාවම කොණ්ඩෙ කපාගත්තෙ ඔතනින්...දැනට ටවුමෙ තියෙන පරණම සැලුන් එක...මමත් පොඩිකාලෙ අර උස පුටුවෙ ඉන්දවල කොණ්ඩෙ කපපු දවස්වල ඉඳල තව අද වෙනතුරුත් කොණ්ඩෙ කපන්නෙ එතනින්ම තමයි.

හැබැයි ඉස්සර වගේ සමෘද්ධියක් දැන් නෑ අයසට ගිහිං...සැලුන් එකේ ඉස්සරහ කෑල්ල පාරට කැඩිල,කොටසක් බේකරි නිෂ්පාදන කඩේකට ගිහින්...ඉස්සර පුටු හතර පහක් තියාගෙන කැපුව සැලුන් එකේ අද පුටු දෙකයි ඒවත් ඒ කාලෙ ඉඳලම තියෙන පුටු...දැන් බලන්න දුක්ඛදායක තත්වයක තියෙන්නෙ.

ඒ කාලෙ එහෙමද බොහොම ලස්සනට පිළිවෙලට තියාගෙන හිටියෙ පින්තූර එහෙම ගහල...මට හොඳට මතකයි ඇඩම් සහ ඊව් තහනම් ගහේ ගෙඩිකන දර්ශනය බිත්තියෙ එල්ලල තිබුණා.
මට මතක කාලෙ ඉඳල අද වෙනකල්ම ඔය සැලුන් එකේ නොකඩවා කොණ්ඩෙ කපන්නෙ ජිනදාස බාසුන්නැහැ...වයසක මනුස්සයට නිකම්ම නම කියන්න බැරි නිසා බාසුන්නැහැ කියනව...අපි ආදරේට කියන නම ජිනා,අද ඔය ටවුමෙ ජීවත්වෙලා ඉන්න අයගෙන් අපේ සීයව දන්න එකම එක්කෙනා ජිනා තමයි මම හිතන්නෙ.

ඒ කාලෙ ජිනාගෙ සහායකය හැටියට හිටියෙ අගෝරිස්...මම කොණ්ඩෙ කපන්න ඉඳගත්තම ඔය පරණ කතා ඔක්කොම ජිනාගෙන් අහනව...

ඇත්තටම  මහත්තයො රාළහාමිට හිටපු මීහරක් කන්දරාව...හැබෑටම උං ටික කෝ දැන්...
 

අනේ මන්දන්නෑ බාසුන්නැහැ කවුරු කවුරු හරි ගෙනියන්න නැතෑ...මම විතරයි ඉතුරුවුණේ...
 

ආ ඒකත් එහෙමද...

බාසුන්නැහැට මතකද මෙතන ගහල තිබුණ පින්තූරෙ...අර සර්පයෙක් ඇපල් ගෙඩියක් කටින් අරගෙන ගහක එතිල ඉන්නකොට හෙලුබැල්ලෙන් ඉන්න ගෑණියක් ඒ ඇපල් ගෙඩිය ගන්න හදන්නෙ, කෝ ඒ පින්තූරෙ...(ඇඩම් ඇන්ඩ් ඊව් කිව්වට ජිනා දන්න එකක්යැ )

අපොයි මොකද මතක නැත්තෙ...ඔය පින්තූරෙ ඒ දවස්වල ඉඳන් කීදෙනෙක් නං ඉල්ලුවද...පස්සෙ මහත්තයල ගලවගෙන ගියා...

බාසුන්නැහැගෙ ඉස්සර හිටපු ගෝලය කෝ දැන්...කවුද මට නම මතක නෑ...

කවුද අගෝරිස්ද...අපොයි මිනිහ මළානෙ...දැන් අවුරුදු විස්සකටත් වැඩි ඇති...

පහුගිය සැරේ ලංකාවට යනකොට ජිනාගෙන් පරණ කතා අහගන්න ඕනැ නිසා මම කොණ්ඩෙත් හොඳටම වවාගෙන ගියෙ...

අපිව පොඩිකාලෙ උස්සල තියල කොණ්ඩෙ කපපු පුටුව තාම තියෙනව...

ඒ දවස්වල රාළහාමිත් එක්ක කොණ්ඩෙ කපන්න ආපුවාම කෑගහන කෑගැහිල්ල...

හැබෑටම වේදනාව දැනෙන මනුස්සයෙක් කෑ නොගහ ඉඳීද...ඒ දවස්වල කොණ්ඩෙ කැපුවෙ අර කට කට ගාල අතින් වැඩකරවන මැෂින්වලින්නෙ...ඔලුව පිටිපස්සෙ කොණ්ඩෙ කපාගෙන ගිහිල්ල උඩට එනකොට ගස්සල අහකට ගන්නව...මැසිමට අහුවෙල තියෙන කොණ්ඩගස් ඔක්කොම ගැලවෙනකොට හුජ්ජ යන තරමට වේදනාව...අඬල නිකං හිටිය ඇති...ජිනා ඕව දන්නවයැ.

ඔලුව වටේ දැළි පිහියෙන් ගානවා...පැත්තක එල්ලල තියෙන හම් පටියෙ අතුල්ලල අතුල්ලල දැළිපිහිය ළෙව්ව වගේ මුවාත තියාගෙන එනකොට ඊට වැඩියෙ බයයි...ඔලුව උඩහරිය ඉතුරුවෙන්න වටේම කොණ්ඩෙ ගාපුහාම හරියට නෑඹිලියක් ඔලුවෙ නැමුව වගේමයි...ඔය නෑඹිළි කට් එක කපාගෙන අපිත් ගෙදර එනව.

දන්න කාලෙක ඉඳලම සැලුන් එකට ගන්නෙ දිනමිණ පත්තරේ...අදත් එහෙමයි...

දවසක්දා මම කොණ්ඩෙ කපන්න යනකොට ජිනා හිටියෙ නෑ...ගෝලය විජේ විතරයි එදා වැඩ...

අද කෝ ජිනදාස බාසුන්නැහැ...

මිනිහ කතරගම වන්දනාවෙ ගිහිල්ලනෙ...අනේ අම්මප එක්ක ගිය මිනිහට නං නිවන් දකින්න ඔය පිනම ඇති...

මොකද විජේ එහෙම කියන්නෙ...

ඇයි සර් ඔය මිනිහ  කවදාවත් සතපහක් වියදම් කරන එකක්යැ ඔහොම ගමනක් යන්න...ඔය කතරගම ගියාම වෙන්න ඇති මයෙ හිතේ...

අපි විතරක් නෙවෙයි ඒ දවස්වල නාවික හමුදාපති වෙලා හිටපු සඳගිරි මහත්තයත් කොණ්ඩෙ කපල තියෙන්නෙ ජිනාගෙන්,ඒ මහත්තයගෙ ගෙවල් කුඹල් ඔලුවෙ නෙවැ...

මහත්තය හමුදාපති වෙන්න ගොඩක් කලින් ඉඳල කොණ්ඩෙ කපන්නෙ මෙහෙන්...ඇවිදින් වාඩිවෙලා පත්තරේ බල බල ඉන්නව පුටුවක් හිස් වෙනකං...

හමුදාපති වුණාට පස්සෙත් දවසක්ද දෙකක්ද කොණ්ඩෙ කපාගන්න ආවා මයෙ හිතේ...හප්පා...එතකොටනෙ වැඩේ නේවි එකෙන් ඇවිත් මේක ඇතුළෙ පිරෙනව...මනුස්සයෙකුට ඇතුළට එන්න දෙන්නෙ නෑ...

අන්තිමේ මහත්තයටම තේරුණා මේකෙ තියෙන කරදරේ...ඊට පස්සෙ ආවෙ නෑ කොළඹින් කප්පවගන්න ඇති.

ඒ විතරක්ද ...අපේ බාප්පත් කොණ්ඩෙ කැපුවෙ ඔතනින්නෙ...

බාප්ප රට ඉන්නකොට එහෙම මම කොණ්ඩෙ කපන්න ගියොත් ජිනා මගෙන් බාප්ප ගැන නොවැරදීම අහනව...

කැප්ටන් මහත්තය එහෙම හම්බවුණේ නැද්ද මහත්තයො...

බාප්පා ස්වේච්ඡා හමුදාවෙ කැප්ටන්...අපේ ඉස්කෝලෙ විනය භාර ආචාර්යවරයා...

මගෙ කරුමෙට මාත් ඒ කාලෙම තමයි සෙන්ට්‍රල් එකට තේරුණේ...

කොල්ලො ටික මොනවහරි ආනාදි වැඩක් කරල අහුවුණාම මාත් කොණක ඉන්නවනං බඩුම තමයි...අනික් උන්ට වේවැල් පාරවල් දෙකනං මට හතරයි...අපිත් ඉතිං ඉස්කෝලෙ ඉන්නකල් කලේම පජාත වැඩනෙ...බුදු සන්තෝ බාප්පගෙන් ගුටි කාපු තරමක්...ඒ තමයි ඥාතියා වෙච්චි එකේ විපාක.

 බාප්පා පැන්ෂන් ගිහින් ටික කාලෙකින්ම පවුලෙ කට්ටිය ඇමෙරිකාවට සංක්‍රමණය වුණත් බාප්පා පදිංචියට ගියෙ නෑ ගිහිල්ල එන්න ගියා මිසක...පස්සෙ කාලෙක බාප්පට ග්‍රීන් කාඩ් හම්බවුණාම අවුරුද්දකට සැරයක් ගිහින් සතියක් හමාරක් ඉඳල ආපහු එනවා ග්‍රීන් කාඩ් කැන්සල් වෙන නිසා...

ඔය අපේ රටේ තදයොත් අවුරුද්දකට සැරයක් ගිහිල්ල පාස්පෝට් එකේ සීල් එක වද්දගෙන එන්නෙ...කොච්චර තදයෙක් වුණත් ඒ රටේ නීතිය ඊට ඉහළින් තියෙනවනෙ...තදයත් එකයි පාරෙ ඉන්න හිඟන්නත් එකයි.

අධිරාජ්‍යවාදියො කිව්වත් ලෝක පොලිස්කාරයා කිව්වත් ඒ රටේ තියෙන සමානාත්මතාවත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත්  ඇස් දෙකෙන් දැකපු මම ඒ ආශ්වාදය ඉහළින්ම විඳල තියෙනවා.

බාප්පා ගමේ ප්‍රභූවරයෙක් වගේ ම පිළිගත් චරිතයක්...සෑහෙන සිවිල් බලයක් ඇතුව ගමේ ජීවත්වුණු කෙනෙක්...එයා ඇමෙරිකාවෙ පදිංචි වුණානම් එහෙට තවත් එක මනුස්සයෙක් විතරයි.

ඔන්න ඔය හේතුව නිසා බාප්පා ඇමෙරිකාවට වඩා ලංකාවට ඇලුම් කලා.

බාප්පගෙ දුව පදිංචි වෙලා හිටියෙ කැලිපෝනියාවෙ ලැන්කැස්ටර්වල...ලොස් ඇන්ජලීස්වල ඉඳල කිලෝමීටර් සීයකට වඩා දුරයි...සමහර නිවාඩු දවස්වලට අපි කෝච්චියෙ ලැන්කැස්ටර් යනව...අපි හිටපු කාලෙත් බාප්පා ඇවිත් ගිහිල්ල තිබුණත් මට එහෙදි බාප්පව මුණගැහුනෙ නෑ...
අවසාන වතාවට බාප්පා ඇමෙරිකාවට ගිය වෙලේ දරුණු හෘදයාබාධයක් හැදිල ඉස්පිරිතාලෙට ගෙනිහින් සනීපවෙලා ආවෙ ඩොලර් ලක්ෂ ගාණක් වටින බැටරියකුත් පපුවෙ හයිකරගෙන...ඊට පස්සෙනං බාප්පට ගුවනින් යන එක වෛද්‍යවරු තහනම් කළා...

මේ අවුරුද්දෙ මුල හරියෙ බප්පා මියගියා...කොච්චර පහසුකම් තිබුණත් බාප්පා ජීවිතයේ අවසාන කාලය ගතකලේ එපමණ සතුටකින් නොවෙයි...රටින් පිට හිටපු එකම තමයි ඒකට ප්‍රධාන හේතුව.

මෙදා සැරේ කොණ්ඩෙ කපන්න ගියාමත් ජිනා බාප්පව මතක් කලා...

ඔය රටවල්වල කොණ්ඩෙ කපන්න කීයක් විතර යනවද මහත්තයො...
 

මම පිටරටක ඉඳල ඇවිත් කොණ්ඩෙ කපාගන්න ගියාම ජිනා අහනව...
 

ඒක ඉතිං රටේ හැටියටනෙ බාස් උන්නැහැ...සමහර රටවල්වල රුපියල් දෙදාහකට කිට්ටුවෙන්න ගන්නව...සමහර රටවල හය හත්සීයක් ගන්නව...
 

අප්පා...එහෙනං අපි කපන ගාන කොච්චර ලාබද...නේද ඕයි...
 

ජිනා විජේගෙන් අහනවා...

මම කොණ්ඩෙ කපන්න වාඩිවුනු වෙලාවෙ ඉඳන් ජිනා මගෙ කොණ්ඩෙට කරන අපහාස නිමක් නෑ...ඔන්න කතුරෙන් ටිකක් කපාගෙන යනවා...

කෝ...කපන්න කොණ්ඩයක් තියෙනවයැ තට්ටෙනෙ...

ඔහොම තමයි දැන් ඉතිං වයසයිනෙ...
 
හැබෑටම බාසුන්නැහැ කොණ්ඩෙට ඉස්සෙල්ල රැවුල පැහෙන්නෙ මොකද...රැවුල කොණ්ඩෙට වඩා අවුරුදු විස්සක් විතර බාලයිනෙ...
 
ආ...ඒ හැම තිස්සෙම කපන හින්දනෙ...
 
ඔන්න ඔය විදියට අපහාස විඳගෙන වුණත් තාමත් ලංකාවෙ ඉන්නවනම් මම කොණ්ඩෙ කපන්න යන්නෙ ජිනා ලඟටමයි...
 
මෙදා සැරේ ලංකාවට ගිය වෙලාවෙ මම දෙසැරයක් කොණ්ඩෙ කපන්න ජිනා ළඟට ගියා...පළවෙනි සැරේ මට ජිනාගෙ පින්තූර ගන්න කැමරාව ගෙනියන්න අමතක වුණා...දෙවෙනි දවසෙ කැමරාවත් අරගෙන පුතත් එක්ක ගිහිල්ල පුතාට කියල පින්තූර ටික ගත්තා...
 
කොච්චර වුණත් අවුරුදු පණහකටත් වැඩි කාලයක් දස දහස් ගාණකගෙ කොණ්ඩ රැවුල් කපපු ජිනා මට නම් යුගයක් නියෝජනය කරපු චරිතයක්.

පහුගිය සතියකටත් වඩා කාලයක් බ්ලොග් ලෝකය පුරාම දෝංකාර දුන්නෙ රතුපස්වල සිදුවීමයි.ඒ ගැන බොහෝ සටහන්ද ලියවුණා...මට තිබූ පිළිකුල හා දරුණු කළකිරීම නිසාම මා වචනයක්වත් ඒ ගැන ලිව්වෙ නෑ.
 

අනික් අතට මම ලියන දේ ඒ දවස්වල පළකලා නම් එයත් කාලයට නොගැලපෙන දෙයක් වෙන නිසා මා නිහඬවම හිටියා.
 

පහුගිය දවස් කීපය පුරාම මා ටෙස්ට් වරම් ලැබීම කතා මාලාවේ තවත් කොටසක් ලියා අවසන් කළත් පළකරන්නට තිබුණු අද දවසේ වෙනත් කතාවක් ලියන්නට හිතුනු නිසා හදිසියෙන් මේ කතාව ලියා පළකලා.

බොහෝ අය මගේ නිහඬබව ගැන විමසූ නිසා මා මේ කෙටි සටහන ලිව්වෙ.ඒ සියළු දෙනාටම ස්තූතියි.

75 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කොණ්ඩේ කැපුචායිං පස්සේ නා ගන්න අමතක කරන්න එපා!

      Delete
  2. මමත් කොන්ඩේ කපන්නේ ගෙදර ආපුවහම හන්දියේ තියෙන සුපුරුදු සැලුන් එකෙන්ම තමයි! නැතනම් හරි නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. දිගටෝම ඒකෙන් කපාපිය.නැත්නම් හරි යන එකක් නෑ.

      Delete
    2. පුරුදු තැනින් කැපුවේ නැත්නම් හිතට හරි නෑ තමයි

      Delete
  3. ජිනාට දීර්ඝායුෂ පතමි.

    හැලපයා ඔය කතන්දරේ කිව්වාම මට පොඩිම කාලේ කතාවක් මතක් වුනා.මම පොඩිම කාලේ ඔය දැලිපිහියට බයේ කොණ්ඩේ කපන්න යන්න බෑ කියල ඇඬුවලු.ඊට පස්සේ අපේ තාත්තම තමයි ගෙදරදි පරිස්සමින් කතුරෙන් විතරක් කපල ශේප් කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම දුලාගේ අඩවියේ™ බුලා

      Delete
    2. මම දුලාගේ අඩවියේ™ බුලා

      Delete
    3. ඔය දැලිපිහියෙන් බෙල්ල ගාද්දී අපේ පුතා දඟලනවා කිති කැවිලා,එතකොට මම කියන්නෙ දඟලන්න එපා බෙල්ල කැපෙයි කියල.

      Delete
  4. //ඔලුව උඩහරිය ඉතුරුවෙන්න වටේම කොණ්ඩෙ ගාපුහාම හරියට නෑඹිලියක් ඔලුවෙ නැමුව වගේමයි...ඔය නෑඹිළි කට් එක කපාගෙන අපිත් ගෙදර එනව.//

    හී හී...මට හැලපයා පොඩි කාලේ මැවිලා පේනවා. තව මොන කට්ද තිබුණේ, නෑඹිලි කට් ඇර?

    ReplyDelete
    Replies
    1. බිස්කට්,මස්කට්,බාස්කට්,ශෝට්කට්...

      Delete
    2. අපි හිතුවෙ ඔයාගෙ නව දිවිය ගැන විස්තරයක් ලියයි කියල,එහෙම ලියන්නැති පාටයි දැන්නං පේන්නෙ.

      Delete
  5. මම නම් හිතුවා උඹ ලියන්නෙ නැත්තේ ඒ නිසා වෙන්ට ඇති කියලා. ඔහෙත් ඒ පැත්තේ නේ.. ඔය පරණ තාලේ සැළුන් මම ගම්වල තාමත් දැකලා තියෙනවා. ඒ ඇවිල්ලා විවෘත ආර්ථිකෙත් එක්ක ඔට්ටු වෙන්න බැරි උන මිනිස්සු. ගොඩක් වෙලාවට ජීනා බන්ඩාරණායක වාදියෙක් වෙන්න ඇති. තොරණ හංදියේ තිබුන සැළුන් එක නම් පොඩ්ඩක් මොඩ් උනා. ඊට පස්සෙ පිටගම් කාරයෝ දෙන්නෙක් ඇවිත්. පාළුවට තිබුන හසලක කඩේ උඩ පොඩියට වැඩේ පටන් ගත්තා. දෙන්නම සරං කාරයෝ. හැබයි ගිය වෙලාවේ ඉඳන් තනිකර කුණුහර්ප කතා තමයි. මුන් දෙන්නා කස්ටමර්ස්ලා ඔක්කෝම අල්ල ගත්තා. දවසක් මම කොන්ඩෙ කපන ගමන් තාත්තා කොහේදෝ ගමනක් ගිහින් එයත් ආවා කොන්ඩෙ කපා ගන්න. මුන් දෙන්නගෙම ස්පීකර් වැහුනා. අනේ සෑම්සන් මහත්තයා වෙන වෙලාවක එනවද. මහත්තයා මෙතන උන්නෝත් අපිට කතා කරගන්න බැරි වෙනවනේ. ඒ නිසා පස්සෙ එන්න. තාත්තත් සීන් එක දන්න නිසා බැහැලා ගියා. එතන පොඩි උන්ගේ කොන්ඩ කැපුවේ නෑ. ඒක පරන සැළුුන් එකේ දිගටම කරගෙන ගියා. අයියෝ අර ම්/ෂිම ගැන නම් කතා කරන්න එපා. මතකද ඕකේ සද්දේ.. තව තිබුනා පත් වීදූරූ බූතල් වල වතුර දාලා, කුඹුරට ග්‍රැමෝක්සෝන් ගහනවා වගේ. එක අතකින් බෝතලේ අල්ලගෙන අනිකෙන් තමයි වතුර ස්ප්‍රේ කරන්නේ. පෙරවන රෙදි කිළුටු පාටයි. අපේ තාත්තා නම්, ඉස්සර ඉඳලා පෙරවන රෙද්දයි, පනාවයි ගෙදරින් අරගෙන යන්නේ කොන්ඩෙ කපන්න. තාමත් යන්නෙ එතනට. හැබයි මොකා හිටියත් ඉස්සෙල්ලම ගන්නේ තාත්තාව. සැළුන් එකේ දෙන්නගෙ නම් තමයි. එකෙක් ගැට කිඹුලා, අනිකා මෝරා. උන් දන්නෙත් නෑ කවුරු දැම්මද කියලා. හැබයි නම් දෙක රෙජිස්ටර්.

    ReplyDelete
    Replies
    1. ඔහේට කියන්න දෙයක් නෑ

      Delete
    2. හපෝයි ඇනෝ,එහෙම කියල හරියන්නෙ නෑනෙ...ඌටත් මොනව හරි කියපං නැත්නං හොඳනෑනෙ.

      Delete
    3. මාතලන්ට මතකද දන්නෙ නැහැ සෙලින්කෝ බිල්ඩිමේ ග්‍රවුන්ඩ් ප්ලො එකේ පිටිපස තිබුන සැලෝන් එකක්.
      මම උගුරෙ කන්‍යා පටලේ කැඩුන කාලේ ඉදලම එතනට තමයි ගොඩක් වෙලාවට ගියේ කොළඹ ඉන්න වෙලාවට.

      Delete
    4. මම සෙලින්කෝ එකේ තමයි 1985 ඉඳන් 1996 බෝම්බේ තියනකං උන්නේ. මොකෑ බං මට මතක නැත්තේ. ශ්‍රී වික්‍රමගේ හිර ගේ ඉස්සරහම ඒ කාළේ ඔක්කෝම පොලිටික්කෝ එන්නෙ එතනට. ඒක කලේ මිසිස් විජේසිංහ. මිසිස් විජේසිංහගේ නංගෝ, කාළයක් මගේ බොස් වෙලා උන්නා මිසිස් චාන්දනී ගුණවර්ධන. හරිම ලස්සන මනුස්සකම වැහේන සෙක්සී ලේඩි. එයාලා කොතලාවලගේ අක්කගේ හරි නංගිගේ හරි දූලා. මිසිස් ගුණවර්ධනගේ වාහේ, තමයි අජිත් ගුණවර්ධන. ඔඩෙල් අයිති ඔටාරා ගේ අයියා. පොර ජෝන් කීල්ස් චෙයාමන් වෙලා හිටන් උන්නා මයෙ හිතේ.

      Delete
    5. ගැට කිඹුලයි මෝරයි තවම කොන්ඩේ කපනවද මාතලන්.

      Delete
    6. @කෙන්ජි,
      කවුද කෙන්ජිගේ උගුරේ දමල ඇරියෙ

      Delete
    7. මොරා ගමට ගියාලු. ගැට කිඹුලා තවම ඉන්නවා... දැන් හරි සාරයි...

      Delete
  6. තාත්ත මාරු වෙන වෙන වෙලාවට ගමින් ගමට ගිය නිසා මටනම් එක බාබර් කෙනෙක් කියල මතක නැහැ. අන්තිමට ලංකාවේ කොන්ඩේ කැපුවේ පුංචි බොරැල්ලේ ෆ්ලැට් එකේ පඩිපෙළ යට බාබර් කඩෙන්. ඇමරිකාවට ආපු දා ඉඳල තනියම කපා ගන්නවා. ඊට කලින් සින්ගප්පුවේ හිටපු කාලේදී ඉඳලම තනියම කපා ගන්න පුරුදු උනේ එකට යන වියදම දරා ගන්න අමාරු නිසා. Mr. හැලපස් ඉන්න රට නම් මම දන්නේ නැහැ, ඒත් ඇමරිකාවේ මම ඉන්න පලාතෙනම් ටිප් එකටත් එක්ක ගෙඩි රුපියල්ම 3000 ක් විතර යනවා.

    ReplyDelete
    Replies
    1. මෙහේ ආපු වෙලාවක සැලුන් එකක් එහෙම දාගන්න බැරිය

      Delete
    2. ඒ දවස්වල මම ලොස් ඇන්ජලීස්වල විල්ෂයර් හන්දියෙ සැලූන් එකකින් කොණ්ඩෙ කැපුවෙ...ඩොලර් නවයක් ගත්ත ටිප් එකට ඩොලරයයි දහයයි.
      දැන්නං යන්නෙ රියාල් එකයි...ඒ කියන්නෙ රුපියල් තුන්සිය පණහකට කිට්ටුවෙන්න.

      Delete
  7. කෝ මගේ කොමෙන්ට් ඒක හැලප අංකල්? මම කිව්වේ මට මේ පොස්ට් එකේ අගක් මුලක් වැටහෙන්නේ නෑ කියලා.

    එහෙම කිව්වම කොමෙන්ට් ඒක ඩිලීට් කරන්න ඕනිද?

    ReplyDelete
    Replies
    1. මුන්ට හරි යන්නේ,

      අද පොස්ට් නං මාරයි.
      සුභ වේවා රාජ සම්පත් ලැබේවා.
      එක හුස්මට කියෙව්වා, නියමයි.
      මාත් එකගයි.
      +++++
      නියම පොස්ට් එක.
      මටත් ඔහොම උනා.
      මරු ලිපිය.
      මටත් මේක කියෙව්වම කතන්දරයක් මතක් උනා.


      ඔන්න ඔයවගේ කොමෙන්ට් තමයි මුන් තියා ගන්නේ. අනික්වා අයින් කරනවා.
      තමුන්ගේ පිට කසන උන්දලාගේ කොමෙන්ට් විතරයි තියා ගන්නේ. ඇත්ත කතාකරන ඇනෝලාට බයයි.

      Delete
    2. නියම ලියවිල්ල දරුවෝ!
      මාරයා නම් නියමෙට ලියයි!
      මම දුලාගේ අඩවියේ™ බුලා

      ඔන්න ඔයි වගේ ඒවත් මුන් තියාගන්නවා!!!!

      Delete
    3. උඹ උදේ පාන්දර නමෝ විත්තියෙන්ම ඔහොම අඤ්ඤකොරොස් කතාවක් කියපුවම අනික් උං ඔක්කොමත් ඒකම ලියන්න ගනී,මැකුවෙ ඒකයි...ඔය දැන් උඹට ඇරෙන්න අනික් අයට අගේට තේරිලා තියෙන්නෙ,දැන් නං ඕව කිව්වට කමක් නෑ.එහෙම නැත්නං මම ඇනෝලගෙවත් කාගෙවත් කමෙන්ට් මකන්නෙ නෑ,අනුන්ට අපහාස කරන එව්වා ඇරෙන්න.

      Delete
  8. හැලපයියගෙ මේ වගේ කෙටි සටහන් තුන හතරක් කියෙව්වොත් දවසම ඉවරයි. මරු කෙටි සටහන්.
    ජෝක් එකට ලිව්වෙ හැලපයිය තරහ ගන්නෙ එහෙම නෑ ඕං. ඒක නෙමේ මේ ඊඩ් කියන්නෙ මොකද්ද

    ReplyDelete
    Replies
    1. බෑ බෑ මං තරහම තරහයි
      ඊඩ් කියන්නේ මොකද්ද කියලා කියන්නේම නෑ.

      -හැලපයා-

      Delete
    2. ඊඩ් කියන්නෙ සිංහලෙන් කිව්වොත් රාමසාන්,නිවාඩුව ඔයාලටත් ලැබුණනෙ.
      ඊ දුල් අල්හා කියන ආගමික දිනය නිසා මෙහෙ ඊඩ් කියනව.ඊඩ් මුබාරක් කියල තමයි සුබ පතා ගන්නෙ.
      ඒ නිසා මමත් ඊඩ් කියලම ලිව්වා.

      Delete
  9. අපොයි ඉස්සර මමත් ඔය මෑෂිමට නම් පට්ට බයයි

    ReplyDelete
    Replies
    1. දැන් බය නැතුවැති මයෙ හිතේ...

      Delete
    2. දැන් නම් මැෂින් එකේ ප්ලග් එක ගැහුවා අල්ලන් ගියා,ඕනෑ එකෙකුට පුළුවන්නේ.

      Delete
  10. එක බාබර් කෙනෙක්ට පුරුදු වුනහම වෙන කොහේ ගියත් හරි යන්නේ නැති ගතිය පිරිමි අයට තියෙනවා තමයි.

    අපිත් පොඩි කාලේ කොණ්ඩේ කැපුවේ බාබර් සාප්පුවෙන්. හයේදී අලුත් ඉස්කෝලෙට ගියහම ස්කුල් බස් එකේ අක්කලා සවුත්තුවට ඇහුවනේ කොහෙන්ද නංගි කොණ්ඩේ කපන්නේ කියල. ඊට පස්සේ කුරු කුරු ගාල ගැහැණු කෙනෙක් ඉන්න සැලුන් එකකට ගියා ඩයනා කට් කපා ගන්න.රුපියල් පනහක්ම ගත්තනේ ඒ මනුස්සය.

    ReplyDelete
    Replies
    1. ඩයන කට් කියන්නේ අසු ගණංවල නේද?
      ඒක හරි ලස්සන කට් එකක්!

      Delete
    2. හැබැයි මූන කචල් අයත් ඔය කට් එක කපන් හිටිය.
      දැන් ඔය හැටේ එකිලත් තාමත් කපන්නෙ ලේඩි ගාග කට්.

      Delete
    3. කෙන්ජි දැන් නැගලම යන කට් එක ලේඩි කේට්ගෙ කට් එක

      Delete
    4. ඉස්සරහට ලේඩි කේට් ගෙ හොද හොද කට් කොර ගනීවි අපේ නෑම්බියෝ.

      Delete
    5. අසු ගණන් වල තමා කකා ..

      Delete
    6. පනහක් දීල ඩයන කට් එක කපාගත්තත් පාඩු නැනේ බින්දී,ඒ දවස්වල ඩයන කට් එක නැගල ගියානේ

      Delete
  11. බාබර් සාප්පු කතාවක් මතක් උනා .... වැරදියට ගන්න එපා කට්ටියට හිනා වෙන්න දාන්නේ...... කවදාවත්ම ගමේ බාබර් සාප්පුවෙන් ඇරෙන්න වෙන කොහෙන් වත් කොණ්ඩය කපපු නැති එකෙක් මෙහෙ ඇවිත්, උව තව ලංකාවේ එකෙක් එක්ක ගියාලු මෙහෙ බාබර් සාප්පුවට ...... ටිකකින් මෙන්න කොන්ඩේ කපන්නේත් නැතුව මු නැවතිලා ඉන්න ගෙදරට ඇවිත් අනික් එවුන් එක්ක බනිනවලු එක්ක ගිය එකාට සුද්ද සිංහලෙන් ... කොන්ඩේ කපන්න කියල කිව්වම දත් ගලවන තැනකට උව ගිහින් දැන්මය කියලා..... බැලින්නම් වෙලා තියෙන්නේ මෙහෙ සැලුන් වල තියෙන ඉස්තරම්ම වර්ගයේ බාබර් සිට් එක දැකල මු හිතල තියෙන්නේ ඒ ගමේ දිස්පන්සරියේ දත් ගලෝන කොට ඉද ගන්න ජාතියේ පුටුවක් කියලා .....

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙලා හිටියනං කොන්ඩේ හෝදනකොට මූ හිතයි නාවන තැනක් කියල

      Delete
  12. ජිනාට සැහෙන වයසක් ඇති මයේ හිතේ.
    මම පොඩි කලේ කොන්ඩේ කැපුවෙත් මේ කියන වාගේ සැලුන් එකකින් තමයි.හැබැයි එකේ හිටියේ ජිනා නෙමේ සනි කියලා අපේ සියා කෙනකුගේ යාළුවෙක් නොවැ.දැන් කපන්නේ නම් අපේ තත්තාගේ යාළුවෙක් කරන එලිගන්ස් එකෙන් නේ.

    ReplyDelete
    Replies
    1. සනී ලියෝන් ද?

      Delete
    2. ජිනාට ගොඩක් වයසයි,හැබැයි තාම කොල්ල වගේ වැඩකරනවා.කිව්වහම මොකද මනෝජ් ජිනාගේ පින්තූර විස්සකට වඩා එදා ගත්තත් එකක්වත් දැම්මෙ නෑ මෙතන එක එකා බනී කියල බයට.

      Delete
  13. අද හැලපයාගේ බොග ඇනෝ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක් විය.

    ඒ ගැන අපේ බලවත් සංවේගය!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කිසිසේත්ම සංවේගය ප්‍රකාශ කරන්න එපා,ඇත්තෙන්ම මම ස්තූති කරන්න ඕනැ ඇනෝ මාව ඉමිටේට් කරල මට කරන උදව්වට.
      අපහාස නැති උපහාස ඕනැ වෙලාවක සාදරයෙන් පිළිගනිමි.

      Delete
  14. හැමදාම එකම මනුස්සයෙක්ගෙන් ‍කොණ්ඩෙ කපාගන්නකොට මිනිහ දැනගන්නව මූට ඕන මොන වගේ කපන්නද කියල. එතකොට අපිට මිනිහට උපදෙස් දිදී වද වෙන්න ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එතකොට අපේ පාඩුවේ පුටුවේ ඉඳගෙන ඉන්න එක විතරයි තියෙන්නෙ

      Delete
  15. පොඩි කාලෙ උස පුටුවෙ ඉන්දලා කොණ්ඩෙ කපනකොට හැමදාම හිතනවා අනේ කවද්ද ලොකු පුටුවේ ඉඳගෙන කොණ්ඩෙ කපන්නේ කියලා. ඒකාලේ බාබර් සාප්පු වලටම ආවේනික දෙවල් තිබුනා...ෆිල්ම් පෝස්ටර් (පරසතුමල් පෝස්ටරේ තාම මතකයි ), දින කඩන කැලැන්ඩරේ .........

    ReplyDelete
    Replies
    1. ඇයි ටවුමේ ඉලන්දාරි ටික ඇවිත් කොන්ඩේ පීරාගෙන පවුඩර් ගෙන යනහැටි,එතකොට අපිත් ඉස්සර ක්ලාස් යන්න කලින් හැඩවුණේ ඔතෙන්ට ගිහිල්ලනේ.

      Delete
  16. මගේ යාලුවෙක්, ම්ම්ම්.... යාලුවෙක් කිව්වට මචං බාප්පලගෙ තුන් වෙනි එකා, කොණ්ඩේ කපන්න යනවා දැකලා මම ඇහුවා උඹේ කොණ්ඩේ වැවිලත් නැතිව මොකෝ කොණ්ඩේ කපන්න යන්නේ කියලා. ඒ කාලේ කොණ්ඩේ කපන කාලයක් නෙවෙයි. වවන කාලයක්. ඒ මදිවට මම මගේ කොණ්ඩෙ කපාගන්නවා මදිවට අනිත් උන්ගෙත් කොණ්ඩා කපලා දෙන කාලයක්. මූ කිව්වා, 'උඹලා කොණ්ඩේ කපන්නෙත් නෑ, අරූත් දරු පවුල් කාරයනේ. ඌත් ජීවත් වෙන්න එපායැ බං,' කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ බං උනුත් ජීවත් වෙන්න එපාය,මටත් මතකයි අපි කොන්ඩේ වවාපු කාලෙ.ඒ කාලේ බබර්ල කොහොමද ජීවත්වෙන්නේ කියල අපිට පොඩ්ඩක්වත් මතක්වුනේ නෑ නේද.

      Delete
  17. අර දැලිපිහි මුවහත් කරන පටියක් අපේ ගෙදරත් පැත්තක දාල තිබුනා. දැන් කවුරු පාවිච්චි කරන්නද.
    'නෑඹිලි කට්' එක එච්චර පරණ ද.. දැනුත් සමහරු පොඩි දරුවන්ගෙ එහෙම කොණ්ඩෙ කපල තියනව ඒ වගෙ. මාත් කොණ්ඩෙ කපන්නෙ නම් පුරුදු සැලුන් එකෙන්ම තමයි. කපන විදිහ කියන්න ඕන නෑ. බ්ලේඩ් එකක් අලුතෙන් දානවද කියල බලන්න ඕනෙ නෑ. මේ දවස් වල නම් කොණ්ඩෙ ටිකක් වවාගෙන ඉන්නව. :)

    ReplyDelete
    Replies
    1. සේන කියල බාබර් කෙනෙක් හිටිය හොඳට කපනවා හැබැයි ටිකක් පෙරේතයි.බලාගෙන නොහිටියොත් තිබ්බ බ්ලේඩ් එකෙන්ම කපනවා .

      Delete
  18. ඇත්තටම මහත්තයො රාළහාමිට හිටපු මීහරක් කන්දරාව...හැබෑටම උං ටික කෝ දැන්...

    අනේ මන්දන්නෑ බාසුන්නැහැ කවුරු කවුරු හරි ගෙනියන්න නැතෑ...මම විතරයි ඉතුරුවුණේ...

    හි හි .........:D

    අපෙත් ගමේ හිටියා රාජා කියලා කොන්ඩෙ කපන කෙනෙක්...අපේ අය්යා මල්ලි මම තාත්තා අපි ඔක්කොම එතනින් තමයි කොන්ඩෙ කැපුවෙ.. රාජා දෙමල..! අපි සින්හල වචන කියලා ඒවයෙ දෙමලෙන් කියන්න කියනවා.. එතකොට රාජා කියනවා...

    ReplyDelete
    Replies
    1. මම බෙන් ෆිල්ම්ස් එකේ නැවතිලා ඉන්න කාලෙ පැලවත්තේ සැලූන් එකකින් කොන්ඩේ කැපුවා,ඒකෙ හිටියෙත් දෙමළ කොල්ලෙක්.ජිනාට පස්සේ මට මුණගැහුන හොඳම බාබර්

      Delete
  19. මාතෘකාව දැක්ක ගමන් මතක් උනේ අර ජීනා මැඩම් කියන උත්තමියව...බලද්දි මෙතන ජිනා නේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ජිනා මැඩම් මතක්වෙලා දුවගෙන ආව

      Delete
  20. අපේ කණිෂ්ඨ ඉස්කෝලේ ලඟ තිබුණු සෑලූන් එකේත් ඔය දාලා තියෙන ජාතියේ කක්කුටු අඬු කපන කෑල්ලක් තිබුණා මතකයි.

    ඒ බාබර් සාප්පුවේ නම සිසිර සැලූන්. අල්ලපු කඩ කෑල්ල තමයි උපැපැල් කන්තෝරුව. අනිත් පැත්තෙන් සුදා ල ගේ කඩේ.

    සිසිර සැලූන් නමට යටින් ගලා තිබුණා මෙහෙම "බදදා දිනයන් හි දී වසනු ලැබේ!"

    ReplyDelete
    Replies
    1. ඔයා ජිනාගේ සැලූන් එක වැහැව්වේ සඳුදා දවස්වලට වීක් එන්ඩ් එකේ ඉස්කෝලෙ ළමයි රස්සාවල්වලට යන අය කපන්න එනවනෙ.
      කකාට මතකද ඒ දවස්වල කොන්ඩේ පිටිපස්සේ තිබ්බ ඉබුනැට්ට.

      Delete
  21. මං නං කොන්ඩේ කපන්නේ කතන්දරකාරයා සැලූන් එකේ දී යි.

    මෙන්න එතැන "සෙක්සි තට්ට කට් එක" දාන ආකාරය.

    http://kathandara.blogspot.com/2013/04/how-to-cut-your-hair-sexy-to-attract.html

    පින්තූර සහිතයි.

    ReplyDelete
    Replies
    1. තට්ටයට මොන සැලෝන් ද :)?
      අපරාදෙ වියදම් කරන සල්ලි.

      Delete
  22. මටනං කපන්ඩ තැනක් නැ , අහු උන අහු උන තැනින් කපනවා

    ReplyDelete
    Replies
    1. අවයව පරෙස්සං කරගනිං.. අහු උන තැන කපන්න ගිහිං ඒකත් කපයි..

      Delete
    2. මම රාගමින්වත් මහබාගෙන්වත් කොන්ඩේ කපල නෑනෙ

      Delete
  23. බාබරලා තරම් කතන්දර කියන්නට දක්ෂ අය ත්වත් නෑ.. අත්තෙන් අත්තට පනින කුරුල්ල වගේ දහ පාලොස් තැනක හිටි නිසා මගෙ බාබර් ලිස්ට් එක බොහොම දිගයි.. ඒ හැමතැනකම මට යාලුවෝ හිටියා. ඉඳ හිට ගියාම හොයල බලනව. කොන්ඩෙ වැවිලා නම් කපා ගන්නවා. ඉස්සර කොන්ඩෙ කපලා දැලිපිහියෙන් ගෑවට පස්සෙ අර සුදු පාට ගලක් අල්ලනවා. අම්මෝ ඒක ගැවෙනකොට කැපුනු තැන් දනවා.

    ReplyDelete
    Replies
    1. ඒ සුදු පාට ගල පරණ අය ලඟ තාම තියෙනව දැලි පිහියෙන් ගාපු තැන්වලට තමයි අල්ලන්නෙ

      Delete
  24. සැහැල්ලු ලියවිල්ලක්.... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. උස්සල බර බැලුවද

      Delete
  25. කොයි හරියෙන් කැපුවොත්ද වැඩියෙන් හොද. ඔය අවාන වගේ දොරවල් හයි කරපු සැලුන් දෙකක් තාමත් තියෙනවා අපේ පැත්තේ...

    ReplyDelete
  26. කොන්ඩේ තියෙන හරියෙන් කපාගත්තොත් තමයි වඩා හොඳ

    ReplyDelete
  27. අයියෝ කොච්චර කොන්ඩේ කැපුවත් පස්සේ මසාජ් එකක් දැම්මේ නැත්නම් මෙලෝ රහක් නැ. මම කොන්ඩේ කපන එකනම් ඔහේ අහුවෙච්චි තැනකින් හැබයි මසාජ් එකටනම් වේනම ඩයල් එකක් ඉන්නවා. සතියකට දෙහෙකට් සැරයක් අනිවා මිනිහා ලන්ගට් යනවා. උට නම් තියෙන්නේ ඇඟිලි නෙවේ ගෝන අංද කොහෙද? මසාජ් කරනකොට නිකන්ම හිට ගැනෙනවා. හැබයි මසාජ් කරලා ඉවරවෙලා බෙල්ල එහෙම "කටස්" ගාලා කැඩුවම එලියට එනකොට නිකන් පා වෙනවා වගේ. ඔලුවේ තිබ්බ ලොකු බරක් සැහැල්ලු උනා වගේ දැනෙන්නේ. ඉස්සර ඔය circuit කලිත් එක්ක ඔට්ටුවෙන වෙලාවට හොන්දටම් එරිලා මෙලෝ දෙයක් කල්පනා වෙන්නේ නැති වෙලාවට මම යන්නේ පොර ලගට. පොර මසාජ් එකක් දාපුවාම නිකන් ආයෙත් උදේ නැගිටපු ගානට ෆ්‍රෙෂ්.

    ReplyDelete
  28. මට අපේ ගමේ කරණවෑමිය ජෝන් උන්නැහේව මතක් උනා ... උන්දැගේ සැලුමේ ගහල තිබ්බේ පරණ බුද්ධ චරිතයේ එන සිද්ධි තියන පින්තූර ... පරණ පුයර දැන්වීම් වලට හම්බ වෙච්චි පෝස්ටර් වගේ දේවල්.

    කොන්දේ කපන්න විනාඩි 30ක් යනවා නම් වැල් වටාරන් ඕපාදුප වලලට පැයක්වත් යනවා ඕං ...

    ඔය කියන කොන්ඩේ කපන ගැජමැටික් එකයි ... දැලිපිහිය සහ මුවහත් කරන හම්පටියයි මිනිහගේ පණ හා සමානයි :)

    අර ටැල්කම් පුයර ... පරණ ඔඩිකොලෝන් ... රැවුල කපනකොට ගාන සබන් වල සුවඳ තවම දැනෙනවා වගේ !

    ReplyDelete

ඔබේ අදහස්