Tuesday, June 4, 2013

70.මෝනාලිසා සහ හාල්පොල්ල


අපි ලා චැපල් යද්දි හවස හතරට පහට විතර වෙන්න ඇති...ගොඩක් ද්‍රවිඩ කඩ අතරෙ සිංහල කඩ කීපයකුත් තිබුණා...අපිත් එක කඩේකට ගොඩවෙලා බැලුව...අප්පා අපේ ටවුමක ගමක හොයාගන්න බැරි දුර්ලභ එළවලු පළතුරු වර්ග කිසි කරදරයක් නැතුව ලා චැපල් කඩවලින් ගන්න පුලුවන්නෙ බලපුවාම...තුඹ කරවිලද හිඟුරලද ඕනැ දෙයක් ඉදිච්ච කෙසෙල්කැන් දෙකතුනකුත් කඩේ එල්ලල තිබුණ  හරියට ලංකාවෙ වගේ.

අපිත් රෑට උයන්න කියල කෙළවල්ලො මාලු කෑල්ලකුයි කොළ මිටි දෙක තුනකුයි අරං කෙසෙල් ඇවරියකුත් කප්පෝගත්තා...බඩුටිකත් අරගෙන රෑ වෙන්න කලින් චානි අක්කලගෙ ගෙදරට ආවා.

එදා අවුරුදු කන්න තිබුණෙ රෑනෙ...බිරිඳයි චානි අක්කයි එකතුවෙලා කිරිබත් ලුණුමිරිස් මාලුහොදි ආදී ජාති කීපයක් ලෑස්ති කරල අවුරුදු මේසෙ හැදුවා...අපි යනකොට රසකැවිලිත් හදාගෙනනෙ ගියෙ.

ජයටම අවුරුදු මේසෙ තිබුණත් කන්න හිටියෙ අපි හතර දෙනා විතරයි...අඩියක් ගහන්නත් බෑ අවුරුදුනෙ...ෂේප් එකේ කාල බීල ටිකක් කතාකරකර ඉඳල නිදාගත්තා...

පැරිස්වල ඉන්නතුරුම ගෙදර කෑම ඉව්වෙ අපි තමා...මොකද චානි අක්ක උයන්න ටිකක් කම්මැලියි...අපි ආපුවමත් එයා කිව්වෙ ඔන්න ඕනැ දෙයක් තියනව ඕනැ විදියකට උයාගෙන කන එකයි කියලනෙ...අපි හැමදාම උදෙන්ම දවල්ටත් උයල ඇවිදල එහෙම ඇවිත් හවසට රෑ කෑම උයනව චානි අක්ක එන්ඩත් කලින්...

එයා එහෙම නෙවෙයි...සතියකට හරියන කෑම ඉරිදට උයල ප්‍රිජ් එකේ දානව...කන වෙලාවට රත්කරගෙන කනවා...දිනපතා උයන්න කම්මැලි උදවිය ඔය විදියටනෙ කෑම උයන ප්‍රශ්නය විසඳා ගන්නෙ...

ලොකු කුකුල් මස් වෑංජනයක්
පරිප්පු වෑංජනයක්
උයපු එළවලු දෙකක්

නිතරම ප්‍රිජ් එකේ තියෙනවා තුන්වේලම රත්කර කර කන්න...මටනං එහෙම කන්නත් බෑ කාලත් නෑ...පුතයි මමයි තනියම ඉද්දිත් මම හැමදාම පාන්දර පහට ඇහැරල කිරිත් උණුකරල උදේටයි දවල්ටයි දෙකටම කෑම හදල පුතාට ඉස්කෝලෙ ගෙනියන්න කෑම පාර්සලේ හදල දීල දවල්ට කන්නත් කෑම බෙදල තියල මමත් කෑම අරගෙන වැඩට යන්නෙ...
බාජන ටික හෝදන්න වෙලාවක් නැති නිසා බාජන සින්ක් එකට දාල වතුර දාල යනවා...පුතා දවල්ට ඉස්කෝලෙ ඇරිල ඇවිත් කන්නත් ඉස්සෙල්ල බාජන ටික හෝදනවා...එහෙමයි අපි වැඩකලේ...

දැන්නං ඒ වැඩ ටික බිරිඳ කරන නිසා උදේට ටිකක් වැඩිපුර නිදාගන්නව තමයි...ඒ වුණාට මෙහෙත් ගොඩක් අය මම දන්නව කරන්නෙ ඔය ප්‍රිජ් සෙල්ලම...අනේ මන්දා සතියක් තිස්සෙ එකම දේවල් මොන විදියකට කනවද කියලා.

එහෙම බැලුවොත් අපේ අම්ම තාත්තට හැමදාම පාන්දර කෑම ටික හදල ගෙනියන්ඩ දුන්න අවුරුදු තිස් ගාණක්...ඒ කාලෙ මස් මාලු ටිකක්වත් සීත කරල තියාගන්න ප්‍රිජ් කියල ජාතියක් ගැන අහලවත් තිබුණෙ නැතිව ඇති...ගෑස් කුකර් නෑ... දරලිපේ දුං ගහ ගහ ඉව්වෙ...හාල් ගරන්නත් එපායැ කට්ටිය එකතුවෙලා කනකොට ගල් කැටයක් හැපුණොත් එහෙම ලැජ්ජයිනෙ...ගල් වැලි නැති හාල් කියල ජාතියක් ඒ කාලෙ තිබුණයැ...ගෙදර හාල්ම තමා...

අම්ම මටත් කෑම එක හදල දුන්නනෙ අවුරුදු දහයක් විතරම...ඔය බිරිඳ අපේ ගෙදරට එනතුරු...

රස්සාව හම්බවෙන්න කලිනුත් මොන වැඩකට කොළඹ ගියත් අම්ම බත් එකක් බැඳල දෙනව දවල්ට කන්න...මේ වැඩේට මගෙ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ. අපි කැමතියිනෙ එදාටවත් හෝටලේකින් කන්න...කොහෙද එළියට බහිනකොට කෑම එක අතට දෙනවනෙ...

පස්සෙ කාලෙක හෝටල්වලින් කැන්ටිංවලින් වතුරයි බතුයි කනකොට තමා අම්මගෙ බතේ රස තේරුණේ...

ගෙදර හාලෙ බත්වලට අලයි හාල්මැස්සොයි තෙල් පෑදෙන්න හිඳෙන්න උයල පරිප්පුත් හින්දවල පොල් සම්බෝලයක් මලවල බත්වල ඇතුළට තියල කෙහෙල් කොළේ බැඳල දෙන බත්මුල වාගෙ රස බත් එකක් මම ඊට පස්සෙ කවදාවත් කාල නෑ...කන්න ලැබෙන එකකුත් නෑ...බිරිඳත් මට රසට කෑම උයල දෙනව තමයි...ඇයටත් අපරාදෙ කියන්න බෑ රසට උයන්න පුලුවනි...ඇයත් කියනව අපේ අම්මගෙ කෑම හරිම රසයි කියලා...

 ඒ කාලෙ කෑවෙම ඔය අපේ කුඹුරුවලින් ගන්න හාලනෙ...උයනකොට එහෙම හරි සුවඳයි...හාල් මෝල්වල වී පල්කරල කොටන හාල් වගේ නෙවෙයි...

ගෙදර වී තම්බල වේලල ගත්තහම වී කොටන්න මෝලට ගෙනියන්න අහුවෙන්නෙ මාවම තමයි...ලොකු පෝර උරේකින් එකක් තම්බාපු වී කර තියාගෙන හැතැප්ම එකහමාරකටත් වඩා දුර මාටිං මාමගෙ වී මෝලට පයින්ම යනවා.
ඒව ඔය දැන් තියෙන වී මෝල් වගේ පොෂ් ඒව නෙවෙයි...දැන්නං එක මැෂින් එකකිං වී ඇටේ පොත්ත ඇරල තව මැෂින් එකකට දාල පොලිෂ් කරනවනෙ...

අපි වී ගෙනිහිං ගෝනිය මෝලෙ අත ඇරල හූස් හූස් ගගා හැති අරිනකොට මාටිං මාමා වී ගෝනිය ලෙහෙල අහනව...

ඈ ළමයො...කැකුළුද තම්බපුවද...

 ඒ අනුව තමයි වී කොටන විදිය සකස් කරන්නෙ ඇණවලින්...ඊට පස්සෙ මෝලෙ අර අලි රෝදෙට පිස්ටන් එක දාලා දත්මිටිකාගෙන මුලුවීරියෙන්ම කරකවනවා...

බොහ් බොහ් බොහ් ගාලා බටෙන් දුංගුලි දෙකතුනක් පිටකරල මෝල ස්ටාට් වෙනවා...ඊට පස්සෙ තමයි වී කෙටෙන තැන  තියෙන ලොකු කටට වී ටික දාල කොටන්න ගන්නෙ...කෙටෙන කොටම හාලුත් එක්ක කලවං වෙලා එන දහයියා ටික හුළඟෙ යන්න පෑන් එකකුත් රෝදෙටම අල්ලල අටෝල තියෙන්නෙ...

මෝල පිටිපස්සෙ දහයිය කන්දයි...කුකුල්ලු රැළක් තුංසිය හැටපස් දවසෙම ඔය දහයිය කන්දෙ අහුලං කනවා.
තම්බාපු වී වේලිලා වැඩිනං හාල් ඇටේ කුඩුවෙනවා...වේලිලා මදිනං හරියට පොත්ත යන්නෙ නෑ වී ඇට ගොඩයි...වී කොටල ඉවරවෙලා කෙටිච්ච හාල් සේරු ගාණට තමයි මාටිං මාම සල්ලි ගන්නෙ...හාල් සේරුවක් කොටනවට සත තුනක් හරි හතරක් හරි ගත්තා මතකයි...

 ඒ දවස්වල හාල් සේරුවකුත් සත පණහද හැටද කොහෙදනෙ...ඔන්න ඔය කාලෙ තමයි මැතිණි හාල් පොලු දාල හාල් හිඟවෙලා ගණං ගියෙ...හාල් සේරුව එක පාරටම රුපියල් එකයි පණහ දෙක විතර වෙනකං ගණං ගියා...

ඔය කාලෙ මගෙත් එක්ක සිරිල් මාමලගෙ ගෙදර හිටපු මහතුනුත් එකතුවෙලා හිටියෙ...වී කොටන්න යන්නෙ අපි දෙන්නා එකතුවෙලා...

දවසක්දා අපි වී කොටාගෙන ගෝනි දෙකත් කරගහගෙන ආපහු ගෙදර එනව...

හාල් සේරුව සේරුව විකුණල යමුද...

මහතුං කියනව...

මම ඔය කතාවක් දන්නෙ නෑනෙ... මම උගෙ මූණ දිහා බැලුවා..

යංකො...

මාත් එක්කම ජූලිස් මුදලාලිගෙ කඩේට ගිය මහතුං දෙන්නගෙ ගෝනිවලින් හාල් සේරු දෙකක් මුදලාලිට කියල මන්නෝගෙන එකයි පණහ ගානෙ වික්කා...
හන්දියෙ කඩේකින් කඩචෝරු කාල තේ බීල අපි සද්ද නැතුව ගෙදර ආවා...

 ඊට පස්සෙ වී කොටන්න ගියොත් හැමදාම හාල් සේරුවක් විකුණල තමා එන්නෙ...කාටවත් කිසිම පාඩුවක් නෑ ගෙදර ඕනැතරං වී තියෙනවනෙ...මගෙ සාක්කුවට මුදලක් එකතුවෙන එක තමයි වැදගත්ම දේ...ඒ කාලෙ අපි සිගරැට් පාවිච්චියකුත් නෑ කඩචෝරු කාපු එකම තමයි කළේ...

දවසක් මම වී කොටාගෙන ගෙදර ආවා...හාල් ටික මැනපු අම්ම...

මෙච්චරද ළමයො හාල් තිබුණෙ...

ඔව්...

වෙන්න බෑනෙ...වෙනදට ඔයතරං ගෝනියකින් මීට වැඩියෙ හාල් කෙටෙනවනෙ...

මම දන්නෙ නෑ...ඔය මෝලෙන් කොටල දීපු තරම තමයි...හාල් මදිනං මීට පස්සෙ අම්ම ගිහිං කොටාගෙන එන එකනෙ ඇත්තෙ...

එහෙම කටිං ගහල මම බේරුණා...අම්මත් ඊට වඩා ඒක  පස්සෙ එලවන්නෙ නෑ මොකද මම ස්ට්‍රයික් කලොත් හාල් නැතුව යනවනෙ...

ඔය කාලෙ වෙළෙන්දො හරියට අපේ ගෙවල් පැත්තෙ රවුං ගහනවා...හාල් අරං ගිහිං වැඩි ගාණට විකුණන අය...ඒ මිනිස්සුත් කරන්නෙ සූදුවක් වගේ වැඩක් හාල් අරගෙන යද්දි පොල්ලකදි එහෙම අහුවුණොත් කෙලින්ම හාල් ටික රාජසන්තකයි... උන්ට හාලුත් නෑ සල්ලිත් නෑ...

අපට නං හාල් අහේනිය දැනුනෙ නෑ ගෙදර වී තිබුණු නිසා...ඒ වුණාට කොච්චර නං මිනිස්සු මඤ්ඤොක්කා නටු කකා දුක් වින්දද...

සතියකට දවස් දෙකක් බත් උයන කන එකත් තහනං කලානෙ...අපි නං ඔය නීති ගණංගත්තෙ නෑ හිතුනු වෙලාවට උයාගෙන කෑවා...මොකෝ කුස්සියට ඇවිත් මුර කරන්ඩයැ...
 ඒ වුණාට අනික් බඩු හිඟය අපටත් තදින් බලපෑවා...මිරිස්,කොත්තමල්ලි,උම්බලකඩ,කුළුබඩු ඔය ඔක්කොම දුන්නෙ සමූපකාරෙන් කාඩ් එකකටයි...කිරිපිටි සීනි එහෙම ඇහැට දකින්නවත් නෑ...පාන් දුන්නෙත් කාඩ් එකකට...රෙදි තිබුණෙ බූමිතෙල් ගඳ ගහන ලංකාවෙ නිෂ්පාදන...ඒවත් ඉතාම සීමිතයි...පාංසුකූලෙකට සුදු රෙදි කෑල්ලක් හොයාගන්න මරණ සහතිකේ අරං යන්න ඕනැ.

කිසිම සැලැස්මක් නැතිව මෝඩ විදියට සංවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වල දීල මැතිණි නාගත්ත නාගැනිල්ල හින්දා තමයි හැත්තැ හතේ ජේ ආර් පප්ප හයෙන් පහක බලයක් අරන් ඇවිල්ලා අමුතුම ආකාරයෙ පුදුමාකාර දේශපාලන සංස්කෘතියක් ලංකාවට හඳුන්වලා දුන්නෙ.

ඔය කෑම අහේනි කාලෙමයි අපි කොල්ලො කට්ටිය එකතු වෙලා මඤ්ඤොක්කා කොටුවක් වැව්වෙ...ඊට අමතරව ඒ දවස්වල වත්තක පොල් ගස් දෙකක් මැදගන්නත් අවසර දීලා තිබුණා...ඒ හින්දා පොල් රාත් සුලභව ගලා ගියා...මිනිස්සු රා ටිකක් කසිප්පු ටිකක් බිව්වට ඔය දැන්වාගෙ බාර් එකෙන් ඉවරයක් නැතුව අරක්කු ගෙනත් බොන සිරිතක් තිබුණෙ නෑ.

 ටවුමෙ මස්කඩෙන් හරක්මස් ටිකක් ගෙනල්ල උයාගෙන කෑව මිසක් දැන් වගේ අඩියෙන් අඩියට බ්‍රොයිලර් කුකුල් මස් නෑනෙ...අනික දැන්වගේ ගවමස්කඩ වසව් කියල උද්ඝෝෂණය කරන්න වීරයො වීරවරියොත් ඒ දවස්වල හිටියෙ නෑ...

ඒ දවස්වල කුකුළ කියන්නෙ ඉස්සරහ කෑමක්... ගං කුකුළෙක් මැරුවොත් ඉතිං මඟුලකට තමයි...

කුකුල්ලු ගැන කියාගෙන එනකොට මට මතක් වුණේ සැරයක් අපි ගං කුකුළෙක් කාපු හැටි...ඒත් එක අලුත් අවුරුදු කාලෙක මීට අවුරුදු විස්සකට විතර එහා පැත්තෙ මගෙ මතකයෙ හැටියට...

අවුරුද්දත් ඉවරයි...ඒ වුණාට අපට තාමත් අවුරුදු කොල්ලො එකෙක්වත් රස්සාවලට යන්නෙත් නෑ...හැමදාම උදේට කට්ටිය එකතුවෙලා මොකක් හරි ජෝගියක් නටල දවස ගෙවාගන්නව...

 අද කුකුළෙක් කමු කියල එදා උදේම කට්ටිය කතාවුණා...බ්‍රොයිලර් එකෙක් නෙවෙයි ගං කුකුළෙක්...

හොයාගෙන යනකොට ලියනගේ ළඟ හෙන ඇම්බැට්ට කුකුළෙක් ඉන්නවය ලියනගේටත් මූත් එක්ක කරකියාගන්න දෙයක් නැතුවයි ඉන්නෙ කියල අපට ආරංචි වුණා...

ඒ ගමන අපි ලියන්නව හොයාගෙන ගියා...

ඔය ඉන්නෙ...මට නං ඕකව අල්ලන්න බෑ...රුපියල් සීයක් මට දීල අල්ලගන්ඩ...

ලියනගේ කිව්ව...

අපිත් ලියන්නට සීය දීල බොහොම පරිස්සමෙන් ගිහිල්ල ආදරෙන් කතාකරල අල්ලගන්න බැලුව...මොන පිස්සුද...ඌ මහ ඇම්බැට්ටයෙක්...දුවන්න ගත්තෙ නැතෑ වැටෙනුත් පැනල...අපිත් පස්සෙන් එළවගෙන ගියා...
අපි ගණුදෙනුව කලේ උදේ දහයට විතර...දවල් එක විතර වෙනතුරු මේකා ගම වටේම දිව්වනෙ...අතඇරල දාල නිකං ඉන්ඩත් බෑ සල්ලි දීල ගත්තු කුකුළනෙ...නැතිවෙයි කියල අපිත් උගෙ පස්සෙන්ම එලවගෙන ගියා...

මේකා පස්සෙන් එලවල අපට දැන් පට්ට හැති...මේ වේස කුකුළා කිසි ගානක් නැතුව තාම දුවනව හරියට කකුල්වලට රෝද හයිකරල වගේ...

යාංතං දවල් එකහමාර විතර වෙද්දි මූ ආපහු හැරිල ලියනගේලගෙ ගෙවල් පැත්තට දුවගෙන එන්න ගත්තා...

බැරිමතැන කුකුළව තියාගන්න කියල රුපියල් සීය ආපහු ඉල්ලගෙන ටවුමෙන් කුකුළෙක් ගේමු කියල කතාවෙවී අපි කුකුළා පස්සෙන් කන්ද උඩට දුවගෙන එනවා...

ගෙවල් ළඟට ආවා විතරයි හැති අමාරුවටද කොහෙද මූ ඩේවිට් අයියලගෙ දර මඩුව අස්සට රිංගල ඔලුව දර ගොඩේ හංගගත්තා...

පස්සෙන්ම දුවගෙන ගිය විජා කුකුළව බදල අල්ලගත්තා...

 එවෙලෙම බෙල්ල මිරිකන්න තරං කේන්තියි...හමගහල සුද්දකරගෙන වරෙං කියල උපාලිට කුකුළා දීලා අපි මැද පාරෙන් වෙල අයිනෙ නියරට එන්න පිටත්වුණා...

අපි පාරදිගේ එනකොට ගෙවල්වල ගෑණු මිනිස්සු අමුතු සත්තු ජාතියක් දිහාවෙ බලනව වගේ ඉස්සරහට ඇවිත් අපි දිහෑ බලාගෙන ඉන්නව...බලපුවාම අපි උදේ ඉඳන් කුකුළෙක් පස්සෙ එලෝනව කියල මුලු ගමේම ආරංචි වෙලා...විළි ලැජ්ජාවෙ බෑ.

අපි මදුරාසියෙ ඉඳපු කාලෙ කුකුල්ලු කාපු විදිහ දන්නවද...එහෙ මස්කඩවල මරපු කුකුල්ලු නෑ...පණපිටින් සත්තු කූඩුවල දාල කඩේ ඉන්නෙ...පෙන්නපුවාම මරල කපල දෙනවා...

එග්මෝර්වලදි අපි ගොඩක් වෙලාවට යන්නෙ පුරුසවල්කම් මාකට් එකට...යනකොටම කුකුල් මස්කඩපේලිය තියෙනවා...කඩේට ගිහිං මස්කඩකාරයට කුකුළව පෙන්නපුවාම කූඩුවෙන් එළියට අරං තටුදෙක පටලෝල තරාදියට දාල කිරල ගාණ කියනවා...

හරි කියපුවාම කුකුළව මරන්න දෙනව...ඔය වැඩේ කරන්නෙ අවුරුදු හයක හතක විතර පොඩි කොල්ලෙක්...ඌ ඔය වැඩේට එක්ස්පර්ට්... අතට ගත්ත ගමන් කුකුළගෙ හොට ඈත්කරල වතුර බිංදු දෙක තුනක් කටට දානවා...ඒ දාන්නෙ ආගම කියපු වතුර මොකද එහෙ ඉන්න ඔක්කොම මස්කඩ කාරයො මුස්ලිම්වරු...ඔවුන් ආගමානුකූලව මරපු නැති සත්තු නොකන නිසා පොදුවෙ හැම සතාම මරන්නෙ ආගමානුකූලවයි...

 වතුර දාපු ගමන් බෙල්ල පිට පැත්තට නමල අල්ලගෙන ලෙව්ව වගේ කැපෙන පිහිතලේකින් ට්‍රිෂ් ගාල කුකුළගෙ බෙල්ල කපල ලේ හලන්න මුල්ලකට දානවා...

ටිකකට පස්සෙ අරං උණුවතුර එකේ ඔබල තටු ගලෝල බඩ ඇතුල සුද්ද කරල කපන්න දෙනවා...වැඩේට විනාඩි පහක්වත් යන්නෙ නැති තරම්...

පුදුමාකාර පාපකර්මයක් අපිත් කරගන්නෙ මේ සත්තුන්ව මරන්න පෙන්නල...

බිරිඳ දවසක් මට කිව්වා...
 
ඉතිං මොනව කරන්නද...මස් ගන්නත් එපායැ...

පස්සෙදි අපි ක්‍රමයක් හොයාගත්තා...මස්කඩේට ගිහිං කඩකාරයට කුකුළව පෙන්නල කිරුවට පස්සෙ සල්ලි දීලා කුකුළව මරන්න ඉස්සෙල්ලා අපි එතනින් මාරුවෙනවා...එළවලු එහෙම අනික් බඩුජාති අරං ආපහු මස්කඩේට එනකොට මස්කඩකාරය කෑලි කපපු කුකුල් මස් පාර්සලේ කවරෙකට දාලා අතට දෙනව අපිත් අරං එනවා...

ඔන්න ඔහොම තමයි පව් සිද්ද කරගන්නෙ නැතුව අපි කුකුල් මස් කෑවෙ...කොහොමද බිරිඳගෙ මොළේ.

135 comments:

  1. කෑම බිම ... ඔය සතියක් තිස්සේ ෆ්‍රිජ් එකේ දාගෙන රත් කර කර කෑම ගෙන මැනේජර් නෝනා කෙනෙක් මං කලින් වැඩ කරපු තැනත් හිටියා ... එයා ඉරිදට මකුල් කුෂ් ... තව කරි ජාති 4 ක් 5 ක් උයලා ෆ්‍රිසර් බාග වල දාල එනවලු ඒවා තාම සෙනසුරාදා දවල් වෙනකන් කන්නේ ...... හම්බෝ කෑම එකේ සුවද ....කෑම එක දිග ඇරියම එන ස්ප්‍රිතු සැරක් අපිට නං පළාතේ ඉනද බෑ ...... !! හැබැයි එයා නං මුළු ජීවිතේම කෑවේ එවලු ...!

    ReplyDelete
    Replies
    1. හප්පා සමීර...කොහොම කනවද දන්නෙ නෑ...ඔබ කියනකොට ඒ සැර එනව වගේ තේරෙනවා

      Delete
  2. මාත් උයන්න නම් පුදුම කම්මැලියක් තියෙන්නේ.. ඒත් ඉතිං දිනපතා උයනව... වැඩි වෙලා ඉතුරු වෙලා ‌ෆ්‍රිජ් එකේ දැම්මත් ආයිත් රත් කරලා කන පුරුද්දක් නෑ අපේ මහත්තයට... මම නම් තාමත් ආස කඩෙන් කන්න තමයි... ගෙදර ඉන්නකම් අම්ම උයපුවාමනේ කෑවේ... දැන් උයන්නෙ මම නිසා කඩෙන් කන්න දවසක් එනකම් බලාගෙන ඉන්නේ.. හි හි...

    දැන් නම් ගෙදර ගියාම අම්ම උයපුවා කන්න හම්බුවෙන්නේ නෑ... අපි දෙන්න හිටපු ගමන්නේ යන්නේ.. අම්මලා දන්නෙත් නෑ අපි එනවා කියලා... ඉතිං අම්මා උදේට මොනා හරි හදාගෙන කඩේට ආවට පස්සේ අපි දෙන්නත් කඩේටමනේ යන්නේ ... රෑ 7ට විතර කඩේ වහලා ගෙදර ගිහින් මොනා හරි හදාගෙන කාලා රෑ 10ට විතර ආයිත් එනවා .... දවල්ට කඩෙන් බත් දෙකක් ගෙනල්ලා තමයි කන්නෙ.. අම්මා දන්නවා මං කඩෙන් කන්න ආසයි කියල.. බැඳපු මුල දවස්වල නම් සෙනසුරාදට ගෙදර දුවන්න බලාගෙන සතියම ඉන්නෙ... අම්මත් මොන වැඩේ තිබ්බත් මසක් මාලුවක් හදලා තියනවා.... අපේ නැන්දම්මලා වෙජිටේරියන්නෙ... අපේ අම්මා හරි තරහයි ගෙදරදි හොඳට කකා බිබී හිටපු කෙල්ලට හරියට කන්න වත් නෑ කියලා... හැබැයි ඒ කතාව නම් ඇත්ත... මොකද මට ගෙදරදි කෑවා වගේ නම් කන්න හම්බුනේ නෑ එහෙදි... සුපුරුදු විදියට නිදහසේ මං ආස කරන ජාති ටික විතරක් කොත ගහලා බෙදාගෙන පැත්තකට වෙලා කන්න හම්බුනේ අපි වෙනම ආවට පස්සේ තමයි..... බට් නෝ මස් මාලු... වැඩිම උනොත් හාස්මැස්සෝ තමයි... මස් මාලු කන්න තරම් සල්ලි කොහෙන්ද...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුවත් එක්ක නම් ඔබේ අඩුපාඩුත් පේනවා.

      Delete
    2. හෑ... ඒ මොකෝ.... හි හි

      Delete
    3. ඔබට නැන්දම්මා සම්බන්දව ඇති අප්‍රසාදය.

      Delete
    4. අනේ බොල..ගෑණියෙක් උනාම උයාගෙන කන්න වත් දානගනින්...ඒකවත් බැරි උඹේ ගැණුකම කබලෙ දාලා බදින්නද..පව් බැදපු ගොනා...

      //මාත් උයන්න නම් පුදුම කම්මැලියක් තියෙන්නේ..//

      අපේ අම්මලා ඉස්සර ගෙවල් වල වැඩ කරපු හැටි දැක්කා නම් උඹට ලැජ්ජා හිතෙනවා මේ වගේ කමෙන්ට් සිරිකිත නැතුව දාන එක ගැන

      Delete
    5. AnonymousJune 4, 2013 at 11:28 PM

      නැන්දම්මා ගැන එච්චර අප්‍රසාදයක් නෑ ඇනෝ.... ගොඩක් අය කියන දේවල් එක්ක බැලුවම මගේ නැන්දම්මා හරිම හොඳ කෙනෙක්... ඒත් ඉතිං ගෙදරදි නිදහසේ ඉඳලා පිට ගෙදරකට ගියාම හරි අමුතුයි... එත‌ෙකාට කොච්චර හොඳ කෑම ජාති තිබ්බත් ඒවා කන්න හිතෙන්නේ නෑ... ඒකයි මං කිව්වේ...

      අනිත් ඇනෝට මං සිංහලෙන් කියපු එක තේරිලා නැත්තේ කමෙන්ට් එක එයාගේ භාෂාවෙන් කියලා නැති හින්දද කොහෙද... මං එයාගේ භාෂාව නම් දන්‌ෙන් නෑ... ඉතිං උත්තර දෙන්න විදියක් නෑ ....

      Delete
    6. හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි

      Delete
    7. හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි
      හිහිහිහිහි..ඉහි ඉහි ඉහි

      Delete
    8. මහන්සි වෙලා හරි කමක් නෑ එදිනෙදා කෑම දිනපතා උයන එක ඔබේ හොඳ පුරුද්දක්

      Delete
    9. kohen apu gonak da manda blog hama ekema regena yanawa

      Delete
  3. මිණිවන් පී තිලකරත්න ගේ කෙටිකතාවක ඉන්නවා නෝනා කෙනෙක් එයා ඔය කුකුල්ලු කඩේකට මස් ගන්න ගියාම කුකුලව පෙන්නනවා වෙනුවට ඉල්ලන්නේ ඔණ තියෙන උන් නොවෙයි අර හම නැතුව එල්ලලා තියෙනව කුකුල්ලු නැද්ද කියලයි

    ReplyDelete
    Replies
    1. SINHALEN LIYANNA UGANWANA MAHA UGATHAGE MOKADA SINHALA WERADI?

      Delete
    2. කුකුළු වදන ගැනද ඇනෝ කියන්නේ

      Delete
    3. NEHE NEHE KATHANDARA KARAYA GE WACHANA GENA.

      Delete
    4. නලින් උඹ හැම තිස්සෙම දේශ ද්‍රෝහී කතන්දර කාරයට පුක දෙන්න යන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නවද වැඩක් බලාගෙන...මූට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ..මූට අල්ලන්න යන්නෙ නැතුව ඉන්නම බෑ...

      Delete
    5. ඒ කෙටිකතාව මමත් කියවල තියෙනව මට මතකයි

      Delete
    6. මේ කැපිටල් ඇනෝ කකා යන යන තැන පස්සෙන් එනවා

      Delete
  4. මං නං අහලා තිබුනේ නෑ ගම්වල එහෙම කුකුල්ලු මරනවා කියලා.

    අපේ නැන්ද ගේ මගුල් ගෙදරට කුකුල් මස් ගෙනාවේ හැතැප්ම හයක් විතර බොල්ලතේ කියන කැතලික් ගමකින්.

    අපේ ගමේ ගන්න පුළුවන් වුනේ බිත්තර විතරයි.

    අර විදියට ගං කුකුළාව මරන එකට ගමේ පන්සලේ සාදු ලා විරුද්ධ වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කකා,
      මෙහෙමනෙ හාමුදුරුවරු නම් ඉඳ හිට මස් පොඩ්ඩක් කනව (වලඳනවා ) හැබැයි සාධුලා මස් කන්නෙ නැහැ.

      Delete
    2. වෙදනා

      දැන් කොහොමත් වැඩිපුර ඉන්නේ හාමුදුරුවරු නෙවෙයි... සාධූන් වහන්සෙලා.... හි හි...

      Delete
    3. සාධූ = හොඳයි

      Delete
    4. ඔය ඉතිං නලින් මෙතනත් පුක දීලා...උඹට ලොකු පොරක්ද මේ කතන්දර කියන පල් හොරා ?

      //ගමේ පන්සලේ සාදු ලා විරුද්ධ වුනේ නැද්ද//

      කතන්දර කාරයො...උඹ ලංකා ඊ නිව්ස් එක්ක බුද්ධාගම විකුණගෙන කාලා වරෙන්කො ලංකාවට...කටුනායක එයාර්පෝට් එකෙන් එළියට ආවම තමයි උඹේ හම ගලවන්නෙ කුකුලගෙ වගේ...

      Delete
    5. @ Anonymous June 4, 2013 at 10:13 PM

      විකුණන්න මොකද බුද්ධාගම මට අයිති එකක් යැ?

      මේ ඇනෝ උපාසකතුමා නම් තමන් බුද්ධාගමේ අයිතිකාරයෙක් කියලා හිතාගෙන ඉන්න බව පේනවා.

      නමුත් මගේ හම ගැලවීම වගේ අතිශය කරුණාබර වචන සහිත ඔබේ මෛත්‍රී භාවනාව දැක්කහම නම්, ඔය බුද්ධාගම නං කාට විකුනන්න හැකි වේවිද මන්දා?

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. @ඇනෝ June 4 10.13 PM,10.10PM,11.57PM
      ලැබී ඇති නිදහස යුතු ලෙස පාවිච්චි නොකරන මෙන් නැවතත් දන්වමි.මේ බ්ලොගයෙදී අපහාස හෝ තර්ජන කළ හැක්කේ මට විරුද්ධව පමණකි.
      තුන්වන පාර්ශවයකට නැවතත් අපහාස කළහොත් කමෙන්ටුව මකා දමන බව කරුණාවෙන් සලකන්න

      Delete
    8. මේ මෝඩකමද, නැත්තං ද්වේශ සහගත බොරු ප්‍රචාර කරනවාද?

      මෝඩකම නම් ඒ මෝඩකමට සීමාවක් නැද්ද?

      හොඳ වෙලාවට ලංකාවේ මීහරක් මස් කන්නේ නෑ. නැත්තං ඔහේ මෙලහකට කක්කුස්සිවල!

      Delete
    9. (සාධු = well done)නේද?

      Delete
    10. කකා ඒ දවස්වල කුකුලෙක් කියන්නෙ ඉස්සරහ කෑමක් අද වාගෙ නොවෙයි...ඉන්නෙත් ගං කුකුල්ලු විතරනෙ...ඉතිං උයන්න එන කෝකිය කුකුළ මරල රෝස්ට් කරල මේසෙන් තියනව ලස්සනට වාගෙ...ගොඩක් අය ඔය කුකුළව කෑමට ගන්න උත්සාහ කරන්නෙ නෑ..

      Delete
  5. උඹ මේ පාර නම් ගෑනුන්ගෙන් ගුටි කන මතෘකාවක් ‍තෝරගෙන තියෙන්නේ ඔය ෆ්‍රිජ් එකේ කතාව කියලා.

    එක පාරක් මචං ඔය ඵලදායීතාවය ගැන කතා කරන බුවෙක් ටීවී එකේ පෙන්නුවා කළමනාකරන පාඩමක්.

    බුවා ඉස්සෙල්ලම ඔය ෆ්‍රිජ් එක තියෙන්නේ පිසූ ආහාර දාන්න නෙවෙයි කිව්වා.

    සීනි බෝතලේ මාක් එකක් දාගන්නලු. එතනට සීනි මට්ටම පාත බහින කොට සීනි ගේන්න රිමයින්ඩර් එකක්ලු ඒක. එතකොට ඔය එකබඩුවට එක පාර ගානේ කඩේ යන එකයි හොද්ද ලිපේ තියලා ලුණු ගේන්න කඩේ යන එකයි, උදේට තේ බොන්න සීනි නැති බව උදේට දැනගන්න එකයි වගේ අප්සෙට් වැඩ වෙන්නේ නෑ කියලා.

    අනේ මචං මේකා ගෑණුන්ගේ හිට් ලිස්ට් එකට වැ‍ටුනනේ එදා ඉඳලා.

    ReplyDelete
    Replies
    1. මම කරන්නේ සීති, පිටි, තේ කොළ, ලුණු, තුනපහ ජාති එහෙම, තියෙන ඔක්කොම බෝතලේට හලන්නෙ නැතුව ඉන්න එක... ටිකක් පැකට් එකේම ඉතුරු කරලා ගැට ගහලා හොඳට වැහෙන භාජනේක දාලා තියන එක.... හදිස්සියේ ඕවා ඉවර උනොත් එහෙම අර අරන් තියපු ටික තියෙනවා, කඩේ දුවන්න ඕනේ නෑ... හැබැයි එහෙම වෙන්නේ කලාතුරකින් මට... කොහොමත් මට සැරින් සැරේ අරක ඉවරයි මේක ඉවරයි කියලා කඩේ දුවන පුරුද්දක් නෑ...

      Delete
    2. කඩේ තියා ඉතින් එළියටවත් බහිනවයෑ. නැත්තං සද්දේ අහං අවුරුදු උත්සවේට නෑවිදිං ඉන්නවයෑ

      Delete
    3. එදා උණ ගැනිලනේ හිටියේ නලීන් අයියේ... හි හි

      Delete
    4. ඉහි ඉහි ඉහි හිහිහිහිහිහි
      ඉහි ඉහි ඉහි හිහිහිහිහිහි
      ඉහි ඉහි ඉහි හිහිහිහිහිහි
      ඉහි ඉහි ඉහි හිහිහිහිහිහි
      ඉහි ඉහි ඉහි හිහිහිහිහිහි

      Delete
    5. මේ ඇනෝට පිටගැස්මට දෙන බේත විද්දොත් නරකද හිරුවො...

      Delete
    6. මටත් අහන්න තියෙන්නෙ ඇයි ඇනෝ...මෙහෙම කරන්නෙ..???

      Delete
    7. ගුටි කෑවත් මටනං ප්‍රිජ් කෑම අරහං මචං

      Delete
  6. මේ කතාවේ හැලපකාරයා පන්සිල් තුනක්ම (1, 2 සහ 4) කඩලා නේද? චානි අක්ක ගේ ගෙදරදී අවුරුදු වෙලත් පස්වෙනි එකෙන් බේරුණු එක පුදුමයි!

    ReplyDelete
    Replies
    1. PANSIL 3KMA, = ETHAKOTA 5X3 = SIL PADA 15K? ( P A D A NOWE}

      Delete
  7. ඔය කියන කාලේ මම කුඩයි හැබැයි මට මතකයි හොදට. අපේ මලයා ඉපදුන අලුත. කොළබ හිටි අපට මොන හාල්ද. අපේ ආච්චි කොට්ට උරයක් වගේ එකක හාල් දාල ඉනට තියලා චීත්තෙ ඊට උඩින් ඇඳන් අපිට හාල් ගේනවා හොදටම මතකයි. ඔන්න රට සංවර්ධනය කොරන්න හාල් නැතුව බත් දුන්න අම්ම කොරපු හරිය.


    ReplyDelete
    Replies
    1. මොකට කියනවද වෙද මහත්තයො ඒ හරිය,මිනිස්සු නොවිඳිනා දුක් වින්දනෙ කෑම හොයාගන්න ඒ කාලෙ.

      Delete
  8. අද තමා මේ පැත්තේ ආවේ...ඉඩ ලැබෙන විධියට පරණ පෝස්ට් කියවාගෙන එන්නම්... කීප් රයිටින්..ගුඩ් ලක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඔබගෙත් පළවෙනි පැමිණීම,ආදරයෙන් පිළිගන්නවා

      Delete
  9. උඹත් එක්ක බෑ හැලපේ.. වෙන මුකුත් ලියන්න වෙන්නේ නෑ මටත් ඉතින්. මේක රස ගුලාවක්නේ. ෆිජ් එකේ දාලා තියෙන කිසිම කෑමක් මම නම් කන්නේ නෑ. මොන රටේ හිටියත්. අපේ අම්මා බත් හැදුවට මට කියලා වෙනමකරදරයක් උනේ නම් නෑ. වැඩට යනකොටවත්. මොකෝ මම බත් කන්නේ නෑනේ. අපේ අම්මටත් අර අත් ගුණේද මොකක්ද කියන් එක තියෙනවා. හට්ටි බැලුවොත දෙන්නෙකුට තුන්දෙනෙකුට කන්න තියෙන කෑමක් වගේ පේන්නේ. ඒත් ඔක්කොම කාලා ඉතිරිත් වෙනවා. මමත් බත් කෑවේ නැති උනාට. හැන්දෑවට මාළුයි පොලුයි ලුණුයි එක්ක බත් හට්ටියේම අනලා කවන බත් එකෙන් නම් කටවල් දෙක තුනක් කනවමයි. පුදුම රහක් නේ අම්මා කවන බත් වල තියෙන්නේ. අදත් මම යන්න ඉස්සෙල්ලා කිව්වම සුදු හාල් බතුයි, කට්ට සම්බෝලේයි වරදින්නේ නෑ.

    මම කලිනුත් කිව්වනේ හාල් කේස් එක. අපිට හාල් ආවේ උනවටුණ ඉස්ටේසමේ ඉඳලා කැළණියේ ඉස්ටේසමට. මැතිනිගේ කාලේ හාල් කෝච්ච්යේදි රහත් වෙන්න ගත්තා. ඒ පාර හාල් එවන් එක නැවත්තුවා. ඊට පස්සෙ හාල් ටිකක් ආවේ පැටි මහත්තයා අලි තඩි පර්ජෝ එකේ ගමේ ගිහින් එනකොට හරි. තාත්තා පුස්සගන් වෑන් එකෙන් ගමේ ගියොත් විතරයි.

    අර වේස කුකුලා කියලා නම දාලා තිබ්බේ. කිකිලියෝ ගොඩක් උන්න නිසා වෙන්න ඇතිනේ. වේස කුකුලා පස්සෙ දිව්ව වෙලේ ඌගේ කෑල්ලක් අල්ල ගත්ත නම් ඉවරනේ. අපේ උන් නම් කුකුල්ලු ඉස්සුවේ හැරිස් මහත්තයගෙ බංගලාවෙන්. එක සැරයක් ජයසෙනයා පොලිසිත් ගෙනිච්චා. මාට්ටු වෙලා. ඒ කාළේ පොලිසියෙ උන් නම් හොඳයිඔ. ජයසෙනයගේ බඩට එකක් ගහලා තියෙනවා එච්චරයි. හැදෑවේ ඌ ගෙදර ආවා. ඊට පස්සෙ හැරිස් ගේ කුකුලො කිකිලියෝ අඩු උනේ නම් නේ. ඒ පාර කොල්ලෝ එහෙට පනින්න ගත්තේ වෙන වැඩකට.

    කුකුල්ලු නම් මාත් ගන්නේ කොක්කෙ එල්ලලා ඉන්නවනම් විතරයි. නැත්තං ඉති රතට රතේ ඉන්න සූකර මහත්තයගෙන් කෑල්ලක් තමයි ගේන්නේ. කකුළුවො ගන්නෙ නම් හැලපෙගේ සිස්ටම් එකට. ඉස්සෙල්ලම යන්නේ කකුළුවෝ ඉන්න තැනට. සල්ලි ගෙවලා කකුළුවෝ ටික අරගෙන, අනික් මාළු අරන් එනකොට, අනේ මෙන්න උන් මැරෙනවා. දුකේ බෑ. ඒත් ඉතින් මක්කා කරන්නද, අපරාදේ නේ සල්ලි. මම දන්නෙ නැතුව කසාද බැන්දයින් පස්සෙ මැනිං මාකට් එකෙන් පනපිටින් ගෙනාවා. එදා තමයි අපේ නැන්දම්මා අපේ අම්මගෙ ගුණ ගායනා කල පලවෙනි දවස. එයා ඇවිත් මේ දෙවිනුවර එක්කෙනෙක්. හැබයි එදා නම් මම හිතුවේ රජ්ජම වෙන්න ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. අම්මා කවන බත් එකේ අමුතු රහක් තියෙනවා කියලා දැනෙන්නේ අපි තනියෙන් කනකොට වගේ වෑංජන තෝරලා බේරලා අනන්නේ නැති හින්දා... තියෙන ඔක්කොම අනනවානේ... හි හි

      අපේ අම්මා අපි තුන්දෙනාටම, ඒ කිව්වේ මල්ලිටයි, නංගිටයි, මටයි, තාත්තා හිටියොත් තාත්තටයි ඔක්කොටම උදේට ගෙදරින් එළියට බහින්න කලින් කවනවා... ඒක ක‌ෙඩ් පටන් ගන්න කම්ම තිබ්බ පුරුද්දක්... තියෙන්නේ පොල් සම්බෝලද, ඒක එක්ක හරි උදේට බඩවල් පුරවලා තමයි යවන්නේ... අපේ මහත්තයත් උදේට කන්න පුදුම හොරයි මුලදි.. දැන් මං උදේට වැඩට යන්න කලින් කවන්න පටන් අරන්, බැරි වෙලා හරි උයන්න පරක්කු උනොත් රණ්ඩු වෙනවා බඩගිනියි කියලා...

      Delete
    2. තව මරු වැඩක් උනාලු ජයසෙනයට. පොලිසියෙන් ඌට කිව්වලු හැරිස් මහත්තයගේ කකුල් දෙක අල්ලලා වඳින්න කියලා. මූ ආයේ දෙකක් නැතුව බිම දිගාවෙලාම වැදලා. හැරිස් මහත්තයා පස්සට් පැනලා කිව්වලු.. ඉට්ස් ඔකේ සන්.. තැන්කූ වෙරි මච් කියලා. ජයසේනයා ගෙදර ඇවිත් තියෙන්නේ, හැරිස් මහත්තයගේ ට්‍රෑම්ප් එකේ...

      Delete
    3. හවසට බඩගිනි වෙන වෙලාවට ගොඩක් වෙලාවට බත් තිබුණට මාළුව ඉවරයි. එතකොට තමයි මාළුව ඇතිලියටම බත් බෙදන් කන්නේ. ඔහොම කන්න කම්මැලි උණාට ඒ වගේ දවස්වලට අනිත් වෙලාවට වැඩිය කැවෙනවා. මස් මාළු එහෙම හදන දවසට ඉස්සර අපි පොරකනවා ඇතිලියෙන් කන්න.

      ඇයි කිරිබත් දන්කුඩ? හැබැයි දර ලිපේ හදපුවා. ගිය සතියෙත් කෑවා. (මගෙ බර්ත්ඩේ එකට දන්කුඩ කෑවේ. :D )

      Delete
    4. සිරිමගේ කාලේ මේ හාල් පොලු කේස් එක අපටනං දැනුනෙම නැ. මොකද අපි කුඹුරු හේන් වැඩ කරපු නිසා. මං නොවේ අපේ තාත්තා අම්මා. ඒ කාලේ මංඤ්ඤොක්කා ගෙනියන්න අපේ ගමට පෝලිමේ සෙනග එන්නේ. මං හිතන්නේ එදා තමා රට හදන විදියට වැඩක් කෙරුණේ. ඒත් වැරැද්ද වුණේ රජ ගෙදරට එක විදියක් හා අවශේෂයන්ට තව ක්‍රමයක් තිබීමයි.ඒ විදියට මහන්සියෙන් දෙයක් නිෂ්පාදනය තමයි අද නැත්තේ.

      Delete
    5. අනේ පලයන් නලියෝ යන්න. උන්ට ඇපල් අපට මඤ්ඤොක්කා.. ඒ පවුල තමයි මේ රට කෑවේ.. ආයෙත් එන්නලු යන්නේ.. ඕන් ගිහින් ආයෙත් රජ කරපන්...

      Delete
    6. ඉතිං බං මං කියලා තියෙන්නේත් ඒකමනේ// රජ ගෙදරට එක විදියක් හා අවශේෂයන්ට තව ක්‍රමයක් //

      Delete
    7. මාතලන් ඔය කතාව රහට ලියල පෝස්ට් එකක් දාන්නකො,අපරාදෙනෙ කොච්චර ලස්සන කතාද නොලිය ඉන්නෙ

      Delete
    8. @නලීන්,
      මට මතකයි මමත් ඔය කාලෙ අපේ අම්මලගෙ ගමේ හිටිය...හාල් ගෙනියන්න මඤ්ඤොක්කා ගන්න මිනිස්සු පෝලිමෙ එන්නෙ

      Delete
  10. ...//පස්සෙ කාලෙක හෝටල්වලින් කැන්ටිංවලින් වතුරයි බතුයි කනකොට තමා අම්මගෙ බතේ රස තේරුණේ...//....
    මේකනම් සහතික ඇත්ත හලපයියේ. දැන් උණත් හදිස්සියේ ගෙදරට රෑ කාම එකක් ගෙනාවොත් මන් කන්නේ දන්කුඩ ටික හූරගෙන. ඒ තරම් කඩ කෑම අප්පිරියයි.

    ගම්කුකුළා පස්සේ එලෝන හැටි කියෝන කොට හිනා ගියත් ඒ එක්කම සිහි උණේ ඌ ඔච්චර පන කඩාගෙන දිව්වේ පන බේරගන්නනේ කියලයි. මං පොඩි කාලේ දැකලා තියෙනවා හරක් මරන්න අල්ලන හැටි. පස් හය දෙනෙක් එකතු වෙලා හරකව මන්දකට කොටු වෙනකන් පන්නන් ඇවිත් අහු උනායින් පස්සේ ඌව ඇදගෙන යනවා. කට්ටියම එකතු වෙලා ඇදලත් තව එකෙක් නැට්ට මුලින්ම අඹරලත් ඌව අරන් යන්නේ බොහොම අමාරුවෙන්. :(


    ....//එග්මෝර්වලදි අපි ගොඩක් වෙලාවට යන්නෙ පුරුසවල්කම් මාකට් එකට//....
    ඇයි බං ඊට එහා පැත්තෙ ලේන් එකේ තිබුණු ස්ත්‍රීවල්කම් මාකට් එකට ගියේ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. අකමුත් ගිහිං තියන හැඩයි. ඉතිං හැලපයියා නොයා ඉඳී.

      Delete
    2. අනේ මේ මං....? මේ බෝ පැලේ වගේ ඉන්න පොඩි එකා...?

      Delete
    3. ඒකට යන්නෙ මිසිස් හැලපෙ නැති වෙලාවටලු.

      Delete
    4. ඒකට අපි දෙන්නත් එක්කම යමු අකමො

      Delete
    5. සීවරම් දෙයියනේ..........

      Delete
  11. අම්මෝ..හැලපේ පුදුම මහන්සියක් තියෙන්නේ.. හරියට අර කුකුළාගේ පස්සෙන් පැන්නුවා වගේ.. මොකද ඉතිං පැරිස් ඉඳන් ලංකාවට ඇවිත් අයෙමත් ඉන්දියාවටත් යන්න වුණා නෙව..:)
    හැබැයි ඉතිං රසවත් ගමනක්..:)

    ReplyDelete
    Replies
    1. හරි මහන්සියි තමා පන්නලා

      Delete
  12. අද ඊයේ තමා මේ බ්ලොග් එක ගැන දැන ගත්තේ. පරන කතා ඔක්කොම කියවල්ලා ඉවර කලා.
    මරු කතා සෙට් එක. මට මතක් උනේ ඔබා මාමව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඔබවත් ආදරයෙන් පිළිගන්නවා

      Delete
  13. මෙහෙමත් කෑම ගැන කියන වෙන පෝස්ට් එකක් මම නම් දැකලා නෑ. කියෙව්ව හැම පාරම මට බඩගිනී.:)

    අර හැලපයා, හැලපි ගෙදර නැති කාලේ උයපු විදිය දැක්කාම හිතුනේ කොච්චර හොඳ පුරුෂයෝ මේ ලෝකේ ඉන්නවාද කියලයි. (තාම ඇතිනේ )

    පව් නොකර කුකුළ් මස් කන හැටි හොයාගත්තු හැලපිටත් සම්මානයක් දෙන්ට වටිනවා.:)
    හැලපයා ප්‍රංශ කෑම ගැනත් මේ වගේ වටේ යමින් කියයිනේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රංශ කෑම ගැනත් යමක් කියන්න ඕනෙ පොඩ්ඩියෙ,ඔබ කියපු නිසාම

      Delete
  14. හැලප මහතා මගේ පියාටත් වඩා වයස ඇති. එකයි මම මේක කියන්නේ.

    මොකක්ද හැලප මහත්තයෝ මේ ලියන්නේ? ඔබතුමාලා වැඩිහිටි පුරවැසියන් හැටියට තරුණ අපට ආදර්ශයක් වෙන්න ඕනි. නමුත් මේකේ කියවලා බැලුවම තියෙන්නේ මත්පැන් බිපුවයි, අනුන්ගෙන් හොරකම් කරපුවයි, විවිධ විෂමාචාර වැඩ කටයුතු උලුප්පලා නේද? ඇයි මේ වැඩිහිටි ඔබලා නිකං සමාජයට/තරුණ පරම්පරාවට විහිළු සපයන්නන් බවට පත්වෙලා තිබෙන්නේ? මේ වගේ තව බ්ලොග් එකක් තිබ්බා .එකෙත් තිබ්බේ මේ වගේ විසමාචාර ක්‍රියා උලුප්පලා. මෙව්වට හෝ ගාලා හිට්ස් ලැබෙනවා ඇති. නමුත් ඔඅබ කරන්නේ සමාජ අනර්ථයක්.

    ඔබලා වැඩිහිටි පුරවැසියන් වශයෙන් ඔබලාට වගකීමක් තිබෙනවා. කරපු දුරාචාර වැඩ මහා වීරකම් විදියට උලුප්පලා දාන්නේ ඇයි? ඔබ ලියා ඇති සෑම ලිපියකම ඇත්තේ කුමක් හෝ පස්පවක් සිදුකෙරු අයුරු.

    තව එකක්, ඔබ ඔය අන්තිමට කියලා තියෙන විදියට මස් ගැනීමෙන් වැඩිපුර පවක් වෙන්නේ ඔබට. අනිත් තැනැත්තා සතා මරන්නේ ඔබ කියන නිසා. ඒ පව ඔබට එනවා.

    මම දන්නේ නෑ මේ කොමෙන්ට් ඒක පබ්ලිෂ් කරයිද කියලා. පබ්ලිෂ් කරන්න ඔබට ශක්තියක් ඇත්තම් මම සතුටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න අපේ තරුණ පරපුර..හොඳ ආදර්ශමත් තරුණයෙක්...පව් කාරයෝ නැති සමාජයක් හදන්න බොක්කෙන්ම ට්‍රයි කරන කොලුවෙක්...

      Delete
    2. @ඇනෝ at 6:34PM;
      අනේ පලයං හුජ්ජ කොල්ලො යන්න.උඹේ මෑණියන්ගේ වස්තරේ පාට මගෙන් අහගන්නෙ නැතිව හිටහං.
      හැලප ලියන්නෙ අපේ කාලෙ වෙච්ච ඇත්ත දේවල්.බොට කිචි නම් නොකියව ඉදිං.
      දෙමවුපියන්ට කොලේ වහල,ලෝකෙ තියෙන නොසන්ඩාල වැඩ කර කර මෙතන එනව අපිට සුදු ළුණු පොඩි කරන්න.

      Delete
    3. අනේ කෙන්ජි...මට කියලා තොගෙ රැලි වැටුන පුක පලාගන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නවද...තෝ බඩු /කොලු කාරයා කියලා ලංකාවෙ උන් වගේම ජපානෙ උනුත් දන්නවා...තෝත් දවසක මේ හැලපයා එක්කම අපායට පල...

      Delete
    4. මම හිතන්නෙ මගෙ පුකට හුනු බිජු දැනෙයි කියල.
      පුලුවන්නම් සේසතම විකුනල ඇමරිකන් බිජ්ජක් හයි කරගෙන එනවද සත්තරන්.

      Delete
    5. හූණු බිජු තියෙන්නෙ ජපන්නුගෙනෙ බොල...ඒ කියන්නෙ මෙතෙක් කල් උඹට ජපන්නු තමා අහවල් වැඩේ කොලේ...කැතැයි කෙන්ජි හොදටම කැතයි...ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කර ගන්නෙ නැතුව දැන්වත් ලංකාවට එන්න...ඔය නලින් වගේ අපේ මහින්ද මහත්තයට ඕක අල්ලලා හොද පට්ටමක්,වරදාන, දීමනා දිනා ගන්න...

      ඇමරිකන් එකක් යැව්වත්...එකම දේ නේද සුදෝ වෙන්නෙ...කෙන්ජි කියන්නෙ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කර ගත්ත එකෙක් කියන කැත කථාව නේද එතකොටත් රට්ටු කියන්නෙ...හරිම කුජීතයි නේද මේවා දරුවො දැන ගත්තොත්.....

      Delete
    6. හැලපයට වැදගත් විදියට ලියන්න කියන එකාගේ වැදගත් කම පුකෙන් බේරෙනවා. මේ වගේ උන් තමයි බොරු කාරයෝ. හැලපේ ලියන්නෙ ඇත්ත. ඒතකොට මේ ඇනෝලගේ ඇත්ත ජීවීහ කතාව ලියවෙනවා.

      කෙන්ජිත් ඇත්ත කියපු ගමන් උගේ මල පනිනවා. කෝ එතකොට මහ ලොකු වැදගත්කම. බොරුව නැතුව පොළොවේ පහ ගහලා ජීවත් වෙන්න ඇනෝ මහත්තයා. කොහොම හරි අනුන්ගේ තැනවල බයිලා නොගහ මෙතනම කෙලින්ම කියපු එක නම් අගය කරනවා..

      Delete
    7. උඹ ඉතිං සුද්දන්ට කිඹුල්ලු කියලා කඹරයො පෙන්න පෙන්න ලංකාව විකුණගෙන කන එකානෙ...තොපි ඔක්කොම බේබද්දො/සල්ලාලයො/මානසික රෝගින්...එක වල්ලෙ පොල්...ජංගිය ඇදගෙනද මාතලන් කමෙන්ට් කලේ...

      Delete
    8. ඇයි උඹ අඳින්නේ ජංගිද...?

      Delete
    9. මානසික රෝගීන් කව්ද කියලා පේනවා. පොඩි කාලේ බැරි උනානම් දැන්වත් ඇලක දොලක බැහැලා ගමකට ගිහින් ජීවීතේ විඳපන්. තුන් තිස් පැයේම බුකියේ එල්ලිලා කෙල්ලන්ගෙන් ආලේ හිඟා කකා අනුන්ගේ සීනී කිරන්නේ නැතිව. කොමෙන්ට් වලින් පේනවා තොපේ වැදගත්කම..

      Delete
    10. ජීවිතේ විදිනවා කියන්නෙ පැය ගණන් කුකුල්ලු මරන්න උන්ගෙ පස්සෙන් එළවන එකද...තමුසෙ පිස්සෙක්ද ඕයි...රෝයල් එකට ගියේ මහත්තුරු කියලා හිතුවෙ...බලාගෙන ගියාම මස් වැද්දොත් ගිහිල්ලනෙ...

      Delete
    11. තොපි කොලු කාලේ පොන්නයෝ වගේ උන්නට අපි මක් කොරන්නද? කාළකන්නි ඒ කාලේ ආතල් අරගෙනත් නෑ. දැන් ගන්නෙත් නෑ. කොම්පියුටරේ තමයි උඹලගේ ජීවීතේ...

      Delete
    12. පොන්නයා කිව්වෙ මාතලන්ගෙ නෝනා මාතලන්ට ආදරේට කියන නමද ?

      Delete
    13. අනේ නෑ. ඔයාගේ අම්මා ඔයාට කතා කරන නම...

      Delete
    14. චී චී බොහොම කැතයි...රෝයල් ගිය මාතලන් වගේ දේශප්‍රේමියෙක් කියන කථාද මේ...අනිත් එක දරුවො ඉන්නෙ තාත්තා කෙනෙක් නේද...නෝනා ඔහොම නමකින් කථා කරනවා කියලා ඇයි මේ ලැජ්ජා නැතුව ලෝකෙටම ඇහෙන්න අඩබෙර ගහන්නෙ...මාතලන් ඇදුම් අදින්නෙ විලි වසාගන්න නෙමෙයිද ?

      Delete
    15. රෝයල් ගිය නිසා තමයි මේ පන්නරය ලැබිලා තියෙන්නේ මොකෝඅ එතන කුරුඳුවත්තෙ එකයි. අම්පාරෙ උහන එකයි, ගිරාඳූරු කෝට්ටේ එකයි, මැති ඇමති පුතාලයි. කෝටිපතියෝයි, වලව්කාරයොයි, හිඟන්නොයි, දෙමළුයි තම්බියි ඔක්කෝම ඉන්න නිසා තමයි රට ගැන ළෝකේ ගැන දැනගන්නේ. අපි මෙතනින් නවත්තමු. කෙනෙකුට ගහන කොට පාසල් අරවා මේවා ඇදගන්න එපා. මොකෝ අපි ප්‍රසිද්ධියේ ලිව්වට. ඔහේලා පොන්නයෝනේ.

      Delete
    16. මාතලන් මුං ඇවිල්ල ආසයි භයයි කස්ටිය.අපි කරපු කෙලි වලින් දශමයක් කරන්න පුලුවන්ද මුන්ට?
      තොපිට පුලුවන්ද යාරයක් දිගට හුජ්ජ් කරන්න වැල්ලෙ අගල් 4ක් වල හෑරෙන්න?.

      Delete
    17. ඇයි මේ සුචරිතවාදී ඇනොට තමන්ගේ නමකින් ඇවිත් හැලප කඩේ විවේචනය කරන්ඩ බැරි ... එක්කෝ කුහක් කම නැත්තන් මෝඩ කම ඔය දෙකම නෙවේ නං නපුන්සක කම

      Delete
    18. හුජ්ජ කරලා හෑරෙන වලේ ගැඹුර මනින්න උඹට පිස්සු උනාට කෙන්ජි මට නම් පිස්සුවක් නෑ...උඹලගෙ කෙස් පැහුනට තාමා පොඩි උන් වගේ...කලිසමේ රෙවෙනවා...

      සමීර...වතුර එනවා නම් පොල්මුඩු කෑල්ලක් අරන් පුක පැත්ත පොඩ්ඩක් අතුල්ලලා හෝද ගන්නවද...කෙන්ජිට අල්ලන්න කලින්...උඹලා වගේ තරුණ කොල්ලො පේන්න බෑ ඔය කෙන්ජියට....

      Delete
    19. ඇනෝ,ඔයාට කොච්චර කෑවත් මදි නේද,නිශ්ශබ්දව ඉන්නෙ නැතුව අසහනේ පෙන්නනව.

      Delete
  15. අපේ ගම්වලත් ඉස්සර ඔය විදියේ කුකුල්ලු මරණ, උරෝ කපන ඒවා තිබබා අපි පොඩි දවස් වල. ඒත් දැන් නම් ඒවා නැත්තටම නැතිවෙලා. මිනිස්සු හැදිලද සත්තු අඩු වෙලාද දන්නේ නැහැ. මොනවා උනත් ඒක සතුටට කාරනයක්

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හැදිලවත් සත්තු අඩුවෙලාවත් නෙවෙයි,දැන් ඕනැ විදියට කඩවල ගන්න තියෙන නිසා මිනිස්සු ඒ ගැන කරදර වෙන්නෙ නෑ.

      Delete
  16. යන ගමන් තව කොහාට හරි ගොඩවෙලාම යමු...

    ReplyDelete
    Replies
    1. දැන් නං බොහොම ළඟයි බං ගමන

      Delete
  17. මැතිනිගෙ කාලේ මිනිස්සු වින්ද දුක නම් කියල වැඩක් නැහැ.
    ප්‍රිජ් එකේ පල් කර කර කන එකනම් අරහං .
    ඉස්සර දර ලිප් වල උයන මස්/මාළු ඒ මැටි භාජනෙයම පහුව දා උදේ ඉදි අප්ප,මනි පිට්ටු එක්ක කද්දී කොහොමද?
    රතුළුණු හීනියට කපල පොල් කිරි දාල කන දිය බත් එහෙම කොහොමද හැලප?

    ReplyDelete
    Replies
    1. ඇයි කෙන්ජි දෙල් වෑංජනේ ඉතුරු ඇතිලියට බත් දංකුඩ දාගෙන කනකොට කොහොමද ගතිය

      Delete
  18. නාකියො...තොට ලියන්න දේවල් නැත්නම් නිකං ඉදපන්...පවුකාරයා...යකෝ කුකුලෙක් මරන්න හැති වැටෙනකං ගම පුරා දුවන එක තොට මහ වැඩක් වුනාට අපිට නම් හිරිකිත වැඩක්...මේ වගේ පවුකාර කම් කරලා උඹ මෙතන තව රස කර කර ඒවා ලියන්නෙ හරියට හරි සූරකමක් කරලා වගේ...කිසි දෙයක් කරතියා ගන්න බැරි අසරණ සතෙක් අල්ලගෙන ඌට දසවද දීලා මරණ උඹලා හරි වීරයො කියලද උඹ හිතාගෙන ඉන්නෙ...මැරෙන්න මොහොතකට හරි කලින් කරපු පවු ගෙවන්න වෙන බව විතරක් මතක තියාගනින් බේබද්දා...

    ReplyDelete
    Replies
    1. @ඇනෝ at 10:17PM
      තරුණ ළද මෙහෙම ලිව්වම ඔයාට කොච්චර සනීපද මෙයා.

      Delete
    2. මම අද බ්ලැක් ඇමරිකන් පොල්ලක් හොයන්න මාකට් යනවා...ඒක හොයාගන්න බැරිවුනොත් අස්පයෙක් හරි හොයාගෙන එන්නම්..කෙන්ජි බටර් කාලකුත් අරගෙන අහවල් පෙදෙස හෝදගෙන හදුන්කූරු දුම් ටිකකුත් අල්ලගෙන ලෑස්ති වෙලා ඉන්න...මතක ඇතුව ගෝණි ඉදිකට්ටකුත් තියා ගන්න පැලුනට පස්සෙ මහන්න...

      Delete
    3. චීයිය ගොඩේ !@#ත බටර් නැතුව පුක හිරි වැටෙන අර තෙල් ගතිය තියෙන ඩ්‍රොප් එකවත් දන්නෙ නැති පොන්නය.

      Delete
    4. මේ කුකුලෝ මරණ උන් නෙමේ මිනී මරන උන්... මරලා දුන්නොත් නොකාම ඉඳියි..

      Delete
    5. කෙන්ජිත් එක්ක ඔයත් එන්න මාතලන්...බටර් නැත්නම් අර කෙන්ජිත් කියන එකත් අරගෙන එන්න...

      Delete
    6. මොකෙද්ද මන්ද මේ ඇනෝ.... කාලකණ්නියෙක්... අසහන කාරයෙක් එහෙම නැත්නං ර්ස්සාවක් හොයාගන්න බරුව දෙමව්පියන්ගේ සල්ලි වලින් පය 24ම නෙට් එකේ වල්පල් බල බල ඉන්න එකෙක්ද කොහෙද. නත්නම් මූ දාන දාන රිප්ලයි එකට කොමෙන්ට් කරන්නේ අහවල් ලබ්බකටද? මූ දැන් මේකටත් මොකක් හරි කුණුහරුපයක් ලියයි...ආය දෙකක් නෑ.

      Delete
    7. පවු ගෙවන්නෙ මමනෙ ඇනෝ,ඔයාට මොකක්ද තියෙන අසහනේ

      Delete
  19. හරි හරි‍ මොනාලිසා තමයි එහෙනං හාල් පොල් දාල තියෙන්නෙ.

    කුකුළ්ලු ‍විතරක් නෙමෙයි ගොඩක් සත්තු බොහෝ රටවල් වල ඒ වෙලාවෙ මරල දෙන්නෙ කියල මම දැකල තියෙනව. අර කියල තියෙන විදියට මරණ වෙලාවට ඇස්දෙක පියාගෙන හිටියත් හරිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න ඇස් පියාගෙන හිටියත් හරි තමා

      Delete
  20. මම කලින් ඇනෝලාට සම්බන්ධ නැති අයෙක්මි. කීප වතාවක් හැලපයාගේ කථා කියවා ඇති මුත් අදහස් දක්වන්නේ ප්‍රථම වතාවටය. ඔබේ සෑම කථාවකම පාහේ මත්ද්‍රව්‍ය හෝ ප්‍රාණඝාතයක් පිළිබද යමක් අනිවාර්යෙන්ම ලියැවී ඇත. ඉන් ඔබ අදහස් කරන්නේ හැලපයා යනු එවැනි ක්‍රියා කිසිම අපුලකින් තොරව අනුමත කරන අයෙකු යන්න නේද...

    පැය ගාණක් කුකුලෙකු පස්සෙන් පැන්නූ බවක් අද ඔබ ඉතාමත් ආඩම්බරයෙන් කියා තිබේ. මදකට සිතන්න...ඔබ ඒ කුකුලා උනා නම්...ඔබට ප්‍රාණ භය දැනෙන්නේ නැද්ද...ඒ අහිංසක සතා පණ බේරාගන්නට පැය ගාණක් කල සටන පිළිබද මට නම් ඇත්තේ බලවත් වූ වේදනාවකි. ඔබට ලියන්නට තවත් ඇත්තේ මෙවැනි අකුසල කර්ම පිළිබද තුට්ටු දෙකේ බ්ලොග් සටහන් නම්...මේ මගේ අවසන් පැමිණීම විය හැක.

    ඔබ වයසින් වැඩිමහල් වූවාට හොද බ්ලොග් කරුවෙක් වන්නේ නැත. කෙන්ජි/මාතලන් වැනි ඔබේ ගණයේම පාප මිත්‍රයන් මෙවැනි සටහන් කිසිම අපුලක් නොමැතිව වර්ණනා කලාට නවක බ්ලොග්කරුවන්ගේ ඇතැම් හොද ලියවිලි කෙරෙහි ද්වේෂ සහගත ලෙස ඔවුන් නොයෙක් වර අදහස් දක්වා ඇති අන්දමද මම දැක තිබේ.

    හොද බ්ලොග්කාරයෙක් යනු දවස ගානෙ කිසිම තේරුමකට නැති වල්පල් ලියන අයෙකු නොවේ. කියවන කෙනෙකුට යම් ආදර්ශයක් ගන්නට හැකි යමක් ලියන්න මීළග වතාවේවත් උත්සාහ කරන්න. නැතිනම් මේ යුනිකෝඩ් සොයා දී ඔබට ලියන්නට සහාය වූ මිනිසුන්ගේ මිනී වළටත් හෙන ගහනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔයා හොඳ බ්ලොග් කියවන්න වැදගත් මහත්තයා. අපි වගේ මස් වැද්දන්ගේ ලිපි කියවන්න මේ පැත්ත පලාතේ ආයෙත් එන්න එපා. වැදගත් මහත්තයෙක් නිසා කේන්ති ගන්නත් එපා..

      බුදු සරණයි....!!! දෙවි පිහිටයි....!!!

      Delete
    2. අනුන්ගෙ බ්ලොග් වල සීනි කිරන උඹ කවුද මයිනො...උඹ කොහොමද වෙන කාගෙවත් බ්ලොග් වලට එන්න එපා කියන්නෙ...තමන්ට වැඩක් නැත්තං ගෑණිකෙ රෙදි ටික හෝදලා දීලා ගෙදර වැඩක් කරපං...

      Delete
    3. මේ ඇනෝ මයින SB එක්ක තියෙන තරහ අපි එක්ක බෙදා ගන්න හදන ගස් අස්සට මුවාවෙලා අතේ පත්තු කරන දරුවෙක්ද?

      Delete
    4. මමය ගොනෝ කිව්වෙ. එන්නේ නෑ කියලා උඹම නේ කිව්වේ.. කොහොමත් ආයෙත් ලියන්නෙ මේ වගේ ඒවම තමයි. ඒක නිසා එන්න එපා රත්තරනේ. වැදගත් මිනිස්සු උනට මල අතේ තියාගෙන නේද ඉන්නේ. අපි දන්න වැදගත් මිනිස්සු නම් එහෙම නෑ.

      Delete
    5. මාතලන් අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව කෙන්ජිත් එක්ක බුදියගනින්කො නිවාඩු දවසක් අල්ලලා...

      Delete
    6. ඔබ මොකද කලින් ඇනෝලට සම්බන්ධ නෑ කියන්නෙ,ඒකෙන්ම පේනව ඔබ ඒ ඇනොමයි කියල,උත්තර ඇතිවෙන්න ලැබිල තියෙන නිසා මම මොකුත් කියන්නෙ නෑ

      Delete
  21. චානි අක්කා කිව්වම හැලප මාමෙ මට මතක් වුනේ ...ඉස්සර මගේ යාලුවෙක්ගෙ ගෙවල් ලගත් චානි අක්කා කියලා කෙනෙක් හිටියා...මේ අක්කා ළිදේ නානකොට කොලුවගෙ ගෙදර ඉස්තෝප්පුවට හොදට පේනවා...ඉතිං අපේ එකා චානි නාන වෙලාවට ගෙදරින් පිටට ගෙන්නගන්නවා බොරු...

    කුකුලා පෙන්නලා මාරු වුනත් පව පවමයි ලොකු අයියෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා ඒ අපි අපිවම රවට ගැනිල්ලක්

      Delete
  22. Shaaa anna krame poddakwath pau sidda wenne ne.hapoo me parana kema kana ekanam mata pennanna be

    ReplyDelete
  23. ගං කුකුල් මස් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි ගස් ගෙම්බෝ ඔය ඕනේ තරම් මෙහේ ගන්න තියෙන්නේ. මම නම් ඉඳලා හිටලා ගමේ කුකුලෝ ගෙනත් සිංහල විදියට උයනවා. ඒ දවසට ඉතින් රස වයින් එකකුත් බොනවා.

      Delete
    2. ලංකාවෙදි නම් ගමේ කුකුලෝ ගන්න වෙන්නප්පුවටම යනවා මම. එහේ තමයි ලේසියෙන් හොයාගන්න පුළුවන්.

      Delete
    3. @ඩිලාන් &අල් මොන්ඩො
      මම දැනගෙන හිටියෙ නෑ ඉතාලියෙ ගං කුකුල්ලු ඉන්නව කියල

      Delete
  24. හැලපයියේ ඔය ඇනෝ කමෙන්ට් හින්දා ඔයා අවුල් වෙන්ඩ එපා. එයාලට එයාලගේ අදහස් ප්‍රකාෂ කරන්ඩ තියන අවස්ථාව අහුරන්ඩත් එපා.

    ඔය අපේ යාළුවෝම තමා

    ඔය අපිට වැරදුන තැන පෙන්නන අය .

    ඔව්වා ගැන වැඩිය හිතන්ඩ එපා

    ඔයාට කැමති දෙයක් ඔයා‍ ලියන්ඩ

    මම කරපු වැරැද්දනං ඔයා කරන්න එපා.

    සමහරක් වෙලාවට ඔය අපිට වැටෙන එළ එළ හොදයි කමෙන්ට් වලට වඩා නං ඔය ඇනො කමෙන්ට් වටිනවා

    එයාල එපා කියුවනට ඔයා නෙලියා ඉන්ඩත් එපා

    ඔයාගේ බ්ලොග් එකේ කැමසති දෙයක් ලියන එක ඔයාගේ අයිතියක්

    ReplyDelete
    Replies
    1. හරි අටම්...ස්තූතියි

      Delete
  25. ඇයි බං උබලා වැඩිපුර කට්ටිය කියවන උන්ටම ලෙඩ අදින්නේ

    ReplyDelete
    Replies
    1. //ඇයි බං උබලා වැඩිපුර කට්ටිය කියවන උන්ටම ලෙඩ අදින්නේ//

      ආන්න, නියම පුරස්නෙ. ඇයි? :)
      අප්ට මොකද, අපි දසසිල් උපාසක
      ඉබ්බන්නේ පුච්චන්නේ, අනිත් පිට


      Delete
  26. හැලපයා පොරගේ කතා බ්ලොග් එකෙ ලියනවා. කියවන්න ඕනේ අය කියවනවා.
    ඔය සිල්වත් මහත්තුරුන්ට මේ පව්කාර කතා හරියන්නේ නැත්තන් නිකන් ලේ කෝපකර ගන්නේ නැතුව වෙන දෙයක් බලාගත්තනම් හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටික්කා ඔබවත් ආදරයෙන් පිළිගන්නවා..

      Delete
  27. මට මතකයි අම්මයි තාත්තයි කියනවා පෝලිම් යුගය ගැන,...අපිට 'ලැක්ටෝජන්' දෙන්න ගන්න පෝලිම් වල හිටිය හැටි...

    ඊළඟට මතක් වෙන්නේ ගොඩාක් කාලෙකට පස්සෙ ආපු 'ප්‍රිජ්' යුගය. විශේෂයෙන්ම සිසිල් ශීතකරණ. මුලින් මුලින් ගෙදර ඉදිරිපස තියන් හිටි ප්‍රිජ් පස්සෙ කාලෙක සුදුසුපරිදි මුළුතැන්ගෙට වුණා ..

    ඉහල තියෙන සමහර ඇනොනිමස් විවේචන කියවනකොට හිතෙනවා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නෙ බ්ලොගොස්පියර් එක දහම් පාසලක් වගේ වෙන්න ඕනෙද කියලා :)

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ බ්ලොගයට එන පළවෙනි වතාවනෙ,ආදරයෙන් පිළිගන්නව
      අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  28. ඇනෝ මොනා කිවම මොකෝ හැලපයියේ...
    කැමතිනම් කියවන්න පුළුවන්,බැරිනම් නිකා ඉන්න තියෙන්නේ.
    මේක කියවලා වැරදි පුර්වාදර්ශ ඒනවනම් යකෝ දැන් තියෙන අනික් මාධ්‍යත් ඔක්කොම තහනම් කරන්න තමයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මනෝජ් මේ ඇනෝවෙක් නොවෙයි...ප්‍රොපයිල් එකක් ඇති කෙනෙක් අසහනය වැඩිවෙලා ඇනෝ ඇවිත්

      Delete
  29. nice stories, all the best

    ReplyDelete
  30. ලස්සන කතාවක්.අපි වින්ද නැති, අපිට වඩා වෙනස් තරුණ කාලයක් තමඊ හැලපෙට තියෙන්නේ.කල දේවල් හරිද වැරදිද කියන එක මට වැදගත් නැ.ඔබ ඒවා කලේ හරිද වැරදිද කියලා හිතලා නෙවෙයිනෙ.මම බ්ලොග් බලන්නේ කියවලා සතුටු වෙන්ඩ.මේ ලියන ඒවා බොහොම රසවත් සහ අව්‍යජ ලියමන් කියලයි මම හිතන්නේ.මේව කියවලා වැරදි වැඩට පෙලබෙනවානම් එක කියවන කෙනාගේ ප්‍රස්නයක්.එකට ඔබට කරන්ඩ දෙයක් නැ.

    සුචරිතවාදී ඇනොට කියන්ඩ තියෙන්නේ ඔබ අකමැතිදේ බලන්ඩ එපා.කව්රුවත් ඔබට බලකරන්නේ නැ මේවා බලන්ඩ කියලා.ඔබට හිතෙනවනම් මේ ලියලා තියන ඒවා කියවලා කව්රු හරි වැරදි මග යයි ඒක නිසා මම මැදිහත් වෙලා බැනලා comment කරලා, එත් හරියන් නැත්තම් කුණුහර්පෙන් බනින්ඩ ඕන කියලා, මන් හිතන්නේ ඔබ වෛද්‍යවරයෙක් මුණගැසුනම් වඩා හොඳ බවයි.අනුන්ට වෛර කරන්නැතුව සතුටින් ජිවත් වෙන්ඩ ඉගෙන ගනින්...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ,මම කියන්න ඕනැ දේයි ඔබ කියල තියෙන්නෙ.

      Delete
  31. ගෙදර වී ඉස්සරම අපේ ආච්චිලගෙ ගෙදර කෙ‍ටුවෙ වංගෙඩියෙ..පෑහිල්ලක් ඇත්තෙම නෑ...රතුම පාටයි..සිවුඩ්ඩ නිසා ගොඩක් බත් කන්නත් බෑ...හැබැයි මාර රහයි..ඒ වගේම ආච්චිඅවුරුදු 101ක් හිටිය.ඉංග්‍රීසි බෙහෙත් බීලම නැති තරම්...මැරෙනකම්..ඉහෙන් බහින ලෙඩක් තිබුනෙ නෑ..!

    ReplyDelete
    Replies
    1. ඉස්සරම වී කොටල තියෙන්නෙ ගෙයිම බිම හදපු තැනක,පස්සෙයි වංගෙඩිය පාවිච්චියට අරං තියෙන්නෙ වීයො

      Delete
  32. සත්තු මරණ ගෑණු ඉන්නවද කියන එක මට ප්‍රශ්නයක්.පුළුවන් නම් ඒ ගැන පෝස්ට් එකක් දාන්න හැලපයෝ .ඒක හොඳ මාතෘකාවක් වේවි

    ReplyDelete

ඔබේ අදහස්