Saturday, June 1, 2013

69.මෝනාලිසා සහ සිංගප්පූරු කතා




අවුරුද්දටම ඇතිවෙන්න දන්සැල් කතා ලිව්වනෙ දැන් ඇති...තවත් දන්සැල් කතා මහ රාසියක් තිබුණත් ඔක්කොම කියන එක හරි නෑ අනික් අවුරුද්දටත් කියන්න ඉතුරු කරගන්න එපායැ.

දැන් ඉතිං මෝනාලිසා බලන්න යන ගමන ආපහු පටන්ගන්න කාලෙ ඇවිත්...ඔයාලට මෝනාලිසාව පෙන්නන්න එක්කරන් යන ගමනෙදි මට වැදුණු මඩ පාරවල් නං නිමක් නෑ...මොනව කරන්නද.

අපි නැවැත්තුවෙ යාලුවොත් එක්ක අවුරුදු පාටියට ගිය තැනින් නේද...දැන් තියෙන්නෙ අවුරුදු කන්න...ඊට ඉස්සෙල්ල අපි ගියානෙ ල චැපල්...ල චැපල් කියන්නෙ පැරිසියෙ තියෙන ඉතාම ප්‍රසිද්ධ වීදියක්...ඒ වීදියට ගියාම මට නං හිතෙන්නෙ ඉන්දියාවෙ හරි යාපනේ හරි වීදියකට ගියා වාගෙ.

ල චැපල් වලට ලිට්ල් ඉන්දියා කියලත් කියනව...ලිට්ල් ඉන්දියා කියපුවම මතක් වෙන්නෙ සිංගප්පූරුවෙත් තියෙනවනෙ ලිට්ල් ඉන්දියා කියල හරියක්...මොකුත් නෑ තනිකර ඉන්දියාවම තමා...සිංගප්පූරුවට යන්න මටත් චාන්ස් එකක් ලැබුණනෙ...

කාලය 2010 අවුරුද්ද...දවසක්දා බිරිඳ වැඩ ඇරිල ඇවිත් මට කතාකරල කියනව...

හැමදාම ඔයානෙ මාව රට එක්ක යන්නෙ...මේ සැරේ එන්න මාත් එක්ක යන්න...

බලපුවාම ඇය වැඩකරන කන්තෝරුවෙන් දින කීපයක වැඩසටහනකට සිංගප්පූරුවට යවන්න ඇයවත් තෝරගෙන...

ඔක්තෝබර් මාසෙ දවසක අපි ගමන පිටත් වුණා...එයාපෝට් එකේ ඔක්කොම වැඩ ඉවර කරගෙන ඩියුටි ෆ්‍රී පැත්තෙ රස්තියාදු ගහනකොට තිබුණු කැමරා දැකල බිරිඳ මගෙන් අහනවා...

කැමරාව ගෙනාව නේද...

අප්පට හුඩු කැමරාව ගේන්න අමතක වෙලා...

කමක් නෑ...අනික් අයගෙ ඒවයින්වත් පිරිමහ ගම්මු...

බලන්නකො...ඔයාට තිබුණෙ ඇඳුම් ඇඳගෙන කැමරාව ගන්න එක විතරනෙ...ඉතුරු වැඩ ඔක්කොම මම කරලනෙ තිබුණෙ...

කමක් නෑ අනික් අයගෙ කැමරා වලින්වත් පිරිමහ ගම්මුකො...

තමුං ගාව ඔච්චර කැමරා තියාගෙන අනුන්ගෙන් ඉල්ලහල්ලකො...

අලුත් එකක් ගන්නත් ලෝබයි කැමරා තියෙද්දි...

කොහොම හරි අපි සිංගප්පූරුවට ගිහින් ලිට්ල් ඉන්දියාවල හෝටලේක නැවතුණා...ඉන්දියාවම තමයි...ඔය මුස්තාපා කියන අති විශාල සාප්පු සංකීර්ණය තියෙන්නෙත් අපි හිටපු හෝටලේ ඉඳල පයින් යන දුර...

මුල්ම දවසෙ කෑම කන්න තැනක් හොයාගෙන යනකොට සිංහල අකුරු තියෙන හෝටලයක් දැකල ඒකට ගියා...ලංකාවෙ කෑම තියනව කියලයි ලියල තිබ්බෙ...

හැබැයි ලංකාවට කිසිම සම්බන්ධයක් නෑ ඉන්දියන් මුස්ලිම් ජාතිකයො කීපදෙනෙක් තමා කඩේ කරන්නෙ...කොහොම වුණත් කෑම රසයි ඒ වගේම ලාබයි...

අපි ආපහු ගෙදර එනතුරුම කෑවෙ ඒ කඩෙන් තමා...පාර්සල් ඉල්ලපුවම සිමෙන්ති කොළයක් වගේ තෙල් කඩදාසියක් අරගෙන ඔතල දෙනව අර අපි හරියට පොලිතින් කොළ ගන්නව වගේ...හොදි ලීක් වෙන්නෙත් නෑ...ඒ කොළ තියන තැන කඩේ මනුස්සයගෙන් අහගෙන මමත් එනකොට කොළ සීයක් අරං ආවා..

කැමරාවක අඩුව ලොකුවටම දැනුනු නිසා මම මුස්තාපා එකෙන් ඩොලර් හැත්තැපහකට කැමරාවක් ගත්තා...අප්පා ඒක හොඳයි මළමිනීවල පින්තූර ගන්න...බට්න් එක ඔබල පැය කාලකට විතර පස්සෙයි පින්තූරෙ වදින්නෙ...කිසි වැඩක් නෑ ලංකාවට ඇවිත් මම ඒක බිරිඳගෙ නංගිගෙ පොඩි එකාට දුන්න සෙල්ලං කරන්න.

ඒ වැඩ සටහනට බිරිඳත් එක්ක ගියපු යාලුවො ඔක්කොම වාගෙ ඒ අයගෙ දරුවො එක්කගෙන ගිහිං තිබුණෙ...මම විතරයි වැඩිහිටියෙකුට හිටියෙ ගෑණු  අය උදේම වැඩ සටහනට පිටත් වුණාට පස්සෙ මම කොල්ලො තුන් දෙනත් එක්ක කඩේට ගිහිං උදේට කාල එහෙම ඇවිදින්න යනවා...අපේ පුතාගෙ වයසෙ පොඩි එකෙකුයි තව ඒ ලෙවෙල් කරන වයසෙ කොල්ලො දෙන්නෙකුයි හිටියෙ...ලොකු කොල්ලො දෙන්නගෙ වැඩේ පොඩි එකාව බයිට් කරන එක නිසා පොඩි එකා හැම තිස්සෙම මාත් එක්ක කතා කර කර ගියෙ...

යනකං එනකං තුන්දෙනාගෙ ඉල්ලීම් ඉවරයක් නෑ...

අන්කල් මට අරක ගන්න ඕනැ...මේක ගන්න ඕනැ...අරං දෙනවද...

හරියට අසන්නන්ගේ ඉල්ලීම් වගේ...

දන්නවද අසන්නන්ගේ ඉල්ලීම්...අපි පොඩි කාලෙ රේඩියෝ එකේ වෙළඳසේවයෙ දවසකට දෙසැරයක්ද කොහෙද අසන්නන්ගේ ඉල්ලීම් ප්‍ර චාරය වුනා...

අපිත් ඔය වැඩ සටහනෙන් සිංදු ඉල්ලල පෝස්ට්කාඩ් දාල අහගෙන ඉන්නව හැමදාම...ඉඳල හිටල අපෙත් නං කියවල ඉල්ලපු සිංදුව දාපු දාට අපට හරි ජොලි...

ඉස්සර අපේ ගෙදර තිබුනේ ලොකු බැටරියකින් වැඩකරන ඉරෙස් කියල රේඩියෝ එකක්...බැට්රිය විසාලයි ඒක දාන්න පෙට්ටියකුත් තිබුණා...රේඩියෝ එකේ ඒරියල් එක හයිකරල තිබුණෙ ගේ පිටිපස්සෙ වැට අයිනෙ තිබුණු රට අඹ ගහේ මුදුන් අත්තක බැඳපු ලීයක ගැටගහලයි...
හරියට දැන් අපි ටී වී ඇන්ටෙනා හයිකරනව වගේ...

අර්ත් එක පොළොව යටින් ගෙනැත් අපේ නාන ළිඳේ ගැට්ටෙ කිරිමැට්ටට බස්සපු යකඩ කූරක ගැටගහල තිබුණා...

ලංකාවට ටී වී ආපු අලුත ඉස් ඉස්සෙල්ලම අඟල් 14 ටීවී එකක් ගත්තෙ මහින්ද...ඒ දවස්වල තිබුණු දිමුතු මුතු කියන ටෙලි නාට්‍යය පෙන්නන දවස්වලට අපි මහින්දලගෙ ගේ බදු අරං වාගෙ ඉන්නෙ...සිකුරාදා දවස්වලට චිත්‍රපටි පෙන්නනවා...එදාට නං චිත්‍රපටි බලන්න ගමේ ගෑණු පවුල් පිටිං එන්නෙ වාඩිවෙන්න පැදුරුත් කිහිල්ලෙ ගහගෙන...

නමය හමාරට පටන් ගන්න චිත්‍රපටිය ඉවරවෙන්නෙ මහ පාන්දර එකට දෙකට...ඇයි සැරින් සැරේ නවත්ත නවත්ත පැය කාලක් විතර ඇඩ් දානවනෙ...

අපිත් නොවැරදීම චිත්‍රපටි බලන්න යනවා...ගිහිං එළියෙ පුටු තියාගෙන වාඩිවෙලා ජනේලෙන් බලාගෙන ඉන්නෙ...මුලු ගේම ගෑණුන්ගෙන් පිරිල අඩියක් තියන්න ඉඩක් නෑනෙ...

අපට නං ඔය චිත්‍රපටි ගාණක් නෑ ඕව ඔක්කොම හෝල් එකේ බලලනෙ තියෙන්නෙ...අපි වැඩියම බලාගෙන ඉන්නෙ චිත්‍රපටි බලන්න ආපු කෙල්ලක් එහෙම රෑ පානෙ එළියට එයිද කියල...වෙන මොකකටවත් නෙවෙයි ඔය අහුමුල්ලකට එක්කං ගිහිල්ල සුහද පිළිසඳරක යෙදීමේ පරම පවිත්‍ර චේතනාවෙන්...නැතුව වෙන මොහොකටවත් එහෙම නෙවෙයි ඕං...

හැබැ ඉතිං කෙල්ලක්ව එහෙම ලේසියෙන් එළියට පන්න ගන්න බෑ...චිත්‍රපටි බල බලා හිටියට උන්නෙ අම්මල කෙල්ලො දිහෑ ඇහැ ගහගෙනමයි ඉන්නෙ දන්නවනෙ බඩුවල හැටි...

අපි ඉතිං මහ පාන්දර වෙනකං නිදිමරල හරියකට නිදාගන්නෙත් නැතුව උදේම රස්සාවටත් යනව නිදිමතේම මොක්කුද වගේ...
 ඊට පස්සෙ කාලෙක වෙනුජල කලර් ටී වී එකක් ගත්තා...වෙනුජල අපේ අල්ලපු ගෙදර...

ඔය දවස්වල වෙනුජලගෙ පියාට ඈතින් නෑයොවෙන පොඩිඋන් දෙන්නෙකුත් වෙනුජලගෙ ගෙදර නැවතිලා හිටිය වෙනුජලගෙ අම්මගෙන් පහේ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න...

දෙන්නම පහේ පංතියෙ...
දෙන්නගෙම නම චමින්ද...

අඳුන ගන්න ලේසියට අපි දෙන්නට හුරතල් නං දෙකක් දාල තිබුණා...

එකෙක් මුචලින්ද...
අනිකා ජාලයා...

මුචලින්ද කිව්වෙ ඌ ඉවරයක් නැතුව නයි අරින නිසා...අනිකගෙ තාත්ත දවස තිස්සෙම බිබී කුකුල්ලු කොටෝනව තාත්තගෙ කුකුලෙක් ඉන්නවලු ජාලය කියල...

පොඩිඋන් දෙන්න ඉක්මනටම අපේ බයිට් එක බවට පත්වුණා...

ක්‍රිකට් මැච් බලනකොට එකෙක් අහනව...

කොහොමද මාමෙ ඔය කට්ටිය ටී වී එක ඇතුළට එන්නෙ...

එළියට බැහැල බලනවකො ඔවුන් ඇන්ටෙනාව දිගේ බඩගාගෙන එන හැටි...ඊයෙ රෑ මම දැක්ක ඉයන් බෝතම් බහිනව...උගෙ බරට උණගහ නැමුන නැමිල්ලක් මම හිතුවෙ කඩාගෙන වැටෙයි කියල...

වෙනුජගෙ මල්ලි කළණ කියනව...

 ආයෙ බෝලර් බෝල් කරන්න ඉස්සෙල්ල බෝලෙ ඔපදාල කෙළ එහෙම ගානකොට එකෙක් අහනව...

ඒ මොකද කරන්නෙ මාමෙ...

ආ...ඒ මතුරල කෙළ ගානව බෝලෙට ගහන එකාව අවුට් වෙන්න...

හූනියම හරි ගියොත් පොලුම තමයි...

කළණ කියනවා...

සති අන්තෙට මුචලින්දයව බලන්න අම්ම හරි තාත්ත හරි දෙන්නම හරි වෙනුජලගෙ ගෙදර එනව අඩුපාඩු බලල යන්න...එදාට තමයි අපට වැඩ වැඩි...

දෙමව්පියො යන්න පිටත් උනාම මුචලින්දය අඬ අඬා පස්සෙන් වැටෙනව ගෙදර යන්න ඕනැයි කියල...

අපි බොහොම අමාරුවෙන් කොල්ලව හේ කරගෙන අල්ලගෙන වගේ ඉන්නව දෙමව්පියො යනතුරු...

 ඒ උනාට පොඩ්ඩ බැරිවෙනකොට මූ අපෙන් ගැලවිල දුවන්න ගන්නවා හරියට හාවෙක් වගේ...අපෙත් වැඩේ මුගෙ පස්සෙ එළවන එක...බට්ට වගේ පොඩියට දුවනව දිවිල්ලක් වැටෙන් පැනල අපේ වත්ත පුරහම...අපිත් හැතිදාගෙන එළෝනවා...දවසක්දා මූ දුවගෙන ගියා ගියාමයි ආගිය අතක් නෑ...හැම තැනම හෙව්වා...ළිඳකටවත් වැටිලද දන්නෙ නෑනෙ...කෑ ගගහ කතාකළා හාහෝවක් නෑ...

හොයාගෙන යනකොට අපේ ගල්ළිඳ ළඟ මහ උණ පඳුරෙ අකුළක් අස්සෙ මේකා මීමින්නෙක් වගේ හැංගිලා ඉන්නවා...
අකුලෙන් එළියට ඇදල අරං ගෙදර එක්ක ආවා...

අනේ මට මගෙ අම්මත් එක්ක යන්න දෙන්න මාමේ...

කොල්ලා හූල්ල හූල්ල අඬනව...

 ඔය මුචලින්දයලගෙ අම්ම එක විදියක විසේකාර අංගනාවක් කියල බබලත්තු කුටු කුටු ගානව මට කීප සැරයක් ඇහිල තියෙනව...

 ගෙවල් ළඟ වෙනුජලගෙ නෑදෑ අයිය කෙනෙක් ඉන්නව කොටු පප්ප...මූ කොටු පනිනවට වඩා වනකර ගන්නව...කතාව කියන්න මූට නමකුත් දෙන්න එපායැ අපි කියමුකො සරත් කියල...

දවසක්දා මුචලින්දයලගෙ අම්ම ඇවිත් වෙනුජලගෙ අම්මට විශාල පැමිණිල්ලක් කරනව සරත් ගැන...

මාත් එහෙන් මෙහෙන් හොයල බැලුවා...

අම්මා මුචලින්දයව බලන්න ආපු දවසක රෑ වෙලා ආපහු යනව...මූ අපේ වත්තෙ රැකල ඉඳලා පල්ලෙහා දෙල් ගහ යටට ගෑනිව උස්සන් ගිහින්... වැඩි කරදරයක් නැතුවම කොටුව පැනගෙන...

වැඩේ එළිවුණේ මෙහෙමයි...

ඔවුන් දෙන්න අපේ දෙල්ගහ යට කං සැප විඳිද්දි කරුමෙට මාත් එතනින් ඇවිත් වැඩ ඇරිල ගෙදර එනවද කොහෙද...

මේ ගෑණි හිතල තියෙන්නෙ මම සීන් එක දැක්ක කියල...

ඒ වුණාට මම මොකුත්ම දැක්කෙ නෑ කරුවලේ...

ඕක මගෙන් එළිවෙයි කියන බයට තමයි ගෑණි කලින්ම පැමිණිල්ල කරල තියෙන්නෙ සාක්කිකාරයට මාව දාල...මම ඔය සීන් එකට ආවෙ නැත්නං ගෑණි සද්ද නැතුව පිහදාගෙන යන්න යනවා...
ඔය කතා මගෙන් අහල හගිස්සවන්න ගියොත් එහෙම උඩ බලාගෙන කෙළගහ ගන්නව වගේ වැඩක් නිසා වැඩේ ගොඩින්ම බේරල දැම්මා...
 
ජාලය ගෙන් නං ඒ වගේ කරදරයක් තිබුණෙ නෑ...ජාලයව බලන්න එන්නෙ උන්ගෙ අම්ම විතරයි...තාත්තට ඒවට වෙලාවක් තිබුණෙ නෑ...පස්සෙ කාලෙක මනුස්සය බීලම මැරිල ගියා...
 
පහේ ශිෂ්‍යත්වෙ ලියල ඉවරවෙලා කොල්ලො දෙන්නම ගෙවල්වලට යන්න ගියා...ඊට පස්සෙ උං ගැන කිසිම ආරංචියක් මට ලැබුණෙ නෑ...
 
අම්මෝ ඒ කොච්චර කාලෙකට ඉස්සෙල්ලද...දැන් නං දෙන්නම යස තරුණයො වෙන්නඇති...බැඳලත්ඇති...මුචලින්ද රස්සාවක් හොයාගන්න හම්බවෙන්න ආවා කියල වෙනුජ පස්සෙ කාලෙකදි මාත් එක්ක කිව්වෙ උන් දෙන්න ගැන කතාකරකර ඉද්දි.

62 comments:

  1. මොන රෙද්දක්ද යකෝ මේක , ඌඹ හොදා වින්නඹුඅම්මා එක්ක එන්ඩ යන්ඩ

    ReplyDelete
    Replies
    1. //ඕක මගෙන් එළිවෙයි කියන බයට තමයි ගෑණි කලින්ම පැමිණිල්ල කරල තියෙන්නෙ සාක්කිකාරයට මාව දාල...මම ඔය සීන් එකට ආවෙ නැත්නං ගෑණි සද්ද නැතුව පිහදාගෙන යන්න යනවා//

      ලොකු අයියේ ඌබේ බාසාව තමා බාසාව

      Delete
    2. වින්නඹු අම්මත් එක්ක එන්ඩ යන්ඩ් වෙනවා අරූගේ කොටුව වැඩ කලා නං

      Delete
    3. වින්නඹු අම්මා එක්ක ආවලු එක ගමක ගෑනු කෙනෙකුට තදින්ම විලිරුදාව හැදිලා. වින්නඹු අම්මා අර එයාගේ තඩි බෑග් එකත් අරන් විලිරුදාවෙන් පෙනෙන කාන්තාව ඉන්න කාමරේ ඇතුලට ගිහින් දොර වහගත්තළු. විනාඩි 5 කට විතර පස්සේ දොරෙන් ඔලුව එලියට දාලා ඇහුවලු ඉස්කුරුප්පු නියනක් තියනවද කියලා. අර කාන්තාවගේ සැමියා හීන්දාඩිය දාගෙන ඉස්කුරුප්පු නියනක් දුන්නලු. තව විනාඩි 5 කට පස්සේ ඇහුවලු අඬුවක් තියනවද කියලා. අර මනුස්සය කලන්තේ හැදෙන තරම් බයෙන් එකත් දුන්නලු. තවත් ටිකකින් අර අම්මගේ කෑගැහිල්ල වැඩියිලු. වින්නඹු අම්මා ආයෙත් ඔලුව එලියට දාලා අහනවලු කපන කටුවකුයි මිටියකුයි තියනවද කියලා. අර මනුස්සයා ඇහුවලු බුදු වින්නඹු නෝනෝ අපේ ගෑනිට මොකද කියලා. වින්නඹු අම්මා කිව්වලු මම දන්නේ නෑ ඔයි මට මේ මගේ බෑග් එක තවම අරගන්න බැරිවුනා කියලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  2. මචං
    මුචලින්ද කියන නම සුදුසුම තා එකෙක් ඉන්නව.කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් හොයාගන්න.යකෝ මෙහෙමත් වටේ යාමක්.

    ReplyDelete
  3. //ඔය කතා මගෙන් අහල හගිස්සවන්න ගියොත් එහෙම උඩ බලාගෙන කෙළගහ ගන්නව වගේ වැඩක් නිසා වැඩේ ගොඩින්ම බේරල දැම්මා...//

    ඔය තියෙන්නේ පට්ටන්දරේ... :D

    ReplyDelete
    Replies
    1. පෝස්ට් මෝටම් එක කරපංකෝ එහෙනං

      Delete
  4. අයියෝ මුචලිනදය ගේ අම්මා..වසල හමාරයි.

    ReplyDelete
  5. දැන්නම් ගමන පටන් ගෙන වගේ.

    Fasten your seat-belts folks :D:D:D

    ReplyDelete
    Replies
    1. පටන් ගත්ත පටන් ගත්තා

      Delete
  6. ලා චැපල් ගැන කමෙන්ට් එකක් දාන්න කියලා හැදුවේ ..සිරස ස්ටෝර්ස් එහෙම දැක්කයි . ලා චැපල් කියන්නේ ශ්‍රීලන්කන් හරිය . ඉන්දියන් පලාතක් වෙනම තියෙනව . තාම මෙයා මොනාව පෙන්නුවේ නැද්ද . අම්මපා මන් කොච්චර හොඳද . ලිපි දෙකකින් මොනාලිසාවත් පෙන්නලා ලා චැපල් ගැනත් ලිවනේ . දැන් මෙතන ලින්ක් දාන්නද එපාද ...

    මුස්තාපා ..අය්යෝ මන් නම් දෙපාරයි ඕකට ගිහින් තියෙන්නේ ..ආයේ යන්න ආසාවකුත් නැහැ .සෙනග නේ සු ගාල . . ආනන්ද භවන් කියලා කඩයක් තියෙනවනේ . මන් දැක්ක හුඟක් හොඳ එළවලු කෑම කඩයක් . සිංගප්පුරුව ගැන නම් හුඟක් තියෙනවා කියන්න .

    ReplyDelete
    Replies
    1. බින්දිගේ ඒ පෝස්ට් එක මම කියවල නෑ,ලින්ක් එක දාන්න

      Delete
    2. අන්තිම පෝස්ට් එකේදී දාන්නම් ...ලියාගෙන යන්ටකෝ ...

      Delete
  7. බින්දිගෙ කොමෙන්ට් එක දැක්කහම එයාගේ ටීවී පෝස්ටෙ එකට දාපි කොමෙන්ට් එකක් මට මතක් උනා. ඔය ටී වී එක ගෙනාවා වගේ නෙමෙයි. අඟල් 14" කළු සුදු ටී වී එක රීගල් එකට වඩා සේවයක් ගමට කරා. හැබයි වේවැල් පුටු වියන්න වේවැල් රෝලක් කරේ දාගෙන ඒන...... එක්කෝ ඕන නෑ... පෝස්ට් එකක්ම ලියනවා... ඒ තරම් රහයි හැලපේ පෝස්ට් එක... මටත් මතක් වෙන කතා ගොඩයි..

    ඔය කොටු පැනිල්ල අපේ ගමේ නම් දැන් නැහැලු.. මර්වින් සිල්වා කැරෝකේ, බඩු ඉස්පොට් දාලා නිසා ඒවට යනවා ඇති කස්ටිය. අනික ඒ කාලේ 250ට 300ට රූම් තිබුනෙත් නෑනේ.. ගස් යට, ගලක් උඩ, කැලෑවේ, කඩොලාන අස්සෙ තමයි, ගල් ලෝඩ් එකක් බා ගත්තේ.. ඒව නම් ලියන්න ගියොත්.. අනාගතේ දේශපාලනේට එන්න බැරි වෙනවා ඒ නිසා ඒවත් ඕන නෑ...

    ReplyDelete
    Replies
    1. ෂාහ් කොච්චර හොඳ ද මාතලන්ටත් මට වගේම ලස්සන අතීතයක් තිබිල තියෙන එක,එහෙනං ඉක්මනටම පෝස්ට් එක ලියන්න හරිද.

      Delete
  8. ඔය ක්‍රීකට් ගහද්දි බෝලර් කරන කෙල අතුල්ලන වැඩේ ගැන නම් මටත් ඉස්සර හරි ප්‍රශ්නයක් තිබ්බා.. මොකද අපි ක්‍රිකට් ගහන්නේ ටෙනිස් බෝල වලින්නේ.. ඒකේ කෙල ගාන්න උවමනාවක් නෑනේ.. වැඩේ කියන්නේ ලොකු අයියලාගෙන් අහුවම උන් දන්නෙත් නෑ හේතුව... උන් අපිට කියන්නෙ මතුරනවා ඇති කියලා තමයි.... මොකද ඔය සමහරු කුරුසෙ අඳිනවා.. මොන මොනවද මුණුමුණු ගානවානේ... ඉතිං මතුරනවා වගේම තමයි... හි හි....

    ReplyDelete
    Replies
    1. ඉතිං‍ හිරූ දැන් දන්නවද බෝලේ කෙළ අතුල්ලන එකේ තේරුම

      Delete
    2. හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
  9. මුස්තාෆා එකට මමත් කීප වතාවක් ගියා...එතැන තමා ලංකාවෙ අය වගේම දකුණු ආසියාවෙ අනිත් අය අතරත් ප්‍රසිද්ධම සුපර් මාකට් එක...ඕකෙන් හොරකම් කරන්න ගිහිල්ලා සෑහෙන දෙනා දවසකට මාට්ටු වෙනවලු..

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා ඒ කතාව නං මටත් ආරංචි උනා

      Delete
    2. ලාංකීය අභිමානය...

      Delete
  10. අද මොකද කලින්ම. මම බැලුව විතරයි.කුණු හරුප මොනවද කියලවත් බලන්න බැරි වුනා හැලප.

    ReplyDelete
    Replies
    1. පිස්සුද කෙන්ජියො,බෝ පැලේ වගේ ඉන්න මම කවදාවත් කුණුහරුප ලියයිද...

      Delete
  11. හැලපය්යේ... අර පඳුර අස්සෙ කොකෙක් වගේ මොකෙක්ද ඉන්නෙ..? මම හෙවුවෙ මීමින්නෙක් වගේ එකෙක්නේ.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. ආ...ඒ මල්ලියෙ පාලං කොකා...එහා පැත්තෙ වෙලනෙ තිත්තයො ඇහිඳින්න ආපු ගමන්...මීමින්න ඉන්නෙ කොකාට එහා පැත්තෙන්...

      Delete
  12. එක දවසයි ගියේ අපි නං ඔය මුස්තාපා ද මොකක්ද එකට ආයෙ යන්නෙම නැහැ ක්‍රිලා හිතා තග්තා.

    මහ ලොකු ෂොෂින් සැන්ටර් එකක් කියල කිව්වට අර බංගලා හන්දියේ ගෑනිගේ කඩේ හොඳයි ඊට වඩා. බඩු තියලා තියෙන්නේ කබඩ්වල දාලා වහලා.අ පි ඉල්ලුවාම නිකං හාල්පොත වගේ එලියට අරං දෙනවා. අපි අල්ලනවටත් බයයි උං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලන්න දෙන්නේ නෑ තමා අල්ලනවටත් බයයි

      Delete
    2. ලංකා ඊ නිව්ස් සල්ලි වලින්ද බඩු ගන්න ගියේ ආගම පාවා දුන් දේශ ද්‍රෝහී කථන්දරයො....

      Delete
    3. @ඇනෝ,
      ඔය කතාව කියන්න තිබුණෙ කතන්දරගෙ බ්ලොගයෙනෙ ඇනෝ,හැලපයා වන මට මෙතනදි ඕනැ තරම් අපහාස කරන්න නමුත් තුන්වන පාර්ශවයකට එසේ අපහාස කරන්නට ඉඩදෙන්නට බැහැ.කාරුණික දැනුම්දීමයි.

      Delete
  13. වෙලාවට ටීවී එක ඇතුලේ ගිනිගොඩක් පෙන්නලා නැත්තේ. නැත්නම් අරුන් දෙන්නා වතුර ගහනවා.
    මට මතක් උනේ ස්පෙල් බයින්ඩර් එකේ පොල්ගෙ කැමරාව බලලා රියානා බය වෙච්චි හැටි. :D

    ReplyDelete
    Replies
    1. ඇයි කාර් එහෙම වේගෙන් ඉස්සරහට එනකොට අපි කියනව අයින්වෙයල්ල හැප්පෙයි කියල

      Delete
    2. ඉස්සර ගැලරියෙ ඉඳන් ෆිල්ම් බලනකොට කෝච්චියක් එනකොට මිනිස්සු බංකු පෙරලගෙන දිව්වලු. :D
      දන් ඒකට 3D. කට්ටිය එහාට පනිනවා. මෙහාට පනිනවා. මල යුද්ධයයි.

      Delete
  14. ඔය ටීවී ආපු ගමන්ම ආපු කොමන් ටීවී සෙර් එකක් තමයි තායිවානේ හදපු ටා‍ටුං ටීවී එක. ඒකෙ කැබිනට් එක තැඹිලි පාට ඒවත් තිබ්බා අප්පා.
    අනික ක්‍රිකට් මැචස් වල හෙම කැමරා ඈන්ගල් ගන්න දෙයක් නෑ. ඇයි ඉතින් තියෙන හැටියට දන්න හැටියට එපායැ කරන්න.

    ReplyDelete
    Replies
    1. අනික කැමරා කීයද මැච් එකක් කවර් කරන්න දාල තිබුනෙ

      Delete
  15. ඔය ටීවී ආපු ගමන්ම ආපු කොමන් ටීවී සෙර් එකක් තමයි තායිවානේ හදපු ටා‍ටුං ටීවී එක. ඒකෙ කැබිනට් එක තැඹිලි පාට ඒවත් තිබ්බා අප්පා.
    අනික ක්‍රිකට් මැචස් වල හෙම කැමරා ඈන්ගල් ගන්න දෙයක් නෑ. ඇයි ඉතින් තියෙන හැටියට දන්න හැටියට එපායැ කරන්න.

    ReplyDelete
  16. සිංගප්පුරුවෙන් ආයෙමත් ලංකාවට...
    මොනාලිසා බලන්න යන්නේ කවදාද හැලපයියේ...

    ReplyDelete
    Replies
    1. දැන්නං මෝනාලිසා බලන්න හොඳටම ළඟයි මනෝජ් මල්ලි...කොහොමත් මම ලංකාවට යන්න ඉස්සර පෙන්නන්නම්.

      Delete
  17. හැලපයියගේ හැලපකතා කියවන්න ඔන්න සැට් වුනා. එකපාරටම කතා කීපයක්ම කියෙව්වා නිසා මුල මැද අග මතක නැහැ.
    අර භද්‍රජිගේ පොත ගැන කියල දුන්නට ඉස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ බ්ලොගයට පැමිණි මුල්වතාව නොවැ,ආදරයෙන් පිළිගන්නවා.
      අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  18. 1. //ල චැපල් වලට ලිට්ල් ඉන්දියා කියලත් කියනව...ලිට්ල් ඉන්දියා කියපුවම මතක් වෙන්නෙ සිංගප්පූරුවෙත් තියෙනවනෙ ලිට්ල් ඉන්දියා කියල හරියක්...//

    2. //අන්කල් මට අරක ගන්න ඕනැ...මේක ගන්න ඕනැ...අරං දෙනවද...
    හරියට අසන්නන්ගේ ඉල්ලීම් වගේ...
    දන්නවද අසන්නන්ගේ ඉල්ලීම්...අපි පොඩි කාලෙ රේඩියෝ එකේ වෙළඳසේවයෙ දවසකට දෙසැරයක්ද කොහෙද අසන්නන්ගේ ඉල්ලීම් ප්‍ර චාරය වුනා...//

    අනේ අම්මපා මෙහෙමත් හැරිල්ලක්....


    ReplyDelete
    Replies
    1. කෝ දැන් එතකොට මොනාලිසා මේකෙ...??

      Delete
    2. අනේ අම්මප මෙහෙමත් බැනිල්ලක්,ඇයි යකෝ මෝනාලිසා ඔය උඩම ඉන්නෙ.

      Delete
    3. මොනාලිසා ඉන්නේ මේ මේකේ නේද..?? " මෝනාලිසා සහ සිංගප්පූරු කතා"... :-)

      Delete
  19. ඉතින් පස්සේ සාක්කිකාරයට සැලකුවේ එහෙම නැතෙයි?

    ReplyDelete
    Replies
    1. මාත් බලාගෙන හිටියෙ සාක්කිකාරයට සලකනකං...කොහෙද ඊට පස්සෙ ගෑණිව දැක්කෙත් නෑ.

      Delete
  20. මොනාලිසා ඇරෙන්න අනික් ඔක්කොම ටික තියෙනව මේකෙ.

    හැ‍ලපෙ මොකටද උණ පඳුරු අස්සෙ රිංගන්න ගියේ.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප උඹටත් ඔල්මොරොන්දංද ප්‍රසන්නයො,මෝනාලිසා බලන්නම කට ඇරගෙන ඉන්නෙ.
      ආ ඒ අපේ ඇන්ටෙනාව හයි කරන්න හොඳ උණ ගහක් කපාගන්න.

      Delete
  21. ඇත්ත කියපන් අයියේ..උණ කොළ බූව ගෑවුනහම දනවද??

    ReplyDelete
    Replies
    1. උඹත් හොඳටම දන්නව නේද නාඩියො උණ බූවෙ සැර...මගෙන් අහන්නෙ...හොර ගෙඩියා.

      Delete
  22. OYA PENNUWE MONALISA.ME HALAPAIIYE MAMA OYAGE OKKOMA POST KIYAWALA IWARA KARA.OYAA MAARA PORAK NE.ARA BAHUSRUTHA DA MOKAKDA KIYANNNE OYALA WAGE AYATA WENTEA.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට බොහොම ස්තූතියි දමිත්,බහුශ්‍රැත වෙන්න නං තව ගොඩක් දේවල් දැනකියා ගන්න වෙයි මම හිතන්නෙ...
      අර පහුගිය සැරේ නම වරද්දපු එක ගණංගන්න එපා...මම ඒ වෙලාවෙ ලංකාවෙ අලුත් ඕපනර් දිමුත් කරුණාරත්න ගැන කියව කියව හිටියෙ.

      Delete
  23. හැලපයියේ මට මේල් එකක් දානවද . වැඩිහිටියෙක්ගෙන් උපදෙසක් ඕනම වෙලාවක් , මේ කමෙන්ට් එක පබිලිස් කොරන්ඩ නං එපා ඔන්න

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කොමෙන්ට් එක පබ්ලිස් කොරලා නෑ.

      Delete
    2. අටමෝ,බොටත් දෙකක් ලග නමා ගත්ත ගමන් මෙලෝ සිහියක් නැහැ.පුද්ගලික දෙයක් නම් හැලපට මේල් එකක් යැව්වනම් ඉවරයිනේ.

      Delete
  24. Replies
    1. මම ඔය කතා දන්නෙ නෑනෙ ඇනෝ,ඔබම කතන්දර බ්ලොගයෙ ලිව්වනං...

      Delete
  25. මට නං හැලප මාමේ මේ මොනාලිසා කියලා දාන පොස්ට් මෙලෝම රහක් නෑ. මම එව්වා කියවන්නෙත් නෑ.මම ආවේ වෙන පොස්ට් එකක් තියෙනවද කියලා බලන්න. එහෙම නැති හින්දා ඔන් අපි ගියා.

    ReplyDelete
    Replies
    1. අදහස කෙලින්ම කීම ගැන ඇනෝට ස්තූතියි,මෝනාලිසා රහ නෑ කියල ඔය කෙනෙක් කිව්වමයි...තව සැරේකින් දෙසැරෙකින් ඒක නවත්තල දාන්නං.

      Delete
  26. වෝටර් පෘෆ් කොල ගැන කතා කරා මදි. අනික කැමරාවේ පොටෝ ගහන්න පැය කාලක් යනවා කියල සේප් වෙලා හරියන්නෑ. ඒ ගැනත් ලියන්න ඕන. (මේ අයිඩියාස් දෙන්නේ)

    ReplyDelete
    Replies
    1. බොටත් ගොඩක් ස්තූතියි...මීට පස්සෙ ඒ ගැනත් හිතන්නංකො...ඒක නෙවෙයි බ්ලොගේට පලයං...අන්න උඹගෙ ඩුප්ලිකේට් ඇනෝ ඇවිත් වැඩ පටං අරං උඹ ප්‍රමාද නිසා.

      Delete

ඔබේ අදහස්