Thursday, June 20, 2013

73. හැලප කතා දෙකතුනක්




 අපි ලබන සතියෙ ලංකාවට යන නිසා මේ දවස්වල ටික ටික සූදානම් වෙනවා...ලංකාවට ගිහින් වැඩි දවසක් ඉන්න ලැබෙන්නෙත් නෑ නිවාඩුව බොහොම කෙටියි...ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඔය දවස් ටික ගෙවිල යයි...කොහොමත් මමනං නිවාඩුවෙදි කරගන්න කියල වැඩ කටයුතු සැළසුම් කරගෙන නෑ...බිරිඳට නම් ඇයගෙ කන්තෝරුවෙන් රාජකාරි කීපයක් කරගන්න තියෙනවලු...විශේෂයෙන්ම යන්නෙ ඒ නිසයි...කලින්ම යන්න තිබ්බ නම් හොඳයි ඒත් පුතාගෙ විභාගෙ ඉවරවෙනතුරු ඉන්න වෙච්චි නිසයි පරක්කු වුණේ...සමර් නිසා මේ කාලෙ ඔක්කොම වාගෙ නිවාඩුවට ගං රටවල්වලට යනව...ටිකට් එහෙම හරි ගණං.

මගෙ බලාපොරොත්තුවක් කියල දේකට තියෙන්නෙ බ්ලොග් ලෝකෙන් හඳුනාගත්ත යාළුවො මුණ ගැසෙන එක තමා...දැනටමත් දෙතුන් දෙනෙක් පොරොන්දුවෙලා තියෙනව මුණගැහෙමු කියල...මම නං යාළුවො ඔක්කොම හරි මුණගැහෙන්න ආසයි...අඩුතරමින් කතා කරන්නවත් මොබයිල් නම්බර් එකවත් මේල් කළොත් මම කතා කරන්නං helapakade@gmail.com

ටික දවසකට බ්ලොග් ලෝකය ඇසුරු කරන්නත් බැරිවේවි ලංකාවෙ ජංජාල පහසුකම් මොන ආකාරයකට තියෙනවද කියල දන්නෙත් නැහැනෙ...ඒ නිසා හැලප කන්න මම ආපහු එනතුරු ඉන්න වෙනවා...

කිව්වහම තමයි මතක් වුණේ හැලප කන්නත් ආසාවක් තියෙනව හීනියට වගේ...මෙහෙ ඔක්කොම ජාති තිබුණත් කැන්ද කොළ නැති නිසා හදන්න බෑනෙ...මම කැමති පදමට පැණි දාලා හදාපු හැලප කෙසෙල්ගෙඩිත් එක්ක කන්න...මතකද අර මඩොල් දූව පොතේ තිබුණෙ ධර්මදාස ඉස්කෝලෙ මහත්තයගෙ ගෙදර තේ මේසෙ.

ඔය වාගෙ අපි බෙල්ජියමෙ හිටපු සන්දියෙ ලංකාවට ගිය යාළුවෙක් අතේ හැලප ටිකක් ගෙන්න ගත්ත ආසාවට කන්න...හැලප එවන්න කියපුවාම ගෙදරිනුත් මොකද කළේ ගමේ ඉන්න කෑම හදන කාන්තාවක් වන ලලිතට කියල හදවල එවල තිබුණා...හැලප පාර්සලේ දැක්ක ගමන්ම බොහොම සතුටින් එකක් දිග ඇරල කන්න ගත්තා...මොන...කෑල්ලක් කෑව විතරයි මට කලන්තෙ හැදෙන සයිස් තිබ්බ පැණිරස...මක්කොරලවත් කන්න බෑ...මට කන්න බෙල්ජියමට යවන්නයි කියපුවාම ලලිතා වැඩි හොඳට සීනියි පැණියි කෙළලා නැතිවෙන්නම...අන්තිමේ එච්චර අමාරුවෙන් ගෙන්න ගත්තට ආසාවට එක හැලපයක් කන්න නැතිවුණානෙ...

අන්තිමේදි ඔක්කොම හැලප ටික ඔපිස් එකට ගෙනිහින් තිබ්බා...ඒ ගොල්ල කෑවද නැද්ද කියල නං මම දන්නෙ නෑ...

ආයෙම සැරයක් අපට ලංකාවට යන්න වුණා 2007 ජනවාරි මාසෙ...ඒ වෙනකොට හිටියෙ පුතයි මමයි විතරයි බිරිඳගෙ නිවාඩු ඉවරවෙලා ඇය 2006 නොවැම්බර් මාසෙ ලංකාවට ගිය නිසා...මගෙත් කාලසීමාව ඉවරයි ඒ වෙනකොට නමුත් මා වෙනුවට කෙනෙක් ඒ වෙනතුරු එවල තිබුණෙ නැති නිසා මට දිගටම ඉන්න වුණා...

අපි නියමිත කාලෙම ඒවි කියන බලාපොරොත්තුවෙන් නංගිගෙ ලොකු පුතා එයාගෙ මගුල් ගේ ජනවාරිවල ලෑස්ති කරල මල් කුමාරයෙක් හැටියට පුතාවත් තෝරගෙන තිබුණු නිසා අපට යන්නම වුණා...

යනකොට අපි ගියෙ බ්‍රසල්ස්-අබුඩාබි-කොළඹ...නමුත් එනකොට ඒ මාර්ගය ලැබුණෙ නෑ එනකොට ලැබුණෙ කොළඹ-අබුඩාබි-ෆ්‍රැන්ක්ෆර්ට්-බ්‍රසල්ස්...ට්‍රාන්සිට් දෙකයි...

 මඟුල් ගේ ඉවර වෙලා මනමාලි ගෙදරට කැන්දගෙනත් ඇවිත් මනමාලි බාරදීල ඒ පාර්ශවයෙ කට්ටිය යන්න ගියා...මේ වෙනකොට හවස හය හත විතර වෙලා තිබුණා...අපි දෙන්නා පහුවදා පාන්දර පිටත් වෙන්නත් ඕනැ...

රෑ කෑමක් ලෑස්ති කරල නැතිවුණත් මනමාලයගෙ යාලුවො මහගොඩක් හෝටලේ ඉඳල ගෙදරටත් ඇවිත් හිටපු නිසා ඒ අයට එහෙම කෑම සූදානම් කරන්න වුණා...

රෑ කෑම කුස්සියෙ සූදානම් වෙන අතරෙ යාළුවො ටික එළියෙ පුටු තියාගෙන රවුමට වාඩිවෙලා ඉන්නව...ඒ අයට බොන්න ජාතිත් ගෙදර කොල්ලො දෙන්න ගෙනැත් තියනවා ස්ටූල් වල...අරක්කු බොන අයට ඒව...බියර් බොන අයට බියර්...

සවුදිය පිරීම්...සාද කතා...සතුටු සිනා...කාලෙකට පස්සෙ එකතු වෙච්ච යාළුවන්ගෙ ආගිය කතා...නිකමට හිතාගන්නකො කොහොමද කියල...එකම සතුටු සාගරයයි...නොදැනිම වෙලාව රෑ මැදියමටත් කිට්ටු වෙද්දි ගෙදරින් පොඩි පණිවිඩයක් ලැබුණා...

පාන්දරම පිටත්වෙන්න තියෙන නිසා පැයක් දෙකක්වත් නිදාගන්න බලන්න...

කතාව ඇත්ත වුණාට එතන තිබුණු තත්වය අනුව යාළුවන්ගෙන් සමුගන්න එක හරිම අමාරු වැඩක්...පාන්දර යනවයි කියපුවම ඒ අය කාරණේ තේරුම් ගත්තත් සමුගැනීම ඉතාම සංවේදී මොහොතක් වුණා...ඒ වෙලාවෙ මට නොහිතුනු දෙයක් නෑ...ඒත් මොනව කරන්නද...

උදේ පාන්දර පිටත්වුනාට අබුඩාබි වලට එනකොට දවල්වුණා...අබුඩාබිවල ට්‍රාන්සිට් එකට යද්දි මම දැක්ක ෆ්‍රැන්ක්ෆර්ට් යන්න තියෙන ගේට් එක ඇරල සෙනග ඇතුල් කරනව...



පුතේ අපි දැන් උඩට ගිහිල්ල කාල එන්න ගියොත් පරක්කු වෙයි ප්ලයිට් එකේදිම කමු...

පුතත් එක්කගෙන ගේට් එකට ගිහිල්ල බෝඩිං කාඩ් එක දීල වාඩිවෙලා හිටියා...

ප්ලයිට් එකට තව පැය බාගයක් විතර තිබුණා...ඒකෙන් කෑම කනකොට තව පැයක්වත් යයිනෙ...අතේ තිබ්බ බෑග් එකේ හැලප පාර්සලයක් තිබුණා...

පුතේ...ඔයාට හැලප දෙන්නද...

ඕනැ නෑ තාත්තෙ...තාම බඩගිනි නෑ...

බඩගිනි නෑ කිව්වට එයා හිටියෙ බඩගින්නෙ කියල මට තේරුණා...ටිකකින් එයාම කිව්වා...

තාත්තෙ...එහෙනං හැලප දෙන්න...

ඒ ගමන හැලප කන්න දීල වතුරත් දීල ෂේප් කරගෙන හිටියා ප්ලයිට් එකට නගිනතුරු...

දැන් ප්ලේන් එක බිම දිගේ යනව යනව ඉවරයක් නෑ උඩට නග්ගන්නෙත් නෑ...පැය කාලකට වැඩියෙ රවුං ගියා බිම දිගේ...අන්තිමේදි කැප්ටන් නිවේදනයක් කළා...

තාක්ෂණික දෝෂයක් නිසා යානය ගුවන්ගත කළ නොහැක...දැන් ගුවන් යානය ආපසු පර්යන්තයට ගෙනගොස් තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් වහාම නැවත පියාසර කරනු ඇත...එතෙක් යානයෙන් බැස ඉවසිල්ලෙන් සිටින්න.

කෙළපංකො...මදෑ නැගල කන්න හිටියා...

එහෙම නිවේදනයක් කළාට ගමන නැවතුනේ නෑ...තව රවුං කීපයක් ගිහින් වේගෙ වැඩිකරල එකපාරටම උඩට නැග්ගුවා...වැරැද්ද නිකම්ම හරියන්න ඇති...

අබුඩාබි ඉඳල ෆ්‍රැන්ක්ෆර්ට් වලට පැය නමයක්ද කොහෙද ආවා...එතකොටත් පරක්කුයි...ඒ අතිවිශාල සංකීර්ණ එයාපෝට් එකේ අපට යන්න නියමිත ටර්මිනල් එකට ඇතුළෙ යන මොනොරේල් එකක ගිහිල්ල ගේට් එකට යනකොට බ්‍රසල්ස් ප්ලයිට් එක ගිහිල්ලා...ආපහු ලුප්තාන්සා කවුන්ටරය හොයන් ගිහින් ඊළඟ ප්ලයිට් එකට බෝඩිං කාඩ් එකේ සීල් ගස්සගෙන ආයෙම ආවා...

අතේ ගෙනාපු බෑග් එක ස්කෑනර් එකට දාද්දි ඒකෙ තිබ්බ හැලප පාර්සලය මොකක්ද කියල එතන හිටපු ගෑණු කෙනාට බලන්න ඕනැවුණා...ඒ ගමන මම බෑග් එක ඇරල හැලපයක් අරගෙන කාල පෙන්නුව ස්වීට් ස්වීට් කියල...කිව්ව දේ ජර්මන් කාන්තාවට නොතේරුණත් කෑමක් නිසා අරං යන්න කිව්වා...

 එදා බ්‍රසල්ස් වලට එද්දි රෑ දෙකත් පහුවුණා...

මේ තව හැලප කතාවක්...

ආච්චියෙකුයි මිණිපිරියෙකුයි හිටියලු මේ දෙන්න ජීවත් වුනේ කෑම ජාති හදල දීල ලැබෙන ආදායමෙන්...අර අපේ ගමේ ලලිතා වගේ...

ආච්චි වයසයි බර වැඩ එහෙම අමාරුයි...මිණිපිරී නං නව යොවුන් වයසෙ තෙල් ඉහිරෙන කෙල්ල...ගිණි කිරිල්ලි වගේ...

දවසක්දා ආච්චිට හැලප සියගාණක් හදල දෙන්න ලොකු ඕඩරයක් ඇවිත්...වැඩේ කරගත්තොත් හොඳ ලාබයක් තියෙනව...ඒත් ඉතිං ආච්චි වචනයක් කියල නෑ වයසයිනෙ කරගන්න බැරිවෙයි කියල කල්පනා කරමින් ඉන්නකොට මිණිපිරී අහනවා...

මොනවද ආච්චියෙ කල්පනා කරන්නෙ...

නෑ කෙල්ලෙ...මේ කෑම ටික හදාගන්න බැරිකමනෙ...නැත්නං කීයක්වත් හොයාගන්න තිබුණනෙ...
 
අයියෝ ආච්චියෙ...ඕකත් වැඩක්ද...ආච්චි බය නැතුව ඕඩර් එක ගන්නකො...මම හදල දෙන්නං...
 
ඒ ගමන ආච්චි අර ලොකු හැලප ඕඩරේ බාරගත්තා...
 
හැලප තම්බන දවසෙ ආච්චි කුරහන් පිටි,හාල් පිටි එහෙම කළවම් කරල පැණිත් දාල  හැලප මිශ්‍රණය හදල මිණිපිරීට දුන්නා...
 
මිණිපිරිත් වත්ත පහළට ගිහින් කැන්ද කොළ තොගේකුත් කඩාගෙන ඇවිත් හැලප බාජනය ළඟට ගත්තා...
 
මිශ්‍රණය ගුලියක් අරගෙන ගවුම උස්සල ගුලිය කලවා දෙක අතරෙ තියල චිස් ගාල තද කරනවා...පැතලි වුණාම කැන්ද කොළෙන් තියල කොළේ නමනව...
 

දැන් මිණිපිරී පට පට ගාල කකුල් දෙකේ මැසිමෙන් හැලප ටික වඩනව...කලවෙ පිටි ඇලෙනවට එහෙම පොල්තෙලුත් චුට්ට චුට්ට ගානවා...
 
මිණිපිරී හදන හදන හැලප ටික ආච්චි තම්බනවා...
 
වැඩි වෙලා යන්න කලින් දෙන්නා හැලප ඕඩරේ හදල ඉවර කළා.

98 comments:

  1. ඒකට කියන්නේ අයියා හැලප අච්චුවේ හදනවා කියලා... සමහරු ඔය අච්චවට වඩා ලොකු අච්චු පාවිච්චි කොරනවා...

    ReplyDelete
    Replies
    1. හැලප අච්චුවේ නෙමෙයි ගල් වංගෙඩියේ... :D

      Delete
    2. කෑම ගැන මාරය යමක් කිව්වොත් ඉතිං හරියටම හරි

      Delete
  2. ඒ මේශිමට දාන ඕන එකක් හැලප වෙනවද?

    ReplyDelete
    Replies
    1. දාලම බලන්න ඕනැ මයියො

      Delete
  3. පැය කාලක් විතර බිම දිගේ යනකොට ප්ලේන් වල කාර්මික දෝෂ ඉබේ සමනය වෙනවයි කියන එක තාම එයාබස් කොම්පැනියවත් දන්නැතිව ඇති.

    අර එයාපෝට් එකේ හිටපු ගෑනු කෙනාට හැලපයක් අරගෙන කාල පෙන්නපුවහම පාර්සලේ අරං යන්න කිවුව වගේ 'මල්' පාර්සලයක් එහෙමත් පොඩ්ඩක් කාල පෙන්නල අරං යන්න පුලුවං වෙයිනෙ.

    අර හැලප අච්චුවනං නියමයි.

    ReplyDelete
    Replies
    1. මල් අරං ගිහිල්ල එහෙම ෂේප් වෙන්න බෑ ත්‍රිබාසා...එහෙ ඉන්නෙත් ගොන්නු නෙවෙයිනෙ

      Delete
  4. අර යෝධ හත්තෙ ෆොටෝ එකක් මාත් අරගත්තා...

    ReplyDelete
    Replies
    1. අපි ගිය කාලෙ ඔය හත්ත හදල තිබ්බෙ නෑ සෙන්නා...පින්තූරෙ ගූග්ල් එකෙනුයි ගත්තෙ.

      Delete
  5. හැලප අයිය හැලප ගැන කියන හැලප කතා...
    සුභ ගමන් එහෙනම් කාලෙකින් ගමරට එනවා කියන්නේ කොච්චර දෙයක්ද ?

    ReplyDelete
  6. හැලප මශිම තම මරු..ඔය වගේ රොටි හදන්නත් ඇහැකිනෙ..ආච්චිට හැලප කඩයක් ඩා ගන්න නම් කියාපු මැෂිම ...

    ReplyDelete
    Replies
    1. පිටි පාවිච්චි කරන ඕනෑම කෑමක් හදාගන්න පුළුවනි මේ මැසිමෙන්...රෙපෙයාර් නෑ ස්පෙයා පාට්ස් අවශ්‍ය නෑ

      Delete
  7. මං හිතන්නේ මම කාලෙකට කලින් මේ පැත්තේ ඇවිත් ගියාද කොහෙද... එහෙම නම් සුභ ගමන්!!!

    ReplyDelete
    Replies
    1. තිසර සැරයක් ඇවිදින් ගියාට පස්සෙ ආගිය අතක් නැතුව හිටියනෙ...

      Delete
  8. අයියෝ බය වෙන්න එපා. දැන් ලංකාවේ හැමතැනම 3ග් තියනවා. කෝල් ගන්න බැරි උනත් නෙට් යන්න පුළුවන් දැන්.

    ReplyDelete
    Replies
    1. හොඳයි පූමා...මම ගිහින් බලන්නම්

      Delete
  9. ඇති ඔය මැෂිමට දාන ඔක්කොම හැලප හැඩේට හැදෙන්නේ නැතිඑක. මම මේ කල්පනා කරේ බස් රස්තියාදු වගේමනේද ප්ලේන් රස්තියාදු , එකම එපාවීම.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඉවාන්...මුලදි මුලදි එහෙම හැඩය වෙනස්වීම් වුණා තමයි...නමුත් දිගටම වැඩ කරද්දි හරිගියා බොරුනම් කාල බලන්නකො

      Delete
  10. හැලපයා දැන් ලංකාවට අමහම අපිව මුණ ගැහෙනවද? අපි හැලප හදන එන්නද? එහෙම නැතිනම් අපිට හැලප දෙනවද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම අයිලාස්...හැලප හදාගෙන ආවත් කමක් නෑ...නැත්නම් මම දෙන්නම්
      එනකොට ඔය හොම්බ දිග එකත් මතක ඇතුව අරං එන්න...

      Delete
  11. හැමතැනම ඉන්ටනෙට් තියෙනව බං..මෙහේ ඇවිල්ලත් ලියපන් අය්යෙ.

    අර අච්චුවෙ පොල්තෙල් ගෑවම මරු ඇතිනේ..ඈ බං උඹකොහොමෙයි ටක්කෙටම මේව දන්නෙ..?

    ReplyDelete
    Replies
    1. අම්මප වීයො පොල්තෙල් ගාපුවාමනෙ මැසිමෙ ලස්සන...අපිත් ඉතින් කාලයක්ම ඔය කරුමාන්තෙ කොරා නොවැ

      Delete
  12. මං අහල තියෙන කතාවේ ඔය විදියට සමාන ක්‍රමයකට හදන්නේ හැලප නොවෙයි....

    ... පැටිස්.

    ReplyDelete
    Replies
    1. මේ හැලපයා ඒක හැලපවලට හරවගෙන. හික්ස්...

      Delete
    2. මිණිපිරියට පැණි බේරෙන දවස් 3ට හැලප.ඉතිරි දින 25ම පැටිස්,රොටි වගෙ දේවල් තමා.

      Delete
    3. පැටිස් හදන්නේ... ජපන් පිලීපීන් බැංකොක් වගේ මැෂින් වල..
      මෙහේ ඒවල පැටිස් හැදුවත් හැලප සයිස් එකට තමයි එන්නේ...

      Delete
    4. @ මාතලන් - පිලිපින් කාම්බෝජියා වියට්නාම් පැටිස් හොදට පිම්බිලා තියෙන්නේ.
      @කෙන්ජි අයියා - එතකොට වැඩි දවසක් කන්නේ පැටිස් නේ.

      Delete
    5. හැලප වගේද කට දවන පැටිස්?

      Delete
    6. මන්දා කකා...මම නං ඇහුවෙ හැලප හදපු කතාව...පැටිසුත් නරක නෑ බලාගෙන ගියාම

      Delete
    7. ඔය යන විදියට ඔක්කෝම කෑම ජාති “හැලප“ වෙන්නත් ඉඩ තියේ.. හැක්

      Delete
  13. එතකොට කොහොම හරි හැලප ලෝකෙටම ගෙනිච්චේ හැලපයියා තමා නේද. මෙදා ගෙදර ආවාම බැරිවෙයිද අහ හැලප ගල් අච්චුවේ හැලපයක් වඩන්න අපටත්. ඒ ආචිචියි දැරිවියි ඇත්තෙත් ගෙවල් ළගම වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. මේ මේ නලීන් මට බෑ බොලාව හැලප වඩන්න ගෙනිහින් ගුටිකන්න...යකෝ ලංකාවෙ ඉන්න ටිකදොහේවත් ඉන්ඩ දීපල්ලකො

      Delete
  14. මිණිපිරියට පැණි බේරෙන දවස්වල ඕඩර් එක ලැබුන නම් පැණි වලට යන ගානත් ඉතුරු වෙනව අප්ප.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ඒ අව් අස්සෙ අරපිරිමැස්ම පාඩමකුත් කියල දෙනවනෙ...

      Delete
  15. හැලපයගේ හැලප කතාවක් කියෙව්වේ අදමද කොහෙද.. හැලප මැෂිමෙ කතාව නම් මරු. ගමේ නම් තවම හැලප හදනවා බලමුකෝ මොකක් හරි කරන්න. ආයෙත් මේ රස්සාව හින්දා ෆුල් බිසි.

    අපේ පවුලේ මායි තව එකෙකුයි ඉන්නවා ඔය හැලප මැෂිම හැම තිස්සෙම දාගෙන ඉන්න. පුරුද්ද අත් ඇර්ගන්න හරිම අමාරුයි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.. හැබයි එක වාසියකුත් තියෙනවා. මදුරුවන්ට එල්ලෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මදුරුවො කන්නෙ නැත්නම් හැලප නොහැදුවත් කමක් නෑ...ඒක නෙවෙයි හැබෑද මාතලන් අර ගල්බොරැල්ලෙ සැමුවෙල් රුද්‍රිගු මාවතේ නම වෙනස් කරලය කියන්නෙ ප්‍රාදේශීය සභාවෙන්...කාගෙ නමද දාන්න යන්නෙ ආචාර්ය මර්වින් සිල්වා මාවත කියලද...
      ඕව මොනවද මාතලන් අර මහා පුරුෂයෙකුගෙ නම තිබ්බ පාරකත් නම වෙනස් කරල නෙළුම් පොකුණ මාවත කියල දාපු පණ්ඩිතයො ඉන්න රටේ සැමුවෙල් රුද්‍රිගු කව්ද....

      Delete
    2. අර ළඟදි මරලා දාපු මඩවලයගේ ගේ තියෙන්නේ ඔය ඉස්සරහ.. උගෙ නම දාන්න යනවද දන්නෙ නෑ. නැත්නම් ඉතින් හැම තැනම වගේ මහින්ද රාජපක්ෂ පටු මග වගේ නමක් දාවී.. එවා දාන්නෙ නම් එයා නෙමෙයි වෙන උන්.. ඒත් එයත් මුකුත් කියන්නෙ නෑ.. මොකෝ අරුන්ගේ හිත රිදෙනවනේ.. සංවේදී නායකයෙක් නේ අප්පා...

      Delete
  16. පරිප්පු වඩේවලටයි, උළුඳු වඩේවලටයි ඒ මැෂිම පාවිච්චි කරන්න බැරිවෙයිද කියලා මම මේ කල්පනා කලේ ...!

    ReplyDelete
    Replies
    1. මැද සිදුර සහිත උලුදු වඩේ හදන මැෂිම තියේන්නේ හැලපෙ අයිය ගාව තමා. ඒ මැෂිමෙන් හදන වඩේවල ලොකු හිලක් එනවා මැදට.

      Delete
    2. දැන් ඒ මැසිම පරණ හන්දා පණගහලා අරගන හොදට වැඩේ කරන්ඩ බයිසිකල් ස්පෝක් කම්බියක් ඕනලු

      Delete
    3. ඒ මැසිම වඩේවලට පාවිච්චි කරන්න බැරිවෙයි ගාමිණි...ඔය විශේෂඥ මතයකුත් ලියල තියෙන්නෙ

      Delete
    4. @අටම්
      උඹට මම කියන්නමයි හිටියෙ ස්පෝක් එකක් හොයල තියන්න කියල...මම අල්ලගන්නංකො උඹව වරත්තු කතා කියනවට

      Delete
  17. ප්ලේනුත් ප්‍රයිවට් බස් වල වගේ වැඩ කරනවා කියලා අදයි දැනගත්තේ... හි හි...

    හැලපවල තියෙන එකම ලෙඩේ පැණි රහ වැඩි වෙන එක තමයි... පොල් කේක් වලටත් ඔය කේස් එකමයි .. අපේ අම්මා හදනකොට නම් පැණී රහ අඩුවෙන් හදන්නේ.. අපි කියන්නේ දියවැඩියා කෑම කියලා... ( ඉස්සර නම් මට චොක්ලට් ඇරෙන්න වෙන පැණි රහ ජාති පේන්න බෑ... කේක් හැදිල්ල නිසා.. දැන් නං ගානක් නෑ..)

    හැලපයාට මෙහෙ ආවම නෙට් තිබ්බ කියලා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.. ලියන්න නම් වෙලාවක් හම්බුවෙන එකක් නෑ.. හම්බුවෙන්න දත කට මැදගෙන ඉන්න සෙට් එකේ හැටියට... හි හි...

    ReplyDelete
    Replies
    1. බස් කොචිචි පරක්කුවෙන්නේ විනාඩි ගණන්වලටනේ. ෆලයිට් පරක්කුවෙන්නේ පැය හත අට වගේ කල් අරගන. හොද තැනක ඒ ප්‍රමාදේ ආවොත් ගොඩ තමා. රවුමක් දාලම ආ හැකි.

      Delete
    2. වින්ටර් තද ස්ටෝම්,හදිසි කාලගුණික අප්සෙට් නිසා ගුවන් තොටුපල වල පැය ගනන් තැපපු අය දනියි සනීපෙ.

      Delete
    3. හැබෑටම හිරූගෙ අම්මගෙ කොම්පැණියෙත් හැලප හදන්න නැතැයි ඕසෙට...උදව් කළේ නැද්ද

      Delete
    4. අම්ම හදන්නේ කේක් ජාති විතරයි... හැලප නම් ඔය දන්න කෙනෙක්ට ලොකු ගාණක් හදාගන්න ඕනේ උනොත් හදලා දෙනවා.. ලොකු අවන් තියෙන නිසා ඉක්මණට තම්බන්න පුළුවන්නේ..

      Delete
    5. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  18. සුභ ගමන් හැලපේ. මම පස්සේ මේල් එකක් එවන්නම්. නමුත් අපි නම් එන්නේ අවුරුද්දේ අග මචං.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං...ඒත් මම කල්පනා කළේ අපි මේ ජංජාලෙන් හරි ළඟ වුණාට අපි කොච්චර ඈතද කියල...සමහර විට මේ ජීවිතේදි අපි කිසිදවසක මුණ නොගැසෙන්න පුළුවනි නේද බං...උඹට නිකමට වගේ එහෙම හිතෙන්නෙ නැද්ද

      Delete
    2. එහෙම හිතන්න එපා මචං. අපි ඔය කොයි වෙලේ හරි හම්බවෙච්ච වෙලාවක හම්බ වෙයි.:D

      Delete
    3. ඒක ඉතිං උඹේ නරකම වෙලාව කියල හිතාගං හැලපයෝ..

      Delete
  19. හලපයා කියලා නම දාගන්න හේතුව දැනුයි තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සැරයක් සුදීක ඔය නම් දාපු හේතුව ගැන පෝස්ට් එකක් ලිව්ව නේද...මතකයි මම ඒකට කමෙන්ට් කළා ටිකක් පහුවෙලා...

      Delete
  20. අපේ අප්පුච්චේ හැලප මැසිමේ රඟේ!!!!

    ReplyDelete
  21. //එහෙම නිවේදනයක් කළාට ගමන නැවතුනේ නෑ...තව රවුං කීපයක් ගිහින් වේගෙ වැඩිකරල එකපාරටම උඩට නැග්ගුවා...වැරැද්ද නිකම්ම හරියන්න ඇති...//

    මේ ටික දැක්කාම ඇඟත් හීතල වෙලා ගියා.

    හැලපයට ඇත්තටම හැලප කෑවහැකි දැන් ලංකාවට ගියාම. නරකද හැලප ගෙනත් බ්ලොග් ලියන, ලංකාවට එන්ට බැරි, අසරණ , අහිංසක යාලුවන් ඔක්කොටම බෙදලා දැම්මාම. :D

    ReplyDelete
    Replies
    1. ඊට කලින් අපට වෙඩින් කේක් එවන්න වෙයි නේද?

      Delete
    2. බැලුවහම පොඩ්ඩියෙ මෙතන කතා දෙකක් තියෙනව...ඉස්සෙල්ල කියන්ඩකො බ්ලොග් ලියන අහිංසක අසරණ යාලුවො ටික කව්ද කියල...
      ඊට පස්සෙ අපි බලමු ඇයි ඒ ගොල්ලන්ට ලංකාවට යන්න බැරි කියල...ලාංකිකයෙක් නං ටිකට් එකක් ගන්න විතරයි තියෙන්නෙ ලංකාවට යන්න...එහෙම බැරි අය තමයි රෙපියුජී ස්ටේටස් තියෙන අය...ඒ අයට ලංකාවට ඇරෙන්න වෙන ඕනැ රටකට යන්න පුළුවන් විදියට තමා රෙපියුජි පාස්පෝට් එක දෙන්නෙ...
      ඉතිං මට කියන්න රෙපියුජි ස්ටේටස් තියන අහිංසක අසරණ ලාංකිකයො කී දෙනෙකුට හැලප ඕනැද කියල...

      Delete
  22. නෙට් කෙස් එක කොයිහැටි උනත් ලංකාවට ආවම ලියන්න වෙලාවක් තියේවිද මන්ද..?
    කොහොම උනත් වෙල්කම් ටු ශ්‍රී ලංකා කිවා...!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මනෝජ්...මටත් හිතෙන්නෙ ලියන්න වෙලාවක් නැතිවෙයි කියලයි

      Delete
  23. කැන්දකොල නැතිනම් ඇලුමිනියම් ෆොයිල් කොල වලින් ට්‍රයිකරලා බලන්න හැලපේ...

    http://lh4.ggpht.com/-ntqlEv0sSWA/Tysh5yzxC1I/AAAAAAAAAak/H1OQl_0mNPs/s1600-h/IMAG01213.jpg

    හැබැයි ඉතින් දැන් ලංකාවට යන හින්දා තේරුමක් නෑ... :)

    ReplyDelete
    Replies
    1. ඈ බං බීටලේ.. එතකොට සුවඳ ගන්නේ අහවල් එකෙන්ද..? යකෝ හැළපවල රහට වඩා ඒකට ආස හිතෙන්නේ කැන්ද කොලෙන් එන සුවඳට.. නැත්තං ඉතිං කාට බැරිද පිටියි පොලුයි සීනියි හරි ගුලි කොරලා ස්ටීම් කොර ගන්න.. :D

      Delete
    2. ඕකනේ බැරි... :D අස්පය තුට්ටු දෙකට ගන්නත් ඕනේ... නේරංජනා ගඟෙන් පනිනත් ඕනේ... හැම එකම කරන්න බෑ ඉතිං... මම කිව්වේ මොකුත්ම නැත්තං...:)


      Delete
    3. සිද්ධාන්තයක් හැටියට ක්‍රමය හරි බීටල්...නමුත් අර මාරය කියනව වගේ හැලපෙ සුවඳ ගන්න බෑනෙ...මට මතක් වෙන්නෙ අර වෙල් හාන්න මීහරක් වෙනුවට ට්‍රැක්ටර් ආදේශ කරපු එක...

      Delete
    4. සුවඳත් එක්ක හැලප කන්න ඕනේ නම් මිදි කොළ ගන්න.
      මේ ළඟ කාලෙක මට ක්ලයන් කෙනෙක් එහෙම හැලප හදලා ගෙනත් දුන්නා. මම නම් කොලේ විතරයි ඉතිරි කලේ. ( හැලප කීවම මගෙත් නැට්ට බිම ඇණෙන කෑමක්.

      Delete
    5. සුද්දොන්ට දුන්නම කොලෙත් එක්ක ඇදලා අරිනවා.. ඊට පස්සෙ තමයි කියලා දෙන්නේ..

      Delete
    6. මිදී කොලේ ඔතලා ස්ටීම් කරපු තුර්කි කෑමක් කෑවා දවසක් ..මටත් මතක් වුනේ කැන්ද කොලේ ..මිදී කොලේ නම් කනවා ඒ කෑමේදී.

      Delete
    7. අච්චුවෙ සුවඳ ගැන වෙන්ඩැ මේ කතාව.

      Delete
    8. අනේ අම්මප ඇනෝට විතරනෙ ඔය අච්චුවෙ සුවඳ මතක් වුණේ...උඹ නං පුතේ ඔය අච්චුවෙ සුවඳ හොඳට දන්න එකෙක් නේද...හනේ හනේ

      Delete
  24. ඔබේ බ්ලොග් එකට කලින් ඇවිත් තිබුනත් කමෙන්ට් කරන්නේ අදයි. ඉන්න රට නම් හිතාගන්න බැ. ඒත් මව් රටට එන්න ලැබීම ගැන සුබ පතනවා.
    හැලපවලට මාත් අසයි. ඒත් වැඩිය පැනි රහට කන්න බැ. වෙන මුකුත් නොකිය ඉන්නම්.

    මිහිරැති ඉංග්‍රීසි පරිවර්ථන ඇතුළු සිත නිවන දෑ රස විඳින්න එන්න ගිං ඔය අද්දරට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබවත් මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා

      Delete
  25. මිණිපිරී නාල හිටියේ නැත්නම් කාපු එවුන්ට අබ සරණයි

    ReplyDelete
    Replies
    1. කෝරළේ මහත්තය ගොඩක් කාලෙකින්

      Delete
  26. හැලපගේ රැකියාව ගැන යම් ඉඟියක් ලැබුණ. ගුවන් ගමන් වල එපාම කරපු කොටස තමයි ඔය මාරු වෙන අවස්ථා . ළමයි එක්ක පැය ගණන් ඉන්න ගියහම එපා වෙනවා . අපිටත් සමර් නිවාඩු . ටිකක් නෙමේ මාස දෙකක් .

    සික් ..කඩේකින් හැලප කන්නත් එපා වුණා මැෂිම ගැන අහලා .

    අපිත් ගෙදර ගියහම හැලප නම් කනවා අනිවාර්යයෙන් . අපේ ගෙදර එක්කෙනා හැලප කන්න ආසයි කියල එයාගේ ලොකු අම්මලා ඇතුළු නෑදෑයෝ ගේන්නෙම හැලප . කොටින්ම කාලත් එපා වෙනව . නිවාඩුව හොඳින් ගෙවෙන්න කියල පතනවා .

    ReplyDelete
    Replies
    1. මොනවද අක්කේ අර රත්තරං මනුස්සයා හැලපයෙක් කියලා මෙහෙමත් පොරසිද්ධියේ කියන්නේ.. :D :D :D

      Delete
    2. ස්තූතියි බින්දී

      Delete
  27. මේ කතාවෙ අවසානයට මම කැමතිම නෑ. භීභත්ය රසයට ඉඩ දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ඒ රසේ මොකක්ද කියලා හොයපල්ලකෝ.. :D

      Delete
    2. භීහත්ස රසයත් නවනළු රසයට අයත් නොවැ

      Delete
    3. ඇයි ඔයාටත් හැලප හදපු හැටි මතක් වෙනවද?

      Delete
    4. භීභත්ය රසය කියන්නෙ හැලප අච්චුවේ රසයද?

      Delete
  28. ගමේ වරෙන් අඩු කඩන්න!!!!

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉඳින්කෝ කපනවා තොගෙ

      Delete
  29. "අගනුවර" ආවොත් මාත් එක්කත් සෙට්වෙමු!

    ReplyDelete
    Replies
    1. අගනුවර එනවාමයි රාජ් ඔබේ අංකය දෙන්න මම කථාකරන්නම්

      Delete
  30. welcome to motherland.haelapa nam epooo.eyak dannam.waeradila hari galee enawanam kiyanna.

    ReplyDelete
  31. කැන්ගරු දේශේ පල්ලෙහ හරියෙ ඉන්න අපි නම් එක පාරක් උඩහට ගිය ගමනක කැන්ද කොල ගොන්නක් ගෙනත් ෆ්‍රිජ් එකේ දාගෙන මාසයක් විතර හැලප කෑවා එපාවෙන්නම.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කැන්ගරු රටේ කැන්ද කොළ තියෙනව කියල ඔය ඇහුවමයි

      Delete
    3. මොකෑ නැතුව.ක්වීන්ස්ලන්ඩ් වලට ගියහම ඕන තරම් තියනව කැලේ.ලංකාව වැවෙන බොහොමයක් ගස්වැල් එහෙ තියනව.එකම දේශගුනේනෙ.වෙන එකක් තියා බෝවිටියා ගස් මල් වලට වවනව මෙල්බර්න් වල.

      Delete
  32. මෙහෙම හදන හැලප වලට කියන්නෙ ගල් හැලප කියලද?

    ReplyDelete
    Replies
    1. ගල් හැලප වුණත් රස ඇති නේද ඇනෝ

      Delete
  33. දැන් එහෙනං මේ පැත්තේ ඇවිත් ඇති නේද ?සුභ ගමන් !

    ReplyDelete

ඔබේ අදහස්