Saturday, June 15, 2013

72.ප්‍රංශ පන්තියේ ඉතියෝපියානුවා




අපට දවස් ගණනකින් මොකුත් ලියාගන්න බැරිවුණා...වෙලාවක් නැතිකමත් නෙවෙයි මම හිතන්නෙ ලියන්න නම් හිස බොහොම නිරවුල්ව තියෙන්නට ඕනැ...හරියට නිසල විල වගේ...කොහොමහරි පහුගිය ටිකේ මම හිටියෙ ලියන මූඩ් එකක නොවෙයි.අද මට පරණ කතාවක් මතක් වුණා ලියන්න...

දෙසතියත් එක්ක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ ගතකරපු සුන්දර කාල පරිච්ඡේදයට පස්සෙ මට වරාය හා නාවික අමාත්‍යාංශයට ස්ථාන මාරුවක් ලැබුණා...අමාත්‍යාංශය තිබුණෙ යෝක් වීදිය කෙළවරේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ ළඟ...මේ හෝටලේ හඳුන්වන කෙටි නම තමයි  
G. O .H

නවක පත්‍ර කලාවේදියෙකුට වර්තමානයේ හඳුන්වන නම අනුව මාධ්‍යවේදියෙකුට ඔය හෝටලෙ උත්සවයක් වාර්තා කරන්න ලැබුණලු...වාර්තාව ලියාගෙන ගියපුවම ඔහුගෙ ප්‍රවෘත්ති කර්තෘ හෝ වෙන කවුරුහරි ඇහුවලු...

කොහෙද මේ උත්සවය තිබුණෙ...

ගොහ් හෝටලේ...

මොකක්...මොන ලෝකෙද ඕයි එහෙම හෝටලයක් තියෙන්නෙ...ලංකාවෙ නං නෑ...

නෑ...නෑ...ගොහ් හෝටලේ තමයි...

කුණුහරුප කියන්නෙ නැතුව ඉන්නව ඕයි...

මොකක්ද මේ හරුපෙ කියල වැඩිදුරටත් හොයල හෝටලේ මොකක්ද කියල දැනගත්තම කට්ටියට පණයනකං හිනා...
ඇන්ටන් චෙකෝප් ලංකාවට ආපු වෙලාවෙත් ඒ හෝටලේ තමා නැවතිලා තියෙන්නෙ...ඒ කාමරය තාම තියෙනවා...අපි ඇන්ටන් චෙකෝප් කිව්වට රුසියන් විදියට ඒ නම උච්චාරණය කරන්නෙ අන්තොන් චේහව් හෙවත් අන්තොන් චේහප් යනුවෙන් කියල මම පොතක හරි ලිපියක හරි දැක්කා...මහ ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ඔහුට කිව්වෙ චැකෝප් කියලයි...

 කොච්චර නං වචන ඔය විදියට වරද්දල උච්චාරණය කරනවද...සුලභම උදාහරණය තමා GRAND PRIX කියන ප්‍රංශ වචනය...ඔය වචනය උච්චාරණය වන්නේ ග්‍රෝන් ප්‍රී  යනුවෙන්...නමුත් අපේ අය කෙලින්ම පරිවර්තනය කරන්නෙ ග්‍රෑන්ඩ් ෆ්‍රික්ස් කියලයි...ආයෙම FRANCOISE වල උච්චාරණය ප්‍රංශුවා...එය ප්‍රංශ භාෂාවෙ සුලභ නමක්...නමුත් අපේ පරිවර්තකයන් ලියන්නෙ ෆ්‍රැන්කොයිස් යනුවෙන්...

දැන් තියෙන පරිවර්තන ගැන නම් කියල වැඩක් නෑ ඒව ගැන මෙතන ලියන්නෙ නෑ වෙනම ලියනව...ආ තවත් එකක් කියන්න අමතක වුණා...අපේ සමහර බ්ලොග් කරුවන් පරිවර්තනය කියල ලියන්නෙ නෑනෙ...ලියන්නෙ පරිවර්ථනය කියලයි...වර්තමානය ලියන්නෙ වර්ථමානය කියලයි...මේ අනවශ්‍ය මහප්‍රාණ දැම්මම ලස්සනයි කියල ඒ අය හිතනව ඇති...

 මම බෙල්ජියමට ගිය අලුතම වගේ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න පංතියකට බැඳුණා...බෙල්ජියමෙ ප්‍රධාන භාෂා කීපයෙන් එකක් වගේම බහුලව භාවිත වෙන්නෙ ප්‍රංශ භාෂාවයි...බ්‍රසල්ස් නගර සභාවෙන් සහන මුදලක් අයකරල ප්‍රංශ පංති පවත්වනවා...පාඨමාලාව මාස හයයි අවුරුද්දකට පාඨමාලා දෙකයි...පංති පටන් ගන්න කලින් ප්‍රසිද්ධ කරනව ඒ ගැන අවධානයෙන් ඉඳල ඉල්ලුම් කරන්න ඕනැ...මම ගියෙ නොවැම්බර් මාසෙ නිසා ඉල්ලුම් කරන්න වුණේ ජූනි මාසෙ පටන් ගන්න පාඨමාලාවට...මූලික පරීක්ෂණ පවත්වල බඳවගන්නෙ අප්‍රියෙල් මාසෙ...මාවත් තෝරගත්තා පාඨමාලා ගාස්තුව යුරෝ 35 යි...නිකං නාමික ගාස්තුවක් රජය මේ ප්‍රංශ ඉගැන්නිල්ලට විශාල මුදලක් වියදම් කරනවා...
පාඨමාලාව පැවැත්වෙන්නෙ බ්‍රසල්ස් ටවුන් එකේම තියෙන Vrije යුනිවසිටියෙ...පංතිය පටන්ගන්න දවසෙ මම ගියා...රටවල් එකොළහකින් ශිෂ්‍ය ශිෂ්‍යාවො තිස් ගණනක් අපේ පංතියට තේරිලා තිබුණා...ඒ වගේ පංති දහයක් පැවැත්වුණා...ගොඩක් දෙනා ව්‍යක්ත විදියට ප්‍රංශ භාෂාව කතා කරනවා නමුත් ඔවුන්ට ව්‍යාකරණානුකූලව වාක්‍ය දෙකක් ලියාගන්නට බෑ...එහෙම ව්‍යාකරණානුකූලව භාෂාව ලියාගන්න බැරි අයට බෙල්ජියමෙ රස්සාවල් හොයාගන්න අමාරුයි...ඒ නිසා ඔවුන් මේ පාඨමාලාවෙ සහතිකය ලබාගන්න එනවා...

අපට උගන්නන්න ආපු ගුරුතුමා හියුබට් මහතා... ඔහුට ඉංග්‍රීසි ඇතුලු භාෂා කිහිපයක් ව්‍යක්තව හසුරුවන්න පුලුවනි...නමුත් ඔහු පංතියට ආ දවසෙම අපට කිව්වෙ මම ප්‍රංශ භාෂාව හැර වෙන භාෂාවක් කතා නොකරන බව මතක තියාගන්න කියලයි...

ඒ තමයි පාඨමාලාවෙ ඉගැන්වීම ක්‍රමය...අපි ප්‍රංශ වචනයක්වත් නොදැන හිටියත් යමක් ගුරුතුමාගෙන් අහගන්න නම් ඒ භාෂාවෙන්ම අහන්න ඕනැ...

ඒ විද්‍යාත්මක  උගැන්වීමේ ක්‍රමය සිද්ධාන්තයක් වශයෙන් හරියටම හරි වුණත් මෙතනදි ප්‍රංශ බසේ අයන්න ආයන්න නොදන්න අපි කිහිප දෙනෙකුට යම්කිසි අසාධාරණයක් වුණාය කියල මට හිතෙනව...

මොකද පංතියෙ ඉන්න ප්‍රංශ කතාකරන බහුතරය හියුබට් එක්ක ප්‍රංශ බසින් කතාකරමින් ඔවුන්ට පැන නැගෙන ගැටලු පැහැදිලි කරගන්නවා...

භාෂාව කතාකරන්න බැරි නිසා අපට තියෙන ගැටලු ගිලගෙන ඉන්න සිද්ද වුණා...හියුබට් මේ ගැන නොදැන හිටියා නොවෙයි...

මගේ නමේ තිබුණු කෑල්ලක් අල්ලගත්ත හියුබට් ඇතුලු මුලු පංතියම මට කතාකළේ චන්ද්‍රා කියලයි...

භාෂාවෙ මූලික ව්‍යකරණ වරද්දල වාක්‍ය ලියපු දවසක හියුබට් මට මෙහෙම කිව්වා...

චන්ද්‍රා...ප්‍රංශවල මේ මූලික ව්‍යාකරණ ටික හරියට ඉගෙන නොගත්තොත් ඔබ කිසිදවසක ප්‍රංශ භාෂාව කතාකරන්නෙ නෑ...

 භාෂාව කතාකරන එක ගැන කියද්දි මට තව පොඩි කතාවක් මතක් වුණා...

බෙල්ජියමෙදි අපි පෝලන්තයෙ සංචාරයක් යන්න සූදානම් වුණා...යන්න තිබුණෙ බස් එකේ... මම දවසක් මිඩි වල තියෙන අන්තර්ජාතික බස් සමාගමක කාර්යාලයට ටිකට් ගන්න ගියා...සංචාරක කටයුතුවලටම වයසට ගියා වගේ පෙනෙන ප්‍රසන්න පෙනුමැති මහත්මයෙක් පිළිගැනීම් කවුන්ටරයෙ හිටියා...

පිළිගැනීමෙන් පස්සෙ වෙන හැම තැනදිම අහනව වගේ මමත් ඔහුගෙන් මෝඩ ප්‍රශ්නයක් ඇහුවා...

ඉංග්‍රීසි කතාකරනවද...

ඔහු මට අපහාසාත්මක හිනාවකින් සංග්‍රහ කළා...

ඉංග්‍රීසි...ඒවිතරක්නෙවෙයිප්‍රංශ,ජර්මන්,රුසියන්,ස්පැනිෂ්,පෝලිෂ්,චෙක්,
ස්විඩිෂ්...ඕනැම භාෂාවකින් කතාකරන්න...

අනේ මම නිකම්ම කැන්සල් වෙලා ගියා...
 අපි ඉගෙනගත්ත පංති කාමරය ගැනත් යමක් කියන්නට ඕනැ...බිත්තියෙ හයි කර තියෙන බ්ලැක්(වයිට්) බෝඩ් උඩට පහලට හෝ දෙපැත්තට අවශ්‍ය පරිදි ස්ථානගත කරන්නට පුලුවනි...ප්‍රොජෙක්ටර් ඇතුලු නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ආදී දේශන පවත්වන්නට උපකාරී වන සියලුම දෙයින් පංතිය සමන්විතයි...

පාඨමාලාව ආරම්භ කර සතියකින් දෙකකින් දක්ෂ ගුරුවරයෙක් වූ හියුබට් පංතිය එකම විනෝද සාගරයක් බවට පත්කළා...

නීරස ව්‍යකරණ පාඩම රසවත් කරන්නට ඔහු පන්තියෙන්ම උදාහරණ සොයාගන්නවා...

විශාල ළැමක් තිබූ ඉතාලි ජාතික මරියාවත්...කුඩා ළැමකින් යුත් පෝලන්තයේ ජස්ටිනාවත් ඔහු ඒ ආකාරයෙන්ම බෝඩ් එකේ අඳිනවිට මුලු පන්තියම සිනා සාගරයක ගිලෙනවා...

සීත කාලයෙදි හවස හතර පහ වෙද්දි කලුවර වැටෙනවා...හතර හමාරට විතර මම ගෙදර එද්දි පාරෙ ලයිටුත් පත්තු කරලා...ගෙදර ආපු ගමන් ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න මුලු ශරීරයම ආවරණය කරගෙන අධික ශීතලෙත් හිම පතනයෙත් මම පන්තියට ගියා...7.40ට පන්තිය ඇරිලා ට්‍රෑම් හෝල්ට් එකට එද්දි 7.45 යි...ට්‍රෑම් එක එනතුරු ඉන්න විනාඩි කීපය අතිශය දරුණුයි...ශීතලෙනුත් හුළඟෙනුත් ගල් ගැහෙන තරමට මිදිලයි ට්‍රෑම් එකට ගොඩවෙන්නෙ...
පංතියෙ හිටිය ප්‍රංශ කතා නොකරන දෙතුන් දෙනා ඉක්මනටම එකතු වුණා...
එක්කෙනෙක් ඉතියෝපියානුවෙක් නම ගෙත්...ඔහු ඒ කැම්පස් එකේම උපාධියට ඉගෙනගන්නව...හවසට ප්‍රංශ පංති එනවා...අනිකා ඉන්දියන් කොල්ලෙක් දැන් මට නම මතක නෑ...ඔහු වැඩිකල් පන්තියට ආවෙ නෑ...

 පංතියෙ විවේකයෙදි එළියට එන මට, පැත්තකට කතාකරන හියුබට් ඒවනවිට ලංකාවෙ දරුණුවට ඇවිලෙමින් තිබූ වාර්ගික යුද්ධය ගැන තොරතුරු අහනවා...මමත් දෙමළද කියා ඔහුට දැනගන්නට අවශ්‍යව තිබුණා...

දවසක් හියුබට් පංතියෙදි යුරෝපයේ සිටි කවියන් කිවිඳියන් ගැන කතාකරමින් එංගලන්තයේ වර්ජිනියා වුල්ෆ් ගැන මහත් අභිරුචියෙන් කතාකළා...ඇයගෙ ස්වාමිපුරුෂයා වූ ප්‍රසිද්ධ සාහිත්‍යධරයෙක් වන ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙක් වශයෙන් ලංකාවේ කාලයක් ජීවත්වූ වග මා හියුබට්ට කියුවත් ඔහු ලෙනාඩ් වුල්ෆ් කවුද යන්න දැන සිටියේ නෑ...

ගෙත් මාත් එක්ක ඉක්මනටම යාලුවුණා...ඔහු නැවතිලා හිටියෙත් කැම්පස් එකේම කාමරයක...නිවාඩු දවස්වල මම ගෙත්ට කෑමට අපේ ගෙදර එන්න කියනවා...ඉතියෝපියාවෙ ප්‍රධාන ආහාරය චපාති වැනි රොටී වර්ගයක් හා මස් බවත් සැරට මිරිස් දැමූ කෑම කන්න පුලුවන් බවත් ගෙත් කියපු නිසා දවසක කෑමට හදපු මස් හොද්දට බිරිඳ හොඳට මිරිස් කලවම් කලා...කිව්වත් වගේම ගෙත් මස් හොදි කෑවෙ කිසි ගාණක් නැතුව...

ඉතියෝපියාවෙ අපි නොදන්න පැත්ත ඒ කියන්නෙ අඩිස් අබාබා හි රාත්‍රී සමාජ ශාලා කැබරේ නළඟනන් ඩීජේ සංගීතය ආදී විස්තර ගෙත් සී ඩී තැටිවලින් මට පෙන්නුවා...

අති දක්ෂ ශිෂ්‍යයෙක් වු ගෙත් උපාධිය සමත් වුණේ පළවෙනි පන්තියේ සාමාර්ථ්‍යයක් ලබාගනිමින්...ඔහුගෙ ප්‍රතිපල කොතරම් හොඳද කියතොත් විශ්ව විද්‍යාලය ඔහුට සහකාර කතිකාචාර්ය පදවියක් ප්‍රදානය කළා...අවුරුදු 20 කින් මෙපිට විශ්ව විද්‍යාලය ආචාර්ය මණ්ඩලයට බඳවාගත් ප්‍රථම අප්‍රිකානුවා වූයේ ගෙත්...

ඉන්පසුව ඔහු පශ්චාත්  උපාධියට ලියාපදිංචි වුණා...මේ මෑතකදී ගෙත් මට දැන්වුවේ ඔහු කැනඩාවේ සිටින බවයි...ඔහු දැන් ආචාර්ය ගෙත්

පංතිය ඇරිල ඇවිත් ට්‍රෑම් එකෙන් බහිනකොට රෑ අටහමාරවත් වෙනවා...ට්‍රෑම් ස්ටෑන්ඩ් එකේ ඉඳල පාරෙ පල්ලමේ තියෙන අපේ ගෙදරට යාර සීයක්වත් නෑ...මගෙත් එක්කම ට්‍රෑම් එකෙන් බැහැල ගෙදර යන කෙල්ලක් හිටියා... ඒ කෙල්ලගෙ ගෙවල් අපේ පාරට පාරවල් දෙකකින් එහා... මම ගේ ළඟට එනතුරු ඇයත් එක්ක කතා කරමින් එනවා...මුල් දවසක මම ඇගෙන් ඇහුවා...
 
තනියම යන්න පුලුවන්ද...

ඇයි...

නෑ රෑ නිසා ඇහුවෙ...

ඇය උපහාසයෙන් හිනාවෙලා බායි කියල යන්න ගියා...

අපේ ආශ්චර්ය දේශයේ ඔය වෙලාවට පාරක තට්ට තනියම යන සුන්දර යුවතියකට දෙයියන්නෙම පිහිටයි නේද කියල මට හිතුණා...
ඒ කාලෙ බොහොම අමාරුවෙන් දුක් වළඳමින් ඉගෙනගත්ත ප්‍රංශ භාෂාව භාවිතයක් නැති නිසාම පස්සෙ කාලෙකදි අමතක වෙලා ගියා...පුතා එයාගෙ පංතියෙ ළමයි එක්ක කතා කරලම ගිරව වගේ ප්‍රංශ කතාකළා දැන් වචන දහයක් මතක නෑ...
 
ඒ වුණාට අපේ ලේඛකයොයි පත්තරයි කරන ප්‍රාථමික වැරදි දැකපුවාම කාලෙකට ඉස්සර ඉගෙන ගනිපු භාෂාවයි පංති ගිය හැටියි නිරායාසයෙන්ම මතක් වෙනවා.

93 comments:

  1. ඔයා ඔය දැන් වැඩක් ගන්නැ කියන ප්‍රංශ බාසාව , මම ප්‍රංහ භාෂාව දන්නවා කියලා මහ ඉහලින් කතා කරන අය කොච්චර ඉන්නවද , මොකද උන් ඇත්තටම දන්නවද බලන්ඩ උන් එක්ක කතා කරන්ඩ මම දන්න එකක් යැ

    ReplyDelete
    Replies
    1. ඊ මේල් කවිකාරියේ ....
      මගේ.....
      කවි කාරියේ.....

      ඇනෝ දුකින් තැවෙනා මගේ...
      කවි කාරියේ...

      ඒ සොඳුරු විජිතයේ ..පෑ සොඳුරු ජිවීයේ ...
      මා හා බැඳීලා දිවි මන් තලාවේ....
      ඒ පවස මා හා ... නෑ දැන් බැඳීලා ...
      මා ඉන්නේ තනි වී කවි කාරියේ....කවිකාරියේ මගේ ...කවිකාරියේ ...



      ඒ නීල දෑසේ ...ස්නේහේ සිනා රැල් .... මා සනසවාලයි සිහිනෙන් පවා ...
      ඒ වේදනාවන් ,,,,,,, මා හද,,,,වතට මෙන් ඔබටත් දැනේදෝ...... කවි කාරියේ...

      ආදර වියෝ දුකින් මේ...... ගයනා ගී...තයන් ,,,,, ඔබටත් ඇසේවා,,,, කවි කාරියේ මගේ ...කවි කාරියේ....


      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. අටමා මොකක් හිතාගෙන කිව්වත් වදින්න ඕනෙ තැනටනම් වැදිලා :D

      Delete
    4. මොකද්ද අප්පේ දාලා ආයේ මැකුවේ , දැක්ක එකෙක් කියහල්ලකෝ මොකක්ද තිබ්බේ කියලා

      Delete
    5. අක්කන්ඩි මා සමග විරසක වන්න එපා මා කීවේ ඔබට නොවේ

      Delete
    6. කමෙන්ට් දාල උත්තරත් දීලනේ තියෙන්නෙ මට ලියන්න දෙයක් නෑ

      Delete
  2. හුරේ මං අද එක වෙලා

    මේ හැලපකාරයෝ දැම්මේ නැද්ද මේක සින්ඩිවලට

    ReplyDelete
    Replies
    1. මොකද නොදා ගන්නේ නැතුව මිසක්.අඹ ගහ යටයි මාතලන්ගේ සින්ඩියෙයි තියෙනව ඒ ඇති.

      Delete
  3. සිංහල අපේ මවු බස උනාට බොහෝමයක් දෙනා නිවැරදි අක්ෂර වින්‍යාස ව්‍යාකරණ රීති එහෙම භාවිතා කරනවා අඩුයි. මගෙනුත් එහෙම වැරදි වෙනවා ඇති. අර ප්‍රසිද්ධ රූපවාහිනි දැන්වීම "අපි වෙනුවෙන් අපි" එකෙත් ව්‍යාකරණ වරද පෙන්වූ පසුත් නිවැරදි කලේ නැහැ නේ

    ReplyDelete
    Replies
    1. කාගෙනුත් එහෙම වැරදි වෙනවා,මම කියන්නෙ දැන දැන වැරදි කරන එකට

      Delete
  4. ලංකාවෙ බෞධ්‍ය සංස්කෘතියට අනුව හැදිච්ච කොල්ලෙක් වෙන සැදැහැවත් මුනක් තියෙන හැලප වැනි කොල්ලෙක් අරම ඇහැව්වාම පරට්ටි හිතන්න ඇති අරකට ඇහැව්ව කියල.
    පට්ටි බෙල්ජියම් එකීයක්ද?
    මම නම් රටවල් වලදී හමුවන හැම එකියො එක්කකම කතා කරන්නෙ කුණු හරුප.
    මිට පස්සෙ පිට රට එකිලගෙන් පන්සල් ගිහිල්ල එද්දී අහන ටයිප් වලින් කතා කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි,මීට පස්සේ නම් ඔයා කතා අහන්නේ නෑ

      Delete
  5. බො-සුවනිය්අ!

    ReplyDelete
    Replies
    1. http://www.alliancefrkotte.lk/?events=french-spring-2013

      Delete
    2. බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කරාට මිත්‍රයා...අපි හම්බෙන්මු එදාට..

      Delete
    3. ඇනෝත් එක්ක අලියෝන්සේ යන්නද සහන් හදන්නේ

      Delete
  6. ලංකාවෙ ව්‍යාකාරණ වලට ලියන්නෙ කොහොමද මාසෙකට එකක් විතර සිංහල හෝඩි එනකොට.

    ලංකාවෙනං ආචාර්ය කමක් ගන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට? ඉතින් නොගත්තෙ?

      Delete
    2. අරගෙන වැඩක් නැති හින්ද.

      Delete
    3. බැරි හින්දා එහෙම නෙමෙයි ඔන්න!
      අනේ මට කියලා දීපන්කො අය්යෙ ඕක ලේසියෙන් ගන්න ක්‍රමේ..අයියා වාසනා දන්තනාරායනගෙ නෑයොද? නැත්නම් මර්වින් මුත්තගෙ කවුරුහරිද?

      Delete
    4. අර වැල්ලවත්තෙ කටු ගහන තැනට ගියාම ගෝනියක් අරන් එන්න පුළුවන් සල්ලි විසි කරනවනම්.

      Delete
    5. ඈ ප්‍රසන්න සිංහල හෝඩියත් වියවස්තාව වගේම වෙනස්වෙනවද

      Delete
  7. මට දවසක් බස් එකෙදි සුද්දියෙම් හම්බ උනා.එකි තන්ගල්ලෙ නවතිල ඉන්න ගමන් යලුවත් එක්ක සිරිපාදෙ ගිහිල්ල එනව.මෙකිට අසාවට බස් එකෙ යනව.යලුව ට්‍රෙන් එකෙ එනව.අපෙ උන් නම් කොහොමට බය වෙයිද.

    ReplyDelete
    Replies
    1. උන් එහෙම තමයි හරිම නිදහස් ජීවිතයක් නේ ගෙවන්නේ

      Delete
  8. ප්‍රංශ නේද.. ආපෝ මතක් කොරන්න එපා.. මේ දවස්වල ඔවායින් වචන පාඩං කොරනවා... ඉන්ටර් නැෂොනොල් කුකුරි වල තියෙන්නෙම ප්‍රංශ වචනමනේ... මල විකාරයයි... අම්මපා එන කේන්තියක්...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි කරගනින් මාරයෝ අපටත් ප්‍රංස කෑම කන්න බැරියැ

      Delete
  9. හැලපයෝ දැන් ඉතින් මේ බ්ලොග් එකත් නිකම්ම නිකන් බ්ලොග් එකක් වේගෙන එන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඇනෝ,කලින් ලියපු විදියට ලිව්වොත් බලු බැනුම්නේ ඉතිං මේකත් නිකම්ම බ්ලොග් එකක් වෙයි.

      Delete
  10. මමත් බොහොම ආසාවෙන් ඉගෙන ගන්න උන්න භාෂාවක්. හැබයි අවස්ථාවක් හම්බ උනෙත් නෑ. සල්ලි තිබුනෙත් නෑ. මෙහෙදි නෙමේ.. වෙනත් රටකදී. භාෂාවල නීතී රීතී සදාකාලික නෑ. කොහොමත් මේ තාක්ෂණයත් එක්ක භාෂාව තවත් සරළ වෙයි...

    ඔයි කොයි මළදානේ තිබුනත්... සමහර අදහස් කියා ගන්න වචන නැතුව අපි කොච්චර අසරණ වෙනවද.. ඒ වෙලාවට ඉතින් වචන නෑ කියලා ෂේප් වෙන්න තමයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මචන් මට මේල් එකක් ආව සඳරු මල්ලිට කරදරයක් කියලා.ඇත්තද සීන් එක..?

      Delete
    2. අප්පට සිරී ඒ මොකද , දන්න එකෙක් කියහල්ලකෝ

      Delete
    3. ඉතිං දැන් බැරිද මාතලන්ට පටන්ගන්න

      Delete
  11. ම්ම්ම්... හැලපේ මෙතන නොකිවුව තව රසවත් අත්දැකීම් ඇති කියලා හිතුණා මේක කියවගෙන යනකොට....
    ඔන්න අර වචන 2 හරියට කියවන හැටි ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ...
    ලස්සනයි.. :-)

    ReplyDelete
    Replies
    1. රසවත් අත්දැකීම් නම් බොහොමයි මතක් වෙන හැටියට ලියන්නම්

      Delete
  12. "මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්" එක වගේ තියෙන්න ඇති ක්ලාස් එක! :) මට පුලුවනි භාෂා 4ක් කතා කරන්න. ආසාවක් තියෙනවා Spanish ඉගෙන ගන්නත්! :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. හොඳයි හොඳයි සබිත් හැකිතරම් භාෂා ඉගෙනගන්න

      Delete
  13. ඉතියෝපියනුවන් මිරිස් කනවා .. මාකට් එකේ මිරිස් ගෝනි පටවපු වාහන යනවා දැක්කම මට කුතුහලයක් ආවේ මෙච්චර මිරිස් කනවද කියලා ..පස්සේ බලද්දී මිරිස් දාල සෝස් එකක් වගේ හදනවා රතු පාටට ටෙෆ් කියන රොටි ජාතිය කන්න . අප්‍රිකාවේ වැඩිම සැරට කන්නේ ඒගොල්ලෝ කියලයි කියන්නේ .

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත බින්දී ඒ අය කන සැරට අපිට කටේ තියන්නවත් බෑ

      Delete
  14. අපට පස්තාච්චි කුපාධියට ප්‍රොබබිලිටි ස්ටැටිස්ටික් උගන්නපු බෙල්ජිජන් ජාතික වැන් ෆ්‍රෝසම්ටත් භාෂා කීඵයක් පුළුවනි. ඔහු කියපු විදියට ඔහු ගේ කැන්ටොනයේ ඉන්න ඕනෑ කෙනෙක් ප්‍රංශ, ජර්මානු, ඉංගිලිසි, ඩච් සහ තව් එක් භාපාවක් දන්නවා ලු. කුඩා කාලෙය්ම ඒ සැම භාෂාවක්ම එකසේ පාවිච්චි වෙනවාය කියලයි ඔහු කීවේ.

    බෙල්ජියමේ කැනේටොන් පරිපාලන ක්‍රමය ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. කැන්ටෝන් පාලන ක්‍රමය හරිම ප්‍රතිපල දායකයි කකා,මම ඒ ගැන ආයෙම ලියන්නම්

      Delete
  15. මම නම් ප්‍රංශ කියලා නාමයක් දන්නෑ. ඒත් කේ.ජී.කරුණාතිලක ශුරීන්ගේ පරිවර්තන වල නම් මහා විකාරයක් කියලා හිතුවේ. ඒත් පස්සේ තමා දන්නේ ඒක තමයි හරි විදිය කියලා. ගොඩක්ම ඇලෙක්සැන්ඩර් ඩුමාගේ පොත් වල පරිවර්තන වල තමා එහෙම තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. පුමා,කරුණාතිලකයන් තමයි ඩූමාගේ පොත් අසන්ශිප්තව පරිවර්තනය කලේ,ඒ නම් නියම ප්‍රංස නම්

      Delete
  16. ප්‍රංශ පන්තිය ගැන තව රස කතා ලියාපංකෝ.

    ReplyDelete
    Replies
    1. මම හිතුව උඹට අල්ලලා යන්නෙ පන්තියේ කෑල්ල කියල,ආයෙම පන්තියේ කතාත් ලියන්නම් මචං

      Delete
  17. ඔන්න අද පෙන්නල දීල තියන වචන දෙකක වැරැද්ද මගේ බ්ලෝගේ ලිස්සලා ගිය වචන දෙකක්. හැලපයියම ඒ බැව් මට පෙන්නලා දීලා තිබුණනේ.

    ඒ වැරදි වෙන්න හේතුවනම් මගේ නොසැලකිලිමත් කම හා දෙවන වර නොකියවීම.

    මෙන්න හැලපඅයියගේ වැරදි බොහොමයක් තියනවා කිපයක් පමණයි
    //බෝඩ් උඩට පහලට හෝ දෙපැත්තට අවශ්‍ය පරිදි ස්ථානගත කරන්නට පුලුවනි// පුළුවනි/ පහළට
    මුලු පන්තිය = මුළු පන්තිය.
    //කලවම් කලා// කලවම් කළා
    ඇතුලු = ඇතුළු
    //ඇතුලු භාෂා කිහිපයක් ව්‍යක්තව හසුරුවන්න පුලුවනි// මෙහි ඇතුළු හා පුළුවනි විය යුතුයි.
    //බෝඩ් උඩට පහලට// පහළට විය යුතුයි
    //කලුවර// කළුවර
    // යාලුවුණා.// යාළු වුණා
    //.ඔහුගෙ ප්‍රතිපල// ප්‍රතිඵල
    //විශ්ව විද්‍යාලය// විශ්වවිද්‍යාලය මෙය තනි වචනයකි

    ReplyDelete
    Replies
    1. බොලා ඒ පාර සිංහල පාඩං තියෙනවද මෙහේ.. හැක්

      Delete
    2. ගුරුන්ට උවත් අකුරු වරදි..:D

      Delete
    3. මම නලින් ඉලක්ක කරලා ලියපු දෙයක් නොවෙයි ගොඩක් බ්ලොග්වල දැකපු දෙයකුයි කිව්වේ අනික න ණ ල ළ භේදය ගැනත් නොවෙයි අනවශ්‍ය මහප්‍රාණ යෙදීම ගැනයි වරදවා තේරුම් ගන්න එපා

      Delete
    4. හැලපයියේ මා කිසිම තරහකින් දාන ලද කමෙන්ටුවක් නොවේ මේ. මගේ වරදක් පෙන්වා දීම මා ඉතාමත් අගය කොට සලකනවා. එවන් වරදවල් පෙන්වාදීම මගින් ම බස නිදොස්වනවා. කොහොමටත් නිවරද බසකින් ලියන්න මාත් බොහෝ සේ උත්සාහ ගන්නා කෙනක්. විද්‍යා විෂයයන් උගෙන අද මේ තරම් හෝ මට්ටමකට සිංහල බස හසුරුවන්නේ වරද උගෙනුමට තිබූ ඇල්ම හේතුවෙන්. මහප්‍රාණ වගේම නණලළ ගැනත් පද බෙදුම ගැනත් අප සැලකිල්ලක් දක්වමු. නිරන්තර මගේ වරදවල් පෙන්වා දෙන්න. එය මදි කමක් සේ මම නොසිතමි.

      Delete
  18. අඩිස් අබාබා වල කැබරේ විත් ඩීජේ.. මතක් කරන්න එපා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඉතියෝපියාවට ගිහින් තියෙනව කිව්වනම් ඉවරයිනේ...

      Delete
    2. අපෝයි නෑ.. ඉතියෝපියාවේ මිත්තරයෙක් පට්ට විඩියෝ ටිකක් දුන්නා කාලෙකට ඉස්සර.. වැරදි අදහසක් ආවා නං සොරිම තමා ඇන මලයෝ..
      (ගාමිනි ගේ එකකි)

      Delete
    3. වීඩියෝ ටික මටත් බලන්න දීපං හොඳද

      Delete
  19. écriture superbe Halapayo…

    apprenant le français de nos jours :D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, හැලපයියාට දැන් ප්‍රංශ මතක නෑ කිව්වා මතක නැද්ද ? ඔන්න ඒක හින්දා මම පව් කියලා පරිවර්තනය කරලා දුන්නා..
      ------

      ඒ කරිඤ්ඤන් සුපිරියිද හැලපයෝ ?

      ෆ්‍රැන්සිස්ගේ නහය ජොරොස් ගාලා අපර්ට්මන්ට් එකේ වැදිලා ලේ එනවා..

      ------

      :D :D

      Delete
    2. පොඩ්ඩි ට්‍රාන්ස්ලේටරයක් පාවිච්චි කරලා වගේ

      Delete
  20. හේ...මම ප්‍රංශ භාෂාවෙන් දැම්ම කමෙන්ටුව කෝ???

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ,ඔය තියෙන්නෙ යහතින්...කමෙන්ට් තුනම ස්පෑම් එකේ තිබිල ගෙනාවා

      Delete
  21. ඔන්න මේ පාර හැලපේ පඳුර වටේ තලල පටං ගත්තට පුරංස පාඩමයි ඉතියෝපියන් කාරයයි ගැනත් ලිවුවා.

    ReplyDelete
    Replies
    1. සරත්, ප්‍රමාණවත් පරිදි පඳුරු තලාගැනීමට නොහැකිවීම ගැන කමන්න .

      Delete
  22. මට මතක් වුනේ අර ෆිල්ම් එක ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්

    ReplyDelete
    Replies
    1. ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් කියපු ගමන් මට මතක් වෙන්නෙ ශ්‍රී දේවි

      Delete
  23. Mind Your Language ළඟදිත් බැලුවා :)

    ReplyDelete
    Replies
    1. මට මිස්වෙච්ච වැඩසටහනක්

      Delete
    2. වෙන්න බැහැ!
      මෙන්න බලන්න යුටියුබ් එකෙන්, පලවෙනි කොටසේ සිට

      http://www.youtube.com/watch?v=rjeW0u06Fo0

      Delete
  24. ඔය අපේ ඉස්කෝලෙ උගන්නන භාෂා තිබ්බේ ප්‍රංශ සහ ජපන් මට මතක විදියට.... ඉංග්‍රීසි ටිකත් ගැට ගහ ගහ කතා කරන අස්සේ ප්‍රංශ වලට යන්න මට ලොකු බයක් තිබ්බා.. පැටලෙන ගතිය වැඩියි....

    බ්ලැක් පූමා කිව්වා වගේ මටත් ඒ පොත් වල තිබ්බ නම් නම් හෙනම විකාරයි... මතක හිටින්නෙම නෑ...

    ඉස්සර ඇක්වයිනාස් එකෙත් ඔය කේස් එක තිබ්බා.. කතා කරනවා නම් ඉංග්‍රීසියෙන් කියලා... ඉතිං අපි පන්තිය ඉවර වෙනකම්ම ලස්සනට නිහඬව හිටියා... හි හි...

    ඔය ව්‍යාකරණ ගැන, මහප්‍රාණ භාවිතය ගැන මාත් හරියට සැලකිලිමත් උනා මුලදි... සිංහල කියන්නේ මං ආසම විශය... දැන් නම් වැරදි ඒවා දැකලා දැකලම මට ඔක්කොම පැටලිලා... දැන් ගොඩක් වෙලාවට අර්ථය හරියට එන විදියට මහප්‍රාණ යොදන්න සැලකිලිමත් වෙනවා... එච්චරයි....

    ReplyDelete
    Replies
    1. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    2. ඒ වචන හා නම් විකාරයක් වෙන්නෙ අපට ආගන්තුක නිසයි හිරූ...කාලයක් පාවිච්චි වෙද්දි ඒ ගතිය නැතිව යනව.

      Delete
  25. //"නවක පත්‍ර කලාවේදියෙකුට වර්තමානයේ හඳුන්වන නම අනුව මාධ්‍යවේදියෙකුට"// නියම කතාව,

    ReplyDelete
    Replies
    1. දැන් එහෙමනෙ...පත්‍ර කලාවේදියො ඡායාරූප ශිල්පියො හිටියෙ ඉස්සර...දැන් මාධ්‍යවේදීන් හා ඡායාරූප මාධ්‍යවේදීන්.
      බොරුනං නලින්ගෙන් අහල බලන්න.

      Delete
  26. මම ඒත් හිතුවා අර චිකන් කේස් එකට කට්ටිය බාල්දි ඇදපු එකට සැලිලා ලියන එක නවත්තලාවත්ද කියලා

    ReplyDelete
    Replies
    1. කට්ටිය නෙවෙයි ඇනෝ බාල්දි දැම්මෙ එක්කෙනෙක්...එක එක්කෙනා කියන විදියට අපට බ්ලොග් ලියන්න බෑනෙ...ඕවයින් මම සැලෙන්නෙ නෑ...කැමති අය බලපුවාවෙ අකමැති අය නොබල හිටපුවාවෙ

      Delete
    2. හී හී... හරියට හරි ලොක්කා. එහෙම තමා ඉන්න ඕනේ.
      මොකෝ සුචරිතවාදීව ලියන්න මේක පංසලක බ්ලොග් එකක් නෙමෙයිනේ.

      Delete
  27. මගේ නැතිවෙච්ච කමෙන්ට්ස් ටික හොයලා දානවද නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි මීට කලින් එහෙම ඒවා දැකල නැද්ද.. වැඩක් බලාගෙන යනව පොඩිඩි යන්න.. හැක් හැක්..

      Delete
    2. අම්මෝ...ඔන්න දැම්මා...දැන් හරිනෙ

      Delete
  28. දැන් කටයුතු වේගන යන විදිහට හෙටානිද්දා අපේ උන් බෝට්ටු වලින් ඉතියෝපියාවට සංක්‍රමණය වෙන්න ඉඩ තියනවා. ඉතියෝපියාව දැන් වේගයෙන් දියුණු වෙනවා කියලා තමා ආරංචිය.

    ReplyDelete
    Replies
    1. සෙන්නා යනවනං මටත් කියන්න...යාලුවට කියල මාත් එන්නං

      Delete
  29. සිංහල භාෂාව විතරක් නෙමේයි කොයි භාෂාවක් උනත් කාලයත් එක්ක වෙනස් වෙනවා නේද ?

    අනිත් එක Praසන්ன අයියා උඩ කියල තියෙනවා වගේ මාසෙකට එකක් විතර සිංහල හෝඩි එනකොට.
    අනික ඔය ආචර්ය,මහාචර්යවරු පවා එක,එක හෝඩිනේ පිළිගන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මනෝජ් ජීව භාෂාවක් හැමදාම වෙනස් වෙනවා...ත්‍රිභාෂා ඉතිං භාෂා තුනකින්ම වැඩ නිසා මේ දේවල් අපට වඩා හොඳට දන්නව ඇති.

      Delete
  30. Replies
    1. මැතිණියනි,එය මට කරන අසාධාරණයක් නොවේද

      Delete
    2. අර ඉහලින් තියෙන මට මඩ ගහපු ඇනෝ කොමෙන්ටුව ඉවත් කරලා ඔය ප්‍රශ්නෙ ඇහුවානම් තමා වඩාත් හොඳ.

      Delete
    3. අසභ්‍ය වචන තිබූ කමෙන්ට් ඉවත් කළෙමි...උක්ත ඇනෝ කමෙන්ටුව ඉවත් කිරීමට දහ අතේ කල්පනාකළත් ඉවත් නොකලේ ,
      1.එය නිර්මාණයක් නිසා...මම කොහොමත් මෙවැනි නිර්මාණකරුවන්ට කැමතියි.
      2.ඉවත් කිරීම එය නිර්මාණය කල ඇනෝගේ ප්‍රතිභාවට කරන අසාධාරණයක් යැයි මට සිතුනු නිසා.
      3.එයින් ඔබට අපහාසයක් වේයයි මා නොසිතන නිසා.
      සමාවන්න මැතිණියනි,ඔය ගීතය මගේ නම යොදා පබැඳුවා නම් මම එයින් අසීමිත සතුටක් ලබන බව කියන්නට කැමතියි...කොල්ලන් කොලුකමට කරන දේවල් එපමණ බැරෑරුම්ව නොසිතන්න මැතිණියනි.

      Delete
    4. AnonymousJune 16, 2013 at 6:37 AM ගැනයි කිව්වේ ස්තූතියි එය ඉවත් කලාට.

      නිර්මාණයට නම් මමත් කැමතියි.

      Delete
  31. පහු වෙල කියවන්න හම්බ වුනේ. හරි රසවත්. සීතල ගැන කතා කරද්දි නම් ඇඟ හිරි වැටෙනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පරිවර්ථන/ පරිවර්තන. මගෙත් න ණ ලළ දුර්වලයි. නිවැරදි කරගන්න උත්සාහ කරනවා.

    ReplyDelete
  32. ඉතියෝපියානුවන් හදන රොටි වලට මම දන්නා විදිහට කියන්නේ "ඉන්ජෙරා" කියල.

    ඒව එක්ක කන්න හදන මද ගින්නේ සෑහෙන්න වෙලාවක් තම්බල උකුවට හදන රස මස් කරි එහෙමත් ගොඩක් රහයි !

    ReplyDelete

ඔබේ අදහස්