Friday, May 17, 2013

64.ගමේ කතාවක්



ආපහු ටිකක් අතීතයට යන්න හිතුනා...මොන රටවල ඇවිද්දත් ගම වාගෙ තැනක් වෙන කොහෙද...මම මීට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ල යාලුවෙකුට ලියපු කතාවක් මට ආයෙම මතක් වෙනවා.

උපන් ගමේ පොල් ගහක් යට හුළං ටිකක් වැදි වැදි ඉන්නකොට තියෙන සැප ලෝකෙ  කොහෙ ගියත් නෑ...

ඕක නිතරම මගෙ හිතට එන හින්දද මන්දා නිතරම ගමේ කතා ලියන්න හිතෙනවා...අදත් එහෙමයි.

අපේ ගමේ එල්ලේ කණ්ඩායම ගල්බොරැල්ලෙ කණ්ඩායමත් එක්ක කරපු එල්ලේ ක්‍රීඩාව අවුරුදු කීපයකින් නැතිවෙලා ගියා...ඒ මැච් ගැහිල්ලෙන් වෙච්ච එකම සෙතේ ගල්බොරැල්ල කණ්ඩායමේ නිවේදකය හැටියට ආපු විජේපාල අපේ ගමෙන් පෙළවහක් කරගත්ත එක විතරයි.

ගල්බොරැල්ලත් එක්ක එල්ලෙ ක්‍රීඩාව නැවතුනාට අපි එල්ලෙ ක්‍රීඩාවට නවතින්න දුන්නෙ නෑ...ඒ මැච් එක අපි අවුරුදු පතා පැවැත්වෙන විවාහක අවිවාහක එල්ලේ තරඟයක් බවට පරිවර්තනය කළා...අදත් අපේ ගමේ අවුරුදු දවසෙ ඒ කියන්නෙ 14 වෙනිදා පැවැත්වෙන්නෙ ඒ එදා පටන්ගත්ත එල්ලේ තරඟය...ඒ දවස්වල මැච් එක ගැහුවෙ ගමේ වෙල් යායෙ...මොකද ඒ කාලෙ ගමට පිට්ටනියක් තිබුණෙ නෑනෙ...වෙල්යාය කෙළවරේ තරඟය පැවැත්වෙද්දි පාර අයිනෙ බෝක්කුව ගාව තිබුණු අමරෙගෙ කඩේ ඉස්සරහින් මේසයක් පුටුවක් තියාගෙන මම නිවේදන කටයුතු කරනවා...මගෙ සහායකය තමයි වෙනුජ...වෙනුජ පොඩි එකා කාලෙ මම වැඩට යනකොට අතින් අල්ලගෙන ඉස්කෝලෙ එක්කන් ගියා...වෙනුජ ගියෙ ආනන්දෙට මාත් එක්ක උදේට කෝච්චියට ගියා.

වෙනුජගෙ සබකෝලෙ ඇරල මයික් එකට බය නැතිව කතාකරන්න ඉගැන්නුවෙ මම...තරඟය වෙලාවෙ අපි දෙන්න ජයටම නිවේදන කටයුතු කරමින් ඉන්නකොට එතනට මයියංගනේ ආරි ආවා...රෙදිමෝලෙ වැඩකරන්න ඇවිත් අපේ ගමෙන් පෙළවහක් කරගෙන ගමේම පදිංචි වෙලා හිටපු ආරියා ඇවිත් අපි කතාකරන තැන බලාගෙන ඉන්නව...මූ උදේම දෙකක් දාගෙන එහෙම ඇවිත් තිබුණෙ...ඉනිමක් අවසානයේ ආරි අපි ළඟට ආවා...

අනේ කොහෙන්ද බං ඔච්චර කියවන්න වචන උඹලට එන්නෙ...අම්මප මටනං ගහන එවුන්ගෙ නං කිව්වට පස්සෙ කියන්න දෙයක් කටට එන්නෙ නෑනෙ...

ආ...උඹ හිතුවද මේක හැම අපතයෙකුටම කරන්න පුළුවන් වැඩක් කියල...කරලම බලන්න ඕනැ ඒකෙ රඟේ තේරෙන්න...

 ආරියත් බීපුවාම මරු බයිට් එක අප්පා...පුදුම රහක්...ඌට කියපු හුරතල් නම වැද්දා...ඔන්න එක අලුත් අවුරුද්දක අපි දෙතුන්දෙනෙක් ගේ ඉස්සරහ පාරෙ තිබුණු ගල උඩ ඉඳගෙන අඩියක් ගහනව...එදා වටද්දර ඥානයත් ඇවිත් හිටියා...ඥානය බයිට් කිරීමේ කලාවෙ විශේෂඥයෙක්...ආයෙ මමයි අපේ මල්ලියි සනතුයි...කට්ටිය කතා කර කර ඉන්නකොට තමයි ආරිය ඔතනට පාත්වුණේ...ඌත් වැඩේට සම්බන්ධ වුණා...
නොයෙකුත් සාද කතා අතරේ බෝතල් එකිනෙක හිස්වෙනව...
රෙදි මෝලෙ ආරිය වැඩ කරපු විවීම දෙපාර්තමේන්තුවෙම හිටපු බබලතෙක් එක්ක ආරියගෙ ඇයි හොඳයියක් තියෙනව කියල මට කණින් කොනින් ආරංචි ලැබිල තිබුණෙ...ආරංචි පමණයි නං ගං කවුද කින්ද මන්ද කියල වෙන කිසිම තොරතුරක් නෑ...බීපු වෙලාවට ඔය පොඩි කොණක් ඇතිනෙ...

 මම ඔය කතාව ඇදල ගත්ත...

කොහොමද බං අර වැඩේ...නැගල යනවද...

මොකක්ද බං...

අර උඹත් එක්ක හිතවත් එක්කෙනා...

ආපෝ...ඒව නෑනෙ දැන්...ඒව ඒ කාලෙම ඉවරයි...

එහෙමද...කවුද බං ඔය...අපටත් කියපංකො...

ඥානය අරින්නෙම නෑ හරස් ප්‍රශ්න දානව....ආරියටත් වෙරිමතේ කියන්නෙ මොනවද කියල තේරුමක් නෑ...අහන්නෙත් පටලෝලනෙ...

ඥානය කොහොමහරි ගෑණිගෙ නමයි ගෑණිගෙ මිනිහගෙ නමයි ඇතුලු සෑම සියලු විස්තරයක්ම ආරිගෙ කටින්ම අහගත්ත...

ටිකකින් ඥානය කතාව පටන්ගත්තා...

හරි හරි ඔය අර ඔරලෝසු රෙපෙයාර් කරන සෝමෙගෙ පවුල රෝහිණීනෙ...

ආරිය දැන් කටත් ඇරගෙන අහගෙන ඉන්නව...ඥානය කියනවනෙ දැක්ක වගේ...

ඔව් ඔව්...

ආපෝ...ඕකට මාත් ගහල තියෙනවනෙ...

ඥානය කට ඇද කර කර කිව්වා...

ආරියට යකා නැග්ග...මාරාවේශයෙන් ඥානය ළඟට දුවගෙන ඇවිත්...

එහෙම කොහොමද...බොරු කියන්න එපා යකෝ...

ඥානය ගානක් නැතුව හිනාවෙනව...ඌ ඉන්න විදියට ආරියට තවත් කේන්තියි...රතුවට හිටපු ආරියා දැන් නිල්වෙලා...

දැන් යමං අහන්න...දැන් යමං අහන්න...වරෙන් යන්න...උඹ ගැහුව කියලනෙ කියන්නෙ...ඕකිගෙ බෙල්ල මිරිකල මාත් වහ බොනව...

ආරිය කෑ ගහනව...

ආරියට ෂොක් එක වැඩිකමට කඳුලුත් ඇවිත්...අහන්න යන්නමයි කතාකරන්නෙ...

ඉතිං ආරි උඹට ප්‍රශ්නයක් නෑනෙ...උඹ ඔක්කොම හාදකං අතඇරල ඉන්නෙ කියල දැං ටිකකට ඉස්සෙල්ල කිව්වෙ...

එහෙම බෑනෙ මේව බේරගන්න ඕනෑ...උඹ පැත්තකට වෙයං...

ආරියට කියාගන්න දෙයක් නෑ...

දැං වැඩේ නරක පැත්තට යන්නෙ...මූව බයිට් එකට ගන්න ගිහිං අපේ සොමිය කාල දාන්න මූ හදන්නෙ...එතන තියෙන ගස් වලට කරාටි ගහනව...ඥානයව මරාගෙන කන්න හදනව...

බොහොම අමාරුවෙන් වැඩේ ෂේප් කරගත්ත...නැත්නං ඊළඟට ආරිය අපට කරාටි ගහන්න ගන්නවනෙ...

ඔන්න අපේ ගමට ආපු කාලෙම ආරිය තවත් කීප දෙනෙකුට එකතුවෙලා ටවුමෙ කරාටි පංතියකට යන්න පටන්ගත්තා...

බ්ලැක් බෙල්ට් එකක් ගන්න උගන්නනවලු...

ආරි දවසක් අපිත් එක්ක කතා කරමින් ඉන්න ගමන් කිව්වා...

ගන්න එකේ හොඳ ලෙදර් බෙල්ට් එකක්ම ගනිං...ඔය ලාබ බෙල්ට් එහෙම ගන්න එපා වැඩි දවස් පාවිච්චි කරන්න බෑ...පේමන්ට් එකේ ලෙදර් කියල රෙක්සින් විකුණනව...


 තිලක් අයිය බොහොම බැරෑරුම්ව කිව්වා...හොඳ ලෙදර් බෙල්ට් ගන්න තියෙන කඩවල් කීපයකුත් තිලක් අයිය ආරිට කිව්වා...

ඕවට ඉතිං ආරිය සුපිරියට බයිට් වෙනවා...ආරිය ගියාම අපි දෙන්න බඩ අල්ලගෙන හිනාවෙන්නෙ...

ඔය ආරි ගිය කරාටි පංතියට පේමයත් ගියා...පේමය කිව්වෙ අර රොසන්ටව වඩාගෙන වළං මඩුවෙ හැංගිමුත්තං කෙළියෙ...අන්න ඌ...

 දවස් තුන හතරක් පංති ගියාම මුං ටිකට කරාටි උණ හැදුනා...දවසක්දා දානෙ ගෙදරකදි පේමය උගෙ කරාටි හැකියාව ගැන කයිය ගහනව...

උඹල දැන් ඕනැ විදියකට මට ගහපල්ල....මම බේරෙන හැටි බලන්න...

ඕනැ විදියකට කිව්වෙ කොහොමද බං...

ජිනසෝම ඇහුව...

උඹට කැමති ඕනෑම විදියකට ගහපං ජිනයියෙ...

එතනම වැටෙන් වැටමාර පොල්ලක් කඩාගත්ත ජිනසෝම දෝයි දෝයි ගාල දෑත බදල පේමයට පතබාගෙන ගියෙ ඌට අතක් පයක් උස්සන්නවත් ඉඩදෙන්නෙ නැතුව ...පේමය පණ එපා කියල දුවල ගිහිල්ලයි බේරුණේ...

අපට ඉළ කැඩුණ හිනාවෙලා...පොලු පාරවල් වැදුනු තැන්වල තෙල් එහෙම ගාගෙන පේමය ආපහු ආවට පස්සෙ අපි ඇහුවා...

මොකද බං දිව්වෙ...අපි හිතුවෙ අරූට පොල්ලත් අරං දුවන්න උඹ ගහයි කියල...

ආ...ඒකට දාන්න ඕනැ වැලි සෙල්ලම...

වැලි සෙල්ලම මොකක්ද කියල පේමය අපට කිව්වෙ නෑ...ඌ පොලු පාරවල් කෑවෙ එතන වැලි තිබුණෙ නැති හින්ද වෙන්න ඇති...

ඔය වාගෙම උණක් තිබුණ ආරියටත්...

දවසක්දා ගොම්මන් වෙලාවෙ මම කඩේට යනව පොල්තෙල් ගේන්න...අලවත්ත පාරෙ දැන් ඔය අපේ ගෙවල් තියෙන හරියෙ ආරිය තවත් කවුද එක්ක ගෝරියක්...

ආරියා හොඳටම බීල...දෙන්න බැනගන්නව...මම එනව දැකපු ආරිය මට පේන්නත් එක්ක අනිකට කරාටි ගහන්න ගත්තා...

විද්‍යානුකූලව කරාටි ඉගෙනගන්න ශිෂ්‍යයෙක්නෙ...නිකං ගහල බෑ මේ අපි උඹල වාගෙ...විද්‍යානුකූලව ගහනව නං ශාස්ත්‍රානුකූලව කෑ ගහන්නත් එපායැ...

යා.....ආආආ......

ආරිය කෑ ගහල උඩ පැනල අර මනුස්සයට පයින් ගැහුව...කිසිම බැලන්ස් එකක් නැතුව වෙරිමරගාතෙ ගහපු පාර අර මනුස්සයගෙ ළඟින්වත් ගියෙ නෑ...ආරිය පිට අතට පෙරළිලා බිම වැටුණා පෙරේතය පොළොවෙ ගැහුව වගේ...

අර මිනිහ බැණ බැණ යන්න ගියා...කඩේ යාම පැත්තක තියල ආරියව ගෙදරට ගිහින් බාරදෙන්න වුනේ මට...

ආරිය සැරයක් බෙල්ලෙ වැල දාගන්නත් ගියානෙ...ඒක වුණේ මෙහෙමයි...ඒ දවස්වල ආරියල පදිංචි වෙලා හිටියෙ නාරංවත්තෙ ගෙයක් කුලියට අරගෙන...කසිප්පු විකුණන තිලකෙ තමයි අසල්වැසියා...

දවසක්දා දවාලෙ හොඳටම බීල ගෙදර ආපු ආරිය බෙල්ලෙ වැල දාගන්න ඕනැ කියල පවුලගෙ සාරියකින් තොණ්ඩුවක් හදල බාල්කෙට දාල බෙල්ලට ගැටේ දාගෙන පැනල...හරියට ගැටේ තදවෙලා නැතුව හරි ලෙස්සල ගිහිං හරි මුගෙ උගුරු දණ්ඩ කැඩිල නෑ...වවුල වගේ එල්ලිලා ඉන්නවලු...පවුලත් ගෙදර ඉඳල නෑ...මුගෙ කෑ ගැහිල්ලට තිලකෙ ඇවිත් මූව බදගෙන කෑගහනවලු...

අනේ ආරියෝ...කිය කියා...

මේ...තිලකයො...තොගෙ ඔය කෑ ගැහිල්ල නවත්තල පුටුවක් ගෙනත් නැගල මේ ගැටේ ලෙහෙල මාව බිමට ගං...

ආරිය කිව්වලු...

ඒකෙන් වුණේ අර අහිංසක ගෑණිගෙ සාරිය නාස්ති වුණු එක විතරයි...

ආරිය ගැන කියනවනං තව කතා මහ රාසියක් තියෙනව...ඔය මම කිව්වෙ අපේ ගමට ආපු මුල් කාලෙම වෙච්චි කතා ටිකක්...

පස්සෙ කාලෙක රෙදි මෝල වහපුවාම ආරිට හම්බවුනු වන්දියෙන් ත්‍රීවීල් එකක් ගත්තා...ඌ ඔය ත්‍රීවීල් එකෙන් අපේ ගේ ඉස්සරහින් යනකොට මම ඉස්තෝප්පුවෙ ඉන්නව දැක්කොත් ගමන නවත්තල අපේ ගෙදරට ගොඩවෙනවා...මමත් කම්මැලිකමේ ඉන්න එක ආරියගෙන් පරණ කතා අහනව...

දවසක්දා පවුල ආරිට කිව්වලු....
 
දුව පංති ගියා...වහින්නත් එන්නෙ ගිහිං එක්ක එනවකො...
 
ආරිය ත්‍රීවීල් එකත් ස්ටාට් කරගෙන පිටත්වුණා...ගේ ඉස්සරහ මම ඉඳගෙන ඉන්නව දැකල ඇවිත් කයියට වැටුණා...




වෙලාව ගියා තේරුණේ නෑ...කෙල්ල පංති ඇරිල පයින්ම ඇවිත් අපේ ගේ පහු කරගෙන යනවා...
 
අප්පට හුඩු...මෙන්න මේකි යනව...
 
ආරිය දුවල ගිහින් ත්‍රීවීල් එක හරවගෙන...
 
නැගපං...නැගපං
 
මට බෑ...
 
කෙල්ල කියනව...ගේ පේන දුරනෙ...
 
ඒ ගමන් ආරිය හැදුවෙ කෙල්ලව අල්ලල ත්‍රීවීල් එකට දාගන්නයි...කෙල්ල ගෙදරටම දිව්වා...
 
එදා නං ආරිය පවුලගෙන් හොඳට බැණුං  අහගන්න ඇති.

63 comments:

  1. ඇත්තටම ගොඩක් අයට බ්ව්වම අසිහියෙන් කියවන දේවල් නිසා වෙන වැඩ හින්දාමනේ ඉතිං ගෝරිත් යන්නේ පුළුවන් තරම්... ඔය පිහි ඇනුම් අරවා මේවා ඔක්කොම මුල හොයාගෙන යනකොට ගෑණීයෙකුයි බෝතලේකුයි ඇති මුලම.... අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. හි...හී....
      අද එක..
      හි...හී....
      අද එක..
      හි...හී....
      අද එක..
      හි...හී....
      අද එක..

      Delete
    2. බෝතලේ කෙසේ වෙතත් ගෑනියෙක්නං ඉන්නවා වලියක මුලටම..

      Delete
    3. හරි නලීන් මෙන්න මෙතන ගෑනියෙක් මුලටම ඉන්නවා... කෝ දැන් වලියක්?

      Delete
    4. නලින් අයියනං අවුස්සගන්න හදන්නෙ කට්ටියව. :D

      Delete
    5. බලමු.... ගෑනුන්ට කඩේ යන කොලු කෙන්ජි මෙතනට ආවොත් වලියක් සුවර්....

      Delete
    6. මා දේවත්වයෙන් ගරු කරන ස්ත්‍රී නාමයට මා මිත්‍රයෙක් හෝ අපහස වෙන අයුරින් අදහස් දැක්වුවහොත් තරාතිරම නොබලා ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවෙමි.
      මෙය චිත්‍රපටනිලි/ටෙලිනිලි/නිරුපිකාවන් සදහා බල නොපැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
      සාධාරණ හේතුමත කැමැත්තෙන් තමන්ගෙ "උළුදු වඩේ"විකුනා ජිවත් වන ස්ත්‍රීන් වෙනුවෙන් යම් සහන දායක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔනෑම වැඩ පිලිවලකට ජීවිතය පරදුවට තබා පෙරට එමි.

      Delete
    7. ඔබ සමග හදවතින්ම එකගයි කෙන්ජි අයියා...මෙතැන අපහාසයක් වෙලා නෑ නොවෙද? දන්නා හිතවතියකට පුංචි පහේ විහිලුවක් ඇරෙන්න..මෙතැන ඇනෝලවත් අපහාසයක් කර නෑ සුන්දර විහිලුවක් ඇරෙන්න..මම පුද්ගලිකව ගැහැනියකට නොව පිරිමියෙකුට වුව අපහාස කිරිමට අකමැත්තෙක්මි.

      Delete
    8. හරි ගෑණියෙකුයි බෝතලේකුයි තිබුනම කියමු. ඒත් පිරිමි නැත්නම් කවුද අනේ ගහගන්නේ.. ඔය දෙකම නැතිවත් ඕන තරම් වලි යන්නේ...

      Delete
    9. නලිය,ඔබට පහරක් ලෙස ලිව්වා නෙමේ මගෙ බොක්කෙ මලේ.
      ඔබලා ඇතුළු මගේ සහෝදර ඇනොලා සමග කතිවතාවකට අවතීර්ණ වෙන්නයි මම දන්නා විදියට ලියන්නෙ.
      ඔබලා සමග මේ කොටෑ බෑම නිසා මම TV බැලිල්ල සම්පුර්ණයෙන් නැවතිල.

      Delete
    10. අනිවා කෙන්ජි අයියා ඒ ගැන කියන්න වචන නෑ බ්ලොග් ලියන්නන්ට ඔබ උත්තේජයක්.

      Delete
    11. අපොයි ඔව් මාතලන්..මේ හිරුවට මලනේ බෝතල් එක්ක..

      Delete
    12. අපරාදේ බලහං බං ටීවී

      Delete
    13. මම දන්නවා අටම් බොලා කාර්යබහුල බව.ඔබලා ලියපු පරණ ලිපි කියවල මම පුදුම සතුටක් විදිනව බං.
      වේෂි යෝ දෙන්න.හිනා වෙලා පන යනව යකෝ.!කෝ TV බලන්න වෙලාවක්.තොපි තමයි දවසකටවත් මිනිස්සු :).

      Delete
    14. මෙන්න අටංව දැක්කේ කාලෙකින්.....අටමෝ ළගද හැලපයියා එනවලූ...

      Delete
    15. ඔය ඉන්නේ මාතලන් ඕවා බීලා, ගුටි කාලා, කාණු වල ලැගලා එහෙම ඕනේ තරම් පිරිමි.....

      අම්මපා නලීන් අයියේ... බේබදුකම ඩිෆෙන්ඩ් කරන්න නම් කිසි බීසී එකක් නේ නේද ඔයාට... හි හි...

      ටීවී බැලිල්ල නම් නැවැත්තුවට පාඩු වෙන එක්ක නෑ කෙන්ජි සීයේ... මොකෝ ඒකෙන් වැඩිපුර වෙන්නේ ඇඟේ තියෙන ‌ලේ ටික පිච්චෙන එකනේ.....

      Delete
    16. නැහැ හිරු දුව,මම කොහොමත් බලන්නෙ නිවුස්,ඩිස්කවරි,just for laugh වගේ විහිළු,ස්පෝර්ට්ස් වගේ චැනල් විතරයි.
      තද නිදි මතක් හැදුන වෙලාවට නම් හින්දි චැනලයක් දාල හින්දි ගැටිස්සියන්ගේ බුරි උල්/පුකවල් උල් කරල නටන නැටුම් ටිකක් නරබලා නිදි මත යවා ගන්නව.

      Delete
    17. කලබොල වෙන්න දෙයක් නෑ නොවැ හිරු,මේකෙ ගෝරිත් නෑ වලිත් නෑ

      Delete
  2. අරක ඕනේ

    ReplyDelete
  3. හැලපයියේ මේ කතවෛ වෙනුජයා මගේ හොදම බොක්කක්නේ ඉස්කෝලේ යන කාලේ අපි කට්ටියම ගියේ එකට කෝච්චියේ.. මං උගේ මගුල් ගෙදරටත් ආවා මාලිගාතැන්නේ.. සෙන්ට්‍රල් එක අයිනෙන් යන පාරේ තමා ගියේ.එතකොට ඔයා දන්නවත් ඇති අනිල් එහෙමත් ආනන්දෙට ගියේ.. උගේ මල්ලිලා දෙන්නෙකුත් හිටියා... අනේ දැන් මේ එකෙක්වත් හම්බවෙන්නේ නෑ.අනිලට නං කරදරයක් වුණානේ..ඒ කාලේ වෙනුජයට මල පනිනවා නංගි ගැන අහපුවාම. ඒකිත් ගියේ දේවි එකටනේ.
    ඔයාගේ රසබර මතකයත් එක්ක මාවත් ඒ රසබර අතීතයට ඔයා අරන් ගියා. ඇත්තටම අපේ දරුවන්ට ඒ සොදුරු ලොවක් දැන් නෑ.. අපිත් ඒවට වග කියන්න ඕන.. වෙනුජයගේ අංකයක් එහෙම දන්නවනං මේලයක් දාන්න...ඔයා එතකොට කොටා (සුදත් සමරදිවාකර) පැලයා ක්‍රීමා එහෙමත් දන්නවා ඇති අනිවාර්යෙන්ම..

    ReplyDelete
    Replies
    1. අනේ මචන් උඹලා උන්ව දන්නවානම් කියපන් කෙන්ජියගෙන් පරිස්සන් වෙන්න කියලා.... දන්නවනෙ...

      Delete
    2. වෙනුජයගෙ විස්තර එවල ඇති

      Delete
    3. හැලපයියේ ඔබට පිං වෙනුජ මේ දැන් මට කතා කළා.. අවුරුදු 15කට විතර පස්සේ මගෙ හිතේ.. දැන් ආයිමත් පරණ යාලුකම් අලුත්කරන්න හැකියි ඔබ නිසා.

      Delete
  4. ආරියා බයිට් වීමටම උපන්නෙක්ද කොහෙද ?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ආරියනං නියම පොරක් තමයි.
    විද්‍යානුකූලව කරාටි ගහන්න ගියොත්නං හොඳ පොල්අඩි කාරයෙක් හම්බඋනොත් අම්බානක ගුටි කන්න වෙනව.

    ReplyDelete
  7. කෝ ඒ පාර පැරිස් ගමන නතර කලාද? :D

    ReplyDelete
    Replies
    1. මේ යන ගමන්, ගමේ ඇවිත්, එල්ලේ ගහලා යන්න.

      Delete
    2. පිස්සුද පොඩ්ඩියෙ,හීනෙකින්වත් හිතන්න එපා...පැරිස් යනව...ඉන්නකො පොඩ්ඩක් වෙසක් අහවර වෙනතුරු

      Delete
  8. මරු පෝස්ට් එක , මුලු බ්ලොග් එකම කියෙව්වා.අද සිකුරදා හින්දා වෙන්න අති හැලප මාම පොස්ට් එකක් දාලා තීය්නේ.

    සිරාවටම සදරුගේ බ්ලොග් එක කියොනවා කියලා හිතුනා.දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු,ආදරයෙන් පිලිගන්නව

      Delete
  9. මාත් ගියා කරාටේ පන්තියකට අපේ උන්ගේ වදේට. මාස්ටර් රත්නායක. අපරාදේ කියන්නේ නොමිලේ ඉගැන්නුවේ. බලාගෙන ගියාම මූ කරාටේ ෂොට් වලට මතරව රොක් හඩ්සන්ගේ ෂොටුත් ගහන එකෙක්. ඒක දැන ගන්නත් කලින් මම ක්ලාස් යැවිල්ල නැවත්තුවා. මොකෝ මූ ක්ලාස් එක අවසානේ ප්‍රැක්ටිස් කියලා හැම එකාටම කරාටේ වලින් නෙලනවා. මූ උගේ සිස්සයෙක්ගෙ පස්ස පැත්තට කරාටේ ෂොට් ගහලා, ගමේ උන් මූගේ පුකට පයින් ගහලා එලෙව්වා. කරාටේ වලින් නම් නෙමෙයි අර උඹ කියපු දෙකේ දෙකේ පොලු වලින්.

    ReplyDelete
    Replies
    1. හුගක් මාස්ටර්ල ඔය වගේ තමයි මාතලන්

      Delete
    2. නොමිලෙ ඉගැන්නුවට අය කරල තියෙන්නෙ වෙන ක්‍රමයකටනෙ

      Delete
  10. ආරියා කතා සාගරයක්නේ. ඔය එල්ලිලා මැරිච්ච එකෙක් කතා කරනවා ඇහුවාමයි.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ නම් ඉන්නවා දෙතුන් දෙනෙක්ම...

      Delete
    2. ආරියල දෙන්නෙක් ඉන්නව මචං...පටලවගන්න එපා

      Delete
  11. ඇනෝලයි කෙන්ජියි දේශකයයි නැත්නං ඒ බ්ලොග් මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිය ඇනෝලත් එක්ක දෙන සොමිය කොහොමද නලීන්

      Delete
  12. ෂොට් එකක් දෙකක් ගන්නකොට තමයි අයියලගෙ වෙස් පෙරලෙන්නේ. මේගොල්ලනට බෝතලේ නැතුව වැසිකිලි යන්නත් අමාරැයි වගේ.

    ReplyDelete
    Replies
    1. වෙස් පෙරලෙන්නෙ නැත්නම් ෂොට් අරගෙන වැඩක් ඇතෑ

      Delete
  13. බොලාගේ ගමේ ප්‍රශ්ණ සෑහෙන්න වැඩිද ඒ කාලෙ...මීට කලිනුත් එකෙක් බෙල්ලෙ වැල දාගත්තා නේද...අලවත්තෙන් මතුවන චරිත වැඩිහරියක් ටොප් බෙබාලා...ඒ මොකෑ අප්පා...නැටුම් තෙල් ලාභෙට තිබුනද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න කියල දෙයක් නෑ සිරා,කොච්චර උනත් උන් සුන්දර මිනිස්සු නොවැ

      Delete
  14. දැන් ආයෙමත් ලංකාවට ආපු එකේ තවත් ආරියගේ කථා ටිකක් අහලාම පැරිස් යමු හැලපයියේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්,තව කතා ටිකක් ලියමු.

      Delete
  15. විජේපාලගේ මියුරු කට හඩට වශී කෘත වෙච්චි ගැටිස්සියෙකුත් එහෙනම් හිටිය හැලප ගමේ.
    ගල්බොරැල්ලෙ මැච් ගැහිල්ල නැවතුනත් විජේපාලයට දිවිය පුරා ගගහ ඉන්න කෙනෙක් ලැබුන එකත් කොච්චර නම් පිනක්ද.

    ReplyDelete
    Replies
    1. ඒක අපි කරගත්ත ලොකුම පිනක්

      Delete
  16. පට්ටයි බං හැලපයො,

    පේමයයි,ආරියයි ගුටි කන හැටි ලියපු විදිහට හිනා කාල මැරෙනවා.

    ආරිය බෙල්ලෙ වැල දාගත්තු කතන්දරේ ඊටත් වඩා සුපිරියි! මට හත්පණේ කිරිහාමි මතක් වුනා.....

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම නේද ආවෙ,දුලාව ආදරයෙන් පිළිගන්නවා...ස්තූතියි

      Delete
  17. මමත් ඒ දවස් වල ගමේ එනවුන්ස්මන් කෙනෙක්..මට ඒක මතක් උනා.
    එල්ලෙ අපිත් ගැහැව්වෙ වෙලේ..කවදාවත් මැච් එකකට සෙල්ලම් කරන්න නෑ..නිවේදක චරිතයට අඳින නිසා. එකම එක දවසක් අවස්තාවක් හම්බ උනා..මැච් එකේ ෆෝම් එක වැඩිකමට..ඉන්නෙ කොහෙද අමතක වෙලා.. උඩපන්දුවක් අල්ලන්න ගිහින් නියරෙ කකුල පැටලිල වැටිල ..කකුලකුත් කඩාගත්ත.

    ReplyDelete
    Replies
    1. මටත් ඒකමයි උනේ,එනවුන්ස් කරන වැඩේ නිසා කවදාවත් සෙල්ලං කරන්න වෙලා නෑ

      Delete
  18. ආරියා ඉල්ලන් කන පොරක් අන්තිම සිද්දිය නම් පට්ටම ආතල්!

    ReplyDelete
    Replies
    1. ඌ නං කාපු තරමක් ඉල්ලගෙන තමා කෑවෙ

      Delete
  19. ආ ‍මේ ඉන්නේ මං වාගේ තව තලැත්තෑනි මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා අපි කිප දෙනෙක්ම.

      Delete
    2. ආයුබෝවන්...ආදරයෙන් පිළිගන්නවා

      Delete
    3. පිස්සුද මේ ඉන්නෙ හිරිමල් වියේ තරුණයෝ දෙන්නෙක්නෙ මේ මං වගේම.

      Delete
  20. මදැයි කරාටි පෙන්නන්න ගියා. :D

    හැලප අයියගෙ පෝස්ට් දෙකක් කියවන්න බැරි වුනා මට. වැඩිය නෙට් ආවෙ නෑ පහුගිය දවස් වල. ඉන්නකො.. ආයේ ඇවිත් කියවන්නම්. නැත්නම් මොනලිසා කතන්දරේ එහෙම ඉවරත් වෙලා ද කොහෙද..

    ReplyDelete
  21. අර අහිංසකයාට සබ්බුව දෙවුවන්නමයි හැලපෙ ඌව අල්ලං කයිය ගහන්න ඇත්තෙ.. පවු..

    ReplyDelete

ඔබේ අදහස්