Sunday, May 5, 2013

57.මෝනාලිසා සහ බත්





 අපි කොතනද මෝනාලිසා කතාව නැවැත්තුවෙ...ආ හරි හරි... පැරිස් යන්න ටිකට් ගත්තනෙ...ඔන්න ඉතිං අපි තුන්දෙනා නියමිත දවසෙ පැරිස් බලා පිටත් වුණා...ඔන්න බලන්ඩලකො අද කෙලීන්ම මෝනාලිසා ළඟටම යන ලස්සන...තාලිස් ශීඝ්‍රගාමී දුම්රිය පිටත්වෙන්නෙ මිඩි ස්ටේෂන් එකෙන් කියල දැන් දන්නවනෙ...පැය එකහමාරෙ ගමන වුණාට හැලපි මගට කන්න කියල කෑම ජාතිත් ලෑස්ති කරගන්නව...සැන්ඩ්විච් හදල හරි රොටී පුච්චල ළූණු සම්බෝල තියල හරි පාර්සලයක් හදාගන්නව කඩවලින් කැම ගන්න වුණොත් හරි ගණං කියල...ඒ වුණාට මිඩි ස්ටේෂන් එකට ආපු ගමන් ඒකෙ තියෙන කඩවලටත් රිංගල තව මොනවහරි ගන්නව...ඔය ඔක්කොමත් දෙන්න එකතුවෙලා කනව...කෝච්චිය පිටත්වෙලා ටික වෙලාවකින්නෙ කැපටේරියා එක අරින්නෙ...එතකොට මිනිස්සු කැපටේරියා එකට ගිහින් උණු උණු බර්ගර් දුම්දදා බැග්වල දාගෙන කෝපි කෝප්ප අරගෙන සුවඳ හමමින් කෝච්චිය ඇතුළෙන් එහෙට මෙහෙට යනකොට ඔන්න මේ දෙන්නටත් ඉන්න බෑ නලියනව.

මොනව කරන්නද දෙන්නටම ආපහු කැපටේරියා එකෙනුත් කෑම අරන් දෙනව...මටනං ඉතිං රොටී කාපුවා හොඳටම ඇති දවල්ට කනකං...දවල්ට නං බත් ටිකක් ඕනැ රෑට මොනව වුණත් ගාණක් නෑ...උදේට නං මම සාමාන්‍යයෙන් බත් කන්නෙ නෑ ඔය වෙනසකටත් එක්ක හුණුසාල් බත් ටිකක් පොල් සම්බෝලත් එක්ක කෑවොත් මිසක.

ඒ උනාට ඔය හැලපි ඉන්නව නේද...තුන් වේලටම බත් දුන්නත් සද්ද නැතුව කයි...ගම්වල පුරුද්දනෙ තුන් වේලම බත්කාල...කඩචෝරු කෑමක් නෑනෙ.

ඉස්සර මම ඔය හැලපිලගෙ ගෙදර ගියාම මට උදේට කන්න ඉඳිආප්ප ගෙන්නනව ඒ පැත්තෙ ගෑණු කෙනෙක් ඉඳිආප්ප හදන ගෙදරකින්...ඒ හාල් පිටි ඉඳිආප්ප පොල් සම්බෝලත් එක්ක හරිම රහයි...ඒ ගෑණුකෙනා හදන පොල් සම්බෝලෙ ගෑවුණු තැන කන්න පුළුවන්.

ඔය සම්බෝලයි ඉඳිආප්පයි රසවැටිල මම හැලපිලගෙ ගෙදර ගියාම ගෙන්නගෙන කන්නෙ ඒවම තමයි.

අයිය රංජිගෙ පවුලව දැක්ක නං ඉඳිආප්ප කන්නෙ නෑ...

නංගි කියනව...රංජිගෙ පවුලගෙ දත් විල්ලලු...රංජිට පිස්සුලු ඒවයින් අපට වැඩක් ඇතෑ...කෑම රස නං එච්චරයි.



කාලෙකින් ඒ ඉඳිආප්ප කන්න බැරිවුණා අප්පා...කොහොමත් ගෙදර කට්ටිය කැමති නෑනෙ ගෙදරට ආපු කෙනෙක් පිට තැන්වලින් කෑම ගෙන්නගෙන රසයි කිය කියා කනවට...ගෙදරම කෑම හදල දෙන්න තමා කැමති ඇයි ඔය කවියකුත් තියෙන්නෙ...

අලුත් පිටට බෑනා ගෙදර එනවිට
මලුත් පුදා දුව කැඳවයි ඉදිරියට
කලුත් ගොසින් දීගය පරණ වෙනකොට
බලුත් නොවටීය බෑනා නැන්දාට

 හැබැයි ඉතිං මගෙ නැන්දම්ම හෙවත් හැලපිලගෙ අම්ම නං එහෙම නෑ...එදා වාගෙම අදත් මට ආදරෙයි...ඔන්න මම එහෙ ගිය දවසක උදේට බොන්න කිරි එකක් හදල ගෙනත් තිබ්බ...හැලපිලගෙ ගෙදර හරියට එළකිරි තියෙනව...

එක උගුරයි බිව්වෙ මට කලන්තෙ දාන්න වගේ ආව...කිරි එකට කොකෝ දාල හදල සීනි දාල තල්ල ඇලෙන්නම...බෑණට තියෙන ආදරේට...මම කවදාවත් ඔය විදියට කිරි බොන එකක්යැ...

අනේ අම්මෙ මට කිරිවලට තේ කහට ටිකක් දාල හදලදෙන්න...
 
එහෙම කමක් නැද්ද මහත්තයෝ...

ආයෙම දවල් හැලපි(ඒ දවස්වල හැලපි නෙවෙයිනෙ බිරිඳ )ඇවිත් මගෙන් අහනව...

දවල්ට කන්න මොනවද හදල ඕනැ කියල අම්ම අහනව...

එච්චර ගොඩවල් හදන්න ඕනැ නෑ කිරිහොදි ටිකකුයි කතුරුමුරුංග කොළ මැල්ලුමකුයි තිබුණ නං හොඳටම ඇති...

අප්පේ මහත්තයො ඒ ඇද්ද...

අම්ම අහනව...

මදිනං තව කරෝල කෑල්ලකුත් බදින්නකො අම්මෙ...

ඒ ටික ඉතිං පුදුම රහක් තියෙන්නෙ ගෙදර හාලෙ බතුත් එක්ක කනකොට...

දැනුත් ඉතිං කුඹුරු කපපුවම හාල් ටික අපට එවනව...මමත් වඩා කැමති ඒ හාලෙන් බත් කන්නයි...මගෙ කුඹුරෙනුත් හම්බවෙන්නෙ වී පොඩ්ඩයිනෙ...

වී නම් බිරිඳගෙ ලොකු අයියත් නොවරදවාම අපට දෙනව...අයිය ළඟත් තියෙනව මම කන්න කැමති කෑම වර්ග...මඤ්ඤොක්කා,මෑ කරල්,කංකුං, මුකුණුවැන්න වගෙ පලා ජාති වැල් ලබු එහෙම...දියලබු කිරට උයල කාල තියෙනවද...මාර රසක්නෙ උයනකොට කැකුළු හාල් ටිකක් ගලේ අඹරල දාන්න ඕනැ එතකොට තමා හොඳ රසක් එන්නෙ.

බිරිඳගෙ ගෙදර යනකොට මම අයියට විස්කි බෝතලයක් නොවැරදීම අරගෙන යනව...ඕක බලාගෙන හිටියෙ නැතත් අයිය දන්නව මම  එනකොට බෝතලයක් ගේනවමයි කියල...

ඔය අපි බැඳපු අලුත බිරිඳලගෙ ගෙදර ගිය දවසක දවල්ට බත්කාල අන්නාසි කපාගෙන කනව...වත්තෙ හැදිල ඉදුණු අන්නාසි හරිම රසයි...

ඔන්න ලොකු අයිය ආව විස්කිත් ගහල බඹර පදමෙන්...

නංගියෙ...උඹ මොකද අන්නාසි කන්නෙ...




අන්නාසි පිඟාන අයිය පැත්තකට කළා...මට කකා හිටපු අන්නාසිත් ඉස්මොළේ යනකං හිනා...

බිරිඳ මගෙ දිහා බලනව...මම ඇහෙන් කිව්ව ඇති තරම් කන්න කියල...

බිරිඳලගෙ ගෙදර ගියාම ඉතිං ඔය විදියයි...හවස එමු කියල උදේ ගියාට කවදාවත් එවෙන්නෙ නෑ...පහුවදා යන්න කියනව...පහුවදා උදේ කියනව දවල්ට කෑම ලෑස්තිකරනව කාලම යන්න කියල...කොහොම හරි පිටත්වෙනකොට හවස්වෙනව...

අම්ම මීට අවුරුදු කීපයකට කලින් ලෙඩින් වැටුණ...දැන් අවුරුදු ගාණක ඉඳන් ඇඳේ...ලංකාවෙ ඉන්නකොට බිරිඳ හැම මාසෙම අම්මව බලන්න යනව කෑමත් හදාගෙන...දෙළුම් එහෙම අරං...ඒ දවස්වල උසට මහතට හිටපු මනුස්සය දැන් කෙට්ටුයි දර කෑල්ල වගේ...මාව දැක්කහම මහත්තයො කියල අඬනව...පුතා දැක්කත් එහෙමයි.

අපටත් ඉතිං දුකයි...මොනව කියල කරන්නද...

අප්පේ...යන්න ගියෙ පැරිස් මෝනාලිසා බලන්න...යැවුනෙ මීරිගම හැලපිලගෙ ගෙදර...මෙහෙමත් වෙනවනෙ හැබෑටම...බත් ගැන තව පොඩි කතාවක් තියෙනව ඒකත් කියලම නවත්තන්නංකො.

ඔන්න හැලපි සැරයක් පුතත් එක්ක ඩිස්නිලන්තෙ බලන්න ප්‍රංශෙ ගියා...මට යන්න වුණේ නෑ ඒ ගොල්ල හෙට්ටිආරච්චිලත් එක්ක කට්ටිය බස් එකක ගියෙ...ඩිස්නිලන්තෙ තියෙන්නෙ පැරිස්වලින් ටිකක් ඈතනෙ...ගමනට දවස් දෙකයි අද උදේ පිටත්වෙලා හෙට රෑ ආපහු එන්නෙ...ඒ කියන්න අඩුම තරමින් වේල් හතරක්වත් හැලපිට බත් මිස්වෙනව...හෝටලෙන් දෙන කෑම තමයි...මම ටක්කෙටම දන්නව හැලපිට ඔය කෑම හරියන්නෙ නෑ කියල...බත් ඕනැමයි...පුතාට නං ගාණක් නෑ...බත් නොදෙනව නම් මිනිහ වඩා කැමතියි.

ඉතිං හැලපිල ආපහු එන දවසෙ රෑට මම බත් ඉව්වා...සාමාන්‍යයෙන් අපි රෑට බත් උයන්නෙ නෑනෙ...මොනව හරි සුළු දෙයක් තමා කන්නෙ...දවල් බත් ඉතුරුවෙලා තියෙනවනං හැලපි කනව...
 
එදා රෑ මම හිතලම බත් ඉව්ව...මම දන්නව දැන් මෙයා එන්නෙ බත් නැතුව බොහොම අමාරුවෙන් කියල...වැඩි දෙයක් හැදුවෙත් නෑ පරිප්පුයි කරවිලයි බැදපු කරෝලයි වගේ මට මතක හැටියට...


ඔන්න දෙන්න ආවා රෑ නමයට විතර...පුතා නං රෑට කන්න බර්ගර් එකක්ද කොහෙද මගින් අරන් ඇවිත් තිබුණා...හැලපි කෙලින්ම ගියෙ කුස්සියට...
 
ඒ ගමන මම බත් පිඟානක් බෙදල දුන්නා...හත් දවසකින් බත් දැකල නෑ වගේ එතනම ඉඳගෙන බත් පිඟාන ඉවරකරල තමයි පස්ස බැලුවෙ.
 
ඉතිං ගොඩක් ලිව්වනෙ...ආයෙම යමු පැරිස් හරිද.

80 comments:

  1. බුදු අය්යේ මේ වෙලාවේ බත් ගැන මතක කෙරුවේ ඇයි රත්තරනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි බුදු මල්ලියේ ඒ වෙලාවෙ බත් බඩගින්නෙන්ද හිටියෙ.

      Delete
  2. දැන්නම් අපටත් මොනාලිසා ගැන මතකයක් නෑ.

    අපරාදෙ කියන්න බෑ...හැලපයා එක්ක ගමනක් ගියොත් සොරිම තමයි.(හම්බවෙන හැම හන්දියකින්ම හැරෙනවා) :D

    ReplyDelete
    Replies
    1. හරි හරි සුමිත් හැරි හැරි හරි වෙලාවට මෝනාලිසා ළඟට එක්ක යන්නංකො

      Delete
  3. මතක් කොරන්නෙපා ඔය ඒරොප්පේ.

    මං බත් කෑවේ දවස් දහයකට පස්සේ - ඒකත් ජරමානු බතක්.

    ReplyDelete
    Replies
    1. කකා, ජර්මානු බතේ ලිංකුව එල්ලන්න අමතක වුණයි?

      Delete
    2. ගුරුන්ටත් අකුරු වරදිනවනේ රත්තෝ...

      Delete
    3. හැක් හැක්... හෙන උජාරුවෙන් ඒක කියල තිබුනේ... බත් කටක් කෑවයි කියලා...

      Delete
    4. මේ අළුත් ක්‍රමය. ලින්ක් අනවශ්‍යයි. ඉඟියක් ඇති!

      Delete
    5. ඇයි කකා ඉන්දියන් කඩේකට ගිහින් බැලුවෙ නැද්ද...ප්‍රයිඩ් රයිස් එකක් වත් ගන්න තිබුණා.

      Delete
  4. //ඒ උනාට ඔය හැලපි ඉන්නව නේද...තුන් වේලටම බත් දුන්නත් සද්ද නැතුව කයි...ගම්වල පුරුද්දනෙ තුන් වේලම බත්කාල.//

    හිකිස්.!.......මටත් එහෙමයි බං...! බත්නං...නැතුවම බෑ..!

    අම්මප හන්දිවලින් හැරෙන්න උඹට මාර හැකියාවක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් තුන් වේලටම බත් ඕනේ:( කෑවේ නැතත් ගෙදර මුට්ටියේ බත් හැන්දක් හරි තිබ්බේ නැත්නම් හිතට හරි නැහැ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අප්‍රසන්නයිමහත්මයා.. විහිලුව හොද ඩෙයක්.ඒත් ,!

      Delete
    4. ඔබට අප්‍රසන්න දෙයක් මොහොතක ටවත් දර්ශනය වීමට ඉඩ නොතබමි.
      වරද පෙන්වා දීම ගැන ස්තුතියි...!

      Delete
    5. උඹගෙ නමත් වීයනෙ...ඉතිං බත් නැතුව කොහොමද

      Delete
    6. @sahan
      ජංජාලෙත් වැඩිපුර ඉන්නෙ බතාල තමයි

      Delete
  5. මොනාලිසා කියලා පටන් ගත්ත කතා 4ක් තියෙනවා දැං... හැබැයි මොනාලිසා නෑ තාම.... හි හි....

    කෝ මේ අපේ මාරයියා... කෑම කිව්වොත් මේ හරියේ ඇති නේ.. තාම නැත්තේ මොකෝ දන්නෑ....

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. මං මේ කල්පනා කලේ හැලපයව කන්න... ඒ තරමට කේන්තියි..

      Delete
    2. අලුත් උයන ඉස්කෝලේ කියා දුන්න විදිහකට උයමු . සයිස් එකේ හැටියට අපිට සතියකට ඇතිවෙයි

      Delete
    3. ඔය ඉන්නෙ මාරයා...
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
    4. හිරූ මීට පස්සෙ හි හි.... කෑල්ල දාන්න කරදර වෙන්න ඕනැ නෑ...ඇනෝ ඇවිත් ඒ ටික දාල දෙයි.

      Delete
    5. @මාරයා
      අනේ බං ටිකක් සිහි බුද්ධියෙන් වැඩ කොරපංකෝ.

      Delete
    6. @අටම්
      හා උඹටත් චුට්ටද කන්න පුලුවන් මට වාගෙ.

      Delete
  6. අඩුම තරමේ සීදුව හරියටවත් යා ගන්න ඇහැක් උනොත් ඇති පැරිස් කෙසේ වෙතත්.

    ReplyDelete
    Replies
    1. අලුත් පාරෙම යන්න පුලුවන් වෙයි සහන් අගෝස්තු වෙනකොට අරිනවැයි කියන්නෙ.

      Delete
  7. අනේ මට බෑ...
    ඊලග දවසේ මෝනාලිසා කියලා දැක්කත් බලන්නෑ! ඇයි යකඩෝ...මෙහෙමත් පදුරු තැලිල්ලක් :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම කියල බෑනෙ රජෝ...ටිකක් ඉවසන්න ඉගෙන ගන්න ඕනෑ නේද

      Delete
  8. දැන් ඔය පැය එකහමාරේ ගමන කොච්චර දුරද අයියේ?

    (ප්‍රශ්නේ ඇහුවේ සීරියස්. ඒත් අනික් පැත්තත් තියෙන හින්දා මුලින් සැබෑ ප්‍රශ්නෙට උත්තරේ දීලා ඊළඟට අනිත් ප්‍රශ්නෙටත් උත්තරේ දෙන්නකෝ)

    බත් කියන එකනම් මටත් දවසකට එක වේලක් හරි ඕනිම තමා. එක සැරයක් මායි යාළුවෙකුයි දුෂ්කර පළාතක බෝඩිමේ තනි උණා. අනික් උන් නිවාඩුවට ගිහිං. අපි දෙන්නත් උයන්න කම්මැලිකමට මැගී නූඩ්ල්ස් දෙක බැගින් තුන්වේලටම දවස් දෙකක් කෑවා. බඩනම් පිරුණා. ඒත් ඊළඟ වේල පිරිමහගන්න කඩේට යන්න තරම්වත් පණ නෑ. විසික් වෙනවා. ඔන්න ඔහොමයි එදා බතක් ඉවුණේ.

    ReplyDelete
    Replies
    1. ඒක අහද්දිත් ඇඟට පණ නැති වෙලා ගියා අකම් .මටත් එක කාලයක් එනවා ඒ කාලේ ආවම නම් ටිකක් බරට කෑම ඕනේ.සුට්ටන් කෑම ජාති වලින් පිරිමහ ගන්න බැහැ නෙව ඒ ගින්න ..

      ( වැරදි අවබෝදයක් එහෙම ගන්නවා නෙවේ ..:P)

      Delete
    2. හරියටම දුර කිව්වොත් අකම් කි.මී 261.29 කෝච්චිය පැය එකහමාරෙන් යනව,මට නං කවද වෙයිද දන්නෙ නෑ යන්න.

      Delete
    3. @සහන්; පිස්සුද බං.අපේ අවබෝධතා හිවිසුමේ හැටියට එහෙම දේවල් ගන්න බෑනේ... :D

      @හැලපයියා; හයි වේ එකේ ගියත් පැය දෙකහමාරකට වැඩියි. :O

      Delete
  9. අලුත් පිටට බෑනා ගෙදර එනවිට
    මලුත් පුදා දුව කැඳවයි ඉදිරියට
    කලුත් ගොසින් දීගය පරණ වෙනකොට
    බලුත් නොවටීය බෑනා නැන්දාට

    ඔය කවිය කියපු එකා ඉන්න තැනක් අයියා දන්නවද

    ReplyDelete
    Replies
    1. ඇයි බොටත් මොනවහරි ලියාගන්න තියෙනවද මිනිහට කියල.

      Delete
    2. මම කියන්න ඕනැ එක ඔන්න බං ත්‍රිබාසා කියල

      Delete
  10. මම අදනෙ දන්නෙ මෝනලීසා ඉදිඅප්ප, බත්, පොල්සම්බෝල කන අපේ එකියක් කියලා. මීරිගම ද එතකොට එයාගෙ ගම. ........................
    බලපුවම හැලප අයියත් අපි වගේම ගමේ බයියෙක්නෙ. මටත් ඔය වට්ටෝරුවමයි ඕනෙ. එහෙනන් අද මොනලීසාගේ කෑම ගැන දැන ගත්තා. ඊලඟ දවසේ ඉතිරි ටිකත් කියන්ටකෝ... අපි එනවා කියවන්න.

    නැන්දම්මගේ අදරේ ගැන නම් ඔබත් මම වගේම වාසනාවන්තයෙක්. අපේ නැන්දම්මත් තාමත් මට පුදුම සෙනෙහසක් තියන්නෙ. අනේ උන්දැල වගේ අය තව කාලයක් ජීවත් එන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අනේ වෙදන මල්ලියෙ අපි ලෝකෙ කොහෙ හිටියත් ගොඩයො නොවැ
      ගොඩේ කෑම බීමමයි තාම අල්ලල යන්නෙ මොන බෝජන තිබුණත්.

      Delete
  11. හපොයි අර පින්තුර ටික දැක්කම ගෙදර මතක් උනා. තව හන්දි කීයක් තියෙයි ද දන්නෙ නෑ පැරිස් යන්න කලින්! බ්‍රසල්ස් වලින් පටන් අරන්, මිරීගමට ඇවිත්, ඩිස්නිලන්තෙන් ඉවර කරපු විදිහ තමා මරු :)

    ReplyDelete
    Replies
    1. බලමුකො මුහුදු තව හන්දි කීයකින් හැරෙන්න වෙයිද කියල

      Delete
  12. මං අර බත් එක කාල මෙතන නිදා ගන්නවා. පැරිස් යනකොට කතා කරන්න කො.. :)

    අපි ඔහොම හෙමින් හෙමින් යමු හැලප අයියේ... වටපිටාවත් බලාගෙන. ගමනක් යද්දී වටපිටාවේ නේ වැඩිය බලන්න දේ තියන්නේ. මේකත් ඒ වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. ආන්න චන්දනට තේරුණා...බත් එක එහෙම කාල ඉන්නකො

      Delete
  13. //..ඒ ගමන මම බත් පිඟානක් බෙදල දුන්නා...හත් දවසකින් බත් දැකල නෑ වගේ එතනම ඉඳගෙන බත් පිඟාන ඉවරකරල තමයි පස්ස බැලුවෙ...//

    පස්සේ හැලපි තොත්තුවක් වත් දුන්නේ නැද්ද කකාට හාමිනේ තොත්තුවක් දුන්නා වගේ :)

    ReplyDelete
    Replies
    1. මොන තොත්තුද හසිතයො හායි හූයි ගගා හති දදා කෑවෙ ඔය

      Delete
  14. මේකට දාන්ට තිබුනේ මෝනලීසා සහ හැලපි කියලා හී හී...

    ඔහොම හිමින් යමු පැරිස්. හදිසියක් නෑ. පැරිස් යනවට වඩා හොඳයි හැලපිලාගේ ගෙදර යන එක කියලා හිතුනා කෑම දැක්කාම.

    එන මාසේ දිහා පැරීසිය පැත්තේ යන්ට හිතාගෙන ඉන්නේ. ඒ ගිහින් එනකොටත් හැලපයා තාම මග ඉඳී.:D

    ReplyDelete
    Replies
    1. පැරිස් යනකොට එකටම යමු පොඩ්ඩියෙ,හැලපිලගෙ ගෙදර ආවොත් ඔය ඔක්කොම කෑම ජාති හදල දෙන්න බැරියැ.

      Delete
  15. උඹේන් මොනාලිසා ගැන දැනගන්න එක හරියට ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් බන්.

    //කොහොමත් ගෙදර කට්ටිය කැමති නෑනෙ ගෙදරට ආපු කෙනෙක් පිට තැන්වලින් කෑම ගෙන්නගෙන රසයි කිය කියා කනවට..//

    හි හි.. මේකනම් ඇත්ත. පිටින් කනවට කැමති නැහැ නේන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි හරි බං...මෝනාලිසා එයි වෙලාවට.
      ඒක නෙවෙයි බං පිටින් කෑවට කමක් නෑ මාට්ටු නොවී

      Delete
  16. මොනාලිසා අදත් නෑ මරු ඈ!
    මට නං තුං වේලටම බත් ඕන. ඉඳහිට රෑට ඉඳිආප්ප කනව නෝ‍නගෙ ආසාව නිසා.

    ReplyDelete
    Replies
    1. රාජ් මමත් මේ බැලුවෙ වැඩි හරියක් ඉන්නෙ බත්ලෝලියොනෙ අප්පා

      Delete
  17. පට්ටම පට්ට ශෛලිය.. හැක්... අපිත් සිරිස් එකක් ලියනවා හැලපයියා මොනාලීසා ලිව්ව වගේ කියල..

    ReplyDelete
    Replies
    1. ලියපං ලියපං ළඟදි මොකුත් ලිව්වෙත් නැති එකේ

      Delete
  18. උඹත් එක්ක බෑ හැලපේ, ඉඳිආප්ප, පොල් සම්බල්, නැන්දම්මා, කරවල එක්ක බත්, රොටි පුච්චලා ළුණූ සමබෝල, විෂ්කි, අන්නාසි, කීයක් දේවල්ද.. මොකක් ගැනද කොමෙන්ට් ලියන්නේ..

    ඉස්සෙල්ලම තියෙන්නේ ඉඳි ආප්ප නිසා ඒ ගැන ලියන්නම්. ඔය පොල් සම්බලට සමහර අය සුදුළුණු බිකක් එක්කරනවා, සමහර අය ලුණු දෙහි කෑල්ලක් දාලා කොටනවා, සමහර අට අවුමිරිස් කරලක් දානවා, හීනි කෑලි කපලා දැම්මත් රහයි. ඔය ඔක්කෝටම වඩා මම කැමති, පොල් මැල්ලුමත් එක්ක කන්න, හැලපේ කාලා තියෙනවද මන්දා. දකුණේ අයගේ විශේෂ කෑමක් ඕක. අපේ අම්මා ඕක ලෙසටම හදනවා. මගේ යාලුවෙක් උන්නා ඉස්සර, ඌ අපේ ගෙදරට බඩු මල්ලක් උස්සගෙන එනවා, ඉඳිආප්පයි පොල් මැල්ලුමුයි කන්න. ඌ ෆ්ලයින් ස්ටුවඩ්, මට ජොබක් නෑ එතකොට. ඌ හැම ටුවර් එකක් ගිහින් එනකොටම විෂ්කි දෙකකුත් ගේනවා. ගල් බෝතලේ, ෂැන්ඩි අඩුවෙන් දාලා, පියසිරි අය්යගේ බට්ටොයි කාවයියෝයි එක්ක ගහන අපිට විෂ්කි එකක් මදි. එදාට අපිත් ෆයිව් ස්ටාර් ලෙවල් එකේ, විෂ්කි ගහනවා ක්‍රාෆ්ට් චීස් එක්ක. ඌ අපේ අම්මට තෑගි ගෙනත් දීලා ඇති උගෙ අම්මට වඩා. හුටා මෙන්න මාත් වටේ යනවා.

    ඔය පොල් මැල්ලුමට, කූනිස්සෝ, කරපිංච, ගොරක කෑල්ලක් දෙකක් දාලා හදන්නේ. අපේ නැන්දම්මටත් මේක ලෙසටම හදන්න පුළුවන්. උන්දෑ මෑතකදි අපිව දාලා යන්න ගියා. එයා ගැන මතක් වෙනකොට, දේශපාලණේ අමතක කරලා මටත් හිතෙනවා හැලපෙ වගේ වටේ තලන හෑලි ලියන්න..

    වරදක් කලත් සිතකින් නොවේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් සින්දු කෑලි අන්තිමට දානව,රයිගම මාතෘකාවට දානව.මේ සිංදු කෑලි වසන්තයද?
      කුනිස්සො දාපු පොල් මැල්ලුමයි,රතු ලුනු/බිලිං කපල දාල හදන හාල්මැස්සෝ හොද්දත් එක්ක ඉදි ආප්ප කොච්චර නම් අබරලා ඇද්ද.

      Delete
    2. ඉස්සෙල්ලම පොල් සම්බෝල ගැන කතා කරමුකො.

      පොල් සම්බෝලෙ රස වෙන්න නං නොමේරූ පොල් වෙන්න ඕනෙ නේද? හරියට නොගෑවුනාට කාරි නෑ. එහෙන් මෙහෙන් ඉලිප්පිච්ච කලටි පොල් කෑලි හැපෙන කොට තමයි රහ. පොල් රොටි වලට උනත් කලටි පොල් දැම්මාම රහයි. අර විප්පරවාසෙ කොරන හැලපෙට නං , කලටි පොල් නැතුව ඇති

      පොල් සම්බල එක එක විදිහට හදනවා. සමහරු කොච්චි හෝ අමු මිරිස් ද දාලා ලා කහ පාටටත් හදනවා. තව සමහරු, පුච්චපු කරවල පොඩි කෑලිත් දානවා. මං හිතන්නෙ පොල් මැල්ලුමේ රසයට එක හේතුවක් තමා, බැදපු කූනිස්සො.

      පොල් සම්බල අතරින්, දෙමල අයගෙ ‍තෝසෙ වලට හදන සම්බලෙත් හරිම රහයි.
      ඒක රස වැඩිවෙන්නෙ , මිරිස් බැදලා ගන්න නිසයි, කියලයි හිතෙන්නෙ.මේ සම්බලය ඔය ‍තෝසෙ කඩේ තියන එක නෙමෙයි. ඒ අය ගෙදර හදන, ඔය සම්බෝලෙටයි, වම්බ‍ටු බැදලා හදන මෝජුවටයි ගහන්න පුළුවන් එකම එක අපේ පොල් මැල්ලුම විතරයි. යන්තමින් බැදිච්ච කරපිංචා වලින් එන සුවඳ,පොල් මැල්ලුමේ රස තවත් වැඩි කරනවා.

      තක්කලි දාලා හදපු , හාල් මැස්සො හරි ඉස්සො කිරි හොදිත් හොඳා ඉඳි ආප්ප කන්ට.

      Delete
    3. AnonymousMay 5, 2013 at 11:16 PM
      හරියටම හරි!

      Delete
    4. ඇනෝ,ඔබ හරි හැබැයි කහ පාට පොල් මැල්ලුම/රතු පාටනම් පොල් සම්බල්ම තමයි.
      ගෙවල් වලත් කොච්චි/කරවල පුච්චල කුඩු කරල රතු/කොල පාටට හැදුවත් පොල් රා බොන තැන්වල තමයි මයියොක්ක සමග ඔය සම්බල් සහ ලුණු කැට තියෙන්නෙ.
      සල්ලි නැති එකා රා කට්ට ගහල නිකන් තියෙන ලුණු කැටයක් අරන් දිවේ අතුල්ල,අතුල්ල කාරල කෙල ගහමින් යනව.
      ඉදියප්පන් වලට හොදි ඕන නැහැ ඔය කියල තියෙන හොදි සමග.

      Delete
    5. මාතලන් මචං මගෙත් ප්‍රියතම කෑමක් තමයි ඔය පොල් මැල්ලුම, අපේ අම්ම ඒ දවස්වල හදල දෙනව කරෝල කට්ටක් එහෙම දාල...කියල වැඩක් නෑ බං රස...දැනුත් අරින්නෙ නෑ මම හැලපිට කියල පොල් මැල්ලුම් හදෝගෙන කනව ඉඳිආප්පත් එක්ක අපරාදෙ කියන්න බෑ හැලපිටත් දැන් පදමට රසට පොල් මැල්ලුම් හදන්න දැනෙනව අපි ගෙදර ආපුවාම බලන්න වරෙන් උදේක...කන්න පොල් මැල්ලුම් එක්ක ඉඳිආප්ප හදල තියන්නම්.

      Delete
    6. @ කෙන්ජි
      කොහෙදිද බං,සෙට් එකේදිද

      Delete
    7. ඇනෝ... ඔබේ රස ගුලාවට මගෙ කට දිව තෙත් වුණා කිව්වොත් නිවැරදියි.
      ඔබ මෙතන එකම භෝජන ශාලාවක් කළා...හරිම රසයි බොහොම ස්තූතියි.

      Delete
  19. උඹේ පෝස්ට් එක බලලා මගේ හිත නරක් වුනා.

    හරියට අර, "නන්නානේ නානේ, පෙන්නන්නේ නෑනේ," කලා වගේ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි මචං මගෙ හිත පෑරෙන කතා කියන්නෙ.
      මම කොහොමද උඹලගෙන් මෙච්චර ලස්සන කතා අහගන්නෙ මෙහෙම නොලියා.

      Delete
  20. කමක් නෑ ‍හැලපෙ මොනාලිසා බලන්න යන ගමං ඔය වටේ පිටේ තියෙන ඒවත් බලාගෙන යන එක තමයි හොඳ. තාම ඉන්නෙ මීරිගම නෙ. තව මාස ගානක් යයි පැරිස් යන්න.

    අම්මප අර ඉඳියාප්ප පොල සම්බල් එකනං මරු.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ප්‍රසන්න ඉඳිආප්පත් කාල එහෙම හිමීට යංකො

      Delete
  21. අරාබි නිසොල්ලසය වගේ නෙ..

    ReplyDelete
    Replies
    1. ඊට ටිකක් විතර අඩුයි එදිරි

      Delete
  22. කමක් නෑ මේ වතාවේ මොනාලිසා ඉදිආප්ප්යි පොල් සම්බෝලයි කාපු විදිහ බලා ගත්තු එකම ඈති නෙව .....

    ReplyDelete
    Replies
    1. එහෙනං සමීර,මෝනාලිසා හිමිහිට බලමුකො

      Delete
  23. හැලපයා මොනවා ලීවත් රසයි ඈ !!!!

    ReplyDelete
  24. බතුයි,කතුරුමුරුංග මැල්ලුමයි,කරවලබැදුමයි,ම් මගේ කටතත් කෙළ උනනවා හැලපයියේ....
    කොහොමත් අපිට මොනාලිසා බලන්න හදිසියක් නෑ හැලාපයියේ......මේ විදියට වටේ ගිහින් යමුකෝ.....

    ReplyDelete
    Replies
    1. හරියට හරි මනෝජ්,මම දන්නව කොහොමත් මනෝජ් මම හදන කෑම ආසාවෙන් කනව කියල.

      Delete
  25. හැලප මාමෙ කොලුවා ඔන්න කාලෙකට පස්සෙ...අන්නාසි ගෙඩිය කපද්දි අලවත්තෙන් පැනලා ඒ කාලෙ හොරෙන් කඩපු අන්නාසි මතක් වුනේ නැද්ද ? හැලපි මහ කැත නමක් පොඩ්ඩක් මොඩ් කරලා ගන්න...

    ReplyDelete
    Replies
    1. හම්මේ සිරා කොලුවො,මම මේ කාමරේට ගිහින් ආව විතරයි,හරිම සතුටුයි...ඔය හැලපි කියන නම කොලුවෝ මේ ජංජාලෙ පාප මිත්‍රයො හදපු නමක් නොවැ...පුලුවන්කමක් තියේනං මොඩ් කරල දීපං පුතේ පිං සිද්ද වෙනව.

      Delete
    2. අපි දාමු හැලප මහත්මිය කියලා...ලස්සනයි...ගෞරවනීයයි

      Delete
    3. අඩේ සිරා ඇවිල්ලා..........
      එළ එළ...

      Delete
    4. "මිසිස් හැලපේ" එහෙම නැත්නම් "හැලපේ නෝනා"
      මටත් හැලපෙට එහෙම කිව්වට නෝනට එහෙම කියන්න හිතෙන්නේ නෑ. අර අටමා නෝනට ගෑණී කියනවා වගේ...

      Delete
  26. අනේ සුදු මාමේ(කළු උනාට අපි මක්කෙයි කොරන්නෙ හා..)මටනං එපා ඔය ලිනාමොසා..ඇත්තමයි(කඩේ ලඟදී හම්බ උනොත් ගහන්නෙ මුනටම,(ෂොපින්,නෑ,ගොසරි බෑක් එකක් දාල)

    ReplyDelete
    Replies
    1. අනේ පුතේ හරිම සතුටුයි උඹ මගෙ වැල්වටාරං ආසාවෙන් කියවනවට

      Delete
  27. අඩෝ අය්යේ...කෝ බන් උබේ මොනාලිසා... උබ බත් ගැන මතක් කරනවා...මම ලුණු කියල මාස බරගානක් සීනි දාල බන් කෑම හදල තියෙන්නේ...විලි ලැජ්ජාවේ කලිසම ගැලවෙනවා...

    ReplyDelete

ඔබේ අදහස්