Saturday, May 11, 2013

61.මෝනාලිසා සහ කොළ කැඳ



අපි ඉතිං ගොඩක් තැන්වල රවුං ගැහුවනෙ...දැන් තියෙන්නෙ මෝනාලිසා බලන්න යන්න විතරයි...ඒත් මට ඉතිං තියෙන ලොකුම හිසරදේ මේ තැලිල්ල...රවීගෙ භාෂාවෙන් කියනව නං ගොමු තැලිල්ල...ගොමු තලමු කියල කට්ටියක් කියනව...දිගටම පාරෙම යං කියල කට්ටියක් කියනව...අනේ මන්දා මම දැන් එච්චර ඔය ගැන හිතන්නෙ නෑ ඔලුව හැරිච්චි අතේ ලියනව මිසක්.

අපි චානි අක්කලගෙ ගෙදර නැවතුනු පළවෙනි දවසෙම අපට රෑ කෑමක් තිබුණා...ඒ කතාව මෙහෙමයි...කෑමට ආරාධනාව තිබුණෙ චානි අක්කට ආරාධනාව ලැබුණු වෙලාවෙම චානි අක්ක කියල තියෙනව...

අනේ මිස්ට කරුණාරත්න මට නං එදා රෑට එන්න බැරිවෙයි මගෙ ඥාති මල්ලි කෙනෙක් ගෙදර අයත් එක්ක අපේ ගෙදර එනවනෙ...

එතකොට මිස්ට කරුණාරත්න කියල...

ආ ඒක කොච්චර හොඳද... ඔන්න ආරාධනාව මල්ලිගෙ කට්ටියටත් එක්කමයි...ඒ ගොල්ලොත් එක්කන් එන්න...

එද දවල් මටත් ටෙලිපෝන් කරල කිව්වා.

ඒකත් අවුරුදු කෑමක්...රාත්‍රී කෑම වේල සම්පූර්ණයෙන්ම සිංහල කෑම වලින් පිරිල තිබුණා...ඔය විප්‍රවාසයෙ ඉන්න අපේ සිරිතක්නෙ ලංකාවෙන් එන අයට පුළුවන් තරම් දුරට ලංකාවෙ විදියට කෑම බීම හරිගස්සල දෙන එක...බොහොම අමාරුවෙන් ලංකාවෙ කෑම ජාති හොයාගෙන රසට උයල අර ලංකාවෙන් එන අයට දෙනව...අනේ ඒ මනුස්සය ලංකාවෙ ඉඳල ඊයෙ ආවා වෙන්නත් පුළුවන්...සමහරවිට එයා කැමති  ඇති ඒ රටේ කෑම කන්න හැමදාම කන ලංකාවෙ කෑම වෙනුවට...ඒ වුණාට අපේ තියෙන උසස් ආගන්තුක සත්කාරය නිසා අපි මොනවද අර මනුස්සයට කන්න හරිගස්සල දෙන්නෙ...

පොළොස් ඇඹුල්
කරෝල බැදුම
අඟුණකොළ මැල්ලුම
දෙල් වෑංජනය
කුරක්කන් පිට්ටු

ඔය ආදී වශයෙන් ලංකාවෙදිවත් ඒ මනුස්සයට නොලැබෙන දුර්ලභ කෑම වේලක් හදල දෙනව හොඳ නෑනෙ කියල.

කුරක්කන් පිට්ටු කියනකොට මට මතක් වුණේ ඔය අපේ මැණිකෙ පුංචි අම්ම හදනව කුරක්කන් පිට්ටුවක් හීනියට ඇට තියෙන්න කිරිගොට්ටට දාල තම්බගත්ත පිට්ටුවෙ සුවඳ මට දැනුත් මතක් වෙනව...පොල් නොදා හදන ඔය කුරක්කන් පිට්ටු කිරිහොදිත් එක්ක කන්න මම හරිම මනාපයි...පුංචි අම්මලගෙ ගෙදර සාංගීක දානෙ වෙලාවට මම කන්නෙ කුරක්කන් පිට්ටුයි කිරිහොදියි...බත් මාලු හැමදාම කන එකනෙ.

කිරිහොදි කියපුවාම මට මතක් වුණේ අපේ පන්සලේ අපවත්වෙච්ච ලොකු හාමුදුරුවො...පුජ්‍ය විතානමුල්ලේ අරියකිත්ති හිමි...ලොකු හාමුදුරුවො මීකිරි කන්නෙ කිරි හොදිත් එක්කනෙ...දානෙ වලඳල අවුල්පත් බෙදාගෙන යන වෙලාවට මීකිරි පිළිගන්නවනවනෙ...ලොකු හාමුදුරුවො සීනිවත් පැණිවත් ගන්නෙ නෑ...අතින් ළඟට කතාකරල කියනව...



මට ඔය කිරිහොදි ටිකක් බෙදන්න...

අපි ඉතිං පොඩි කාලෙ ඉඳන්ම හැදුනෙ ලොකු හාමුදුරුවන්ගෙ සෙවනෙ...බුදු සන්තෝ බනින්නෙ බලු බැණුම්...මම බඳින්න ඉස්සෙල්ල ගෙදරට හාමුදුරුවරු වඩම්මල සාංගීක දානෙ දීපු වෙලාවෙ අනුශාසනාවෙදි ලොකු හාමුදුරුවො මා ගැන කිව්වෙ...

මේව නිකං මේ කැලේට කොළේට හැදිච්චි ඇඹුල් නෙවෙයි...හොඳ කෝලිකුට්ටු...

ඒ ඉතිං ලොකු හාමුදුරුවන්ට දෙන්න පුළුවන් උසස්ම සහතිකය...

(ලොකු හාමුදුරුවන් ගැන කතාව හිතලම නැවැත්තුව වෙනම පෝස්ට් එකක් ලියන්න ඉන්න නිසා)

කෝලිකුට්ටු කිවාහම මම අහල තියෙන කතාවක් මතක් වුණා ඒකත් කියලම ඉම්මු...

ඔන්න ගම්බද පළාතක ජීවත්වෙච්ච එච්චර තැලිල පොඩිවෙලා නැති අහිංසක තරුණයෙක් නිසි වයස් එළඹිලා විවාහයට සුදුසු කුල කුමරියක් ඒ ළඟ අහල පහලින්ම හොයාගෙන ...

සුභ මොහොතින් අතිනත ගන්න ඒ පළාතෙ විවාහ ලේකම් තුමිය ළඟට ගිහින්...

විවාහ ලේකම් තුමියත් දැන් ජෝඩුව ඉස්සරහින් වාඩිකරවගෙන විවාහ සහතික පත්‍රය ලියනව...

නම වයස තත්වය ලියපුවාම ඊළඟට ලියන්න තියෙන්නෙ තරාතිරම හෙවත් රක්ෂාවනෙ...

විවාහ ලේකම් තුමිය මේ තරුණයගෙන් අහනව...

තරාතිරම කොහොමද...

කොල්ල වටපිට බලනව...

කියන්න ළමය ඔය ළමයගෙ තරාතිරම මට මේ සහතිකේ ලියන්න...

කොල්ලගෙ කං පෙති රතුවෙලා හීන්දාඩියත් දාල...හොරැහින් බලනව තමන්ට වම් පැත්තෙන් වාඩිවෙලා ඉන්න මනමාලි දිහාවෙ...

කොල්ලගෙ තරාතිරම කොහොමද කියනකල් විවාහ ලේකම් තුමියත් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව...කොල්ල කතාකරන පාටක් නෑ...විවාහ ලේකම් තුමියගෙත් පුෂ්පය දැන් ටික ටික විකසිත වේගන එන්නෙ...

ඔය ළමය කතා කලේ නැත්නම් මට මේ වැඩේ කරන්න වෙන්නෙ නෑ...ඉක්මනට කියන්න තමන්ගෙ තරාතිරම කොහොමද කියල...

විවාහ ලේකම් තුමිය ටිකක් තදින් කිව්වා...

සිහි නැතිවෙන තරමට ලැජ්ජාවෙන් මුසපත්වුණු කොල්ල මේසෙ දාරෙ නියපොත්තෙන් සූරන ගමන් බිම බලාගෙන කෙඳිරුවා...

තරමක කෝලිකුට්ටු ගෙඩියක් විතර ඇති නෝන...
  
මගෙ ඉඩං කෑල්ලෙ කෙහෙල් පැළ හිටවද්දි කෝලිකුට්ටු පැළ දෙකතුනකුත් හිටෙව්වා...කෙහෙල් පැළවලට පෝර දාපුවාම බිම වැල්පෙනෙළ පඳුරු වැවිල කොළපාටට සනීපෙට බලන්න ලස්සනයි...

මම මොකද කළේ පෙනෙල වැල් ගොල්ලක් ඇදගෙන ගිහින් බිරිඳට දුන්නා...

මුකුණුවැන්න මිටියකුත් දාල කොටල හෙට උදේට කැඳ හදන්න...

 ඔන්න ඔය විදියට තමයි හැම ඉරිදම උදේ අපේ ගෙදර කොළ කැඳ හැලියක් හදන්න පටන් ගත්තෙ...

උදේට බිරිඳ මට සුදුලූණු බික් දෙක තුනකුත්  දාල හදපු කොළ කැඳ ජෝගුවක් හකුරු කෑල්ලකුත් එක්ක දෙනව...

ඒක ගහල ඇරියාම  ආයෙ දවල් වෙනකල් බඩගිනි වෙන්නෙ නෑ...

ඒ වෙලාවට ගෙදරට යන එන අයටත් කොළ කැඳ සංග්‍රහයක් ලැබෙනව...කොළ කැඳ බොන්න පුරුදුවුණු අපේ මස්සිනාත් ඉරිද උදේට ගෙදර එන්න ගත්ත.

මොන කෑම ජාති හැදුවත් මට ඔය කොළ කැඳ රසට හදන්න බෑනෙ...කොළ කොටල මිරිකල දෙන්න පුලුවන් ඒ වුනාට පදමට කිරි දාල බිරිඳ හදන රස මට ගන්න බෑ.

ඒ වුනාට අපි කොල්ලො කාලෙත් කොළ කැඳ හැදුවා...ඒ කාලෙ අපි ගජ ඉළන්දාරි...

අපි එකතුවුණාම ඔය දැන් ඉළන්දාරි වාගෙ සීය සීය දාල බෝතල් ගෙනල්ල ඉවරයක් නැතුව බිව්වෙ නෑ...

දෙල් කඩල තැම්බුවා...
කොළ කැඳ හැදුවා...




කොල්ලො කට්ටිය ගිහින් අලවත්තෙන් කොළ ජාති කඩාගෙන එනවා...වැඩිපුරම තිබුණෙ වැල්පනෙළ ඉරිමුසු  පොල් පලාත් තැන තැන තිබුණා...පොල් ගෙඩියකුත් අලවත්තෙන් කඩාගෙන එනවා...

වීරෙ එතකොට කඩයක් කෙරුවා අපේ මහ ගේ ඉස්සරහ වෙළෙන් එගොඩහ වීරයගෙ කඩේ කුස්සියෙ තමයි කොළ කැඳ හදන්නෙ...මම ගෙදරින් කැකුළු හාල් හුණ්ඩුවක් අරන් එනවා...

ඒ කාලෙ ඉතින් කොළ කොටන්න ග්‍රයින්ඩර් තිබුණු එකක්යැ...පොල් ගාල කොළත් එක්ක වංගෙඩියෙ දාල කොටල මිරිකල ගන්නව...

මම තමයි කැඳ බාස්...අනික් එවුන් එකෙක්වත් දන්නෙ නෑ කැඳ හදන ක්‍රමේ...දවසක් මරු වැඩක් වුණා.

 එදා උදේ මම ඉස්කෝලෙටද කොහෙද ගිහින් එනකොට දවල් වුණා...කට්ටිය එකතුවෙලා කැඳ හදන්න පටන් අරන්...

කොහොම හරි කොළත් හොයාගෙන පොලුත් කඩාගෙන ඇවිත් ඉස්සෙල්ලම රතු කැකුළු හාල් හුණ්ඩු දෙකතුනක් ලිපේ තියල ගින්දර දාල...

එකෙක් පොල් ගානව තව එකෙක් කොළ හෝදනව එතකොට තමයි මම ආවෙ...

කුස්සියට ගිහින් බලපුවාම තියෙනව බත් හැලියක්... අර රතු හාල් ටික හොඳට ඉදිල හැලියෙන් එකයි බත්...

පොල් ටික ගෑවද බං...

මම ඇහුවා...

ඔව් ඔව් ගාලයි තියෙන්නෙ...

එහෙනං සම්බෝලයක් ගලේ තලපල්ලකො...

ඒ මොනවටද සම්බෝල...

මේ බත් හැලිය දවල්ට කන්න යකුනේ...

එතකොට කොළ කැඳ...



කොළ කැඳ නෙවෙයි තොපිට හදන්න පුලුවන්...මහ එකාගෙ ලබ්බ...මම එනතුරු ඉන්නෙ නැතුව තදියං වෙලා  හදන්න ගියානං කාපියව් බත්...

කට්ටියම මොනවද කාපු රිළව් වාගෙ විරිත්තගෙන බලා හිටිය...

ඔය අයිපෙල් ටවර් එක ළඟ ඉඳන් ගඟ පැත්තට පඩිපෙළ බහිනකොට හරි ගඟ පැත්තෙ ඉඳන් පඩිපෙළ නගිනකොට හරි තියෙන ඉඩ කඩේ චිත්‍ර ශිල්පීන් කණ්ඩායමක් ඉන්නව...යන එන අයව බලාගෙන ඒ අයගෙ පින්තූරෙ ඇඳල දෙනව...විනාඩි කීපයකින් වැඩේ කරනවා...ඒ දවස්වලත් යුරෝ හතරක්ද පහක්ද ගත්තා මට හරියටම ගාණ මතක නෑ දන්න කෙනෙක් ඉන්නව නං නිවැරදි කරන්න...ඔය චිත්‍ර ශිල්පීන් අතරෙ අවංකවම චිත්‍ර අඳින අයත් ඉන්නව චිත්‍ර අඳින බව අඟවන අයත් ඉන්නව...අර චිත්‍රෙ ඇඳගන්න ආපු මිනිහ වරුවක් එතනට වෙලා ඉන්න කැමති නෑනෙ...චිත්‍ර ශිල්පිය මක මකා මහන්සියෙන් අඳින බව පෙන්නනකොට අර මිනිහ චිත්‍ර ශිල්පියට යුරෝ එකක් දීල යන්න යනව චිත්‍ර එපා මහන්සියට මේක තියාගන්න කියලා... ඒක එයාලගෙ ජාවාරමක්ලු.



ඔහොම කට්ටියක් නොත්‍රඩාම් පල්ලිය ළඟත් ඉන්නව කියල මම අහල තියෙනව හැබැයි දැකල නං නෑ. 

96 comments:

  1. කොළ කැඳ නම් මාත් හදනවා... අපි දෙන්නා විතරනේ ඉතිං... කොළ මිටියක් ගෙනාවම දවස් දෙකකට විතර ඇති... ඒත් අ‌ෙප් මහත්තයා එච්චර කැමති නෑ ඕවට.. එයාලගේ ගෙදර නම් කැඳ හදනවා හැමතිස්සෙම.. ඒත් මෙයා බොන්නේ නෑ.. ‌බොරු කර කර ඉඳලා හලලා දානවා... අනිත් එක ගෙදර ඉන්න ඉරිදා දවසට එයා නැගිටින්නේ දවල් 12ට විතර.. ඉතිං ඒ වෙලාවට මොන කොළ කැඳද.... අදත් එහෙමයි ඔන්න.. තාම නිදි.. හි හි...

    ReplyDelete
    Replies
    1. වැල්පෙනෙල කැඳ ටිකක් හදලා දෙන්න පාන්දරම නැගිටලා ඔයාටත් කරදර කරයි.. එක්සයිස් කරන්න... ඒ කිව්වේ මේ ඩිප්ස් ගහන්න...

      Delete
    2. හිහි හිහි

      Delete
    3. නොදරුවන්ට ඔය එක එක කැද හදුන්නල නොදී ඉන්න මාතලන්.
      බැරි වෙලාවත් ඕව හදල දීල මහත්තය කොල්ල නොනිද ව්‍යායාම් කරල මල කෙලියක් වෙනව.
      එයිට පස්සෙ අර හාමුදුරු ගොල්ලො ආධාර දෙන ලිස්ට් එකේ ඉන්න වෙනව.

      Delete
    4. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    5. හම්මෝ මාතලන් මටත් ලැජ්ජා හිතුණා කියපු කතාවට....

      Delete
    6. මා තලන් චීයා ඔයා...

      Delete
    7. වැල්පෙනෙල කැඳ... ? ඩිප්ස් ගහන්න... ?අපේ මහත්තයා....???

      අනේ මගේ අහිංසකයා.... මේ කොරන හරිය මදිවට තව ඕවත් පොවන්න ගියොත් නැන්දම්මා මාව එලෝලම දායි.. මේකි මගේ කොල්ලව මරන් කන්න යනවා කියලා... හි හි....

      Delete
    8. නැන්දම්මට මසල වඩේ හදල හතරට කපල හොද හොද්දක් හදල ඉදිඅප්පන් එක්ක කන්න දුන්නම ශේප් වෙයි දුවේ.
      කැද පොවල මහත්තයගෙ නිදි ගැට කඩල පෙරට එන්න දරුවො.

      Delete
    9. මේ සංවාදය දැකල මට හිනාවයි තංතෝසෙයි වාවන්නෙ නැතුව ගියා...ඒකයි මැදින් පැනල ලියන්නෙ.
      හිරූ...අපේ මහත්තයට පෙනෙළ කොළ කැඳ හදල දුන්නට නැන්දම්ම බනින්නෙ නෑ කියල මට ෂුවර්...නිකං නෙවේ බුදු ෂුවර්... මෝනාලිසා පල්ලා...
      ඕනැනං නැන්දම්ම මෙහෙම කියයි...
      අනේ... දුවේ කොළ මිරිකල මහන්සිද මැණිකෙ...පොඩ්ඩක් පැත්තකට වෙන්ට මයෙ අම්මා මං කොළ කැඳ හැලිය හැඳිගානකල්...
      ඕං ඔහොම කිව්වෙ නැත්නං මගෙ කණ කපන්ට...
      මේ මාතලනා තමයි මේක පටං ගත්තෙ...මටත් කට පියාන ඉන්ට බැරි හැටි අප්පා...ඉතුරු කොමෙන්ටුවලට උත්තර හෙට ඈ.

      Delete
    10. හි හි...
      හි හි...
      හි හි...
      හි හි.

      Delete
    11. ඇනෝ අද මටත් කලින් ඇවිත් හිනාවෙලා... හි හි... ඔන්න අපේ මහත්තයත් මේක බලලා හිනා වෙවී ගියා... “ අනේ ඔයා හදන කොළ කැඳ ” කියලා... හි හි...

      මට ඔච්චර දඟලන්න දෙයක් නෑ අනේ.. මේ එහා පැත්තේ ආයුර්වේදේ හැමදාම ඔය එක එක ජාතියේ කොළ කැඳ තියෙනවා.. පයින්ම දුවලා ගිහින් අරන් එන පරක්කුව විතරයි... හැබැයි ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ වැලපෙනෙල වල ඔහොම ගුණයක් තියෙනවා කියලා... අපේ මහත්තයා දැනගෙනත් හොරා වගේ ඉඳලා... හි හි

      දැන් ඉතිං උන්දැට හම්බුවෙනවා සම්බුව... මට පල් පාට් දැම්මට.... හි හි

      හැලපයියා අපේ නැන්දම්මව දැක්කා වගේ ඔය කියලා තියෙන්නේ සිද්ධිය... හි හි... ඔහොම නැතත් මොන කෑමක් ගැන කිව්වත් හදලා දෙන ජාතියේ එක්කෙනෙක් තමයි අපේ නැන්දම්මා...

      Delete
    12. ඉඳලා හිටලා දූරියන් ගෙඩියකුත් ගෙනත් කවන්න.....

      Delete
    13. ඊට පස්සේ කරදර වැඩි වගේනම් අළු කෙහෙල් හොද්දක් හදලා කවන්න ... සියලු රෝග නිවාරණයි ..

      Delete
    14. මේ සිංගප්පුරුවෙ ඉන්න අපේ කොල්ලො සති අන්තයේ මැලේසියාවට ඇවිල්ලා හොද දූරියන් කාල යන්නෙ...එච්චරටම දූරියන් කන්න කැමතියි...දන්නෝ දනිති.

      Delete
    15. @මාතලන්;
      එක එක සල්ලි වියදම් වෙන කෑම ගැන කියවල පොඩි එවුන්ගෙ පොකට් එකට තට්ටු කරවන්න එපා.
      ජෝ මහත්තය ඔය දුරියන් ඇට හතරක් පහක් හීනියට කපල වතුර ජෝගුවකට දාල පියනකින් වහල නිදා ගන්නව.
      පාන්දර හිස් බඩ පෙති බේරල වතුර ටික බොනව.
      රට හිටපු නිලි අක්කි විතරක් නෙමෙ පාගොඩ ගෙදර ගැට පොලොස් කැඩුනෙත් ඒ වතුර සැරේට.
      උදේ පාන්දර බොන එකනම් කාටත් ප්‍රිය ජනක පානයක් නොවෙ.
      අමාරුවෙන් හරි බිව්වොත් ප්‍රථිපල 100%.
      12හෙ 13නෙ කොල්ලො මේවා බිල අතේ පත්තු කෙරුවට වැඩ කරන්නෙ නැති බව කරුණාවෙන් සලකන්න.

      Delete
    16. දැන් මේකේ පෝස්ට්.... "18+" කියලා දාන්නම වෙනවා...
      නැත්තන් මේ කොල්ලන්ගෙන් කරදරේ...

      Delete
    17. හා හා ළමයි.. මං දූරියන්, අලුකෙසෙල් කතාවල් දන්නවා... පෙනෙල කතාව ගන විතරයි දැනං හිටියේ නැත්තේ.... හි හි...

      Delete
    18. කෙන්ජි මාමෙ...ඔබේ ඔය දැනුම..අසරණ ජනතාව වෙනුවෙන් නොමිලේ බෙදා දෙන සේවාවක් ආරම්භ කලොත් නරකද...දැන් ඉන්න කොල්ලො අතේ පත්තු කරලම නැහෙන්න හදනවා....

      Delete
  2. අපේ ගෙදරත් පොඩි කාළේ ඉඳන් ඉරිදා උදේට කොළ කැඳ නම් වරදින්නෙ නෑ. ගොටුකොල, වැල් පෙනෙල, පොල්පලා වගේම හාතාවාරියා කැඳත් හදනවා. ඔය ගස් එකක්වත් අපි වවපුවා නෙමෙයි, වටේ පිටේ තිබුන ඒවා. හාතවාරිය වැල නම් තිබුනේ එහා වත්තේ. අනික් ගස් ජාති පාර පුරාමත් පාලු වතුවලත්, කැලෑවලත් තිබුනා. එක සැරයක් ඔය කොල කඩන්න ගිය එකෙකුට නයෙක් ගහලත් මරු සීන් එකක් උනා. ඒවා පස්සෙ කාළෙක ලියන්නම්.

    කොළකැඳ කල්චර් එකක් හැදුවේ නම් අපේ කොළකැඳයම තමයි, ඒ කියන්නේ මහින්ද මහත්තයගේ දෑත ශක්තිමත් කරන්න අලි ගාලෙන් පැනලා ගියපු, අද සබරගමුවේ ආන්ඩුකාර වී ජ මූ මහත්තයා. උන්නැහේට මහත්තයා කිව්වට අවුලක් නෑ. උන්නැහේ කරපු මේ සේවයම ඇති. නිවන් දකිනවනම් නිවන් දකින්න. ඊට පස්සෙ රට පුරාම පෙට්ටි කඩ දාලා කොළ කැඳ විකුණන්න පටන් ගත්තා. දේශීය වෛද්‍ය අමාත්‍යන්ශයෙන් උපරිම් බැක් එක දුන්නා. පාර්ලිමේන්තුවටත් කොළ කැඳ ගෙනාවා, දැන් නම් නැතුව ඇති. හැබයි තිබුනත් ඇත්තේ වැල් පෙනෙල කැඳ විතරක් වෙන්න ඇති.

    කෙහෙල් ගෙඩි ගැන නම් කතා ඕන තරම්, ඒත් මම ආසම ගෙසෙල් වර්ගය තමයි සුවඳැල්..

    ReplyDelete
    Replies
    1. එව්වට කව්ද අකමැති

      Delete
    2. සුවඳැල් ලෝලියො පෝලිමක්ම ඉන්නවනෙ
      @අටම්
      අර සුවඳැල් පැලේ දෙනව කියපු මතකද,මම ලබන මාසෙ එනව ඈ

      Delete
  3. කොළ කැඳ මගේ පොඩි කාලෙ ඉඳලම නොහොම මනාප දෙයක් තමයි. ගෙදර හදන්න පුළුවන් තාමත් අර උදේ ඉතුරු වෙන හීල් බත් ටිකට රතු ලූනු ගෙඩියක් කපලා දමලා කිරි ටිකක් දමලා කැඳ කර ගන්න එක..හැබැයි උදේ පාර පැත්තෙ රවුමක් ගහලා එන්නෙම හොඳ කොළ කැඳ එකක් ගහලමයි..සමහර දවසට වැල්පෙනෙලත් නැතුවාමත් නෙවෙයි..

    අද කාලෙ අර පන්සලෙ ගියොත් හාමුදුරුවො "කෝ මහත්තයලගෙ කාලෙ වගේ නෙවෙයි දැන් ආනමාලු, කෝලිකුට්ටු කුනු වෙවී යනවා මහත්තයා" කියලා කියයි නේද අයියෙ ?

    මන් බීපු හොඳම දෙල් කැඳ එක බිව්වෙ මවුන් ලැවීනියා එකේ බ්‍රන්ච් එකකින්.(සූටි නයි පැටියෙක් නේන්නම් !).කුක් ගෙන් ඇහුවා හදන හැටි..ඒ විදියට ගෙදර ඇවිත් හැදුවත් ඒ රහ නම් ආවෙ නෑ. සුවර් එකටම ගුරුමුට්ටිය තියා ගන්න ඇති..

    කවුරු මොනා කිව්වත් අයියෙ උඹ ඔන්න මොනාලිසා බලන්න යනවා හෙම නෙවෙයි ඉක්මනට ! ඉක්මන් කරන්න කියලා කියන පිස්සො කියන එව්වා ගනන් එපා අයියෙ !

    ReplyDelete
    Replies
    1. දෙල් කැද ???මොකක්ද ලොක්ක ඒ???.

      Delete
    2. දෙල් කැඳ කියන්නේ හොඳ කැඳ ජාතියක්, කෙනජි බොන ලොරි කැඳ වගේ නෙමෙයි.

      Delete
    3. http://www.recipegoldmine.com/soupfruit/cream-breadfruit-soup.html
      මේක බලන්න කෙන්ජි..මෙතන මට ඇයි දෙල් කැඳ මතක් උනේ ? හැලපයියා කිව්වනේ දෙල් තම්බලා කොළ කැඳ හැදුවා කියලා..එතනින් තමයි මට ඔය දෙල් කැඳ මතක් උනේ...

      Delete
    4. ඇත්තටම අදමයි ඇහැව්වෙ.පබිලිස් උන්නැහෙගෙ හදුන්වා දීමක්ද?
      විස්තර සැපයුවාට ස්තුතියි Weni.

      Delete
    5. ඔව් කෙන්ජි මේක මහාචාර්‍ය පබිලිස් ගේ එකක් තමයි මයෙ හිතේ..ඒත් ඔය කාලෙ හෝටලේ ප්‍රධාන සූප වේදියා හිටියෙ ජර්මනියෙ කෙනෙක්..

      Delete
    6. දෙල්කඳ හන්දියේ තියෙනවා ලබෙට...

      Delete
    7. අනේ අම්මප වෙනියො දෙල්කැඳ ගැන ඇහුවෙ අදමනෙ,අහල තිබුණෙ දෙල්කඳ ගැන විතරයි

      Delete
  4. ජනකලා කේන්ද්‍රයට හැරෙන තැන උදේට කැද කරත්තයක් තියෙනවා පාර්ලිමන්ට් ට්‍රැක් එකේ ඇවිදින්න එන මිනිස්සු තමා ඕකෙන් කැද බොන්න එන්නේ ,මමත් ගියා ඉතින් උදේක ඔතනින්යන ගමන් කැද එකක් ගහන්න, අනේ වතුර එකක් බිව්වා වගේමයි ....!!!

    ReplyDelete
    Replies
    1. ඔය දුර පලාතක යන කොට පාරේ අයිනේ තියෙන මනුස්සයෙක්ගෙන් බොන්න කැඳ වලට වඩා ඒවාවල මනුස්සකම තියෙනවා...

      Delete
    2. ඉස්සර දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් දාල තිබ්බ කැඳ කඩවල හොඳම ප්‍රමිතියට කැඳ හදල වික්කා,මාත් කැඳ වලට පුරුදු වුණේ ඒ කඩයක් නිසා

      Delete
  5. මෙතන තියෙනවා ඛෙසෙල් ගෙඩි ගැන සඳහනක් දෙතුන් තැණක.

    මට නං ඒකෙන් ඕනැ නං ගන්න පුළුවන් යටි අරුත නම් ඇල්ලුවේ නෑ හැලපකාරයා!

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්...අපිටත් ඇල්ලුවෙ නම් නෑ..ඒත් ඉතින් ඔන්න ඔහේ නොදැක්කා වගේ හිටියා..ඇඹුල්, ආනමාලු සයිස් එක්ක බැලුවහම කෝලිකුට්ටු මීඩියම් සයිස් කියතහැකි නේද ?

      Delete
    2. කෙසෙල්

      (ඒ අස්සේ වැල් පෙනෙලත්!)

      Delete
    3. වෙනි,

      ඔය කෝලිකුට්ටු, ඇඹුල්, සුවඳැල් අස්සේ මොකට ආනමාළු, ඇම්බුං ගැන කතා කරනවාද නේද?

      Delete
    4. කෝලිකුට්ටු , සුවඳැල් ඇතුළට කෙහෙල් මල් ඇඹුලක් එබුවේ ඇයි කකා ..?

      Delete
    5. යටිපෙළ ගැන එච්චර හිතන්න එපා කකා

      Delete
  6. රස්නෙං කැඳ එකක් කිතුල් හකුරු කෑල්ලක් එක්ක බොන්න තියෙනවනං ආයෙ මොකටද උදේට කෑම.

    හොඳ වෙලාවට කෝලිකුට්ටු කිවුවෙ ආනමාලු කියන්නෙ නැතුව.

    මොනාලිසා නං දැම්ම හම්බඋනේ නැතුවට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෝනාලිසා හමුවෙන්න තව කල් ගියාට කමක් නෑ නේද ප්‍රසන්න

      Delete
  7. කොළකැඳ බොන්න ආස උනාට ඔය කඩවල් වල තියෙන කොළකැඳ ගැනනං වැඩි පැහැදීමක් නෑ. ඒවගෙ බත් වෙනුවට තියෙන්නෙ හාල් පිටි.

    ReplyDelete
    Replies
    1. අපෝ කඩවල තියෙන කැඳනම් වැඩක් නෑ

      Delete
  8. මාත් කොළ කැද බොන්න නම් මනාපයි... හැබැයි ගෙදර හදන ඒවා...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි සමනළී,රසට වැල් පෙනෙළ කැඳ ගෙදර හදාගෙන බොනවා

      Delete
  9. //මේව නිකං මේ කැලේට කොළේට හැදිච්චි ඇඹුල් නෙවෙයි...හොඳ කෝලිකුට්ටු...//

    හැලපයිය තමයි හැලපයිය..... හොර ගෙඩියා, හොරෙන්ම දානයක් දුන්නා නේද

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි ඒ දානෙ දීල දැන් අවුරුදු විස්සකටත් කිට්ටුයි

      Delete
  10. තරමක කෝලිකුට්‍ටු ගෙඩියක් විතර ඇති නේ? ඕක අහන්නේ මනමාලයගෙන් විතරද? :D

    ReplyDelete
    Replies
    1. මනාල මහත්මිය මෙහෙම කියනවා ඇති ඊට පස්සේ ලැජ්ජාවෙන් ඇඹරිලා හෙන්රි අයියේ.

      " ඔව් ඒ ගාන එකක් පුළුවන් මයේ හිතේ " :D



      ( මේකේ කමෙන්ට් දකිද්දී මැරෙන්න හිනා යනවා පටන් ගද්දිම මාතලන් කෙළලා ඇරලනේ .මගෙත් හිරි ඔතප් වලට හානි උනා ඒකෙන් :P )

      Delete
    2. ඔව් මචං ඉතිං ගම්පළාත්වලනෙ...හැබෑටම මනමාලිගෙන් ඇහුවනං කොහොම කියයිද

      Delete
  11. ඇත්තටම අර මනාල මහත්තයගේ තරාතිරම මොකක් ඔතොකොට ...?

    ReplyDelete
    Replies
    1. මනාල මහත්තයගෙද මනාල මහත්මියගෙද සහන්

      Delete
  12. http://www.recipegoldmine.com/soupfruit/cream-breadfruit-soup.html

    kenji meaja balanna..dhel kendha..
    weni

    ReplyDelete
  13. //සිහි නැතිවෙන තරමට ලැජ්ජාවෙන් මුසපත්වුණු කොල්ල මේසෙ දාරෙ නියපොත්තෙන් සූරන ගමන් බිම බලාගෙන කෙඳිරුවා...

    තරමක කෝලිකුට්ටු ගෙඩියක් විතර ඇති නෝන...//

    මේ ටික බැලුවට පස්සේ කොච්චර හිනා ගියාද කීවොත් පෝස්ටුවේ ඉතුරු ටික තාම කියෙව්වේ නෑ. මේ හැලපයා මොනවා කියනවද මන්දා. මේවා දැක්කාම කට්ටියට ලැජ්ජා හිතෙයි නේද? :D:D

    හැබෑට අර විවාහ ලේකම්තුමිය අහලා තියන ප්‍රශ්නය මොකක්ද? :D

    ReplyDelete
    Replies
    1. ඔයාට හිනා ගිය එක ගැන නම් නෙවේ..... හි හි

      Delete
    2. මේවා කියවන්නෙ තාම මුකුත්ම නොදන්න චුට්ටිම චුට්ටි කිරි බිල බාගෙට ඇස් ඇරිල ඉන්න බබාලා/බබිලානේ.

      Delete
    3. ඇයි පොඩ්ඩියෙ මම කියල තියෙන්නෙ,තරාතිරම හෙවත් රැකියාව

      Delete
  14. අදමයි ආවේ , පට්ට රහයි නොවැ බොල

    ReplyDelete
    Replies
    1. ඔබේ නම තියෙන ගීතය,අර අප්සරාද සිල්වා කියන්නෙ...ඒ සිංදුවත් පට්ට රහයි

      Delete
  15. //තරමක කෝලිකුට්ටු ගෙඩියක් විතර ඇති නෝන...//

    ඇයි බොලං අපි ජීවත් වෙනවට අකමැතිද..හිනස්සලා මරන්න හදන්නෙ...

    ReplyDelete
    Replies
    1. සිරා ආයෙම බ්ලොග් ලියන්න ආපු එක ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නෙ,
      මතකද මම ලියන්න ගත්ත මුල් කාලෙ මට උදවු කරපු හැටි

      Delete
    2. මම ඉතිං සත්ගුණවත් සිරා කොලුවනෙ අයියෙ...උදව්වක් දෙන්න පුලුවන් හැම වෙලාවකම උදව් කරන්න තමා කැමැත්ත..වර්තමාන ඔබේ සාර්ථකත්වය ගැන මට නම් අප්‍රමාණ සතුටුයි.

      Delete
  16. පොඩි කාලෙ අපේ ගෙදරත් හැම සති අන්තෙම කැඳ හැදෙනව. මට ඒ කාලෙ සුදු ළුණු පෙන්නන්න බෑ. මම ඉතින් සුදු ළුණු බික් ටික ඉතුරු වෙන්න කැඳ ටික බොනව. බීල අර ටික ශේප් එකේ විසි කරනව. අහු උන වෙලාවට අම්මගෙන් බැනුම් කෝටියයි. හැලපෙගෙ පෝස්ට් බැලුවම හැමදාම මොනව හරි කෑමක් ගැන දොළ දුකක් හැදෙනව. අද කුරක්කන් පිට්ටුයි, කිරි හොදියි මතක් කලා :(. දැන් ඉතින් කොහෙන් හරි කුරක්කන් හොයා ගන්න ඕන.

    අර හාමුදුරුවො මොන පලාතෙ කෙනෙක් ද? දකුණු පලාතෙ අය නං මී කිරි රතු බත් එක්ක අනල කනව නේද?

    ReplyDelete
    Replies
    1. කුරහන් සාටකේ දාගෙන උන්නට කුරහන් ගේන්නෙත් පිට රටින්...

      Delete
    2. හාමුදුරුවො අපේ පළාතෙමයි මුහුදු දකුණු පළාතෙ නෙවෙයි,කොහොම පුරුදු වෙලාද මන්දා,
      @මාතලන්
      කුරහන් පිටරටින් ගෙන්නන එක ලාබයි ලංකාවෙ නිෂ්පාදන වියදම වැඩිනිසා

      Delete
  17. අදත් කෑම ගොඩයි නේ. :) කොළ කැඳ වලට නම් මාත් ආසයි.

    ReplyDelete
    Replies
    1. බොමු බොමු වැල්පෙනෙළම බොමු

      Delete
  18. ඇටි කෙහෙල් , කෝලිකුට්ටු , ඇම්බුන් , ආනමාළු , සුවඳැල් ගැන දැනගන්න කොටන්න කියවන්න ජයගන්න ...

    අවවාදයයි ...! ඔබපු ගමන් කෝලිකුට්ටුවක් එනවා ඉස්සරහින්ම . ඒ නිසා පුද්ගලිකව කාමරයේ ඉන්නා අවස්ථාවකදී පමණක් ලින්කුව මත කොටන්න . විකි කියලා නැහැ සියලුම කෙසෙල් වර්ග ගැන එනවා .... පරිස්සමෙන් පරිහරණය කරන්න . කෙසෙල් ගැන අග සිට මුලට සියලුම විස්තර . කොටන්න බලන්න , කියවන්න , දැනගන්න , ජයගන්න .....

    ReplyDelete
    Replies
    1. ආ අපි දැක්ක කෙහෙල් ගොඩ

      Delete
  19. ඇත්තට ඔබා අයියා ගේ හුරුව යස අගේට තියෙනව නේව...

    ReplyDelete
  20. විවාහ ලේකමි අර කොලුවන්ගෙන් තරාතිරම අහපු ගමන් මට මතක් වුනේ පවිත්‍රව.පොලිස් කාරයෙක් දැක්කොත් අහන්නෙම ඔය පුරස්නෙ.
    ඒ ලේකමිත් ඒ වගේ බඩ්ඩක්ද කොහෙද.නැත්නම් අර අහිංසක කොල්ලගෙන් දන්න ඉංගිරිස් වලින් අහන්න තිබුනෙ රස්සාව මොකක්ද කියලනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම බෑනෙ කෙන්ජියො,අහන එක ගරු ගාම්භීරව අහන්න එපායැ එතකොටනෙ ලේකම් නෝනගෙත් තරාතිරමට ගැලපෙන්නෙ

      Delete
  21. වැල් පෙනෙල කෝප්පයක් ගැහුවම කෝලිකුට්ටු තරාතිරම ඇම්බුන් තරාතිරමක් විතර වෙනවා ඇතිනේ...

    මන්නම් මී කිරි කන්න කැමති බතුයි වෑන්ජනයි එක්ක.අපේ සීයා තමයි පුරුදු කලේ.නැත්නම් දැන් කාලේ කොල්ලෝ ඕවා කන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ හසරැල් අත්දැකීම් වලින්ම

      Delete
  22. කොළ කැඳ... අපේ ගෙදරත් ඉරිදට වරදින්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ඉරිදට එනවා... වැල් පෙනෙළ කැඳ හදල තියන්න

      Delete
  23. අනේ මන්ද මුදවපු කිරි එක්ක කිරි හොදි කියන්නෙ හොදි ඕනෙම නැහැ.
    උන් වහන්සේ අම්මගේම වහන්සේ කෙනෙක් වෙන්න ඕන.මම කිව්වෙ නියම උපාසක අම්ම කෙනෙග්ගෙ.
    මුදවපු එල කිරි +කිරි හොදි ,ඒ කියන්නෙ බිරියානි +හලාල් වගේ ඥාන අසාර කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ බං මම කිව්වත් වගේ සැබෑ බුද්ධ පුත්‍රයෙක්

      Delete
  24. අපි නොදන්න මොනාලිසා....!?

    අදනම් සිනා සාගරයයි....,
    අර "තරාතිරමෙ" කතාව බුකියෙ රස කතාවලට දාමුකො...(තවත් අයට රස විදින්න..)

    ReplyDelete
  25. හලපයගේ බ්ලොග් එක ගැන හෙමෝම කතාකලට අද තමයි මේ පෙත්තේ එවිල්ල යන්ට පුළුවන් යන්ට පුළුවන් උනේ.. ජය වේවා... ෆුල් ආතල් ඔයි..

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා,මුස්ලිම් තරුණයෙක් මගෙ බ්ලොගේට ආවමයි

      Delete
  26. අනේ ඉතිං අපෙ හාමිනේ හදන කොල කෑඳ බීවොත් ආයිත් බොන්නෙ නෑ. පොල්කිරි ඕනෙවට වඩා දාන්න හොඳ නෑ ඔයාගෙ කොලෙස්ට්‍රොල් වැඩිවෙයි.. ලුණු වැඩිය කන්න හොඳ නෑ .. ඔන්න ඔය විදිහට බණ කියල අන්තිමට බොන්නෙ කසාය වගෙ.. අලි හකුරු කෑල්ලක් කන්න ගියොත් ඔන්න ඉතිං නැති සීනි හදාගන්න හදනවා කියල කියයි. හෆෝයි.. ලංකාවට ගියාම නැන්දම්මා හදන කොල කෑඳ එකක් බොනකල්..

    ReplyDelete
    Replies
    1. හාමිනේ ආදරේ වැඩිකමටනෙ එහෙම කරන්නෙ සරත්

      Delete
  27. ෂා,හැලපයියේ මේක කියවනකොටම මාරම බඩගින්නක් දැනෙනවා......

    මේ යන විදිය හොදා.....වැඩි කලබලයක් නැතුව...හිමින් සැරේ ගමන යමු......

    ReplyDelete
    Replies
    1. හරි හරි මනෝජ් කිසිම කලබලයක් නෑ

      Delete
  28. මාරයි බොල මැදින් යන සංවාද දෙක.. හිරුව පටන් ගත්තොක් ඒක වැල් පෙනෙර ගානටම ඇදෙනවා. ඇයි කකා මිනිහටත් කෙසෙල් පේන්න බෑ මයේ හිතේ.. කාලෙකින් මෙහෙම දිගට ගලන රහක් හව් උනේ හැලපයියේ. උඹට පින් බං ඇස් චිරි චිරි ගාලා කදුලු පනින්නම හිනා වෙන්න ඉඩ දෙනවට..

    ReplyDelete
    Replies
    1. තැන්ක්යු දේශකයො,උඹ ඉතිං හැමදාම මගෙ කතා රස වින්දනෙ

      Delete
  29. අර කෝලිකුට්ටු කතන්දරේට නම් හිනා ගියා.මම මේ අහුවමද කොහෙද කොළ කැඳ හදන් බිව්ව ගජ ඉලන්දාරියෝ ගැන :)

    ඉතින් ඔය කට්ටිය හැමදාම කොළ කැඳ හැදුවා නම් ඇයි හැලප මාමා නැති දවසේ හාල් තම්බලා තියෙන්නේ?අනිත් දවස් වලට බලන් ඉන්නෙවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නිශාන් අනික් දවස්වල මොනව බල බලා හිටියද කියල...මම ආපු දවසෙ නං බත් හැලිය තමා තිබ්බෙ.

      Delete
  30. හොඳ වෙලාවට ලියනාඩෝ ඩාවින්චි පරලෝ සැපත් වෙලා ඉන්නේ නේද..??

    ReplyDelete
    Replies
    1. හිටිය නං බෙල්ලෙ වැල දා ගනීද...ආදරයෙන් පිළිගන්නව ඔබව මගෙ දුප්පත් බ්ලොගයට

      Delete
    2. හ්ම්ම්... හ්ම්ම්ම්... හොඳා..හොඳා... :-)

      Delete

ඔබේ අදහස්