Monday, May 13, 2013

62.මෝනාලිසා ඉතාලියට


 අපි ඒ දවස්වලම මෝනාලිසා බලාගත්ත එක හොඳට ගියානෙ...මීට පස්සෙ මෝනාලිසා බලන්න ඉතාලියට යන්න වෙනව ඕං...මොකද ඉතාලියෙ ප්ලොරන්ස් නගරයෙන් තදබල ඉල්ලීමක් ඉදිරිපත් වෙනව මෝනාලිසා ඇය ජීවත්වුණු නගරයටම ආපසු ලබාදෙන්න කියල මේ 2013 වර්ෂය ඇතුළතදීම...ඔන්න තියෙනව අදාළ විස්තරය...පරිවර්තනයක් අවශ්‍ය නම් අපේ හෙන්රි බ්ලොක්වෝකර් සහෘදයා සපයා දේවි.

Mona LisaFLORENCE, ITALY – Pressure is building for the return of Leonardo Da Vinci’s famous portrait, the Mona Lisa, to the city of Florence from the Louvre Museum in Paris. A campaign launched by the National Committee for Historical, Cultural and Environmental Heritage together with the Province of Florence has garnered 150,000 signatories petitioning for the return of the painting in 2013.
The return would be of “high historical value, both symbolic and moral,” Committee President Silvano Vincenti said. “The committee has officially submitted a request for a meeting with the new French minister of culture, Aurélie Filippetti. I am convinced that, thanks to the minister’s Italian origins, she will not only respond positively to our request, she will understand its motives,” said Vincenti.
The painting depicts the figure of a woman with an enigmatic facial expression, seated before a visionary landscape, and is seen by millions of visitors every year. The Mona Lisa was stolen from the Louvre in 1911 by robbers dressed as Louvre janitors. It was recovered two years later inside Italian waiter Vincenzo Peruggia’s hotel room in Florence.
The painting was exhibited briefly in the Uffizi and in Rome before it was returned to the Louvre. The committee spearheading the return campaign is also behind the search team that believes they may have found a skeleton belonging to the model, Lisa Gherardini del Giocondo (1469-1542), known as the Mona Lisa. The painting in Italian is called ‘La Gioconda’ after the subject of the portrait. (Ansa)
ඉතිං අපි සේන් ගඟ අයිනෙන් ඇවිදගෙන යනකොට දැක්කා ගඟ අයිනෙ නවත්තල තියෙන යාත්‍රා විශාල ප්‍රමාණයක්...එක එක සයිස්...ගඟේ දුවන පාටක් නං පෙනුනෙ නෑ...හොයල බලපුවාම ඒ යාත්‍රා ක්‍රියාත්මක වෙන්නෙ රාත්‍රී ආපන ශාලා හෙවත් නයිට් රෙස්ටුරන්ට් හැටියට...රාත්‍රියට මේ ආපන ශාලාවල ලයිට් එහෙම ජයටම දමපුවාම බලන්න ලස්සනයි...ඔහොම යනකොට අපි දැක්කා සංචාරකයන්ව ගඟේ රවුමක් එක්ක යන යාත්‍රා සේවයක්...යාත්‍රාව පිරුණාම ගමන ආරම්භ කරනව...හරියට අපේ ප්‍රයිවෙට් බස් වගේ.

අපිත් ටිකට් අරගෙන යාත්‍රාවකට ගොඩවුණා...වැඩි වෙලා ගියෙ නෑ හැබැයි යාත්‍රාව ගමන ආරම්භ කළා...අපේ ප්‍රයිවෙට් බස් වාගෙ කිව්වට හොල්ල හොල්ල පැයක් තියාගෙන හිටියෙ නෑ ඔන්න...විවිධ වර්ගයේ විවිධ හැඩයේ පාලම් එකින් එක පහුකරමින් යාත්‍රාව ගඟ ඉහළට යනවා...ප්‍රංශ ජාතිකයො මොන තරම් කලාකාමී ජාතියක්ද කියල මට හිතුනෙ අපි දකින පාලම්වලට යොදා තිබුණු ලස්සන කැටයම් දැක්කමයි...ගඟ දිගේ උඩට ගිය ගමනෙ පහුකරල ගිය පාලම් ගණන සීයකට වැඩි මිසක් අඩු නෑ....ඒ පාලම්වලින් වැඩිහරියක්ම ප්‍රංශුවන්ගේ කලාකාමිත්වය විදහා දැක්වෙන අලංකාර කැටයම් සහිත ඒවායි.

සේන් නදියෙ නැව්  බත්තල් පවා යාත්‍රා කරනවා...නදිය කොතරම් කාර්ය බහුල වුවත් වතුර හරිම පිරිසිදුයි...අර රෝමෙ තියෙන ටයිබර් ගඟ වාගෙ නෙවෙයි...පස්සෙ දවසක මට රෝමයෙ ටයිබර් නදියෙ යාත්‍රා කරන්නත් ලැබුණා...හප්පා ඒ ගඟ කුණු ගොඩක්...වතුර කොලම කොල පාටයි...දියසෙවෙල්...ඒ අතින් බලපුවාම සේන් ගඟ සුපිරිසිදුයි කියන්න පුළුවනි.

ගඟ දිගේ යන ගමනෙ නැවතුම් පොළවලුත් තියෙනව...අවශ්‍ය කෙනෙකුට ඒ නැවතුම් පොළකින් බැහැල යන්න පුළුවනි...එහෙම නැතිනම් යාත්‍රාව ගමන පටන්ගත්තු තැනටම ආපහු එනව.

සෑහෙන දුරක් ගඟ දිගේ උඩහට ගිය යාත්‍රාව දූපතක් නිසා ගඟ බෙදුනු තැනක් පහු කරගෙන ගිහින් ආපහු එන්න හැරෙව්වා...යන ගමනෙදිත් එන ගමනෙදිත් අපි දැකපු දර්ශනයක් තමයි ගඟ අයිනෙ ආදරයෙන් වෙලිල තුරුළු වෙලා හිටපු පෙම්වතුන් පෙම්වතියන්.

ඔන්න තුරුල් වෙලා ඉන්නව කියපුවම මට තව කතාවක් මතක් වුණා...මේක උනේ බෙල්ජියමෙදි...

දවසක් හවස ගෙදර යන්න ගියපු මිස්ට පෙරේරා ආපහු දුවගෙන ආවා...

අයියෝ...මිස්ට### අර බලන්නකෝ...

මාත් ගිහින් බැලුවා...

ජෝඩුවක් අපේ ඔෆිස් එකේ ඉස්සරහ ජනේලෙට හේත්තුවෙලා බදාගෙන සිප වැළඳ ගන්නවා මෙලෝ සිහියක් නැතුව...

යන්න කියන්නකො අප්ප වෙන කොහාටහරි මෙතෙන්ටම රිංගන්න එන්නෙ...අර අර බලන්නකො දැන් කරන වැඩේ...හැට්ටෙත් ගලවන්න නේද හදන්නෙ...

ඇත්තම නේන්නං...කොල්ල කෙල්ලගෙ බ්ලවුස් එකත් බාගෙට උස්සගෙන...කෙල්ල ඇස් දෙක පියාගෙන...වට පිටේ මොනව වෙනවද කියල උං දෙන්නට ගාණක් නෑ...

මිස්ට පෙරේරා...හොඳම වැඩේ උන්ට උන්ගෙ වැඩේ කරගන්න ඇරල අපි යන්න යන එකයි...මොකද අපි බලාගෙන හිටියයි කියල උං ඔය වැඩේ නවත්තන එකක්යැ...

අපි එළියට බැහැල යන්න ගියා...අපරාදෙ ලයිව් ෂෝ එකක් නොමිලෙ බලාගන්න තිබ්බ අවස්ථාව මිස්ට පෙරේරා නිසා  මගඇරිල ගියා...තව පොඩ්ඩක් හිටිය නං කොල්ල ක්ෂීර පානය කරන ඒ සුන්දර දර්ශනයත් දැක බලාගන්න තිබුන නොවැ.

දවසක් කතාකරද්දි මම ඔය කතාව මනෝජ්ට කිව්ව...මනෝජ් ඒ දවස්වල හිටියෙ රෝමෙ...

ඔහොම තමයි බං මේ යුරෝපෙනෙ...ඒක නෙවෙයි උඹල කවද්ද මේ පැත්තෙ එන්නෙ...

එන්නංකො...ඇයි මොනවද උඹට ඕනැ...

නෑ බං අක්කගෙ පරිප්පු හොද්ද කන්න...

ඌට ඒ දවස්වල පුලුවන් සොසේජ් බදින්න විතරයි...

වරෙල්ලකො නිවාඩුවක් අල්ලල...

අපටත් ඉතාලියට යන්න උවමනාව තිබුණා...බෙල්ජියමෙ ඉඳල ඉතාලියට දෙවිදියකට යන්න පුලුවන්...එකක් ගොඩපාරෙන් අනික උඩ පාරෙන්...

ගොඩපාරෙන් බස් එකේ යන්න ගියොත් දවස් දෙකක් විතර යන්න වෙන නිසා ප්ලයිට් එකේ යමු කියල තීරණය වුණා...රයන් එයාර් බජට් එයාලයින් එකේ...ඉතාලි වගේ ළඟ රටවලට යනකොට යන්න තියෙන්නෙ බ්‍රසල්ස් එයාපෝට් එකෙන් නෙවෙයි චාලරුවා එයාපෝට් එකෙන්...
ටිකට් ඔන්ලයින් ගන්න පුලුවන් වුණත් අපි චාලරුවා ගිහින් නැති නිසා එයාපෝට් එකට යන විදිය බලාගන්නත් එක්ක රයන් එයාර් කවුන්ටරයෙන් ටිකට් ගම්මු කියල දවසක්දා හවස පුතයි මමයි බැස්කියුල් වලින් බස් එකේ නැගල චාලරුවා ගියා...ගමන පැයයි...රයන් එයාර් කවුන්ටරෙන් ටිකටුත් අරගෙන ආපහු එන්න බස් එකට නැග්ගා...


  බස් එක ස්ටාට් කරන්නෙ නෑ...ඩ්‍රයිවර් ළඟ හයි කරල තියෙන ටිකට් දාන මැෂින් එක කැඩිල මාරු සල්ලි එළියට එන්නෙ නෑ...ඩ්‍රයිවර් දන්න විදියට හදන්න බැලුවා...බැරිවුණු තැන ප්‍රංශ බාසාවෙන් බැන බැන මැෂින් එකට ගහන්න ගත්තා...

ඩ්‍රයිවර් මොනවද කියන්නෙ කියල මම පුතාගෙන් ඇහුවා...

ඉස්සෙල්ල ගැහුවා මේක ඉබ්බ වගේ ඉන්නව හෙල්ලෙන්නෙවත් නෑ කියල...පස්සෙ නං කිව්වෙ කුණුහරුප ගොඩක්...

පුතා කිව්වා...

ඉබ්බා කියද්දි මට මතක් වුණේ ඉස්සර අපි කුඹුරු වැඩ කරද්දි ගොයම් කපන කොට එහෙම ඉබ්බෙක් දෙන්නෙක් නොවැරදීම හම්බ වෙනවා...සැරයක් අපේ කුඹුරෙ ගොයම් කපද්දි ගල් ඉබ්බො දෙන්නෙක් හම්බවෙලා උන්ව මුනින් අතට පෙරළල නියර උඩ තියල තිබුණා...

එදා කොළේ පාගල එහෙම බැත රාහි කරද්දි මහ රෑ වුණා...කමතෙ මුරට හිටියෙ අපි දෙතුන් දෙනයි...අනික් උන් ගෙවල්වලට ගියා ආරියි සිරිල් මාමලගෙ ගෙදර හිටපු මහතුනුයි මොකද කළේ ඉබ්බො සුද්දකරල ඉව්ව...ටවුමට ගිහින් පාන් ගෙනත් කාල එහෙම පොඩ්ඩක් නිදාගම්මු කියල පිදුරු ගොඩට පැත්තට ගියා...මම කමතෙ අපි හදල තිබ්බ පැලට ගියා පිනි බාන හින්දා...එහා පැත්තෙ මිනී කනත්ත.
 
 මට දැන් කසු කුසුවක් ඇහෙනව...

වරෙංකො...

මට බෑ...

මම පොඩ්ඩක් ඔලුව උස්සල බලුව හොල්මන් වද්ද කියල...ආරි මහතුවව ඇදං යන්න හදනව...මහතුව කෑ ගහනව බෑ කියල...ආරි කොහොම හරි වදෙන් පොරෙන් මහතුන්ව ඇදගෙන පෙරළගෙන වගේ පිදුරු කන්ද එහා පැත්තට අරං ගියා...

ටික වෙලාවකිං මහතුන් අඬාගෙන දුවගෙන ආවා...

අනේ බලන්නකො අරූ මට කරපු වැඩේ...ඊයා...

උඹ අඬන්නෙ නැතුව ඔය පිදුරු ටිකකිං පිහිදා ගනිංකො ඉවරනෙ...

පිදුරුවලින්...යකෝ කැපුනම මටනෙ ඒකෙත් කරදරේ...ඔය අලුත් පිදුරු බ්ලේඩ් තල වගේ කැපෙනව...

ඉතිං අරූට කියල ඒකත් කරගෙනම ආවනං ඉවරනෙ බොල...මෙතන ඇවිත් මාව කන්න හදන්නෙ...

ආරියට බැන අඬ ගගහ මහතුව ඇළ පැත්තට පල්ලං බැස්සා...

පිහිදා ගන්නව කියපුවාම මට තව කතාවක් මතක් වුණානෙ...

ඔන්න කාලෙකට ඉස්සෙල්ල අපේ ගමේ කොල්ලො කට්ටියක් සිරීපාදෙ ගියා...කටුනායක වැඩට ගියපු ගමේ කෙල්ලෙක් ඒ කෙල්ල වැඩකරන තැන  යාලුවො කට්ටියකුත් එක්ක ගමනට සහභාගී වුණා...

 ගමනට මට සහභාගි වෙන්න වුණේ නෑ මොකද ඒ දවස්වල මට ආලවන්ත කං පාමින් හිටපු කෙල්ලෙක් පොඩි තර්ජනයක් කරපු නිසා...

ඔය චිංචි මානවිකාවො ටිකත් එක්ක එහෙම සිරීපාදෙ ගිහින් තිබුණොත් මම නෑ කියල හිතාගන්ට...

 ඉතිං මම ෂේප් එකේ මග ඇරල නිකං හිටියා...ගමනෙ විස්තර මට කිව්වෙ ඇන්සා...

නඩේ ගමෙන් පිටත්වෙලා නල්ලතන්නියට යද්දි එක කොල්ලට එකා ගානෙ කෙල්ලොත් ලෑස්ති කරගෙන...ඇයි ඇතිවෙන්න කෙල්ලො හිටියනෙ...ජෝඩු ජෝඩු සතුටින් සිරීපාදෙ නැගලා ආපහු බහිද්දි කට්ටියටම මහන්සියයි තෙහෙට්ටුවයි නිසා පොඩ්ඩක් ඇලවෙලා ගිමන් ඇරල යමු කියල සාම චෛත්‍යය හරියෙ ඉඩකඩ තියෙන තලාවක කට්ටිය නැවතිලා...

ඇලවෙනකොට ඇන්සා තමං ළඟ හිටපු මානවිකාවගෙත් ඉහේ ඉඳන් බෙඩ්ෂීට් එකක් පොරවගෙන තමා ඇලවෙලා තියෙන්නෙ...කාටවත් හොයන්න බෑ කෙහෙල් කොට පෙරලුවා හා සමානයිනෙ...

ළඟපාත ගිමන් අරිමින් හිටපු වයසක උපාසක මහත්තයෙකුට මේ බෙඩ්ෂීට් එකේ චලනය දැකල පුෂ්පය හිස් මුදුනෙම විකසිත වෙලා...

තූහ් විතරක් වනචරයො...මුං ඇවිත් තියෙන්නෙ වන්දනාවෙ නෙවෙයි මඟුලෙනෙ...වරෙන් කෙල්ලෙ යන්න...

තමන්ගෙ ගෙදර අයත් නැගිට්ටවගත්තු උපාසක මහත්තය එතනිං යන්න ගිහිං...දැන් කාගෙන් කරදරයක්ද...අඳුරට මුවාවුණු ඇන්සා ලෝඩ් එකකුත් බාගෙන ඒ අව් අස්සෙ...

මානවිකාවගෙම උකුලෙ හිස සතපවගත්තු ඇන්සා මහන්සි ඇරලා...මානවිකාවත් ඇන්සගෙ හිස ආදරයෙන් අතගාමින් හිටියලු...
 
බස් එකට එද්දි ඔලුවෙ අමුතු ගතියක් දැනුණු ඇන්සා ඔලුව අතගාල බලද්දියි දන්නෙ කෙස් එකට ඇලිල තියෙන බව...
 
මානවිකාව ආදරයෙන් හිස අතගාපු එකේ රහස ඇන්සාට තේරිලා තියෙන්නෙ එතකොටයි.
 
මෝනාලිසා ටිකෙන් ටික ඈතට යනව වාගෙ නේද...මොකද ඔයාල හිතන්නෙ.

70 comments:

  1. මම හිතුව ලංකාවේ තමයි හොදම කලාකාමියෝ ඉන්නෙ කියල.
    ලොක්කො ජනතාවට දාන කැටයම් වලට.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි කකාව හොයං රෝමෙට යන්න හදනවලු නේ
      වකපුටේ

      Delete
    2. නලී,මම සුදු මිදී වයින් සමග ඇට නැති ඔලිව් හපන්නේ නැතිව ගිලල [තිත්ත නිසා],රතු මිදී වයින් බිබී එක ව්‍යංජනයකට එක ප්ලේට් එක ගානේ මාරු කරල කාල,තද කළු කෝපි තිත්ත රසයෙන් තොල ගාල නැවත විස්කි බිබී පාන්දර තුන/හතර වෙනකන් තරුණ කාලේ විනෝද වෙච්ච මට ඇනොල ගැන දුකයි.

      Delete
    3. ඒවා ගනන් ගන්න එපා ඔබ කවුද යන්න හොදින් වැටහෙනවා...

      Delete
    4. ඇනෝල කියන කතා එච්චර ගණං ගන්න එපා කෙන්ජි,ඔබ කවුද කියල අපි දන්නවනෙ

      Delete
  2. මානවිකාවනම් අදහන්න වටිනවා. ඇන්සට නියම පරිප්පුව දීලා තියෙන්නේ. ඔය කලබලේට ලෝඩ් බානවා වගේ නෙමෙයි. පස්සෙ තමයි මතක් වෙන්නේ, පිහින්නේ මොකෙන්ද කියලා. අර ක්ෂීර පානය කරන කතාව නම් පට්ටෙ හොඳම එක. මොනතරම් වැදගත් මනුස්සයෙක්ද මේ හැලපේ.

    ඇන්ස කිව්වම මට මතක් උනේ නන්දනයව. ඔය ජේවීපි එකෙන් තුන්ඩු බෙදපු කාලේ බස් නෑනේ පාරේ. නන්දනයා රෑ වැඩ කරලා එනවලු, නන්දනයා හිටියේ හැලපෙ එල්ලේ ගහපු ගල්බොරැල්ලෙ. වරාගොඩ පාරේ උන් විතරක් නෙමෙයි හැම එකාම ඒ කාලේ වාහනයක් හම්බ වෙනකන් ගියේ පයින්. මම අනන්තවත් ඇවිත් තියෙනව්වා, කොටුවේ ඉඳලා ගෙදරටම පයින්. ඕක මොකක්ද අදටත් හැතැප්ම 10-15 පයින් යන ගම් තියෙන රටේ.

    නන්දනයා රෑ වැඩ කරලා පාන්දර වරාගොඩ පාරට හැරුන ගමන් තොරණ හංදියෙදිම අෂෝක් ලේලන්ඩ් බස් එකක් එනවලු. දෙයියෝ දැක්කා වගේනේ. මූ බස් එකට අත දැම්ම බස් එක නවත්තලා. ඇතුලට නැග්ගයින් පස්සෙ එකෙක් ඇහුවලු, ඔයා "ඇන්සල්"ද කියලා. අපේ එකා කිව්වලු නෑ මම නන්දන කියලා, ඒ බස් එකේ හිටපු තව එකෙක්මයි කතාව කිව්වේ. බස් එක "ඇන්සල් කොම්පැනියේ" ඉස්ටාෆ් එක ගෙනියන එකක්..

    "කියන්නෑම්" කොම්පැනියේ කතාව කවුරුත් දන්නවනේ...

    ReplyDelete
    Replies
    1. දන්නෑ දන්නෑ....

      Delete
    2. ඔස්සර ඔය කෙහෙල්මල් කම්පැණීයෙ නම කියවගන්න බැරුව කි දෙනෙක් දැඟළුවද.. බැරිම තැන මං ඒකේ වැඩ කරපු එකෙක්ට කෝල් කරලා තමයි නම කියන විදිය අහගත්තේ... හි හි

      Delete
    3. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    4. නොදන්නා අයගෙත් හිතසුව පිණිස කියන්නෑම් හෙවත් කියන් නෑ මං කතාවත් කිව්ව නං තමයි මාතලනො හොඳ

      Delete
  3. මං හිතන්නේ පහුගිය ටිකත් එක්ක බැලුවම උසස්ම ලෙස පදුර තලපු එක මේක තමා.. හැක්.. පදුරු තලන්නා...

    ReplyDelete
    Replies
    1. මමත් එකගයි සුපිරියටම තියෙනවා....

      Delete
    2. තොපිත් බොහොම මනාපෙන් කියෝනව නොවැ

      Delete
  4. පව් මහතුවට උනේ අර ගහෙන් වැටිච්ච එකාගෙ තුනටියට ගොනා ඇන්නා වගේ කතන්දරයක් නොවැ !
    අයියෙ බොලා කොහෙ කොහෙ ගියත් කමක් නෑ ඕන් මොනාලිසාව එහෙම බලන්න යනවා නෙවෙයි ඕන්..පස්සෙ අපි නරක මිනිස්සුයි කියන්ඩෙපා..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ වෙනී මෝනාලිසා බලන්න යන්න තුන් හිතකවත් අදහසක් නෑ

      Delete
  5. ෂා කථාව කියවන ගමන් කොලපාට බේරේ වෑවේ බොට්‍ටුවක නැගලා කොලඹ සවාරියක් යන විදිහා හිතෙන් ඇද ගත්තා...:)

    ReplyDelete
    Replies
    1. කොහොමද අර වරාය හරියෙ කුණු ගඳ ගගහ යනකොට එල නේද

      Delete
  6. //ඇත්තම නේන්නං...කොල්ල කෙල්ලගෙ බ්ලවුස් එකත් බාගෙට උස්සගෙන...කෙල්ල ඇස් දෙක පියාගෙන...වට පිටේ මොනව වෙනවද කියල උං දෙන්නට ගාණක් නෑ...//

    ඔය කියන ගඟ දිගේ නම් ගියා. මේ වගේ දර්ශන නම් දැක්කේ නෑනේ. මේ හැලපයා මේවා හොයාගෙන යනවා ඇති. :D :D

    ReplyDelete
    Replies
    1. ඔහේ ඉන්නේ පිටරටකද එහෙම නැත්නම් ගිරාඳුරු කෝට්ටෙද? ඇතිනම් බොග දාන්නේ බේල් ක්‍රමේටද..?

      Delete
    2. ශි අපිට මේ වාගේ චාන්ස් වදින්නේ නැති හැටි....

      Delete
    3. @මාතලන්,

      ආ ආ...එයා ඒක දැකලා තියෙන්නේ බෙල්ජියෙමෙදි ලු නේද? කවුද අනේ දන්නේ යනවා කීවට එයා පස්සෙන් යනවා මිසක් දැන් යන තැන් හොයා ගන්ටත් බෑ. හී හී...

      ගිරාඳුරු කෝට්ටේ ඒ වගේ ඒවා නැහැයිලුද මෙයා? :D:D

      Delete
    4. ගිරාඳුරු කෝට්ටෙ මම ගිහිං නෑ නොවැ පොඩ්ඩියෙ,ආපු වෙලාවකවත් ගිහිං බලන්නංකො

      Delete
  7. ඉබි මස් කන්න පුලුවන්ද.. මං අහලා තියෙන්නෙ ඒවා හරි හයියයි කියලනේ... ඒක හරි මොකක් හරි කන්න බැරි හේතුවක් අහලා තියෙනවා කියලා මතකයි....

    ReplyDelete
    Replies
    1. මහත්තයාට හෙම කන්න දෙන්න එපා. ඔයැයිට මැහුම් ගහන්න වෙයි හෙදේ. හී..හී හූ..හී..හී හූ

      Delete
    2. ඉබි මස් කාපු එව්වන්ගේ ඇගේ මස් හයි වෙනවලු ඉන්ජක්ෂන් එකක් ගහන්න බැරි තරමට.

      Delete
    3. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    4. මම දන්න හැටියට කන්න බැරි තරං හයියක් නෑ හිරූ

      Delete
  8. හයියෝ මෙහෙමත් කථා...මොනාලිසා අස්සෙන් ආරියා මහතුවා ව දූෂණය කරලා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ,බලපංකො කොලුවො ආරියා කරපු වැඩේ

      Delete
  9. මේ ඔය සෙන් ගගේ වතුර ලෝකයේ ප්‍රසිද්ද සුවද විලවුන් නිෂ්පාදනයට ගන්නවලු නේද....?
    ලියන්නකෝ ඒවා ගැනත් විස්තර ටිකක්...

    ReplyDelete
    Replies
    1. හොයල ලියන්නම් මනෝජ්

      Delete
  10. හරිම වල් හැලපයියෙක් ඔයානං..... බලන්න අර ලෝඩ් එක

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බලන්ඩ අප්පා මේ අපූරු ළමයි නරක් වෙන හැටි

      Delete
  11. මොනාලිසාටත් අතවර කරයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. මේ යන විදියටනම් එහෙමත් වෙයි කියලා හිතෙනවා... :D

      Delete
    2. හා දෙන්නම බලාගෙන ඉන්නෙ ඒක වෙනකල්ද

      Delete
  12. ඔය කියන ගඟ දිගේ යනකොට එක පාලමක් තියෙනවා ආදරවන්තයින්ට නම් කරපු.. ඒක යටින් යනකොට පැතුමක් කලොත් ඒ කෙනාට සහකාරියක් ලැබෙනවාලු.. මං ගියේ අපේ පාඨමාලාව කල කශ්ටිය එක්ක .. එතකොට මට කවුරුත් හිටියෙ නෑ.. මුන් ටික ඔක්කොම එකතුවෙලා මං වෙනුවෙන් කල ප්‍රාර්තනාව මං ගෙදර ඇවිත් මාසෙන් පල දැරුවානෙ.. අන්න පලේ අතුරුපලත් එක්ක අපෙ ගෙදර ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සරා අයියේ.. මේක තමයි දවසේ කොමෙන්ටුව..
      පත්තර මල්ලි

      Delete
    2. සරත් අයියෙ ඒ පාලම යටින් යන්න මටත් හිතෙනවා අප්පා..කලවයසත් දැන් හරි...

      Delete
    3. අනේ අම්මප සරත් මම ඔය කතාව දන්නෙ නැති හැටි,හැබැයි මම නං ගියෙ හැලපිත් එක්කමයි

      Delete
    4. ලවර්ස් බ්‍රිජ් කිවුවම නොදන්න කෙනෙක් නැ. ගූගල් කරන්නකො

      Delete
  13. හැලප මාමා අපිව නරක් කරනවද මන්දා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ අනේ රජෝ,බොලාගෙ ආයෙ මොනව නරක්වෙන්නද

      Delete
  14. /* පස්සෙ දවසක මට රෝමයෙ ටයිබර් නදියෙ යාත්‍රා කරන්නත් ලැබුණා...හප්පා ඒ ගඟ කුණු ගොඩක්...වතුර කොලම කොල පාටයි...දියසෙවෙල්.../

    ටයිබර් ගඟේ බෝට්ටු ගමන නවත්තලා සංචාරක කොම්පැනිවලින්. ඒ තරමට ජරාව.

    මේකට එක හේතුවක් 1905 දී ගඟ මහ මුහුදේ කොටසක් ලෙස නම් කරලා තිබීමලු. ඒ නිසා නගර සභාවට ගඟ අයිති නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් කකා එතකොට ගඟට වෙන්නෙ මොකක්ද,බෝට්ටු සේවය නැවැත්වීම දැනුවත් කිරීම ගැන ස්තූතියි...අපි ටයිබර් ගඟ දිගේ ගියෙ 2006 මම හිතන්නෙ...එතකොට ගඟ දිගේ ගිය අවසාන කණ්ඩායම ගියෙ කොයි අවුරුද්දෙද

      Delete
  15. කතා අස්සේ කතා :)
    ඉබි මස් ගැන නම් අහලා තියෙන කතා හරිම අප්‍රසන්නයි.ඉබ්බෙක් මුනින් අතට හරවලා කට්ට අස්සට ලුණු වතුර ටිකක් දැම්මම ආයේ ජීවිතේට ඒක දකින කෙනෙක් ඉබි මස් කන්නේ නැතිලු!

    අන්තිම කතාව හයියෝ සල්ලි :D

    ReplyDelete
    Replies
    1. නිශාන් මම දන්නෙ නෑ ඉබ්බව මුනින් හරවල ලුණුවතුර දදා වද දෙන්නෙ මොකටද කියල

      Delete
    2. ඉබ්බාට ඒක වදයක් නෙවේ ඒත් උගේ ඇඟ ඇතුලේ ඉන්න කිනිතුල්ලෝ ලුණු වතුරට එලියට පනිනවලු.ඒක හරිම අප්‍රසන්න දර්ශනයක් :)

      Delete
  16. අර ගෑණු ලමයා ගාමන්ට් එකේ දෙන්නෙත් අත්වැඩද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති නේද අකලංක

      Delete
  17. ඉබ්බා ගැන කිව්වම මට මතක් වුනේ ඉස්සර අපේ මොන්ටිසෝරියේ පොකුණක් තිබ්බ. ඕකේ හිටියා ඉබ්බෙක්..... දවසක් ඌ නැති වෙලා කට්ටිය දමා ගෙන හෙව්වා.... අන්තිමට බැලින්නම් ඌ පන්තියක් අස්සේ හැංගිලා ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි සමනළියේ,ඔයාට මොන්ටිසෝරියෙ කතාත් හොඳට මතක තියෙනවනෙ...ඔයා මොන්ටිසෝරි ගියෙ කොයි අවුරුද්දෙද.

      Delete
  18. ගමක කොල්ලෙක් වෙලා ඉඳලා ඉබි මස් කාලා නැතිනම් ඇති වැඩකුත් නෑනෙ හැලප අයියේ. ඒ දවස්වල සතියකට වතාවක් හෝ දෙකක් අපි ඉබ්බන්ව පාගන්න කුණු ඇලට යනවාමයි. කුණු ඇල කිව්වට ඇත්තටම ඒක කුඹුරු වල වැඩි වතුර බස්සන්න තියෙන කුඹුරු අයිනෙන් ගලාගෙන යන සෑහෙන ප්‍රමාණයක දිය පාරක්. මඩවලින් පිරිලා. මේ මඩ අස්සේ ඉබ්බො වැහි වැහැලා. හවස හතරට විතර ගෙවල් වලින් පිටත් වෙන අපි රෑ හත අට වෙනකම් ඉනක් වතුරේ බැහැගෙන ඉබ්බන්ව පාඟනවා. වතුර අස්සේ මඩගොඩේ කකුල් වලට තද දෙයක් අහුවුණු හැටියේ මඩට තදකරලා උරිස්ස වතුරෙ ඔබාගෙන කකුලෙන් පාගාගෙන ඉන්න ඉබ්බා හෙමිහිට අත් දෙකින්ම අල්ලා ගන්නවා. සමහර වෙලාවට කිලෝ හත අට බර ඉබ්බන්ව අහුවෙනවා. කොහොමත් රෑ වෙනකොට සෑහෙන ඉබ්බන්ව ප්‍රමාණයක් කොටුකරගෙන හමාරයි. ඇත්තටම මේවා කොලු කාලේ කරපු වැඩ. තරුණ මදයෙන් මත්වෙලා හිටිය කාලයේදී කරන මේවගේ දේවල් ගැන බරක් පතලක් එදා අපිට තිබුණේ නෑ. කොහොම වුණත් ලේසියෙන් ලබන්න බැරි අත්දැකීම් ගණනාවක් ලබා ගන්න මේ වගේ වැඩ හේතු වුණා.

    ඉබි මස් කෑවාම ඇඟ හයිය වෙනවා කියන කතාවේ සැබෑ තත්වය මොකද්ද කියලා නම් මම දන්නේ නැ. නමුත් අපි අතරෙත් එහෙම පිළිගැනීමක් තිබුණා. අපේ පන්තිවල හිටියා අජිත් ජයසිංහ කියලා මිත්‍රයෙක්. මේකා හැමදාම වාගේ ඉබිමස් කනවා කියන එක බොහෝම කුප්‍රකටයි. මුටත් මේ ඉබි මස් කතාව හරි ලොකු දෙයක් වෙලා තිබුණේ. ඒ කාලේ ඉස්කෝලවලට ඇවිත් සෞඛ්‍ය නිලධාරීන් සමහර එන්නත් ලබාදීමේ වැඩසටහන් තිබුණා. තාමත් ඇති මගේ හිතේ. ඒ කාලේ මේ එන්නත් විදින දවස් වල පන්තියේඑ ලොකු ලොකු අයියිලා හැමෝම සැලෙන්ඩර්. අපේ අජියා ගෙ දවස තමයි එදා. මූට හැමදාමත් එකපාර බෙහෙත් එන්නත් කරන්න ගිහින් හෙද නිලධාරිනියෝ එන්නත් කටු කිහිපයක්ම වියදම් කරගන්න්වා. මොකද අනින අනින පාරට කටු නැමෙනවා. අජිතා නම් කිවේ ඉබි මස් වල හයියටයි එහෙම වෙන්නේ කියලා. එදාට ඉතින් පන්තියේ කෙල්ලෝ ඉස්සරහින් මූ යන්නේ අඩි දෙක තුනක් උඩින්.

    ඉබ්බෝ ගැන කියනකොට නොකියාම බැරි ජනකතාවකුත් තියෙන්වා නේ. ඒක නම් ගොඩක් අය දන්නවා ඇති. තරුණකාලෙ පුරාම ඉබ්බො මරාගෙන මස් කාපු මනුස්ස්සයෙක් කාටත් පොදු ගමේ ධර්මතාවය අනුව වයසට ගියාට පස්සේ උපාසක මහත්තෙයෙක් උනාලු. දවසක් මුන්දෑ පන්සලට යනකොට දොළ පාරක් අයිනේ තරුණ කොල්ලෝ වගයක් ඉබ්බෙක් මරාගෙන මස් කරන්න ලෑස්තියි ලු. නමුත් මේ තරුණ සෙට් එක වැඩේට තාම ආධුනික පාටයි. ඉබ්බව මස්කරන්නේ කොහොමද කියලා මුන් ටික දන්නේ නැ. උපාසක මහත්තයා යන්කොට මුන් ඉබ්බව පුච්චන්න හදනවා. නමුත් වැඩෙ කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ. උපාසක වුණත් අපේ කතා නායකයටත් ඉන්න බැහැලු වැඩේ බලාගෙන. ප්‍රාණගාතේ නිසා නෙවැයි. මුන් වැඩේ හරියට නොකරන නිසා. උපාසක නිසා උපදෙස් දෙන්නත් බෑ. අන්තිමට මේ උපාසකයා කොල්ලන්ට ඇහෙන්න මෙන්නෙ මෙහෙම කියාගෙන ගියාලු.
    --අපිට මොකද අපි අටසිල් උපාසක, ඉබ්බන්නේ පුච්ච්න්නේ අනිත් පිට-

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉන්නවා අපේ කණ්ඩායමේ කෙනෙක්,හැබෑටම රතු මට ඔය කවිය ලියන්න තැනක් නැතිවුණා...ලිව්වට ස්තූතියි.

      Delete
  19. පරිවර්තනය කරන්න අවශ්‍ය වෙලා නෑනේ.

    මම නම් කියන්නේ මොනලිසා ඉතාලියේ තියෙන එක තමයි හරි. ම්ම්ම්... උතුරේ, හරි? දකුණු ඉතාලියේ නෙවෙයි. හික්ස්.

    කතා වැලයිනේ. හෙයා ජෙල් ඇඩ් එකකුත් තියෙන්නේ! strong hold වගේ.
    :D

    ReplyDelete
    Replies
    1. වතුර ටිකක් අත් දෙකේ තවරගෙන වියලුන තේ හැදී දෙක wet කරලා අරගෙන කොන්ඩෙ පීර ගත්ත නම් ඉතිං strong hold ම තමා.

      Delete
    2. සුපිරිම හෙයා ජෙල් එකක් මචං...උඹට එහෙම අත්දැකීමක් නැතුව ඇති මගෙහිතේ

      Delete
    3. අනේ ඔය ජෙල් එක ඔලුවේ නම් ගාලම නෑ මචං. :D

      Delete
  20. අදනම් XX මට්ටමේ....(ජවනිකා තුනක්ම තියෙනවා)

    ReplyDelete
    Replies
    1. ඇඩල්ට්ස් ඔන්ලි සුමිත්,මේ යන විදිය හොඳද

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ඉබ්බාව සේට් කරගන්න( මස් කරගන්න )අමාරුයි මිසක් ඉබ්බාගෙ මාලු නම් නියමයි ඔය අපේ පැත්තෙ කුබුරු හාද්දි ට්‍රැක්ටර් වලට අම්බානක ඉබ්බො අහුවෙනවා අහු උනාට පස්සෙ ඉතින් හොද්දට තමයි
    හැලපයා මාම නම් ඒ පැත්තෙ ඇවිත් ඉබ්බො එහෙම කාලත් ඇති මගෙ හිතේ

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නව කැරලිකාරයත් මගෙ බ්ලොගයට.
      ඔය කියන්නෙ කොයි පළාතෙද කිව්වනං

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. අපි මේ කතාවේ නම වෙනස් කරමුද හැලපේ...??

    ReplyDelete
    Replies
    1. කියන්න බලන්න කොහොමද කියල

      Delete
  25. ඇවිල්ල කියවන්න බෑ කියලා ලියල ගිය හින්දා ඔන්න මං පාටත් වෙනස් කලා. බලමුකො දැන්වත් කියවයිද කියලා.

    ReplyDelete
  26. ඔන්න ටිකක් පරක්කු වෙලා වුනත් කියෙව්වා.

    ReplyDelete
  27. GREAT article
    www.imperialyalasafari.com

    ReplyDelete

ඔබේ අදහස්