Friday, May 10, 2013

60.හිල නොමැති හෙවත් මසල වඩය නිර්මාණය කර ගැනීමේ කථා වස්තුව




අපි මොනාලිසා බලන්න යන ගමන කඩාගෙන බිඳගෙන යන එකේ දැන් කාට කාටත් මහන්සි ඇති...ඒ හින්ද පොඩි බ්‍රේක් එකකට කාලය ඇවිත් කියල මට හිතෙනව...අපි නිවාඩුව මසල වඩේ එකක් කාල කහට තේ කෝප්පයක් බීල යන්නයි අද හදන්නෙ.




ඉස්සෙල්ලම බලමු වඩේ එක හදන හැටි...අවශ්‍ය ද්‍රව්‍ය මේවයි...
කඩල පරිප්පු
අමුමිරිස්
රතුළූණු
කරපිංච
රස අනුව ලුණු
බැදගන්න තෙල්

ඉස්සෙල්ලම කඩල පරිප්පු තමන්ට අවශ්‍ය ප්‍රමාණය වතුරට දාල පැය පහක් පමණ පෙඟෙන්න තියන්න...ඊට පස්සෙ පරිප්පු ටික ගොඩ තියල වතුර බේරෙන්න ඇරල ග්‍රයින්ඩර් එකේ අඹරගන්න...මේ අඹරාගැනීම හරි වැදගත්... වඩේ හදන්න අඹරන්න ඕනැ කෑලි වශයෙන් පිටිවෙන්න අඹරන්න බෑ එතකොට රස නෑ නමුත් නමුත් කෑලි වශයෙන් අඹරගත්තොත් වඩේ එක බැදෙද්දි ලෙහෙන්න බලනව.

ඒ ලෙහීමේ අවදානමෙන් බේරෙන්න අපි මෙන්න මේ විදියට පරිප්පු ටික අඹරගම්මු...

පරිප්පු ප්‍රමාණයෙන් 3/4 ක් කෑලි වශයෙන් අඹරගෙන ඉතිරි 1/4 පිටිවෙන්න හෙවත් සංසාර කුඩුවෙන්න අඹරගන්න...දැන් කෑලි සහ පිටි තලපය මිශ්‍ර කරන්න...ඒ විදියට කලහම අපට ලස්සනට වඩය නිර්මාණය කරගන්නත් තෙල් තාච්චියෙදි ලෙහීමේ අවදානමෙන් බේරෙන්නත් හැකිවෙනවා.

ඊළඟට මේ පරිප්පු කෑලිවලට සිහින්ව කපාගත් අමුමිරිසුත් රතුළූණුත් කරපිංචත් රස අනුව ලුණුත් එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් අපි මසල වඩේ බැදගන්නටයි සූදානම...



                                                           මේ තමයි මිශ්‍රණය...




                      හොඳින් අත තෙමාගෙන මිශ්‍රණය ගුලියක් හදාගන්න...



                             අල්ලෙන් තදකර වඩයක් බවට පත්කරගන්න...



                                         උතුරන තෙලට ප්‍රවේශමෙන් දමන්න...



                                          රන්වන් පාට වනතෙක් බැදගන්න...



                                                                 ලස්සනයි නේද...

මසල වඩේ නිකම්ම කෑවත් අමු සම්බෝලයක් එක්ක කෑවත් රසයි...දන්නවනේ අමු සම්බෝලය හදාගන්නා ක්‍රමය.

පොල් අමුමිරිස් රතුළූණු ලුණු වතුර ටිකක් දමා එකට අඹරාගෙන දෙහි ඉස්ම ටිකක් මිරිකාගන්න එක පමණයි.
එහෙනම් මෝනාලිසා සමග නැවත හමුවෙමු.
මිශ්‍රණය සූදානම් කළේ හැලපි
ඡායාරූප අනුග්‍රහය හැලපැට්ටා



63 comments:

  1. මසල වඩේ, පරිප්පු වඩේ ඊළඟට උම්බලකඩ වඩේද...? මචෝ කොළබ තියෙන හැම බාර් එකක් ළගම වගේ, බඩේ වදින, සමාවෙන්න වඩේ බදින, වඩේ විකුණන කරත්තයක් තියෙනවා. පරිප්පු වඩේ එකටම තමයි මැද්දට උම්බලකඩ කෑල්ලක් දාලා දුන්නේ. දැන් ඒවා නෑ. මොකෝ උම්බලකඩ කෑල්ලක් දැම්මොත් වඩේ එක විකුණන්න වෙන්නේ පාන් ගෙඩියක ගානට. මට මචෝ මේ වඩේ එකට වඩා වටින්නේ මුං එළු බෙටි තරමට වඩේ හදන කලාව. බලාගෙන ඉන්න ලස්සනයි. ඉස්සෝ වඩේ එකත් නැගලා යනවා බයිට් එකට.

    අපේ ගෙදර ඕවා හදන්නේ නෑ . මොකෝඅ ගෙදර අය සයිවර් වලට කැමති නෑ. ඒ නිසා කඩෙන් ගෙනත් තමයි කන්නේ. හිතුනොත් කඩේ ඉඳගෙනම කනවා. කොළඹ තියෙනවනේ දැන් තරු පන්තියේ තෝස කඩ හිටන්. මම නම් ගන්නේ පිටකොටුවෙ කඩේකින්. මුදලාලි එන කොටම දන්නවා වඩේ ගෙනියන්න එන්නේ කියලා. එහෙම එක තැනක් අල්ල ගත්තම වාසි ගොඩාක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචං එකම තැනකින් ගන්නකොට තියෙන විශේෂ වාසිය

      Delete
    2. දෙන්නේ කොලිටිම ඒවා.
      හදිසියකට ණයට ගන්න නෙමෙයි අතමාරුවක් උනත් කොර ගන්න පුළුවන්.
      සමහර වෙලාවට තියෙන ඒවා දෙන්නේ නෑ, උදේ ඒවා කියලා, රවුමක් ගහල එන ගමන් එන්න කියනවා.
      අනික දන්න එකෙක් එක්ක ගියාම, උන් හොල්මන් වෙනවා.
      මට මේ කඩේදි සර්විස් එක දෙන්නේ මුදලාලි. ඒ කියන්නේ සාම්බාරු බාල්දිය උස්සගෙන එන්නේ මුදලාලි.
      ප්ලේන්ටිය නොමිලේ...

      Delete
    3. එළකිරි...මාවත් එක්ක පළයං හරිද

      Delete
    4. මේ කතාව ඇත්ත.ලෙවල් තැන් වලට ගිහිල්ල සෝමාරි වේටරයකු අපිට අහුවෙලා,අපිට පස්සෙ ආපු එව්වන්ට කෑම ගෙනියන ඇක්ටිව් වේටරයො දැක්කම මල පනිනව.මුදලාලිල වුනත් කවුන්ටරෙන් බැහැල ඇවිත් නිතරම එන ආර පාලුවන්ට බෙදන්නෙ නැහැ.මේ දර්ශනය පිට පලාත්වල ඉස්සර නිතර ගිය මම ලැබුව.

      Delete
    5. මරදානේ ධවලගිරියේ දි මේ අද්දැකිම් ලැබ ඇත මෙයිට අවුරුදු විස්සකට වඩා ඉහත කාලයේ දි. දැන් නම් ඒ කිසිවකු නොහදුනනමි.ඒ වගේම චෙන්නායි සයිවර් පාරක් දානවා නම් දැන් නියම තැනක් තමා බුද්ධි කීර්තිසේන උන්නැහේගේ මාතුරා හා මරදානේ සිනේ සිටි අල්ලපු තැන... එතැන්වල බඩු සුපිරි ඉන්දියන්ම තමා කෙන්ජියෝ

      Delete
  2. මේක හැලප කඩේ ද නැත්නම් වඩේ කඩේ ද ...

    ReplyDelete
    Replies
    1. කැමති නමක් දාගෙන කාපන්

      Delete
  3. දාන රෙද්දක් උදේට දාපන්කෝ. හවහට කඩේ පැත්තෙන් එන්න.

    බැදිච්ච රතු ළුණු කෑල්ලක් පැණි රසට හැපෙන කොට කොහොමද? කොච්චි කරලකුත් ඒ අස්සේ කැවුනම.....

    ඉස්සෝ වැඩේ කියන්නේනම් ඉස්සවා අලෝලා හදන එකට. උම්බලකඩ වඩේ කියන්නේ මැද්දට උම්බලකඩ දාන එව්වට. උළුඳු වැඩේට පොඩ්ඩක් පොඩි වැඩේ තියෙනවා. ඒවා හොඳයි බද පුරෝගන්න. මැද ටිකක් අමු ගතියක් තිබුණත් රසයි. ඔච්චර පොඩි එව්වා හොඳට හැපෙනවා. මාතලන් කියපු බෝල වඩේ හොඳ බයිට් එකට. කර කර ගාලා හැපෙනවා.

    අපිනම් වෙලාවකට රතු පරිප්පු වලිනුත් වැඩේ හදනවා. ඉස්සෙක් දාලා බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. උදේට දාන්න අමාරුයි අකමො වැඩ ටික ඉවරකරනකොට හවස් වෙනව.ඔව් ඔව් රතු පරිප්පු වලිනුත් වඩේ හදාගන්න පුළුවනි,ඕනැනම් ඊළඟට ඒක දාන්නම්.

      Delete
    2. බලාගන මාතලන් බනී...( විහිලුවට ඒකා අවුස්සන්නේ හොදම දෙයක් ගන්න). ඒකා

      Delete
  4. ඕකට අපි කියන්‌ෙන් පරිප්පු වඩේ කියලනේ... උළුදු වඩේ වලට වඩා මම නම් ආස ඕවට... අර කඩල පරිප්පු අඹරන විදිය කියපු එක නම් හරි වටිනවා.. හැමදාම මට වෙන ලෙඩක් තමයි වඩය කෑලි වලට කැඩෙන එක තෙලට දාපු ගමන්.... මං හිතං හිටියේ මම උම්බලකඩ පොඩි කෑලි ටිකක් දාන හින්දා වෙන්නැති එහෙම වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. සතුටුයි හිරූ ඔයාට ප්‍රයෝජනයක් වුණු එක

      Delete
  5. මේ හලෝ....අපේ පැත්තේ ඇවිල්ලා දැන් හොදද කියලා බැලුවනං

    ReplyDelete
    Replies
    1. අනේ හැලපයියේ උඹට හැමදාම උදව් කළ මේ අහිංසකයව බලල එන්න පලයං.. මූ ඉන්නේ හරිම දුකෙන්.

      Delete
    2. ගියා ගියා නලීන් උගෙ බ්ලොගේට ගිහිල්ල බලලයි ආවෙ

      Delete
    3. එළ එළ හැලපයියේ මාත් ජෝකක් දැම්මේ..

      Delete
  6. හා හා එහෙනම් කහට කෝප්පයක් බීලම ඉඳීමු කො. :)

    මේ වඩේ නම් කන්න ලැබෙනවා කට පිච්චි පිච්චි. හවසට බාර් ලඟ හදනවා නේ. හැබැයි ඉතින් එවා හරි පොඩියි. ඒත් හදන අයට මාර බිස්නස් එකක් තියන්නේ. ගෙදර හදා ගන්නවා නම් පිරිසිදුකම ගැන අවුලක් නෑ.

    හැලප සෙට් එකට ස්තුතියි..!!

    ReplyDelete
    Replies
    1. වඩේ පොඩි උනාට ගණං නේද චන්දන

      Delete
  7. කට්ටිය හොඳ කුක්ල ටිකක් වගේ. සමාජ සේවයට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ තරුරසී,උයන එක අපේ විනෝදාංශයක්නෙ

      Delete
  8. Replies
    1. ඊළඟට තේ හදන හැටි දාන්නං නාඩියො

      Delete
  9. ඔක්කොම හරියට කියලා දීලා ඒත් තේ හදන්නේ කොහොමද? :(
    :D:D:D

    ReplyDelete
    Replies
    1. තේ ඕන නෑ. අප්පච්ච්ගේ එවලින් පොඩි ෂොට් එකක් දානවා. නියම බයිට් එක....

      Delete
    2. ඔය මාතලන් කියල තියෙන්නෙ පොඩ්ඩියෙ

      Delete
    3. අමෙරිකාවේ කේක් කැල්ලක් කාලා වයින් උගුරක්නේ ගහන්නේ පොඩ්ඩියේ

      Delete
  10. ME RECIPE EKA KOI THARAM PRAYOJANA WATHDA, OYA PUKA. CHO JEE PADA AADIYA GENA NOLIYA MEHEMA POST KOPAMAN WATINAWADA.

    ReplyDelete
    Replies
    1. ආ මේ අපේ කැපිටල් ඇනෝනෙ,ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා.
      අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

      Delete
  11. කොහොමද ලාවට වැනි වැනි , මුදූ හුළඟ වැදී වැදී , ..ගෝල් පීස් එකේ අයිනක , වඩේ කාරයෙක් ගෙන් අරන් , හිමින් හපනකොට

    ReplyDelete
    Replies
    1. සැප කණේ නේද ජේ පී

      Delete
    2. වඩේ වගේද තම්ඹපු කොස් ඇටේ. නානගේ බාබක්‍යු පාර

      Delete
  12. හැලපයියේ වඩේ බදිනකොට අඩුවෙන් බදින්න ඕන.. අර වඩේ බදින අත කාගෙද හැලපක්කිගේ ද?...පිටි සකස් කරගන්න විදිය තමා ඉතාම වටින්නේ.

    ReplyDelete
    Replies
    1. අඩුවෙන් බැදල කන්නකො නලීන්,වඩේ හදන ගොරහැඩි අත නම් හැලපයා වන මගෙයි.

      Delete
    2. තම උත්සාහයෙන්ම සියලුදේ ලැබිය හැකි පුද්ගලයකුට පිහිටන ආකාරයේ සටහන් වඩය අස්සෙන් දුටිමි.

      Delete
  13. \\\පරිප්පු ප්‍රමාණයෙන් 3/4 ක් කෑලි වශයෙන් අඹරගෙන ඉතිරි 1/4 පිටිවෙන්න හෙවත් සංසාර කුඩුවෙන්න අඹරගන්න...දැන් කෑලි සහ පිටි තලපය මිශ්‍ර කරන්න...ඒ විදියට කලහම අපට ලස්සනට වඩය නිර්මාණය කරගන්නත් තෙල් තාච්චියෙදි ලෙහීමේ අවදානමෙන් බේරෙන්නත් හැකිවෙනවා.***

    තේරුණේ දැන් තමයි.තැන්කුයි ඔයාට...

    ReplyDelete
    Replies
    1. දැන් හරිනෙ සහන්,එහෙනම් හදමු.

      Delete
  14. හොඳයි හොඳයි මොනාලිසා බලන්න යන ගමං වඩයක් කාල ෂොට් එකක් දාගෙනම යමු.
    හැබැයි ඕකට අමු මිරිස් නෙමෙයි හොඳ කොච්චි මිරිස් කරල් ටිකක් දැම්මනං තමයි නියම ගතිය එන්නෙ.

    ReplyDelete
    Replies
    1. හීනි කොච්චි තමයි ඕකට හරියන්නෙ ප්‍රසන්න,ගමේ ගස්වල නං ඕනැතරං

      Delete
  15. මම වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ හිටපු කාන්තා පාර්ශවත් ඔය වඩේ ජාති දෙකට කියන්නේ ගෑණු වඩේ සහ පිරිමි වඩේ කියලා බං.

    ReplyDelete
    Replies
    1. ඇයි හෙන්රි සෝයා මීට් වලත් ගෑණු පිරිමි කියල ජාති දෙකක් තියෙනවලුනෙ,මට දවසක් කඩේදි පෙන්නුව ඉළ නෑ හිනා ඒක දැක්කහම

      Delete
    2. සේරටම මුල හිල

      Delete
  16. අපි කියන්නෙත් ඕකට පරිප්පු වඩේ කියලානේ....

    හරි,හරි වඩේ කලා,හකුරු කැල්ලක් එක්ක ඉගුරු දාපු දුම්දාන කහට කෝප්පයක් බීලම හිමින් සැරේ වටපිටාව බලබලා මොනාලිසා බලන්න ලුවර් එකට යමුකෝ.......

    ReplyDelete
    Replies
    1. පරිප්පු වඩේ කියනව තමයි මනෝජ්,ඔව් ඔව් හිමිහිට යමුකො

      Delete
  17. වඩේ එකක් කාලම යමු නෙව.. මොනාලීසා බ්ලොගය කියල තමා දැං නම දාන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. වඩේ දීලත් උඹගෙ වැඩේ නං පටබඳින එකනෙ හැබෑට

      Delete
  18. ප්ලේන්ට් + තෝසෙ + වඩේ..

    සැප කනේ..

    ReplyDelete
    Replies
    1. දුප්පතාගෙ කෑම,අපට කොහෙන්ද පිනා මඟුල් ගෙවල්

      Delete
  19. මචං හැලපෙ
    උඹ කියල දීපු අනිත් වඩේ(උලුඳු වඩේ) හැදුවා.රහ නම් හරියටම ආව.එකම අවුල මිශ්‍රනය ටිකාක් දිය ගතිය වැඩිවුනා,එතකොට වඩේ එකේ මැදහිල හරියට ගන්න බැහැ.කොහොමද වතුර ගතිය අඩුකර ගන්නෙ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඇනෝ,අඹරනකොට වතුර ගතිය අඩුවෙන්න තදට අඹරගන්න,හොඳට අත හුරුවෙනතුරු වතුර වැඩිකරගන්න එපා

      Delete
  20. අම්බෝ..... වඩේ..... මං ආසම කෑමක්.....
    මේක කියෝලා බඩගින්නකුත් ආවෝ......

    ReplyDelete
    Replies
    1. චුට්ටක් ඉන්න සමනළියෙ,වඩේ එකක් කාලම යන්න

      Delete
  21. ඔය වඩයක් හදාගන්න මම වින්ද දුකක්.කොල්ලො සෙට් වෙලා හදල බයිට් එකට කෑවෙ භාගෙට කැඩිච්ච පරිප්පු ඇට ලුණු,මිරිස් බැදපු කුඩු.අන්තිමට මික්ෂර් එක අනන ගමන් පාන් පිටි ටිකක් මිශ්‍ර කරල තමයි පරිප්පු වඩේ හදල කෑවෙ.බැන්දටත් පස්සෙ තමා ඔබ කියූ මිශ්‍රණයට හදන් කෑවෙ.

    ReplyDelete
    Replies
    1. පරිප්පු බැදල ළූණු මිරිස් බැදල මිශ්‍ර කරගෙන කන එකත් හොඳ බයිට් එකක් කෙන්ජියො.
      බයිට් එකට වඩේ හදන්න ගිහින් කෙන්ජි බයිට් වුණා නේද

      Delete
  22. හදන්න බෑ වඩේ අයියෙ ඕවා..හොඳ සයිවර් කඩයකින් ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනී ඇතිතරං කඩ තියෙන එකේ

      Delete
  23. වඩේ කන්න නම් කැමතියි. ඒත් හදන්න කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්,ඔබව ආදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට

      Delete
  24. හැලපයියේ කෙනට් ලේන් එකේ මහාබෝධියට අල්ලපු වැටේ තියෙන හෝටලේ මට දැන් නම මතක නැ එතන වඩේ පුරි ඒ සේරමත් මාර රහයි..ඇයි පළතුරු බීම එක

    ReplyDelete
    Replies
    1. ඒක මෑතකාලීනව හැදිච්චි හෝටලයක් නලීන්,ඉස්සර අපි මුලින්ම මහාබොධියට යනකොට ඔය හෝටලය ඔතන තිබ්බෙ නෑ.
      කෑම රසයි තමා සැරයක් අපි එතනින් මසාල තෝසෙ කෑවා,තවත් සැරයක ප්‍රෙෂ් ජූස් බිව්වා...කෑම රස වාගෙම ගාණත් ඉහළයි නේද නලීන්.

      Delete
  25. පරිප්පු වඩේ කන්න මම එච්චර ආස නැහැ පාන්කුඩු වඩේ හදන්න දන්නවද?.

    ReplyDelete
  26. අර මිරිස් වෙනුවට කොච්චි දාල හදල ගන්න ඕනෙ.. හි‍ටුකො.. මේ සෙනසුරාදට දෙන්නං බැටේ..

    ReplyDelete

ඔබේ අදහස්