Wednesday, May 1, 2013

53.අකරතැබ්බයක්



අර මගෙ මෝනාලිසා පෝස්ට් එක ඩිලීට් වෙලානෙ...මම ඩිලීට් කළෙත් නෑ මගෙ අතින් ඩිලීට් වුණෙත් නෑ ඊයෙ රෑ වෙද්දි කමෙන්ට්ස් 28ක් ඇවිත් තිබුණා...කමෙන්ට්ස් ඔක්කොටොම උත්තරත් දාලයි මම ඊයෙ රෑ නිදාගත්තෙ අද උදේ බලපුවාමත් තව කමෙන්ට් එකක් තිබුණා ඒකට හවස උත්තර ලියන්නම් කියල හිටියෙ.

ඔයාගෙ අලුත් පෝස්ට් එක පේන්නෙ නෑනෙ කියල අද දවල් සඳමාලි කියපුවාම තමයි මමත් බැලුවෙ...වැඩේ ඇත්ත බ්ලොගර් එකෙනුත් ඩිලීට් වෙලා.

මාතලන් අහනව ඇයි හැලපෙ උඹ පෝස්ට් ඩිලීට් කරන්නෙ කියල.

කට්ටියටම මට කියන්න තියෙන දේ නම් මම පෝස්ට් එක ඩිලීට් කලේ නෑ කියන එකයි...ඩිලීට් කරන්න නම් මහන්සි වෙලා ලියන්න ඕනැයැ.

කරුමෙ කියන්නෙ මෝනාලිසා ආයෙ ඒ විදියටම ලියාගන්න බැරි එකයි...ලියල තිබ්බ පිටපත මම ඊයෙ හවස ඉරල කුණු කූඩෙට දැම්මනෙ...හැලපි හවස කුණු ටික ගෙනිහින් වීසිකරලා.

ආයෙම කරනව නම් මතකයෙන් කරන්න වෙන්නෙ මෝනාලිසා ප්‍රතිනිර්මාණයක්...එහෙම කලත් කොච්චර දුරට සාර්ථක වේවිද දන්නෙ නෑ.

මට දුක ඇවිත් තිබුණු කමෙන්ට්ස් ටිකට...කවුරුත් වගේ හොඳ කමෙන්ට්ස් දාල තිබුණා. 

මාතලන්,කකා සිංදුවක් එහෙම පිටින්ම දාල තිබුණා...මාරය මාගලක් විතර දිග අපූරු කමෙන්ට් එකක් ලියල තිබුණා.
 
ඉතිං වෙච්චි අකරතැබ්බය ගැන සියලු දෙනාටම මගේ කණගාටුව පළකරන අතරම අද දාන්න හිටපු 
මෝනාලිසා ඊළඟ කොටස අද මේ ලිපිය දාන නිසා හෙට පළකරන බව දැනුම්දෙනවා.
චන්දනගෙන්වත් මොකක්ද වෙච්චිදේ කියල දැනගන්න බැරිවෙයිද.

24 comments:

  1. කණගාටුයි වෙච්ච මහන්සිය වතුරෙ ගියාට. අයියගෙ හිතට හරි අප්සෙට් ඇති. හැබැයි මෙය සොයා බැලිය යුතු කරැණක්. ඊළගට අපේ පෝස්ට් එකකටත් ඔය ටික වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,මම දැක්ක උදේ කමෙන්ටුව,හවස උත්තර ලියනව කියල හිතාගෙන හිටියෙ

      Delete
  2. අවුලක් නෑ. ඇප දීපු ගමන්. දුමින්ද සිල්වා සනීප උනේ. ඒ වගේ හාස්කමක් වෙන්ට ඇති මයෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. උඹට නං හුස්ම ගන්නත් බෑ දේශපාලකයෙකුට ඇනුම් පදයක් කියන්නෙ නැතුව.යකෝ දුමින්ද සිල්ව කියන්නෙ මනුස්සයෙක් නෙවෙයි මනුෂ්‍යත්වය ඉක්මවූ බ්‍රහ්මයෙකුට ඔන්න මෙන්න කියල ඉන්න කෙනෙක් බව තේරෙන්නෙ නැද්ද.

      Delete
  3. මට ඊ මේල් ගිණුමක් ලබා දෙන්න ..කමෙන්ට් සියල්ල සමහ
    නැවත එවන්නම් ..ඊ මේල් ගිණුමකට පමණයි මම එවන්නේ ...

    ReplyDelete
    Replies
    1. සියල්ල යථා තත්වයට පත් කර ඇත ..
      ඔබගේ පුද්ගලික ගිණුම් පරීක්ෂා කරබලන්න ...

      Delete
    2. ගොඩාක් ස්තූතියි සහන්

      Delete
    3. @හැලප;
      මොනව හරි අප්ෂට් එකක් වුනාම නාහෙන් අඩන්නෙ නැතිව සහන් මල්ලිය හරි චන්දන මල්ලිය සමග සම්බන්ධ වුනා නම් වැඩේ ගොඩ.
      කොහොහොමද හැලපේ අපේ පොඩි කොල්ලන්ගෙ වැඩ.

      Delete
    4. @කෙන්ජි,
      කියල වැඩක් නෑ කෙන්ජි හරිම සතුටුයි,කතාව දැකපුවාම පපුව කූල් වුණා.
      පොඩි කොල්ලො නියම වැඩකාරයොනෙ,අපි මොනවද දන්නෙ.

      Delete
    5. @ halape ayye waradeemakin marayage comment eka
      athulata mage reply eka gihin thiyenne..ethana thiyena link eka click karanna ...nikamma Restore wewi....

      " මේ " kiyala thiyena thana link eka click karanna..

      ( mata hadissi wadakata yanna una..danui awe..
      eddi dakke waradi thanaka comment eka watila )

      @ kenji ayye...

      thankui oyata..:)

      Delete
    6. හරි හරි මල්ලි ආයෙම ස්තූතියි දැනටම දාලයි තියෙන්නෙ

      Delete
  4. යකා නගිනවා පින්වතුනි...

    ReplyDelete
    Replies


    1. මෙන්න මේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න ..restore වේවි ..
      පොඩ්ඩක් headline එක , content වෙනස් කරලා publish දෙන්න ...
      හැබැයි මෙතනින් නම් මැකුනොත් බඩු සුම්මා තමයි ..

      Delete
    2. marayo bola ehema oka obanawa newe..harida ...?


      mage athin waradeemakin watune ..oka obanna one
      halape ayya..bo newe hariya..?

      Delete
  5. පෝස්ට් එකනං ගූගල් රීඩරේ පෙන්නනව. ඒත් කොමෙන්ට් ටික......

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ටික තමයි අප්සැට් ප්‍රසන්න

      Delete
  6. මදැයි නිවාඩු පාඩුවේ මොනාලිසා බලන්න හිටියා. ඒත් දැන්නම් ආයේ බලාපොරොත්තුවක් තියෙනවා අපේ සහන් නිසා.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් නිවාඩුවෙ බලන්න අකම්

      Delete
  7. දැන් හරිනේ. ඕකට උත්තරයක් නම් මං දන්නේ නැත. සහන් හිටි නිසා හොඳට ගියා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් චන්දන සහන් ටක් ගාල ඉදිරිපත්වෙලා වැඩේ කරල දුන්න

      Delete
  8. වැඩේ ගොඩ දා ගත්ත එක ලොකු දෙයක්. ඒකට දාපු කමෙන්ට් එක මටත් මතක නෑ. ඇයි බං හැලපේ උඹට ආපු e-mail notifications ඇතිනේ කමෙන්ට් වල. අහවලා said කියලා උඹම පෝස්ට් කරගෙන කරගෙන යමංකෝ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං,ඒව ගහන්න ගියොත් මැයි මාසෙම යයි...මාරයගෙ කමෙන්ට් එක විතරක් තනිකර පෝස්ට් එකක්.
      ඕනැ නෑ බං ඔහොම තිබ්බාවෙ.

      Delete
    2. Copy and paste කරන්න එච්චර වෙලා යනවෑ, කම්මැලියෝ?

      Delete

ඔබේ අදහස්