Saturday, May 25, 2013

67.දන්සැල් පුරාණය 3




 
අපේ මඤ්ඤොක්කා දන්සැලේ කතාව ඉවරකරන්න බැරිවුණානෙ...අපි නැවැත්තුවෙ දවල්වෙලා දන්සැල ඉවරකරපු තැනින්...

ඔන්න අපි දන්සැල ඉවරකරල දවල්ට කාල එහෙම ටිකක් විවේකීව ඉන්නවා...අපි දන්සැල දීපු තැනට පොඩ්ඩක් එහයින් පාරෙන් අනික් පැත්තෙ හූරන ලොතරැයි විකුණන වෑන්  එකක් තිබුණා...අපි එදා ආපු වෙලාවෙ ඉඳන් ආපහු පිටත්වෙන වෙලාව වෙනකල්ම ඔය වෑන් එකේ ටිකට් විකුණන සද්දෙ තමා නොනවත්වා ඇහුණෙ...මුලු රැයක් පුරාවටමයි දවල් දවසෙ හැන්දැ වෙනතුරුම එක සීරුවට එකම මනුස්සය කට කමිසිරියාවක් නැතුව ලොතරැයි වරුණාවයි සල්ලි දිනන හැටියි කියනවා...

ලොතරැයි වෑන් එක ඉස්සරහ සෙනග ඊස් මීස් නෑ...පොරකකා ලොතරැයි හූරනවා...එතන වැඩිපුර පොරකන්නෙ අපි උඹල වගේ පෘථග්ජනයො නෙවෙයි...හාමුදුරුවරු,මෙහෙණින්නාන්සෙලා,සිල්ඇත්තො,උපාසක උපාසිකාවො...අනේ අම්මපල්ල මගෙ දෑහින්ම දැකපු දේ...

ඕකත් බලාගෙන මම එතන එහා පැත්තෙ තිබුණු කඩේට ගියෙ බුලත්විටක් ගන්න...ඒ කඩේ මැස්සො ඇහිරෙනවා...දන්සැල් අඩියෙන් අඩියට පැටව් ගහල තියෙද්දි කඩවලට සෙනග එයිද...

බුලත්විටත් දිගඇරගෙන කන ගමන් මම කඩේ මුදලාලිත් එක්ක කතාවට වැටුණා...

මෙහෙට සෙනග නැතිවුණාට ලොතරැයි වෑන් එක ළඟින් එන්නවත් බෑනෙ මුදලාලි සෙනග...



මුදලාලිටත් ලොතරැයි කාරයත් එක්ක මල පැනල ඉන්න ඇත්තෙ...

මෙදා සැරේ නෙවෙයි මහත්තය බලන්න තිබ්බෙ...පහුගිය පෝයට ඕකා ඔතනම වික්කනෙ හැමණෙන විකිණිල්ලක්...

ආදී වශයෙන් මුදලාලි ටිකට් වික්ක එකාගෙ මවුතුමියගෙ ඉඳල ගුණ වරුණා කරල උගෙ අල ගිය මුල ගිය තැන් ඔක්කොම මාත් එක්ක කියන්න ගත්තා...

ඕකා ටිකට් විකුණල යද්දි වෑන් එක ගිනිගත්තනෙ මහත්තයො...පූජා නගරෙ ඕකා කියපු පල් බොරු හින්දම වෙන්න ඇති...මහත්තය යන ගමන් බලන්නකො ඕකගෙ මූණ කලුවෙලා තියෙන හැටි...ඒ පිච්චිලා...

මුදලාලිගෙන් සමු අරං ආපහු ඇවිත් කට්ටිය එක්ක කතා කර කර හිටියා බිම ඉඳගෙන...මේ වෙනකොට කලින් දවසෙ රෑ ඉඳල වැඩ කරලයි බිම ලැගලයි දැළියි මඩයි ගෑවිලා මම හිටියෙ නිකං මළ පෙරේතයෙක් වාගෙ...

කට්ටිය ඔක්කොම එකතුවුණාම වැවකට ගිහිල්ලා නාගෙන අටමස්ථානෙත් වැඳල රෑට කාල එහෙම පිටත්වෙමු කියල තමා අපි කතාකරගෙන හිටියෙ...

ඔන්න ඔය වෙලාවෙ අපි ඉන්න තැනට හොඳ ලස්සන මල් මල් සාරි ඇඳගත්ත ගෑණු ළමයි දෙන්නෙක් ආවා...මම හිතුවෙ විද්‍යා පීඨ වලට අලුතෙන් තෝරා ගත්ත ළමයි දෙන්නෙක් කියලා...හැබැයි කට පුරෝල විටත් කාල තිබුණා...බලපුවාම මේ සාස්තර කියන අය...

 ඔන්න දැන් නිකං ඉන්න එකේ කට්ටියම සාත්තර අහන්න සෙට්වුණා...එක කෙල්ලෙක් මගෙත් අත බැලුවා...

මාත්තයට ආයුෂනං බෝම පොඩ්ඩයි තියෙන්නෙ...ඒ ගැන දුක්වෙලා වැඩක් නෑ...

නෑ නෑ කිසිම දුකක් නෑ...මෙච්චර කල් ජීවත්වුණා මදෑ...

මාත්තය ඉගෙන ගත්ත නං මේසෙක පුටුවක ඉඳගෙන ලියන රස්සාවක් කරන්න තිබුණා...

එතකොට මම දැන් ලියන්නෙ බිම ඉඳගෙනද...සාත්තර කියන්නෙ අත බලලද ඇඳුම්වල හැටි බලලද...


ඔන්න ඒ වෙලාවෙම රාජත් කොහෙද ඉඳල එතෙන්ට පාත්වුණා...

මේ මහත්තය මෙහෙම මඩගාගෙන හිටියට කවුද කියල දන්නවද...බොරු කියන්න එපා...

කෙල්ල කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා...

උන් දෙන්න ගොඩක් ආධුනිකයි...කියන බොරුවවත් හරියකට කියාගන්න බෑ...

 මට මතක් වුණේ මීට අවුරුදු කීපයකට කලින් පොසොන් පෝයකට අනුරාධපුරේට ආව වෙලාවක කාන්තාවන් දෙන්නෙකුගෙන් සාත්තර අහපු හැටි...ඒ අභයගිරිය ළඟදි...

කාලය 2008 අවුරුද්දෙ පොසොන් පෝය  රට යන්න ඉස්සෙල්ල අපි අනුරාධපුරේ වන්දනාවෙ ගියා...ඒ අවුරුද්දෙ රටපුරා කටකතාවක් පැතිරිලා ගියා පොසොන්වලට කොටි  ෂුවර් එකටම අනුරාධපුරේට ගහනව කියල...බිරිඳත් මේ කතාවලින් ටිකක් සැලිලා මගෙන් අහනව...

එක්කොත් අපි නොගිහින් ඉම්මුද...

පිස්සුද...කොටිගහල මැරෙන්න තියෙනව නං ඒ විදියට මැරෙයි...ඒත් එක එක කට කතාවලට බයේ ගමන නවත්තන්න බෑ...

ගමන යන්න ලෑස්තිවුණු නඩේ අපි හතර දෙනයි අපේ මස්සිනයි බිරිඳගෙ අයියලගෙ දුවල දෙන්නයි සෝමෙයි පවුලයි ඔක්කොම නම දෙනයි...

එදා සැරේ අනුරාධපුරේට ඇතුල්වෙන්න තියෙන හැම පාරකම මුර පොළවල් ඇති කරලා වාහනවල සෙනග බස්සල ඉතාම තදබල පරීක්ෂාවක් කරනවා...මත්පැන් එහෙම වාහනවල තියෙනව නං ඒව මුරපොළවල තියාගන්නව...පරීක්ෂාවෙන් පස්සෙ වාහනේට ස්ටිකර් එකක් ගහල යන්න දෙනව...

අපි ගියෙ බිරිඳගෙ කන්තෝරුවෙ ගෙස්ට් හවුස් එක බුක් කරලයි...ගිහිං බලපුවාම මුලු ගෙස්ට් හවුස් එකටම හිටියෙ අපි කට්ටිය විතරයි...වෙනදට පොසොන්වලට බුක් කරනව තියා හිතන්නවත් බෑ...

එදා හවස්වරුවෙ සෝමෙලගෙ මහගෙදර ගිහිං වැවකින් නාල සෝමෙගෙ නංගි රෑට කන්න උයල දුන්න කෑමත් අරගෙන ආපහු ආවා...යනකං එනකං අපේ මස්සිනා කංකෙඳිරි ගානවා...

මොකුත් නැද්ද ඕයි...හොයනවකො මොනවහරි...

උගෙ කරදරෙන් බේරෙන්න බැරි තැන මම ගෙස්ට් හවුස් එකේ මනුස්සය හම්බවෙලා කතාකෙරුවා...

බ්ලැක් මාකට් ගාණට එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ...ඉන්ඩකො මහත්තය කෝකටත් මම කතාකරල බලන්න...

පැය බාගයක්වත් ගියෙ නෑ...පං මල්ලක් එල්ලපු බයිසිකලයක් තල්ලු කරගෙන ආපු බොහොම අහිංසක පෙනුමක් තියෙන මනුස්සයෙක් ගේට්ටුව ළඟට ඇවිත් අපට බෝතලේ දීලා සල්ලිත් ඉල්ලගෙන...

තව ඕනැවුනොත් කතාකරන්න මහත්තයා...

කියල යන්න ගියා...

පේමරත්න බෝතලෙත් බදාගෙන ඩ්‍රයිවරුත් එක්ක පිටිපස්සට ගියා...

සතුටින් සමාදානයෙන් රැය ගතකරල පහුවදා උදේ වන්දනාව පටන්ගත්තෙ ශ්‍රී මහ බෝධියෙන්...එතනම තිබ්බ නෙළුම් මල් දන්සැලකින් මලුත් අරගෙන පොලිසියෙන් නොමිලෙ දෙන මසාජ් එකත් අරගෙන මළුවට ඇතුල්වුණා...
සිල් ගත්ත උපාසක උපාසිකාවො හත් අට දෙනෙක් මළුවෙ තැන තැන වාඩිවෙලා හිටියා...මට නේද අනේ සංසාරේ කියල හිතුණා...මිනිස්සුන්ගෙ මොන පරාණ බයක්ද...

පොසොන් පෝයට මම දහ පහළොස් ගමනක් අනුරාධපුරේ ඇවිත් තියෙනවා...ඔය මළුවෙ සිල්ගත්ත උපාසක උපාසිකාවො කොච්චර පිරිල ඉන්නවද කිව්වොත් වැලි කැටයක් බිම වැටෙන්න ඉඩක් නෑනෙ...

අනෙ ඒකටත් එක්ක මෙදා සැරේ...ඕනැනං මළුවෙ ක්‍රිකට් ගහන්න වුණත් හොඳට ඉඩ තිබුණා...

රුවන්වැලි සෑයට ගියා...එතනත් එහෙමයි සෑ මළුවෙ පුට්බෝල් මැච් එකක් ගහන්නත් ඉඩ තිබුණා...

(ඒ ස්ථානවල තිබූ මහා හිස්බව පාලුව උපමාවකින් කියන්නට අදහස් කළා මිසක පූජනීය ස්ථානවලට නිගරු කිරීමට අදහස් නොකළෙමි.එබැවින් මා මළුවේ බෝල ගැහුව කියල වටහගෙන රෙද්ද උස්සගෙන එන්නට අවශ්‍ය නැති බව කරුණාවෙන් සලකන්න.දැන් එහෙමනෙ අමුතුම ජාතියෙ මූලධර්මවාදියො ටිකක්නෙ ඉන්නෙ.)

දන්සැල්වලත් ඒ විදියමයි...පෝලිං මොකුත් නෑ...කෙලින්ම ඇතුළට ගිහිං බෙදාගෙන කන්න පුලුවන් බුපේ එක වාගෙ...ඒ වැඩේ නං කොච්චර ජොලිද කිව්වොත් දකින දකින දන්සැලෙන් එක එක ජාති කාල බඩ හොල්ලන්න බැරිවුණා...

මගෙ ජීවිතේටම පොසොන් පෝයකට අනුරාධපුරේ ගිය  හොඳම ගමන ඒ අවුරුද්දෙ ගිය ගමනයි...කොටින්ට පිං සිද්ද වෙන්න අපි හිතේ හැටියට වැඳ පුදාගෙන හිතේ හැටියට කාල බීල ගෙදර ආවා...ආයෙම නං එහෙම චාන්ස් එකක් එන එකක් නෑ දැන් කොටි නැති නිසා...

අපි පොසොන් පෝයට අනුරාධපුරේ යන්න ගත්තෙ කොයි කාලෙ ඉඳලද...කොල්ලො කාලෙ හිතුණු ගමන් අනුරාධපුරේ ගියා...

අපේ යාලුවෙක් හිටිය ගුණේ කියල ගම මීරිගම ඌ අපිත් එක්ක ඉඳල අනුරාධපුරේ ඉස්පිරිතාලෙට මාරුවෙලා ගියා...

 අපි කරන්නෙ පොසොන් එකට වොරන්ට් එක ලියාගෙන කෝච්චියෙ නැගල කෙලින්ම ගුණය ඉන්න තැනට එනවා...පොසොන් එකට අනුරාධපුරේට ආපු වෙළෙන්දොත් කඩ අස්කරගෙන ගියාට පස්සෙ තමා අපි ආපහු එන්නෙ...

ඔන්න එක සැරයක් අපි රෑට කන්න ගියා...එදා අපිත් එක්ක ඉස්පිරිතාලෙ වැඩකරන කොල්ලෙකුත් ආවා නන්දකුමාර කියල...දන්සැල් දෙකතුනකටම ගියාට පෝලිම වැඩියි පැයක්වත් ඉන්නවෙනව...

යං මිහින්තලේ...

ගුණය කිව්වා...මිහින්තලේ බස් එකට නගින්න කලින් නන්දකුමාර අපිව එතන තිබ්බ හෝටලයක පිටිපස්සට එක්කරගෙන ගියා...ගිහිං අසෝක වීදුරුවෙන් කට කපල එක ගානෙ දාගත්තා...මොකුත් නෑ බඩ පපුව පිච්චිලා ගියා වාගෙ...අමුවෙන්නෙ කෙළල දැම්මෙ අනික ගල් කියල දුන්නට මොන ජරාවක් කලවං කරල දෙනවද කියල කවුද දන්නෙ... 

බස් එකට නැගගත්ත අපි ගිහිල්ල මිහින්තලෙන් බැහැගත්තා...ඒ හරියෙම විශාල බත් දන්සැලක් තිබුණා...අපිත් ගිහිල්ල පෝලිමේ හිටගත්තා...
 

දැන් කට්ටියගෙම බඩගින්න හොඳටම ඇවිලිලා තියෙන්නෙ...දන්සැලේ දොරේ ඉන්නෙ යෝදියෙක් වාගෙ උස මහත කලු ගෑණු කෙනෙක්...දොරට අතක් තියාගෙන ඉඳල කාල නැගිටල යන අයගෙ ගානට පෝලිමෙන්  කට්ටිය ඇතුළට ගන්නව...
 
අක්කෙ අපි කට්ටියම එකට ඇතුළට යවන්න...
 
ඇතුළට ගිහින් වාඩිවෙලා බලපුවම බොහොම පොඩි මෙනු එකක් තියෙන්නෙ...
 
කහබත්
පරිප්පු
සීනි සම්බෝල
 

 කෑම ටික පුදුම රහක්...අපිත් බෙදාගෙන හොඳ සීරුවට කෑවා...
 
තව පොඩ්ඩක් තිබ්බ නං මරු නේද...
 
නන්දකුමාර කියනවා...කාල ඉවරවෙලා ආපහු අනුරාධපුරේට ආවා..
 
කෝච්චියෙ ආපහු ගෙදර එනකොටත් දන්සැල් තියෙනවා...

ස්ටේෂන් එකක පැවැත්වෙන දන්සැලක් ගැන අපූරු විස්තරයක් භද්‍රජි මහින්ද ජයතිලකයන් ලියූ පොල්ගහමුල  කඩේ කියන පොතේ තිබෙනවා...ඒ විස්තරය මෙහෙමයි...
 

"පොසොන් පෝයට සති දෙකකට පමණ පෙර සිටම විශාල පොල් අතු මඩුවක් නිමවූයේ දුම්රිය පොළට යාබද හිස් ඉඩම් කෑල්ලේය.අල්විස් මහත්තයාගේ පුතුන්වූ සෝමපාලත්, කුමාරසිංහත් දානමය උත්සවයේ කටයුතු කරට ගෙන ක්‍රියා කළහ.පොසොන් පෝයට දින දෙකකට පමණ පෙර සිට කොළඹින් අනුරාධපුරයට ගමන් ගන්නා විශේෂ වන්දනා චාරිකා දුම්රිය ගණනාවක් වෙයි.ඇතැම් විට පැයකට වතාවක් මෙන්,දුම්රිය පෙට්ටි 15 කින් පමණ සමන්විත දුම්රියක් ගනේවත්තේ ඇවිත් නතරවන්නේ මේ අනුරාධපුර යන ගමනේය.ගනේවත්තේදී මෙම විශේෂ දුම්රිය අඩ පැයක් පමණ නැවතී තිබේ.


 ගනේවත්ත අවට ගම්වල මිනිසුන් නොයෙකුත් වැව්වලින් නෙළාගන්නා රතු,සුදුනෙළුම් මල් කරත්ත පිටින්,කරත්ත පුරවා,දුම්රිය පොළට එන්නේ දුම්රියේ හිඳින සැදැහැවතුන්ට දීමටයි.මේ කරත්ත ගොක් කොළවලින් සරසා තිබේ.ගවයින්ද මලින් සරසා සිටිති.ගැමියන් හැමදෙනාම කරත්ත සමග පෙරහැරින් එන්නේ සුදු ඇඳ ගෙනයි.ඉදිරියෙන්ම වැයෙන බෙර පදට පා තබමින් නටන උඩරට නැට්ටුවෝය.ඒ අතර හොරණෑ වාදනය වෙයි.ඇතැම් පැතිවලින් කරත්ත හයක් හෝ පහක් ආ අතර මුළු පෙරහැරේම කරත්ත විස්සක් පමණ වෙයි.
 

නැගී එන හිරුගේ පහස ලබන,කරත්ත පුරවා ඇති නෙළුම් මල්වල සුවඳ අවට වා ගැබේ පැතිර යයි.

 තවත් කරත්තවලින් ගෙන එන්නේ තැඹිලි හා කුරුම්බාය.කුරුම්බා සියල්ල ඇස්ස හැර හිල් කරන්නට පිළියෙල වූ ඒවාය.කුරුම්බා ගෙඩි හිල් කරන්නට ගැමියන් සාදා ගත් විශේෂ ආයුධයක් වෙයි.ඒ වනාහි සිල්බර කොටන් රේල් පීල්ලට එකතු කරන්නට ගහන ඇණය.ඒවායේ මොට්ට උලක්ද අනෙක් කෙළවර එල් අකුරට නැමුණු හැඩයක්ද වෙයි.
 

දුම්රිය පොළේ වේදිකාවේ දිගටම ගොඩගසා ඇති කුරුම්බා ගෙඩි අසල මේ ඇණ කීපයක්ද වෙයි.දානයට උදව් වෙන්නෝ මේ ඇණවලින් කුරුම්බා ගෙඩිවලට ඇණ ඇණ විදිමින් දුම්රියේ සිටින මගීන්ට දෙති.ඈත සිට එන වන්දනාකරුවන්ට මෙය ඉමිහිරි දිව්‍යමය පානයකි.ඒ අතර තවත් අය ඔවුන්ට අනුරාධපුරේ පූජා කරන්නට නෙළුම් මල් දෙති.අවට හැම තැනම සාදුසාදු හඬ පැතිර යයි.බැති හදවත් උතුරා යයි.
 

ගනේවත්තේ සිට අනුරාධපුරයට සැතපුම් 55ක් පමණ වෙයි.වන්දනාකරුවන් පිපාසා සංසිඳුවාගෙන රතු,සුදු නෙළුම්මල් දෝතින් තුරුලු කරගෙන ඉතිරිමඟ යන්නේ මේ සැදැහැවතුන්ට පින් දෙමිනි.දුම්රිය ගමන අරඹත්ම හැම දෙනාම එක්ව මහ හඬින් නගන සාදුකාරය දෝංකාර දෙන්නක් මෙන් ඉහළ වා ගැබට නැගී පැතිරී යයි.ඒ මහා සාදු හඬ දුම්රියේ යකඩ එන්ජිමේ හඬ පවා අභිබවා යයි.

අනුරාධපුරයට ගොස් පෙරළා එන බැතිමතුන්ට පොසොන් දන් සැලෙන් තවත් දන් ලැබෙයි.යනවිට දවස් දෙකක් කුරුම්බා වතුර හා නෙළුම් මල් ලබන ඔවුන් එනවිට ලබන්නේ අහර වේලකි.පෙරළා එන දුම්රිය එන්නේ උදේ වරුවේ නම් ඔවුන්ට් තේ හා කැවිලි ලැබෙයි.දිවා ආහාරයට ළංවී නැවැත්වෙන දුම්රියේ උදවියට නෙළුම් කොළවල ඔතන ලද බත් වේලක් ලැබෙයි.සවස තේ වතුර වෙලාවට නැවතෙන දුම්රියක මගීන්ට අතිරස,කැවුම්,කොකිස්,කෙසෙල්,සීනිපිට්ටු සමග තේ වතුර ලැබේ.මේ වතාවතද දින දෙකක් තිස්සේ සිදු වෙයි.හැම විටම දුම්රිය පිටත් වෙන විට මහා සාදුකාරයක් නැගෙයි.
 

අල්විස් මහත්මයා සේම,චාර්ලිස් අප්පුහාමි ද මේ දින කීපයේ හැම විටම මෙන් දානයට සහභාගි වෙමින් දන්සැල අවට රැඳෙති.

අල්විස් මහත්මයාගේ පුතුන් දෙදෙනාද නොඅලස්ව කටයුතු කරති.ඔවුන්ගේ උදව්වට(ස්පීකරයක්)"යකඩ කටක්" ද වෙයි.අල්විස් මහත්මයාගේ කුමාරසිංහ පුතා යකඩ කටින් හඬ නගා හැමදෙනා අමතයි.
 

දුම්රියක් නැවතෙන හැම විටම ඔහුගේ ළයාන්විත කටහඬ අවට පරිසරය සිසාරා පැතිර යයි.ඔහුට ඇත්තේ හාමුදුරු කෙනෙක් බණ කියන්නාක් වැනි සන්සුන් හඬකැයි බොහෝ දෙනා පවසති.කුමාරසිංහ සිංහ හඬකින් හැමදෙනා අමතයි.
"මේ ඔබ අමතන්නේ ගනේවත්තේ,43 වෙනි වතාවටත් පවත්වන මහා පොසොන් දන්සැලේ ප්‍රචාරක අංශයයි.මේ ගනේවත්ත ගමේ සහ මේ අවට ගම්වල සැදැහැවතුන් එක්වී බැතිමත් ඔබ හැම වෙනුවෙන් කෙරෙන මහා දානමය කටයුත්තයි.සන්සුන්ව කලබල නොවී ඔබ හැමදෙනාටම පිළිගැන්වෙන මේ කුරුම්බා වතුර හා නෙළුම් මල් සැදැහැ සිතින් පිළිගනු මැනවි.
(ආපසු එන දුම්රිය මගීන්ට නෙළුම් පත්වල ආහාර දෙන බවද තේ දෙන බවද ඒ ඒ අවස්ථාවල කියැවෙයි."


 "තවද කරුණාකර ඔබේ හිස ඔබේ දෑත දෙපය ආදිය දුම්රිය මැදිරියේ ඇතුළෙන් තබාගන්න.මේ දුම්රිය ගමන් කරන ඇතැම් තැන්වල පාලම් පටු බවින් මිනිසුන් අත පය අහිමි කරගත් අවස්ථා එමටයි.කරුණාකර-කරුණකර ඔබේ අත පය සේම ජීවිතය පරිස්සම් කරගන්න.ඔබ හැමට තිසරණ සරණ වේවා."
කුමාරසිංහ අල්විස්ගේ දේශනාව අවසන් වෙත්ම අවට මිනිසුන්ගේ සාදු නාදය ඇසෙන්නට වෙයි.හැමගේ දෑත් යුහුසුලු වෙමින්,නෙළුම් මල්,වතුර,තේ වතුර,කුරුම්බා වතුර,රස කැවිලි හා නෙළුම් පතේ එන බත් ආදිය බැතිමත් වන්දනාකරුවන්ට පූජා වෙයි."

 (උපුටා ගැනීම:පොල්ගහමුල කඩේ,භද්‍රජි මහින්ද ජයතිලක.80-83 පිටු )
 

මම පොල්ගහමුල කඩේට ඇඩ් එකක් දැම්ම කියල හිතන්න එපා...මේ දන්සැල් විස්තරය මගෙ හිත තදින් පැහැර ගත්තා...මොකද ඒ දවස්වල මමත් මේ අත්දැකීම විඳ ඇති නිසා...අර ස්පීකර් සද්දෙ මේ ලියන මොහොතෙත් මගෙ කන්වල රැව්දෙනවා...කෝච්චියෙ යන අපි දකින්නෙ දන්සැල දෙනවා පමණයි නමුත් ඒ දන්සැල දෙන්න කී දෙනෙක් වෙහෙස මහන්සි වෙනවද...
බලන්න අර පෙරහැරින් සුදු ඇඳගෙන නැට්ටුවො පිරිවරාගෙන එන්නෙ මොන තරම් ශ්‍රද්ධාවකින්ද...ඊට යටින් තියෙන ගැමි අහිංසකත්වය බලන්න.
පොල්ගහමුල කඩේ දැනට ඇමෙරිකාවෙ ජීවත්වන ආනන්ද සෝමසිරි සහ ඔහුගෙ පවුලේ කතාවයි...ඔහුගේ ඉල්ලීම පරිදි මෙය භද්‍රජී විසින් පොතක් හැටියට පළකලා...මුලු පොතම මටනම් එකම රස ගුලාවක්.

49 comments:

  1. දන්සැල් පුරාණය, වෙසක් සැරසිලි පුරාණය... ඔහොම යද්දි අර මොනාලිසාත් පුරාණ වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපේ ගෑණිට කතා කොරෙන්ඩ කියලා මේ පාර රට යන්ඩ කලින් ගෙනත් දුන්න කොම්පියුටරෙන් ලොක්කා මේ ලියන්නේ ර දායේ විබාගේ කොරන අපේ ලොකු එකා නං මේ උ@කුංපන්ට් එක ඔබන්ඩ ඔදට දන්නවා, කෙල්ලයි කොල්ලයි ඉස්කෝලේ ගියාට පස්සේ නිලක් බලන්ඩ සැටි කරගත්ත මේ අහල පහල ජොකියෙක්තමා මට මේ සිංහලෙන්ි ලියන එව්වා සෙන්ටිමැන්ටල් වේ . අපි කොඒ කියවන්ඩ බොසා ඉංගරිසි අදෙට කොලේ බලනවා ඇරෙන්ඩ ගෙදර ූඋයලා අෂ්පෂ් කොරලා සිාංඅුල නං උඩඑන එනා බලනවා සිංහල ඔක්කොම ලොක්කා ලියන්නේ ජාති කතන්දරනේ අඩේ ඇබැයි ලොක්කා මේම අවුලක් තීනවාෙ ඒකමදේ කන්ඩයි එකතැන රෙන්ඩයි ගත්තාම බොග ගද නැතුව යනවා හවහට මෝල්කයක් ඇදලා ඇමදාම කන්ඩ බැනේ පේමක්කගේි ගල්මස්කට්.

      Delete
    2. මෝනාලිසා කොහොමත් පුරාණයිනෙ රාජ්...තව ටික දවසකින් ඉවර කරන්න ඕනැ

      Delete
    3. @ඇනෝ
      හරියට හරි,හැම ජාතියෙම අය මගෙ බ්ලොගේට ආවා...බජාර් එකේ පොරක් තමයි අඩුවට හිටියෙ...දැන් ඒකත් හරි...සලාම් ඇනෝ

      Delete
  2. හැලප ඔබ මෙතෙක් ලියාගෙන එන ආරයට ලියාගෙන එන්න.අපිට ඕන ඒ දවස්වල සිදුවුන සිදුවීම් ඒ වචන වලින්ම කියවා රස විදීමට.
    අවුරුදු 20ස්ස පැන්න කොල්ලන්ට/කෙල්ලන්ට ඔබේ කතා වලින් ගන්න තිබෙන්නෙ හාස්‍යය පමණක් නෙමෙ.ගන්න එව්වන්ට ගත යුතු බොහාමයක් තිබෙනව.
    ඔය එදිරි වෙන අයට ලියන අකුරු ටිකත් පුලුවන්නම් රස කතාවකට අකුරු කරන්න.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මම ලියන කතා අඩුකරලා පොත් උපුටා දැක්වුවෙ නෑ...මම ලියන අකුරක් වුණත් කෙන්ජි ලොකුවට සලකනව කියල මම දැනගෙන හිටියෙ නෑනෙ...

      Delete
  3. මචං
    මේ පොත මම දහ පාරක් විත්‍ර කියෙව්වා.හරිම අපූරුයි.ගම ගැන ගමේ සරල ජීවිත සහ ඒ ඒ චරිත වෙන වෙනම ලස්සනට විස්තර කරනව.ගමයෙක් වෙන මට තව කීප සැරයක්ම මේක් කියවන්න පුලුවන් කිසිම අපහසුවක් නැතුව.මේ වගෙ ගම ගැන ලියපු තවත් කෙනෙක් තමයි වැවදෙනියේ ඇල්.ඩී.මෙන්ඩිස් මහත්මයා.එයාගෙ නවකතා හැම එකක්ම වගෙ මම කියවල තියනව.ගමේ ඉන්න විවිධ චරිත හරි ලස්සනට මවල පෙන්නනව.

    ReplyDelete
    Replies
    1. නමකුත් කියල තිබුණනං කතාකරන්න අපූරුයි ඇනෝ මචං...
      මගෙ හිත ඉතාම තදින් බැඳගත්ත පොතක කොටසක් තමයි ඔය...මමත් ඒ පොත වරින් වර කියවනවා...
      ඇල්.ඩී.මැන්දිස් ශූරීන්ගේ පොත්වල රසය මම වින්දේ හැට ගනන් වල මම පොඩි එකෙක් කාලෙමයි ගැමි චරිත විස්තර කරන්න ඔහු තරම් සූරයෙක් මා තවත් දැක නෑ
      ඔහුගෙ පොත් ඔක්කොම වගේ මේ දවස්වල සූරිය පොත් ප්‍රකාශකයෝ හි අතුල ජයකොඩි නැවතත් මුද්‍රණය කර තිබීම සතුටට කරුණක්.

      Delete
  4. අභයගිරිය ළඟදි අහපු සාස්තරේ දන්සල් පුරාණය හතරෙන්. මේ පාර හැලපයියගේ මාත්තුරුකාව හරිම කාලෝචිතයි. මොකද වෙසක් දන්සල් පුරාණය කියලා නෙමෙයිනේ නම් කරලා තියෙන්නේ. ඉතිං බය නැතුව පොසොන් විතරක් නෙවෙයි ඇසල වෙනකන්ම ඇදගෙන යන්න පුළුවන්. :D

    වැඩක් ඉවර වෙනකොට නාවර පෙරාගෙන ඉන්න එක මට විතරක් අදාල දෙයක් කියලයි හිතාගෙන උන්නේ. බලනකොට මං තනි නෑ වගේ. :)

    ඒක නෙවෙයි අර සාස්තර කාරී හම්බ උනානම් කොට ජීවිතේ පෙන්නන්න තිබුණා නේ. ඒත් එක අතකින් දැන්නම් උන්ව තම්බන්න අමාරු ඇති පදම් වෙලා.

    ReplyDelete
    Replies
    1. දන්සැල් කතා තව මහගොඩක් තිබුණත් දැනට මේ ඇති...ඉතුරුවා ලබන අවුරුද්දෙ කියවමු...

      Delete
  5. පොල්ගහමුල කඩේ හරි අපූරු දන්සැලක්නෙ.. මටත් හිතුනෙ ඔවුන් ඒ සඳහා කෙතරම් වෙහෙසෙනවා ඇත්ද කියන එකමයි..ඒකෙන් ඔවුන් ලබපු සතුට රුපියල් කෝටි ගානකටවත් ගන්න පුළුවනෑ..

    2008 පොසොන් ගෙවිලා තියෙන්නෙ එහෙනම් එහෙමයි ඈ.. බලාගෙන ගියාම කොටි හැලප අයියලට එසේ මෙසේ උදව්වක් නෙමේ කරලා තියෙන්නෙ.. :D

    සාත්තර/කේන්දර කාරයොනම් හුඟක්ම බොරු තමා කරන්නෙ..අපේ අම්මා අසනීප වුනාට පස්සෙ අපි ගියා අම්මගෙ කේන්දරේ බලවන්න. එතකොට එයා ඉස්පිරිතාලෙ හිටියෙ..කේන්දරේ අතට ගත්තු මනුස්සයා හොඳට බලලා එහෙම නළල රැලි කරලා කිව්වා මේ මනුස්සයා දැන් බොහොම ලෙඩින් ඉන්නෙ, සමහර විට ඉස්පිරිතාලෙ වෙනනත් පුලුවන් ඉන්නෙ කියලා.. අපිත් හරියට පුදුම වුනා කොහොමද මේ මනුස්සයා එහෙම කිව්වෙ කියලා.. පස්සෙ ඔය ගැන දිගින් දිගට හිතද්දි මට කල්පනා වුනේ අම්මගෙ වයසයි, මේ හදිස්සියෙ කේන්දරේ බලවන්න හිතුනෙ ඇයි කියන එක ගැනයි සළකපුවම ඕනැම කෙනෙකුට ඔය අනුමානය කරනන් පුළුවන්නෙ කියලා. ( ඒ මනුස්සයා කිසියම් ශාස්ත්‍රමය දැණුමකින් කිව්වා වෙන්නත් පුලුවන්. මට කියන්න ඕනා වුනේ හුඟක් සාස්තර කියවෙන්නෙ ඔය වගේ අපි එච්චර නොහිතන සුළු සුළු කරුණු මත තමා කියලා )

    මේ පොඩි පොඩි දේවල් ඔච්චර මතක තියාගෙන ඉන්නෙ කොහොමද කියලා මම මේ ඒ අස්සෙන් කල්පනා කළේ..

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි දේවලුත් ලියාගෙන යද්දි මතකෙට එනවනෙ සෙන්නා...ඔය දැන් සෙන්න ගමේ විස්තර ලියන්නෙ අද ඊයෙ වෙච්චි දේවල් වගේ.

      Delete
    2. (රහසින් : කාටවත් කියන්න එපා මම වැඩි හරියක් ලියලා තියෙන්නෙ අතින් දාලා..ඒ කියන්නෙ මට මතක මෙහෙම සිද්දියක් වුනා කියලා විතරයි..හරියටම වෙච්ච් විදිහ මතක නෑ..ඒ මතකය ඔස්සේ ගොතපු ඒවා තමා වැඩි හරියක් තියෙන්නෙ.. ඕන් රහසක් හරිය :D :D . කාටද අප්පා ඕවා මතක තියන් ඉන්න පුලුවන්.. :D )

      Delete
  6. ඔන්න හැලප අයියේ මාර මලයත් දන්සල් ගැන ලියන් පටන් අරන්.. දැං යං ආයමත් මොනාලිසා කර තියාගන්න.

    ReplyDelete
    Replies
    1. දන්සැල් කතා ඇති නලීන්...මෝනාලිසා කරතියාගම්මු එන සතියෙ ඉඳලා

      Delete
  7. හැලප ගේ බ්ලොග් එක මට සැහෙන කොටස් ගණනක් මග හැරුණ නිසා මුල ඉඳන් කියවන්න හිටියා . කවදාවත් වෙන්නේ නැහැ . අපේ ගෙදර එක්කෙනා නම් හැමදාම කියෝලා. හරියන්නේ නැහැ . අද ඉඳන් වත් කියවන්න ඕන .

    නෙළුම්මල් දන්සල අගෙයි . මන් නම් දන්සල් බත් එකක් කාල තියෙන්නේ එක පාරයි . එයත් කවුද ගෙදෙට්ට ගෙනත් දීලා . අපේ අම්ම ඕවයේ පෝලිම් වල ඉන්න අකමැති වුන නිසා අපිටත් යන්න බැරි වුනා . බිම සහ අයිස්ක්‍රීම් වගේ එව්වා නම් රස විඳලා තියේ . මේවා කියවද්දී අපරාදේ කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අප්පා බින්දි...දන්සැල් මිස් කරගන්නව කියන්නෙ ලොකුම ලොකු අඩුවක් තේරුණාද

      Delete
  8. හැලපයියට වෙන වැඩක් නැද්ද යකෝ දවස ගානේ ලියන්නේ.. අපිනේ අමාරුවේ වැටෙන්නේ. දවස් දෙකක් ඉදල ආවම මේං දෙකක් තුනක් දාලා හරියට අපේ අරුණි ස සපිරෝ උන්දැ වගේ.. හැක් හැක්..

    එළ එළ... මේකත් මොනාලිසා දකින මගේ කොටසක් කියල හිතමුකෝ.. හෙහ්.. අර මල් සාරි ඇදපු දෙන්නගේ කතාව බුලත් විටක් කෑවයි කිව්ව ගමන් එක පාරට කව්ද කියල ඔළුවට එන තරං ලස්සන උපමාවක්.. හැක්.. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං මාත් කල්පනාකලේ මේ මනුස්සයාගේ වැඩ තහනං කරලද මන්දා මේදවස්වල

      Delete
    2. @දේශා,අටම්
      එච්චර මහ වැඩක් නෙවෙයි බංලා...දවස් තුනක් ගෙදර හිටියා...කරන්න වැඩකුත් නෑ කොම්පියුටරේ කොටනව ඇරෙන්න...ඉතිං ගහල දැම්මා...

      Delete
  9. /* අනෙ ඒකටත් එක්ක මෙදා සැරේ...ඕනැනං මළුවෙ ක්‍රිකට් ගහන්න වුණත් හොඳට ඉඩ තිබුණා...

    රුවන්වැලි සෑයට ගියා...එතනත් එහෙමයි සෑ මළුවෙ පුට්බෝල් මැච් එකක් ගහන්නත් ඉඩ තිබුණා...

    දන්සැල්වලත් ඒ විදියමයි...පෝලිං මොකුත් නෑ...කෙලින්ම ඇතුළට ගිහිං බෙදාගෙන කන්න පුලුවන් බුපේ එක වාගෙ...*/

    මගේ වලිය මේකයි.

    ඇයි දන්සැල් ගැණ කියන කොට ක්‍රීඩා උදාහරණයක් ගත්තේ නැත්තේ?

    අඩු ගානේ කැරම් බෝඩ් එකකින්, දාං, පංචි පෙතකින්, ජිල් බෝල ගහන එකෙන්වත්?

    ReplyDelete
    Replies
    1. මේකනෙ කකා...දන්සැල් ගැන කියද්දි උදාහරණ අවශ්‍ය වුණේ නෑනෙ...ආයෙම ලියද්දි බලමුකො

      Delete
  10. අනුරාධපුරේ එදා සෙනග හිටියෙ නෑ වගේම සුනාමියෙන් පස්සෙ අපි කතරගම ගිය වෙලාවෙත් ඔය වගේ සෙනග හිටියෙ නෑ. වෙනද මහ ‍දේවාලෙ පූජාවට දේවාලෙ වටේ පෝළිම තිබ්බට එදා දේවාලෙ තියෙන සීනු ටික ගහන්නවත් මිනිස්සු හිටියෙ නෑ.

    අර දන්සැලේ කෑම බීම වගේම දුම්රිය මගීන්ට දීපු අවවාදෙත් සෑහෙන්න වටිනව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රසන්න...කොච්චර කිව්වත් හැම අවුරුද්දෙම ඔය පාලම් වල වැදිල මිනිස්සු මැරෙනවා...

      Delete
  11. මොනාලිසා පෙන්නලා හිටිං බොලං...

    ReplyDelete
    Replies
    1. හරි හරි සිරා...එන සතියෙ ඉඳං මෝනාලිසා බලමු...

      Delete
  12. maru maru ekaparatama lipi 3 ma kiyewwa.dan nam badaginiy wage

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්...පුලුවන්නම් සිංහලෙන් ලියන්න පටන්ගන්න

      Delete
    2. mamath kamathi eth karanana therenne ne.mage mewa gane knowledge eka zero.anika mata thiyenne office eken dipu lap ekak.mata eke administration ne.mukuth install karanna be.thanks

      Delete
  13. අනුන්ගේ පොත් කියවන්න නම් හැලප කන්න එන්න ඕන නෑනේ. අවුලක් නෑ. හැලපෙගෙගේ ආතල් එකක්නේ.... මට නම් හැලපෙගෙ කතා ඊට රහයි. ඇත්තටම අනුරාධපුරේ ඉන්න සාස්තර කෙල්ලෝ නම් අනික් කෙල්ලන්ට වඩා රුවින් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. මම හිතන්නේ බින්දිගේ පෝස්ට් එකකත් මම මේ කතාව කිවා. ඇත්තටම මම හිතන්නේ නම් උන් අශෝකමාලා පරපුරේ ඒවුන්ම තමා. හැමදාම ෆොටෝ එකක් ගන්න කියලා ගිතාගෙන ගියාට. අද වෙනකන් ගන්න බැරි උනා. උන් දැක්ක ගමන් වෙන එකක් නේ ෆ්ලෑෂ් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි භද්‍රජි එක්ක අවුලක් ද?

      Delete
    2. කිසිම අවුලක් නෑ. මෙතනට එන්නේ, හැලපයා ලියන ඒවා කියවන්න නේ...

      Delete
    3. ඒක හරි හැලපයි බිබික්කනුයි රසවල් දෙකක් නෙ පොල් තිබුනට.

      Delete
    4. කේන්ති ගන්න එපා මාතලන්...මාත් රසවිඳපු පොතක් අන් අයගෙත් රස වින්දනය තකා දැම්මා තමයි...

      Delete
  14. මම හිතන්නේ මම අසනීප වෙලා ඉන්නේ හැලපයාගේ දන්සැල්වලින් කාලමද කොහෙද....:D:D

    //එතනම තිබ්බ නෙළුම් මල් දන්සැලකින් මලුත් අරගෙන පොලිසියෙන් නොමිලෙ දෙන මසාජ් එකත් අරගෙන මළුවට ඇතුල්වුණා...//

    මේ මොකක්ද මේ?

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මතක නැද්ද ඒ දවස්වල ඔය කොයි තැනට ගියත් . පොලිසියෙන් ගැජට් එක හිටන් අත ගෑවනේ, ගෑණු කට්ටියටත් එහෙමද දන් නැ. සමරිසියන්ටනං මරු පල්ලම

      Delete
    2. ඒක තමා ඒ දවස්වල අටං පොලිං ගැහිලා හිටියේ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පොඩ්ඩිලව මසාජ් කරන්නෙ පොලිසියෙ කෙල්ලො...වෙලාවක ගිහින් මසාජ් එකක් ගන්න වටිනව...නොමිලෙනෙ

      Delete
  15. //ඇත්තටම අනුරාධපුරේ ඉන්න සාස්තර කෙල්ලෝ නම් අනික්
    කෙල්ලන්ට වඩා රුවින් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා.//

    ඕකට හේතුව තමා මාතලන් එයාලගේ ගම තියෙන්නේ ඔය තඹුත්තේගම පැත්තෙනේ , ඉතින් එයාලගේ අනිත් කට්ටිය රටවටේ ඇරියට ලස්සන කෙල්ලන්ව එහෙම අරින්නේ නැ. ඇයි ඉතින් ඇහෙන්හරි කනවනේ , අප්සට් උන්දලව රට වටේ ඇරලා අරයලව දානවා එදිනෙදා ජොබ් වලට . අනුරාධපුරේ ආවා හවසට ගෙදර ගියා .

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන්.. හැබෑවටම ලස්සන කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ.. හැමදාම...

      Delete
    2. උඩින් කියපු මාතලංගේ කතාවත් ඇත්ත සේ හිතන්න පුළුවන් වගේම අටම් කියන දේත් බොරුවක් කියන්න අමාරුයි.

      Delete
    3. ඉස්සර ඔය කස්ටිය ගමක හිස් ඉඩමක ට ඇවිල්ල පොල් අතු කුඩාරම් ගහගෙන [ගොඩක් වෙලාවට වැවක්/ඇලක් ආශ්‍රිත]මාසයක් විතර නැංගුරම් ගහල සාස්තර සහ රිලා/නයි නැටිවිලි පෙන්නල ගමේ කට්ටියගෙන් ගාන කපල හවසට ඒ ගමේම කෂියා/රා විකුණන එව්වන්ට පුදල සමහර ගෙවල් වලින් දීපු හාල් සිල්ලර වලින් කාපු එවුන් බොහොමයි.

      Delete
    4. වැඩේ ඇත්ත...දවල් දවසෙම බොරු කිය කියා ඇවිදල හවසට ගාණකුත් හොයාගෙන ගෙදර යනවා...

      Delete
  16. අනුරාදපුරේ රුවන්වැලිසැය ලඟ ඉන්න සාස්තර කාරියෙක් හැමදාම වදේ සාස්තර කියන්න .. මං කීයක් හරි දීලා අහන්නේ නැතුවම යවනවා. අපෙ හාමිනෙයි කෙල්ලයි මට වදේ අහන්න දෙන්න කියලා. ඔය අම්මන්ඩි මොකක් හරි අපබ්‍රන්ශයක් කියලා මගෙ කෙල්ලගෙ හිත අප්සෙට් කලොත් කියලා මං ශේප් වෙන්නෙ. එකදවසක් අපෙ හාමිනේට අහන්ඩම ඕනෙ උනා. බැලුවා විතරයි අම්මන්ඩි අපේ පැත්තට එන්න ගත්තා. ඈත ඉඳන්ම කියන්න ගත්තනෙ වරුනෙ.. අනෙ අපෙ මහත්තයා නම් හරිම සීදේවි කරුණාවන්ත කෙනෙක් නෝන නම් පුංචියට හිටියාට කට සැර කෙනෙක් නෝනා එවුවා නම් ඔඳ නැ.. කට කතුරී ගෙට නපුරී.. (අනේ පවු තරහ උනාම කතාව බිංදුවට යන එකයි මට තියෙන ප්‍රශ්නෙ..) සාස්තරේ එතනින් ඉවරයි.. එදායින් පස්සෙ සාස්තර කාරි දැක්කම මටත් කලින් එපා කියන්නෙ අපේ හාමිනේ..

    ReplyDelete
    Replies
    1. අන්න මරු පෝරියල් එකක් දිල.. සරා අයිය ගොඩ තමා ඉතින්.

      Delete
    2. අත දික්කරන්නත් ඉස්සෙල්ල සාත්තර ගෑණි නෝනව බ්ලාස් කරලනෙ...ඉතිං මල පනින එක අහන්නත් දෙයක්ද

      Delete
  17. මේකත් අරාබි නිසොල්ලාසය වාගෙයි පෙන්නේ...හොදා,හොදා........

    ඔය අනුරාධපුර පැත්තේ ගිහින් ගිනි වතුර නොබී බෙලිමල්,රණවරා කෝප්පයක් වගේ බිවනම්......... :D

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිල්ල මනෝජ් අසූතුනේ වගේ වෙච්චි සිද්දියක්...අපි ඉතිං නාහෙට අහන්නෙ නැති තරුණයොනෙ.

      Delete

ඔබේ අදහස්