Wednesday, May 1, 2013

55.මෝනාලිසා සහ කරෝලිස් (18+ද මන්දා)




 අර මම ලියපු මෝනාලිසා කතාව ඉවර කරන්න බැරිවුණානෙ...මෝනාලිසා ගැන මට එකපාරට මතක් වුණේ ඇයි දන්නවද...ඔය චිත්‍රයට දැන් අවුරුදු පන්සිය ගාණක් වයස වුණත්  මෝනාලිසා ගැන පර්යේෂණ සංවාද තාම ඉවර නෑනෙ...මේ ඊයෙ පෙරේදත් මම දැක්ක පත්තරේක ලිපියක් ඔය මෝනාලිසා චිත්‍රයෙ පසුබිම ගැන... තව කියල තිබුණා චිත්‍රයෙ එක තැනක 75 තියෙනවලු...ආයෙම මෝනාලිසාගෙ ඇස්වල ඉලක්කම් වගයක් ගැනත් කියල තිබුණා...මටනං ඔය කියපු මොකුත් පෙනුනෙ නෑ ඒ වුණාට  කියල තියෙන්නෙ මේ අපි වාගෙ දුහුනන් නෙවෙයි ඕව ගැන හොඳට දන්න කරන අයනෙ...

ඉතිං ඔය කතා දකිනකොට මටත් මතක් වුණා අපි පැරිස්වල ලූව්ර කෞතුකාගාරයට ගිය වෙලේ මෝනාලිසාව දැක්ක නේද කියල...

මම කිව්වනෙ චානි අක්ක පැරිස් ආපුවාම මම කතාකලා කියල...

දින ගැන නම් ප්‍රශ්ණයක් නෑ මල්ලි ඒත් තවම මගෙ බැගේජ් ආවෙ නෑනෙ...ඒක නැත්නම් ඔයාලට නිදාගන්න දෙන්න කොට්ටයක්වත් නැතිවෙනව...

කොහොමහරි අප්‍රේල් මාසෙට කලින් බැගේජ් එක ඇවිත් තිබුණා...

බස් එකේ පැරිස් යන්නත් පුලුවනි කෝච්චියෙ යන්නත් පුලුවනි ඒත් හැලපියි පුතයි දෙන්නම වඩා කැමතිවුණේ තාලිස් අධිවේගී දුම්රියේ යන්න...හැබැයි බස් එකට වඩා ගණන් වැඩියි.


සෙනසුරාදා අපි මාකට් යන දවසෙ ඒ ගමන්ම මිඩි ස්ටේෂන් එකට ගිහින් තාලිස් දුම්රියට ටිකට් අරගෙන එමු කියල අපි කතාවුණා...සාමාන්‍යයෙන් මගෙත් එක්ක මාකට් යන්න හෙට්ටිආරච්චිත් එනවා...ඊළඟ සෙනසුරාදා අපේ ගෙවල් පිටිපස්සෙ තියෙන ට්‍රෑම් පොලෙන් ට්‍රෑම් එකට නැගල අපි දෙන්න මිඩි ගිහින් ටිකටුත් අරගෙන ආපහු එන්න ලෑස්ති වෙනකොට හෙට්ටිආරච්චි කියනව...

යමුද සුයිඩ්...

ඒ මොකටද සුයිඩ් යන්නෙ...

මම ඇහුවා...

යංකො වැඩක් පෙන්නන්න...

එක ස්ටේෂන් එකනෙ...ආයෙම ට්‍රෑම් එකට නැග්ග අපි සුයිඩ් වලින් බැහැගත්තා...

දැන් හෙට්ටිආරච්චිගෙ පස්සෙන් මම යනවා...දිගටම ගිය අපි එක පාරකට හැරුණා...

වෙනත් පාරවල්වල දෙපැත්තෙම තියෙන ගොඩනැගිලි මේ පාරෙ එක පැත්තක විතරයි අනික් පැත්ත හිස් ඒ පාකිං වලට...

දකුණු පැත්තෙ තියෙන ගොඩනගිලි හැම එකකම පාර පැත්තට වීදුරු කවුළුවක් ඒ කවුළු ඇතුලෙ එක එක වයස්වල එක එක පාටවල එක එක හැඩවල කාන්තාවො වාඩිවෙලා ඉන්නව...ඒ තමයි ලිංගික සේවාවන් සපයන්නියන් එතකොට මේ පාර රතු එළි වීදියක් හෙවත් රෙඩ් ලයිට් ස්ට්‍රීට් එකක්...මේ රතු එළි වීදි යුරෝපෙ පුරාම වාගෙම ඉන්දියාවෙත් තියෙනව.


බෙල්ජියමෙ ලිංගික සේවා සපයන්නියන්ගෙ වෘත්තිය නීතිගත කරල නැතත් තහනමකුත් නෑ...කිලෝමීටරයක් විතර දිග වීදිය දිගේ කාන්තාවන්ගෙ දිහා බල බලා ඇවිදගෙන ගිහින් තමන් තෝරාගත්ත තැන දොරට තට්ටු කරපුවාම දොර ඇරගෙන එළියට එන කාන්තාවක් ගණන කියනව...ගාණට කැමතිනම් ඇතුළට ගිහින් කාන්තාව සූදානම් වෙනතුරු සිසිල් බීමක් බොන්න දෙනව හැබැයි හරිම මිළ වැඩියි කෝක් එකක් යුරෝ හතරක් විතර වෙනවා...ඒ වගේම අවශ්‍ය කරන කොන්ඩම් හෙවත් රේන්කෝට් පවා මුදලට සපයනව...

 යුරෝපෙ රතු එළි වීදිවල ඉන්න කාන්තාවන් ඉන්දියන් කාන්තාවන් වගේ ගණුදෙනු කරුවන්ට බලපෑම් කරල බලෙන් ඇතුළට අරගෙන යන්න හදන්නෙ නෑ...ඔවුන් තමන්ගෙ පාඩුවෙ කවුළුව ඇතුලෙ පුටුවක වාඩිවෙලා තොල්වල ලිප්ස්ටික් ආලේප කරමින් හෝ තේ කෝප්පයක් පිළියෙල කරමින් හෝ පොතක් පත්තරයක් කියවමින් ඉවසිල්ලෙන් තමන්ට ගණුදෙනුකරුවෙක් ලැබෙනතුරු ඉන්නව...ඔවුන්ගෙ මිළ පැය ගණනට පැයකට කාන්තාවක් මිළදී ගන්න කෙනෙකුට හරියටම පැය අවසානයේදී එළියට බහින්න වෙනව...එහෙම බැරිවුණොත් වැඩිපුර ගෙවන්න ඕනැ...නැත්නම් මනුස්සයයි කලිසමයි දෙකම එළියට දාලයි දොර වහන්නෙ.

 ඔය කතාව අපි ගෙදර ඇවිත් කියපුවාම හැලපිටයි හෙට්ටිආරච්චිගෙ පවුලටයි දෙන්නටම ඕනැවුණානෙ බලන්න යන්න...ඒ පාරෙ ගෑණු කවුරුවත් යන්නෙ නෑ කියල තමයි බේරගත්තෙ...

රේන්කෝට් දානව කිව්වහම මට තව කතාවක් මතක් වුණානෙ...බ්‍රසල්ස්වල අපේ ගෙවල් ළඟම තිබුණු සුපර් මාකට් එක තමයි ජී බී...ඔය සුපර් මාකට් එකට අපට හැමදාම වාගෙ යන්න වෙනව එක එක දේවල් ගන්න...යුරෝපෙ ග්‍රීෂ්ම නිවාඩුව වෙනකොට ජී බී එකේ වැඩ කරන අය ඔක්කොම වාගෙ නිවාඩු අරන් ගම් රටවල හරි පිට රටවල හරි යනව මාස තුනක් විතර දිග නිවාඩුව ගතකරන්න...ඒ දවස්වලට කවුන්ටර්වල වැඩකරන්නෙ ඉස්කෝලෙ කෙල්ලො ඉස්කෝලත් නිවාඩුනෙ අමතර මුදලක් හොයාගන්න.
 

 බඩු අරගෙන සල්ලිගෙවනකොට කවුන්ටරෙන් හැමදාම වගේ ඔය ප්‍රමෝෂන් දාල තියෙන දෙයක් නොමිලෙ දෙනවා...පොඩි චීස් ස්ලයිස් එකක්,චොකලට් එකක්,ටොපියක් ආදී වශයෙන් මොනව නමුත් අතේ තියනවා...
දවසකුත් මම බඩුඅරන්  සල්ලි ගෙවපුවාම කවුන්ටරේ හිටිය කෙල්ල පොඩි පැකට් එකක් මට දුන්නා මාත් ඒක මොකක්ද බලන්නෙවත් නැතුව සාක්කුවෙ දාගෙන ගෙදර ආවා.

පස්සෙ දවසක හැලපි මගෙ ඩෙනිම හෝදන්න ගත්තහම සාක්කුවක කොන්ඩම් දෙකක් (මගෙ ඩෙනිම කිව්වෙ මගෙ ඩෙනිමට හෙන්රියගෙ  එක නෙවෙයි මට නං එකයි තියෙන්නෙ කූපං පොත වාගෙ හෙන්රියට සැට් එකක්ම තියෙනවනෙ )

මම වැඩ ඇරිල එනකොට හැලපි ඉන්නව මූණත් එච්චර හරි නෑ...මම ඇයි කියල අහපුවාම...

මේ මොනවද...

හැලපි කොන්ඩම් දෙක පෙන්නනව...මටත් එකපාරටම මීටර් වුණේ නෑ පස්සෙ මතක් වුණා එදා සුපර් මාකට් එකේදි මොනවද සාක්කුවෙ දාගත්ත නේද කියල...

ආ ඔය එදා ජී බී එකෙන් හම්බවුණා ප්‍රමෝෂන් එකක්ද කොහෙද...

ජී බී එකේ මේ දවස්වල ඉන්නෙ පොඩි කෙල්ලොනෙ...ඔවුන් ඕව දෙයියැ...

පොඩියක් ලොකුවක් මම දන්නෙ නෑ...මට දුන්නෙ කවුන්ටරේ හිටපු කෙල්ල...

හැලපිත් හිතන්නෙ යුරෝපෙ කෙල්ලොත් ලංකාවෙ කෙල්ලො වාගෙ කොන්ඩම් ගැන අහලවත් දැකලවත් නැති පාරිශුද්ධ අංගනාවො කියලනෙ...

ඒ කතාව එතනින් ඉවරවුණා...හවස හෙට්ටිආරච්චි අපේ ගෙදර ආපු වෙලාවෙ මම ඔය කතාව කියපුවාම පොර කියනව මටත් හම්බවුණානෙ කියල... ඒ අස්සෙ මගෙන් අහනව...

නිකං හම්බවෙච්චි එකෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නැද්ද...

මටනං ඔව්වයෙ එච්චර ගාණක් නෑ...ඉස්කෝලෙ යන කාලෙ වැස්සට රේන්කෝට් ඇන්දට පස්සෙ රේන්කෝට් පාවිච්චි කරලම නෑනෙ...

ඔය අපේ මැරිච්චි ඩැනිස් රේන් කෝට් ගැන කියපු වෙලාවට මරු කතාවක් කියනව...

චෙහ්...වැඩක් නෑ ඕයි...කොළේ පිටින් චොකලට් කනව වාගෙනෙ...

ඉස්කෝලෙ යනකාලෙ අපි තුන්දෙනාට පොඩි රේන් කෝට් තුනක් අරන් දීල තිබුණ වැස්සට අඳින්න...අනේ වැස්සදාට ඒක ඇඳපු ගමන් කොල්ලො හිනාවෙනව බිල්ල කියල...මාත් මොකද කරන්නෙ රේන් කෝට් එක ගලෝල කිහිල්ලෙ ගහගෙන හබරළ කොළයක් ඉහලගෙන අනික් එවුනුත් එක්ක ගෙදර එනව...මොකෝ ඒ කාලෙ ඔය ආගිය අතේ ත්‍රී වීල් තිබුණු එකක්යැ ස්කූල් හයර් දුවන...මුලු ටවුමෙම තිබ්බෙ හයර් දුවන කාර් හතරක්ද පහක්ද කොහෙද...

හයරිං කාර් කියපුවාම මරු කතාවක් මතක් වුණානෙ ඉඳපල්ලකො ඒ කතාවත් කියනකල්...

 තාත්තා හැමදාම වැඩ ඇරිල තාර පාර දිගේ පයින් ඇවිත් නියරට බැහැල වෙළෙන් එගොඩවෙලා ගෙදර එන්නෙ...පඩිදාට රාවුතර් කඩෙන් සිල්ලර බඩු ගෝනියක් අරගෙන චුට්ටෙගෙ රතුයි සුදුයි ඩැට්සන් කාරෙකට දාගෙන ගෙදර එනව...ඒ කාලෙ දැන්වගේ ගෙවල්වල වාහන තිබුණෙ නෑ...අපේ ගෙදර තිබුණෙ බර කරත්තයක් විතරයි...ඉතිං කාරෙකක් ගමට එනව කියන එක ඒ කාලෙ ලොකු දෙයක්.

කරෝලිසුත් හැන්දැකොරේ අඩියක් එහෙම ගහල ගේ ඉස්සරහ ඉඳන් කාරෙක එනව බලාන ඉන්නව...

යකෝ...රාළහාමිට හැම මාසෙකම කාරෙකක එන්න පුළුවන් නම් මට මොකද බැරි...

ඔහොම හිතල වළං විකුණල සරුවුණු දවසක අඩියකුත් ගහල බඩුත් අරං ටවුමෙන් කාරෙකක් හයර් කරගෙන ගෙදර ආවා...

කරෝලිස්ව මිදුලෙන් බස්සපු කාර් කාරය හයර් එකත් ඉල්ලගෙන ආපහු යන්න කාරෙක හැරෙව්වා...

හෝව්...හෝව්...

අපරාදෙනෙ හිස් කාරෙක ආපහු යන්නෙ...

කියල වෙරිමතේ ආයෙම කාරෙකට ගොඩවුනු කරෝලිස් ආපහු ටවුමට ගිහින් පයින් ගෙදර ආවා...

 කරෝලිස් නිදාගන්නෙ මැටිගෙයි ඉස්තෝප්පුවෙ තියෙන වැල් ඇඳේ...රෑට බත්කාල විටකුත් හපල ඇඳේ ඇලවුණාම වෙරිමතයි අලවත්ත පැත්තෙන් එන හීතල හුළඟයි කරෝලිස්ගෙ කූඩාරම  උස්සන්නෙ නිරායාසයෙන්...

දැන් ඉතිං කරෝලිස්ට මක්කොරලවත් එක විදියක ඉන්න බෑ...

ඕයි...ඕයි...

කරෝලිස්ගෙන් ගේ ඇතුළෙ ඉන්න පවුලට ලැබෙන ආදර ආරාධනාවට ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ...ඒත් කරෝලිස් නෙවෙයි අත අරින්නෙ...

ඕයි...මෙහෙට එනවකො ඕයි...

ඒ ගමන කරෝලිස්ගෙ සද්දෙත් වැඩියි...පවුලගෙ පුෂ්පය විකසිත වෙන්නෙ කරෝලිස්ගෙ අඬෝඇඬියාවට...

මොන මළ කරදරයක්ද...ළමයිනුත් ඇහැරල...

පවුල කසුකුසුවෙන් කියනව...

ඉන්නව ටිකක් ඉවසගෙන...

ළණු ඇඳට ආපු අහිංසක ගෑණිට අනේ කොටිය පැන්න වාගෙ තමයි...

අර කෙන්ජිය කිව්වත් වගේ යටිබඩ කොරවෙන්නම සලකල තමයි කරෝලිස් පවුලව අත අරින්නෙ...

ඔය හැලපි (හෝව් හෝව් ඒ කාලෙ හැලපි නෙවෙයිනෙ බිරිඳ දැන්නෙ උඹල ඒ යස අගේට ඉන්න මනුස්සයට නං වනං පටබැඳල හැලපි කියල බවුතීස්ම කරල තියෙන්නෙ )

ඉතිං බිරිඳ අපේ ගෙදර ආපු මුල් දවස්වල කරෝලිස් පවුලට හොරෙන් වළං දෙකතුනක් පන්නගෙන අපේ ගෙදර එනව වළං ටික කීයකට හරි බිරිඳට දීල කසිප්පු බොන්න යන්න...

වළං ටික පොල් ගහක් මුල තියල ඉස්තෝප්පුවට ඇවිත් එකෙල මෙකෙල වෙවී ඉන්න කරෝලිස්ගෙන් අපේ අම්ම අහනව...

මොකද කරෝලිස් උදේ පාන්දර...

නෑ මැණිකෙ මේ චූටි මැණිකෙ හම්බවෙන්න කියල...

හැමදාම වළං මොකටද කරෝලිස්...ඔන්න ඔයටික අරං පළයං...

කීයකට හරි වළං ටික බිරිඳගෙ ඇඟේ ගහල තමයි කරෝලිස් ආපහු යන්නෙ...

ඒ දවස්වල අපි දෙන්න වැඩට ගිහින් ආපහු එනකොටත් කරෝලිස් ගේ ඉස්සරහ පාරට වෙලා ඉන්නව...

ෂෝක් වළං ටිකක් තියෙනව චූටි මැණිකෙට හෙට උදේ ගෙනත් දෙන්නං මට රුපියල් පහළොවක් දෙන්ඩකො...

වළං වැඩක් නෑ කරෝලිස් වළංවල දාල උයන ජාතිවත් ගෙනත් දෙනවනං සල්ලි දෙන්න බැරියැ...

හැබෑටම කරෝලිස් අපි මේ අව්වට කලුවෙනව...කරෝලිස් කොහොමද ජම්බු ගෙඩිය වාගෙ රතුවට  ඉන්නෙ...

ඇයි චූටි මහත්තයො මං පොඩිකාලෙ අවුරුදු හතක් විතර වෙනකං අම්මගෙන් කිරි බිව්වලුනෙ...

ඊට පස්සෙ බිව්වෙ පවුලගෙන් නේද කරෝලිස්...

හෙහ් හෙහ් අපේ චූටි මහත්තයත් කියන කතානං අම්මප...

කරෝලිස් මැරෙනකොට මම ලංකාවෙ හිටියෙ නෑ...කොයි රටේ හිටියද මතකත් නෑ මරණෙ ගැන මට කවුරුවත් දන්වල තිබුණෙ නැති නිසා...ඒ හින්ද තාම මගෙ හිතේ කරෝලිස් පණපිටින් ඉන්නෙ...

දැන් වුණත් කරෝලිස්ගෙ ගේ ඉස්සරහ පාරෙන් කන්ද නැගගෙන මම එනකොට කරෝලිස් හිනාවෙවී ඉස්සරහට එයි කියල මට හිතෙනව.

 ඕං බලහල්ලකො...මෝනාලිසා ගැන ලියන්න අදත් බැරිවුණානෙ...ඊළඟ සැරේ නම් ලියන එක ලියනවමයි...බොරුනං බලපල්ලකො.

95 comments:

  1. මොනාලිසා ගැන නම් ඔහෙ කොහෙන් හරි කියවන්න බැරියැ අයියෙ..කරෝලිස්ලා ගැන කොහෙන් කියවන්නද මේ අපි...ඔහොම යන්..ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. හරියට හරි වෙනී,හිමිහිට කියවමුකො මෝනාලිසා ගැන මොකක්ද තදියම

      Delete
  2. මොනාලිසා මොකටද මෙයා. මේවා තියේනං... ලිස්ට් එකට මොනාලීසාවත් දාගත්තා... උමත් නිකං අර සරුංගලයක් වගේ ලියන්න ගත්තම. හුලග එන එන පැත්තට යනවා.. හැක්.. තෝ මේක උවමනාවෙන්ම තමා කොරන්නේ ආයේ දෙකක් නෑ..

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් කමක් නෑ උඹට රහ නං,ඒක නෙවෙයි උඹත් මේ දවස්වල එන්නෙ නිකං අවාරෙට අඹ වැටෙන්නැහෙද මන්දා...දැන් දරුවන්ටත් සනීපයි නොවැ

      Delete
  3. මේ ලොකු අයියේ , ලොකු මග් එකක් අරගනින් , ඒකට දාහං 200ml , තව ඒකට දාහං අයිස් කැට දෙකකුත් , අරගන ඇවිත් ඉදගනින් ලැප ඉස්සරහා , බීහං චුට්ට චුට්ට , , ආයේ නැගිටිලා යන්නේ නැ බෝතල් කබඩ් එක පැත්තේ , එතකොට උඹට මේ මොනාලිසාව අහවර කොරත හැකි.

    අත් දැකීමෙන් කියන්නේ , ඔව්වා අධික බේබදු කමේ පලවිපාක , (මම නං අයිස් දාන්නැ)

    හොහ්.....හොහ්......

    ReplyDelete
    Replies
    1. කොහොමද අටම් බෝතලේ ගෙනත් මේසෙ යටින් තියාගත්තනං...මේ දවස්වල රෑට මෙහෙට හරියට වහිනව බං

      Delete
  4. රේන්කෝට් , කොලේ පිටින් චොකලට් සහ කරෝලිස්.....

    ReplyDelete
    Replies
    1. අයිලාස්ට ඔව්ව ගැන තවම අත්දැකීම් නැතුව ඇති මගෙ හිතේ

      Delete
    2. හෑ.... එහෙමද හිතන්නේ?

      Delete
  5. මොනාලිසා වගේද කරෝලිසා..

    මේකේ කතා ගොඩයි.. කොමෙන්ට් දාන්න බයයි. මේ යකා ඩිලීට් කොරලා දානවා නේ. වරු ගනන් ටයිප් කොටලා අලවන ඒවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.මෝනලිසා කතාව කියවල,කොමන්ට් ටිකත් කියවගෙන යද්දී මාරයත් දිගට ලියල තිබුන එක පස්සෙ කියවනව කියල බැලුවම මොකුත් නැහැ.

      Delete
    2. පිස්සුද මාතලන් මම එහෙමත් කොරනවද...මාතලන්ගෙ කමෙන්ට් මම කොච්චර ආසාවෙන්ද කියවන්නෙ

      Delete
    3. @කෙන්ජි
      අන්න තියෙනව බං ගිහින් කියවපං උඹගෙ මිණිපිරී හෙවත් හිරූ කෙල්ල ගෙනැත් අලවල තිබුණා තිබ්බ විදියටම

      Delete
    4. අප්පට එහෙමද හිටහං බලලා එන්නං

      Delete
  6. හැක හැක හැක... හික්ස්....
    එහෙනං මොනාලිසා ගැන ඊළග පාරවත් බලමු...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ බණ්ඩො,ඊළඟ එක බලන්නකො ඇවිත්

      Delete
  7. ඔය කොහෙවත් ඉන්න මොනාලිසෙක් වගේද හැලපෙ මේ කරෝලිසා වගේ පොරවල්.
    ඉතිං ඒ කාලෙ ගෙදර වලං වැඩි හින්ද පොඩි වලියක් ගියත් වළං සෙට් එකක් පාවෙනවලු ගෙවල් පැත්තෙ නේද? :D

    ReplyDelete
    Replies
    1. වළං බිඳපු කතාවකුත් තියෙනව ප්‍රසන්න,ඒකත් හිමිහිට කියන්නම්කො

      Delete
  8. කොන්ඩම් එකක් තමන්ගේ නෝනට අහු උනාම නම්
    ඉතින් ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා ..
    " නෑ ළමයෝ මම නිකන් ගත්තේ " කියන්නැයි ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සහන් නිකන්ද කියන්නෙ අතේ කෝට් කියල
      අනේ මල්ලියෙ උඹ නං දෙයියෙක්

      Delete
  9. හැලපයියාගෙ කතා දැක්කම ඔබා අය්යගෙ කතා මතක් වෙනව..

    ReplyDelete
    Replies
    1. කට්ටියම ඔය කතාව කියනව එදිරි...මම නං ඔබා ලියපු කාලෙ බ්ලොග් කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ

      Delete
  10. අනේ හැලපය නොදුටි මොනාලිසා... අටං අයිය කියල තියෙන දේ කොළා නම් අපිත් මොනාලිසා ගැන කියවලා මෙලහට.

    ReplyDelete
    Replies
    1. අටම කියන දේවල් ගණං ගන්ඩ එපා ඩ්‍රැකී,ඌ ඔය ආදරේට කියන්නෙ

      Delete
  11. ජංජාලෙම ඉන්න අපිට මොටද මොනාලිසා. ඒ වගේද කරෝලිස්. මට පෙන්නෙ ඔබා අයියගේ තිබුනු පදුර වටේ තැලිල්ලත් නියමෙටම හැලපෙ අයියටත් තියනවා.

    ReplyDelete
    Replies
    1. මම හැඳින්වීමෙදිම කිව්වේ වෙද මහත්තයෝ. ලිවිල්ල විතරත් නෙමෙයි, පෙනුමත් ඒ වගේමයි. මේ වගේ තව එකෙක් අහු උනා ඩ්‍රැකියුලා කියලා මම දැක්කා වෙද මහත්තයා ඒ පැත්තේ ගොඩ වෙලා තියෙනවා...

      Delete
    2. ඒකනෙ වෙද මහත්තයො,මෝනාලිසා ගැන ඕනැ කෙනෙක් කියයි කරෝලිස් ගැන කියන්නෙ මම විතරයිනෙ

      Delete
    3. ඔය ඉන්නෙ මාතලන් ඩ්‍රැකියුලා උඩ,මම ගියානෙ උගෙ බ්ලොගටත්

      Delete
  12. සිරාවට මොනාලිසාට වැඩිය ආතල් කතා කරෝලිසා ලග තියෙනනව බං හැලපයියේ.

    හැලපයියා කතාවක් ලියන අස්සේ කතා ගොඩක් කරකවල කතාවේ රස වැඩි කරනවා. උඹ කතන්දර උල්පතක් බොල..

    ජය !

    @මහවෙදනා - මම මේ බේලොගට කමෙන්ට් කරපු මුල්කාලෙ කිව්වා හැලපයියා ඔබා මාමා වගෙ කියලා (ලිවිල්ල..)

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද සෑමො,උඹල කරෝලිසාගෙන් ආතල් ගන්නකොට මට බුදු ෆිට්

      Delete
  13. මෙතන කතා සාගරයක්නේ..... නියමයි හැලප මාමේ..... අර මොනාලිසා පව් ඒත්..... ඊළග ලිපියෙන්වත් එයාට පොඩි ඉඩක් ලැබෙයිද බලමුකෝ.....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ පොඩි සමනළියේ,මෝනාලිසාට එන්න වුණේම නෑනෙ තව
      (කමක් නැද්ද 18+ ඒව බැලුවට )

      Delete
  14. ඔං කථා දෙකම එක හුස්මටම කියෙව්වා...

    අපුරුයි,නියමයි......ඇ......

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මනෝජ්,දිගටම එන්න

      Delete
  15. උඹ ලියන්නේ අයියේ එහෙං මෙහෙං වංගු දාලා වෙන එක හැබෑව.. ඒත් මේ අපේ එකාලත් මේක කියවන්නේ වංගු දාලද කියලයි මට තියෙන පුරස්නේ.. නැත්තං යකෝ මුංට මං ඇවිල්ලා අහනකල් ඉන්න ඕනද අර පුරස්නේ අහන්න..?

    “හෙට්ටිආරච්චිත් එක්ක සුයිඩ් ගොහිං මොකද කොලේ..?“

    හා දැන් ඉතිං වංගු නොදා දීහං උත්තර... :D

    ReplyDelete
    Replies
    1. මාරයත් මාර පුරස්නනේ අහන්නෙ,ඈ බං මාරයො බොට අහන්න තිබ්බෙ නැද්ද
      "මොකද අයියේ සුයිඩ් කියන්නෙ" වාගෙ අහිංසක පුරස්නයක්,එහෙනං මම මෙන්න මේ ආකාරයට උත්තර දෙනවා පොර වගේ,
      මාර මල්ලි,ප්‍රංශ භාෂාවෙන් සුයිඩ් කියන්නෙ දකුණ...බ්‍රසල්ස්වල ස්ටේෂන් තුනක් තියෙනව...බ්‍රසල්ස් නෝඩ්...ඒ කියන්නෙ උතුරු දුම් රිය පොළ
      ඊළඟට බ්‍රසල්ස් මිඩි...ඒ කියන්නෙ මධ්‍යම දුම් රිය පොළ
      ඊළඟට බ්‍රසල්ස් සුයිඩ්...ඒ කියන්නෙ දකුණු දුම් රිය පොළ
      පොඩ්ඩක් ඉංගිරිසි වලට සමානයි නේද...ඔය වික්ටෝරියානු යුගයෙ එංගලන්තෙ වැදගත් උදවිය ඇංග්ලෝ-සැක්සන් භාෂාව කතා කරල නෑනෙ...ඒ අය කතා කරල තියෙන්නෙ ප්‍රංශ...අර වැදගත්කම පේන්ඩ අපේ උදවිය ඉංගිරිසි කතා කරනව වගේ...ආයෙම සාර් යුගයෙ රුසියාවෙත් නින්දගම් ආදිය හිමි මහ ධනවතුන් තමන්ගෙ දරුවන්ට ප්‍රංශ ගුරුවරු ගෙදරට ගෙනත් තියාගෙන භාෂාව උගන්නපු හැටි ඔය ගොගොල්,ලෙර්මන්තෝව්,පුෂ්කින් වගේ රුසියන් ලේඛකයො ලියල තියන හැටි සෝවියට් යුගයේ සාහිත්‍යයට පෙර රුසියන් සාහිත්‍යය අරං බැලුවම පේනවනෙ...නරකද ඉංගිරිස් එක්කම ප්‍රෙන්ච් ටිකකුත් ගොඩ දාගත්ත නං...
      ඉතිං කෙලින් අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයකුත් දෙන්න වෙනව ඒකනෙ මහත්මා ගතිය...
      ඔය කවුළුවල ඉන්න මානවිකාවො පැයකට අයකරන ගාණ අපි තුන්දෙනාට කන්න සතියකට ගෙදරට බඩු ගේන්න ඇති...ඉතිං විස්තර හොයාගෙන දොරකට තට්ටු කරල ගණං එහෙම අහගෙන ආවා...ආපහු එනින් ගමන් ඒ පාරෙම තව ජාතියෙ තැනකටත් ගියා...ඒකත් පස්සෙ ලියන්නං...ලස්සන කතාවක්.

      Delete
    2. ඉතිං බං අයියේ මේකේ තියෙනවා නෙව මෙහෙම..
      //නැත්නම් මනුස්සයයි කලිසමයි දෙකම එළියට දාලයි දොර වහන්නෙ//

      තට්ටු කොරලා මිල අහං ආවද.. නැත්තං දෙන්නං කාසි වලට ඇතුලට ගොහිං කෙලවිලා කලිසම අතේ අරං එළියට ආවද..? :D :D :D

      Delete
    3. ගියපු එකෙක් කිව්වෙ බං

      Delete
    4. ගියපු එකෙක් කියලා කිවේ හලපයියාටමද?

      Delete
  16. ලංකාවෙ ඉපදුන අපට මෝනලිසා වගේද,
    කරෝලිසා
    කර්තේලිසා
    කොර්නේලිසා ලගේ කතාවල්.
    ඒ වගේම මෙවුන් මොන මල ජරාව බීල හතර ගාතෙන් ගෙදර ආවත් රෑ දහය මාර,එකොලහ වෙද්දී ගෙදර ගෑනිගෙත් යටි බඩ කොර කොරල,එකට බීපු අල්ලපු ගෙදර යාලුවගෙ ගෑනිටත් රෑ දොළහට විතර එකක් ඇනල එනව ඒ ගෑනිට පහුව දා උදේට කහට කෝප්පයක් හදන්නවත් නැගිටගන්න බැරි වෙන්න.
    දැන් ඉන්න කොල්ලන්ට උස්සපු කෙල්ලව,කාමරේට ගෙවන ගානට අමතරව අර වෙළද දැන්වීම් වල තියෙන >>වැඩේට පැය 1/2කට පෙර පෙති 2ක් ගිලින්න.පෙත්තක මිල රු.60/=ක් පමණි<<නැතිව වැඩ පෙන්වන්න බැහැ.
    ඒ කාලේ එහෙමයි/මේ කාලේ මෙහෙමයි.

    ReplyDelete
    Replies
    1. එළ එළ

      Delete
    2. අන්න මිනිස්සු අන්න මිනිස්සු හොඳට කාල බීල හොඳට වැඩ පෙන්නුව...පෙති ගහල මොන මගුලද කරන්න පුළුවන් කෙන්ජියො...නිකං විනාස වෙනව

      Delete
    3. කෙන්ජි,
      ඔබ කුමන වයසක පසුවන අයෙක්ද කියා මා දන්නේ නෑ. මගේ අප්පච්චි දැන් හයවෙනි දශකය ගෙවමින් සිටිනවා. මම තෙවැනි දශකයට ළගාවෙමින් ඉන්නවා, මේ විස්තර ටික කීවේ මම බ්ලොග් ලෝකයේ කාටත් මචං කියමින් අමතන්නට කැමැති නිසයි. ඔබටත් එසේමයි.
      මචං උඹේ ඉහත කොමෙන්ටුවෙන් වගේම තවත් මා කියවා ඇති බොහෝ කොමෙන්ටුවලින් අපේ පරම්පරා ගැටුම generational conflict මනාව පිළිබිඹු වෙනවා. ඉහත කොමෙන්ටුවෙන් පැහැදිලි කෙරෙන අදහස වෙන්නේ අපේ පරම්පරාවෙ උන්ට තිබුණු ලිංගික ශක්තිය හා හැකියාව නව පරම්පරාවේ උන්ට අහිමිව ගොස් තිබෙන බවද?

      පරම්පරා ගැටුම සාමාන්‍ය ස්වභාවික තත්වයක් ..නමුත් එම ස්වභාවික ඊර්ෂ්‍යාව නැත්නම් නව යුගයේදී තමන්ට හිමිකරගත නොහැකි තත්වයන්ගේ ඇරියස් ඇර ගැනීම සදහා හුහ් තොපි මොනා කරත් අපේ මෝලගස් වලින් කොටපු කෙටිලි තොපට කොටන්නට බැහැ ගනයේ කොමෙන්ටු වලින් ඔබ උත්සාහ කරන්නේ කුමක් තහවුරු කරන්නද?

      Delete
    4. මම ලබන මස පස් වන දශකයට පිය මනින්න බලාපොරොත්තුවෙන් සිටිමි.
      ඔබට හැකිනම් ඔසු සල් 10කින් අහල බලන්න ඔය"පෙති"මිල දී ගන්නෙ මොන වයස් කාන්ඩයේ අයද කියා.
      දැන් රජය විසින් තහනම් කරන්නත් යනවනෙ ඔය පෙති.අපි වැඩ පටන් ගත්ත කාලේ ඔය පෙති ගැන අහල තිබුනෙත් නැහැ.
      මාගේ ඉහත කොමෙන්ටුව නිසා ඔබට යම් කිසි "කිචියක්"ඇතිවී තිබේ නම් කියන්න මම එය ඉවත් කරගන්නම්.

      Delete
    5. ඩ්‍රයි ජින් කාලක් ගැහුවම ව්‍යාඝ්‍රා කැළේ. මලත් මරු. ඒත් හෝටල් වල මල් තියෙනවය මල වදේ. ඉස්සර උන් වැඩේට ඉස්සෙල්ලා විටක් කන්නෙත් මේ වැඩේටය කියලා, සැක්ස් බයිබලේ තියෙන්නේ...

      Delete
    6. ඩ්‍රයි ජින් වල ක්‍රියාකාරිත්වය ඇහුවෙ අදයි.බුලත් විට නම් ප්‍රබල වාජීකරණයක් කියල අහල තියෙනව...හැබැයි බුලත් පමණයි.මල් ගැන කිසිම අත්දැකීමක් නෑ.

      Delete
    7. @රතු රජරට;
      ඔබ අවසානයෙ ලියල තියෙන දැන් කාලෙ කොටට ඇදල,සික්‍රට් එක පාට පාට පටියකින් වහගෙන,බඩ පොත්තට ගිය,බුරියට රිදී මාංචු දාගෙන,ලය මඩලේ සමනලයෝ කොටාගෙන,වලලු කරට උඩින් පත්තෑයො ගෝනුස්සෝ කොටාගත්ත,තට්ටමේ උෳරගේ කට පච්ච කොටා ගත්ත එකිලට කොළ 2ක 3ක් දුන්නම [යෙන් 10'000ක් කියන්නෙ කොලයක්]විනාඩි 45කදී විතර තලු මරන්න පුළුවන්.
      මම පිළිවලින් බිරිදගේ/දුවගෙපුතාගෙ වයස දානව ඔබට බාරයි මා තරුන අයට කුහකත්වයෙන් කතා කරනවද කියා,38/17+/10+මම 49+ හරිය.
      මම ඉහලින් කියපු දේවල් ඇගපුරා නැති,ජම්බෝල ගැට කාලේ වගේ පපුව හැදුන/හාල් වී කොටල බඩ ගල් ගෙඩිය වෙච්ච්/දෙල් කොස් කාල "බොග්වාර්ඩ් කාර්"එකේ වගේ පස්ස ලොකු ඒවා මම රෙදි නැතිව දැකල තියන නිසා තරුන පරපුර ගැන කිෂිම කුහකත්වයක් නැතිබව සලකන්න.

      Delete
    8. රතු රජරට ++++++
      මේකත් එක්තරා විදිහක ලෙඩක්.

      Delete
    9. @ Kenji @ Japan

      1. මම ලබන මස පස් වන දශකයට පිය මනින්න බලාපොරොත්තුවෙන් සිටිමි.

      2. මම 49+ හරිය.

      මේ දෙක නොගැලපේ!

      දෙවෙනි වාක්‍යය හරි යැයි සිතමි. එසේ නම් ඔබ ලඟවෙමින් සිටින්නේ හයවෙනි දශකයටයි.

      පළමු දශකය 0-9
      දෙවන දශකය 10-19

      යනාදී වශයෙන්.

      Delete
    10. /* මගේ අප්පච්චි දැන් හයවෙනි දශකය ගෙවමින් සිටිනවා. මම තෙවැනි දශකයට ළගාවෙමින් ඉන්නවා..*/

      එසේම "රතු රජරට" අවුරුදු දහනමයක පමණ තරුණයෙකි. තවමත් දෙවෙනි දශකයේ සිටිමින් තෙවෙනි දශකයට ලඟාවෙමින් සිටී.

      Delete
    11. පැහැදිලි කිරීම ගැන තේරුම් මද සරුයි.මම ද සොයිස එකෙ ඇට තුනේ හයවෙනි මාසේ ආවල් දවසෙ ඉපදිල තියෙන්නෙ සීසර් කරලා.යකෝ වාරික ගෙවන්නෙ නැතිව නෙමේ,මගෙ කද ලොකු හින්ද හරහට පිහිටල නිසා බඩ කපල මැවුම් 12ක් දාල තමයි මාව එලියට අරන් තියෙන්නෙ පළමු යකා විදියට.
      එතකොට මට 50හද 60ද කකා ???????????????????????

      Delete
    12. සොයිසා එකේ?

      එහෙනං ඔහෙත් මරදානේ පොරක්. මාත් ඔතනම තමයි උපන්නේ. මගේ දූ කුමාරියත් උපන්නේ එතනමයි.
      http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html

      වසතර 1963 උපන් ඔබ මේ ගෙවන්නේ පස්වෙනි දශකයේ අවසන් කාලයයි. නැතිනම් පනස්වෙනි අවුරුද්දේ දවසන් මාස කීපයයි.

      මෙවර උපන් දිනයෙන් පසු ඔබේ දිවියේ පනස් එක්වෙන වසර ඇරඹේ. එය ඔබේ ජීවිතයේ හයවෙනි දශකයේ ද ආරම්බයයි.

      හැබැයි හැට පිරෙන්න නම් තවත් අවුරුදු දහයක්ම යන්න ඕනෑ.

      එතෙක් උඩින් ම ගමන් බිමන් යමු!

      Delete
    13. ඒ මොකද බන්, එතකල් විතරක් උඩින් යන්නේ, 60 පැන්නමත් උඩින් යන්න උඹට හැකිවේවා කෙන්ජි.

      Delete
  17. රවීයයියා, ඔබා මාමා, හැලපයියා.... තව කවුද මේ ජාතියේ ඉන්නේ... මාරයියවත් ළඟින් තියන්න පුළුවන් නේද.... හි හි....

    කෙන්ජි සීයාත් පටන් ගන්නකෝ අප්පා බ්ලොග් එකක්...

    ReplyDelete
    Replies
    1. මම දන්නා හදුනන මට බාල අය කියන්නෙ අයියා කියල.
      මෙතෙක් කල් මට අකමැතිම වචනය වූ අන්කල් කියන වචනයත් ඉරිසියා කාරයන්ගෙන් අසා තිබෙනව.
      අද හිරු දරුවගෙන් මම 80 වෙ වයසෙ අයට කියන නම අහගත්ත :(
      කමක් නැහැ දරුවනේ මගේ දරු දෙදෙනාගේ දරුවන්ගෙන් අහන්න තිබුන වචනෙ හිරු දරුව ප්‍රථමයෙන් කිව්ව හින්ද ඇස් දෙකට උඩින් තියෙන නලලෙනුත් කදුළු ආව ඇස් දෙකට :) :) :).

      Delete
    2. පව් හිරුවෝ ...මටත් ඇඩෙනවා

      Delete
    3. රවියගෙ තැලිල්ල තමා තැලිල්ල හිරූ,අපට ඒ තැලිල්ලෙ ළඟින් යන්නවත් බෑ දැනට රවි තලන ගොමු තැලිල්ල ගමකට ඇති

      Delete
    4. මේ හිරූ,මම හැලපයිය නං කෙන්ජියත් අයියා හරිද ඔන්න අහිංසකයට කඳුලුත් ඇවිත්

      Delete
    5. මේ කොයි රවී ගැනද බං උඹලා ඔය කියන්නේ

      Delete
    6. @ කෙන්ජි, මට අර කමෙන්ට් එක උච්ඡාරණය කරන හැටිත් ඇහෙනවා වගේ බං. :-(

      @ හැලපේ, හලපයා අයියා නම් කෙන්ජියා සීයා, ඒ කියන්නේ කෙන්ජි සීයානම් බොලාත්....

      @ අටම්, මේ ඉන්නේ

      Delete
    7. http://ranrandil.blogspot.com/
      මෙන්න මේ රවියා ගැන. ඕකා මගේ පරම හතුරා නම් තමයි. නමුත් මාර ලියවිල්ලක් බං ලියන්නේ.

      Delete
    8. රවියගේ ලියවිල්ලත් කියල වැඩක් නැහැ හෙන්රි.
      අටම රවියව දන්නේ නැහැ කිව්වම පුදුමයි.

      Delete
    9. අප්පට මේ රවීද ඕක බ්ලොග් බ්ලොග් රෝලෙත් තියනවා මගේ . එකපාරට කම්පනාවට ආවේ නැ

      Delete
    10. පිරිමි අපේ ළය මඩල සුණු විනුසුණු කරලා දාන්න ස්ත්‍රියකගේ එක වචනෙකට ඇහැකි නෙව කෙන්ජි අයියේ.දුක් ගන්ට කාරී නෑ ඉතින්.ඕව ගැන හිතන්න එපා වැඩිය.ඒත් ඇයි අනේ එයා එහෙම කරේ..? :(

      Delete
    11. @සහන් මල්ලිය;
      විසේකාර වචන භාවිතා කරන නාකි අපිට ඕවා හොද පාඩම් :).
      ඒ කොමන්ට් එක මගේ බිරිදට/දුවට පෙන්නල අද දවස හොදට පපුව හෙල්ලෙන්න හිනා වෙලා වතුර විදුරු 8ක්ම පෙව්න.
      හිරු දුව කාගේවත් ලයමඩල සුනුවිසුනු කරල දාන්න ඕන කමකින් ලිව්වයි කියල මම නම් හිතන්නෙ නැහැ මල්ලියෙ,ලෝකයේ සම හරක් එකීලා කරන පර වැඩ දැක්කම.

      Delete
    12. මොකද මේ වෙලා තියෙන්නේ... මෙහේ කඳුළු ගංඟාවක් නේ.... ගිලෙන්න තමයි වෙන්නේ ආවොත්.... හි හි...

      මං ඔය කාටවත් අයියා, මාමා, සීයා කිව්වේ වයසවල් ගැන හිතලා නෙවෙයි.... මේ ලියන අත්දැකීම් ගැන හිතලා... මගේ ෆේවරිට් බ්‌ෙලාග්කාරයෝ අතර ඉන්න අත්දැකීම් බහුලම ( ජීවිත අත්දැකීම්, දේශපාලන අත්දැකීම්/අදහස්, සමාජීය අත්දැකීම්) කට්ටිය අතර ඔය කීපදෙනාම ඉන්නවා.. එහෙම බැලුවාම කෙන්ජි තමයි සීයා වෙන්නෙ.. රවිටත් සීයා කියතෑකි.. ඒත් දැන් රවියයියා කියන එක කටට හුරු වෙලා... ( හැබැයි දැන් පේන හැටියට මෙයා අපේ තාත්තට වඩා අවුරදු 7ක් බාලයි.. හි හි)

      Delete
    13. ඉහළ සිට පහළට පෙළගස්වන්න බලන්න.අඩුම තරමේ මුල් 5 දෙනා හෝ නම් කිරීම සිදු කරන්න.කාරුණික ඉල්ලීමකි.අපිත් දැනගන්න එපැයි මේකේ අත දරුවෝ සහ යමක් කමක් තේරෙන අය ගැන...

      Delete
    14. අනේ හිරුවො ඔබගෙ කොමන්ටුව නිසා හැලපගේ වේදිකාවේ සහෝදරත්වයෙන් ටිකක් විනෝද වුන එක විතරයි අපි කතා කොලේ.
      කාවත් රස විදවන්න තමයි ලිපි වලට මම ඇත්ත දේම දන්න භාෂාවෙන් ලියන්නෙ.
      ගොඩක් වෙලාවට තරුන කාලෙ ගැවසෙන්න ලැබුනෙ බුද්ධිමත් අංකල්ලා/ඇන්ටිලා එක්ක./
      ඒ වලින් ලැබුන අත්දැකීම් තමයි මම මේ අකුරු කරන්නෙ.

      Delete
    15. විහිළු තේරෙන මනුස්සයෙන් කියලා දන්න නිසා තමයි කෙන්ජි බය නැතුව සීයා කිව්වේ... දැන් ඉතිං අර මගේ උඩින් තියෙන යෝජනාවත් සලකා බැලුවොත් හොඳයි.... හි හි...

      Delete
    16. නොදෝමකින් මේ නාකි එක්ක මේ බ්ලොග් කෙරුවාව කොරන්න බැහැ.. අපි වගේ කොල්ලන්ටත් තැනක් නැතිව යනවා... :D :D :D

      (ෂික් මේක ඇනෝ කොමේට් එකක් හැටියටයි දාන්න තිබුනේ... (නාකි කියන පදය ගාවට තව පදයකුත් එක්කහු කොරලම දාලා)

      Delete
    17. @මාරය මලය:
      තොපව අල්ල ගන්න බලාගෙන හිටියෙ.අර කොමන්ට් එකට දීල තියෙන හෑල්ල පට්ට.

      Delete
  18. කොලේ පිටින් චොකලට් කනවා...හහහා මේක තමා සිරාම කතාව! :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොලේ පිටින් චොකලට් කාලා නැතෙයි රජෝ

      Delete
    2. රජත් චොකලට් කාවි අටමෝ ඔහොම යනකොට

      Delete
  19. මොනාලිසා එන්නේ නැතෑ.. ඔන්න ඔහොම යං අපි. බලන්නකො කතා කෝටියයි නේ මේකේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ චන්දන මෝනාලිසා එන දවසක ඒවිනෙ

      Delete
  20. මේ කතන්දර මල්ලේ මා කැමතිම කොටස මෙයයි.

    /* කරෝලිස් මැරෙනකොට මම ලංකාවෙ හිටියෙ නෑ...කොයි රටේ හිටියද මතකත් නෑ මරණෙ ගැන මට කවුරුවත් දන්වල තිබුණෙ නැති නිසා...ඒ හින්ද තාම මගෙ හිතේ කරෝලිස් පණපිටින් ඉන්නෙ...*/

    මගේ ස්කේල් එකේ හැටියට අද ලියල තියෙන ලිපියේ කතන්දර දහයක් විතර තියෙනවා.

    එයින් ලොකුම කතාව සැඟවිලා තියෙන්නේ ඔය කෑල්ලෙයි.

    එහෙම නේද හැලපකාරයෝ?

    ReplyDelete
    Replies
    1. එකඟයි කකා,ඔබ කියන්නෙ හදන්නෙ ලොකුම කතාවක්...මේ ගැන මම වෙනම පෝස්ටුවක් දමන්නයි හිතාඉන්නෙ.

      Delete
  21. අම්මප හැලපයියෙ.........වෙරි මතට කූඩාරම් ඉහිලෙනවද...??

    ReplyDelete
    Replies
    1. එහෙමලුනෙ වීයො
      කොහෙද ගිහිං හිටියෙ

      Delete
  22. මොනාලිසා ගැන පර්යේෂණ කරපු කණ්ඩායමක් මොනාලිසාගේ දතක් පනුවෝ කා ඇති බවත් හක්කේ දත් දෙකක් අඩු බවත් කාලෙකට ඉහතදී කියලා තිබුණා. එක අතකට උන් වගේ පිස්සෝ ජාතියක් තවත් නැතුව ඇති. ගත්ත ෆොටෝ එකක්නම් හොයන්න ජාති තියෙනවා. ඒත් ඇඳපු එකක?

    හැලපි ඉවසන ඉවසිල්ලම ඇති හැලපයියේ. යකෝ ලජ්ජා නැතුව තව පාරවල් ගානේ ගිහිං ගෑනිටත් කියනවද ඔහොම එව්වා? අනික අර රේන්කෝට් මාට්ටු වෙච්ච වෙලාව. වෙන ගෑනියෙක්නම් මෙලහකට ඩිවෝස්..

    බීලා හිටියා උණත් කරෝලිස් තමා මොලෙ පාවිච්චි කරලා වැඩක් කරලා තියෙන්නේ. අපේ ඉන්න හරක් ගමනෙන් බාගයක් ගිහිං සම්පූර්ණ ගමනටම සල්ලි දෙනවනේ. :D

    ReplyDelete
    Replies
    1. \\\මොනාලිසාගේ දතක් පනුවෝ කා ඇති බවත් හක්කේ දත් දෙකක් අඩු බවත් කාලෙකට ඉහතදී කියලා තිබුණා. එක අතකට උන් වගේ පිස්සෝ ජාතියක් තවත් නැතුව ඇති. ගත්ත ෆොටෝ එකක්නම් හොයන්න ජාති තියෙනවා. ඒත් ඇඳපු එකක?//

      මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ මේ වහේ ඒවට අකම්.:(

      Delete
    2. පාරවල් ගානෙ ගිය එක නොකිව්ව නං තමයි අකම් වැරදි,මොන මගුලක් කලත් ගෙදර මනුස්සය දැනුවත් කරල තිබ්බ නං ප්‍රශ්නවලින් සීයට පණහක් ඉවරයි.
      අනික කොන්ඩම් මම අරගෙන සාක්කුවෙ දාගෙන හිටියෙ නෑනෙ...කඩේ කෙල්ල දුන්නු ඒවනෙ...මට ඒව එන ගමන් බින් එකට දාන්න අමතක වුණා

      Delete
  23. වටේ යනවනම් තමයි එත් කතා අහුරනම් කදිමයි.

    //ඔය හැලපි (හෝව් හෝව් ඒ කාලෙ හැලපි නෙවෙයිනෙ බිරිඳ දැන්නෙ උඹල ඒ යස අගේට ඉන්න මනුස්සයට නං වනං පටබැඳල හැලපි කියල බවුතීස්ම කරල තියෙන්නෙ )//

    හැලපයාගෙ මායියා හැලපි තමයි; අපිද "හැලපයා" කිව්වෙ....(හැලපකඩේ තේගිරිස් කිවිවනම් අවුලක් නෑනෙ)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සුමිත්,තේගිරිස් කියල නම දාගත්තත් මෙවුන් කියයි තේගිරිසගෙ ගෑණි කියල

      Delete
  24. හම්මෝ මගේ ඩෙනිම බේරිලා තියෙන බේරිල්ලක්!

    උඹත් මේ ආත්මෙට කියන කතාවක් නෙවෙයි මේ මොනාලිසා නම්. අරකගේ වාංපතුල් කතාව වගේ.

    ඒත් කමක් නෑ, මේ වනේ කතා. අර කරෝලිසා කාරේකේ ආපු කෑල්ල නම් පට්ට. දැන් ඔන්න කෙනෙක් කියන්න පුලුවන් ඉස්සර මිනිස්සු නිරෝගීව හිටියේ ඔය අද වාගේ නෙවෙයි, කාර් එකක් අරන් ගෙදර ආවත් ආපහු ඒකෙම ටවුමට ගිහින් පයින් එන්න තරම් ශරීර සෞඛ්‍ය ගැන හිතපු හන්දයි කියලා.

    මචං, අවංකවම කිව්වොත් කවුද බං ඇත්තටම අර යස අගේට ඉන්න නෝනට හැලපි කියලා නම දැම්මේ?

    ReplyDelete
    Replies
    1. හා...උඹ එනකල්මයි හිටියෙ,ඇත්තම කියපන් බලන්න මම කෙලින්ම මෝනාලිසා ළගට යන්නද වටේ තල තලා යන්නද...ඇයි මෙහෙම රහ නැද්ද.
      ඔය හැලපි කියල නම පටබැඳපු එකාව අපි දෙන්න තාම හොයනව මචං...ළඟදිම අහුවෙයි.

      Delete
  25. කතාවේ නම වෙනස් කරන්ට තිබ්බේ 'මොනලිසා සහ කරෝලිසා ' කියලා.
    මම හැලපි නම් මට තරහා යන්නේ අර 'සුයිඩ්' විසරේ දැක්කාම. එහෙමනම් ඉතින් 'suicide ' තමයි. :D

    ගිය පාර පෝස්ට් එකේ තිබුනු, අපේ ලස්සන කමෙන්ට්ස් කවුද කාලා දැම්මේ?:)

    ලියන හැටි ලස්සනයි හැලපයෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනං පොඩ්ඩියෙ මටත් නම ඔය විදියට දාන්නම හිතුනා...එහෙම තමයි ගැලපෙන්නෙත් ඒත් කවුරුහරි කිව්වොත් මගෙ ලොකුකොමට දුප්පත් අහිංසක මිනිහෙකුට ගරහනව කියල ඊට පස්සෙ තව ලෙඩක්.
      මතකනෙ අර මගෙ එක පෝස්ට් එකකදි පොන්නය කිව්ව කියල ගියපු වාදෙ...අන්තිමේ මම සමාව ගත්තනෙ...ඕං ඕක නිසා තමයි නම ඒ විදියට දැම්මෙ...ඔයා මේ කතාව මතුකරපු එක හොඳයි.
      අර සුයිඩ් වැඩේ නං එච්චර කේන්ති ගන්න දෙයක් නෙවෙයිනෙ...කාන්තා සිරුරක් කියන්නෙ පිරිමි කවුරුත් බලන්නට ප්‍රියකරන කලාත්මක නිර්මාණයක්...ඉතිං ඔය ගැන එච්චරම ආවේගශීලී වෙලා ගෙදර නැති ප්‍රශ්න මතුකරගන්න එපා...මම මේ කිව්වෙ අනාගතයෙදි...ගැණි බැලුව ඒක එතනින් ඉවරයි...ඔය වගේ දේවල් සම්බන්ධයෙන් ඉතාම උපේක්ෂා සහගතව බලන්න දැන්ම තියාම ඉගෙනගන්න...එතකොට ඉස්සරහට කිසිම ප්‍රශ්නයක් ඇතිනොවේවි.

      පොඩ්ඩි මගේ කතා රස විඳිනවනම් ඒ තමයි මට තියන සතුට.

      Delete
    2. හැලප ++++++++++++++++++

      Delete
  26. ලංකාවෙ මොනලිසාල සෑහෙන සංක්‍යාවක් ඉතින් අර කරෝලිසාගෙ පවුල වාගේ තමයි .. නිකම් ආම්පන්නයක් වගේ පාවිච්චි වෙන්නේ.. ඉන් එහාට පවුල් ජීවිතයක් නෑ. මිනිහට ඕනෙ වෙලාවට සේවාව සපයන්න .. දෙකක් දාගෙන එනකොට ගෙදර දස සුමේම කරල පාං කියන්න ඉන්න බැරුව ඉන්න ගෑනි අර මිනිහට කියලා යටිබඩ කොර කරගන්නත් ඕනෙ. මට නම් ඔය කතා ඇහුවාම එන්නෙ කන්ගා‍ටුවක් සහ තරහක් විතරයි හැලපේ..

    ReplyDelete
    Replies
    1. පුරුෂ මූලික සමාජයක ඔවැනි දේවල් වලක්වන්නට අමාරුයි සරත්.ගෘහිණිය දවස පුරා ගෙදර කොපමණක් නම් වැඩ පොළ කරනවද කියල හරියටම දන්නෙ පිරිමි කීයෙන් කී දෙනාද.
      පොඩ්ඩ අතපසු වෙනකොට අඬන්තේට්ටම් වලටත් ලක්වෙන්න වෙනවා...ඒත් දැන් නම් මේ තත්වයේ යම්කිසි වෙනසක් ඇතිවී තියෙනව නේද.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. හැලපේ, මාත් අවුරුදු පහකට විතර කලින් තැලිස් එකේ පැරිස් ගිහින් මොනාලිසා බලාගෙන ආවා... හැබැයි තැලිස් එකට නැග්ගෙ ඇම්ස්ටර්ඩෑම් වලින්... ඇම්ස්ටර්ඩෑම් වල තියෙන රෙඩ්ලයිට් ස්ට්‍රීට් එකකත් ගිහින් බැලුවා... ඒත් ගනන් හිලව් අහන්න ගියේ නැහැ, ඒ වගේ දේකට ඒ කාලෙ එච්චර ගටක් තිබුනෙ නැති නිසා සහ මාව එක්කගෙන ගියපු සෙට් එකේ වෙන කෙල්ලොත් හිටපු නිසා (ලංකාවෙ නම්බුව තියන්න එපැයි)... :D

    කතා ටික හොඳයි, මං මේ මුල ඉඳලා කියවගෙන එන ගමන්... :)

    ReplyDelete
  29. කාලෙකින් හිත පිරෙන්න යමක් කියවන්නේ! අදයි මේ පැත්තට එවුනේ. :)

    ReplyDelete

ඔබේ අදහස්