Sunday, April 7, 2013

47.දෙසතියෙ දවස්




අනූ ගණංවල මුල් භාගයෙ මම වැඩකළේ කොටුවෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ..ඒ දවස්වල ඔෆිස් එක තිබුණෙ ටෙලිකොම් ඉස්සරහ ට්‍රාන්ස්වර්ක් මන්දිරයෙ.

ඔය කාලෙ ඔෆිස් එකේ ප්‍රධාන කාර්යාල කාර්ය සහායක වුණේ හේමපාල(නියම නම නෙවෙයි ඒවාගෙ නමක්) හේමපාලයි තව ඔහුගෙ යාලුවො කීප දෙනෙකුයි හැමදාම කෑමට පෙර එළියට යනවා සප්පායම් වෙන්න.....එක්කො බෝතලයක් ගෙනල්ල දෙතුන් දෙනා ගහනව.

එක සඳුදා දවසක දවාලෙ මම කැන්ටිමට යනකොට හේමපාල ඇතුළු යාළුවො කට්ටිය ඉන්නව මූණෙන් මූණ බලාගෙන  හරියට අර මොනවද කාපු රිළව් වාගෙ.

මොකද හේමපාල......

බලන්ඩකො සර්....අද අරක්කු නෑනෙ....අපි ඊයෙ දන්නෙත් නෑ....පොට් එකට ගියා එතනත් නෑ.....වැඩි ගාණට ගන්ඩහරි කොහෙවත් නෑනෙ....

කෑම ටික කන්න මොනවහරි හොයාගන්න තිබුණනම් ලොකු දෙයක්.....

පියතිස්ස කියනව.....

එදා ලෝක අමද්‍යප දිනයද කොහෙද හැමතැනම බාර් වහල......

මුං ටික ඉන්න හැටි දැක්කම මට දුක හිතුණා.....ඒ දවස්වල මගෙ යාලුවෙක් හිටියා ෂොප් එකක මැනේජර් කෙනෙක්.......

පොඩ්ඩක් ඉඳපල්ලකො බලන්න......

මම යාලුවට කතාකලා.....

මෙන්න මේ අසනීප කාරයො ටිකක් ඉන්නව මචං......බේත් ටිකක් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්.......

උඹත් මාර කුණු කොන්ත්‍රාත් තමයි බං දෙන්නෙ ඉඳල ඉඳල.....බලපං මගෙ ලයිසන් එකත් ගහල යන වැඩක්නෙ....හරි හරි එවපංකො බලන්න....

ෂොප් එකට වාහනයක් යවපුවාම සේවකයෙක් පිටිපස්සෙ දොරෙන් ඇවිත් පෙට්ටියක් වාහනේට දාල යන්න කිව්වලු....

සල්ලි අරගෙනත් නෑ බිල් කඩලත් නෑ...

හේමපාල ඇවිත් මට විස්තරේ කියල සල්ලිත් දීල ලොකු ස්තූතියකුත් කලා....

කාටවත් කරන්න බැරි වැඩක් සර් කළේ.....

ඊට පස්සෙ කට්ටියම මගෙත් එක්ක ගොඩක් හිතවත් උණා.

 මේ කතාව මගෙත් එක්ක කිව්වෙ හේමපාල...

ඒ කාලෙ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමති ඩී.බී.විජේතුංග මැතිතුමන්.....එතුමගෙ කා.කා.ස.තමයි හේමපාල.

දවසක්දා කෝල් එකක් ආවලු එතුමගෙ ආසනේ වෙන උඩුදුම්බරින්...

 ආසනේ කාන්තාවක් ඇවිත් ඇමතිතුමාව හම්බවෙන්න පුතාට රස්සාවක්  හොයාගන්න..

ඒ කාන්තාව කොළඹ එන අතරෙ පුතා ඇක්සිඩන්ට් එකකින් මැරිලා......

කෝල් කරපු අය කියල තියෙන්නෙ ඒ කාන්තාව අමාත්‍යංශයට ආපුවාම සිද්ධිය ගැන කියන්නෙ නැතිව ෂේප් එකක් දාල ඉක්මනට ආපහු එවන්න කියලයි....

ඔන්න දැන් කාන්තාව අමාත්‍යාංශයට ඇවිත්....හේමපාලත් ඉක්මන් කරල ඇයව ඇමතිතුමා ළඟට එක්කරන් ගිහින්....

මේ කාන්තාව දැක්ක ගමන් ඇමතිතුමා....

හෑ....පුතා මළා නේද....

දඩ බඩාං....අනේ ඒ අහිංසක ගෑණු කෙනා එතනම සිහිනැතුව ඇදගෙන වැටිලා...

මම ගිය කාලෙ හිටියෙ ප්‍රවෘත්ති රාජ්‍ය ඇමති ඒ.ජේ.රණසිංහ.....විෂය භාර කැබිනට් ඇමති වි.ජ.මු.ලොකුබණ්ඩාරයන්......සංස්කෘතික ප්‍රවෘත්ති හා දේශීය වෛද්‍ය ඇමති...එයාට සංස්කෘතික හා දේශීය වෛද්‍ය විෂයය කරගන්න ඇරල රණසිංහ උන්නැහැ රූපවාහිනියෙත් ගුවන් විදුලියෙත් බලාධිකාරය පවත්වාගෙන ගියා...ඒ දෙකට නං කිසි කෙනෙකුට අත තියන්න දුන්නෙ නෑ.

ඔය කාලෙම අපි හිටපු ලස්සන ගොඩනැගිල්ල ජනාධිපති ප්‍රේමදාසගෙ ඇස ගැටුණා....කවුද මේකෙ ඉන්නෙ කියල හොයල බලල නියෝගය නිකුත් වුණා....

වහාම බඩුත් අරන් අයින් වෙන්න....මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න ගොඩනැගිල්ල ඕනෑ.

කොහෙ කියල යන්නද ගහෙන් ගෙඩි එන්නැහේ.....ඒ වෙනකොට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙලා හිටියෙත් දේශපාලන පත්වීමක් ලබල ආපු ජනාධිපතිගෙ ගෝලයෙක්...විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්....

යන්න තැනක් හොයනව හොයනව හම්බවුණේ නෑ....හැමදාම උදේට ජනාධිපති කාර්යාලයෙන් කතාකරල අහනව...

තාම ගියෙ නැද්ද ඉක්මනට යන්න...

කරන්නම දෙයක් නැතිතැන අපි බඩුත් පටවගෙන නාරාහේන්පිට රජයේ චිත්‍රපට අංශයට ගියා ඒකත් දෙපාර්තමේන්තුවට අයිතිවෙලා තිබ්බ නිසා...ගිහින් තැනින් තැන ගස් යටයි කොරිඩෝ වලයි බඩු තියාගෙන හිටිය අහිකුණ්ටිකයො වාගෙ.

සති දෙක තුනක් ඔහොම ඉන්නකොට තමා යන්න තැනක් ලැබුණෙ....ඒත් ඔක්කොටොම නෙවෙයි...

මැලේ වීදියෙ ඉස්සර අධ්‍යාපන අමාත්‍යාංශෙ තිබ්බ ගොඩනැගිල්ලට අංශ හතරක් ගෙනිච්චා...රක්ෂණ මන්දිරයෙ තට්ටුවක් කුලියට අරගෙන ඉතිරි ටික අරගෙන ගියා.

ට්‍රාන්ස්වර්ක් මන්දිරයෙ දාපු මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් නෑ...රෙපෙයාර් කරනව කියල ඒකෙ තිබුණු යකඩ වාගෙ හයිය බුරුම තේක්ක ලෑලි ටික නවලෝක මුදලාලි ගලවගෙන ගියාට පස්සෙ හිස්වුනු ගොඩනැගිල්ලට කොටුව පොලිසිය රිංගා ගත්තා.

මැලේ වීදියෙ අපේ ගොඩනැගිල්ලෙ පාර අයිනෙ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් කොළ කැඳ කඩයක් දාල තිබුණා ඔසු පැල අලෙවි සැලක් එක්ක......මට කොළ කැඳ රසවැටුනෙ  එතනින් කොළ කැඳ බීල...රුපියල් පහකට ලොකු කොළකැඳ වීදුරුවක් හකුරු කෑල්ලකුත් එක්ක හම්බවෙනවා...

මොන කොළ ජාතියෙන් කැඳ හැදුවත් කිසිම අමිරහක් නෑ හරිම මිහිරි රසයි.....අපිට ඔය විදියට කැඳ හදන්න බෑනෙ...දවසක් මම එතන කැඳ විකුණන මනුස්සයගෙන් ඇහුවා කොහොමද මේ විදියට කැඳ හදන්නෙ කියල...

මොන කොළ වර්ගයෙන් කැඳ හැදුවත් කොළ කොටද්දි මුකුණුවැන්න මිටියක් එකතුකරන්න....බත ඉදිල වැඩිවෙලාවක් ලිපේ තියන්න එපා කිරි පැහුණු ගමන් බාන්න.....

ඒ මනුස්සය ගුරුමුෂ්ටි නැතුවම මට සාස්තරේ දුන්නා.

මැලේ වීදියෙ ඔෆිස් එකේ කැන්ටිමක් තිබ්බෙ නෑ....කැන්ටිමක අඩුව පිරිමැහුවෙ පියතිස්ස...උදේට කෑම ජාති පාර්සල් කරගෙන එනව, තැනක් ලෑස්ති කරගෙන තේ හදනව...කෑම බීම ලඟටම ගෙනැත් දෙනව.

මොනව කළත් කොල්ලන්ගෙ හොඳම බයිට් එක වෙලා තිබ්බෙ පියතිස්ස...කාඩ් එක ගහල තිබුණෙ සමරිසි විදියට....උගෙ ඇති සමරිසියක් නෑ....අවුස්සන්නයි කියන්නෙ(ඒ දවස්වල මේ ලස්සන නම තිබුණෙ නෑ වෙන නමක් කිව්වෙ )

ඔෆිස් එක සුද්ද පවිත්‍ර කරන වැඩට හිටියෙ මරියදාස්....අහිංසක කොල්ලෙක්.....අපේ උන් මරියදාස්ට හෙලුවැලි පින්තූර පෙන්නල ඌව අවුස්සපු පාර කෙල්ලක් උස්සන් ගියා ගියාමයි ආපහු වැඩට ආවෙත් නෑ.

 ඊට පස්සෙ මරියදාස් වෙනුවට උගෙ මල්ලි මනුවෙල්ව වැඩට ගත්තා....මනුවෙල් වැඩ ඉවර කරල පියතිස්සටත් උදවු කරනවා....ඒ වෙනුවට පියතිස්ස මනුවෙල්ට කන්න බොන්න දෙනවා...

දවසක්දා කෑමට පෙර එළියට ගිහින් ආපු පියතිස්ස.....

හෙට මම නිමාඩු....තොගෙ පුක හෙට වේලිලා...

මනුවෙල්ට කිව්වා....මනුවෙල්ට මේක එච්චර තේරුණේ නෑ...ඇවිදින් මගෙන් ඇහුවා....

හෙට මගෙ පුක වේලිලාද සර්......

උඹ ඕව ගණං ගන්න එපා.....

කියල මම මනුවෙල්ව පිටත් කළා...

ආයෙම දවසක පියතිස්සව බයිට් කරන්න මනුවෙල්ට උගන්නල යැව්වා....රුපියල් දහයකුත් පගාව දුන්නා...

මනුවෙලා ගිහිං අපි උගන්නපු විදියටම කියනවා....අපි හැංගිලා අහගෙන ඉන්නවා....

අයියා.....මම හොඳ නැද්ද අයියා....ඇයි මගෙ දිහා බලන්නෙ නැත්තෙ....

මනුවෙල් කැඩිච්චි සිංහලෙන් කියාගෙන යනවා.....

මේ බලන්න අයියා මේ පැත්ත....

මනුවෙල් කියනකොටම පියතිස්ස උදේ ඉතුරුවෙලා තිබුණු ඉඳිආප්ප මුලකින් කෙලල ඇරිය පාර තහ් ගාල මනුවෙල්ගෙ මූණෙ....

ඔහෙ හිටු සක්කිළි වේසිගෙ පුතා...තොට කෙළවන්න.....

මනුවෙලා දුවන්න ගත්තා.....පියතිස්ස හැන්දකුත් අරං පස්සෙන් එලවනවා....

කියපිය කවුද තොට උගැන්නුවෙ.....

දුවන ගමන් මනුවෙල් අපේ නම් කියනව...පියතිස්සට හිනා...

මේ කරන වැඩවලින් අපරාදෙ අරූනෙ ගුටිකන්නෙ......

ආපහු එන පියතිස්ස කියනව.

ඒ දවස්වල මම දෙසතිය සඟරාවෙ බෙදාහැරීම බාරව හිටියෙ....ප්‍රේමදාස මහත්තයගෙ එක එක උත්සව රටපුරා පවත්තනකොට දෙසතිය අලෙවිහලකුත් නොවරදවාම එතන දානවා.

සැරයක් තෙල්දෙනියෙ තිබුණු ජනාධිපති ජංගම සේවයකට අපි ගියා...නවතින්න ලෑස්තිකරල තිබ්බෙ පොල්ගොල්ලෙ සමූපකාර විද්‍යාලයෙ.....දෙපාර්තමේන්තුවෙ ඡායාරූප ශිල්පියෙක් වුණු සරත් අපිත් එක්ක ගියා ජංගම සේවෙ පින්තූර ගන්න......පින්තූර ගන්න සරත්ල හැම අස්සක මුල්ලකම රිංගනවනෙ....මේ කතාව මාත් එක්ක කිව්වෙ සරත්.

ජංගම සේවයේ ප්‍රවෘත්ති රාජ්‍ය ඇමතිතුමාගෙ කාර්යාලය තියෙනවනෙ....ඒ.ජේ.රණසිංහ මහත්තයත් වාඩිවෙලා ඉන්නව සුදුම සුදු සූට් එකක් ඇඳල පුල් මේකප් කරල මාල වළලු දාල තොල්වල ලිප්ස්ටික් එහෙම ගාල හරියට නයිස් කාරය වාගෙ.

හැබැයි කිසිම කෙනෙක් වැඩක් කරගන්න එයා ගාවට එන්නෙ නෑ....ප්‍රවෘත්ති රාජ්‍ය ඇමතිගෙන් මොන වැඩේද මිනිස්සුන්ට කරගන්න තියෙන්නෙ....හිස් පුටුත් ඉස්සරහින් තියාගෙන මෙයා වාඩිවෙලා ඉන්නකොට රූපවාහිනියෙ කැමරා කෘ එක අමාත්‍යංශ දෙපාර්තමේන්තුවල ඇමතිවරුන් හා නිලධාරීන් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන ආකාරය රූපගත කරමින් එනවා.

දැන් ඒ.ජේ.රණසිංහ මහත්තය ඉන්න තැනටත් එන්න කිට්ටුයි....ඒ වුණාට එතන ආසාවකට බලු බල්ලෙක් නෑ....මැස්සො ඇහිරෙනව....එතකොටම ඉස්සරහින් ගෑල්ළමයි ටිකක් කිචි කිචි ගගා යනව.

හා එන්න එන්න වාඩිවෙන්න.....

රණසිංහ මහත්තය අර ගෑල්ළමයි  ඔක්කොටොම කතාකරල ඉස්සරහින් වාඩිකරවගෙන අර ළමයින්ගෙ අතේ තිබුණු සහතික පෙරල පෙරල බලනවා. 

ඔය අතරෙ එතනට ආපු රූපවාහිනියෙ අය මේ ගොල්ලන්වත් රූපගත කරගෙන ගියා.

කැමරා කෘ එක පිටත්වෙනකන් බලාගෙන හිටපු ඇමතිතුමා.....

දැන් මේ ළමයි මොනවටද ආවෙ...

ගුරු පත්වීමක් ගන්න පුලුවන්ද බලන්නයි ආවෙ සර්....

ඩිග්‍රියක් තියෙනවද.....

ඩිග්‍රියක් නං නෑ සර්....

ආපෝ.....ඩිග්‍රි නැතුව කොහොමද ගුරු පත්වීම් ගන්නෙ...ඩිග්‍රි තියන අයටත් රස්සාවල් නැතුව ඉන්නව...මේව නං කරන්න බෑ...යන්න...යන්න.

කිව්ව කියල සරත් අපිත් එක්ක කිව්වෙ හිනාවෙවී. 

 රණසිංහ මහත්තය දැන් කොහෙ ඉන්නවද දන්නෙ  නෑ...හැබැයි තාම රජාගෙ දෑත් ශක්තිමත් කරන්න නම් ගිහින් නෑ.
 
දැත් ශක්තිමත් කරන්න දැන් යන හිකනල්ලුන්ගෙ හැටියට රණසිංහ මහත්තය ගියානම් හොඳ පෝස්ට් එකක් කරගෙන ඉන්න තිබුණා.

50 comments:

  1. රණසිංහ උන්නැහේගෙ "සෙරෙප්පු හෝදල වතුර බොන" කතාවට වඩා එදාවේල දේශපාලුවන්ගේ "දෑත් ශක්තිමත්"වචනෙ නැගල ගිය නිසා තමයි ඔහුට තැනක් නැති වුනේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද සෙරප්පු කතාව....?

      Delete
    2. දැන් මර්වින් වගේම තමයි ප්‍රේමදාස ගෙ කාලේ කවටය තමයි රණසිංහ.
      ප්‍රසිද්ධියෙ එයා කියල තිබුන ප්‍රේමදාසගේ සෙරෙප්පු දෙක හෝදල ඒ වතුර උනත් බොනව කියල.

      Delete
    3. ඔය සෙරෙප්පු කතාවට ඔය කාලෙ පත්තරවල කොච්චර කා‍ටුන් තිබුනද..?

      Delete
    4. සෙරප්පු සුප් ගැන දැනගන්න හිරුව පොඩි වැඩියි වෙන්නැති ඒ කාලේ

      Delete
    5. එහෙමද... ඒ කතාව අදයි දැනගත්තේ... නලින් අයියා හරි... ඔය කාලේ ගැන නම් එච්චර දන්නේ නෑ තමා... ඒකනේ මේවා බෙල්ල කඩාගෙන කියවන්නේ... හි හි

      Delete
    6. දැන් එවුන්ගෙ දෑත් ශක්තිමත් කෙන්ජියො පැන්න ගමන් සාටකේ එල්ලෙන්න

      Delete
    7. @නලීන්,
      ඒකනෙ නලීන්,බැලුවාම හිරූ මේ නොදරුවෙක්නෙ ලොකු ටෝක් දදා හිටියට

      Delete
    8. මාත් මේ අහන්න හැදුවේ සෙරෙප්පු කැඳ බිව්වේ නැද්ද කියලා.

      Delete
  2. //රණසිංහ මහත්තය දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ...හැබැයි තාම රජාගෙ දෑත් ශක්තිමත් කරන්න නම් ගිහින් නෑ.//

    මෙයා කලේ සෙරෙප්පු සුප් බොන එකනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔය සුප් කතාවට පොරව අල්ලං පට්ට ගැහුවා.

      Delete
  3. දැන් ඉන්න කට්ටියට වඩා වැඩිය වෙනස් කට්ටියක් නෙවෙයි නේ ඒ කාලෙත් ඉඳලා තියෙන්නේ.... ඉස්සර හිටපු අය තිබ්බ ඒවා ගලෝගෙන විකුණ ගත්තා.. දැන් කට්ටිය ණයට අලුත්ම ඒවා ගෙනල්ලා විකුණගන්නවා..

    ReplyDelete
    Replies
    1. එකම කාසියෙ දෙපැත්ත හිරූ,දෙගොල්ලොම විවිධාකරයෙන් කරන්නෙ එකම දේ.

      Delete
  4. රණසිංහ උන්නැහේ සෙරෙප්පු සුප් කඩයක් දාගෙන ඉන්නවාලු අපායෙ..

    ReplyDelete
    Replies
    1. පොර මැරිලද සරත්

      Delete
    2. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.ජේ.රණසිංහ කලක් විරසකව සිටියත් ඔහුගේ සොහොයුරෙකු වන ලෙස්ලි හර්බට් රණසිංහගේ අභාවය පිළිබඳ අසා සජිත් එම දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරිදා ගංගොඩවිල නිවසට ගියේය.පසුව ඒ.ජේ.රණසිංහ ඒ පිළිබඳව දුරකතනයෙන් අමතා සජිත් වෙත පෞද්ගලිකවම කෘතවේදිත්වය පළකිරීමටද අමතක කළේ නැත.

      උපුටාගැනීම:තිරය පිටුපස,ශ්‍රී ලංකාදීප,31මාර්තු 2013

      මාතලන්, මේ ගැන ඔබේ අදහස බලාපොරොත්තු වෙමි.

      Delete
  5. හපොයි විජේතුංග මහත්තය අර ගෑණු මනුස්සයට කරල තියෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. එතුමගෙ තව කතා තියනව හේමපාල ළඟ

      Delete
  6. උඹලාටත් පාට් ටයිම් කාව හරි බයිට් නොකර ඉන්නම බෑ නේද, මචෝ? :D

    ReplyDelete
    Replies
    1. විජේතුංග ලොක්ක කක්ක බර හැදිල මගදී කක්කි කරන්න දීපු එකාට අච්චර දුන්නනම්,
      හෙන්රි යගෙ අඩෝවැඩියාව ඇහැව්වානම් මොනවා නොදී ඉදියිද.
      අනිත් එක හෙන්රිය කතා කරන්නෙ සුද්ද ඉන්ග්ලිෂ් වලින්නෙ.

      Delete
    2. ඔය කියන තැන තියෙන්නේ බටලීයේ නේද කෙන්ජි....

      Delete
    3. බොලා එක්ක මොන රෙද්දක්වත් ලියන්න බැහැනෙ.
      පැපිලියානේ මන්දිරේ ගැහැව්වෙත් ඒ කාලෙනෙ ?

      Delete
    4. මම කොහෙද බං කෙන්ජියෝ අඬෝවැඩියාවක් කලේ? :-O

      මේ... මම ඒ ටොයිලට් කතාව දන්නේ නෑනෙ මචං

      Delete
    5. මෙන්න මෙයාට තලා ගිහිල්ල.මම විහිළුවට එහෙම කිව්වෙ බොල.
      කක්කුස්සියට වතුර බාල්දිය ගෙනිච්ච බුවාමද මන්ද එයාගෙ දුවව බැන්දෙත්.මෙය වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න.

      Delete
    6. මචං, බයිට් එකක් නැත්නං කෑවෙ නෑ වාගෙ

      Delete
    7. @කෙන්ජි,
      අනේ බං කෙන්ජියො මාත් ඒ කතාව නං දන්නෙ නෑ

      Delete
  7. කතා සැට්එක පංකාදුයි හැලපයියේ.

    ReplyDelete
  8. //දැත් ශක්තිමත් කරන්න දැන් යන හිකනල්ලුන්ගෙ හැටියට රණසිංහ මහත්තය ගියානම් හොඳ පෝස්ට් එකක් කරගෙන ඉන්න තිබුණා.//

    මේක තම්යි නියම කතාව..!

    ReplyDelete
  9. කරුමෙට රණසිංහ උන්නැහේ දැනට ටික කාලෙකට කලින් මලාද කොහේද.. සිරිසේන කුරේලා ලොකුගේලා වගේ එවුන් එද්දී රණසිංහ ලොක්කා නෑවිත් ඉන්න විදියක් නැහැ කොහොමටවත්... :D

    හැලපයියා කොහොමද එතකොට රාජ්ජ සේවේට එක්කාසු උනේ..? කලින් හිටියයි කිව්වේ චිත්තරපටි අංසේ නෙව...

    ReplyDelete
    Replies
    1. රණසිංහ උන්නැහේ ඉන්නවද මළාද කියල මට හෝදිසියක් නං නෑ මලේ.
      මම මුලින්ම රාජ්‍ය සේවයට බැඳුනේ, ඊට පස්සෙ තමයි ඔය කරපු අනික් හැම වැඩකටම සම්බන්ධ උණේ රස්සාව කරන ගමන්.

      Delete
  10. ඒ කාලේ විස්තර මෙහෙමවත් දැනගනන් තියෙන එක ලොකු දෙයක් හැලප අයියේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොරළේ මහත්තයො මම මේ ලියන්නෙ

      Delete
  11. මේ වගේ රස කතා අහන්න ඉතින් මෙහෙටම එන්ට
    ඕනේ..දේශපාලනේ ගැන නම් කතා නොකර ඉමු..

    කියන්න තියෙන එකම දේ තමයි

    නෑ එක්කෝ ඒ ටික ඕනෙත් නැහැ ...




    පෝස්ට් එක නම් ගොඩක් ආසාවෙන් බැලුව ලොකු අයියේ...
    මෙන්න මේ ජාතියේ ඒවට තමයි මම ආස..දැනුම සමග විනෝදය
    සහ රාජකාරී මතක...

    දිගටම ලියන්න ....

    ReplyDelete
    Replies
    1. දේශපාලනය ලියන්න නම් මම කොහොමත් කැමති නෑ සහන්,රස විඳීම ගැන සතුටුයි.

      Delete
  12. රාජකාරී මතක....
    හරිම රසවත් ඇ.

    ReplyDelete
  13. ඔව් මනෝජ්,රසවත් මතක එමටයි

    ReplyDelete
  14. එක පාරක දියතලාවෙ කහගොල්ලෙ ගෙදරකට ගියා රාජකාරියකට. එතකොට ප්‍රේඑම් මැරිල චන්ද්‍රිකා ආව අළුත.ඒ මිණිසු ටිකක් කතා කරල ආඩම්භරෙන් වගේ කියනව " ඒ ජේ රණසිංහ ඇමතිතුමාගෙ මහ ගේ තමයි මේක" කියල. එතකොට මා එක්ක ගිය එකා "අර සෙරෙප්පු..."කියල ග්ල්බ් ගාල ඉතුරු වචන ගිල්ල. තව පොඩ්ඩෙ අම්බානක කනව, මොකද ගමේ උන්ට ඇමතිය රජෙක් මොන ජෝකර් උනත් රටට.

    ReplyDelete
    Replies
    1. තව ටිකෙන් කන්න තිබ්බ හොඳට, නේද ඉන්දික

      Delete
  15. විජේතුංග අගමැති උන හැටිත් හරි රසවත් නේද?. දෙසතිය නම් පට්ට සඟරාව.

    ReplyDelete
    Replies
    1. මම අවුරුදු ගණනාවක් පුරා සඟරාවෙ බෙදාහැරීම් කළමනාකරු

      Delete
  16. මේ කතන්දර ඉතින් මෙහම තමයි අපිට දැන ගන්න තියන්නේ. මනුවෙල් කතා ටිකට නම් හොඳට හිනා වුනා :D :D

    ReplyDelete
    Replies
    1. සතුටුයි චන්දන තවත් ටිකක් තියනව ලියන්න

      Delete
  17. උඹත් එක්ක බෑ බං ඔය කතා ගග හිදෙන්නැති එකක් නිසා හොදා.. හැක්... හැක්.. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඇයි බං,ගඟ හිඳෙයි කියල බයද

      Delete
  18. මම කමෙන්ට් එකක් දැම්ම නේ.කෝ දැන් ඒක

    ReplyDelete
    Replies
    1. ඔහෙ නෑ අසරණයො,මම ස්පෑම් බැලුවා එහෙත් නෑ

      Delete
  19. පරණ කතා සුපිරියි..
    ජය වේවා!

    ReplyDelete

ඔබේ අදහස්