Friday, April 19, 2013

52.පින්තූරද සහිත, උළුඳු වඩයේ හිල පාදාගැනීමේ කතා වස්තුව.




අද මම ලියන්නෙ ලියන්න බලාපොරොත්තුවකින් හිටපු කතාවක් නෙවෙයි....මොකද ඉවුම් පිහුම් ගැන කියල දෙන්න බ්ලොග් අවකාශයේ දැන් චෙප්ල කීපදෙනෙක්ම ඉන්නවනෙ....ඒ ඉන්න ටික ඇති මොකද අර කතාවකුත් තියෙනවනෙ කෝකියො වැඩිවුණහම හොද්ද සවුත්තු වෙනව කියල.

මම මේක ලියන්නෙ නම් බ්ලොග්කරුවන්ට ඉවුම් පිහුම් කියල දෙන්න නෙවෙයි,අපේ කීපදෙනෙකුගෙ අහිංසක ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි....ඒ වගේ ඉල්ලීමක් කරපුවාම අපි දන්න අය හැටියට, අනේ...උඹයි මායි  හදන වඩේ කියල ලොකු ඔලුව දාගෙන ඉන්නෙ නැතුව දන්න දේ දන්න විදියට කියල දෙන්න එපායැ....අපිත් දන්නෙ කොච්චර පොඩ්ඩද.

අපේ අවුරුදු කෑම මේසයේ උළුඳු වඩේ තියෙනව දැකපු වෙනීටත් පොඩ්ඩිටත් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා උළුඳු වඩයේ මැද තියෙන හිල කොහොමද හදාගන්නෙ කියල....පින්තූර සහිත උළුඳු වඩේ සාදාගන්නා ආකාරය ලියන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැතත් ප්‍රසන්නත් කියල තිබුණා ඔන්න ඔහෙ ඒකත් ලියල දාමු අයියෙ...කියලා.

ඒ දෙතුන් දෙනාගෙත් මේ ප්‍රශ්නයම හිතට ආව නමුත් ඇහුවෙ නැති තවත් සියගණනකගෙත් හිතසුව පිණිස පින්තූරද සහිත උළුඳු වඩයේ හිල පාදා ගැනීමේ කතා වස්තුව ලියන්නට කල්පනා කලා.

මේ මම ලියන දිගම මාතෘකාවක් ඇති කතාව....මාතෘකාව හදාගන්න මට උපකාරී වුණේ මම කුඩාකාලෙ දැකල තිබ්බ සිතුවම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය....ඔය පොත අපේ ගෙදර තිබිල මම පෙරලල බලල තියෙනව....එතකොට මම පොඩි එකා ..පින්තූර බැලුවට ඒකෙ තිබුණු කිසිම දෙයක් මට තේරුණේ නෑ....පස්සෙ කාලෙක ඒ පොත හොයන කොට ගෙදර තිබුණෙ නෑ....තිබුණ නම් මහඟු ප්‍රයෝජන ලබාගන්න පුළුවන්කම ඇතිවෙනවා.

අපි එග්මෝර් වල පදිංචි වෙලා හිටපු කාලෙ අපේ ගේ තිබුනු හරස් පාරෙන් ඇවිත් ප්‍රධාන පාරට හැරෙන හන්දියෙ තිබුණා කඩයක්....හැමදාම හන්දෑවෙ හතරට ඔය කඩේ උළුඳු වඩේ බදිනව.... බොහොම රසයි පුළුන් වගේ....හවස වැඩ ඇරිල එන ගමන් ඔය කඩේ ළඟින් බැහැල වඩේ හතරක් පහක් අරගෙන ගෙදර යන පුරුද්දක් මටත් ඇතිවුණා.

සමහර දවසක මම කඩේට යනකොට වඩේ හදල නැහැ....ටිකක් වෙලා හිටපුවාම වඩේ බාස් උඳු මිශ්‍රණය පුරෝපු විශාල කල්දේරමකුත් අරගෙන ඇවිත් තෙල් තාච්චිය ළඟ වාඩිවෙනව....ඒ තෙල් තාච්චියත් එසේ මෙසේ එකක් නෙවෙයි....අර පොඩිඋන් නාවන ප්ලාස්ටික් බේසමක් තරම් යකඩ තාච්චියක්....දියාරු මිශ්‍රණයෙන් ටිකක් වතුර එකක ඔබපු අතට ගන්න බාස් ඒක අතේ එහෙට මෙහෙට දෙතුන් සැරයක් හැඩ ගහල මැදට මාපටඇඟිල්ල ගහල උණුතෙල් තාච්චියට දාන්නෙ ට්‍රිෂ් ගාලා....සැරේකට ඒ වාගෙ වඩේ විසිපහක් තිහක්වත් බැදෙන්න දාලා මිටක් ගහපු ලොකු යකඩ කිරිගොට්ටකින් තෙල් බේරල ගොඩට ගන්නව....හැම වඩයක්ම එක සයිස් එකම බර එකම විදිහෙ හිල....ඉතින් මේ වැඩේ බලන්න ලස්සනයි....මට නම් වඩේ බදින හැටි බලාගෙන ඉඳීම හරිම ආස්වාදජනකයි....මොකද ඉවුම් පිහුම් කියන්නෙ මගෙත් එක විනෝදාංශයක් නිසා අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනව නම් හරි වැදගත්නෙ.

හැමදාම ඔය විදියට බැදපුවඩේ කඩෙන් අරන් යනකොට මට හිතුනා බැරිද මටත් වඩේ හදන්න කියල.

ඔහොම හිතල දවසක හවස උඳු ටිකක් වතුරෙ දාල රැයක් පොඟවගෙන පහුවදා උදේ ගොඩතියල වතුර බේරෙන්න ඇරල ග්‍රයින්ඩරෙන් අඹරගත්තා....අඹරල භාජනයකට දාලා රෙදි කෑල්ලකින් වහල හවස් වෙනකල් පිපෙන්න තිබ්බ....පිපුම් කාරක මොකුත් දාන්නෙ නෑ හරිද...නිකම්ම පිපෙනව....හවස් වෙද්දි හොඳට පිපුණු මිශ්‍රණයට රතුළූණු අමුමිරිස්,කපල දාල කරපිංචයි ගම්මිරිස් ඇට ටිකකුත්  රස අනුව ලුණුත් මිශ්‍ර කරල තෙල් තාච්චියකුත් රත්කරගෙන වැඩේ පටන්ගත්තා.

මුලදි නං බදිනකොට වඩේ එක වැඩුවෙ හෙවත් නිර්මාණය කලේ හැලපි....අත තෙත් කරගෙන මිශ්‍රණය ගුලියක් පැතලි කරල අනික් අතේ ඇඟිල්ලක් ගහල තමයි ඇය හිල හැදුවෙ.

පස්සෙදි මම කල්පනා කලා මෙහෙම හරියන්නෙ නෑ කඩේ හිටපු බාස් වගේ තනියම හදන්න ඉගෙනගන්න ඕනැ කියල එක අතකින් වඩය හදල තාච්චියට දාන ගමන් අනික් අතින් හැන්දක් අරන් බැදල ගන්න ඉක්මනටම ඉගෙන ගත්ත....එතකොට මම වඩේ හදද්දි හැලපිට වඩේ කන්න සම්බෝලෙ හැදියැහැකිනෙ.

ඉන්දියාවෙදි අපි හදපු වඩේවලට එච්චර තැනක් තිබුණෙ නෑ මොකද ආගිය අතේ හොඳම ප්‍රොපෙෂනල් උළුඳු වඩ ගන්න තියෙන නිසා....
 
නමුත් පස්සෙ කාලෙක ලංකාවට ආපුවාම අපි හදපු උළුඳු වඩේ හරිම ජනප්‍රිය වුණා.

මුලදි වඩේ මිශ්‍රණය තරමක ගණකමට හදාගත්තට කමක් නෑ වඩේ එක නිර්මාණය කරගන්න ටිකක් වෙලා යන හින්දා....නමුත් පස්සෙදි වඩේ හැදීමේ ප්‍රවීනත්වය ලබනකොට මිශ්‍රණය තරමක දියාරුවට හදාගන්න මතක තියාගන්න....දියාරු මිශ්‍රණය හැඩගහන්න ලේසියි නම්‍යශීලියි හොඳට පිපෙනව.

ඉතිං දැන් බලමු උළුඳු වඩේ සාදාගන්නා ආකාරය....මම ප්‍රදර්ශනය කරද්දී මගෙන් බැණුම් අහ අහ පින්තූර ගත්තු හැලපිට මගේ ස්තූතිය හිමිවෙනව.

 මම නම් උඳු මිශ්‍රණය හදාගන්නෙ මේ වාගෙ යාන්ත්‍රික ගලක අඹරල....ඔයාලට ග්‍රයින්ඩරේ අඹරගන්න පුලුවනි.

වතුර බේරගත්තු උඳු ග්‍රයින්ඩරේට දාද්දි  වතුර ස්වල්පයකුත් මිශ්‍ර කරන්න....නැතිනම් උඳු හරියට ඇඹරෙන්නෙ නැතිවෙයි.
උඳු අඹරනවිට කුඩා ඉඟුරු කෑල්ලකුත් එකතු කරගන්න,එය බඩේ අමාරුවලින් වැලකීමට උපකාරී වෙනවා.


මේ තියෙන්නෙ රතුළූණු මිරිස් ආදිය කලවම් කරපු මිශ්‍රණය.


අත හොඳින් තෙමාගෙන තෙත අතින් මිශ්‍රණය ගුලිකර ගන්න.


ගුලිය පසාරුවෙන්න මාපට ඇඟිල්ල රිංගවන්න.



මේ ආකාරයට වඩය නිර්මාණය කරගන්න.


හදාගත්තු වඩය ප්‍රවේශමෙන් පැහෙන තෙලට දමන්න.මේ හැම අවස්ථාවකදීම අත තෙත්ව තිබීම වැදගත්....නැතිනම් වඩය අතේ ඇලිල තෙල්වලට ඇඟිලි පිච්චෙන්න පුළුවනි.

රන්වන් පාට වෙනතුරු බැදගන්න....ලස්සනයි නේද.



වඩේ සමග කන්නට අමු සම්බලයක් මේ ආකාරයට පිළියෙල කරගන්න.
 
පොල්,අමුමිරිස්,රතුළූණු,ලුණු,සුදුළූණු බිකක් අරගෙන සියල්ල එකට කලවම් කර ග්‍රයින්ඩරයේ අඹරාගන්න....අඹරනවිට වතුර ස්වල්පයකුත් මිශ්‍ර කරන්න.
 
සුලු වැඩක් නිසා පින්තූර අවශ්‍ය නෑ නොවැ.
 
වෙනී,පොඩ්ඩි සහ උනන්දුවක් දක්වන සියලු දෙනාම ඔන්න ඔය අකාරයට හිල සහිත උළුඳු වඩය සාදාගන්න.
 
ලංකාවට ආපුවාම වෙනී හදන වඩයේ රස බලන්න මම එන්නම්....පොඩ්ඩි වඩේ හදපුවාම මට තැපෑලෙන්වත් එවන්න.  


88 comments:

  1. \\\ඔහොම හිතල දවසක හවස උඳු ටිකක් වතුරෙ දාල රැයක් පොඟවගෙන පහුවදා උදේ ගොඩතියල වතුර බේරෙන්න ඇරල ග්‍රයින්ඩරෙන් අඹරගත්තා....///

    තනිකර උඳු මිශ්‍රණයකින් නෙවේනේ හැදුවේ ?
    කෝ ඉතින් මිශ්‍රණය දාල නැහැනේ ලොකු අය්යා ..?
    මට හිල නම් හදා ගන්න තේරෙනවා , ඒත් මිශ්‍රණය
    තමයි ක්‍රමේට ගන්න බැරි ..

    ReplyDelete
    Replies
    1. තනි වට රවුම් හිලක් ගන්න ඕන නම් අත ටිකක් එහාට මෙහාට වනමින්,මැද ඇගිල්ල ඔබන වෙලාවට වයිබ්රේට් ගතියක් දාල තෙලට දැම්මම නියම ඩෝ නට් එක වගේ එනව.පොඩි එව්වො ඉතුරු කරන්නෙ නැහැ ලොකු එව්ව්න්ට.
      කොහොමත් බැදල ඉවර උනාම අපිට ඉතිරි වෙන්නෙ රවුමට නැති රැලි වැටිච්ච හිල් තියෙන ඒවා විතරයි.

      Delete
    2. සමාවන්න මැද ඇගිල්ල නොව තඩි මාපැටගිල්ල.

      Delete
    3. සේරම ගානට කෙරුවලින් පස්සෙ තමයි උකු මිශ්‍රණය කරලියට එන්නෙ සහන් මලේ.

      Delete
    4. // අපිට ඉතිරි වෙන්නෙ රවුමට නැති රැලි වැටිච්ච හිල් තියෙන ඒවා විතරයි.//

      මේ මොකද කෙන්ජි :D

      Delete
    5. \\\\තනි වට රවුම් හිලක් ගන්න ඕන නම් අත ටිකක් එහාට මෙහාට වනමින්,මැද ඇගිල්ල ඔබන වෙලාවට වයිබ්රේට් ගතියක් දාල තෙලට දැම්මම නියම ඩෝ නට් එක වගේ එනව.//

      මම නම් කරන්නේ හෙමීට අතේ වඩනවා හොඳට රවුමට
      එන්න පිටි ගුලිය ..ඊට පස්සේ බොහොම සීරුවට දබර ඇඟිල්ල
      පිටිපස්සෙන් දාලා " teeeek " හදාගන්නවා ..


      \\සමාවන්න මැද ඇගිල්ල නොව තඩි මාපැටගිල්ල.///

      මට නම් හුරු දබර ඇඟිල්ල තමා වැඩිහරියක්ම ..



      \\කොහොමත් බැදල ඉවර උනාම අපිට ඉතිරි වෙන්නෙ රවුමට නැති රැලි වැටිච්ච හිල් තියෙන ඒවා විතරයි.\\

      මෙහෙමයි මුලිම්ම ටිකක් ඉතුරු කරගන්න ඕනේ පොඩි
      උන්ට නොපෙනෙන්න .ඔතොකොට පස්සට කරදරයක් නැහැ ..


      \\\සේරම ගානට කෙරුවලින් පස්සෙ තමයි උකු මිශ්‍රණය කරලියට එන්නෙ සහන් මලේ.\\\

      කෝ ඉතින් තාම කව්රුත් කිව්වේ නැහැනේ මේක හරියට හදා
      ගන්න හැටි..මෙතැන වැරදුණොත් වඩේ ටිකම අප්සට් වෙනවා ..
      අපි බලමු තව කෝකියෝ ඉන්නවද කියල උපදෙසක් ගන්න මට ..

      Delete
    6. 2 cups black gram dhal (urdu dhal)
      green chillies chopped
      ginger
      onion finely chopped
      curry leaves
      cumin seeds
      salt
      (add spices according to common sense)
      1 tbl spns baking soda
      2 tbl spns magarine
      2 tbl spns all purpose flour
      oil to fry

      1. Soak urdu dhal in water for 4 hours (not too much water)
      2. Add salt, green chilli, ginger, curry leaves and grind in to a paste (not too smooth)
      3. Add onion pieces, and cumin seeds and mix well
      3. Add baking soda, butter, and wheat flour and mix in to a dough.
      4. keep the dough in the fridge for 1/2 hour
      5. Make the dough in to balls and flatten them to 1 1/2 cm thick discs and make a hole in the centre of each. Deep fry in hot oil until they are golden brown in color.
      6. Drain off excess oil and serve with coconut chutney.
      7. Then ENJOY!!
      P.S. The baking soda and butter will make like donuts and soft in the middle and crispy on the out side.

      Delete
    7. @Ayilas A;
      හදන වෙලාවට දරුවො දෙන්න ලස්සනට තියෙන ඒවා තෝරල අරගෙන කනවනෙ.හදල ඉවර වෙනකන් ඉන්නෙ නැහැ නොවැ.

      Delete
    8. මිශ්‍රණය කිව්වට උඳු අඹරපුව විතරයි

      Delete
  2. මේ ක්‍රමේට වඩේ හදලා ප්‍රැක්ටිස් කරන්ඩෝනි අප්පේ..අයියා ලංකාවට ආ දවසට හදලා දෙන්න...මෙහෙත් සමහර සයිවර් කඩ වල හදන උළුඳු වඩේ නම් ටොප්..උණු උණුවෙම 3-4ක්ම කාලා දානවා අහු උනහම..ඊට පස්සෙ වේලක් කන්ඩ ඕනි නෑ...
    මට මතක් වෙන්නෙම අර අත් දෙක නැති මනුස්සෙක් ඔය උළුඳු වඩේ හදපු කතාවමයි අයියෙ...අනේ මන්දා පොඩි කාලෙ ඕනිවට වඩා අභ්‍යාස කතා අහලා තිබ්බහම වෙන දේවල් නොවැ මේ !

    ReplyDelete
    Replies
    1. අහල තිබ්බ දේ කියල දුන්නනේ ,වෙනීට අත් දෙකම තියන්නෙ ඒ මිනිහට නැතිවුණාට,ඉතිං හිල හදන්න වෙන කොහෙවත් ගහන්න ඕනැ නෑනෙ.

      Delete
  3. මටත් වඩේ බඳිනවා බලාගෙන ඉන්නවා වගේම, වඩේ බඳින එකත් මාර ආශ්වාදනියයි....

    පරිප්පු වඩේවල පපුවෙ මයිල් තිබුන කතාවත් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න හොදේ

      Delete
    2. වඩේ බදින කොට නම් මට ආහ්..! ආහ්...!ගෑවෙනවා..!!!

      Delete
    3. අතට තෙල් විසි උනාද

      Delete
    4. පහුගිය දොහේ කොහෙ තොලොන්ජි වෙලා හිටියද බොලා?
















      Delete
    5. මයිල් කතාවත් කියල දැම්මන්ං තමා හොඳ

      Delete
    6. @ කෙන්ජි
      ඇයි බං,තෙල් රස්නෙටද

      Delete
    7. @ අටම්
      ඔයාගෙ අත් පිච්චුනානම් මට සමාවෙන්න
      කොහෙද යකෝ තොලොංජි වෙලා හිටියේ

      Delete
    8. @හසරැල්,
      හැබැයි බලාගෙන,අජීර්ණ වෙන්න පුළුවනි

      Delete
  4. මමනම් ආස කුකරි වලට නෙමෙයි කුකරියේ අවසන් ප්‍රතිපලය "කෑමට"තමා....:P
    ඉන්දියන් කෑම වලින් මගේ ෆේවරිට් නම් තොසේයි,අලබෝලයි තමා.....:D
    මේකත් ඉතින් නරක නැ......

    ReplyDelete
    Replies
    1. අන්න මමත් මනෝජ් මල්ලි වගේ තමයි.

      Delete
    2. තෝසෙ උළුදු වඩෙත් නැගල යනවා

      Delete
  5. මං හිතුවේ අර අත නැති වඩේ බාස් වඩේ හදපු හැටි කියලා..‍
    බැලිංනං ඇත්තටම වඩේ හදන හැටිනේ...
    ඕං සේව් කරලා තියා ගත්තා..
    පස්සේ කාලෙක වැදගත් වෙන්න පුළුවංනේ...

    ReplyDelete
    Replies
    1. ඒ බාස් වඩේ හදපු හැටිත් කියමුද තරියෝ

      Delete
  6. වඩේ බදිනවනම් අඩුවෙන් බදින්න කියල කතාවක් තියනවනේද?

    ReplyDelete
  7. ඔය දාල තියෙන්නෙ. ෆයිනල් ප්‍රඩක්ට් එක මාර ලස්සනට ඇවිල්ල තියෙනව.
    මාත් ආසම අර අමු සම්බෝලෙට තමයි.

    'සිතුවම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය' ඒ මොකක්ද අයියෙ ඒ.

    ReplyDelete
    Replies
    1. පොඩි අයට ඒ චිකිත්සාවලියෙන් ප්‍රයෝජනයක් නෑ ප්‍රසන්න

      Delete
  8. Replies
    1. අඩේ එහෙනම් මාරයා හදන්න දන්නැති කෑමත් මේ ලෝකේ තියෙනවා එහෙනම්

      Delete
    2. ඌ හිතාගෙන ඉන්නෙ හැම වඩයක්ම හදන්න දන්නව කියල තමයි. :D

      Delete
    3. මේං බලපල්ලකො,රටේ හොයාගන්න නැති දෙයක් වාගෙ

      Delete
  9. හරි .. දැන් මං කියන්නම් තව උළුදු වඩේ වලින් අපේ නැන්දම්මා හදපු තවත් කෑමක් ගැන... අපේ නැන්දම්මා වෙජිටේරියන් විදියට කෑම හදන්න එක්ස්පර්ට්... මං අපේ අම්මගෙන් බේකරි කේස් අල්ලගත්තා වගේ නැන්දම්මාගෙන් තමයි මේ වගේ කෑම හදන හැටි අල්ලගන්නේ...

    ඔය විදියට උළුදු වඩේ හදලා, තුනට හතරට කපනවා හරිද.. ඊට පස්සේ පොල් කිරි චුට්ටක් විතර දාලා ළුණු, අමුමිරිස්, පහේ, මිරිස් එහෙම දාලා හොදි හිටින්නේ නැතිවෙන්න මද ගින්නේ තියලා ගන්නවා.. කාටවත් හොයන්න බෑ මේ උළුදු වඩේ කියලා... හි හි... හැමදාම එකම කෑම කාලා එපා වෙලා ඉන්නකොට නම් නියම කෑමක්....

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් අර එක එක මීට් බෝල් උනත් කුනුකමට කපල ව්‍යංජනයක් විදියකට හදාගන්න පුලුවන්නෙ.

      Delete
    2. //කුනුකමට //

      හි හි.. අපේ නැන්දම්මට ඔහොම කියන්න එපා කෙන්ජි... පවුනේ...

      උළුඳු වඩේ එක කැපුවෙ නැත්තම් ටක් ගාලා අහුවෙනවානේ හැමෝටම... මේ නම් උළුඳු වඩේ කියලා.. ඒක අහුවෙන්නෙ නැති වෙන්නයි, පහේ ටික ලේසියෙන් අල්ලන්නයි තමයි කෑලි වලට කපන්නේ...

      Delete
    3. නැන්දම්මත් එක්කද වාසෙ?
      නැන්දම්මා පව් අෆ්පා කියල හිතෙනව.
      මගෙ ගෙදරත් නැන්දම්ම ඉන්නව.
      මට මම පව් කියල හිතෙනව

      Delete
    4. අපෝ නෑ.. ඉන්න බෑ කියලම මාරු වෙලා ආවා... වෙනම ඉන්නේ.. හි හි

      Delete
    5. දවසක්දා අපි කෝච්චියෙ යන කට්ටිය අපිත් එක්ක යන ගෑල්ළමයෙක්ගෙ ගෙදර ගියා,එහෙදි අපට උදේට කන්න දුන්නෙ පාන් සමග ඔම්ලට් හොදි ප්‍රථම වතාවට එදා තමයි ඒ හොදි ජාතිය කෑවෙ,හරිම රසයි.
      ඒ ආකාරයටම වෙන්න ඇති වඩේ හොදිත් හදන්නෙ.
      @කෙන්ජි
      ඇයි බං දන්නෙ නැද්ද හිරූ නැන්දම්මත් එක්ක තුන්වෙනි ලෝක යුද්දෙ පටන් අරං බේරන්න බැරිතැන අපේ මහත්තය වෙනම ගෙයක් අරං එක්කං ගියානෙ,තව ටිකක් කල් හිටියනං එහෙම අර නයයි පොළඟයි වාගෙ කාගෙන කාගෙන ගිහින් නැටි දෙක විතරයි ඉතුරුවෙන්නෙ.

      Delete
  10. මං කොහොමත් උඳු වඩ වලට ආසයි. ඒත් මෙච්චර දවසක් කෑවේ කඩෙන් නේ. බලමු වෙලාවක උත්සාහයක් දාලා. මයි කාර්, මයි පැට්‍රල්.. කාටද ආඩම්බර එතකොට..:)

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි චන්දන හදල කාල එහෙම අපටත් ගුණපණ කියන්නකෝ.

      Delete
  11. මාත් ආසම කෑමක් උළුදු වඩෙයි අමු සම්බෝලෙයි කියන්නේ...

    ඒ උනාට මේකේ මාතෘකාව දැක්කාම මට නම් අහලා තියෙන වෙන කතාවක් මතක් උණා... :D හිකිස්

    ReplyDelete
    Replies
    1. මොකක්ද දන්නෑ නේද තරූ ඒ කතාව

      Delete
  12. හැලපයියගේ හැලප කාලා
    බොහෝ අයට රස වැටිලා
    හැලපයියා වඩේ හදලා
    කාල බලමු රසද කියලා

    ReplyDelete
    Replies
    1. දැන් කවීයෙන්මයි ඈ....හොඳයි හොඳයි

      Delete
  13. //උඳු අඹරනවිට කුඩා ඉඟුරු කෑල්ලකුත් එකතු කරගන්න,එය බඩේ අමාරුවලින් වැලකීමට උපකාරී වෙනවා.//
    උළුඳු වඩේ වලට ඔය කේස් එක මටත් තියේ අය්යෙ.

    ReplyDelete
    Replies
    1. මගේ රෙසිපියට කෑවනං බඩේ අමාරු නෑ

      Delete
  14. මම ආසම කෑමක් ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා කොළඹ ආපුවාම කනවඇති,ගිරිඋල්ලෙ නං සයිවර් කඩ නෑ මගෙ හිතේ.

      Delete
  15. හැලප හදන හැටි දාන්නේ කවද්ද????

    ReplyDelete
    Replies
    1. මේ රටේදි තාම කැන්ද ගහක් දැක්කෙ නෑනෙ,කැන්ද කොළ හම්බවුනු ගමන්ම හදන්නම්.

      Delete
  16. හදලා බලලම කියන්නම් තෙල් ටිකක් වැඩි කෑමක් වගේ නේද? අන්න එතනදී තමයි මට පුරස්නේ!!

    ReplyDelete
    Replies
    1. ඇයි නිශාන්ට තෙල් අගුණද,කඩදාසි කොලයක තියල තෙල් හින්දෝල කන්න

      Delete
  17. ohhh... එහෙනම් මේ post එකට දාන්න හදපු උළුඳු වඩේ නේද ඊයේ අපිටත් හම්බුනේ..??
    ඇත්තටම හැලපෙගේ උළුඳු වඩේ රසයි... :-)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් තෑන්ක්ස්

      Delete
  18. ඇගිල්ල ගහන්න ඉගෙන ගන්නම වෙයි නේ?

    ReplyDelete
    Replies
    1. හ්ම්!කිරි සප්පයොන්ට.

      Delete
    2. තාම පොඩි එකානෙ,පොඩ්ඩක් ඉගෙන ගෙන හිටියනං හොඳා සෑමො

      Delete
  19. මගේ හාමිනේගේ ආසම කෑම වඩේ. අනේ අම්මප කෙන්ජියා දාපු කමෙන්ට් එකට හිනා වෙලා පණ ගියා. මුගේ වයසට නෙමේ කුණුහබ්බ දෙසා බාන්නේ.

    ReplyDelete
    Replies
    1. බොලා හිතන්නෙ මම මැන්ටල් චමින්දයෙක් කියලද :)?
      අර රාජ් ගෙ ලිපියකට මම දාපු කොමන්ට් එහෙකට ඇනෝ කෙනෙක් මට මගේ පියාගෙ වයස කියල තිබුන.

      Delete
    2. කෙන්ජිය ඉන්නවනං පාලු නෑ නේද පේට්‍රියට්

      Delete
  20. අම්මෝ...වඩේවල ලස්සන...

    අද අපේ අම්මට බේරිල්ලක් වෙන්නේ නෑ. මම කියනවා අර හිල් ටික හදන්ට මට දැන් පුලුවන් ඒ ටික මම හදලා දෙන්නම් කියලා.:)

    හැලපයට සහ හැලපිට ගොඩක් ස්තූතියි.

    තැපෑලේ එවන්ට ඕනි නෑ. මට ටිකට් එකක් එවන්ට. මම වඩේ හදාගෙන එන්නම්. ප්ලේන් එකේ කට්ටියටත් වඩේ බෙදාගෙනම.:D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පොඩ්ඩියෙ මමම එන්නංකො රහ බලන්න,ඒ ටිකට් එක මට එවන්නකො.

      Delete
  21. උඳු සොයා ගන්න ලැබුන දවසට හදල බලන්න ඕන . ඉන්දියන් ගෙවල් වල ඔය ජාතියේ ග්‍රයින්ඩර් තියෙනවා නේ .

    ReplyDelete
    Replies
    1. ආපෝ බින්දි,ඉන්දියන් කඩවල උඳු ඕනැතරම්,අනික මේ ජාතියෙ එකක්ම ඕනැ නෑ ගෙදර පාවිච්චි කරන ග්‍රයින්ඩරෙන් අඹර ගන්න.

      Delete
  22. අපිත් ‍තෝසේ නම් හදනවා. දැන් මේකත් කරලා බලන්නම හිතාගත්තා. මචං අර වඩේ බාස් අත හෝදලා හෙම වෙන්න ඇති වගේ එකේ ඇඟිල්ල ගනන්නෙ නේ? අනික තෙලෙන් බැදුනම ඉතින් කොතන කස කස හිටියත් ප්‍රශ්ණයක් නෑ. ඇයි ඉඟුරුත් දානවනේ. :)

    ඔය ඉන්දියානුවෝ කියන්නේ වඩා සහ දෝසායි කියලා නේද වඩේ සහ ‍තෝසෙ වලට?

    ReplyDelete
    Replies
    1. මචං, යාලුවො තුන්දෙනෙක් කඩේකට ගිහින් ප්ලේන්ටී ඉල්ලුවාම වේටරය තේ තුනට ඇඟිලි දාගෙනලු ගෙනාවෙ....
      මොකක්ද ඕයි ඇඟිලිවල තියෙන ජරාව ඔක්කොම තේ එකේනෙ ඔයටික ගේන්න බැරිද ට්‍රේ එකක තියල...
      නෑ මහත්තය ඇඟිල්ලක කුෂ්ටයක් නිසා නිතරම රස්නෙ තියන තැනක තියාගන්න කියලයි දොස්තර මහත්තය කියල තියෙන්නෙ...
      තමුසෙගෙ ඇඟිල්ල පුකේ ගහගෙන හිටියනං ඉවරනෙ ඕයි අපේ තේ එකට දාන්නෙ නතුව...
      පුකේ ගහගෙන තමයි හිටියෙ මහත්තයො, මේ තේ ගෙනල්ල දෙන්න කියනකල්...

      Delete
    2. මරු කතාව ඒකනං

      Delete
  23. බාල බඩුවේ හිලක් කියන කථාව බොරු වෙන්නේ උළුදු වඩේ හින්දා තමයි

    ReplyDelete
    Replies
    1. හොඳ බඩුවෙත් හිලක් කියල කියමු නේද මයියො.

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. හිල ඇති වඩේ ගැන කිව්වම මගේ අයියකෙනෙක් කියපු කතාවක් මතක් උනා. ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් විකුණන වඩේ එක පොඩි වෙනවා හිල ලොකු වෙනවා. ඔන්න දවසක් අපි කට්ටිය සත්තු වත්තට ගිය දවසක එතැනදී වඩේ ගත්තා. අප්පා.... මං කිව්වත් වගේ හිල ලොකුයි වඩේ එක පොඩියි. මේක දැකපු අයියා කියපි “මුංගෙ වඩේ එක පොඩි වෙවී ගිහින් දවසක හිල තමයි විකුණන්න වෙන්නෙ.“ කියලා. ඒ කතාව අහල අපි සෙට් එකම බඩවල් අල්ලගෙන හිනා උනා.

    ReplyDelete
    Replies
    1. හිල් කතා මතුවෙන්නේ දැන්නෙ

      Delete
  26. කටට කෙළත් ඉනුවා හැලපයියේ...

    මගෙත් ආසම කෑමක්.
    (හැබැයි මං ආවේ මේ කතාව අහන්නනම් නෙවෙයි. කැත මාත්තුරුකාවක් දැකලා. :D ....)

    ReplyDelete
    Replies
    1. අනේ අනේ අකමො,හිලක් දැක්කගමන් දුවගෙන එන්නෙ නේද

      Delete
    2. ඔන්න අද එනගමන් උළුඳු වඩේ ගෙනත් කෑවා. දැන් ඉතින් ආයේ වෙන මගුලක් දාලා අපේ බඩජාරිකම් අවුස්සන්නැතුව තියෙන හැලපයක් කාලා හිටින් ලොකු අයියේ. :P

      Delete
  27. මං නං කියන්නෙ ඔය හිල ගැන වද වෙන්න එපා... මම දවසක් හදන කෙනෙකුට කිව්ව හිල නැතුව දෙන්න කියලා... ගෙදර ගෙනත් වඩේ එක මැදින් පලලා සම්බෝලෙ දාගත්තා මැදට, ඉඩ මදි නම් මදේ ටිකක් ඇඟිල්ලෙන් ඇනලා අහක් කරලා (කාලා)පාදගන්න පුළුවන්. ඊට පස්සෙ පියන් දෙක වහලා ක්‍රීම් බනිස් කනවා වගේ කන එකයි ඇත්තේ. එහෙමත් කරල බලන්ටකෝ ගතිය...

    ReplyDelete
    Replies
    1. මැද හිලක් තියන්නෙ තිසර මැද හරිය ගාණට පිච්චෙන්නෙ නැති නිසා

      Delete
  28. හිල් ගැන කිව්වම මං හිතුවෙ මොකක් හරි කුනුහබ්බයක් කියන්න තමයි යන්නෙ කියල. අපේ යාලුවෙක් හිටිය ටිකක් ...අමාරුව තියන. අපි කියන්නෙ "හිල තියනව නං ඉතිං උඹට උළුඳු වඩේ එකක් උනත් කමක් නෑ" කියල

    ReplyDelete
    Replies
    1. රාජ් ආවෙත් හිල ගැන කුතුහලෙන් නේද

      Delete
  29. හැලප රෙසිපියෙ තියෙන්නෙ උඳුපිටි විතරයි කෙන්ජි රෙසිපියෙ පාන්පිටියි බෙකින් පවුඩරුයි බටරුයි... දැන් කෝකද අපි හදන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සරත්, රෙසිපි දෙකම හදල කෝකද හොඳ බලන්න

      Delete
    2. කෝන් ෆ්ලවරුයි, අයිසින් සීනියි, ආටා පිටියි දාපු රෙසිපියකුත් තියෙනවා. දැන් ඉතින් තුනම හදල බලපල්ලකො.....

      Delete
  30. මේවා දකිද්දී ඉතින් කෙල නලියනවා. ලංකාවටම එනකං ඉන්න වෙනවා නේ හද්දන්නමං බැහැ මටනම්.

    සියුම් කුනුහරුපයක් තිබුන වගේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආපුවාම දෙන්නම එකතුවෙලා හදමු අසර්.

      Delete
  31. ඔයාගෙ පරණ කතා ටික ටික මං කියවනවා.ඇත්තටම මමත් අද දන්නෙ උළුදු වඩේ වල හිල හදාගන්නෙ කොහොමද කියලා. ගොඩක් ස්තුතියි හැලප අංකල්

    ReplyDelete
  32.  මේ පැත්ත එන්න දකින්න මුල්වු හේතුවත් කෑම හැදිල්ල.

    කාලෙකින් හැලපේ නිසා උදු වඩේ හදන්න හිතුනා.
    පලවෙනි වතාවට උදු පිටි වෙනුවට උදු පියලි ගෙනත් ගලේ අඹරලා හැදුවා.
    ඉස්තරම්..!!!

    ස්තුතියි හැලප.

    ReplyDelete
  33. හැලප අයියනේ මේක කලිං දාලා තියෙන්නෙ....මේවා රහයි අයියෙ මං හදපුවටත් වඩා...... මං දන්නැති ඒවත් තිබ්බා...
    ස්තුතියි හැලපෙ

    ReplyDelete

ඔබේ අදහස්