Tuesday, April 2, 2013

45.තරු මතක 2



 
අපි බෙන් ෆිල්ම්ස් එකේ නැවතිල ඉන්න කාලෙ තමයි  බෙනට් තරු ටෙලි නාට්‍යය කරන්න පටන් ගත්තෙ කියල මම කලින් කියල තියෙනවනෙ.....ඒ 1989 මැද භාගයෙදි විතර.....1990 ත් ෂූටිං අවසාන වෙලා තිබ්බෙ නෑ.....ඒ වෙනකොට මම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශෙ ඉඳල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මාරුවෙලා ගිහිනුයි හිටියෙ.

බෙන් එකේ ඉන්න නිසාම මටත් අර්ධකාලීනව ටෙලි නාට්‍යයෙ නිෂ්පාදන අංශයට සම්බන්ධ වෙන්න වුණා....හැම සති අන්තයකම ටෙලියෙ ප්‍රධාන දර්ශන තලය තිබුණු සඳලංකාවට මම ගියාම නිෂ්පාදන කළමණාකරු වෙච්චි විනෝද් වැඩ මට බාරදීල ගෙදර එනව.

ප්‍රධාන දර්ශන තලය වුන සඳලංකාවෙ පරණ වලව්වක තමයි නිෂ්පාදන කණ්ඩායමත් කාර්මික ශිල්පීනුත් නැවතිලා හිටියෙ.....ඒ අයට සියලුම පහසුකම් ලබාදෙන්න අපට සිද්ද වුනා.....ඇඳන් මෙට්ට පවා අලුතෙන් අරගෙන වලව්වට ගිහින් දැම්ම.

මම ගොඩක් වෙලාවට සඳලංකාවට යන්නෙ චන්දරෙත් එක්ක....චන්දරේ ඔහුගෙ වෑන් එක හයර් කරමින් නිෂ්පාදන කණ්ඩායමට එකතුවුනු හිතවතෙක්.....හොඳ රසවතෙක්... ගමනෙදි මග දිගටම නොනැවතී ගලායන ඔහුගෙ කවි ගඟුල මඳකට නතර වෙන්නෙ සඳලංකාවට ලං වෙනකොට රා ටිකකින් තොලකට තෙමාගන්න ඔහුගෙ හිතවතෙකුගෙ ගෙදරට ගොඩවැදුනහම තමයි.

ටෙලිය නිසාම චන්දරේගෙ හිතවතුන් වෙච්චි ගෙවල් කීපයක්ම ඒ හරියෙ තිබ්බා...ඒ හැම ගෙදරකටම මාවත් අඳුන්වල දෙන්න චන්දරය අමතක කළේ නෑ....

මේ අපේ හොඳ මහත්තයෙක්....ආවොත් මට වාගෙම සලකන්න ඕනැ....

අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් වෙච්චි විනෝද්ගෙ බිරිඳ මලිතා.....පොඩි දුවෙකුත් හිටිය දෙන්නට....විනෝද් ටෙලියෙ වැඩට ගිහින් ඉන්නකොට ඒ දෙන්න තනියම නිසා විනෝද් නිතරම බැලුවෙ සිකුරාදා කලින්ම පැනගන්න....

දවසක සති අන්තයෙ ෂූටිං වලට විශාල කණ්ඩායමක් ඇවිත් හිටපු නිසා බෙනා විනෝද්ට යන්න දුන්නෙ නෑ....

හැලපයට තනියම කරගන්න අමාරුවෙයි මල්ලි....උඹත් නැවතියං...

මොනව කරන්නද හිතේ අමාරුවෙන් හරි විනෝද් නැවතුනා.....ලියුමක් ලිව්වා මලිතට පහුවදා චන්දරය අතේ යවන්න.....සතියක් බලාගෙන ඉඳල සති අන්තෙත් මේකා එන්නෙ නැත්නං මලිතට තද වෙනවනෙ....ෂේප් කරගන්නත් එක්ක විනෝදයා ලියුම ලිව්වෙ බොහොම ආදරෙන් පැණි බේරෙන වචන දාල...

මගේම ආදර මලිතා
මට මේ සතියෙ එන්න වෙන්නෙ නෑ පැටියො
ඉඩක් ලැබුණු ගමන් මගෙ රත්තරංව බලන්න දුවගෙන එනවා

ආදී වශයෙන් මට දැන් ලියුම ඔක්කොම මතක නෑ....ලියල චන්දරයට දුන්න මේක ගිහින් දීපං කියල.

චන්දරයත් ගෙදර ඇවිත් පහුවදා උදේආපහු සඳලංකා ගියා.....ආයෙමත් ගෙදර එනකොට පවුලගෙ මූණ එච්චර හොඳ නැහැලු......කොරහක් වගේ මූණ හදාගෙන ගස්සගෙන ගෙටගිහිං.....ගෙට ගියපු ගෑණිගෙන් සද්දයක් නැතිතැන චන්දරය....

මොකද ඕයි සද්දයක් නැත්තෙ....

පවුල කොල කෑල්ලකුත් අරගෙන එලියට ඇවිත්.....

කවුද මලීනා කියන්නෙ....ඕකට තමයි යන්නෙ ෂූටිං කිය කියා...දැන්නෙ අහුවෙන්නෙ....ඔය ටෙලි නාට්ටි කිරිල්ලෙන් වැඩක් නෑ....හෙටම ගෙදර නවතිනව...එක එක තේඋඩිච්චියො තමුසෙව උස්සං යන්න ගියාම මට තමයි කණවැන්දුං වෙන්ඩ වෙන්නෙ මෙතන.

බැලුවහම චන්දරයට විනෝද්ගෙ ලියුම මලිතට දෙන්න අමතක වෙලා...චන්දරය ගලෝල දාපු ෂර්ට් එක හෝදන්න ගත්ත පවුලට විනෝදයගෙ ලියුම අහුවෙලා...ගෑනි චන්දරයව කන්න හදනව.

මමයි විනෝදුයි කොටියගොඩ ගිහින් චන්දරේගෙ පවුලට කරුණු කාරණා පහදල දීල යන්තං අහිංසකයව නිදහස් කරගත්තා.

 ටෙලියෙ වැඩ ගොඩවෙනකොට මටත් රස්සාවෙන් නිවාඩු අරගෙන ඒ වැඩවල යෙදෙන්න වෙන අවස්ථා ඕනැතරම්...එදත් ඒ වගෙ දවසක්....දවල් මහන්සිවෙලා හිටපු අපට බෙනා කියනව පහුවදා මීගමුවෙ ෂූටිං.....ඒ රෑම කට්ටියත් අරගෙන මීගමු යන්න ඕනැය කියලා...

රැ වෙද්දි මට කතා කරල කිව්ව..

මල්ලි උඹ ගිහිං වරක්ස් ජෝඩුව අරගෙන වරෙං ....

බෙනා වයස අඩු හරි වැඩි හරි ඕනැ කෙනෙකුට කතා කරන්නෙ මල්ලි කියලයි...දවසක් වින්සන්ට් වාස්ටත් වින්සන් මල්ලි කිව්වය කියල කෲ එකේ කොල්ලෙක් හිනාවෙවී මට කිව්වා.

මම මහ රෑ ඒ ගොල්ලන්ව එක්ක යන්න ආපු එක ගැන වරක්ස් නෝනගෙ හෙවත් චිත්‍රාගෙ එච්චර කැමැත්තක් තිබුණෙ නෑ.....පොඩි බරබරයක් දැම්මා.....ඒත් නිහතමානී වරක්ස් නම් ....

මම නං යනව....කියල බොහොම තැන්පත් ආකාරයට ගමන යන්න සූදානම් වුණා...ඔය ජනනාත්ල ඒ කාලෙ පොඩි කොල්ලො...මගෙන් අහනව

මම එන්නද යන්න....

කොහොම හරි ඒ දෙන්නත් සූදානම් කරගත්තු මම බෙන් එකට ඇවිත් ඔක්කොමල්ල එකතු කරගෙන මීගමුවෙ නවතින්න ලෑස්තිකරල තිබුණු හෝටලේට යද්දි රෑ දොළහත් පහුවුණා.

 බෙනට් ආපහු මට කතා කරල කියනව....

මල්ලි උඹ හෙට උදේ පාන්දරම ධර්මසේන හේමපාලගෙ ගෙදර ගිහින් මිනිහව එක්ක වරෙන්.....

මම තමයි හිටිය එකම එකා ධර්මසේන හේමපාලගෙ ගේ දන්න....

නිදාගන්න යද්දි රෑ එකත් පහුවෙන්න ඇති.....දවස පුරා වෙච්චි මහන්සියයි තෙහෙට්ටුවයි නිසා මදුරුදැළ අස්සට රිංග ගත්තු මට මළාවාගෙ නින්ද ගියා...

ඇහැරෙද්දි එළියත් වැටිලා...මළ කෙලියයි....පාන්දරම යන්න කිව්වනෙ ධර්මසේන හේමපාල එක්කං එන්න.

ඇහැ ඇරල බැලුවාම මම නිදාගන්නකොට හිටියෙ නැති එකෙක් ඇඳේ ඉන්නව....

අප්පට හුඩු මේ මොකාද මේ....

නිළියන්ගෙ කොණ්ඩ මෝස්තර දාන්න ගෙනල්ල හිටපු පොන්නය මගෙ ඇඟ උඩින් කකුලකුත් දාගෙන ගොරෝ ගොරෝ බුදි.

ඔය ටෙලි නාට්‍යවල චිත්‍රපටවල නිළියන්ගෙ කොණ්ඩ මෝස්තර ගොඩක් වෙලාවට දාන්නෙ පොන්නයො.....ඒ රස්සාව කරන පොන්නයො කීප දෙනෙක්ම ක්ෂේත්‍රයෙ ඉන්නව....නිළියොත් මේ පොන්නයන්ට හරි කැමතියි....ඇයි සම්පූර්ණ ආරක්ෂාව සහිතයිනෙ.....රජයේ මහ බැංකුව වාගෙ...ඔය අපේ තරු එකේ වැඩ කරන්න ඇවිත් හිටපු පොන්නයත්(නම කියන්න හොඳ නෑනෙ ලස්සන නමක් තියෙන්නෙ හරියට සිරිල් ධර්මවර්ධන වාගෙ..) ෂූටිං නැති වෙලාවට වසන්තිගෙ කොණ්ඩෙට නානාප්‍රකාර මෝස්තර දදා ඉන්නව මම දැකල තියනව.

පොන්නය මාත් එක්ක එක ඇඳේ නිදාගෙන ඉන්නව කවුරුහරි දැක්කනං හතර විළිලැජ්ජාවයි.....වදින කාඩ්වලට ආයෙ ඉතිං ඉඳල ඕනැ නෑ.
 

මම ඇඳෙන් පැනපු ගමන් එළියට දිව්ව...මෙන්න බෙනා ඉස්සරහට එනව.
 
මල්ලි උඹ තාම මෙතනද....
 
මම වචනයක්වත් නොකිය ඇඳගෙන වාහනයෙ ඩ්‍රයිවර්වත් කතා කරගෙන පිටත්වුණා...
 
 කුඹල් ඔලුවෙ ධර්මසේන හේමපාලලගෙ ගෙදරට යද්දි උදේ හත හමාර විතර වෙන්න ඇති....ඔහුවත් නග්ගගත්තු මම ආපහු සෙට් එකට ගියෙ නෑ.....ටවුමෙන් බැහැල කෝච්චියෙ නැගල ඔෆිස් ගියා.

82 comments:

  1. යම් කිසි ශාරීරික වෙනසක් නිසා සමාජයේ එක්තරා මනුෂ්‍ය කොට්ඨාශයකට අවඥා සහගතව ඇමතීම පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. හැලපයියේ ඔයා කුරු.. ද? සුගතපාල සෙනරත් යාපා මහත්තයත් ඔය කාලේ gfu එකේ හිටියා නේද?

      @ඇනෝ.. සිනමා ටෙලි කර්මාන්තයේ ඉහත සිදුවිම සාමාන්‍ය දෙයක්. අදටත් එසේමයි.

      Delete
    2. @ඇනෝ;
      ඔබ මට පවසන්න ඔවුනට අවඥාවක් නොවෙන ලෙසට භාවිතා කල හැකි වචනයක්.

      Delete
    3. පොන්නයා යන වචනය යෙදීම නම් නුසුදුසුයි.ඒ වෙනුවට සමලිංගිකයා යනුවෙන් හැඳින්වීම වඩාත් සුදුසු වේ.

      Delete
    4. සද්භාවයෙන් කතා කළත් මේ ඇනෝ ඉන්නේ ලොකු මුලාවක.

      මෙහි පොන්නයා යන්නෙන් ලේඛකයා අදහස් කර ඇත්තේ නපුංසකයා යන්නයි. එනම් නියමිත පරිදි ලිංගේන්ද්‍රියක් නැත්තා යන්නයි. භාෂාවක් ෙඊගන ගන්නා විට අපි පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග සහ නපුංසක කියා ඉගෙන ගත්තා අමතකද? නපුංසකයාට නිර්ලිංගිකාය කියලා කියන්නත් පුලුවනි.

      සමලිංගිකයා කියන්නේ නිර්ලිංගිකයා කියන එක නොවෙයි. සමලිංගිකත්වය ලිංගික ඛ්‍රියාවලිත් සමග එන්නක්. ගේ ලා, ලෙස්බියන් ලා දෙකොටසක් ඉන්නවා. එල්ටන් ජෝන්, එලන් ඩීජෙනරස් මීට උදාහරණ. ඔවුන් ලිංගිකව බෙලහීන අය නොවෙයි.

      Delete
    5. මෙහෙම දේකුත් තියනවා ඔය වාගේ වචන , සමහරක් අය පාවිච්චි කරනකොට අවුලක් නැ, ඒත් සමහරක් අය පාවිච්චි කරනකොට අවුල් ,

      Delete
    6. you miss the whole point kaka, that word is not a compliment.
      In the civilized world, it is a discrimination using insulting words like that based on peoples physical differences. may be it is not a big deal in SL, yet it is still wrong, so , don't try to just justify it. learn to call a spade a spade, instead.:))
      Having said that, we all use the word , when they are not around, and I'm sure Halape use the word with no bad intension. But the point is, this is not some private drinking party, as everybody is reading this, including the victims.

      while out casted and condemned in Asia, in the west they live normal lives, just like others, and proven to be rich, famous and talented in many feilds.

      Delete
    7. ඇනෝ, කකා ගෙන් ඔබට පිළිතුරු ලැබී ඇතැයි සිතමි

      Delete
    8. @නලීන්,
      දැනටමත් ඔබ දන්න දේ ඕනැවටත් වැඩියි මම හිතන්නෙ.
      මා යන කාලෙ සුගතපාල සෙනරත් යාපා විශ්‍රාම ගියා,ඊට පසු ප්‍රධානියා වූයේ තිස්ස ලියනසූරියයි.

      Delete
    9. කකාගේ උත්තරය නිවරැදි විවරණයකි. ඇස් ඇර ලියන්නේ එසේය. මේ නලියා බ්ලොග් කරල දාපන් හැලපයියේ මහ කරදරකාරයෙක්...

      Delete
    10. @ Anonymous April 3, 2013 at 3:22 PM
      මා ඒ පොන්නයා යන වචනය භාවිතා කිරීම අනුමත කලේ නෑ. මා කියන්නේ ඒ වෙනුවට නපුංසක කියන්න කියායි.

      සමලිංගික යැයි කීම වැරදියි.

      Delete
    11. දේශකයෝ නලියා කිසිවිටක කිසිවකුට කරදර නොකරයි.

      Delete
    12. පොන්නයට පොන්නය නොකිය වෙබ මොන ප*^& කියන්නද?
      ආ..... හැලපයා "පයියත්" සාදාරනී කරනය කලා නේද?

      " ඇනෝ පයියෝ පොන්නයට පොන්නය නොකිය වෙන මොන පයියක් කියන්නද?"

      Delete
  2. තිලක් වේහැල්ල ෆිල්ම් කරන කාලේ පොනිල තුන් හතර දෙනෙක් අරන් යනවා කෘ එකට උයන්න.කැළණි පැත්තෙ සෙට් එකක්.හැම රාත්‍රියකම ජවය තියෙන කොල්ලො උන් සෙට් එක නැවතිල ඉන්න තැනට පෝලිමේ ගිහිල්ල කට පුරා කෘත ගුණ සලකල එනව රසට උයල දෙනවට.

    ReplyDelete
  3. ගොඩක් රටවල වේශ නිරූපනය කරන්ට ඉන්නේ මේ වගේ අය. හැලපයට හොඳ අත්දැකීම් රැසක් තියනවා හොඳ පොතක් ලියන්ට.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් එහෙම තමා වෙනසක් නැ ‍, මම මේ කමෙන්ට් එක දැක්කහම එය ගැන ටිකක් හිතුවා, දන්න දහ දොලොස් දෙනෙක් ගැනක කල්පනාවට ආවා,

      එයින් හතරපස්දෙනෙක්ම ගෑනුන්ටත් වඩා පස්ස නලවන කෙසෙල් ලෝලියෝ(පොන්නයො)

      දෙතුන් දෙනෙක්ම ආප්ප වලට වාගේම කෙසෙල් වලටත් කැමති (කොලුකාරයෝ)

      එකෙක් දෙන්නෙක් තමා ඉන්නේ ආප්ප විතරක් කන උන් (බඩුකාරයෝ)


      සාමාන්‍ය සාර්ථක පවුලු ජීවිත ගත කරන උන් ඉන්නේ හරිම අඩුවෙන්

      ඒ කොහොම උනත් ස්ත්‍රී ලෝලියෙකුට කියාපු රස්සාව ඕක





      Delete
    2. අත්දැකීම් නම් අනන්තයි පොඩ්ඩියෙ,පොත් ලියන්න තමයි දන්නෙ නැත්තෙ

      Delete
    3. හ්ම්... මං හිතන්නේ කාන්තාවන් ගේ ආරක්ෂාව ගැන හිතල වෙන්ටැති ඔය කට්ටිය මේ මේක් අප් වැඩ කරන්නේ

      Delete
  4. අපේ ප්‍රධාන පෙලේ නිලියක් අවුරුදු ගානක් අකුරු දෙකේ නමක් තිබුන වේශනිරූපණ ශිල්පියකුව ගෙදර නවතාගෙනම සිටිය.ඔහුගෙ කතාවයි,ගමනයි දෙකම ලතා.පසුව ඇය සමග හිත් අමනාපයක් ඇතිවී නිවසින් පිටව ගොස් ඔහු කසාද බැදලා ළමයෙකුත් ලැබුන.ළමය මම වගේ නම් නෙමේ ඌ වගේමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම දන්නවා මූ ගැන. මාලනීගේ එකා නේද? මට නම් ආරංචී ඌ තාමත් එයා එක්ක ඉන්නවා කියලයි.

      Delete
    2. ජුලියට් ගේ භූමිකාව සිහිවිය.

      Delete
    3. කෙන්ජි ළමය බලන්නත් ගිහින්

      Delete
  5. නියම රසබර අත්දැකීම් නොවැ අයියට තියෙන්නෙ..හොඳ වෙලාවට වෙන කවුරුවත් නොදැක්කෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වෙනී,දැක්කනම් ඉතිං ටෙලි කරලත් ඉවරයි.

      Delete
  6. ෆිල්ම් ට්‍රේඩ් එකේ, ෆැෂන් ට්‍රේඩ් එකේ කස්ටිය වැහි වැහැලා ඉන්නවා නේද? ඉස්සර වගේ නෙමේ දැන්නම් හොඳට හම්බ කරණවා කස්ටිය. ඔය ප්‍රසිද්ධ පොරවලුත් ඉන්නේ. අපේ නෝනා රමණි ෆර්නෑන්ඩුගේ කෝස් එකක් කරණ කාළේ ඔයින් දෙන්නෙක්ම හිටියා ක්ලාස් එකේ. අපේ එක්කෙනාට ෆුල් ආතල්. හැන්දෑවට ගෙදර ඇවිත් ඇක්ට් කරලා පෙන්නනවා ඒ විදියටම. සිකුරු හතේ එකේ පට්ට විදියට ඇක්ට් කලා, ඇන්ටන් ජූඩයි, ප්‍රියන්ත සෙනෙවිරත්නයයි.

    ReplyDelete
    Replies
    1. සිකුරු හතේ එකේ බලන්න තිබ්බෙත් ඉතිං උන් දෙන්නගෙයි කපුවගෙයි වැඩ ටික තමයි... හි හි... ආ.. ඇයි.. අර අනර්කලී කාර් එකෙන් බැහැලා පොලිස් ස්ටේෂන් එකට යන කෑල්ල...

      Delete
    2. අනර්කලි.. මගේ ෆේවරිට්... නිලියකට කියලා ලංකාවේ ඉන්නෙ එච්චරයි දැන්.. කන්න හිතෙනවා අල්ලලා... හුරතලේට...

      Delete
    3. ගෙඩිය පිටින්මද?

      Delete
    4. එහෙම කෑවම රහ නෑ අයියා......

      Delete
    5. //නිලියකට කියලා ලංකාවේ ඉන්නෙ එච්චරයි //

      අනිවා.. නිළියක් කෙසේ වෙතත් ෂෝට් ස්කට් එකක්, බේතිං සූට් එකක් අන්දලා සෙක්සි විදියට ෆොටෝ එකකට, ෆිල්ම් එකකට ගන්න පුලුවන් එකම නිළිය.... ඔය සිකුරු හතේ එකේ සීන් එක ( අර වතුරේ සීන් එකක් කලින් ෆිල්ම් එකක තිබ්බා, ඒ සීන් එක ඇරුනම..) තමයි මං එයාගේ ආසම සීන් එක...

      Delete
    6. //නිළියක් කෙසේ වෙතත් // නෙවෙයි.... රඟපෑම කෙසේ වෙතත්...

      හි හි...

      Delete
    7. මාතලන්ගෙ ෆේවරිට් අනර් කෙලී වගේම, මගේ ඒ කාලෙ ෆේවරිට් ෆරිනා ලායි.හිත හොද ගෑනු මනුස්සය.

      Delete
    8. ඇයි සිරිමති රසාදරි

      Delete
    9. දැන්නම් ඒ අයට ඉල්ලුම හරියට,කොහොමත් කාන්තාවො මේ අයට වඩා කැමතියි මාතලන්

      Delete
    10. කෙන්ජි,දැන් ෆරීනා ලයි කොහෙද හැබෑටම

      Delete
    11. ශක්විති වීනව වයන්න ගත්තම ලලයි ලිලයි ට අපේ පිහිට තිබුනෙ.
      අනේ දන්නේ නැහැ ඒකි ඉන්නවද,මලාද කියල හැලපේ.
      හැබැයි ඒකිව ලෝකේ කොහේ දී හරි දැක්කොත්,මගේ බිරිදයි දරුවෝ දෙන්නයි ඉස්සරහ උම්මා දාහක් දෙනව.එච්චරට ඕපන් හාර්ට්.

      Delete
    12. සික් මාතලං අයියා.. ඔයත් හරියට මතක නැති අයියා වගේමයි. වැල්ලවත්තේ ඒ අයියගේ පොට් එකේ උඩ තට්ටුවේ තමා අනර්කලීව වඩාගෙන හිටියේ.. හැක්...

      Delete
    13. අනර් කෙලී ළදරුව කාලෙද දේශකයො

      Delete
  7. බුදු අම්මෝ උඹ බයවෙච්ච තරමක්. පොතක් ලියන්න වටින කතන්දර ටික. ඔය රූපලාවන්‍ය-වේශනිරූපන සබ්ජෙක්ට් එකේ ඉන්න බහුතරයක් පොන්ස්ල තමයි.

    ReplyDelete
    Replies
    1. බයවුනා කියන්නෙ රාජ් එලියටම වීසිවුනා

      Delete
  8. පොන්නය මාත් එක්ක එක ඇඳේ නිදාගෙන ඉන්නව කවුරුහරි දැක්කනං හතර විළිලැජ්ජාවයි.....වදින කාඩ්වලට ආයෙ ඉතිං ඉඳල ඕනැ නෑ.
    පින්තුර මොකටද ? ඔය බ්ලොග් එකේම ලියල තියෙන්නෙ ..හික්ක්

    ReplyDelete
    Replies
    1. දැන් ලිව්වට ගාණක් නෑ සරත්,මම ෆීල්ඩ් එකේ නෑනෙ දැන්.

      Delete
  9. ඇත්තටම වරකාගොඩ කියන්නේ හරිම නිහතමානී මනුස්සයෙක්... නුගේගොඩ පැත්තේ මම දැකලා තියෙනවා නව පරපුරේ ශිල්පියෝ ශිල්පිනියෝ සන්ග්ලාස් දාගෙන, බිල්ලෝ වගේ ෆුඩ් සිටියේ දොර ගාවින් බැහැලා යනකොට වරකගොඩ මහත්තයා පන් මල්ලකුත් අරන් පොලේ යනවා... මග දිගට එයා එක්ක හිනා වෙන මිනිස්සු එක්ක කට පුරා හිනාවෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හිරූ,ඔහු අත්දැකීම් සපිරි නිහතමානී බහුශ්‍රැතයෙක් හරියට පැසුණු වී කරල වගේ.
      මේ ඊයෙ පෙරේදා මට මේ රටේදී ඔහු මුණගැසුනු වෙලේ හරිම සතුටක් ඇතිවුණා.

      Delete
    2. මේ වී කරල් ගැන කියන්නෙ මක්කටෙයි..!

      Delete
    3. ඉතිං උඹ වී පොකුර නොවැ,අපිනම් දන්නෙ වී කරල් ගැන

      Delete
  10. නියම රසවත් විස්තර ටිකක්නෙ. තව ලියමු ඔය වගේ එවුව.

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ප්‍රසන්න අත්දැකීම් අවසාන වනතුරු.

      Delete
  11. අප්පට සිරි හලපයියා නාට්‍ය හදනන්ත් සම්බන්ද වෙලා හිටියද? කොහොම වෙතත් චන්දරේ ගොයියට වෙලා තියෙන්නේ කැත වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ කෝරළේ මහත්තයො,කාලයක් ඒ වැඩෙත් කලානෙ.අනේ චන්දරය නං හරිම අහිංසකය.

      Delete
  12. ගෑණු ලමයි කන්‍යාභාවය ආරක්සා කරනවා වගේ මේ ගොල්ලන්ගේ සමහර අයටත් පාරිශුද්දත්වය්ක් තියෙනවා..කටපුරවලා ගත්තට පිටි පස්සේ වැඩ ටික ඉතුරු කරගෙන ඉන්නේ ගෑනූන් කාන්‍යාභාවය ආරක්ශා කරනවා වගේ තමයි....

    ReplyDelete
    Replies
    1. මයියට පිටිපස්ස ආක්‍රමණය කරන්න බැරිවෙලා වගෙයි.

      Delete
  13. හැලප ටෙලියක් හදමුකෝ....

    ReplyDelete
    Replies
    1. අපි ක්ෂේත්‍රයේ හිටපු කාලෙ තිබුණු ටෙලි හැදිල්ල නොවෙයි දැන් තියෙන්නෙ අයිලාස්....අමුතුම අබුද්දස්ස ටෙලි කලාවක්.පිටපත ලියන්නෙ සෙට් එකේදි,එදාට ඇවිත් ඉන්න ආටිස්ලට අනුව.ගෙවීම දවස් කුලී.අපට ඕව පුරුදු නෑ.
      අයිලාස් එකක් කරන්න පටන් ගත්තොත් කෙන්ජියි මමයි උදව් කරන්නම්.

      Delete
  14. මෙහෙමත් කථා හැබෑට ඈ!
    පොතක් ලියන්න තරම් කථා ඇති ඔක්කොම එක්කහු කලාම

    ReplyDelete
    Replies
    1. තිස්ස පොතේ සයිස් එකත් කිව්ව නම්.

      Delete
  15. මටත් වරක් එක්වරක් නොව දෙතුන්-වරක් ම හමුවී තිබේ!

    http://kathandara.blogspot.com/2011/07/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. කකා ඔහුට තවත් ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක් සෙට් එකේදි මුණ ගැසුණොත් පිටපතේ නොමැති අමුතු රස මතුවන්නේ නිරායාසයෙන්,බලා ඉඳීම හරිම ආස්වාදජනකයි.

      Delete
  16. හප්පට සිරි! ලෑලි කෑල්ලක් බැඳගෙන එපෑ නිදා ගන්න!

    ReplyDelete
    Replies
    1. කොහෙද මචං,පස්ස පැත්තෙද

      Delete
    2. හෙන්‍රි හරි නම් හැලපයියා නෙවෙයි අරයා තමයි ලෑලි කෑල්ලක් බැඳගෙන හැලපයියා ළඟින් නිදා ගන්න ඕනි..වැඩි පරිස්සමට..
      සිරාවටම නිදා ගත්තා හැර වෙන මුකුත් උනේම නැද්ද අයියෙ ඔය කිව්වට ?

      Delete
    3. අයිස් පලම් එකක් කන එක ගැනවත් සලකල බලන්න තිබ්බා වෙනියො,කොහෙද මූ නිදාගන්නව මම දන්නෙවත් නෑනෙ

      Delete
  17. ඔය රම්සිගෙ ගළධාරි එකෙයි බොරැල්ලෙයි සැලුන් දෙකම හදල මිනිහගෙ හොඳ හිතවතෙක් වෙලා උන්න. පස්සෙ දවසක මම වයිෆුත් එක්ක නාලකගෙ පොත් එලි දැක්වීමකට ගියාම මූත් ඉන්නව. මේක එක පාරම ලඟට ඇවිත් "ආ මෙයාද ඔයාගෙ වයිෆ්" කියල මගේ අතිනුත් අල්ලන් " ඔයාවත් මෙයාට කියන්න අනේ කතා කරාම ෆෝන් එකට ආන්සර් කරන්න කියල. මෙයාව අල්ලගන්න හරීරීම අමාරුයි" කිව්වෙ නැද්ද.

    ඉතුරු හරිය මොනාට කියනවද!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් හිනාකාල පණයනව උපශාන්ත!!!!

      Delete
    2. ඉන්දික රම්සියගෙ කතාව එහෙම වුණාට ගණං කොහොමද.අනික ඌට වැඩ වැහි වැහැලා.

      Delete
  18. උඹ කියන කෙනාගේ නමට අකුරු තුනයි, පටන් ගන්නේ ''ල'' යන්නෙන් , නාරානේපිට සැලුන් එකක් තියනවා, මම හරිද

    ඔය රස්සාවම කරන, ඔය සබ්ජට් එකත් කරන, පෙනුමෙන් නං එහෙමයි කියලා හොයන්න බැරි . දෙකේ හතරේ පොරක් ඉන්නවා , නම පටන් ගන්නේ ''ර'' යන්නෙන් , පොර කමලාසාන්‍ටත් මේක්අප් කලා ''ඉන්ඩියන්'' ෆිල්ම් එකේ.

    ReplyDelete
    Replies
    1. හරි හරි ,උඹ නොදනීද උන්ගෙ නම් අටමො

      Delete
  19. Replies
    1. ඔය තියෙන්නෙ නියම වචන :) කෙලින්ම පොන්නය කියනවට වඩා හොඳ නැද්ද?

      Delete
  20. මනුස්සයෙක් උපදිනකොට එයාට ලැබෙන තත්වෙ ගැන එයාට පාලනයක් නැති හින්දා එහෙම අඩුපාඩුවක් ඇතිව ඉන්න අසරණයාට පහත් කරල නමක් තියල ඒක පාවිච්චි කරලා හිනාවෙන අයට කවදා හරි අර විදිහට විපාක විඳින්න වෙන බව බුදු දහමෙ කියවෙනවා. හැලප ඔය වගෙ බාල වචන නොලීවාට බ්ලොග් එක බලන්න මිනිස්සු ඒවි..

    ReplyDelete
    Replies
    1. හැලප දැන, දැන අපහාසයක් නොකලත් අහිංසක මිනිස් සාමාජිකයන් පිරිසක් මීට වඩා විනීතව හැඳින්වීමට තිබුනා.මෙය උපතින්ම එන තත්වයක් නිසා ඔවුන් කොන් කිරීම අසාධාරණයි.

      Delete
    2. @ ඇනෝ කීපදෙනාටම ආදරයෙනි,
      මා කතාව ලියූ බස් වහර කතාකරන භාෂාවයි.එම තැනට ඉතාම ගැලපෙන නිසාම එම වචනය පාවිච්චි කලා මිසක කිසිම ජන කොට්ඨාශයකට නිගරු කිරීමේ හෝ අවමන් කිරීමේ අදහසක් මගේ තුන් සිතකවත් නොවීය.මා එසේ කෙනෙකුගේ අඩුපාඩුවලට හිනාවෙන පුද්ගලයෙකුත් නොවෙමි.
      කෙසේ වුවත් එම වචනය යෙදීමෙන් ඔවුනට අපහාසයක් වීයැයි ඔබලා සිතන්නේ නම් ඒ ගැන මගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරම කොන්දේසි විරහිතවම සමාව භජනය කරන මෙන් ඉල්ලමි.

      Delete
  21. තව පොඩ්ඩෙන් ලියුමක් හන්දා බඩු බනිස්.. :) දැන් නම් ඉතින් ලියුං ඕනේ නෑනේ. කෝල් කෝල්..

    සිනමාවේ අපි නෑසූ කතා හරි රසවත් නේ.

    ReplyDelete
    Replies
    1. ඇසූ කතා වලට දෙගුණයක් වැඩි නෑසූ කතා චන්දන

      Delete
  22. මම නම් ආසම උන්ගෙ පස්ස වැනිල්ලට බං.

    ReplyDelete
    Replies
    1. ඇයි බං තව දේවල් තියෙන්නෙ අත් හදා බලා නැද්ද

      Delete
  23. සෙට් වෙමුද

    ReplyDelete
  24. 0720995026 whatsapp

    ReplyDelete

ඔබේ අදහස්