Thursday, March 28, 2013

43.සංවිධායකයන්ගේ ස්තූතිය



අද බේබදු කතා කීපයක් ලියමු....මොකද ඊයෙ පෙරේද දවසක මට වෙච්චි වැඩක් නිසා මේ ටික මතක් වුණා...අමතක වෙන්න කලින් ලියන්න හිතාගත්ත.

පහුගිය බ්‍රහස්පතින්ද දවසක තිබුණු රෑ කෑමක් එක්ක සංගීතෙකට අපිටත් ආරාධනාවක් ලැබුණා......ඔය ප්‍රසංග සංවිධායකයන්ට අපි පොඩි උදව්වක් කරල දුන්න.....හැබැයි ඒ ගොල්ල අපි කරපු උදව්ව පොඩියට ගත්තෙ නෑ වේදිකාවෙදි පවා කියල ලොකු ස්තූතියක් කළා.

ඒ මදිවට සංවිධායකයො මට කතාකරල කොච්චර හොඳට සැලකුවද කිව්වොත් මම රෑට කෑවද කියලවත් මතක නෑනෙ....කොහොමහරි ගෙදර නං ඇවිත් තිබුණා.

හැලපි සහ හැලපැට්ටා කෑමකන පින්තූරයක් තිබුණත් හැලපයා කෑම කන පින්තූරයක් තිබුණෙ නෑ.

පහුවදා හැලපි මට කතාකරල අහනව....

ඔයා ඊයෙ රෑ අර ජාතිය කෑවද....මේ ජාතිය කෑවද....රසයි නේද....ආදී වශයෙන්

අහිංසක මම මොනව කියන්නද.....කෑවද නැද්ද මතක නෑ කියන්නයැ මමත් හැම එකටම ඔව් ඔව් කිව්වා.

ඕං උඹල එහෙම ඔය වගක් හැලපිට කියනව එහෙම නෙවෙයි....

ඉස්සරත් ඔය වැඩේ ඔහොම්මමයි.....

කෑමකට පාටියකට ගියොත් වේටර්ල බීම පිළිගන්වල ඉවරවුණාට පස්සෙත් බන්දුයි මායි මදි පාඩුවට තව චුට්ටක් හොයාගෙන බීම කවුන්ටරේ පැත්තට යනව....

ඔන්න පහුවදා උදෙන්ම බන්දුගෙන් කෝල් එකක්...

 මචං මම ඊයෙ රෑට කෑවද....

එතකොට මම කියනව...අනේ මචං මටත් හරියකටම මතකක් නෑ වයිප්ගෙන් අහල කියන්නම්....කියල

මොකද බන්දුගෙ වයිප්ගෙන් කෑවද කියල ඇහුවොත් එහෙම අනේ අහිංසකයට තදබල වාග් ප්‍රහරයක් එල්ල වෙනව...මෙන්න මේ වාගෙ

තමුන් දැනගන්න එපායැ බොනකොට සිහියක් පොතක් ඇතුව බොන්න.....

ඒ හින්දම බන්දු වයිප්ගෙන් අහන්නෙ නැතුව මට කතාකරල අහන එකයි කරන්නෙ....

මම නං එහෙම ඇහුවට බිරිඳ මට බනින්නෙ නෑ...

අනේ අනේ බීපු තරම කිව්වොත් කෑවද කියලවත් සිහියක් නෑ නේද...ඇයි ඔය අගේට කෑවෙ.....කියල කියනව.

 ආයෙ ඉතිං ඕක දැනගත්ත කියල ඊයෙ රෑට ආපහු ගිහිං කන්නයැ....පස්සෙ පස්සෙ ඕව අහන්නෙ නැතුව අතඇරල දැම්ම....මොකටද නිකං අපහාස විඳින්නෙ තමන්ගෙ ගෑණිගෙන් වුණත්......

ඉතිං අපි බීල බීල ඉවරවෙලා කෑම කන්න යනකොට හොඳටම පරක්කු වෙනව....ඒකෙත් හැබැයි හොඳක් තියනව....හෝටලේ ජෝශප්ගෙ ගෝලයො ආප්ප දාන්න පටන් ගන්නෙ සෑහෙන්න පරක්කු වෙලා.....එතකොට කාන්තාවො එහෙම කාල ඉවරයි....ඒ ගොල්ලන්ට ආප්ප මිස්වෙනව...මොකෝ අනික් ජාතිකාල බඩපුරෝගෙනනෙ ඉන්නෙ ආයෙ ඇවිත් ආප්ප කන්නයැ...

ආප්ප හදන තැනම ඉඳගෙන ආප්ප කොල්ලට කියල බිත්තර ආප්පත් දම්මගෙන ජොලියෙ කන අපිව දකින ගෑණුන්ට මළ පනිනව.

දවසක්දා පාටියකදි රාණි අක්ක ජෝශප්ට ඕක කිව්ව...

ඇයි අනේ ...ටිකක් වේලාසන ආප්ප දාන්න පටන් ගත්තොත් අපටත් කන්න පුළුවන්නෙ....කියල...ඒ ගමන ජෝශප් කියනව..

බලාගෙන ඉඳල ආප්ප කනකොට තමයි ගතියක් තියෙන්නෙ.....මතකද පොඩිකාලෙ අම්ම ආප්පයක් බානකල් අපි කුස්සියෙ බලාගෙන ඉන්නව...

තවත් දවසක පාටියකට අපේ අශෝකන්ගෙ තාත්ත මනවෙයි තම්බිටත් ආරාධනා කරල තිබුණා.....මනවෙයි තම්බි උන්නැහෙත් සුදු බැනියමකුයි වේට්ටියකුයි ඇඳගෙන උජාරුවට ඇවිත් හිටියා.....

ඔන්න පාටියෙ බීම පිළිගන්වන්න පටන් ගත්ත...වේටර්ල ට්‍රේ වල විස්කි වීදුරු තියාගෙන ආරාධිතයන් අතරෙ සැරිසරනව...

 විස්කි වීදුරුවකට සෝඩත් අයිස් කැටයකුත් දාගත්ත මනවෙයි තම්බි ගුඩුස් ගාල එක උගුරට ගිලල දැම්ම.....

ඔන්න තවත් වේටර් කෙනෙක් ඒ පස්සෙන් එනව බියර් පුරවපු වීදුරු අරගෙන....බියර් වීදුරුවකුත් ගත්ත මනවෙයි තම්බි උගුරු දෙකට තුනට ගිලල දැම්ම....

තවත් කෙනෙක් වයින් වීදුරු පුරවපු බන්දේසියක් අරගෙන කැරකෙනව....

මනවෙයි තම්බි වයින් වීදුරුවකුත් ගිලල දැම්මෙ පට් පට් ගාල....

මෙයාගෙ නන්ස්ටොප් බීම බලාගෙන හිටපු සිරිසේන මනවෙයි තම්බි ළඟට ගිහිං.....

තලෙයිවර්....ඔහොම බිව්වොත් නං වැඩේ වරදියි.... කියල කිව්වා.

වරදින්න දෙයක් ඉතුරුවෙලා තිබ්බෙ නෑ.....විනාඩි දහයක්වත් ගියෙ නෑ ඉඳගෙන හිටපු පුටුවත් පෙරලගෙන මනවෙයි තම්බි බිම...

සිරිසේනල මනවෙයිව උස්සං එළියට ගියා....

සිරිසේන කිව්වෙ අපේ මැසෙන්ජර් හෙවත් පණිවිඩකාරයට...වැඩ නිකං ගිනි කසය වගේ...අපි කිව්වෙ කලුවා කියලයි...කලුවගෙ කතාවත් කියලම ඉම්මුකො....හැබැයි දන්න අය බනින්න එපා වටේ යනව කියල.

ඔන්න එක රටේ මහත්තයකුගෙ හරි මුදලිතුමෙකුගෙ හරි වලව්වක ආවතේව වැඩට හිටියලු කලුව කියල අහිංසක මනුස්සයෙක්...

දවසක්දා මුදලිතුමා රෑට කෑම කාල එහෙම හාන්සි පුටුවෙ සුරුට්ටුවක් උරමින් ඉන්න ගමන් එතනම ඉස්තෝප්පුවෙ පඩියෙ වාඩිවෙලා හිටපු කලුවට කතාකරලා...

කලුවෝ....හෙට උදේ පාන්දරින්ම මාරපන ගිහින් වරෙන්කෝ....කියල කිව්වලු.

මුදලිතුමාට මොකක්ද පණිවිඩේකට කලුවව මාරපන යවන්න තිබිලා...

කලුවත්... හොඳමයි හාමුදුරුවනේ......කිව්වලු

වලව්වෙ උදවිය පහුවදා උදේ ඇහැරල බැලුවාම කිරි දොවලත් නැහැලු.....හරක් ටික බැඳලත් නැහැලු.

මුදලිතුමා කලුවව හෙව්වහම ගමන යවන්න කලුවත් ආගිය අතක් නැහැලු....

කට්ටියම කම්පාවෙලා බලාගෙන ඉන්නව අනේ මේ අහිංසකයට මොනව උණාද කියල...

ඔන්න ඉර මුදුන් උණාටත් පස්සෙ කලුව එනවලු දාඩිය පෙරාගෙන....

 ඈ බං කලුවො උඹ කොයි හද්දිබ්බාගෙක මකබෑ උණාද ...අපි උදේ ඉඳන් උඹව හොයනව මොනව උණාද කියල.....මුදලිතුමා අහනව

ඇයි අප්පේ හාමුදුරුවොමනෙ මට ඊයෙ රාත්තිරියෙ කිව්වෙ මාරපන ගිහින් එන්න කියල....

කලුව උදේ පාන්දරම මාරපන ගිහිල්ලත් ඇවිත්.

ඊට පස්සෙනෙ ඔය ප්‍රස්ථා පිරුළකුත් හැදුනෙ කලුව මාරපන ගියා වාගෙයි.... කියල.

ඔන්න ඔය සිරිසේනගෙ වැඩත් කලුවගෙ වාගෙමයි......

මොකක් හරි උවමනාවකට සිරිසේනව ගෙදර යවන්න ඕනැ උණොත් මම සිරිසේනට කතාකලම මිනිහ සයිකලේම මගෙ කාමරේ ජනේලෙ ළඟට එනව  ...

සිරිසේන අපේ ගෙදර.....කියනකොටම

බ්‍ර...ඌම් බ්‍ර..ඌම් ගාල සයිකලේ ස්ටාට් කරගත්ත සිරිසේන ඉගිල්ලෙනව....

ඊට පස්සෙ ඉතිං මම පණිවිඩේ ගෙදරට කතාකරල කියන්න ඕනැ...

එහෙම නැත්නං ගෙදරට ගිහිං බෙල් එක ගහන සිරිසේනගෙන් බිරිඳ අහනව....

ඇයි සිරිසේන.....උවමනාවක්ද....කියල

මං දන්නෑ නෝන... මහත්තය එන්න කිව්වෙ..... කියල සිරිසේන උත්තර දෙනව

එතකොට බිරිඳ මට කතා කරල පණිවිඩේ අහගන්නව.....

මනවෙයි තම්බි ගැන කියනකොට මට මතක් වුණා එයාගෙ මල්ලි හෙවත් අසෝකන්ගෙ බාප්ප ගැනත් කතාවක්.....

අපි අසෝකන්ල එක්ක කන්‍යාකුමරි ගියවෙලේ අසෝකන්ලගෙ බාප්පලගෙ ගෙදරත් ගියා.....ඒ ගොල්ල පදිංචිවෙලා හිටියෙ තිරුචෙන්දුර් කියන නගරයට කි.මී. 35 ක් 40 ක් දුරින් තියෙන මනපාඩු කියන සුන්දර ධීවර ගම්මානයේ....එයාට මාලු බෝට්ටුවක්ද දෙකක්ද තිබුණා.

යන්න කලින් මම අසෝකන්ගෙන් බාප්ප බොනවද කියල අහපුවාම අසෝකන් කිව්වා....

අපෝ නෑ....කටේවත් තියන්නෙ නෑ......කියල

ඒ ගමන අපි දෙන්නට බොන්න මේක ඇතිනෙ කියල එක බෝතලයක් අරගෙන ගියා...කුලී කාර් එකක් කතාකරගත්ත අපි ඒ ගෙදරට යද්දි උදේ දහයට දහයමාරට විතර ඇති.

ගමට මායිමව තියෙන නිල්වන් ඉන්දියන් සාගරය රැළි නංවමින් අපට ආරාධනා කරනව වාගෙයි....

අසෝකන්ලගෙ පුංචි අම්ම අපට කෑම ලෑස්ති කරනතුරු ගෙදර කොලු කෙලි රැළත් එක්ක නාන්න යන්න කලින් අපි දෙන්න පොඩි ෂොට් දෙකකුත් දාගත්ත.

 පැය ගාණක් නොගැඹුරු මූදෙ පිනුම් ගගහ නාගත්තු අපි ආපහු එනකොට හොඳටම බඩගිනියි....කෑමත් මේසෙ උඩ ලෑස්තිවෙලා තිබුණා.

කෑම කන්න යන්න අසෝකන්ලගෙ බාප්ප බැලුව මිනිහ ආගිය අතක් නෑ.....

හොයල බැලුවාම පොර අර බෝතලෙන් තුන්කාලක් විතර පෙරේතකමට ගහල  ඇඳක් උඩ දපල කියවනව....

අසෝකන් යාලුවන්ට කන්න දුන්නද බං....

අසෝකන් යාලුවන්ට හොඳට කන්න දීපං...

ඉවරයක් නෑ කියවිල්ල....බිරිඳට පුතාට එහෙම හොඳට බඩගිනිවෙලා තිබුණු නිසා අපි ගිහිං කෑවා....

පහුවදා නං මිනිහට හොඳයි...අපිව උදේ පාන්දරින්ම වැල්ලට එක්කං ගිහිල්ල තෝර කූරි ටිකකුත් අරගෙන දුන්නා...
 
එදා උදේට අපි කෑවෙ උණු තෝර මාලු හොදිත් එක්ක ඉඳිආප්ප....අසෝකන්ලගෙ පුංචිඅම්මා ඉඳිආප්ප වැක්කෙරුවෙ ඉට්ලි කුකර් එකට....ඉට්ලි කුකර් එකේ හදපු ඉඳිආප්ප තෝර මාලු හොද්දත් එක්ක කනකොට තිබුණු රස තවමත් මතක් වෙනව....ඉතුරු තෝර මාලු ටික අපි යනකොට රෑට කන්න කියල බැදල දුන්න.
 
අපි ඔය ගමන  ගිහිල්ලත් දැන් අවුරුදු දොළහක් විතර වෙනවා...කොච්චර කල් ගියත් මම තාම හිතින් ඒ සුන්දර මූදු වෙරළට යනවා.....ආයෙමත් ඒ ගමට යමු කියල මම අසෝකන්ට කිව්වත් ඉන්දියාවෙ ගිය වෙලාවල යැවුණෙ වෙන වෙන දිහාවල.
 
දැන් තියෙන තත්වය අනුව නම් ආයෙමත් එහෙ යාම හීනයක් විතරක් වෙයි කියල හිතෙනව.
මනවෙයිතම්බි දැනට අවුරුදු දෙකතුනකට කලින් මියගියා...අසෝකන්ලගෙ බාප්පට දැන් හොඳටම අසනීපයිලු....ඒ දවස්වල හිටපු පොඩි දරුවො දැන් මූදු යනවා කියල අසෝකන් මාත් එක්ක කිව්වෙ මේ කතාවෙ මට අමතක වුණු දේවල් අහගන්න පෙරේදා ඉන්දියාවෙ අසෝකන්ලගෙ ගෙදරට කතාකරපු වෙලේ.

63 comments:

  1. දැන් ගියොත් නම් බොන්න කෙසේ වෙතත්. කන්න නම් ලැබෙයි අම්බානට. ඕන් අද අපේ තානාපතිත් අත් අඩංගුවට ගන්න කියලා. හැබයි ජෙයලලිතා නෙමෙයි අර පිච්චු පීකුදු වයිකෝ... කතා ටික නම් පට්ට රහයි.. මමත් කීප සැරයක් කුඩු වෙන්නම ගහලා තියෙනවා. ඒත් ආතල් ඇර පිච්චු නම් කෙලලා නෑ කියලා දැනගත්තම අවුලක් නෑ. අන්තීමට එහෙම ගැහුවේ සාජා වල. කන පැලෙන්න ගහලා සැලුන් එකේ උන්ටයි. පාරේ යන අපේ උන්ටයි අයිස්ක්‍රීම් අරන් දීලා. සැලුන් එකේ කොල්ලෝ ටික සැලුන් එක ඇතුලට අරන් දොර වහලා උන්ගෙ අයිස් ක්‍රීම මට කවලා. යාලුවට කතා කරලා. ලෙඩෙක් විදියට එපාට්මන්ට් එකට ගෙනිහින් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මං හොදයිනේ බං

      Delete
    2. උඹ මට අහුවෙයංකො ලංකාවෙදි..

      Delete
    3. ඒ කතාව නම් සැටිපිකෙට් ඇත්ත,ගියොත් නියමෙටම කන්න ලැබෙයි

      Delete
    4. @අටම්
      උඹගෙ අමුතු හොඳක් නෑ,සීන් එකට එන්ටර් වෙන්න එපායැ

      Delete
  2. බොන්න පාටි වලට ගියාම, කාපුවා අමතක වෙනව තමා !

    ReplyDelete
    Replies
    1. එහෙම බිව්වෙ නැතිනම් ඒ බීමෙන් ඇති පලේ මොකක්ද,නේද සෑම්

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නියම කතා සෙට් එක අයියෙ...බවලතුන්ගෙ බලවත් විරෝධය ආවත් අපේ පහන් සංවේගය උදෙසා මේ වගේ කතාත් ලියලා දාන්ඩ ඕන් !

    ReplyDelete
    Replies
    1. හරියට හරි මල්ලි,කාගෙන් විරෝධය ආවත් උඹල මාත් එක්ක ඉන්න නිසා දිගටම මේ කතා ලියන්නම්.

      Delete
  5. ඔය කාපු ඒවා අමතක වෙන එකනම් හැමෝටම වගේ වෙන සීන් එකක් හරියට ආරෙට යනව වාගෙ.කොහොම උනත් ලස්සන වැඩේ සිහියෙන් ඉන්න වෙලාවට වඩා කන් සාක්කුවෙ වැටිලා තියෙද්දී හොදට අබරලා තියෙන බව තමයි ඇසින් දුටු සාක්ෂි පසු දින පවසන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇසින් දුටු සාක්ෂි කියවගන්න එක තමා ප්‍රශ්නෙ කෙන්ජියො
      අර කරු ගැන විස්තරයක් ඊයෙද කොහෙද දිවයිනේ තිබුණා දැක්කද

      Delete
  6. බීවාම කට්ටියට වෙනදේ...ගෑනු උදවිය හොඳ හන්දා ඉතින් හොඳයි.:)

    හැලපිව නම් දැක්කා. කෑම මේසේ දැක්කාම ලොකු බඩගින්නකුත් ආවා. මේ දෙවෙනි පෝස්ට්ටුව අද දවසේ කෑමත් එක්ක දැකපු.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පොඩ්ඩියෙ,ගෑණු හොඳ නිසා අපිව යහතින් එක්කං එනවා

      Delete
  7. මට තියන ලෙඩේ හැලපයියේ බිව්වාම කන්න හිතෙන්නෙම නැනේ.අර ආප්ප ඉදෙනකං බලා ඉදලා කන එක තමා රහ. අර කාන්තා පාර්ශ්වේට තිබුණනේ ඕනෙම නං උයාගන කන්ත්.

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවෙ ෆොටෝ එකේ ශරීර කූඩුව දැක්ක ගමන් හිතුන කෑමට හොරා බව.
      පිරිමි ගොඩක් ඉන්න තැන එහෙම උයාගෙන කන එක හරි නැහැනෙ නලින්.

      Delete
    2. හොඳට කන්න පුළුවන් තැනක ඉඳලවත් කන්නේ නැති හැටි. කරුමේ කෙන්ජියෝ කරුමේ....

      Delete
    3. එතන අරක් අරගෙන කන කෙනා එක්ක නලී කන්න ගියොත් තියෙන ඇගත් නැති කරගන්නව.

      Delete
    4. ඇඩ්‍රස් වැරදියි කෙන්ජි
      helapakade@gmail.com

      Delete
    5. මාතලන් කෙන්ජි...තාම තොග කඩ දෙකයිනේ... මං ඒ කඩ දෙකේම බඩු කිරලා තියනවා.

      Delete
    6. @හැලප;
      මට වැරදිලා.
      @නලින්;
      ඒ කියන්නෙ 3වැනි එක සුපර් මාර්කට් ද?

      Delete
    7. නලීන් මල්ලි,උඹ ඕනැතරම් නොබී ඉඳිං.....හැබැයි නොකා හිටියොත් හැලපක්කගෙන් කේස්.

      Delete
  8. හොඳට නමාගත්තට පස්සෙ බඩ පැලෙන්න කෑවත් පහුවදාට ඒක මතක නෑ තමයි. හැබැයි ඉතිං ඒ වැඩෙත් කොහොමහරි ගානට කරගෙන තියෙනව අන්තිමට බලපුවම.

    ReplyDelete
    Replies
    1. ගෙදර එන ඒකත් එහෙම්මම තමා. ආපු පාර නම් මතක නෑ.ඒත් ඔය යස අගේට ඇවිත් තියෙන්නේ....

      Delete
    2. හරියටම හරි ත්‍රිභාෂා,මටත් ඇහුනෙ එච්චරයි

      Delete
  9. මාත් දවසක් බියර් එකක් බීලා ඒක උඩින් අරක්කු බොන්න ගිහින් නැති නාස්ති වුනා!

    ReplyDelete
    Replies
    1. දැන් බොන්නේ රෙඩ් වයින් නොවෑ....

      අපිට කොයි, බූල් බව්වෝ.....

      Delete
    2. කවදාවත් ඔය දෙක කලවං කරගන්න නරකයි කකා.

      Delete
  10. මම ඉතින් ඔය රජාව බොන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ

    ReplyDelete
    Replies
    1. රජාගෙ ඉතිං මොනව බොන්නද බං

      Delete
  11. "තමුන් දැනගන්න එපායැ බොනකොට සිහියක් පොතක් ඇතුව බොන්න....."

    බොනකොට නම් බොන්නේ සිහියක් ඇතුව බිව්වට පස්සේනේ සිහිය නැති වෙන්නේ.

    මටත් බිව්වට පස්සේ කරපු කියපුවා අමතක වෙන එක හොඳටම තියෙනවා. රෑට කෑවද කොහොමද ගෙදර ආවේ, කීයටද ගෙදර ආවේ ඕවා මොකුත් මතක නෑ. කාගෙන්වත් අහන්නත් බැහැ මොකද එතකොට දැන ගන්නවනේ සිහිය නැති වෙනකම් බීලා කියලා

    ReplyDelete
    Replies
    1. හොඳම දේ තමයි කට පියාගෙන මහත්තයෙක් වගේ ඉන්න එක

      Delete
  12. මේ රටේ පාටිවල විදිහ වෙනස්. ඔන්න බීම ටිකක් එනවා. එවුව අමුවෙන් බොන්නඕනෙ නෝ බයිට්.. අපි ලංකාවෙ උන්ට මේක ඉතිං දිරවන්නෙ නැනෙ. බීල ඉවරවෙන්කොට ලංකාවෙ නං කෝ බඩේ ඉඩක් ? බයිට් කාලම පිරිලානෙ.. ඊට පස්සෙ ඔක්කොටොම කෑම. මෙන්න බොලේ කෑම කාල පිරිමිටික ඉඳගන්නවා බොන්න.. ඊට පස්සෙ ආපහු පාරට බැහැලා තව තැනකටත් ගිහින් බොනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්ස ඉස්සෙල්ලම පිල්ලන්ගේ පාටි එකකට ගිය දවසෙ මම ෆුල් අප්ෂට්. මොකෝ කෙල්ලෝ හිටන් බොන උන් කියලනේ ප්‍රසිද්ධ. අනේ මෙන්න පාටියට ගියා. කේක් දුන්නා ඉස්සෙල්ලම. ඊට පස්සෙ සොෆ්ට් ඩ්‍රින්ක් එකක්. ඊළඟට ෆෝටෝ අල්ලනවා. කරෝකේ දාගෙන සින්දු කියනවා. කාගෙන් වත් අහන්නත් ලැජ්ජයි. ටික වෙලාවකින් කෑම ලෑස්තියි. උරා එක එක ක්‍රමේට. පන්සිල් (දන්නවනේ) කකුළුවෝ, ඉස්සෝ, චිකන්, ඔක්කෝම බැදලා. තුනපහත් නෑ, අර පන්සිල් (නූඩලස්) ටිකක් ඌරාත් එක්ක පතබාලා නිකන් උන්නා. ඩෙසර්ට් මුකුත් නෑ. ටික වෙලාවකින් කෑම මේසේ අස් කළා, මම හිතුවා ඉවර තමයි කියලා.. අම්මට බොල දැන්නේ පටන් ගන්නේ. මෙන්න මේසෙට එනවා හොඳම බ්‍රෑන්ඩ්.. ඉස්සෙලම විසිටර්ස්ලට.. මොනාද ඉතින් කියන්න ඕන නෑනේ.. නෝනා මේවා දැක්කොත් බඩු මාට්ටු වෙනවා...

      Delete
    2. මටත් ඔය බඩගින්නේ බොන්න බෑ බං. අනික එහෙම හොන්ඩ්නහ්ත් නෑ. ශ්ලේෂ්මල පටල දියවෙනවා.

      Delete
    3. මොනවද බං ඕය ශ්ලෙෂ්මල පටල කියන්නෙ.......ඕව දියවෙන්න බොන්නම ඕන්නෑ බං..!

      Delete
    4. ඒක තමයි හොඳම ක්‍රමය සරත් මම හිතන හැටියට,බයිට් කාල බඩ පුරව ගත්තම කොහෙට කන්නද.
      සරත් කියවල තියෙනවද ඩ්බ්.ඒ.සිල්වා ශූරීන් ගෙදර පාටි දුන්න විදිහ.

      Delete
  13. හ්ම්ම්.. අද මක්කැයි මං කියන්නේ... බනින්නත් බෑ.. පටන් අරන් තියෙන්නේම බේබදු කතා කියලානේ... හැලපක්කා හින්දම හොඳයි ඉතිං.. බන්දුගේ වයිෆ් වගේ උනා නම් තමයි බලන්න තිබ්බේ.. හි හි

    ReplyDelete
    Replies
    1. ඔයා හැලපක්කා නම් ගන්න පියවර කියන්න

      Delete
    2. මෙනා කරන්නද... අනේ තව ටිකක් බොන්න කියලා බෝතලයක්ම ගෙනත් දෙනවා... ඊට පස්සේ කාණුවට හරි නිදාගන්න කියලා මම වාහනේ අරන් ගෙදර යනවා... හි හි...

      Delete
    3. කියන්න නම් පුලුවනි හිරූ,කරන්නනේ බැරි.ඔයා දන්නවද බීල කාගන්න බැරුව හිටපු මට හැලපක්ක කවලත් තියනව කියල,නලීන් තැන්කියු මචං මේක මතුකලාට.

      Delete
  14. හම්බෝ කලවම් ගැහුවොත් බඩුම තමයි

    ReplyDelete
    Replies
    1. බොන දෙයක් එකම ජාතිය, නැත්නං නිකං ඉන්න එක හොඳයි නොබී

      Delete
  15. හැලපයා බිව්වා වගෙයි...

    ReplyDelete
    Replies
    1. අලුත්ම ප්‍රස්ථා පිරුළද යසිත්

      Delete
  16. කාලෙකින් ඔය විදියට උතුර දකුණ මාරු වුනේ නැහැ. දැන් මාරු වෙන්නේ නැහැ.එක්කෝ අරක්කු බාලයි නැත්නම් අපි හැදිලා.

    ReplyDelete
    Replies
    1. ලිවර් ඩැමේජ්ද දන්නේ නෑ.... :D

      Delete
    2. ගොඩාක් වුන් ඔය කතාව කියල තියෙනවා බං.

      Delete
    3. උඹත් අසරණයෙක් නෙවෙයි බැලුවහම නේද.

      Delete
  17. ඉට්ලි කුකර් කතාව නම් තේරුනේ නෑ බං.

    බොන සාහිත්‍ය කතානම් මාර රහයි. මටත් එක පෙලට මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. බීම එපා වෙන ඒවත් තියෙනවා ඒ අතරේ...

      Delete
    2. ඉට්ලි කුකර් කතාව මෙහෙමයි මචං,ඔය ඉට්ලි කුකර් එකේ ඉට්ලි වක්කරන තට්ටු තුනක් හෝ හතරක් තියෙනවනේ,උඹ ඉට්ලි කුකර් දන්නවනේ.
      ඒ තට්ටුවලට ඉඳිආප්ප වක්කරල ඉට්ලි තම්බන විදියට හුමාලයෙන් තම්බ ගන්නව.
      වෙනස ඉඳිආප්ප තට්ටු නැති එක විතරයි.
      තාම තේරුණේ නැතිනම් ආයෙ අහපං.

      Delete
    3. හරි මචං තේරුනා, ස්තුතියි.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ඔය විදිහට නිල පනින්න ගහල පාරෙ නම් යන්න එපා හැලපයෝ. බල්ලෝ පෙරලගෙන මූණක් ලෙව කාලා මුත්රත් කරල යයි.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා තරු,එහෙම ගහපුවාම පාරෙ යන්න බෑනෙ.....වාහනේක තමා දාගෙන යන්නෙ.

      Delete
  20. බ්ලොග් ගෙට්‍ටුයි...සයිබර් සිහින බක්මහ උලෙලෙවල් කියයි ......නරකද "බ්ලොග් මධ්‍යප "කියල එකකුත් තියල කරටි කැඩෙන්න ගහන්න දවසක් දාගත්ත නම්..!

    ReplyDelete
    Replies
    1. එහෙම දාගම්මු වීයො,මාත් එන්නම් නිවාඩුවක් දාල

      Delete
  21. ඩෝප් වල අතුරු පල තමයි මේ රස කතා :)

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉතුරුවෙන්නෙ කතා ටික විතරයි

      Delete
  22. වෙඩින් වල බැරිවෙලාවත් හැමදාම බොන්ඩ හම්බවෙන්නේ නැති ජාතියේ හොඳ බ්‍රෑන්ඩ් දෙකක් තිබ්බොත් අනිවා කෙලවෙනවා. මොකද අපි පෙරේතකමට දෙකම බීලා කලවං කරගෙන කෙලවගන්නවා.රට ගිහින් එන යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක එකට සෙට් වෙද්දිත් වෙන වෙන ජාති වලින් ගෙනල්ල තිබ්බත් වෙන්නේ ඔය සෙතේමයි. මමත් වෙඩින් එක්ක මන්මාලයටත් නොකියා ගියා ඔය ඔක්කොම බොන්න තිබ්බ පෙරේතකම හින්දා.
    තව එකදවසක් එක පාප මිත්‍රයෙක් කිව්වා ගල් ජින්ජබියර් එකක් සැන්ඩි කරාම මාරයි කියලා. ඒ දවස මතක් වෙද්දිත් ඔක්කාරෙට එනවා.

    ReplyDelete

ඔබේ අදහස්