Sunday, March 17, 2013

40.පුතාට සුබ උපන් දිනයක් වේවා

 
අද ලියන්නෙත් කතාවක් නෙවෙයි.....සුබ පැතුමක්. අම්මගෙ උපන් දිනයටත් සුබ පැතුමක් දැම්මනෙ....ඉතින් පුතාට සුබ පතන්නෙ නැතුව හරිනෑනෙ.

මේ ඉන්නෙ අපේ එකම පුතා...නම දසුන්....ටිකක් මහතයි තමා ගණං ගන්න එපා...ඔය හොඳයි පොඩි කාලෙ තිබ්බ මහතෙ හැටියට....දැන්නම් කෑම ගොඩක් පාලනය කරල එක්සයිස් කරනව ඇඟ හදාගන්න.

පොඩිකාලෙ නම් මට වඩාගෙන යන්නත් අමාරුයි අත කකියනව....එච්චරට බරයි.

මෙයා ඉපදිලා ගෙදර ගෙනාපු ගමන්ම එයාගෙ අම්මලගෙ ගෙදර අය ඇවිත් අම්මවයි පුතාවයි එහෙ ගෙදර එක්කරන් ගියා....ඒක සිරිතක්ලුනෙ....

ඔන්න දවසක් අම්ම පුතාව ඔඩොක්කුවෙ තියල නිදිකරවනවා......වැඩේ කියන්නෙ ළමය ඇහැරල ඉද්දි අම්මට නින්ද ගිහින්......කොල්ල දඟලනකොට බිමට වැටිලා....ඒ ගමන තමා අම්මට ඇහැරිලා තියෙන්නෙ.

ඇහැරිලා බලනකොට ඔඩොක්කුවෙ ළමය නෑ.....අම්මගෙ විලාපෙට අහළ පහළ ගෙවල්වල මිනිස්සුත් දුවගෙන ආවයි කියලයි කතාව තියෙන්නෙ.....
 
බලනකොට කොල්ල ඇඳයට අගේට ඉන්නවලු අතකුත් කටේ දාගෙන......අඬලවත් නෑ.
 
එහෙම හිටපු පොඩි එකාට අදට අවුරුදු දහ අටක්.....කාලෙ ගියා තේරුණෙත් නෑනෙ.....යුරෝපෙ විදියට බැලුවොත් දැන් එයා වැඩිහිටියෙක්.
 
මේ දවස්වල දසුන් ඒ ලෙවෙල් විභාගෙට ලෑස්ති වෙනවා ජූනි මාසෙනෙ තියෙන්නෙ....මිනිහට ඉස්කෝල ගණනාවකටම යන්න වුනානෙ තාත්තගෙ රස්සාව නිසා....
 

 මම මේක ලියනකොට අම්මයි පුතයි කුස්සියට වෙලා චොකලට් කේක් එකක් හදනව ඒ දෙන්න ටී වී එකෙන් බලාගත්තු රෙසිපි එකකට.
පුතා  තමයි කේක් බාස්....අම්ම ඇසිස්ටන්ට්....
 

කේක් එකේ රස බලන්න එන්න කියල ඔයාල ඔක්කොටොම ආදරයෙන් ආරාධනා කරනව.

ඉතිං අම්මගෙ සුදු පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න තාත්තත් එකතුවෙනව.
 
අපේ පුතාට සුබ උපන් දිනයක් වේවා .

46 comments:

  1. දසුන් පුතාට සුභ උපන් දිනයක් වේවා...!!!

    ReplyDelete
  2. මගෙ පුත්‍රය ඔය වයසට එන්න තව අවුරුදු 7ක් ඉන්න එපැය.අපෙ කෙනෙත් බෝල සයිස්.අක්කණ්ඩි[17]තමා දැන් පුතණ්ඩියගෙ කෑම පාලනය සහ සුළු ව්‍යායාම කරවන්නෙ සද්දෙ දම දමා :) :).

    ReplyDelete
  3. පුතාට (මල්ලිට) සුභ උපන්දිනයක්! දෑන් කොල්ලා ඉතිං හැලපයියෙ බොගෙ යැපෙන්නෙක් නොවෙයි. මගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා 18 වෙනකම් ඉඳල ඉඳලා කසාද රෙජිස්ටර් කරපු යාළුවෙලා හිටපු කෙල්ලො එක්ක. තාම හැබැයි දෙන්නම තනිකඩ. එකෙක් තංගල්ලෙ අඹ වවනවා සෝමා ඇන්ටි එක්ක. අනිකා යූකේ. කෙල්ලො දෙන්නටම ලමයිත් ඉන්නවා. ඔක්කොම කොම්පියුටරයිස් වෙච්ච දවසක මල හූනියමක් වෙනවා. බාරගනිල්ලකො අනුන්ගෙ ලමයි එක්ක ගෑනු.

    ReplyDelete
  4. පුතාට සුබ උපන්දිනයක් වේවා. යෝද බල යෝද වීරිය ලැබේවා.

    ReplyDelete
  5. පුත්තරයට සුභඅපන්දිනයක්, අප්පේ මගේ උන්ට දහඅටක් වෙන්ඩ තව කොච්චර කලක් යයිද,

    ්ම්ම්

    මම මේ කල්පනා කරේ

    හැලපයියා
    හැලපක්කා

    කොල්ලට නරකද

    හැලපැට්ට


    ReplyDelete
    Replies
    1. නෑ බං" හැලපචුට්ටෙ" කියමු..! ටිකක් බය හිතෙන පෙනුමක්නෙ පොරට තියෙන්නෙ.:)))

      Delete
  6. හැලපුතාට බොහොම සුන්දර සුභ උපන් දිනයක් වේවා!!! හැලපම කාපිය.... හැලපයියා බොගේ උපන්දිනේ උවමනාවෙන් අමතක කරා නෙවද???

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද බං.....කවුරුවත් ලිව්වෙ නෑනෙ මගෙ උපන්දිනේ ගැන

      Delete
  7. එහෙනම් අපේ හැලපුතාට සුභම සුභ උපන් දිනයක් පතනවා.

    ReplyDelete
  8. පොඩි හැලපයාට සුභ උපන් දිනයක් වේවා....!

    ReplyDelete
  9. දසුන් පුතාට සුභ උපන් දිනයක් . .

    මගේ පුතාත් මේ තරම් ලොකු එකක් වෙනව නම් ඉක්මනටම . . . හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. විරුල්ට 18 වෙච්ච දවසට තාත්තා අර සොඳුරු ත්‍රස්තවාදියා කියලා ලිව්ව පෝස්ට් එක එහෙම පේනනුවොත්, කොල්ලා මොනවා කියයිද දුකා අයියේ... හි හි...

      Delete
    2. දැනටම ඌ මාත් එක්ක තරහින් බන් ඉන්නේ. මම උගේ ලඟ නෑ කියලා. හිතා ගන්න බෑ අනාගතේදි අපි දෙන්න කොයි වගේ වෙයිද කියලා. එකම ප්‍රාර්ථනය මායි අපේ තාත්තයි වගේ නොවේවා කියලයි . . හික්ස්

      Delete
    3. දුකා දරුවො පොඩි කාලෙ අපි හිතනව ඉක්මනට ලොකුවෙනව නම් හොඳයි කියල....
      ලොකු උනයින් පස්සෙ හිතනව අනේ අර පොඩි කාලෙ හිටපු විදියටම හිටිය නම් කොච්චර හොඳද කියල

      Delete
    4. පුංචි කාලේ ඉඳන් උගේ හුරතල් බල බල හිටි හැටි මතක් වෙද්දී ඇඬෙනවා අප්පා . . .

      තමත් අඬන්න ඕන උනාම උගේ චූටි කාලේ වීඩියෝ එකක් බලනවා.

      මේන් තියෙනවා එකක්

      http://www.youtube.com/watch?v=QybKdklrfXY

      Delete
    5. පිත් පොඩි කාලෙ හිතනව ඉක්මනට ලොකු උනානං කියල. ලොකු උනාම පොඩි වෙන්න හිතෙනව.

      Delete
  10. අපේ මෑන්ටත් තව අවුරුදු 6 ක් ඉන්න වෙනවා. අටමා නමක් දාලා ඉවරනේ..

    එහෙනම් හැලපට්ටාට සුභ උපන්දිනයක් වේවා...!!!

    ReplyDelete
  11. ඔන්න හැලපයියේ හැලපැට්ටට අපෙනුත් සුබ පැතුම්.. රටට වැඩදායක කොල්ලෙක් වේවා..

    ReplyDelete
  12. wish your son many many happy returns of the day !

    ReplyDelete
  13. සුහ උපන්දිනයක් :)

    ReplyDelete
  14. අපේ මලයත් මේ වගේ තමා... හි හි... මං ගියාට පස්සේ කාලා කාලා...

    ඔන්න මාත් සුභ උපන් දිනයක් වේවා කිව්වා.. හි හි

    ReplyDelete
  15. පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  16. හැලපයියේ, මගේ සුබ පැතුමත් දෙන්න අපේ හැලපොඩ්ඩට.

    ReplyDelete
  17. හැලපැට්ටට සුබ උපන්දිනයක් වේවා කියල මාත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  18. පමා වෙලා දැක්කේ ඒත් හැලප පුතාට " සුභ උපන්දිනයක් " !!!!!!!!!

    ReplyDelete
  19. @දුකා මලයණ්ඩි;
    උගත් කමින් පරිපුර්ණ,සමාජයට "ලොකු"මිනිසෙකු නොව,"හොද" මිනිසකු සහ මිනිසුන්ට හිනා නොවෙන,මිනිසුන් සමග හිනාවෙන දරුවකු ලොකු කරන්න ටික කලක් අපට ඉවසන්න වෙනව.ඕව ගැනත් ඉස්සරහට අපේ හැලප කඩෙන් විස්තර ඇතිව කන්න ලැබෙයි කියල හිතෙනව :).

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා කෙන්ජි අයියන්ඩී . . මට ඇත්තෙන්ම ඕන කරන්නේ හොඳ මිනිහෙක් මිසක් ලොකු මිනිහෙක් නෙමේ . . හෙ හෙ හේ

      Delete
    2. කේනජි අයියන්ඩියගේ අදහස් මනාය... +++++

      Delete
  20. දසුන් මල්ලිට ඔන්න ළිහිණි අක්කත් සුබ පතනවා. සුබම සුබ උපන් දිනයක් වේවා !

    තාත්තගෙ අම්මගෙ ආදරයෙන් පෝෂණය කරලා " හොඳ යහ ගුණ ඇති පුතෙක් " ලෝකයට දායාද කරලා තියෙන්නේ..ඒ මනුස්සකම් හැමදාම තියාගන්න මල්ලියෝ...

    ReplyDelete
    Replies
    1. යකෝ මේ පොඩි කොල්ලෙකුට මේ නාකිච්චි මල්ලි කිව්වම ලැජ්ජාවේ බෑ..

      Delete
    2. එහෙම කියන්න එපා,තාම 25 යි මස 1 යි නේ..!!!

      Delete
    3. ඈ බොල දේශෝ..26 එකෙක් අ8 අටේ කොල්ලට මල්ලි නොකියා අහවල් එක කියන්නයෑ.. මූ ඉක්මනට නාකි වෙලා අපිට ඊරිසියා කොරනවා...

      Delete
  21. පුත්තරයට සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  22. /* යුරෝපෙ විදියට බැලුවොත් දැන් එයා වැඩිහිටියෙක් */ ????

    පුදුම කතාවක් නේ?

    ඇයි එහෙම නොවන රටවල් තියෙනවද? එහෙම රටකද ඉන්නේ?

    මං හිතන්නේ ඔබ අදහස් කලේ තාම ඩිපෙන්ඩන්ට් චයිල්ඩ් කියන එක වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. යුරෝපෙ ළමයි අවුරුදු දහ අට වෙනකල් බලාගෙන ඉන්නව ගෙදරින් පනින්න සහ දෙමාපියන්ගෙන් මිදෙන්න.
      ආසියාතිකයන් වන අපේ ළමයින් එහෙම නැහැනෙ....මා අදහස් කළේ ඒකයි

      Delete

  23. පොඩි හැලපයට සුබම සුබ උපන් දිනයක් වේවා...!
    ඒ වගේම ස්තූතිය පල කරනවා පොඩි හැලපයට
    බ්ලොග් එකක් අටවල දීම ගැන ලොකු හැලපයට ...

    ReplyDelete
  24. හැලප කොල්ලට හැපි බර්ත්ඩේ වේවා!

    ReplyDelete
  25. සුභ උපන්දිනක් වෙවා..!

    ReplyDelete
  26. දසුන් මල්ලිට සුභම සුභ උපන්දියනක් වේවා කියල මාත් පතනවා....!!

    ReplyDelete
  27. හැලප ගෙදර චොකලට් කේක්? මෙන්න මාත් ආවෝ.. මටත් කෑල්ලක් තියාපියෝ....



    ඔබේ පුතාට සුභම සුභ උපන්දිනයකට මගෙන් ආසිරි!

    ReplyDelete
  28. Dude:
    සමාවෙයන් පරක්කු වුනාට. මට බ්ලොගර් අපලයක් බං.

    පොඩි එකාට වාසනාවන්ත උපන්දිනයක් වේවා. සික්ස් පැක් එකක්ම ලැබේවා!

    ReplyDelete
  29. හැලපයියාගේ පුතණ්ඩියාට සුබම සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  30. සුබ පැතූ ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි

    ReplyDelete
  31. හැලප මල්ලිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  32. අනේ ඉතිං අපේ හැලප අයියගේ උපන්දිනේ එයාගේ හලපක්කගේ උපන්දිනෙයි පුතාගේ උපන්දිනෙයි දෙකම හරි මැද තිබුනේ. අනේ ඉතිං කවුරු කවුරුත් එයාටත් සුභ පතන්න...

    ReplyDelete
  33. බැළුවම පේන්නෙ මේ පිතූරෙ අරන් තියෙන්නෙ ලංකාවෙ ගෙදරකදි නෙමෙයි වගේ! ( ලංකාවෙදිනම් මේ කඩයක් වෙන්න ඇහැකි ).

    කොහෙ උනාම මොකෑ කොල්ලට සුභ උපන්දිනක්!

    ReplyDelete

ඔබේ අදහස්