අද මේ සටහන ලිවිය යුතුමයි.....ඊයෙ ලියපු කතාව උඩටම වුණාට මොනව කරන්නද....
බිරිඳ මට මුණගැහුණෙ ඇය රස්සාවට කෝච්චියෙ යන්න පටන්ගත්තු අලුතමයි.....අපි කොල්ලො ටික කෑ ගගහ ගිය සීට් එකට පිටිපස්සෙ සීට් එකේ තමා ඇය ඇගේ යාලුවො ටිකත් එක්ක ගමන් කළේ.
ඔන්න ඔය විදියට හඳුනා ගත්තත් බොහෝ කාලයක් යනතුරු අපි අතර තිබුණෙ හිතවත්කමක් පමණයි.
වගකීමකින් තොර ජීවිතය රැහැණින් මිදුණු සරුංගලයක් සේ අරමුණකින් හෝ ඉලක්කයකින් තොරව පාවෙන කාලයක් මටත් තිබුණා.
මගේ ජීවිතයට ඇය ඇතුල්වූයේ ඔය කියන කාලයේදීයි...
ඇයත් සමග ජීවන ගමන අරඹන්නට මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුණෙ නෑ.
මොකද ඒ වන විටත් අපි ඉතා හොඳින් දැන හඳුනාගෙන හිටපු හිතවතුන් නිසායි....
මට තිබුණු එකම බය මා වැනි දෙකටම නැති එකෙක් එක්ක පවුල් කන්න ඇයට හැකි වෙයිද කියන එක.
කොහොම වුණත් එදා සිට අද දක්වා කවදාවත් උඹ නොදකින් කියාගන්නෙ නැතුව අපි පවුල් කනව...
අද මම ජීවිතේ යම් තත්වයක ඉන්නව නම් ඒ සියළුම ගෞරවය හිමිවිය යුත්තේ ඇයටයි....
ඇය බිරිඳක යෙහෙළියක මවක මෙහෙකාරියක යන සියළුම චරිත නොපැකිල රඟපෑවේ රැකියාවටත් යන ගමන්මයි....
පවුල් ජීවිතයේ එපාවීමක් හෝ විඩාවක් මේ දක්වා මට නොදැණුනේ ඇය නිසාමයි...
මා බ්ලොගයට ලියන හැම කතාවක්ම පළමුවෙන් කියවන්නෙත් පළවෙනි වාචික කමෙන්ටුව දෙන්නෙත් ඇයයි....
අද ඇයගේ උපන් දිනයයි.....
ඇයගේ උපන් දිනයේදී මට දෙන්නට හැකි හොඳම උපන් දින තෑග්ග මේ සුබ පැතුමයි....
මහගම සේකරයන් තම බිරිඳ වෙනුවෙන් ලියූ හෘදයාංගම කවි පෙළකින් තෝරාගත් මේ කවිය ඇය අප වෙනුවෙන් කළ හා කරනා කැපවීමට උපහාරයක් කොට පිරිනමනවා....
කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා විට
හිත ඇතුළෙන් ඔබ හඬමින් හඬන පුතා නළවන විට
මටත් වඩා මගෙ සිත ඔබ හඳුනන බව දැනෙනා විට
මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නිය ඔබ මට
හිත ඇතුළෙන් ඔබ හඬමින් හඬන පුතා නළවන විට
මටත් වඩා මගෙ සිත ඔබ හඳුනන බව දැනෙනා විට
මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නිය ඔබ මට
අපගේ කුටුම්බය වෙනුවෙන් ඔබ කළ කැපවීම අගයන්නට මේ කෙටි සටහන සෑහුනේ නැතත්...
මා සමග ඔබට සුබ උපන් දිනයක් පතන්නට අපේ පුතාත් එකතු වේවි....
මා සමග ඔබට සුබ උපන් දිනයක් පතන්නට අපේ පුතාත් එකතු වේවි....
ඔබට සුබ උපන් දිනයක් වේවා....!!!!
ඔබගේ ජිවන මගේ සොදුරු සහකාරියගේ උපන් දිනයට මමත් සුභ පැතුවා කියා පවසන්න!!!.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේකෙ UTF-8 අකුරු හරියට වැඩ නෑ :-(
Delete,,,,,,,
ReplyDelete_|||||||_
+*+*+*+*+*+
} {
+*+*+*+*+*+
) (
/___\
සුභ උපන්දිනයක් වේවා හැලප නැන්දට...
//ඇය බිරිඳක යෙහෙළියක මවක මෙහෙකාරියක යන සියළුම චරිත නොපැකිල රඟපෑවේ රැකියාවටත් යන ගමන්මයි....//
ReplyDeleteවාසනාවන්...!
සුබ උපන්දිනයක් වේවා හැලප අක්කේ..!
ඇයනෙ මහ බැංකුවෙ බෝම්බෙ දවසෙදි උඹ බයවෙලා හෙව්වෙ. ඊට පස්සෙ ගෙදර එනකොට දරුවත් වඩාගෙන ඉන්නවා දැක්කාම ඇතිවෙච්ච සිතුවිල්ල මටත් දැනුනා උඹ ඒක කිව්ව විදියට
ReplyDeleteසුභ උපන්දිනයක්. මේ හැලපයා කරපු වැඩෙන් මිසිස් හැලපේ කියනවද හැලපී කියන්නද හැලපවතී හෝ හැලපලතා කියන්නද කියලා අපිට හිතාගන්න බෑ.
තනිකර හැලපයාගෙ වැරැද්ද.
ඔය එකක්වත් නෙමෙයි බං
Deleteමෙයාට අපි කියන්නේ හැලපයියා කියලනේ එතකොට නෝනා හැලපක්කා අනේ මන්දා උඹල ඉස්කෝලවල ගිහිල්ලා ළඝමයින්ට මොනවා උගන්නනවද කියලා
ඇ හැලපයියේ එතකොට අක්කා අර දැලට එහා පැත්තේ ඉන්න කෙනාද මෙහා පැත්තේ ඉන්න කෙනාද
Deleteබැරි වෙලාවත් හින්දි නිලියෙක් ගෙ නමක් එහෙම තිබුනොත් තොපි අහපල්ල ගජරාමෙට බැනුම් :).
Deleteහියැක් හූ. බොල අටමෝ. මටත් ඕකමයි හිතුනේ? වැටෙන් කොයි පැත්තෙ ඉන්න එක්කෙනාද කියලා. මගෙ තීයෙන ඩීසන්ට් කමට ඇහුවේ නෑ. :p
Deleteමූට වෙන ෆොටෝ එකක් තිබුනෙම නැද්ද ඈ
Deleteහැලපය්යේ.....අටමගෙ කට කාපිය..!
Deleteහැලපයා මට සමාවෙයන්..
Deleteහැමදාම කමෙන්ට් කරන්න අඩියට යද්දි හෙනරියා/අටමා/මාතලා මාව මගදි නවත්තනවා. එතකොට මම එතැනින් කමෙන්ට් කරනවා.
:)
සූබම සුභ වේවා.
මුන් සැට් එකට කමෙන්ට් කරන්න තේරෙන්නෙ නැහැ බං. ඔක්කොම විහිළු !
කිව්වත් වගේ මටත් හිතාගන්න බෑ කොහොමද සුබ පතන්නේ කියලා... සුබ උපන්දිනයක් හැලප නැන්දේ :)
ReplyDeleteඑහෙනං හැලපක්කට සුභ උපන් දිනයක් වේවා!!!
ReplyDeleteමේ වගේ හැලපයියෙක් එක්ක කාලාන්තරයක් ජීවත් වෙනවට දෙන්න ඕන තෑග්ග මොකක්ද කියල තමා කල්පනා කොලේ. හික්.. අඩේ දැන්නං ටිකක් සංවර සීලය වඩන්න වෙනවා හැලපක්කත් මේවා බලනවනං. හරි උඹ බේරුනා කියා හිතාගං හැලපයියෝ.. සික් මේ නමත් නිකං කුනුහරුපයක් වගේ. ඒක වෙනස් කොරගත්තා නං හොදා වගේ
හැලප + අයියා = හැලපයියා (වැරදි සනධිකරණයකි)
හැලප + අ (හැංගී) + යියා = හැලපියා
ඒ අනුව ස්ත්‍රි ලිංග පදය = හැලපික්කා
මොකෑ කියන්නේ එහෙම හොදෑ!!!!
'මට තිබුණු එකම බය මා වැනි දෙකටම නැති එකෙක් එක්ක පවුල් කන්න ඇයට හැකි වෙයිද කියන එක' :D
ReplyDeleteහැලප අක්කට සුබ උපන්දිනයක් වේවා !
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! හැලප නැන්දේ..... ^_^
ReplyDeleteහැලපක්කාට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනය කරන්න මාත් එක් වෙනවා.. දෙදෙනාටම සුබ අනාගතයක්...
ReplyDeleteඇනොවෙක් ගෙන් හර්දයාංගම සුභ පැතුම්.
ReplyDeleteඅලේ..දැන් අපි එයාට කතා කරන්න ඕනෙ මොනා කියලද අප්පා...හැලප නැන්දා කියමු..
ReplyDeleteමිනිහෙක්ව යහමඟට ගන්නත් විනාශ කරන්නත් කාන්තාවකට පුළුවන්ලු...මම එහෙම අහලා තියෙනවා. තමන්ගෙ ජීවන සහකාරිය බිරිඳක් වගේම මවක් ,යෙහෙළියක් උනාට මොන තරම් හොඳට...
ඇයට සුබම සුබ උපන් දිනයක් වේවා ! මගෙන් සුබ පැතුම් ! මේ බැඳීම හැමදාම එක ලෙසට තිබේවා..
හැලප අක්කාට අපෙනුත් සුබ උපන් දිනයකට පැතුම් ! දවසක දෙන්නවම බලන්න එන්නම්කො..
ReplyDeleteමට පේන විදියට අපි එක සම වයසේ වගේ. නියමයි!!!!
ReplyDeleteඔක්කොටම කලින් හැලපිට සුභ උපන් දිනයක් පතනවා!!!!
මෙවැනිම ලිපියක් මමත් ලිව්වා මගේ හාමිනේගේ උපන් දිනයක් වෙලේ.
අපේ මිතුරුකම අද ආරම්භ වුනේ දේශකයා නිසා.
හා.... තවත් සමකාලීනයෙක්.. කෝ මේ අටම්, නලීන් මාමලා දෙන්නා... වෙදන මාමව පිළිගන්න මේ පැත්තේ නැත්තේ මොකෝ.... හි හි... ( දේශකයවත් දාගත්තෑකි මං හිතන්ෙන් ඒ ගොඩට.. හි හි... )
Deleteඅපි උඩින්ම ඇවිත් තියෙන්නේ.....
Deleteඒකත් කෝච්චි ලවු එකක් නේ.. සන්තෝසේ බැරුවා... වෙල්කම් ටු ද ක්ලබ් කිව්වා.. ( හැබැයි ඉතිං ඔය දෙන්නයි අපි දෙන්නයි විතරයි තාම ඒ ක්ලබ් එකේ ඉන්නේ දන්න හැටියට...) හි හි....
ReplyDeleteහැලප අක්කට සුබ උපන් දිනයක් වේවා...!!! ( දැන් පොල්ලක් අරං එළවයිද දන් නෑ හැලප අක්කා කිව්වා කියලා.. හි හි)
පොල්ල අරන් නෙවි බං විසි කැත්ත අරං මේකා එළවන්නේ.. අයේ දෙකක් නෑ
Deleteඇයි යකෝ මාත් කොච්චි ලව් කාරයෙක් තමා.... මං නං තාමත් කෝචිචියේ මං ගච්චනවා දැන් අවුරුදු 30ක් තිස්සේම
Deleteඕන් අපිත් එකතු උනා.. දෙකොපුල් වලට උම්මා දෙකක් මගේ ගානේ.. උඹට නෙමෙයි හැලපයෝ... හමිනාට.... විසි කැත්තෙන් කන්න වෙයිද දන්නෙ නෑ..........
ReplyDeleteමටත් ඔයවගෙම සහකාරියක් ඉන්න හින්දා මට තේරෙනවා ඔය බාසාව.. ඇයට සුබ උපන්දිනයක් පතනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවයිෆරේ අප්සෙට් නං මේ බ්ලොග් කෙරුවාව කරන්න බෑ.
ReplyDeleteහැපි බර්ත් ඩේ!
ඔබේ බිරිඳට නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රර්ථනා කරනවා
ReplyDeleteඅදමයි මේ පැත්තේ ගොඩවුනේ. හොඳම දවසේ ගොඩවෙලා තියෙන්නේ ක් කෑල්ලක් කාලා, සුබ උපන් දිනයක් වේවා කියලා ඔන්න අපි ගියා.
ReplyDeleteහැබැයි පුතෝ දැන් ඉතින් දිගට එනවා හොදේ.
හැලප අක්කාට සුභ උපන් දිනයක් වේවා! මාර්තු පැදුරු සාජ්ජෙකට හොද මාසයක් වගේ. ඇයි බොලේ හැලෙපෙගේ කොල්ලගේ උපන් දිනෙත් ලබන සතියේ නේද?
ReplyDeleteමේ පථාක යෝධයා පිටුපස සිටින
ReplyDeleteගුණගරුක බිරින්දෑට මාගේ ප්‍රණාමය ..
සුබ උපන් දිනක් වේවා ඔබට..!
ඔබේ සාර්ථකත්වයට හේතුව ඇයමයි මන් හිතන්නේ.
පිරිමියෙක් හරි පාරේ දිනුම් කනුව වෙත යන්නනම්
අනිවා නාස් ලණුව නුවණැති බිරින්දෑවකට දෙන්නම ඕනේ...
මේ පේනවනේ අපි, ඔහේ පිට පාරවල් වලමයි යන්නේ ..:(
( හැලපයියගේ , හැලපක්කට හැපී බර්ත් ඩේ වේවා )
වෙන වෙනම කමෙන්ට් නොදැම්මත් ඔබ සියළුම දෙනා ඇයට දැක්වූ හෘදයාංගම සෙනෙහසින් ඇය උදම්වී ඇති බව ඔබට පවසන්නේ ආඩම්බරයෙන්.
ReplyDeleteඊටත් වඩා මට ආඩම්බරයි ඔබ හැම මගේ මිතුරු මිතුරියන් නිසා.
මගේ හිතේ ඇතිවන හැඟීම් වෙන කොහොම කියන්නද......
ඔක්කොමල්ලව එක පොදියට බදාගන්නෙ හදවත පිරි සෙනෙහසින්....
නොදැක්කද, නොහැඳුනනවා වුවද, සුබ උපන් දිනක් පතමි....
ReplyDeleteඅප්පච්චියේ කස්ටියම අක්කට හැලපක්කා කිව්ව නිසා උඹ යහතින් ඉන්නවද අයියේ?
ReplyDeleteඅක්කට සුභ උපන්දිනයක් පැතුවා කියන්න . .. . !
අද තමයි මුලින්ම මෙහෙට ආවේ දේශකයා පෙන්නපු පාර දිගේ...!
ReplyDeleteහැලප ටිකනම් පට්ටම රහයි. මුල ඉඳන් සේරම රහ බලලයි මේ කමෙන්ට් කරන්නේ.
ඔබතුමාගේ බිරින්දැට සුභ උපන්දිනෙකුත් දිගින් දිගටම අපිට මේ වගෙ රසම රස හැලප දෙන්න ඔබතුමාට හැකිවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!
ගොඩාක් පරක්කුවෙලා.... ඒත් මගේ සුභ පැතුම පරක්කු නෑ.
ReplyDeleteහැලප අක්කාට සුභම සුභ උපන් දිනයක් වගේම දීර්ඝායුෂ වේවා!!
හැලප අක්කේ..
ReplyDeleteදිර්ඝායුෂ!
ha ha.......... harima shoke suba pathumak.....
ReplyDeleteහරිම සතුටුයි. ජය පතමි!
ReplyDelete