Monday, March 4, 2013

34.පෑන් හොරා






 අපි ඉන්දියාවෙ පදිංචි වෙලා හිටපු කාලෙ තමා මේ සිද්දිය වුණේ.

ඔයාලට මතකද දන්නෙ නෑ හැත්තැ ගණංවල තිබුණා ක්‍රිකට් තරගාවලියක් ගෝපාලන් කුසලානය කියල...තමිල්නාඩුවෙ ක්‍රිකට් ටීම් එකයි ලංකාවෙ ඒ ටීම් එකයි තරග කරන....අවුරුද්දක් මදුරාසියෙ අවුරුද්දක් ලංකාවෙ ආදී වශයෙන් තමා තරග පැවැත්වුණේ.

මේ තරගාවලියෙ දක්ෂකම් දක්වපු ගෝපාලන් කියන ක්‍රීඩකයගෙ නමින් තමයි තරගාවලිය නම් කරල තිබ්බෙ.
පස්සෙ කාලෙක ලංකා කණ්ඩායමේ නමගිය ක්‍රීඩකයන් වුණු බන්දුල වර්ණපුර,අනුර රණසිංහ,අජිත් ද සිල්වා වාගෙ අය මේ තරගාවලියෙ දක්ෂකම් පෙන්නල උඩට ආපු අය.

අසූ ගණන්වල පටන්ගත්තු යුද්දය නිසා මේ තරගාවලියට ඉමහත් බාධා ඇතිවුණා...වසර කීපයකට වරක් වශයෙන් කැඩි කැඩි පැවැත්වුණු තරගාවලිය අන්තිමේ නතරම වුණා.

අපි මදුරාසියෙ හිටපු කාලෙ තත්වය ඕකයි.

මේ තරගාවලිය නැවත පටන්ගන්න අපට ගොඩක් ඕනැකම තිබුනා...මාස ගණනක් තමිල්නාඩු ක්‍රිකට් බලධාරීන් එක්කයි ලංකාවෙ බලධාරීන් එක්කයි සාකච්චා පවත්වලා අන්තිමේදී කොහොමහරි තරගාවලිය නැවත පටන් ගන්න තත්වයට ගෙනෙන්න හැකියාව ලැබුණා...මුල්ම තරගය ලංකාවෙ පැවැත්වෙන්නෙ...ලංකාවට යන තමිල්නාඩු ක්‍රිකට් කණ්ඩායමත් නම් කලා.

උත්සාහය හරිගිය එක ගැන අපට හරිම සතුටුයි...දැන් ඉතින් ජයග්‍රහණය සමරන්න එපායැ.

ලංකාවට යන තමිල්නාඩු කණ්ඩායම වෙනුවෙන් අපි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෑස්ති කලා...ඔයකාලෙ මගෙ හිතේ 2000 දි විතර...නියමිත දවසෙ කණ්ඩායම සහ කළමනාකාරිත්වය පාටි එකට ආව...කණ්ඩායමත් එක්ක ඇවිත් හිටිය කාලයක් ඉන්දීය ජතික කණ්ඩායමේ ආරම්භක ප්‍රවේගකාරී පිතිකරු සහ නායකයා වුණු පස්සෙදි ඉන්දියන් ක්‍රිකට් තේරීම් කමිටුවෙ සභාපති වෙච්චි ක්‍රිෂ්ණමාචාරී ශ්‍රීකාන්ත් සහ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රොබින් සිං යන ක්‍රිකට් තරුත්.

ක්‍රීඩකයො මත්පැන් බිව්වෙ නෑ...අපි එක උඩට එක බැගින් විස්කි ගිලිද්දි ඒ අය බිව්වෙ පිරිසිදු වතුර.

තරගාවලියට සෙල්ලම් කරපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වුණු ගෝපාලන් මහතාටත් අපි ආරාධනා කලා...එතුමා දැන් ගොඩක් වයසයි ඒත් තව කෙනෙකුගෙ වාරුවෙන් එතුමත් ඇවිත් හිටියා.

 කෑම සැපයුවේ ජෝශප්ගෙ හෝටලෙන්.. විවිධ ශ්‍රී ලංකා කෑම අතර එවෙලෙ හදල පිරිනමපු ආප්පත් තිබුණා.
ශ්‍රීකාන්ත්ගෙ ආප්ප කෑමත් ඔහුගෙ පිති ප්‍රහාරය වාගෙම වේගවත්...ආප්පෙ දෙකට කඩාගෙන පරිප්පු හොද්දෙ පොඟවල කටවල් දෙකට කන්නෙ පට පට ගාල....ශ්‍රීකාන්ත්ගෙ මේ වේගවත් කෑමේ විලාසය දෙස බලා ඉඳීම මට හරිම ආස්වාදජනක වුණා.

දැන් මට ඕන කරන්නෙ ඔහු කන හැටි පින්තූරයක් ගන්නයි...කියන්න අමතක වුණා පාටියෙ පොටෝ ගත්තෙත් මමයි...මගෙ රීල් දාන කැමරාවත් අතේ තියාගෙන මම ශ්‍රීකාන්ත් ලඟට වෙලා බලාගෙන හිටියා..ඔහු කටඇරල ආප්ප කෑල්ලක් කටට දාගන්න කොටම මම චකස් ගාල කැමරාව ක්‍රියාත්මක කළා....ප්ලෑෂ් එක වදිනකොටම ශ්‍රීකාන්ත් මගෙ දිහා බැලුව බැලිල්ලක්....මාව කූල් වෙලා ගියා මොකක් හරි කියයි කියලා...හොඳවෙලාවට මොකුත්ම කිව්වෙ නෑ.

ඔය පාටියටම ඇවිත් හිටිය ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කණ්ඩායමක්..ඒ ගොල්ලො මාධ්‍යවේදීන්ගෙ සම්මේලනයකට කර්ණාටක ප්‍රාන්තයට යනව පහුවදා...වෙනම සංග්‍රහයක් ලෑස්ති කරන්න වෙලාවකුත් නැතිනිසා ඒ අයටත් මේ පාටියටම ආරාධනා කලා.

ඔය මාධ්‍යවේදීන්ගෙ කණ්ඩායමේ නායකය හැටියට කටයුතු කළේ දැනට ලංකාවෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා....මේ අවුරුද්දට වයස 91 ක්....තාම ලියනව සිළුමිණ පත්තරේට එහෙම....නම කියන එක හරි නෑ මම මේ කියන්න යන කතාවෙ හැටියට.

ඔය කාලෙත් එතුමට ඇවිදින්න එහෙම අමාරුයි...අල්ලගෙන තමා යන්නෙ එන්නෙ...වෙන මොකුත් අමාරුවක් නෑ හොඳට ඩ්‍රින්ක් එක දානව කනව.

 ඒ දවස්වලම එතුමගෙ ජීවිත කතාව ලියල තිබුණ දශක සතක මතක කියල...මම ඒ වෙනකොටත් ඒ පොත ලංකාවෙන් ගෙන්නගෙන කියවල තිබුනෙ....පොත හරිම රසවත්....ඉතාම නිවැරදි ඉහළමට්ටමේ අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ කියවන්න ආස හිතෙනව.

මේ පොත කියවල එතුමා ගැන පහන් සිතුවිලි ඇතිකරගෙන හිටපු මට එතුමා දැක්ක ගමන් කතා කරන්න ආස හිතුණා...එළියෙ තිබ්බ පුටු පේළියෙ වාඩිවෙලා වීදුරුවකුත් අතේ තියාගෙන සප්පායම් වෙමින් හිටපු එතුමා ලඟ තවත් කළු උස මනුස්සයෙක් වාඩිවෙලා හිටියා...පුටුවක ඉඩක් ආපු වෙලාවෙ කැමරාවත් කරේ එල්ලගෙන හිටපු මම ගිහින් එතන වාඩිවුණා

මම කොහෙද කින්ද මන්ද කියල අහපු මේ දෙන්න එක එක ප්‍රශ්ණ වලින් මට දමල ගැහුව...සතුටු සාමීචියකට ආපු මට මේ වැඩේ ඇල්ලුවෙ නෑ...ඒ මදිවට අර කළු එකා පොඩි රෙකෝඩරයකුත් ඔන් කරල මගෙ ඉස්සරහින් අල්ලගෙන....මම ආවෙ කතාබහක යෙදෙන්න මිසක් ඉන්ටව් එකකට නෙවෙයිනෙ....මම නැගිටලා ආව එන්න.

පින්තූර ගන්න වෙලාවෙ මම එතුමට කතාකලා....වෙච්ච දේ ගැන කණගාටුවෙලා එතුමා කිව්ව...
අර අමනයෙක් ලඟ හිටියනෙ ....කියලා..

මම කිව්වා එතුමගෙ පොත කියවල තියෙනවය කියල...විස්තර අහල කෙලින්ම කිව්ව මේක සංසාරගත බැඳීමක් කියල..

ඔන්න ඔය විදියට එදා අපි වෙන්වුනේ ආයෙත් හමුවෙමු කියල ගිවිසගෙන..

ඊළඟ අවුරුද්දෙ මැද හරියෙ මට කෝල් එකක් එනව ගෙදරට එතුමගෙන් මම එන සතියෙ ඔහෙ එනව....මොනවද එනකොට ගේන්න ඕනෑ කියලා..

මම කිව්ව ඇවිත් මට කතාකරන්න කියල...

 ඔන්න දවසක්දා හවස මේ ගොල්ල ඇවිත් මාස් හෝටලේ නතරවෙලා මට කතාකළා...මම එවෙලෙම හෝටලේට ගියා....මාව දැකපු එතුමා බොහොම සතුටු වෙලා ලංකාවෙන් ගෙනාපු බෝතලයක් කඩල මට සංග්‍රහ කලා....ඒ ගොල්ල පස් දෙනෙක්ද කොහෙද...මහ ජෝඩුවයි දුවෙකුයි තව දුවලගෙ දරුවො දෙන්නෙකුයි....ගෝවා යන්න ඇවිත් තිබුණේ.

ඊට පහුවදා සති අන්තය...මම දවල් හෝටලේට ගියා මේ අයට එදා රෑ කෑමට ආරාධනා කරන්න...බොහොම සතුටින් ආරාධනාව පිළිගෙන මගෙන් ඇහුවා ආයෙ කවුද එන්නෙ කියල...මම කිව්ව සමන් අතාවුදහෙට්ටි මේ දවස්වල ඇවිත් ඉන්නව එයා එයි එච්චරයි කියල....එතුම කිව්ව සමන්ගෙ තාත්තව එතුමා හොඳට අඳුනනවය කියල.

මගෙන් ගෙදර ඇඩ්‍රස් එක අහපුවාම එතුමගෙ කෝට් සාක්කුවෙ තිබ්බ පෑන අරගෙන ඇඩ්‍රස් එකත් ලියල දීල මම ගෙදර ආව.

බිරිඳයි මමයි සුපුරුදු විදියට මාකට් ගිහින් බඩුත් අරන් ගෙදර ආවෙ දවල් එකට විතර...ටිකකින් මාධ්‍යවේදී තුමාගෙන් කෝල් එකක්....

මට ඇඩ්‍රස් එක ලියන්න දුන්න පෑන නැහැයිලු.....

වැරදීමකින් හරි පෑන සාක්කුවෙ දාගෙන ආවද බලන්න කියල එතුම කියනව....ඒක සාමාන්‍ය පෑනක් නෙවෙයිලු...එතුමා ලේක් හවුස් එකෙන් විශ්‍රාම ගන්නකොට තෑග්ගක් හැටියට ලැබිච්ච රත්තරං ගාපු පෑනක්ය කියලත් වැඩිදුරට කිව්වා.

මට හොඳට මතකයි ඇඩ්‍රස් එක ලියල මම පෑන ආපහු එතුමට දුන්න..ඉතිං මම කිව්ව මම ගෙනාවෙ නෑය කියල...කාමරේ කොහෙහරි වැටිල ඇති බලන්න කියල කිව්ව.

 එතකොට එතුමගෙ ස්වරය වෙනස් වුණා.....කතා කළේ තද ස්වරයකින්

බලන්න තියෙන හැම තැනම බලල තමා කෝල් කළේ....

මම ඊට වඩා මොකුත් කියන්න ගියෙ නෑ...ආපහු ගියා හෝටලේට..කාමරේ මුළුවසන් බැලුවත් පෑන තිබ්බෙ නෑ....

එතුමගෙ බිරිඳ හරිම නිවිච්ච කාන්තාවක්....ඇය කිව්ව

ඔව්ව ගණං ගන්න එපා වයස නිසා දැන් හරියට කේන්ති යනව...

හැබැයි අනික් කට්ටියම පොඩි ළමය පවා මට කතා කළේ පෑන හොරෙන් අරගෙන ගිය එකා හැටියට...
මොනව කරන්නද....මම ආපහු ගෙදර ආව.

ගෙදර ආව විතරයි ආයෙත් කෝල් එකක්...

අසනීප නිසා රෑ කෑමට එන්න විදියක් නෑ.....

සමන්ල එහෙම කෑමට ආව....ඇහුවාම මම ඒ අයටත් වෙච්චි දේ කිව්ව.

බිරිඳට හරිම කේන්තියි....නොකල වරදකට මාව වැරදිකාරය කළා කියල...

ඊට පස්සෙ මාධ්‍යවේදී තුමා මට කතා කළේ නෑ....ලංකාවට යන්න ඇති.

සති දෙකකට විතර පස්සෙ මට ලිපියක් ලැබෙනව මාධ්‍යවේදී තුමන්ගෙන්...එතුමගෙ අත් අකුරු හරිම ලස්සනයි...පණ්ඩිතයෙකුගෙ වගේ ලිපියෙ ගැලපීම එහෙම ආයෙ අහන්න දෙයක් නෑනෙ කියවන්න ආසයි...ලිපිය මෙහෙමයි.

අර නැතිවුණු පෑන ඉතාම පුදුමාකාර විදියකට හම්බ වුණා......

ආදී වශයෙන් ලියල තිබුණෙ පෑන කෝට් එකේ මැහුමක් අස්සට ගිහිල්ල තිබිල....හැබැයි ක්ලිප් එක විතරයි  තිබිල තියෙන්නෙ පෑන හැලිලලු.

ඒ කෝට් එක ඩ්‍රයික්ලීන් කරන්න මම කෙනට් වීදියෙ තියෙන ලොන්ඩරියටත් දුන්න...හැකිනම් එතනටත් ගිහින් බලන්න...

කියලත් ඉල්ලීමක් කරල තිබුණා.

එපා යන්න ඔය කියන කියන තැන්වලට...

බිරිඳ සැරදැම්මා....

ඔයා හොරෙක් නෙවෙයි කියල දෙයියො පෙන්නල දුන්නා....ඔයාට කරපු අපහාසෙට දඬුවමක් හැටියට තමයි පෑනෙ කඳ නැතිකරල ක්ලිප් එක ඉතුරුකරල තියෙන්නෙ....

බිරිඳ තීන්දුව දුන්නා.

බිරිඳ මොනව කිව්වත් මම ගිහින් ලොන්ඩරියෙනුත් අහල බැලුවා...ඒ මිනිස්සු හිනාවුණා..දවසකට ඇඳුම් සිය ගානක් අපි හෝදනව මදිනව පෑනක් කොහොම හොයන්නද කියල.

 සිද්දිය එතනින් ඉවර වුණාට එතුමා ඊට පස්සෙ මගෙත් එක්ක දැඩි මිත්‍රකමක් ඇතිකර ගත්ත.

මම ලියනකොට සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැන ව්‍යාකරණ ගැන සැකමුසු තැන්වල සැක හැර ගන්නෙ එතුමන්ට ටෙලිපෝන් කරල.

මම එක්සත් ජනපදයෙ රාජකාරි කරද්දි එතුමගෙ උපන් දිනයකට කතාකරල සුබ පැතුව...මගෙ ලිපිනය ඉල්ලගත්තු එතුමා තමන්ගෙ අලුත්ම පොතේ පිටපතක් මට තැපෑලෙන් එවල තිබුණෙ තැපැල් ගාස්තුව හැටියට රුපියල් දෙදහස් ගණනක් ගෙවමින්.

අයි ටී එන් එකේ එතුමත් එක්ක කරපු සම්මුඛ සාකච්ජාවකදී ලොව වටා ඉන්න එතුමන්ගෙ පාඨකයන් ගැන කියද්දි පොතේ තැපැල් ගාස්තුව ගැනත් එතුමන් මතක් කරල තිබුණා මගෙ නමත් කියල.

ඒක අහගෙන හිටපු යාලුවන්ගෙන් මට සෑහෙන මඩ තොගයකුත් වැදුණා.

දැනුත් මම ඉඳහිට එතුමට කතාකරල දුක සැප අහනව....මගෙ නම කිව්වාම කවුද........කියල මතක් කරගන්න හදනකොටම මම....

මේ පෑන් හොරා කතා කරන්නෙ කියනව......

එතකොට නං ටිකක් කේන්ති යනව...ඇයි එහෙම කියන්නෙ ඒ පෑන හම්බ වුණානෙ.... කියල කියනව.

 ලංකාවට ආපුවාම එතුමව බලන්න එන්න කියල කතාකරන හැමදාම කියනව...දැන්නම් ඇඳෙන් නැගිටින්නවත් බෑ.

මේ සිද්දියට පස්සෙ එතුමන් තම ජීවිත අත්දැකීම් ගැන පොත් කීපයක්ම ලියල පළකලා.....මම හිතුවා මේ කතාව ඔය එක පොතක හරි ලියයි කියල...ම්ම්හ්හ්  ලිව්වෙ නෑනෙ.....ඒ නිසා ඔන්න මම ලියල තිබ්බ.

ගිය දවසක යන්න ඕනැ එතුමන්ව බලල එන්න.

58 comments:

  1. කියන විදියට නම් කාරිකරවන මැතිතුමා වෙන්න ඕන.... නම සඳහන් කළ එක වැරදිත මන්දා. එයාගෙ පුතා මුදිත නම් මගේ හොඳ යාළුවෙක්....

    ReplyDelete
    Replies
    1. හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
      මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
      එසේනම් දැන්ම මේ පාහරයා,
      ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
      මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
      මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
      ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
      පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

      ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
      (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

      Delete
    2. @Lankikayek;
      වැදගත් තැන්වල පහරන්නෙ නැතිව වැසිකිලියකට ගොස් සින්දුවක් කියෝගෙන ඔය කර්තව්‍ය කරන්නකො ජාතිමාමක හිතවත.

      Delete
    3. ඔක්කොටොම උත්තර දෙන්න වෙලාවක් නෑ,නමුත් ඔබට උත්තරයක් දෙන්නම් උදේම.
      මාතලන් වැදගත් මහත්තයෙක් විදියට මගේ බ්ලොගය තුළ හැසිරෙන බැවින් ඔහුට මගෙන් බාධාවක් නෑ.
      ජරාජීර්ණ දේශපාලනය මෙතෙන්ට ගෙනැත් මගේ බ්ලොගය වනසා නොදමන්නැයි කාරුණිකව ඉල්ලමි.
      ජාත්‍යාලය ඉහවහ ගිය උදවිය 1983 දී හැසිරුණු ආකාරය මගේ දෑසින් දැක්කෙමි.සමහරවිට ඔබ එකල ඉපදී නොසිටින්න ඇති.

      Delete
    4. දැන් ඉතිං කියල ඉවරයිනෙ,වැරදිද මන්දා කියන අපූරුව

      Delete
  2. අපොයි අර නලිනයා එක නමක් කියලා මේ මනුස්සයා එක පෝස්ට් එකක් මැකුවා , ඇ මාතලනෝ උඹ හදන්නේ මේ පෝස්ට් එකත් දංගෙඩියට යවන්ඩද (විහිලුවට හරිය)

    ReplyDelete
    Replies
    1. අටමෝ උඹ පස්සෙන්ම මාත් ආවෝ...

      Delete
    2. නලිනයට වඩා මාතලන් ඉක්මන් වුණානෙ අටමො,මේක නං මකන්නෙ නෑ කොල්ලො

      Delete
  3. මාතලන් හරි මුනුබුරා කුරුලු.ජිවිත කතාව කොටස් කිපයකින්ම ලිව්වා. අදටත් ඇදේ ඉදගන ලියනවා.

    දැන් අනික් කාරණය හැලපේ... ඔබ කියන විදියට නම් මමත් ඔය ගමනකට ඇවිත් තියනවා.ජෝෂප් ගේ හොටලේටත් ඇවිත් තියනවා හතර පස් වතාවක්ම. කාරියකරවනයන් සමග ඉන්දියාවටත් ඇවිත් තියනවා. ඒ වගේම තමා වැඩිම වාර ගනනක් මං ඉන්දියාවට ඇවිත් තියෙන්නේ සමන් අතාවු‍දහෙට්ටිත් එක්ක.මෙන්න මේ පෝස්ටුවත් බලන්නකෝ.
    සමන් සමග මතකයෙන් බිඳක් කියවන්න

    ReplyDelete
    Replies
    1. අර පෑනේ යට කෑල්ල උඹ ලගද

      Delete
    2. මගෙ ළඟ තියෙන පින්තූර බැලුවොත් නලින්ට මතක් වෙයි.

      Delete
  4. මාතලන් හරි. ලංකාවේ ජ්‍යෙෂ්ඨතම කියපු ගමන් මටත් මත්ක් වුනේ එතුමාම තමා. තාම ලියනවද කියල දන්නේ නෑ. ඒත් කාලෙකට කලින් එතුමාගේ ලිපි කියවන්න පුරුදු වෙලා හිටියා. වැඩිමනක් ලිව්වේ රූපවාහිනියේ, පුවත්පත්වල තිබුණ භාෂා අඩු පාඩු විවේචනය කරන්න. මම හිතන්නේ භාෂාව ගැන සෘජු අදහස් පළ කරන්න දැනුමක් තිබ්බ ඒ පරම්පරාව මෙතුමා අන්තිම පුරුකක්. එතුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයෙන් පුහුණු වෙච්ච මගේ යාළුවෙක් හිටියා එතුමාට බොහොම හිතවත්.

    හැලපේ බැලුවෙ නැත්ද 'දශක සතක මතක' පොතට පස්සේ ලියවුණු 'මතක පොතෙන් ඉතිරි හරිය' සහ 'මතක පොතෙන් තවත් ටිකක්' කියන පොත් දෙක. සමහරවිට හැලපෙ ගැන ඒ පොත්වල ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ පොත් දෙක විතරක් නෙවෙයි,"තව තවත් මතක" කියන පොතත් මා ළඟ තියෙනව පේට්‍රියට්,ඒත් ඒ එක පොතකවත් මේ කතාව ලියල නෑ.

      Delete
  5. මේ නලින් අයියයි, අටමුයි , හැලපෙයි තුන් දෙනාම වයස 60 පැනපු අයද....???????

    හා .. ඒකෙන් කමක් නෑ.... වයසට යනකොට ගොඩක් අය ඔය වගේ වෙනවා තමයි... සමහරු ජීවත් වෙන්‌ෙන් අතීතයේ... අවුරුදු ගාණකට කලින් වෙච්ච දේවල් අද වගේ මතකයි... ඒත් අද දවසේ සිද්ධ වෙච්ච දේවල් මතක නෑ...

    //මම ලියනකොට සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැන ව්‍යාකරණ ගැන සැකමුසු තැන්වල සැක හැර ගන්නෙ එතුමන්ට ටෙලිපෝන් කරල.//

    අන්න හොද වැඩක්... ඉස්සර ටයිප් සෙටින් කරද්දී මට කොහොමවත්ම ෂුවර්ම නැති තැනක් අහු උ‌ෙනාත් සන්නස්ගල සර්ට කෝල් කරලා අහනවා මොකද්ද හරි කියලා.. අනේ ඉතිං මොන වැඩේ තිබ්බත් පැහැදිලි කරලා කියලා දෙනවා... හි හි..

    ReplyDelete
    Replies
    1. අනේ හඩ්ඩියෙ මට අටං මල්ලි කියපං , හම්පඩ ආච්චි

      Delete
    2. මෙන්න මෙතන නාකි වලියක්

      Delete
    3. ඔය අටමා ගම්පහ ගෙට්ටුව වෙනකම්ම දාලා තිබ්බෙ ඒකගෙ අනූව දශකෙ පින්තූරයක්. නාකි හමා..:D ක්ෂොරි ඈ...

      Delete
    4. //මේ නලින් අයියයි, අටමුයි , හැලපෙයි තුන් දෙනාම වයස 60 පැනපු අයද....??????? //

      ෂැක්..ලඟ පාතක නෑනෙ සීනි රාත්තලක්වත්...හිරුවගෙ කටේ ඔබන්ට...:b

      Delete
    5. හැ සිනි ඔබන්න එපෝ පොල්කුඩු රාත්තලක්ම කවන්න ළිහිණියෝ.

      Delete
    6. ඔබ වයස ගැන කියල කියන්න හදන දේ මට පොඩ්ඩක් පැහැදිලි මදි හිරූ.
      ඔබ කියන්නෙ අපට අතීතයෙ දේවල් පමණයි මතක තියෙන්නෙ කියලද?

      Delete
    7. නෑ නෑ... මං ඇහුවේ තුන් දෙනාම එක වයසේද කියලා... හි හි
      වසයට යනකොට අමතක වෙන කතාව කිව්වේ කතාවේ කියලා තියෙන කෙනා ගැන ... හයියෝ....

      අනේ අටං.... හි හි....

      ළිහිණියෝ.. මට දියවැඩියාව හදවන්නද හදන්නේ.. හි හි...

      Delete
    8. නලින්ගෙ වයස නම් මේ ළඟදි කොහෙහරි කියල තිබුණා වගේ මතකයි,අටම්ගෙ වයස නොදනිමි.
      මටනම් හැට පැනල නැත.

      Delete
    9. අපි වගේ කොල්ලො මේ වගේ නාකි වලි වලට බහින්නෙ නැහැ ඒක නිසා සද්ද නැතුව යමි..

      මේ නාකි වලිය මැද මට මතක් වුනා බං අපේ “ඔබා මාමා“

      Delete
  6. ඇත්තටම හැලපේ මම කල්පනා කරන්නෙ උඹ කවුද කියලා. ඔය තොප්පිය ගලෝපංකො බලන්න.

    ReplyDelete
    Replies
    1. හැලපේ අපිත් එක්ක කොහේ හෝ එකට සිටි එකෙක්. එයා කවුද කියලා හොයන්නනම් හැකියි. ඒත් එහෙම හොයල දැනගන්නවට වඩා වටිනවා හැලපෙම කිව්වනං ඒ නිසා මං සද්දේ වහලා මගේ පාඩුවේ ඉන්නවා.

      Delete
    2. ඒක ඇත්ත තමුන් විහින් රෙද්ද උස්සලා පෙන්නුවොත් ඇරෙන්ඩ බලෙන් උස්සලා බලන්ඩ ගිහින් හිරේ විලංගුවේ වැටෙන්ට නරකයි

      Delete
    3. රෙද්ද උස්සලා දුන්නත් ඔය පොඩිවුන් බලලා අහක බලාගනිල්ලා ජීවිතකාලයක් හිරේ විලංගුවේ නොවැටී..

      Delete
    4. වැඩිදුර හොයන්න දෙයක් නෑ හෙන්රියො, අපතයෙක් කියල හිතාගනිංකො මචං.
      තොප්පිය ගැලෙව්වත් මොනව බලන්නද තට්ටෙ මිසක්.

      Delete
  7. ඒක තමා මේ කොහේදී හරි උන්නැහේ ගැන මං කිව්ව වෙලාවක ඒ කතාව මොකක්ද කියලා ඇහැවුවේ...මට පොට් එක මතක නැහැ උත්තර දෙන්න..එවෙලේ හිතා ගත්තා පස්සේ කියනවා කියලා.. පස්සේ අමතක උනා... හා හරි හිටු මතක් උනා...

    වෙනියගේ පෝස්ට් එකේ... මං එහෙම කිව්වේ අර වෙනිගේ සිංහල හදන්න ආව මෑන් ඒක ලියලා තිබුන විදිය හින්දා... මෑන් අනිත් උන්ගේ සිංහල හදන්න යන්නේ මෑනුත් අග මුල වරද්දලා ලියන ගමන්නේ... එතනදී මට ඔය උන්නැහේව මතක් උනේ උන්නැහේ වගේ කෙනෙක් කිව්වත් කමක් නැහැ ඔහොම වරදක්..මොකද උන්නැහේනං එහෙම දේකට ගැලපෙන දැනුමක් තියෙන කෙනෙක් හින්දා...

    ReplyDelete
    Replies
    1. වතාවක් මම මාරයගෙ පෝස්ට් එකකත් සිංහල වල වැරදි පෙන්නුව.ඒකට ලැබුණු උත්තරය නම් ටිකක් කර්කශයි.
      කමක් නෑ මම කාටත් වැරදි පෙන්නන්නෙ සද් භාවයෙන් මිසක් ක්‍රෝධයෙන් නොවන නිසා.
      මොකද අපූරුවට ලියපු පෝස්ට් එකක ලස්සන මැකිල යනව භාෂාව වැරදියට ලියල තියෙනකොට, ඒක මගේ පුද්ගලික මතය.මම වැරදි පෙන්නන්නෙ ඒකයි.

      Delete
  8. හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ ;
      වැදගත් තැන්වල පහරන්නෙ නැතිව වැසිකිලියකට ගොස් සින්දුවක් කියෝගෙන ඔය කර්තව්‍ය කරන්නකො ජාතිමාමක හිතවත.

      Delete
    2. ස්තූතියි කෙන්ජි,නියම පිළිතුර

      Delete
  9. රසවත් ලිපියක්.දැන් අපිටත් හැලප කියනවට වඩා "පෑන් හොරා"කියල මතක හිටියි :).අර ආප්ප කන ෆොටෝ එකක් දැම්මනම් තමා වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. ආප්ප කන පින්තූර බලන්න ආසද?

      Delete
    2. නැතුව නැතුව :) ...!!!!!

      Delete
    3. ආප්ප කන පොටෝ එක ලංකාවෙ සුරක්ෂිතව ඇත.ළඟදි යනවනෙ ගියාම ගෙනල්ල දාන්නම්.

      Delete
  10. අර ආප්ප සීන් එකේ පින්තුර නැද්ද බං ආරක්සා වෙලා. සිහ්. උඹ වගේ එකෙක් පෑන් හොරෙක් නෙව.. අම්මප මටත් දැං හෙන කුහුලයි මේ හැලපයා මොකාද කියල දැනගන්න. අවුලක් නෑ...රහම රහ හැලප දෙනවනං මේ වගේ, තෝගේ හැලපේ කොලේ ගැලෙව්වත් එකයි නැතත් එකයි. එළිකිරි ලියවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දේශ්..

      Delete
    2. ආප්ප සීන් එකේ පිංතූරෙ තාම මම ආරක්ෂා කරගෙන ඉන්නව.හැබැයි ඒක තියෙන්නෙ ලංකාවෙ ගෙදර, ගියාම ගෙනල්ල දාන්නම්

      Delete
  11. හැලපෙ දැනගෙන හිටියෙ නැද්ද උස්සනකොට පෑන රත්තරං ගාපු එකක් කියල. :D

    ReplyDelete
    Replies
    1. නෑනෙ ත්‍රිභාෂා

      Delete
    2. දැනගෙන හටිය නම් කොපුව වත් දෙන්නේ නෑ නේ

      Delete
    3. මේ මොනව කියනවද සුජියො

      Delete
  12. හැලපෙත් අදහන්න වටින පොරක්නෙව.
    බලන් ගියාම දන්නෙ නැති කෙනෙක් නෑ..ඡන්දෙවත් ඉල්ලුවද...?

    ReplyDelete
    Replies
    1. ජන්දෙ ඉල්ලන්න නම් බලාපොරොත්තුවක් නෑ වීයො

      Delete
  13. එහෙනම් මේ හැලපයාගෙ නිවැරදි බස හැසිරවීමේ රහස එතුමා ගෙ ඇසුරයි....!?

    ReplyDelete
    Replies
    1. සුමිත්,කොහොමත් මා හැකි පමණ නිවැරදිව බස හසුරුවන්නයි නිතරම උත්සාහ කරන්නෙ.
      අමතරව විශේෂ අවස්ථාවලදී ඔවැනි පඬිවරුන්ගේ උදව්ද ලබාගන්නවා

      Delete
  14. මේ වගේ උගතුන් ආශ්‍රය කරන ඔබට හිටපු ගමන් හලාපය අරකද මේකද කියල කතා කරන එක ඒ හැටි වටින්නේ නැහැ කියල මට දැන් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ ඒ ගැන එච්චර හිතන්න එපා.සුපුරුදු විදියට අමතන්න

      Delete
    2. පිස්සුද බං හැලපයෙකුට හැලපයා නොකිය ඉන්න පුළුවන්ද? මට නං බෑ ඕයි.. හික්

      Delete
    3. තොට මම කිව්ව කියල හිතාගං දේශකයො

      Delete
  15. එතුමාගේ අළුත්ම පොත් ඇරෙන්න අනික් සේරම වගේ පොත් ටික මන් කියවලා තියෙනවා මතක සටහන් පොත් 4ක් ද කොහෙද තියෙනවා. සේරම වගේ ආසවෙන් කියවන්න පුළුවන් පොත්

    ReplyDelete
    Replies
    1. ඉතාම ළඟදි පළවුණු පොත නම් මට තාම කියවන්න ලැබුණෙ නෑ

      Delete
  16. අවුරුදු 91 ක් වයස තවත් ජ්‍යෙෂ්ඨ සිංහල මාධ්‍යවේදියෙක් ඉන්නවා. මේ සිදුවීම වෙච්ච ප්‍රදේශය නිසා මං හිතුවේ මේ ඔහුය කියලායි.

    මුදිත පබ්ලිෂර් කෙනෙක් නේද? කාලයක් ලක්බිමේත් වැඩකළා.

    ReplyDelete
  17. පෑණක් නිසා ඇතිවු ලෙන්ගතු කමක් :)

    ජය වේවා !

    අනාවැකියක් - මේක හොද තැනකට එන අඩවියක් වේවි.
    පෙර කළ අනාවැකියකි නිවැරදි වී ඇත. උදාහරණ සහිතව පෙන්නමි. :)

    ReplyDelete
  18. එතුමාට දිගාසිරි පතමු අපි සියලු දෙනා...

    ReplyDelete
  19. පරණ කතාවක් වගේ...

    ReplyDelete

ඔබේ අදහස්