Sunday, February 24, 2013

32.ගමේ බූරු පොළේ විත්ති


අපි පොඩිකාලෙ අපේ ගමේ කොහෙහරි බූරුපොලක් නොතිබුණු දවසක් නැතිතරම්...ප්‍රසිද්ධම බූරුපොල තිබ්බෙ සැන්ටිං මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ....එතන එළිමහන් තැන පැත්තකින් වෙළ ඊට එහයින් ඇළ ඇළෙන් එහා පාර,පොලිසියෙන් එනවනං ඈතදිම පේනව....ඒ කාලෙ ගම යා කරල වෙල මැදින් පාරක් තිබුණෙ නෑ...නියර දිගේ ඇවිත් එහා ගොඩට ගොඩවෙන්නයි තිබුණෙ.

වෙද මහත්තයගෙ කෑල්ලෙ වැලි පසේ තණකොළ ගාණට වැවිල තිබුණ..ගල් බොරළු කටු පඳුරු මොකුත් නෑ...පළසක් එලුවා වගේ.ඔතන පැදුරු දෙකක් දාල තමා බූරු පිටිය හදල තිබුණෙ....අපේ ගමේ වාගෙම අවට ගම්වලිනුත් බූරු ක්‍රීඩකයො මෙතෙන්ට එනව.

අපේ ගමේ බූරු කාරයන්ගෙන් ජනප්‍රියම චරිතය තමයි ජයසේකර,ඊට අමතරව ජිනසෝම සුමනපාල  පොඩ්ඩෙ  මිකාඩාවත්තෙ ජිනදාස වාගෙ තවත් දක්ෂ අය හිටිය.

පසුකාලෙක ජයසේකරගෙ පුතා තිලකෙත් පොඩ්ඩෙගෙ පුතා ගුණදාස හෙවත් හාවත් ඉතාම දක්ෂ බූරු ක්‍රීඩකයො බවට පත්වුණා....රොසන්ටගෙ ලොකුපුතා බෝධියත් ඒ අයගෙම සමකාලීන දක්ෂ බූරු ක්‍රීඩකයෙක්.

අපේ බූරුපොලේ ඔට්ටු අල්ලන්නෙ අග මුල කියල....අග කියන්නෙ ඉල්ලන කෙනා මුල කියන්නෙ ගහන කෙනා ...දකුණු පළාතෙ නං ඉල්ලුව ගැහුව කියලනෙ සෙල්ලං කරන්නෙ.

බූරුපොලේ වාඩිවුණාම වෙලාව යනව තේරෙන්නෙ නෑ...කෑම බීම ගැන වගක් නෑ...අන්තිම සතේ දක්වාම සෙල්ලම් කරනව.ඊට පස්සෙ වටිනා දෙයක් ලඟ තියෙනව නං බූරු පොලටම උගස් කරනව...ඔය හවඩි...ඔරලෝසු...මාල....විතරක් නෙවෙයි පැදගෙන එන බයිසිකලේ පවා උගස් කරල බූරු ගහනව...ඔක්කොම පරාද උනාම ඉතුරුවෙන්නෙ ඉණේ තියන රෙද්ද විතරයි.

බූරුපොළට ආ හැටියෙම කාටවත් කුට්ටම කපන්න හම්බවෙන්නෙ නෑ....ඉස්සෙල්ල පිට ඔට්ටු අල්ලගෙන ඉන්න ඕනැ.....සෑහෙන වෙලාවක් ඔහොම හිටපුවාම තමා කුට්ටම කපන්න දෙන්නෙ...දක්ෂ බූරු කාරයන්ට කුට්ටමේ කොළ තියෙන හැටි කට පාඩම්....කොලේ පෙරලෙන හැටියෙන් දන්නව තමන් දිනයිද නැද්ද කියල....කොළ කීපයක් පෙරලෙනවා බලාගෙන ඉන්න බූරු ක්‍රීඩකයෙක්......

කොළේ ගියා......කියල හරි

හූදුව පරාදයි.....කියල හරි කියන්නෙ තමන් පරාදයි කියන එකට.

දවසක් ජයසේකර බූරුපොලේ වාඩිවෙලා සූදු කෙළිනව....එදා මිනිහගෙ දවස නෙවෙයි......ඉල්ලන ඉල්ලන කොළේ පරාදයි....අතේ සල්ලිත් ඉවරයි....අන්තිම පණං අටත් දාල ඉස්කෝප්ප ආසිය ඉල්ලුව...

ඒකත් පරාදයි....

සූදු පොළෙන් නැගිට්ට ජයසේකර සරම කරට උස්සගෙන වටයක් කැරකිලා....

මේං බලාගනියව් ඉස්කෝප්ප ආසිය....

කියල යන්න ගියෙ ....ගූ කප්පරක් කාපු එකාට පඩගඳත් ගඳක්ද යකෝ....කිය කියා.

ඒ කාලෙ ඔය කට්ටිය සූදු කෙළියෙ සත පණහට රුපියලට වගේ ගණං වලටයි....

මේ අටත් මුලට...

කියල ඔට්ටුව දාන්නෙ සත පණහ...අට කියන්නෙ පණං අට කියන තේරුමෙන් වෙන්න ඇති.

සූදුව නැගල යන වෙලාවෙ එක එක වාක්‍ය සූදු කාරයන්ගෙන් කියැවෙන්නෙ ඒ අවස්ථාවේ ඇතිවෙන ආතතිය සමනය කරගන්න වෙන්න ඇති....අටේ කොළේ ඉල්ලල තියෙන වෙලාවට ගහන්නෙ...

අට මට කිය කියා....

හේරා ඉල්ලුවොත්....

හේරෝ මා බේරෝ කියල ගහනව.

සූදු කාරයෙක් දිගටම දිනාගෙන යන වෙලාවල් තියෙනව...වාඩිවෙලා ඉන්න රවුමටම ගැහුවොත් කියන්නෙ රෝදයක් ගැහුව කියලයි...එහෙම වදිනකොට කුට්ටම අතැති ක්‍රීඩකය උත්සාහ ගන්නෙ හැකි තරම් වැඩියෙන් ඔට්ටු අල්ලල දිනන මුදල වැඩිකර ගන්නයි....එක දිගට හතර පස් වතාවක් හෝ රෝදයක් දිනපු සූදු කරුවෙකුට වෙද මහත්තය කියන්නෙ...

දැන් තෝමක් දාමු නේද...කියලයි

එතකොට දිනුම්කරුවා තෝං වශයෙන් මුදලක් වෙද මහත්තයට දෙනවා....මුදල තීරණය වෙන්නෙ සූදු කරුවා දිනපු ගණන අනුවයි.

මළගෙවල්වල සූදුව කෙරෙනකොට තෝං මුදල් දාන්නෙ හිස් අරක්කු බෝතලේකට.එතකොට සල්ලි ආපහු ගන්න බෑනෙ...ඒ මුදල් ඔක්කොම මලගෙදර වැඩ කටයුතු සඳහා යෙදවෙන්නෙ.මළගෙවල්වලට පොලිසියෙන් පනින්නෙ නෑ කියල කතාවක් තියෙනවනෙ...ඇත්තද බොරුද නං මම දන්නෙ නෑ...හැබැයි අද තව වෙනතුරු අපේ ගමේ මළගෙදරකට කවදාවත් පොලිසිය පැනල නෑ.

වෙද මහත්තයගෙ බූරු පොළට නං ඕනැතරං පොලිසිය පැනල බූරුකාරයො අල්ලං ගිහිල්ල තියෙනව....පොලිසියෙන් පනිනකොට බූරුකාරයො ඔලුව හැරුණු අතේ දුවන්නෙ හරියට පුවක් වල්ල පොළොවෙ ගැහුව වගේ.

 සමහරු නියර දිගේ වේගෙන් දුවගෙන ඇවිත් අපේ නාන ළිං මිදුලට පැනල නාන කෙනෙක්ගෙ බාල්දිය උදුරල අරං නාන්නෙ ඇඳන් හිටපු බැනියමවත් ගලවන්නෙ නැතුව.

පෙළක් උං ගෙවල්වල කුස්සියටම රිංගල බත් බෙදාගෙන කාපු වෙලාවලුත් තියෙනව..එතකොට ගෙදර අයට ආයෙ බත් උයාගන්න වෙනව.

කොහොම හරි සූදු කාරයො කීප දෙනෙක් අහුවෙනවා...අහුවෙන උන් පැදුරු ඔලුවෙ තියාගෙන පේළියට නියර දිගේ අරගෙන යන්නෙ ....

ආයෙ බූරු ගහන්නෙ නැතෝ...කියල කෑගස්සමින්.

අල්ලං ගියපු උං හවසට ඇප දීල එවනව නඩු දිනේට උසාවි වරෙල්ල කියල...උසාවියෙන් දඩ කාල ආවත් ආයෙත් කරන්නෙ බූරු ගහන එක තමා.

සැරයක් පොඩ්ඩෙලගෙ හාව වින්සන් එක්ක උසාවියට දැම්ම....ඇප දෙන්න කෙනෙක් මුං ගෙනිහිල්ල නෑ....පස්සෙදි සතියක් රිමාන්ඩ් කරල ඉඳපු දෙන්න ආපහු එනව මට ටවුමෙදි හම්බ වුණා.

දවසක් ගොම්මං වෙලාවෙ බෝධියා කුට්ටමකුත් අරගෙන තිලකෙට කතාකළා කපමු කියල....උං දෙන්න විතරයි මාත් ඔහේ බලාගෙන හිටිය.

බෝධියා අතේ තිබිච්චි ඔක්කොම පරාදයි.....තිලකය අන්තිමේදි බෝධියාට තෝං දුන්න...බොධිය තෝමත් ඔට්ටු අල්ලල කැපුව.... ඒකත් පරාදයි.

අම්මෝ ඇති යංතං......හෙට උදේට අරක්කු ටිකක් ගේන්නෙ කොහොමද කියල හිත හිතා හිටියෙ......... කියපු තිලකෙ සල්ලි ටිකත් එකතුකරගෙන යන්න පිටත් උනා...

අත සන්තකේ තිබ්බ සල්ලි ඔක්කොම පරාද වෙච්ච බෝධියත් පුකේ අත පිහදාගෙන ගෙදර ගියා...
බූරු කෙළියෙ හැටි ඔහොම තමයි.

අවුරුදු දවස්වලට බූරුපොළ හරි සරුයි....පිටින් හිට බූරු කාරයො එනව අපේ ගමේ පිටියෙ සෙල්ලම් කරන්න....අපරාදෙ කියන්න බෑ අපේ ගමේ ගෝරි බෝරි නං බොහොම අඩුයි.

ඉඳල හිටල ගෝරියක් නැත්තෙමත් නෑ....ගොඩක් වෙලාවට වලි කාරය ජිනසෝම,කටු අත්ත වගේ...බීපුවාම කාගෙ හරි ඇඟේ එල්ලෙන්නමයි බලන්නෙ.බූරු ගහල පරාද වුණාම දෙකක් දාගෙන කාත් එක්ක නමුත් පැටලෙන්න බලාගෙන ඉන්නව.

දවසක් මිනිහ අපේ ආරිත් එක්ක පැටලුනා.....ආරිනං බැනගෙන නිකං හිටියෙ නෑ...අතින් ඇදල අරන් උස්සල වීසි කලා අලමල්ලක් වගේ....නැගිටිනකොට කණට දෙකකුත් දුන්න....ජිනසෝම කවදාවත් කාල නෑ එහෙම කෑමක්.

ගුටිකාගෙන පාරදිගේ ගේ පැත්තට දිව්වෙ...

මම එනවා....මම එනවා....කඩුව අරගෙන මම එනවා යකෝ..... කියාගෙන.

හැබැයි තාම ආවෙ නං නෑ....

මම ආරිට කිව්වෙ වැරදිලාවත් කරුවල වැටුණයින් පස්සෙ ජිනසෝමගෙ ගේ ඉස්සරහ පාරෙන් යන්නනං එපා කියල....මොකද ඕකා හැංගිලා ඉඳලා කපන එක කපනවාමයි නොවැරදීම.

ආයෙම ඔය අපේ බක් මහ උළෙලක් දවසක....

අර බෝතලේට වලල්ල දාන තරගෙ තියෙනවනෙ.....ඔන්න ඔය තරගෙන් සෑහෙන මුදලක් එකතුවෙනවා...ඒත් මෙදා වලල්ල දාන අය කවුරුත් නෑ.....අපට හරි පුදුමයි.

ආරංචි කරල බැලුවාම මයියංගනේ ආරියලගෙ ගෙදර බූරුපොළක් දාල....ඔක්කොම එතන.

අපි කට්ටිය එකතුවෙලා ගිහිං බූරුපොළ කඩාකප්පල් කරලදාල ආරියටත් බැනල එන්ඩ ආව....බීලත් හිටපු ආරියට මේකට හොඳටම තදවෙලා අපිත් එක්ක කරාටි ගහගන්නත් ආව.

ප්‍රධාන පෙළේ බූරුකාරයො එකා දෙන්න මැරිල ගියායින් පස්සෙ බූරුපොළ එච්චර සකිලයක් තිබුණෙ නෑ....පොඩ්ඩ පොඩ්ඩ දියවෙලා ගිය බූරු පොළ අන්තිමට නැත්තටම නැතිවෙලා ගියා.
 

ඊට පස්සෙ බූරු ගැහුවෙ මළගෙදරක විතරයි...පස්සෙ කාලෙක මළ ගෙවල්වල බූරු ගැහිල්ලටත් ගෙවල්වල අයගෙන් බරපතල විරෝධයන් එල්ල වෙන්න පටන් ගත්ත...ඒ විරෝධයන් පිටිපස්සෙ නං හිටියෙ අපි....

මොකද පිට පළාත්වලින් වෘත්තීමය බූරුකාරයොත් මළගෙවල්වලට එන්න ගත්තු නිසා.
 

ඔන්න ඔය විදියට දිනෙන් දින පිරිහිලා ගිය අපේ ගමේ බූරු ක්‍රීඩාව දැන් ආසාවකටවත් දැකගන්න නෑ.
 

කොච්චර වුණත් ගමේ බූරු පිටියට ඒකෙ හිටපු සරල මිනිස්සුන්ට මගෙ හිතේ හරිම ඇල්මක් තිබුණා....ඒත් ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ නේද කියල මතක්වෙනකොට නං හීන් දුකක් හිතට කාන්දු වෙනවා.

49 comments:

  1. මං අහලා තියෙනවා දිනන එකාට අනිත් උං නැගිටලා යන්න දෙන්නෑලු මැද්දෙදි...
    කෝම හරි ඇදලා ගන්නවලු සෙල්ලමට....
    මාත් එකපාරක් දැක්කා බූරු පොලක් මළගෙදරකදි...
    හැබැයි ඒකනං එච්චර සරුවට තිබුන්නෑ...
    සමහරවිට මළගෙයි පළවෙනි දවස නිසා වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඔව්.. මාත් අහලා තියෙන හැටියට දිනපු එකාට නැගිටින්ඩ දෙන්නේ නෑ.. එතන එවුන්ට ඇති වෙනකන් හෝ අනිත් එවුන් ඔක්කොගෙම අතේ ඔට්ටු දාන්ඩ දෙයක් නැතිවෙනකන්ම සෙල්ලම යනවාලු.. අපි දින්නා කියලා නැගිටලා එන්ඩ බෑලු..

      Delete
    2. ඔව්,තරියා,හරී ඒ කතාව ඇත්ත....එහෙම නැගිටින්න දෙන්නෙ නෑ කාගෙ හරි අතේ සල්ලි තියෙනකල්....ඔක්කොම ඉවර වෙනතුරු ගහන්න ඕනැ.
      ඒකට කියන්නෙ පිටිය සුද්ද කරනව කියලයි.

      Delete
    3. ගොඩක් වෙලාවට එලිවෙන්ඩ කලින් පිටිය සුද්දයි බං . එළිවෙනකං ඇදිලා ගියොත් ඒ ඉතින් පිටින් බැස්සොත් තමා ,

      කාලකණ්නි මම දැකලා තියනවා පොඩි එකාගේ පංචායුධය කපාගන එන -රි බල්ලෝ

      Delete
  2. බූරුවා තැපපු හැටි
    මට මතක් උනේ හැලප අයියගේ කතාව එක්ක..කොහොමද බූරුවා ගහලා මගේ ජීවිතේම වෙනස් උනේ කොහොමද කියලා.. වෙලාව තියේ නම් කියෝලා බලන්නකො..එහෙම අමරණීය අතීතයක් !

    ReplyDelete
    Replies
    1. http://www.liyanna-liyanna.blogspot.com/2011/10/blog-post_28.html
      ලින්ක් එක හරියට වැටිලා නැත..
      :-D

      Delete
    2. ඔන්න කියෙව්වා....මුල කොටස්වලදි ඉළ කැඩෙන්න හිනා ආවත් අන්තිම කොටසෙ ඇහැට කඳුලු ආවෙ මා නොදැනුවත්වමයි.ඉතින් පස්සෙ කාලෙක ගිහින් සමරෙව මුණගැහුණද?
      බලාගෙන ගියාම මාත් වෙනීගෙ හොඳ පාඨකයෙක්,කීපයක් ඇරෙන්න ඔබ ලියූ කතා සියල්ලම මා කියවා තිබෙනවා.මොකද ලියන්න පටන් ගන්න කලින් මම බ්ලොග් කියෙව්වා මාස දහයක්.

      Delete
    3. ඔව් මන් සමහර ලිපි ප්‍රින්ට් කරලා ගිහින් දෙනවා සමරෙ අයියට කියවන්න.. ඔහු දැන් බොහොම විශ්‍රාම සුවයෙන් මුනුබුරු මිනිපිරියො කට්ටිය එක්ක කල ගත කරනවා...

      Delete
  3. ජීවිතේට ඉගෙන ගන්න බැරි ක්‍රීඩාවක් මටනම්. මලගෙවල් වල නම් ඕනතරම් දැකල තියේ ඒත් ගොඩක් වෙලාවට වලියක් යනවම තමා.ඒනිසා දැන් මල ගෙවල් වලත් දකින්න අමාරුයි.
    අවුරුදු කාලයට නම් පටන් ගන්නව .සල්ලි වලට කෑදර ඈයො තමයි ඕක පස්සෙ යන්නෙ. සමහර වෙලාවට කැට ගහලදිනන පොඩි මුදල උස්සන් ගිහින් බූරුව ගහල පුකේ අත පිහිදාන් එන්නෙ.

    ගල් අරක්කු බෝතලයට ‍තෝං එක්කහු කරන කතාව නම් මෙහෙත් එහෙමයි. ඉල්ලුව ගැහැව්ව කතාවත් එහෙමයි. දකුනෙනෙ.

    ReplyDelete
    Replies
    1. නොදන්න එක හොඳයි වීයො,කිසි වැඩකට නැති සෙල්ලමක්

      Delete
  4. "මළගෙවල්වලට පොලිසියෙන් පනින්නෙ නෑ කියල කතාවක් තියෙනවනෙ...ඇත්තද බොරුද නං මම දන්නෙ නෑ...හැබැයි අද තව වෙනතුරු අපේ ගමේ මළගෙදරකට කවදාවත් පොලිසිය පැනල නෑ." මළගෙවල්වලට නොපනින නිසා තමයි සමහරු මිනී කුලියට අරන් බූරුවා ගස්සන්නෙ..

    "වෙද මහත්තයගෙ බූරු පොළට නං ඕනැතරං පොලිසිය පැනල ූරුකාරයො අල්ලං ගිහිල්ල තියෙනව" පොලීසිය ආවොත් පේන තැනකයි තියෙන්නෙ කිව්වා නේද?

    ඔය සූදු කරලා නම් ගොඩගිය එකෙක්වත් මම නම් අහලා නෑ.. අතේ තියෙන තුට්ටු දෙකත් හේදෙනවා මිසක්..

    ReplyDelete
    Replies
    1. පොලීසියත් අරින්නෙ නෑනෙ...කොහොම හරි පනිනවා.තව පැති කීපයක් තිබ්බ පොලීසියට එන්න

      Delete
  5. මටත් කවදාවත් වගේ වගක් නැති ගේමක්. ගැහුවොත් සුනේ සුන්, අපි දකුණු පලාතේ නේ. එහේනම් දැනුත් තියෙනවා. මේ ළඟදි මම මළ ගේක ගියා ඕ අයි සී මහත්තැන් කෙනෙක්ගේ අම්මගේ. මළ ගේ ගමේ. බූරු පොල එකසිය ගානට නැගලා ගියා, හැබයි මළ ගෙදර නෙමෙයි. අහල පහල ගෙදරක, මොකෝ අතනට පොලෝසියේ මහත්තැන්ලා එනවා නේ. බූරූ පොලේ ඉඳලා අපිත් දුවල පොලීසියට මාට්ටු වෙලා තියෙනවා. ඒ කාළේ උන්න ඕ අයි සී මහත්තයා පුකට පයින් ගහලා එලවලා දානවා අපි පොඩි උන් හින්දා. නෝනගෙ ගමේන්ම් අවුරුද්දට තාම කැට ගහනවා. එහේ තියෙනවා ඉඩොක්කෙ ගහනවා කියලා සෙල්ලමක්. ඒකත් නම්බර් වන් සූදුවක්. කැට ගහනවා වගේම තම්යි. ඒකටම් සුවිශේෂී ඉඩොක්ක අයිතිකාරයෝ ඉන්නවා. වෙනම වචන් සැට් එකකුත් තියෙනවා. වෙලාවක ලියන්නම්. කොයි එහෙම දෙයක් ලියන්න වෙලාවක් නෑ නොවැ, ආන්ඩුව මක්කා හරි පිච්චුවක් කෙලිනවා නේ..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි මාතලං...කිසි දවසක යාදෙන්නෙ නැති සෙල්ලමක්.
      අර ඉඩොක්ක කතාව ලියනවද ඔය කුණු දේශපාලනය පොඩ්ඩකට අමතක කරල

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. අපේ පැත්තෙත් බොහොම ජයට තිබුණා ඔය බූරු ගැහිල්ල, දැන් නම් බොහොම අඩුයි.
    මෙහෙත් අග-මුල කියලා තමයි ඔට්ටු දාන්නෙ.හැබැයි බූරු පිටියෙ වට වෙලා හිටියට කුට්ටම කපන්න ලැබෙන්නෙ නෑ.ඒ අවස්ථාව හමබවෙන්නෙ පිටියෙ වාඩි වෙන අයට විතරයි.හිටගෙන ඉන්න අයට ඔට්ටු දාන්න පුළුවන්.
    පිටියෙ වාඩි වේන්නනම් ගේමෙ හැටියට ගාන පෙන්නන්න ඕන.(500 ගේමක් නම් රු.500ක්, 1000 හෙ ගේමක් නම් රු.1000ක් තෝන්ට පෙන්නලා,ඒ මුදලෙන් හැර අතේ තියෙන සල්ලි වලින් තෝන් මුදල දීලයි වාඩිවෙන්න ඕන.ඒ වගේම 500,1000හේ ගෙම් වලදි වාඩිවෙන අයට තෝන් කෑමත් දෙන්න ඕන)
    තෝන් සල්ලි එකතු කරන්නෙ බෝතලේකට.
    හුගාක් ඉස්සර නම් තිබුණෙ රු.50 - 100 ගෙම්.ඒ කාලේ වටේ ඉන්න අසරණයෝ ඔට්ටු ඇල්ලුවේ රු. 2 කොළ 5හේ කොළ.රුපියලේ ඔට්ටුත් නොතිබුණාම නෙවෙයි.

    පුදුමෙ කියන්නෙ හැලපයෝ, මෙහෙත් ඉන්නවනේ ජිනසේන කෙනෙක්.මිනිහට කියන්නෙත් බූරු ජිනේ කියලා.ටිකක් උස හාදයෙක්
    දවසක් බූරු පොළට පොලීසියෙන් පැනලා.කට්ටිය දුවගෙන ගිහින් කම්බි වැටකින් රිංගලා බේරුණත්,ජිනේ කම්බි වැටට උඩින් පනින්න ගිහිල්ලා,අණ්ඩ කෝසෙ කම්බි වැටේ පටලවාගෙන පොර මාට්ටු වුනා.
    දැන් අපේ පැත්තෙ පැරණි බූරු පොරවල්ගෙන් ජීවතුන් අතර ඉන්නෙ, ජිනෙයි රිචට් සිල්වයි විතරයි.(රිචට් සිල්වා කියන්නෙ U N P යට අලියා ළකුණයි,කොළ පාටයි යෝජනා කළ පුද්ගලයා.දැන් අවුරුදු 85ක් විතර ඇති, හැබැයි තාමත් කොල්ල වගේ, දැන් ටිකකට කලිනුත් මට දෙන්නවම හම්බවුනා)

    ReplyDelete
    Replies
    1. සුමිත් අපේ ගමෙත් ජිනා නම් තාම ජීවතුන් අතර,හැබැයි බොහොම අබල දුබලයි සිහි කල්පනාවත් මදි

      Delete
    2. සුමිත් @ රිචර්ට් සිල්වා ගැන අද දැනගත්තේ.

      Delete
  7. ඉතාලියේ ලංකාවේ කස්ටිය අවුරුද්දට බුරුවා ගහන්න සෙට් උනාමත් ඔහොමම තමා.. පහුවදාට වලියක් ගියා කියලා ආරංචිය එනවම තමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අපේ අය කොහෙ ගියත් සිරිත් අතාරින්නෙ නෑනෙ

      Delete
  8. ලිපිය කියෙව්වම මට මතක් උනේ ඉස්සර සිංහල අවුරුද්දට මහ ගෙදරට එකතුවෙන නෑදෑයන්ගේ පොඩි කට්ටිය[වයස 10/15අතර]අබ ගස් යට කැට සහ කාඩ් සෙල්ලම් කරනව ශත 1ට ශත 5ට වගේ ඔට්ටු අල්ලල.ඉස්සර නෑදෑ සනුහරේ එකතු උනත් පොඩි ගම්මානයක් වගේනෙ.තාත්තගෙ පව්ලේ 11ක්.තාත්තට තමයි අඩුම දරුවො හිටියේ 6දෙනෙක්.දැන් හිතා ගන්න පුලුවන්නෙ පුංචි ගම්මානය හැදෙන හැටි.

    ReplyDelete
    Replies
    1. පවුලේ අයට (උඹද ඇතුලුව.) වෙනත් විනෝදංශයක් තිබිලා නෑ වගේ.. ජාතිය නංවනවාට අපගේ ප්‍රමාණය.. සමාවන්න ප්‍රණාමය...!!!

      මීට බොදු බල සේනාව....

      Delete
    2. මම නම් පරම්පරාවෙ පුරුද්දට ගියේ නැහැ.පුංචි පවුල රත්තරන් කියන එක අකුරට පිලිපැදල කෙල්ලයි/කොල්ලයි හදාගෙන හැදිල්ල නවත්තල දැම්ම :)!!!

      Delete
    3. සත පහ දහයෙ සූදුව රුපියල් සීය දක්වා ඇදෙනව අපේ ගමේ නම්

      Delete
  9. ඒ වැඩෙත් ආතල් එකක් තිබිල තියනෙවානෙ....

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ආතල් එක නං

      Delete
  10. මම නං දන්නෑ බූරු ගහන්න... හැබැයි ඕමි නං දන්නවා
    ලෙක්චර්ස් වෙලාවෙත් ගහන එකනේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕමි ගහන්නෙත් සල්ලි ඔට්ටුවටද රජෝ

      Delete
  11. අපේ අල්ලපු ගෙදර අයියත් එක්ක අවුරුදු දවසටනම් බූරු පොළට යනවා. හැබැයි මමනම් යන්නේ බලන්න.

    අපේ පැත්තේ හොර මැණික් පතල් තියෙනවා. ඔහොම පොලොසියෙන් පැනපු දවසක අපේ ගෙදරට එකෙක් ඇවිත් තාත්තගේ සරමකුයි කමිසෙකුයි ඇඳගෙන ගියා. තව ගෙදරක පොඩි එකාට ගෙයි දොරකොඩ ඉඳන් කෑම කවනකොට ළමයාගේ ඇඟට උඩින් පැනලා ගිහින් එකෙක් ගේ අස්සේ හැංගිලා. ඇර ගෑණු කෙනා ළමයාගේ ඇඟට උදි පැනපු කේන්තියට බනින්න ගිහින් අරූ පොලෝසියට මාට්ටු.

    ReplyDelete
    Replies
    1. බූරු ගැහුවත් එකයි බලාගෙන හිටියත් එකයි,දැක්කෙ නැද්ද වෙනියට වුණු වැඩේ.

      Delete
    2. දැක්කා දැක්කා ඒත් මේ පැත්ත ගැනමනේ කියලා තියෙන්නේ..... :D

      Delete
  12. මටනං තාම ඔය කොල 52 න් කරන සෙල්ලං එකක්වත් තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  13. ඇත්තෙන්ම මොන කරදරයක් වෙලා තියෙන්න ඇත්ද ඔය සූදු පොල ගමේ මිනිස්සුන්ට නේද? ඕක මචං ඇත්තෙන්ම සමාජ වසංගතයක්නෙ. සමහරු නැත්තෙන්ම නැතිවෙනවා. ඕකුන්ගෙ ආදර්ශ පාඨය අර ලිඳට වැ‍ටුනු මිනිහගෙ කතාවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව හෙන් රි, ලිං කටින්ම ගොඩ එන්න ඕනෑය කිය කියා තව තව ප්‍රපාතෙට යනවා.
      මේ මට හෙන් රි කියල සිංහලෙන් ලියන හැටි කියල දියන් මචං

      Delete
    2. මම කියන්නේ හෙන්ද්‍රි කියලා නම හරිද දන්නේ නැහැ.

      Delete
    3. හෙන්ද්‍රි වැරදියි බං. මම හිතුවේ උඹ සිංහල ලියන යුනිකෝඩ් අහවල් එකේ අප්සෙට් එකක් කියලා. ඒකෙ ද හෝ ඩ සද්දයක් ඇත්තෙත් නෑ. හෙන්රි HENRY

      Delete
    4. hen\ri කියලා ගහපං නැති නම් hen ri (හෙන් රි) කියලා ගහලා රි backspace කරපං හෙන් වලට. හැබැයි මම ගහන සිංග්‍රීසි යුනිකෝඩ් එකේ ඔය අප්සෙට් මොකුත් නෑ. henri කෙලින්ම හෙන්රි.

      Delete
    5. අඩේ මම දැන් තම හෙනම් හරිම නම දැනගත්තේ.මොකද අපේ පැත්තේ කෙනෙක් හිටියා පොරට කතා කරන්නේ හෙන්ද්‍රි කියල.

      Delete
  14. අපිත් දකුණේ එත් අපේ පැත්තේ බෝතලේට සල්ලි එකතු කරනවට කිවුවේ ටෝම එකතු කරනවා කියල.

    මම දන්නා හොඳ සල්ලි කාරයෝ දෙන්නෙක්ම නැත්තට නැති වුනේ බුරු ගහලා.මම අවුරුදු දවස් වල හිටපු ගමන් බලන් ඉන්නවා. නමුත් සූදුවට ඒ හැටි ආසාවක් නැහැ. උඹලගේ පැත්තේ සෙල්ලම යන අතර තුර දිනලා ඉද්දි බුරු පිටිය ඉවර වෙන්න කලින් නැගිටලා යන්න දෙනවද?. සමහර තැන්වල වළි යන්නේ පිටිය ඉවර වෙන්න කලින් හොඳ ගානක් එකතු කරගෙන යන නිසා නේද?..

    තව අපේ පැත්තේ දවසක් එකෙක්ගේ සාලේ පැදුරු දාගෙන බුරුවො ගහනවා ඒ වෙද්දී පොලිසියෙනුත් ආව. හිටපු වුන් දුවලත් ඉවරයි. ගෙදර අයිති කරය කලේ ඉක්මනින් ගෑනිව කතා කරගෙන සලේ මැද නිදාගත්තා පැදුරේ. අන්තිමේදී පොලිසියෙන් හිස් අතින් යන්න ගියා.

    ReplyDelete
  15. අපේ පත්තෙත් එක කාලෙක බොහෝම ජයට..එළිපිට පොලීසියට පගාව දීගෙන කරපු බූරු පොළක් තිබුනලු. දිනන අයට අතර මඟ නැඟිටලා යන්න දෙන්නත් නෑලුනේ. එක මනුස්සයෙක් දිනාගෙන යන්න ගිහින් අනිත් අය වලක්වලා ඇති උන රණ්ඩුවක් දුර දිග ගිහින් එකම තැන මිණී දෙක තුනක්ම වෙලා රණ්ඩුව නැවතිලා. ඒ විතරක්ද එතැනින්ම ඒ බූරු පොළත් ඉවර උනාලු...

    ReplyDelete
  16. අනේ හැලපයෝ තොපි වගේ බුරු රාජයෝ... හෙහ්.. සිරාවට අපිට නං තාම බුරු පොට් එකක් හොයාගත්තැකි ටිකක් ඈත මලගේකට සෙට් උනාම.. මාත් හෙන ආසයි ඔය පැත්තක ඉදං ඔට්ටු අල්ලන්න... ඒකට කියන්නේ කොහොමෙයි බං...

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ පිට ඔට්ටු අල්ලනව කියලනෙ.තව එකක් තියෙනව බෝල් ලීයෙ යනව කියල.
      ඒක නෙවෙයි තෝ කොහෙද මකබෑවිලා හිටියෙ.
      අටමත් පේන්න නෑ මේ දවස්වල.

      Delete
    2. නෑ බං පිට ඔට්ටු නෙමෙයි වෙන නමක් කියන්නේ... බෝල්ලීයේ කතාව නං අහල නෑ.. අඩේ දවස් තුන හකරයි නැතිව හිටියේ. අටම නං බොදු බල සේනා එකට ගොට්ට අල්ලනව මං හිතන්නේ... හැක්

      Delete
  17. මලගෙවල් වල මිනිය තියෙනවනම් බූරු ගැහුවට පොලිසියෙන් පනින්නේ නැහැ කියලා තමා කියන්නේ ඒක නිසා මිනිය වලලන්නේ නැතුව දවස් දෙක තුනක් තියා ගන්නවා. අපේ පැති වල නම් තාම බූරු ගහනවා මල ගෙවල් වල. ඒවාට වෙන පැති වල අය හිටන් එනවා දැන් නම් මන් හිතන්නේ ලොකු ගනන් වල ඔට්ටු හිටන් අල්ලනවා

    ReplyDelete
  18. මම සුරාව කොහොම වෙතත් සූදුව අනුමත කරන්නේ නැහැ

    ReplyDelete
  19. Idokke kiyanne eluwan,harakun wani sathunge danahise thiyena asthiyakin ganna ketayak. Meke pathi 6k tiyenawa. Meke uda patthe rathupata alepa karanna ona. A patthata kiyanne idok kiyala. Yatapatthata kiyanne kuppe kiyala. Kate uda dana kena idok watunoth dinum kuppe watunoth paradai. Meke ul pathi 2k tinawa. In eka patthak walak wage. Eka raja idik. Anith pattha raja kuppe. Ekath ara wagemai. Habai itin meka watenne ithama kalathurakin. Thawa pathi 2k tinawane. A pathi deka tamai godak welawata watenne. Ethakota kate uda danna anith kenata denawa. A depattha wala ,goda kiyala kiyanne. Samaharunam wala, goda kiyalath ottu allanawa. Wala kiyana ekata wala,idok,raja idok kiyala 3ma athulath weno. Goda kiyana ekata goda,kuppe raja kuppe kiyana 3ma athulath weno.

    ReplyDelete
  20. Idokke kiyanne eluwan,harakun wani sathunge danahise thiyena asthiyakin ganna ketayak. Meke pathi 6k tiyenawa. Meke uda patthe rathupata alepa karanna ona. A patthata kiyanne idok kiyala. Yatapatthata kiyanne kuppe kiyala. Kate uda dana kena idok watunoth dinum kuppe watunoth paradai. Meke ul pathi 2k tinawa. In eka patthak walak wage. Eka raja idik. Anith pattha raja kuppe. Ekath ara wagemai. Habai itin meka watenne ithama kalathurakin. Thawa pathi 2k tinawane. A pathi deka tamai godak welawata watenne. Ethakota kate uda danna anith kenata denawa. A depattha wala ,goda kiyala kiyanne. Samaharunam wala, goda kiyalath ottu allanawa. Wala kiyana ekata wala,idok,raja idok kiyala 3ma athulath weno. Goda kiyana ekata goda,kuppe raja kuppe kiyana 3ma athulath weno.

    ReplyDelete

ඔබේ අදහස්