අදත් කලාවට සම්බන්ධ පොඩි කතා දෙකතුනක් කියන්නම්....මේ කතාව මට කිව්වෙ නෙවිල්..නෙවිල්ට කතාව කියල තියෙන්නෙ චිත්‍රපට කලා අධ්‍යක්ෂ ධර්මසේන හේමපාල ඔහු නෙවිල්ගෙ අසල්වැසියා.
කොළඹ මල් ශාලාවේ හිමිකරු වන චිත්‍රපට නිෂ්පාදක වයි.ඇම්.කරුණාතිලක මහතාගේ අලුත් නිවසට ගෙවැදීමේ උත්සවයට ධර්මසේන හේමපාලයන්ටත් ආරාධනාවක් ලැබිල.හේමපාලයන් මේ නිවසට යනකොට ඔහුගෙ මිතුරන් වුණු සුනිල් ආරියරත්න චින්තන ජයසේනත් සමග ඇවිදින් හිටියලු.
කරුණතිලක මහතා මේ අයව ආදරයෙන් පිළිඅරගෙන ගේ ඇතුළට එක්ක ගිහින් සිසිල් බීමත් දීල.
සැටියෙ වාඩිවෙලා ඉන්න ගමන් චින්තන සැටිය වටේට තට්ටු කරනවලු,ඉස්සරහින් තියෙන සෙන්ටර් ටේබල් එකට තට්ටු කරනවලු...
මොකද චින්තන.....කියල හේමපාලයන් ඇහුවලු..
නෑ මං බැලුවෙ මේ කජු ලීද කියල.....චින්තන ඇඟට නොදැනි කියල...
හිනාව තදකරගත් සුනිල් ආරියරත්නයන් චින්තනට බැන්නලු..
තැනකට ආපුවාමවත් හැකර කතා නොකිය ඉඳින්....කියල
අසූ ගණන්වල මුල හරියෙ දවසක් මම කලින් ගෙදර එනවා..එදා මම බැස්සෙ අපේ ගමේ කෝච්චි පොළෙන්...එතනම එහා පැත්තෙ අපේ ඉස්කෝලෙ... කන්ද නැගගෙන උඩට ආවම මම දැක්ක පහළ ගේට්ටුව ගාව සෙනග ගොඩක් එකතුවෙලා ඉන්නව.ලංවෙලා බලපුවාම බැනර් එකක් ගහල තිබුණ
සම්මානනීය චිත්‍රපට කලා අධ්‍යක්ෂ
ධර්මසේන හේමපාලයන්ගේ කලා දිවියට
25 වසරක් පිරීම නිමිත්තෙන් ආදි ශිෂ්‍ය සංගමයේ උපහාරය....කියලා
අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය සංගමෙන් කරන්නෙ...කට්ටිය ගේට්ටුව ළඟ රැස්වෙලා ඉන්නෙ ධර්මසේන හේමපාලයන් පිළිගන්න.මාත් ගෙදර යාම පැත්තකට දාල ඔහෙ බලා හිටිය....අනික ගේ තියෙන්නෙත් වෙලෙන් එහා පැත්තෙනෙ....ඔන්න බිරිඳත් සමග ගේට්ටුව ළඟට ආපු ධර්මසේන හේමපාලයන් සාදරයෙන් පිළිගෙන ශාලාවට කැඳවාගෙන ගියා.දැන් අපිත් ශාලාවෙ වාඩිවෙලා ඉන්නව...කවුද ඇවිත් හේමපාලයන්ව එළියට එක්කරගෙන ගියා...අපටත් කතාකළා ගේට්ටුව ළඟට යමු කියලා.
මොකක්ද මේ වැඩේ කියල බැලුවම තමා ආරංචි වුණේ නැටුම් කණ්ඩායම ඇවිත් ගේට්ටුව ළඟ බලාගෙන ඉන්නව කියල...
අපි ගේට්ටුව ගාවට එනකොට රවීන්ද්‍ර,මාලිනී,අනෝජා,සුනිල් ආරියරත්න,නන්දා මාලිනී ආදී කලාකරුවන් මහ ගොඩකුත් එතන...ඔන්න දැන් අපේ ප්‍රධාන අමුත්තව දෙවෙනි වතාවටත් නැටුම් ගැහුම් සහිත පෙරහැරකින් ශාලාවට කැඳවාගෙන ගියා.
දැන් හෝල් එක අතුරු සිදුරු නැතිව පිරිල...වැඩිපුර හිටියෙ ඉස්කෝලෙ ළමයි..සෙල්ලම් කරන ළමයි අමතර පන්ති වලට ආපු ළමයි ඔක්කොම හෝල් එකට පිරුණ නළු නිළියො ආව කියල ආරංචි වෙලා.
නළු නිළියන් පිරිවරාගත්තු ධර්මසේන හේමපාලයන් වේදිකාවෙ වාඩිවෙලා ඉන්නව.
ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො කෑ ගහනව ....එකම ගෝසාවයි...සභාවෙ වැඩ පටන් ගන්න විදියක් නෑ සද්දෙ නිසා.
නිවේදකයා ඇවිත් නොයෙක් ආකාරයෙන් කිව්ව අපට මේ සභාවෙ වැඩ කරගෙන යන්න සද්දෙ නවත්තගන්න කියල...මොන පිස්සුද...ඒව ඇහෙයි උන්ට නං...සද්දෙ තවත් වැඩිවුණා..
අඩෝ රවීන්ද්‍ර...හෝඕඕඕ
අනේ මාලිනීඊඊ....ඊඊ.....එකම කම්බැල්ලෑවයි..
බැරිම තැන නන්දා මාලිනී නැගිටල මයික් එක ළඟට ඇවිත් කිව්ව දැන් මම ගීතයක් කියනව...ඔයාල නිශ්ශබ්දව අහගෙන ඉන්න කියලා....
බුද්ධානුභාවේන නෙත් සිත් පහන්වී...........කියල ගීතය පටන් ගත්ත....
මොන බුද්ධානුභාවයක්ද....මට සිංදුව ඇහුණෙත් නෑ....
අසරණ වෙච්චි නන්දා මාලිනී ආපහු ගිහිං වාඩිවුණා...
අන්තිමේදි සංවිධායකයො සාකච්චා කරල නළු නිළියො ටික ඔක්කොම වේදිකාවෙන් බස්සල පිටත් කළා.....
ඒත් එක්කම ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො ටික වක්කඩ කැඩුව වගේ ශාලාවෙන් එළියට ගියා.....ශාලාවෙ ඉතුරුවුණේ ඇත්ත වශයෙන්ම මේ උත්සවයට සහභාගි වෙන්න ආපු අයයි ආරාධිතයොයි විතරයි.ඔන්න ඊට පස්සෙ උත්සව සභාවෙ කටයුතු නිල වශයෙන් ආරම්භ වුණේ.
නන්දා මාලිනී ගීත ගායනා කළා.....
සුනිල් ආරියරත්නයන් උළෙලේ මුඛ්‍ය දේශනය පැවැත්වූවා...
එදා තමයි මට පැහැදිලි වුණේ කලා අධ්‍යක්ෂණය නිර්මාණයකට මොන තරම් වැදගත්ද කියන එක.
චිත්‍රපටයකදී එකතු කරගත් සුළු පිරිසකගෙන් ධර්මසේන හේමපාලයන් විශාල සේනාවක් මැවූ ආකාරය ආරියරත්නයන් විස්තර කළේ ඉතාම සිත්ගන්නා ආකාරයටයි.
ලැබුණු මද විවේකයකදී මා සුනිල් ආරියරත්නයන් ළඟට කිට්ටු කළේ ධර්මසේන හේමපාල උපහාර කලාපයට ඔහුගේ අත්සන ලබාගන්නයි.
සුහද සිනාවකින් මට සංග්‍රහ කළ ඔහු....
හරි වැඩේ නේද උනේ....කියමින් සමරු කලාපය අත්සන් තැබුවා.
අපේ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන හේමපාලයන්ගෙ ගම කුඹල් ඔලුවෙ.මේ සිද්දියට දශකයකට පමණ පසු බෙනට්ගේ තරු ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායමට අර්ධකාලීනව සම්බන්ධවී සිටිය මට ධර්මසේන හේමපාලයන් ළඟින් ඇසුරු කිරීමේ අවස්ථාව ලැබුණා.
රූගත කිරීම් අවසන්ව බෙන් ෆිල්ම්ස් ආයතනයට එන අපි නා කියා ගෙන රෑ බත ඉදෙනතුරු මීවිතක් ඇසුරු කරමින් දොඩමලු වූ අවස්ථා එමටයි...ඒ වෙලාවට ඔහුගේ මුවින් පිටවෙන කතා මටනම් ඉතාම රසවත්.
1960 දී සංදේශය චිත්‍රපටයේ සහාය කලා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කලා ජීවිතය ආරම්භ කල හේමපාලයන් සම්මාන දිනූ චිත්‍රපට ගණනාවකම කලා අධ්‍යක්ෂණය කරමින් ජනාධිපති සම්මාන කීපයක්ද දිනාගත්තා.
ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වුවද ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්...බොහෝ විට ඔහු මට හමුවන්නේ ටවුමෙ එළවලු කඩේදීයි.
කලා කටයුතුවලින් ඈත්වී සිටින මා ක්ෂේත්‍රය ගැන මගේ දැනුම යාවත්කාලීන කරගන්නේ ඔහුගෙන්.....ඔහු සතු කතා ගාණක් මිම්මක් නැතිතරම්.
ධර්මසේන හේමපාල වැනි දැවැන්තයන් ඉදිරියේ අප හිරු දුටු කණාමැදිරියන් සේ නොවේදැයි මේ ලියනවිටත් මට සිතෙනවා.
ප.ලි:ලියා අවසන්කල කතා කීපයකුත් බාගෙට ලියූ කතා කීපයකුත් තිබියදී පළවන්නේ ලහි ලහියේ ලියා නිමකළ කතාය.මෙයට හේතුව කාගෙන් හරි මා දැනගන්න කැමතිය.
//ලියා අවසන්කල කතා කීපයකුත් බාගෙට ලියූ කතා කීපයකුත් තිබියදී පළවන්නේ ලහි ලහියේ ලියා නිමකළ කතාය.මෙයට හේතුව කාගෙන් හරි මා දැනගන්න කැමතිය//
ReplyDeleteඒක දැන ගන්න මාත් කැමතියි
මහ රෑ ඇහැරගෙන මොකද කරන්නෙ කියල මාත් දැනගන්න කැමතියි
Deleteලහි කතා වඩාත් සජීවියි....වඩාත් රසවත්.....
ReplyDeleteඒක ඇත්ත මම හිතන්නෙ සුමිත්
DeleteSelasum karalaa , karalaa kirala menalaa karanna inna weda peththaka dhaalaa karana wena wedea thamaa JOLLLY . liyana ekatath eaka podhuyi neadha ?
ReplyDeleteඒක නං ඇත්ත තමයි වෙනී මටත් ගොඩක් වෙලාවට එහෙම තේරිලා තියෙනව
Deleteona mamt awit giya.
ReplyDeleteJayawewa
ජය වේවා ඔබටත්
Deleteලියා අවසන්කල කතා කීපයකුත් බාගෙට ලියූ කතා කීපයකුත් තිබියදී පළවන්නේ ලහි ලහියේ ලියා නිමකළ කතාය.
ReplyDeleteකමක් නෑ ලියල ඉවරවෙච්ච ඒව කවද දාන්න බැරිද. ඒත් හදිස්සියෙ ලියන ඒව ආය ලියන්න බැරිවෙන්න පුලුවං.
ඒක තමයි ප්‍රසන්න,හදිසියෙන් ලියන ඒවයි රස වැඩි ඇති
Deleteඒ කාලේ ඉතිං නළු නිළි පිස්සුවක් නේ තිබ්බේ... ඕවා අපේ තාත්තත් කියෝනවා හිටපු ගමන්... හි හි...
ReplyDeleteදැන් නම් නළු නිළියො කිව්වාම එච්චර ගාණක් නෑ නේද හිරූ
Deleteහැලපේ ඔය අපේ අතර කතාවක් තියෙනවනේ කළබලේ හදන හොද්ද රහයි කියලා.. සමහර විට ඒක නිසා වෙන්න ඇති. කොහොම හරි අර කජු ලෑලී කතාව නම් පට්ට. කොල්ලොන්ගේ සද්දේ වහන්න නන්දා මාලනි දැම්මේ, පින්සිපොල් කෙනෙක් උන්නෙ නැද්ද ඔය ඉස්කෝළේ...
ReplyDeleteපින්සිබොල් එදා හිටියද නැද්ද කියලවත් මට මතකක් නෑ මාතලං.හිටියත් ඔවුන්ගෙ කෑ ගැහිල්ල ඉවර වෙන්නෙ නෑ.
Deleteවේවැල් කෝටූ නාරං සියඹලා අතු එහෙම ඇතිනේ ඔයි පැත්තේ.... ඉතිරි වැඩේ මම බලා ගන්නම්...
Deleteමේක නං ටුයිං කරන වැඩක් හැලපේ... විස්තර සමග ඉදිරියට ඒවි අනිවා..
ReplyDeleteආ අරකට හේතුව තමා මේ දවස් වල බොට බීම අමතක වෙචිචි එක.. හැක...
කොහෙද බොල ගිහින් හිටියෙ,මම හැම තැනම හෙව්ව.මඩ ගේන්න ගියාද
Deleteඔන්න බලපං කලාකාරයන්ටවත් පාලනේ කොරගන්ඩ බැරි, අඩුගානෙ උංගෙ අම්මලා අප්පලාටව්ත් පාලනය කොරන්ඩ බැරි උන් ආම්බාං කරගෙන උගන්නන එකටම අපිට වෙනම සම්මාන දෙන්ඩ ඕනෙයි කියලා උඹට හිතෙන්නෙ නැද්ද?
ReplyDeleteඅර වයි එම් කරුණාතිලකව මමත් දන්නවා මචං පෞද්ගලිකව.
උන්නං ළමයි නෙමේ ඩූඩො යක්කු,අපි ඉස්කෝලෙ යන කාලෙ තමා ළමයි හිටියෙ.
Deleteඅනේ උඹට හතරවරං දේවතාවුන්ගෙ පිහිටයි
කොහොම උනත් කතා ටික නම් හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි ඇනෝ
Deleteහැලපේ ධර්මසේන හේමපාලයන් පුදුම මනුස්ස කමක් තිබ්බ නිවුණු පුද්ගලයෙක්. ඒ වගේම තමා එතුමන්ගේ ප්‍රිය බිරිය ඔල්ගා. වේයන්ගොඩ කුඹලුඔලුවේ ගෙදරට යන කාටවත් නිකන්නං එන්න වෙන්නේ නෑ.. හැම දෙයින්ම සප්පායං වෙලා හොඳ ගමේ කැම වේලකුත් කාලම තමා එන්න වෙන්නේ..ඒ ගෙවෙන කාලය හිතට අපුරු සතුටක් එක්කරන කාලයක්..
ReplyDeleteමාත් දවස් කීපයක්ම එතුමන්ගේ ගෙදර ගිහිල්ලා හොදට විනෝද වෙලා තියනවා. අන්තිමටම මං එහේ ගියේ අනුර බණ්ඩාර රාජගුරුත් එක්කයි.
අන්තිමටම මට එතුමාව හමුවුණේ වේයන්ගොඩ දුම්රිය පොළේ තිබ්බ වෙසක් කූඩු තරගයක දියි. එදා ඒ කූඩු තෝරන්න එතුමත් ඇවිත් හිටියා.. සරලම මනුස්සයෙක්..
නලීන් මම බලාපොරොත්තු වුණා ඔබ මෙවැනි කොමෙන්ටුවක් දමයි කියා
Deleteරස අතීතයක් නොවැ..!
ReplyDeleteඑහෙනං
Deleteනොදන්නම දේවල් ගොඩක් දැන් ගත්තා වගේම රස වින්දා..යුග දෙකක් ලස්සනට එකතු කරන්න පුළුවන් ඔබ, නලීන් වගේ අය බ්ලොග් ලොකේ මේ වෙලාවේ අනිවාර්‍ය අවශ්‍යතාවයක්. ඔබට ජය!
ReplyDeleteස්තූතියි පේට්‍රියට්
Deleteලහි ලහියේ ලියනකොට නිවාඩු පාඩුවේ ලියනවට වඩා ලස්සන්ට ලියැවෙනවා..
ReplyDeleteමමත් එහෙම හිතනව තරියො
Deleteමටනම් තේරුනේ කලබලේ ලියවුනා වගේ. එක කතාවක් ඉවර වෙන්න කිට්ටු වෙද්දී අනිත් එක පටන් ගෙන වගේ.
ReplyDeleteපරණ මතක සුන්දරයි.
මීට පස්සෙ නිවි සැනසිල්ලෙ ලියවුනු කතා දමන්නම්කො
Delete