Saturday, January 26, 2013

22.මට හිතෙන හැටි


අපේ බ්ලොග් අවකාශයේ ආදරණීය හිතවතුන් හිතවතියන් කීප දෙනෙක්ම බොහෝවිට කියපු දෙයක් තමයි මම ලියපු කතාවල බීම හරි වැඩියි,බොන එක නැත්නම් කතා හොඳයි,දිගටම ලියන්නෙ බොන කතා, චික් විතරක්...ආදී වශයෙන්

ලියන්න හිටපු කතාවත් පැත්තකට දාල මේ ලිපිය ලියන්නෙ පැහැදිලි කිරීමක් කරන්න සහ ඔබගේ අදහස් බලාපොරොත්තුවෙන්...
අපි අරගෙන බැලුවොත් කොහොමද මම ලියපු කතාවලින් බේබදුකම හෙවත් බීම අයින් කරන්නෙ කියල,ඔය කතා එකක්වත් මම ප්‍රබන්ධ කරපුව නෙවෙයි,අකුරක් ගානෙ ඇත්ත, ඉතිං සිද්ද වෙච්චි දේවල් මම කොහොමද නැතිකරන්නෙ? මට පුළුවන්ද ඉතිහාසය මකල දාන්න? හොඳයි දැන් බලමු එහෙම කළොත් මොකද වෙන්නෙ කියල.
බීපු හින්ද තමයි කතාවෙ ඉන්න පුද්ගලය ඒ විදියට හැසිරෙන්නෙ සහ කතා කරන්නෙ,ඒ නිසාම තමයි එතන කතාවක් තියෙන්නෙ.එහෙම නැත්නම් කෝ කතාවක්?

ඇත්ත තමයි,කාන්තාවො බීම සහ බොන මිනිස්සුන්ව තදින් පිළිකුල් කරනව සහ ප්‍රතික්ෂේප කරනව,ඔවුන් කැමති සුරාව නැති ලොවක් දකින්නයි.නමුත් ඉතිං ප්‍රායෝගිකව ඒ දේ සිද්ද වෙනවද?ඔයාල කොච්චර ඒ ගැන වෛරයෙන් හිටියත් සුරාව තාම නිදැල්ලේ ගලා යනව නේද ඒක නේද සත්‍යය?

පොඩ්ඩක් කල්පනා කරන්න තමන් ඉන්න පටු සීමාවන්ගෙන් එළියට ගිහිං.

මේ ලෝකෙ ගොඩක් දේවල් සාපේක්ෂයි,නිරපේක්ෂ දේවල් ඇත්තෙම නැති තරම්.හොඳ කියල දෙයක් තියෙන්නෙ නරක තිබෙන නිසා,ලස්සන තියෙන්නෙ අවලස්සන තිබෙන නිසා,දුක නැත්නම් සැප කියල දෙයක් නැහැ.මේ ඔක්කොම වචන පමණයි.
ඔය වචනවල තේරුමත් නිත්‍යද? නැහැනෙ,පොඩි උදාහරණයක් අරගෙන බැලුවොත් කොළඹට එවපු බෝම්බයක් පිපුරුණානම් ප්‍රභාකරන්ට හොඳයි,අපිට නරකයි.පිපුරුණේ නැතිනම් අපට හොඳයි ප්‍රභාකරන්ට නරකයි.ඒ වගේනෙ පුද්ගලයගෙ ආකල්ප අනුවනෙ.

 දැන් සැප කියන එක අරගෙන බැලුවොත් ඔබ ඔබේ උඩුමහලෙ සඳළුතලේ හාන්සි පුටුවකට වෙලා පොතක් කියවනව,ඔබගෙ ගෙදරට ඉස්සරහ වත්තෙ පොල් අතුවහපු කටුමැටි ගේක ලණු ඇඳ උඩ දිගාවෙලා ඉන්න මනුස්සය හිතනව ඔබ හරි සැපක් විඳිනව කියල,නමුත් අර මනුස්සය ඉන්න ලණු ඇඳට යන්න ඔබේ හිත හඬා වැටෙනව වෙන්න පුළුවන්,එතකොට මොකක්ද සැප කියන්නෙ?ඒ නිසා පොඩ්ඩක් හිතන්න.

සම්පූර්ණයෙන්ම සුදු චරිතත්,සම්පූර්ණ කළු චරිතත් තිබුණෙ පියදාස සිරිසේන මහත්තයගෙ නවකථා වලත් බී.ඒ.ඩබ්.ජයමාන්න ආදී මහත්වරුන්ගෙ චිත්‍රපටිවලත්විතරයි.ආ තව බැඳපු නැති කෙල්ලන්ගෙ සිහින ලෝකවලයි.
 එහෙම නැත්නම් අද ජීවත්වන හැම පුද්ගලයා තුළම දෙවියන් සහ යක්ෂයා දෙන්නම ජීවත් වෙනව,යෙදෙන අවස්ථාව අනුව තමයි තීරණය වෙන්නෙ යක්ෂයාද දෙවියන්ද බලවත් වෙන්නෙ කියල.

ආයෙම ලේබල් ගහනව වල් කියල,ඒ කතාව වල්,ඒ චිත්‍රපටිය වල්,ඒ පුද්ගලය වල් ආදී වශයෙන් මොකක්ද මේ?අපි පුරුදුවෙලා ඉන්නෙ ලිංගිකත්වය කියන එක ජීවිතයෙන් වෙන් කරල අරගෙන අයින් කරල අරන් නොවිය යුතු දෙයක් හැටියට හෙළා දකින්න අපහාස කරන්න හරියට ලොකු වරදක් කළාවගේ.

අපි හිතන්නෙ නෑ ලිංගිකත්වයත් ඔය අපි කනව බොනව නිදනව  වගේ අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය තවත් එක් අංගයක් කියල.
 නමුත් ඒක තමයි ඇත්ත අපි ඕනැවට වඩා ශීලාචාර වෙන්න හදනව,ඔය ශීලාචාරකම කොච්චරද කිව්වොත් සැරයක් ඉන්ග්මාර් බර්ග්මාන් කියන මහා සිනමාකරුවගෙ චිත්‍රපටිවල තිබුණු ලිංගික දර්ශනත් කපන්න හැදුවනෙ අපේ රටේ සිනමා  විශාරදයො ඔය බර්ග්මාන්ගෙ චිත්‍රපටි උළෙලක් වෙලාවක.

මොකද මේ වෙන්නෙ,අපි බලෙන් මිනිස්සු ශීලාචාර කරන්න යනව,පොලිසිය ලවා බලෙන් මිනිස්සුන්ට සිල් ගන්නවන්න හදනව.මේව කරල මිනිස්සු හදන්න පුළුවන් කියල හිතනවද?හරියට රබර් බෝලෙ දියයට ඔබාගෙන ඉන්නව වගෙ නේද?අපිත් පුරුදුවෙලා ඉන්නෙ ඒ නීතිවලටම අනුගතවෙලා ජීවත්වෙන්න සහ කතාකරන්න නේද?කවදද අපි අපේ ආකල්ප වෙනස් කරගන්නෙ?

 ඔය අපිට මහ ඉහළින් කතාකරන්න තියෙන ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය අවුරුදු දහස් ගණනකට පස්සෙ අපිව කොතනටද ගෙනල්ල  තියෙන්නෙ?හවස හයෙන් හතෙන් පස්සෙ කාන්තාවකට තනියම පාරෙ බැහැල යන්න පුළුවනිද අද අපේ රටේ?ඔන්න ආසන්නතම උදාහරණය වාර්තා වෙලා තියෙනව පෙරේදද කොහෙද විජේරාමෙන්.

මේ වෙලාවෙ මට මගේම අත්දැකීමක් සිහියට එනව,ඔන්න අවුරුදු දෙකතුනකට පෙර එක හවස් වරුවක මම කටුනායක ඇවරිවත්ත බස් ස්ටෑන්ඩ් එකේ පෝලිමේ ඉන්නව බසයක් එනතුරු.තියෙන බස් එක පිරිල පිටත්වෙන්න ආසන්නයි,හිටගෙන යන්න නම් පුළුවනි,හිටගෙන යන්න කම්මැලි නිසා යන අයට මාව පහුකරල යන්න දීල මම බලාගෙන හිටිය අනික් බස් එක එන තුරු.දැන් අඳුරත් වැටීගෙන එනව.

 ඔන්න මේ වෙලාවෙ හොඳින් පිළිවෙලකට ඇඳ පැළඳ ගත්තු එක සිහින් යුවතියක් බස් පෝලිමට ආව,ඇය වෙළඳ කලාපයෙ වැඩ කරන කෙනෙක් නොවන බවත් වෙන කොහේ හෝ උත්සවයකට ගිහින් තනිවම ආපසු යන බවත් මා බැලූ බැල්මටම තේරුම් ගත්ත.

ඇය හිටියෙ මඳක් කැළඹීමකින්දෝ කියලත් මට මොහොතකට හිතුණා,නැවතී මොහොතක් වටපිට බැලූ ඇය කෙලින්ම මගෙ ලඟට ඇවිත් කතාකලා.

ඇයට නුවරට යන්න අවශ්‍ය බවත් බස් එකක් තියේද යන බවත් ඈ මගෙන් අහනව බොහොම හිතවත් විදියට.
 මම කිව්ව නුවර යන බස් එකක් දැන් එන්නට නියමිතයි,එහෙම නැතිනම් මේ බස් එකේ නිට්ටඹුවට ගියත් නුවරට යන බස් එකක් අල්ලගන්න පුළුවනි කියල.

ඇය මා සමග දිගින් දිගටම කරන මේ කතාවට මම එච්චර සැළකිල්ලකින් උත්තර නොදුන්නත් මා නොදැන සිටි පිපාසිත නෙත් යුගල ගණනාවක් ඇය දෙසට යොමුවී ඇති බව මට වඩා ඉතා විශිෂ්ට ප්‍රායෝගික ඥාණයකින් හෙබි ඇය හොඳින් දැනගෙන හිටියා.

ඔය කතාව අතරේ බස් පොළට ආපු නුවර බසය මා ඇයට දැක්වූ විට ඇය දුවගෙන ගිහින් බසයට නැගගත්තා.
 ඇය එවෙලේ මුහුණදී තිබුණු අවස්ථාව අනුව ඇයට විශ්වාසය තැබිය හැකි එතන සිටි එකම පිරිමියා හැටියට කෙළින්ම මා ළඟට ඇවිත් කතාකලේ අවස්ථාවේහැටියට ඇයට ගතහැකි හොඳම ආරක්ෂක ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමක් වශයෙන් බව මට තේරුම් ගියේ බොහෝ පසුවයි.

කියාගෙන ආපු කතාව වටේ ගියා,ඉතිං මට කියාගන්න ඕනැවෙලා තිබුණෙ හොඳ හෝ නරක සහ හරි වැරැද්ද තීරණය වෙන්නෙ අවස්ථාව  අනුව මිසක් එය සදාකාලික නියමයක් වශයෙන් පවතින දෙයක් නොවන බවයි.
රස සහ වස කියල දෙයකුත් නැති බව මහා ගත්කරු ඇලෙක්සැන්ඩර් ඩූමාගෙ කවුන්ට් ඔෆ් මොන්ත ක්‍රිස්තෝ නවකතාවෙ කියවෙනවා.
එක් අවස්ථාවකදී මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පැරීසියෙ ප්‍රධාන රාජ චෝදක විල්පෝර්ගෙ බිරිඳ වන එලොවයිස් ද විල්පෝර්ට කියන විදියට...
 මැතිණිය..රසඥයෙකුට වස කියල දෙයක් නැහැ..එය ඖෂධයක් පමණයි..කියල.
තවත් තැනකදී ඔහු කියනව,
මෙයින් එක බිංදුවක් ජීවිතය බේරන මහඟු ඖෂධයක් වුණාට බිංදු දෙකක් මාරාත්මකයි.... කියල

ඉතිං රස සහ වස තීරණය වෙන්නෙත් නිරපේක්ෂව නොවෙයි සාපේක්ෂව ප්‍රමාණය අනුවයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මගේ කතාත් ඒ වගෙයි,සුද්ද කරල පෙරල හොඳ විතරක් අරං ලියන ඒව නෙවේ කියලයි,මා කතාව කියන්නෙක් පමණයි.

මට මතකයි මා සහභාගි වු විවාහ මංගල උත්සව පූජාවක් කතෝලික පල්ලියක තිබුණු,
පියතුමා මනාලියට ඇයගේ ක්‍රිස්තියානි නමින් අමතා කීවා...
......ඔබ අද මේ සිටින(මනාලයාගේ ක්‍රිස්තියානි නම කියා)ස්වාමිපුරුෂයා වශයෙන් භාරගතයුත්තේ ඔහුගේ හොඳ පමණක් නොව නරකද සමගමය.....කියල.
මනාලයාටත් මනාලිය ගැන ඒ කතාවම පියතුමා කීවා.
 

මගේ කතා දිහාත් ඒ විදියට බලන්න කියල ඉල්ලන්නෙ ඉතාම ආදරයෙන්.
 

මා ඉහත කියා ඇති දේවල් ගැන සංවාදයක් ඇතිවෙනවා නම් මා ඉතා සතුටුයි.

හෙට ගම්පහදී පැවැත්වෙන ගෙට්ටුවට මගේ සුබ පැතුම්....!!!!

33 comments:

  1. හැලප එහෙම තමා බං. සාපේක්ෂව මට නං රහයි.. නිරපේක්ෂව මෙලො රහක් නැතිව ඇති. මං දන්නෙ නෑනේ..ඔය ගොබිලයෝ ගොබිලියො කියන ඒවා තෝ අහන්න එපා.. ඕන ** ක් ලියපං.. කාලයක් ගියාම බොට තේරෙයි බේබදුකමේ ආදිනව.. හහ්හහ්හා

    ReplyDelete
    Replies
    1. I said the same thing, if you take it seriously..

      Delete
  2. මං හිතන්නේ මං තමයි හැමදාම ඔය බීම කතාව ඇදලා ගන්නේ මෙතන.. එහෙම කරන්නේ මේ කතාව ගැන හිතලා නෙවෙයි.. ඇත්ත.. මං දන්නවා ඒ කතාවෙන් බීම අයින් කරන්න බෑ කියලා.. මොකද සිද්ධ වෙච්ච දෙයක් හරියට කියන්න නම් සංශෝධන නොකර කියද්දි තමයි වදින්නේ..

    බීමට මම විරුද්ධ ඇයි කියන එක මේ කතාවලම තැන් තැන් වල පැහැදිලි වෙනවා... ඒක නිසා මට හැලපත් එක්ක වත් හැලපයාත් එක්කවත් තරහකට නෙවෙයි මං ඔය එහෙම කිව්වේ.. ( හැලප කන ගමන් මේ කොටන්නේ.. හි හි)

    එකම දේ මම හිතනවා බීමත්, බීමත්කමත් ගැන ගොඩක් තැන් වල ලියවෙන්නේ ඒක වීරකමක් කියලා පේන විදියට... ඒක වැරදියට යන්න පුළුවන් පණිවිඩයක්... ඒකට තමයි මම අකමැති වැඩිපුරම...

    සුරාවට ඇබ්බැහිවීම තමන්ට විතරක් බලපාන දෙයක් නෙවෙයි... ඒක තමන් වටේ ඉන්න අයටත් බලපානවා.. තමන්ට වඩා දුක් විඳිනවා තමන් වටේ ඉන්න, තමන්ට ආදරේ කරන අය.. ඒක නිසා බීම සාධාරණීකරණය කරනවට මම කැමති නෑ... ඒක නිසා ඔය මේකේ දාලා තියෙන කිසිම සාපේක්ෂතාවයක්වත් බීමත්කමත් එක්ක සංසන්දනය කරන්න මම කැමති නෑ... මම ඕකට අකමැති වෙන්න, බීම තදින්ම ප්‍රතික්ෂේප කරන්න මට හේතු තියෙනවා... ඒක ඉතිං මං හිතන විදිය විතරයි ..

    ReplyDelete
    Replies
    1. සුරාවට ඇබ්බැහිවීම හැමදෙනාටම අදාල නැහැ.මගේ ජීවිතයෙන් උදාහරණයක් දෙන්න පුළුවන් මා සහ සහෝදරයා එක්ව නිවසේ මත්පැන් නිපදවනවා.නමුත් විකිණීමට නම් නොවේ.අප සතුව එකවර හමුදා කණ්ඩයක් මත් කරන්න තරම් ඇල්කොහොල් තිබුනත් පහල කොමෙන්ටුවේ ලෙසටම අපි පානය කරන්නේ සතියකට වරක් පමණයි.

      Delete
  3. ඉතාම අගනා විග්‍රහයක්.මමත් සතියකට වරක් සහෝදරයත් සමඟ ගෙදර පෙරාගත් මත් පැන් ටිකක් පානය කරන කෙනෙක්.අපෙන් නම් කුහුබුවෙකුට තරම් වත් කරදර නැහැ.

    ReplyDelete
  4. අනේ මචන්ලා කියපල්ලකෝ උඹල කොහෙද ඉන්නේ කියලා මටත් සතියකට සැරයක් සහෝදරයත් එක්ක ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. සිරාවටම සෙන්නා

      Delete
    2. මචං යාලු මිත්‍රයෝ එක්ක පෙරාගත් දේ පානය කල යුගයක් තිබුනා.එත් සමහර යාලුවෝ ගමන් බෑග් එකත් අරන් ගෙදර නවතින්න ආවම වැඩේ දුරදිග ගිහින් කියලා හිතුන නිසා වැඩේ නැවැත්තුවා කියල ප්‍රචාරයක් කරා.එත් තාමත් වැඩේ කෙරෙනවා පුද්ගලික මට්ටමින්.අපේ සමහරු එක්ක මොනදෙයක් වත් කරන්න බැහැනේ.

      Delete
  5. ඕන එකක් ලියපං මාමේ.. කොහොමත් කුජීත සීන් වැඩි හරියක් වෙන්නෙ බීපුවමනෙ :D

    ReplyDelete
  6. ඇත්ත බං මේ අනාදිමත් කාලෙ ඉඳල ආපු රහමෙරනෙ....හැබැයි ඒක බේබදුකම නොවේ...ඇබ්බැහියත් නොවේ .

    ReplyDelete
  7. හැලපේ මේ තියෙන්නේ මසුරං පහේ විග්‍රහයක්. දාපං 5ක් මචෝ...ආයි මේ පෝස්ටුව එක්ක තර්ක විතර්ක මොනවත් නෑ....

    //සැරයක් ඉන්ග්මාර් බර්ග්මාන් කියන මහා සිනමාකරුවගෙ චිත්‍රපටිවල තිබුණු ලිංගික දර්ශනත් කපන්න හැදුවනෙ අපේ රටේ සිනමා විශාරදයො ඔය බර්ග්මාන්ගෙ චිත්‍රපටි උළෙලක් වෙලාවක.//
    කපන්න හැදුවා නොවේ හැලපේ කැපුවා. ෆැනී ඇන්ඩ් ඇන්ඩර්සන් කියන චිත්‍රපටය ලංකාවට ගෙනාවත් පෙන්නුවේ නෑ. එය තහනම් කළා මෙහේ ප්‍රදර්ශනය. හැබැයි දන්නවද වැඩක් ඒකේ කතා තේමාවේ කොටසක් අරගෙන තමා පස්සේ කාලෙක ගුරු ගෙදර නමින් චිත්‍රපටයක් මෙහේ හැදුනේ.
    එතකොට හිතාගන්න හැකියි නේ කට්ටිය මේක තහනං කොලේ මොකටද කියලා.
    මම බර්ග්මාන් සිනමා උලෙළට ගෙන්වු සිනමා පට 6ම බලන්න අවස්ථාව ලැබුවා.මෙහේ තහනම් කළ එකත් එක්කම.

    ReplyDelete
  8. මචං හැලපේ.
    මම උඹේ පෝස්ට් එකේ තිබුන මේ කොටසට හරිම කැමතියි.

    >>හොඳ හෝ නරක සහ හරි වැරැද්ද තීරණය වෙන්නෙ අවස්ථාව අනුව මිසක් එය සදාකාලික නියමයක් වශයෙන් පවතින දෙයක් නොවන බවයි.<<

    මමත් උඹට පහුගිය පෝස්ට් එකේ මේ වගේ එකක් කිව්වා. අඩේ උඹලට අමුවෙන් වෙච්ච සිද්ධියක් නැතිම තරම් නේ?

    මේක මම කිව්වේ එකට බොන ගමන් ෂොට් එකක් කටේ හලාගෙන මස් කෑල්ලක් හපන ගමන් "අඩෝ ඔච්චර බොන්ඩ එපා *&^%!" කියලා ලඟ ඉන්න එකාට කියනවා වගේ හැඟීමකින්. එහෙම නැතුව උඹේ බීම විවේචනය කරන්න නෙවෙයි.

    මම සිරිතක් හැටියට නොබිව්වත් අහු වුනාම දෙකක් වනා ගන්නවා. උඹත් බීමේ ආදීනව අපි උඹට කියා දෙන්න අවශ්‍ය වයසක ඉන්න එකෙක් නොවන බව මම දන්නවා.

    උඹ උඹේ කතා උඹ කියන විදියටම කියාපං. මම රෙග්‍යුලර් බොන්නෙක් නොවුනත්, බේබදු සාහිත්‍යය ඉතාම ඉහලින් අගය කරනවා. දැන් අපිට politically correct විදියට කියන්න පුලුවන් එකම ජොලි කතා Genre එක ඩෝප් සීන් විතරයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මචං හැලපේ මම මේ හලප ටැබ් එක දැන් දවස් හතරක් තිස්සෙ ඇරගෙන හිටියා උඹ මොකද කියන්නෙ බලන්න. උඹ මොකුත් කියන්නෙ නෑ වගේ නිසා මම මේක වහනවා. රිප්ලයි එකක් දුන්නාම මට පොඩ්ඩක් මතක් කරනවද? :)

      Delete
    2. ඩූඩ් මචං මම වෙන වෙනම රිප්ලයි කළේ නෑ මේකට,සංවාදය යන්න දීල මම බලා හිටියඔක්කොටොම ස්තූතියක් පොදුවෙ දමන්නයි හිටියෙ.

      Delete
  9. මම නම් තවම කතා වියි කියෙව්වෙ... ඒව පට්ට ඒ විදිය වෙනස් කරන්න ඒපා.....

    ReplyDelete
  10. කවුද යකෝ එහෙම කිව්වෙ. කුඩුකරනව මේ ඔක්කොම.

    මං මෙහෙම කියන්නම්. අර ටීවී එකෙ කොටු කොටු දානකොට පොඩි උන් ඒගැන හොයනව වැඩී. එතකොට කරල බලන්නත් හිතෙනව මොකක්ද බොල මේ කියල. ඒ වගේ මෙතන නම් කොටු දාන්න ලෑස්තිවෙන්න එපා හරිය. එකතොට අහිංසක අපිටත් බොන්න හිතෙයි :පී

    කොහොමත් මේ කතා වල රහ තියෙන්නෙ වගේම. මේ කතා බොහෝමයක් ලියවෙන්නෙත් බීම නිසා කියල මට හිතෙනව. මේව බලල කවුරුත් නරක් වෙනව කියල මං හිතන්නෙ නෑ. මං මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන්නෙ බොහොම පොඩි කාලයක් වෙන්න පුලුවන්. ඒත් මං ගොඩක් මිනිස්සු එක්ක ඉදල තියනව. හොරු, කුඩුකාරයො, සල්ලාලයො, වගේම අපරාදකාරයො, මිනීමරුවොත් ඇසුරු කරල තියනව. මං කවදාවත් එයාලගෙ නරක ගත්තෙ නෑ. හොද විතරක් ගත්ත. තමුන්ට තමුන් පාලනය කරගන්න පුලුවන් නම් කිසිම අවුලක් නෑ. මේ පෝස්ට් වලින් ගන්න හොද දේවල් ඕන තරම් තියනව.

    බීල පුටුව උඩ අහවල් කාරිය කරපු නුවර කොල්ලෙක් ගැන කිව්වහම කාටත් ඒ තරමට බොන්න බයක් මිසක් ආසාවක් ඇතිවෙන්නෙ නෑ. ඒ නිසා ලියන විදිහටම ලියන්න.
    මං නම් නිතරම ඇත්ත හංගන්නෙ නැතුව කියන කෙනෙක් නිසා මං කියවන්නත් කැමති ඇත්ත. හැමෝම එහෙම තමයි.
    ඔබට ජය.

    ReplyDelete
  11. අයියෝ මන්දා... මම බීමට විරුද්ධ උණාට හැලපයාගේ පෝස්ට් වලට විරුද්ධ නෑ. ඇයි දන්නවද එකපාරක් කියවලා ආපහු පාරක් කියවන්න තරම් රසයක් මේ ලියවිල්ලේ මට දැනෙන නිසා....

    ReplyDelete
  12. අඩෝ කව්ද ඩෝ අපේ හැලපයියට පාට්එක දාපු එකා ,
    කටෙන් අතදාලා බොක්කෙන් අල්ලලා ගහනවා බලාපිය කනපිට , (මමත් දෙකක් දාගන ඉන්නේ)

    ReplyDelete
    Replies
    1. සපත්තු දෙකක් ද? :D

      Delete
    2. නෑ නෑ ත්‍රි භාෂා අයියේ. අනිත් අය එකක් දාද්දි මූ දෙකක්ම දාල.

      ඇත්තටම අටමො දාලැයි ඉන්නේ?

      Delete
  13. බ්ලොග් එකක් ලියන්නෙ තමන්ට ඕන විදියට නිසා ඒකෙ බොන කතා කන කතා මොක තිබුණත් අවුලක් නැත. බලත්වෝ බලත්වා නොබලත්වොත් බලත්වා කියල ලියන එකයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේයා ලියන්නෙ එහෙමනේ

      Delete
  14. අනේ බං හැලපයියේ... උඹ ලියාපු ලියුං අතරේ හොදම එක මේක තමා... මේ දවස්වල කොමෙන්ටුවක් දාන්න තරං වෙලාවක් නැතිකම හින්දා නිකං හිටියට මං අනිවාර්යයෙන්ම කියවන බ්ලොග් එක තමා මේක. කියවන අය අතර එක එක කාණ්ඩේ අය ඉන්නවා.. කෙනෙකුට වැරදි දේ තව කෙනෙකුට හොදයි.. ඕක මේ ලෝකේ කොහෙත් ඔහොම තමා. අපිට මිනිස්සු වෙනස් කරන්න ඕන නැහැ... අපි වැරැදි නැහැ කියලා හිතෙනවනං අපි වෙනස් වෙන්න ඕනත් නැහැ... ජීවත් වෙන්නේ බොහෝම ටික කාලයයි.. ඒ ටික තියෙන්නේ ජීවත් වෙන්න මිස වෙන රෙද්දකට නෙවෙයි.

    මමත් කාලයක් හොදට බිව්වා.. ආයෙම කාලයක් නොබිම හිටියා... එයින් පස්සේ ආයෙම බොන කාලයක් ආවා.. දැන් අවුරුදු දෙකක ඉදන් අරක්කු බින්දුවක් කටේ තියලා නැහැ.. බියර් එකක් උනත් බිව්වේ මාසෙකට දෙහෙකට සැරයක්.. ඕනනං ඒකත් නවත්තලා දාලා හිටියැකි.

    හැබැයි මං බොන්නේ කවුරුවත් ලියන දේවල් හින්දා නෙවෙයි.. ඒ වගේම මං නොබොන්නෙත් කවුරුවත් කියන හින්දා නෙවෙයි... මට ඕන උනාම මං බොනවා.. එපානං නොබොනවා... ඒක තීරණය කරන්නෙත් මං..ක්‍රියාත්මක කරන්නෙත් මං.. කාටවත් පුළුවන්ද මට පොවන්න හෝ නොපොවන්න... කවුරු හරි හිතනවනං මේවා කියවලා මිනිස්සු බොන්න පුරුදු වෙනවා කියලා ඒ අය කියවීමෙන් මෙයිට වඩා නරක දේවලුත් කරයි එහෙනං... දැන් ඔය අපි කියවන පොත්පත්වල කොයි තරංනං තියේද ස්ත්‍රී දූෂණ කරන හැටි... මිනිස්සුන්ට වස විස දීලා මරන හැටි.මං කොල්ල කන හැටි..මිනිස්සුන්ට වලවල් කපන හැටි... හැබැයි ඒ කතාවලට සාපේක්ෂව බොන කතා තියෙන්නේ කොයි තරං අල්පවද... ඒත් මිනිස්සු එහෙමයි කියලා මිනි මර මර හෝ ගෑණූ දූෂණය කර කර යනවද පොත්වල..බත්තරවල බ්ලොග්වල තිබුනා කියලා... ඒත් එයිට වඩා කොච්චරනං අය බොනවද... එතකොට මේවා කියවලා බොන්න පුරුදු වෙන උන් ඇයි මේවා කියවලා මිනී මරන්න පුරුදු නොවෙන්නේ... බයිලා කතන්දර බං...

    උඹ ලියන විදියට වගේම උඹේ කතා මල්ලටත් මං බොහෝම ආසයි.. ඇත්තම කිව්වොත් මේ දවස්වල කියවන්න හිතෙන බ්ලොග් කීපය අතරින් මටනං උඩින්ම තියෙන්නේ උඹේ මේ හැලප බ්ලොග් එක... කාලෙන් කාලෙට මේ බ්ලොග් අවකාසේට කියවන්න අතීතයෙන් කතා බතා හැලි ඕපාදූප වගේ දේවල් අරං එන උදවිය ඉන්නවා... මමත් එහෙම කියවන්න දේවල් මල්ලේ දාගෙන මේකට ආව එකෙක් හැටියට මං එන්න කලින් හිටිය හා මට පස්සේ ආව අය අතරේ එහෙම හෑලි තියෙන උන් ගැන මං හොදට දන්නවා... අපි හැමදාම මෙතන නොයින්න පුළුවන්.. ඒත් ටික දවසකට හරි මේක පෝෂණය කරන්න අපි දායක වෙනවා... ඒ අතරේ මේ දුවන්නේ උඹ...අටමා වගේ කිහිප දෙනෙක් අතින් හැලි හැලෙන කාලයක්... මේ ටික කිව්වම සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් හරි මාත් එක්ක අමනාප වෙන්නත් පුළුවන් “ඇයි උඹලා විතරද ලියන්නේ“ කියලා.. ඒත් කවුරු තරහා වෙයිද කියන එකට වඩා කියන්න තියෙන දේ නොකිව්වොත් ඒක මගේ කුහකකම... ඒ හින්දා මංනං කියන්නේ දිගටම ලියපං.. මේ උඹේ කාලේ...

    මිනිහා කියන සතා ඇතුලේ දෙවියෙක් වගේම යකෙක් ඉන්නවා... එහෙම නැති මිනිස් සත්තු ලොකේ නැහැ... උඹලා අපි එහෙම මිනිස් සත්තු... සුචරිතවාදී අස්ප ඩයල් නෙවෙයි...

    තව තවත් හැලප හලාගෙන පලයං අයියේ...

    ReplyDelete
  15. මට ඔබගේ බ්ලොග් එක මග ඇරිලා . මාරයාගේ මුණු පොතේ ලින්ක් එක දැක්කම ආයේ මතක් වුනේ.

    බ්ලොග් රෝලට දා නොගත්තොත් මට මග ඇරෙනවා . ඒ නිසා ඔන්න බ්ලොග් රෝලේ දාගෙන හිමිට කියවන්න පටන් ගත්තා .

    හැලප දැක්කම මට ඔබා මාමව තමයි මතක් වෙන්නේ .

    ReplyDelete
  16. කාලෙකින් හොද බ්ලොග් පෝස්ට් එකක් බැලුවා.
    ස්තූතියි..

    ReplyDelete
  17. සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් මුල ඉඳන් කියෙව්වා... ඔබා මාමවත් මතක් වුනා.. ලිවීම නියමයි ලොකු අයියේ..

    ReplyDelete
  18. කමෙන්ට් කල ඔබ සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  19. බිම ගැන මගේ මනාපයක් නැති වුනාට මාමාගේ කතා නම් රසවත් ඈ... ඒක මං මුල ඉදන්ම කිව්වනේ..... බොන අය නරකයි කියනව නෙමෙයි නමුත් නොබොනවානම් වඩාත් හොදයි.

    අහ්හ්... අනික මේ පෝස්ට් එක හෙනම හොදයි.... මගේ හිතට වැදුණු කරුණු ගොඩක් තිබුනා....

    මේ දවස් ටිකේ පෝස්ට් ටික මග ඇරිලා... හිමිට කියවන්න ඕනි.....

    ReplyDelete
  20. ලියන්නෙ ඔබ නම්...බ්ලොගිය ඔබේ නම් ඔබට කැමති දෙයක් ලියන්නට හැකියි... ඔබේ පාඨකයන් විදියට අපට ඉල්ලීම් කරනු මිස බලපෑම් කරනු බෑ... මේ සමාජයේ සුදු පමණක් තිබුනා නම් අප කලු කියන දේ හදුනාගන්නෙ නෑ...කලු හදුනාගත්ත නිසා තමයි සුදු වලට වැඩි අගයක් ලැබුනෙ... හිතට එන දේ අවංකව ලියන්න... බාධක යොදලා, අතර මගින් ෆිල්ටර් කලොත් එහි රසය මොට වේවි.

    ReplyDelete
  21. මගේ අතීතය ගැන මතක් කරද්දි ආයි ආයි මතක් කරන්න ආස වෙන විදිහේ සියළුම සිදූවීම් වලට බෝතලයක් සම්බන්ධයි බීමක් නැතුව එහෙම මතකයේ හිටින දෙයක් සිදුවෙලා නැහැ මට නම්.

    ReplyDelete
  22. පරක්කු වෙලා දැක්කා උනත් ඉතාම වැදගත් ලිපියක්

    ReplyDelete
  23. beema dirawnne nathi unata oni magulak karagganna kityapn bn. apiwage oni tram bebaddo kamathi ube katha walata

    madaa..

    ReplyDelete

ඔබේ අදහස්