Sunday, January 20, 2013

19.ආගන්තුක සත්කාරය



අපේ සැට් එකේ හිටිය ආරිගෙ අයිය තමයි නිළමෙ,එයාගෙ රස්සාව අතුරු මැදිල්ල.මුලින් මුලින් මීගමුව,කටුනායක,පමුණුගම පැත්තෙ මුදලාලිලගෙ අතුරුවල වැඩ කරල ඊට පස්සෙ ගමට ඇවිත් නිළමෙලගෙ තාත්තගෙ ඉඩමක අතුරක් පටන් ගත්තා.ඒ ඉඩමෙම ගේකුත් හදා ගත්ත ගෙයක් කිව්වට වාඩියක් වාගෙ.
ලස්සන තැන වෙල්යායක් අයිනෙ ඇළක් ළඟ.අපට නං ඔය ගේ හරිම සනීපදායක තැන.

නිවාඩු දවස්වලට අපි යනව නිළමෙව බලල එන්න,රාවෙළඳාමෙන් නිළමෙට සරුයි,අපි කොල්ලො කට්ටිය ඈත එනව දකිනකොට රා පොළේ ඉන්න ඔය උඩුගම පැත්තෙ අප්පුහාමිල ටික ඉක්මන් කරල රා කටු දෙක තුන වක්කර ගන්නව,උඹලට තේරෙන බාසාවෙන් කිව්වොත් ළඟ නමනව.මොකද එයාල දන්නව අපි ගිහාම නිළමෙගෙ රා කළගෙඩි ටික ඔක්කොම ඉවර කරන විත්තිය.

රා වලින් එන ගාන මදි හින්දද මන්ද නිළමෙය ඒ දවස්වලම රා වලින් සුදුව පෙරන්න ගත්තා.ඒ ගේ ළඟ ඇළ අයිනෙ බඩවැටියෙ,පෙරන බඩු සුපිරි නිසා ඒකෙන් මිනිහට හොඳ ලාබයක් සතිපතාම ආව අපිටත් හොඳයි.

ඔන්න එක නිවාඩු දවසක දවල් දහයට විතර පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ කොට්ටං ගහ මුලට කට්ටිය එකතු වුණේ කිසිම අරමුණක් ඇතුව නෙවෙයි.අපි ඔතන කතා කර කර ඉන්නකොට ගුරුගෙ ආව උගෙ නුවර යාලුවෙක් එක්ක,යාලුව දෙයියන්නෙවෙල නම මොහොමඩ්.
දැන් කට්ටිය කතා කරනව මොනවද කරන්නෙ කියල.අන්තිමේදි නොදැනුවත්වම වාගෙ පය එසවුණේ නිළමෙව බලන්න යන්න.

අපි ටික ගොඩේ පාරෙන් ගිහිං රාළහාමිගෙ වත්තෙන් පැනල නිළමෙගෙ කෑල්ලට ගොඩවුණා,කට්ටියව සතුටින් පිළිගත්තු නිළමෙ අපේ ඉස්සරහින් අටේ කෑන් එකක් ගෙනත් තිබ්බ.අපට හිනා මෙච්චර බොන්න පුළුවනෑ,

මේක බීයැහැකිද නිළමෙ....අපි ඇහුව,

බීල බලමුකෝ....ඒ නිළමෙය,

එකක් වක්කරගත්තහම තමයි තේරුණේ මේක නිකම්ම එකක් නෙවේ ඉස්පිරිට් කෑන් එකක් කියල,තව ඒ වාගෙ තුන් ගුණයක් කළවං කරන්න පුළුවනි.

මූ අපට කෙළවන්නයි හදන්නෙ.. චුට්ට චුට්ට බීල යන්ඩ යමු කියල අපි කතාවුණා,ඒ මදිවට කන්න ගෙනත් තිබ්බෙ අච්චාරු,ඌ උයන කරන එකක්යැ.

පොඩ්ඩ පොඩ්ඩ පටං ගත්තු බීම ඉවර වුණේ අටේ කෑන් එක හිස්වුණාම,
ඉස්සෙල්ලම අබේ වැටුණ දඩහ් ගාල...

ඒ ගමන අබයව පොල් අත්තක් උඩ තියල තව පොල් අත්තකින් වැහුව අව්ව වැටෙනවට.
වියපු පොල් අතු  තිබුණ නිළමෙයගෙ ගෙදර කට්ටියම වැටුණත් ඇතිවෙන්න.

එනකොට කුරුල්ලො රෑන වාගෙ එකට ආපු කොල්ලො ටික ඔලුව හැරුණු අතේ විසිරිල ගියෙ පුවක් වල්ල පොළොවෙ ගැහුව වාගෙ.

 මාත් කොහොම හරි ගමට ඇවිල්ල තිබුණ,ගුරුගෙල එක්ක වෙන්න ඇති, හවස ඇහැරිලා සිහි එලවගත්තු මම වටපිට බලනකොට හිටියෙ ගුරාලගෙ කාමරේ බිම.
දැං මට ඇහෙනව ගුරා වෙරිමරගාතෙ දොඩෝනව.බැලුවාම අතකුත් කණට තියාගෙන, ඒ ටෙලිපෝන් එක වෙන්න ඇති මූ කෑම ඕඩර් කරනව රෙදි මෝලෙ ගෙස්ට් හවුස් එකෙන්.මොහොමඩ් ගොරෝනව,මම නැගිටල ගෙදර ගියා.

ඊට පස්සෙ කාමරේ වෙච්චි දේවල් පස්සෙ දවසක මට විස්තර කළේ නෙල්සන්.ඌ නැවතිල හිටියෙත් ඒ කාමරේමයි,මිනිහ රෑ එකොළහට වැඩ ඇරිල ඇවිත් නිදාගෙන,උදේ නැගිටිනකොට කාමරේ ඉන්න බෑලු ගඳ.බැලුවාම අලි විසාල බෙට්ටක් හාන්සි පුටුව උඩලු.

 නෙල්ස කල්පනා කළාලු කොහොමද යකෝ මේක පුටුව උඩට ආවෙ කියල,පස්සෙ ඔන්න ටික ටික කාරණාව වැටහිලා.
ඔය මොහොමඩ්ල ඉන්න පේළි ගෙවල්වල තිබුණෙ බාල්දි වැසිකිළි,ගිහිං උඩට නැගල තමා ඉඳගන්න තියෙන්නෙ.
මොහොමඩාට රෑ වැසිකිළි යන්න ඕනැවෙලා නැගිටල යනකොට හාන්සි පුටුවෙ හැප්පිල කෙළින්ම හාන්සි පුටුවෙ ඇඳි දෙකට නැගල වාඩිවුණු මොහොමඩ් ඒ කාර්යය කරල ආපහු ගිහිං නිදාගෙන.
ඔන්න ඔය විදියට තමයි නෙල්සන් සිද්දිය අර්ථ නිරූපණය කළේ.

ඒ ගමන ගුරුගෙව ඇඳෙන් බිමට ඇදල දාපු නෙල්සන් වැඩේ ඌටත් පෙන්නල,මොහොමඩාට බැණුම් කෝටියයි.ඇයි යකෝ රෙද්දක් ඇඳගෙන පාරක බැහැල යන්න පුළුවන් වැඩක්ද මේකා කරල තියෙන්නෙ.

තොපිම හෝදගනියව් කියපු නෙල්සන් කාමරේ පැත්තකවත් ඉන්නෙ නැතුව එළියට බැහැල ගිහිං.

ගිහිං ඌ නිකාහිටියෙ නෑ කතාව ඔක්කොටොම කියල.අනේ ගුරාගෙ ඉහේ උකුණො බිමට පනින වැඩක්නෙ සිද්දවුණේ ඉඳල ඉඳල.

පහුවදා උදෙන්ම ඇහැරුණු මම තේ එකක් විතරක් බීල වැඩට ගියා.උදේට කන්න ගියා,මොන...මක්කොරලවත් කන්න බෑ උගුර දනව වනේ වාගෙ. 
 ඊයෙ බීපුවගෙ සැරට උගුර පිච්චිලා,
 
ඒ ගමන ඩිස්පැන්සරියට ගිහිං පාමසිස්ට් කෙනෙක් හිටිය සිල්ව කියල..පොරට කියපුවාම බේත් පෙති වගයක් දුන්න බොන්න.
දීල පොඩි සවුත්තුවකුත් දැම්ම..
ඕක තමයි කියන්නෙ බැරි වැඩ නොකරං අබරෝ...... කියල.

32 comments:

  1. අනේ සාදු.. ! ඉතිං ඔහොම උනයි කියල බොන එක අතැරියාඅද ?

    ReplyDelete
  2. අරුගේ -ක මහන්ඩයි තිබ්බේ අල්ලලා

    ReplyDelete
    Replies
    1. පව් අටමො උගෙ ඉස්සරහ පැත්තෙත් තුන්කාලයි නෙ

      Delete
    2. උඹටත් ඉතිං මැහිල්ල කිව්වොත් නං...

      Delete
  3. තව කී වතාවක්නම් නිළමෙ ලඟට යන්න ඇතිද ? :)

    ප්‍රොෆයිල් පික්චර් එක දැක්කම නම් පරණ යාළුවෙක් මතක් වෙනවා. (මම කලින් මෙහෙ ඇවිත් තිබුනත් කමෙන්ටුවක් කොටන්නේ පළමු වතාවට.)

    ReplyDelete
    Replies
    1. නිළමෙය වැඩේ අතඇරල දාල යනකන් අපිත් ඌ එක්කම හිටිය,හෙවනැල්ල වාගෙ

      Delete
  4. deiyannewela nam inne lesi puthayo nemei. Dan nam tikak e gathiya adui. Aru nam ehema ekek wenna be. Apahu hambune nethda konakapalaya.

    ReplyDelete
    Replies
    1. දෙතුන් සැරයක් ඒ දවස්වල මුණගැහුණා,ඒත් දැන් අවුරුදු 30කින් විතර දැක්කෙ නෑ.ගුරුගේ නම් පහුගිය අවුරුද්දෙ මළා.

      Delete
  5. ඔහ් මරු කතාව ඒක ඈ... අතීත මතක...මාත් කලියෙන් ආවට අද තමා කොමෙන්ටුවක් දැම්මේ ඕන්.. ජය වේ! දිගටම ලියන්ට...

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි,ජයවේවා.

      Delete
  6. ඇඩෙනෝ...
    මොහොමඩා තමා බුවා ඈ....

    ReplyDelete
    Replies
    1. මොහොමඩාව පහුවදා එලවල ගුරා

      Delete
  7. හයියෝ. මට නිකං ගඳ දැනෙනවා වාගේ. අඩේ මෙහෙ නම් ඔය ජාතිය බොන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි නං ඒ කාලෙ ලැබෙන දේ බිව්වනෙ.

      Delete
    2. නෑ බං මං කිව්වෙ මෙහෙ ඉන්න මුස්ලිම් කට්ටිය බොන්නෙ නෑ කියලා.

      Delete
    3. බොන්නෙ නෑ නෙවේ බං හොඳට බොනවා,බොන්නෙ නෑ කියල කියනව විතරයි.

      Delete
  8. බෙට්ට මතක් වෙන කොට ගද එනවා බං.. පුදුමයි අරූ අටම මොහොමඩාට මුකුත් නොකිය හිටිය එක... හැක්... හැබැයි පුතෝ උඹල ගානට වැඩියි... ලොකු කමක් නෙමෙයි ඕක.. හරිය...

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ ගාණට වැඩිකම,බීපු එකද?

      Delete
    2. බීපු එක නෙමෙයි යකෝ බැරල් එකේ බැහැගෙන නාගෙන බීපු එක...

      Delete
    3. ආ ඒකද,මොනව කරන්නද බං මුං බොනකොට බොනවනෙ සත්තු වගේ.

      Delete
  9. මොහොමඩාට ඒක උඩට නගිංන හරි සිහියක් තිබුණ ඇති.

    ReplyDelete
    Replies
    1. ඕකා ඔයවැඩේ බිම කළානම් මට කතාවක් නෑනෙ

      Delete
  10. අදත් බීමක්.. චික්.. මේ වගේ සත්තු ජාතියක්....

    ReplyDelete
    Replies
    1. කියවනකොටත් වෙරි වගේද හිරූ

      Delete
  11. ඔය බාල්දි කක්කුස්සි වෙනුවට ජල මුද්‍රික වැසිකිළි මුලදිම හැදුවනම් අපේ රටේ මේ මොහොතේ තියෙන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. චුට්ටක් තව පැහැදිලි කළානම් හොඳයි නේ සුමිත්.

      Delete
  12. හපොයි.... හොදම වැඩේ ඔය දහ ජරාව බොනවට......

    ReplyDelete
    Replies
    1. හැබැයි සමනළී සමහරු නම් කියන්නෙ දහ ජරාව කියල නෙවෙයි,සුමිහිරි පානේ කියලයි.

      Delete
  13. ඔන්න රා වල තරම පුටුව උඩ. දැන් ඉතිං හෝදපන්කො‍..

    ReplyDelete
  14. මටත් පුදුම ආසාවක් තියෙනවා ඕවා බීලා බලන්න. ඒත් තාම විශ්වාස තැනක් හම්බ වෙලා නැහැ ගන්න. ඒක නිසා බොන්න ලැබිලා නැහැ.

    ReplyDelete
  15. පලතුරු කියලත් තියෙනවා නේද ජාතියක් මම ඇහුවමයි රා වලින් සුදුවා පෙරනවා කියලා

    ReplyDelete

ඔබේ අදහස්