Tuesday, January 1, 2013

09.පංති සටන...2


 



පූර්ණකාලිකයා කියන ලස්සන වචනයෙන් හැඳින්වුවත් නියම වචනය හිඟන්නා කියලයි මට නම් හිතෙන්නෙ.ඒත් හිඟන්නා කියන්නත් බෑ,අද හිඟන්නො තමයි ලක්ෂපතියො,හැබැයි පුලන්නා කිව්වොත් බොහෝදුරට හරි මගෙහිතේ.මොකද අවශ්‍යතාව තියෙනවා ඉල්ලන්න බෑ.
 
හැබැයි ඒ අය නම් කියාගන්නෙ පූර්ණකාලිකය කියන්නෙ පංසලේ හාමුදුරුවො වගේ චරිතයක්  කියල,ඒත් එහෙම හිතන එකත් ටිකක් අප්සෙට්.මොකද හාමුදුරුවන්ට ඉන්න පංසලක් තියෙනවා,සමහර හාමුදුරුවරුන්ට වාහන තියෙනව,ඉඩකඩම් තියෙනව,ඒ නිසා පුලන්නා තමයි හරි වචනෙ.

ඉතිං අමිලත් පුලන්නෙක් වගේ ඔය ගෙදරට වෙලා ඉන්නවා.ඒ ගෙදර තුන් වේලටම කෑමට තියෙන්නෙ මාලු.එක එක ජාතියෙ මාලු එක එක පිළිවෙලට හදල,එලවලුවක් කියල ලැබෙන්නෙ ඉඳල හිටල තියෙන මුරුංගා හොද්ද තමා.හැබැයි අපේ පලාතෙ වගෙ නෙවෙයි,ඒ පැත්තෙ කාන්තාවො හදන මාලු හොද්ද හරිම ඇඹුල්.කොච්චර ඇඹුල්ද කිව්වොත් දතුත් හිරිවැටෙන සයිස්,ඇඹුල් රසම මිසක් මාලු රසක් නෑ(ළඟදි මිනිහ අපේ ගෙදරදි මාලු කූරියෙක් ඉව්වා හොද්ද ඇඹුල්ම ඇඹුල්)
 
මේ ගම්වල ධීවරයො තමුං බොට්ටුවල ගිහිං අල්ලං එන මාලු ගෙදර කෑමට ගන්නෙ නෑ කිසි රසක් ගුණක් නෑ කියල.ගොඩ ඇවිත් දැල් කෑල්ලකුත් අරං ආපහු මූදට යනව ගෙදර හොද්දට මාලු කූරයියො හත් අට දෙනෙක් අල්ල ගන්න.

අමිලත් මේ ගමට ඇවිත් දැන් ටික කාලයක් වෙනවා හැබැයි තාම කිසිම ධීවරයෙකුට කොක්කක් ගහගන්න බැරිවුණා මොකද ඒ අය මූදෙ ගිහින් මාලුන්ට කොකු ගහල ගහල ගෙදර එන්නෙ ඇඳට වැටෙන්න බලාගෙන...

ඔන්න ඉතිං ගමේ අය රස්සාවෙ ගිහිං ගොඩ එන වෙලාවට මේ පූර්ණකාලිකයත් වැල්ල පැත්තෙ පෙනී ඉන්නව,ධීවරයොත් එක්ක සුහදව හිනාවෙලා ඒ අයත් හිනාවුණොත් කතා කරන්න තරම් සුහදත්වයක් ගොඩනගාගන්න.



 

ටිකක් දවස් මෙහෙම වැල්ලෙ රස්තියාදු වෙච්චි අමිල එක්කෙනෙක් දෙන්නෙක් එක්ක කතා කරන්න තරම් සුහදතාවක් ගොඩනගාගන්නව කොහොමහරි.

බොහොම පරිස්සමින් දවසක් අමිල මේ එක්කෙනෙකුට කිට්ටු කරල,

අයියෙ,අපේ අලුත් ව්‍යාපාරය ගැන පොඩ්ඩක් කතා කරමුද වෙලාවක?

ආ..හරි හරි මහත්තයො හැබැයි ඉතිං ඉරිදට තමයි අපේ නිවාඩු දවස....ඉරිදා දවාලක එන්නකො..

ඊළඟ ඉරිදා දවල් අමිල අර ධීවරයගෙ ගෙදර ගියාම එයා අමිලව ආදරයෙන් පිළිගන්නව.හැබැයි එයා එතකොටත් ඉන්නෙ සෑහෙන්න අනුමත වෙලා.අමිලටත් රාත් එක්ක මාලු බයිට් එකක් ලැබෙනවා.

අපි ඉතිං ඉරිදට මෙහෙම තමයි මහත්තයො,නිවාඩු දවසෙ සරීරෙට සැපක් දෙන්න එපායැ...

අමිලත් මේවයින් පසුබට නොවී අලුත් පක්ෂය ගැන නිර්ධන පංතිය ගැන සූරාකෑම ආදී වශයෙන් ලොකු විස්තරයක් කරනවා.ධීවරයත් ඇස්දෙක උඩ තියාගෙන අහගෙන ඉන්නවා,අමිලටත් හිතට හොඳයි.

ඉතිං නිර්ධන පංතිය රජකරවීම යුගයේ මූලිකම අවශ්‍යතාව,ඒ සඳහා අපි කැපවී වැඩකරනවා කියල අමිල එයාගෙ දේශනය අවසාන කරනවා.

එතකොට ධීවරය කියනව,

අපි ඉතිං ඔයවාගෙ දේවල් දන්නෙ නෑනෙ මහත්තයො...අපට ඕවගෙ තේරුමක් නෑ.ඒක නෙවෙයි..මාලු තියෙනවා, යනකොට අරං යන්න.


ප.ලි.
      සියලු සිතුම් පැතුම් ඉටුවන සතුට සාමය උතුරන
      සුබම සුබ නව වසරක් වේවායි ප්‍රර්ථනා කරමි..

13 comments:

  1. සුබ නව වසරක් ප්‍රාර්ථනය කරනවා ඔබටත්
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. පැමිණීමගැන බොහොම ස්තූතියි,ඔබටත් සුබ නව වසරක්

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න හැලප කඩේ හෑම අස්සක් මුල්ලක් නෑර කියෙව්ව. හොඳට ලියල තියනව. පංති සටන පලමු කොටස තමයි හොඳම. උපහාසය නියමෙට තියනව. පබ්ලිසිටියක් දෙන්න වටින බ්ලොග් අඩවියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්, ඔබේ අදහස් ගොඩක් අගය කරනවා

      Delete
  3. අමිලයා පව් කියලත් හිතෙනවා.... ඌට ඉහළින් ඉන්න උන් කෝටි ගණන් වලට ඒ පැත්තෙන් මේ පැත්තට බල්ටි ගහනකොට උන් අනාථයි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සිරා,ඒත් එයලගෙ ඇස් වැහිලනෙ තියෙන්නෙ

      Delete
  4. ඕං මුල ඉඳලා අගටම කියෙව්වා... කියවන්න ආස හිතෙන ශෛලීයක්... ඒ වගේම කතාවලට හොඳ අමුද්‍රව්‍ය තොගේකුත් තියෙන හැඩයි... ඇත්තම කිව්වොත් මට සනත් අයියා මතක් උනා... පින්තූරෙත් ටිකක් ඒ වගේනේ...

    රුසියන් පොත් පත් කියවනකොටනං මටත් පොඩි කාලේ ඔහොම උණක් තිබුනා... ඒත් පහු කාලීනව අපේ විප්ලව කාරයෝ කරන වැඩ දැක්කම මට රුසියන් විප්ලවෙත් එපා උනා... උන් හරිද මුං හරිද.. අනේ මංදා... එක්කෝ රුසියාවට වැරදිලා...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකෙ පතාක යෝධයොත් මගෙ පුංචි බ්ලොගේට ගොඩවෙනකොට දැනෙන සතුට අසීමිතයි,
      විප්ලව කාරයො ගැනනම් කියල වැඩක් නෑ මල්ලියෙ,ඒ ගැන කතා නොකර ඉමු.
      වසර ගාණක ජීවිත අත්දැකීම් ඔබලාගෙ සහයෝගයෙන් ඉදිරියට ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

      Delete
  5. කියල වැඩක් නෑ.. අපූරුයි..

    ReplyDelete
  6. ධර්මසේන පතිරාජා ගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ විමල් කුමාර් කොස්තා රඟපෑ චරිතය සිහිවිය!

    ReplyDelete
  7. පංති විඥානයේ දුර්වලතාවද මේ ??

    ReplyDelete
  8. පංති සමාජයේ පවතින පංති ප්‍රතිවිරෝධතාව සමාජ විඥානය තුලින් ප්‍රකාශයට පත්වීම සහ තමා වටා ඇති වාස්තවික යථර්තයේ කැඩපතක් වන පුද්ගල ව්ඥානය මෙ මගින් පැහැදිලි වෙයි......

    ReplyDelete
  9. මල කෙලියයි. අමිලගේ දේශපාලනේ...............

    ReplyDelete

ඔබේ අදහස්