Friday, January 11, 2013

15.චූටිගෙ කතාව...1



අපේ මහගෙදර වත්තට අල්ලපු වත්ත තමයි චූටියලගෙ වත්ත.චූටිගෙ තාත්ත ගුණරත්න මාමා හිරගෙදර ජේලර් කෙනෙක්,අපේ මහප්ප එහෙම එක්ක එකට අඩි ගහන්නෙ කඩේ ගාව.

අලුත් අවුරුද්දට අපේ ගේ ඉස්සරහ පේර ගහේ බඳින ඔංචිල්ලාව පදින්න චූටිය දුවගෙන එන්නෙ සමනළයෙක් වගේ.

ඒ කාලෙ ඉඳන්ම චූටියට කතාකරනකොට පොඩි ගොතයක් තිබුණා.
මට මේ කතාව කිව්වෙ ආරි,

 ඔය ආරිලගෙ වත්ත පහළ තියෙන විශාල වෙල්යාය වැහිකාලෙට එකම ජලාශයක්,වතුර බැහැල යනකොට ඇල නියරෙ ලොකු කඬාඩු කීපයක්ම කැඩිල,ගස්වැටිය ලඟින් ඇවිත් චූටියලගෙ වත්තට ගොඩවෙන්න තියෙන මහනියර හැම ලොකු වැස්සකටම කැඩිල විශාල වලක් හෑරෙනවා.

ඔය වලේ  තිත්තයො අල්ලන්න උන්ගෙ අයිය උක්කුං මහත්තයත් එක්ක ගිය චූටිය වලට වැටිල.මූ පොඩියිනෙ,කුකුල් පැටියෙක් වගේ  දැන් යට යනව,උඩ එනව,උක්කුං මහත්තයට කරකියා ගන්න දෙයක් නෑ,උඩ එන ගානෙ මූ අය්යට කෑගහනව,

ග..ගං.. #කෝ  ගං.. කියලා

එතනින් එමින් හිටපු ආරි තමයි මේක දැකල චූටියව ගොඩදාල තියෙන්නෙ.

ඒ දවස්වල ආරි මාවයි උක්කුං මහත්තයවයි එක්ක රේල් පාරෙන් එහා පැත්තෙ මහඇලට යනව පීනන්න,ඒ දවස්වල අපිට පීනන්න බෑ,ආරි තමයි උගන්නන්නෙ,අපි යන්න ලෑස්ති වෙනකොට චූටිය පොරකකා අඬනව අපිත් එක්ක එන්න,ඒ වුනාට ඌ ගොඩක් පොඩියිනෙ,දවසක් නං ඇලට බහින්නෙ නෑ කියල පොරොන්දු වුණු හින්ද එක්කං ගියා,දැං අපි නානව, චූටියත් ඇඳුම් ගලවල ඇලට බහින්න හදනව,අපි කිව්ව පොරොන්දු වෙලා ආපු හැටියට ගොඩ ඉඳපං කියල.


 අපි නාල ගොඩ ඇවිත් බලනකොට චූටියත් නෑ ගොඩ තිබුණු අපේ ඇඳුනුත් නෑ,බලනකොට මූ අපේ ඇඳුම් ඔක්කොම ඇලට දාල තනියම ගෙදර ගිහිං.

තාත්තත් එක්ක කිය කිය අඬනවලු...

ගංවතුරක් ආවොත් උං ටික පීනල ගොඩ යයි,මාව තමයි වතුරට අහුවෙලා මැරෙන්නෙ කියල..

ගුණරත්න මාම කිව්වලු ....

උඹ බය නැතුව ඉඳපං...අපි ටයර් එකක් දාල හරි උඹව බේරගන්නව කියල

 පස්සෙදි ගමේ පොඩි සැට් එකට චූටියත් එකතු වුණා,1981 අවුරුද්දෙ අපි ගමේ කොල්ලො කට්ටිය නැගෙනහිර පළාතෙ දවස් හතරක ට්‍රිප් එකක් ගියා.ඔය ට්‍රිප් එක යන්න චූටියල ලෝකල් බූලියක් පෙරා ගත්ත ඔය පළතුරු ජාති ඉරිමුසු වැල්මී එහෙම දාල,හැබැයි පෙරද්දි පොඩ්ඩක් ගෝඩ ගහල පොඩි අවපාටකුයි කහට රහකුයි තිබුණත් පොඩ්ඩක්වත් අහක ගියේ නෑ,බස් එකේ පිටිපස්සෙ සීට් එකේ හිටපු චූටිය කටකපල කෝප්පෙකට සුදුව දාගෙන බිව්වෙ කසාය බොනව වගේ.

ට්‍රිප් එකේ අන්තිම දවසෙ ත්‍රිකුණාමලේට හැතැක්මක් විතර තියෙද්දි අපේ බස් එක කැඩුණ,පස්සෙ ගරාජ් එකක වාහනේක අපි බඩු ටිකත් පටෝගෙන ත්‍රිකුණාමලේ විශ්‍රාම ශාලාවකට ගියා,ඒක පිටිපස්සෙ නිලට නිලේ අපූරු කළපුවක්,ඔය කළපුවට පැනල පැය ගාණක් දඟලපු අපි ගොඩ එද්දි හොඳටම බඩගිනියි,දවල්ට කන්න හදාගෙන ආපු කෑම ටික කල්දේරම් වහන බාජනවල පියන් වලට දාගෙන කනකොට පුදුම රහක්.මේ ළඟදි ට්‍රින්කො ගිය වෙලාවෙ මම ඔය අපි හිටපු විශ්‍රාම ශාලාව බලන්න ගියා,අනේ දැං ඒක ළඟටවත් යන්න දෙන්නෙ නෑ ආමි කෑම්ප් එකක්

 ට්‍රින්කෝ වලින් රෑ 8 ට පිටත් වුණු කෝච්චියෙන් අපි ටික එනකොට උදේ පහමාර විතර වුණා.  කල්දේරම් ටිකත් උස්සගෙන අපි පයින්ම ගෙවල්වලට ගියා.

ඔය මහ ජයට අපේ ගමේ වෙසක් සැරසිලි කරන කාලෙ,වෙසක් බලන්න එන සෙනග අපේ ගමට ඇදෙන්නෙ එකවැලට.ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම්.

ඔන්න එක අවුරුද්දක වෙසක්වලට අපි ගමේ ගහපු සැරසිල්ල පොසොන් වලට නෙල්සන්ලගෙ ගමට ගෙනිහිං පෙන්නන්න ලෑස්ති කලා.

ඒ කාලෙ මගෙහිතේ 1983අවුරුද්දෙ වෙන්න ඇති,ජූනි මාසෙ,ජූලි කලබල වලට කලින්,එතකොට මාත් රස්සාව කරනව,ඉතිං කට්ටිය වෙසක් සැරසිල්ලත් ලොරියක පටවගෙන නෙල්සන්ලගෙ ගමේ ගියා.

 යනකොට කට්ටිය තමුන්ටම දාගත්තු කොන්දේසියක් තමයි වෙසක් සැරසිල්ල හදල ඉවරවෙනතුරු බොන්න බෑ කියල,ලොරියෙ ගිය කට්ටිය එක්ක මට යන්න වුණේ නෑ,නිවාඩු නැති නිසා,මම සම්බන්ධ වුණේ ඕක පෙන්නන්න සතියක් විතර තියෙද්දි,මොකද මම නිවේදන කටයුතු කරපු නිසා.ඔය මුල් දවස්වල වෙච්චි දේවල් මට කිව්වෙ නෙල්සන්.

ඔය වෙසක් සැරසිල්ල ගහන්න ලෑස්ති කරල තිබුණෙ නෙල්සන්ලගෙ මහගෙදර ඉස්සරහ තිබුණු ළඳු කැලෑවෙ, ඒකෙම තරමක ශාලාවක් තිබුණු නිසා කට්ටියටම නවාතැන් ගන්නත් පුළුවන් වෙලා.

 ගියදා ඉඳන් පිටින් ගමට ආපු අමුත්තන්ට සලකන්න නෙල්සන්ලගෙ ගමේ අය පෝලිමේ ආවත් අර දාගෙන ආපු කොන්දේසිය තමා හරහට හිටල තියෙන්නෙ.

ඔහොම තියෙද්දි චූටි එක හැන්දෑවක අතුරුදහන් වෙලා,ගමේ යාලුවො කීප දෙනෙක් මහ රෑ මිනිහව ගෙනත් ඇරලන කොට චූටිය හිටියෙ හොඳටම බීල.

ඔය විදියට චූටි කොන්දේසිය කුඩේ කුඩු කරපු නිසා ඊට පස්සෙ කට්ටිය තම තමන්ට කැමති විදියට බිව්ව කියලයි නෙල්සන් කිව්වෙ.

රෑට වැඩ ඉවරවුණාම නෙල්සන්ලගෙ අයියගෙ වෑන් එකේ නගින අපි වැල්ලට යනව කකුළුවො අල්ලන්න,රැළට උඩ එන මේ කකුළුවො කවුරුහරි දැක්ක ගමන් වැල්ලෙ ගුල් වලට රිංග ගන්නව,ඈත ඉඳන්ම පොල්ලකින් හරි හනස්සකින් හරි මුංව පෙරලල තමා අල්ලගන්න පුළුවන්.

උරයක් පුරෝල කකුළුවො අල්ලගන්න අපි ආපහු ඇවිත් හොඳට හොද්දක් හදනව රෑට කන්න,චූටි මේ හොද්දට හරි මනාපයි.
 වැඩිපුර කකුළුවො අහුවුණු දවසක චූටි කකුළු උරයක් ගැටගහල පැත්තක තියල පහුවදාට කන්න වෙරි පිට,පහුවදා උදේ පැත්ත පළාතෙ ඉන්න බෑ ගඳ,උරේ පිටින්ම ගිහිං දැම්ම ඇලට.

ඔන්න දවසක් චූටියි මමයි චිත්‍රපටියක් බලන්න ගියා,පටං අරගෙන ටික වෙලාවකින් මූ මට කියනව,

බඩුවක්...බඩුවක්.. කියල..

මම ඇහුව කෝ කියල..

චූටිට අල්ලපු පුටුවෙ ඉඳන් හිටපු කොල්ලව මට පෙන්නුවාම මගෙ ඇඟ හීතල වෙලා ගියා හෝල් එක ඇතුලෙම අපි දෙන්නට හොඳට ගුටි කන්න වෙයි කියල,

මම කිව්ව චූටි මේ පිස්සු කෙලින්නෙ නැතුව ඉන්නව හරිද..කියල,ඒ ගමන චූටිය සද්ද නැතුව හිටිය.

චිත්‍රපටිය ඉවරයි,ඔය අපේ ටවුමෙ හෝල් එකේ චිත්‍රපටි බලල ආපහු යන අපි කට්ටිය එකතු වෙන්නෙ හෝල් එකෙන් පාරට බහින තැන බෝඩ් එක ගාව,මාත් ඔතෙන්ට වෙලා චූටිය එනකං බලාගෙන හිටිය,සෙනග ඔක්කොම ගියා මූ නෑ.මූට යන්න වෙන පාරකුත් නෑ,මම ආපහු හෝල් එක පැත්තට යනකොට බයිසිකල් මඩුවෙ මුරට ඉන්න පොඩී මාව දැකල අහනව,

ඇයි මහත්තයො මොකුත් අමතක වුණාද ..කියල,

 මම කිව්ව නෑ පොඩී මාමෙ මාත් එක්ක ආපු චූටි කෝ කියල බලන්නයි ආවෙ කියල,

ආ ඒ ළමය කොයි වෙලාවෙද ගිහිං...ඔය තව ලමයෙකුත් එක්ක කතා කර කර ගියෙ  කියල පොඩී කිව්ව.

මම ඒ ගමන තනියම ගෙදර ආව,පස්සෙ දවසක මාව හම්බ වෙච්චි චූටිය කියනව..

මම අරකිව ඉස්කෝලෙට ගෙනිච්චනෙ ...කියල.
මූ ඒ කොල්ලව ගෙනිහිං තියෙන්නෙ මගෙත් ඇස් වහල.

15 comments:

  1. බඩුවක් - කොල්ලා - අරකිව - සමරිසිද? හොද චූටි...

    ReplyDelete
    Replies
    1. අර කියුවා වාගේ ලොකු අයියේ වැරදිලාද කොහෙද උඹටත් මට වාගේ හදපං ඉක්මනට

      Delete
    2. සමරිසි,නියම සිංහල වචනෙ,හරිම ලස්සනයි.ගෑණු පිරිමි දෙගොල්ලන්ටම එකම නම පාවිච්චි කරන්න පුලුවනි.

      Delete
    3. කිසිම වැරදීමක් නෑ අටම්,ඔය එදා චූටිය පාවිච්චි කරපු වචන, ඒ විදියටම තමයි මම ලිව්වෙ.

      Delete
  2. අපෙත් ඉන්නෙ ඔහොම චූටියෙක්.. අපේ බාප්පා.... සුමෝකාරයෙක්ට වඩා පොඩ්ඩක් චූටි ඇති.. හි හි..

    //මම අරකිව ඉස්කෝලෙට ගෙනිච්චනෙ//

    ඉස්කෝලෙ....??????? හා කමක් නෑ.. මංම හිතාගන්නම්...... හි හි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හිරූ,ඔයාටත් ඕනැනැති දෙයක් නෑ නේද

      Delete
  3. උගන්වන්න වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති සෙන්නා,මම හිතන්නෙ එදා ගිහිං ඉගැන්නුවා

      Delete
  4. චූටිය කොල්ලෙක්වද උස්සල තියෙන්නේ

    ReplyDelete
  5. චූටියා බොටත් කොලේ වහං කරේ කොහොමද කියල එපැයි බං අහන්න??

    ReplyDelete
    Replies
    1. මම පස්සෙ ඒක ඇහුවා,ඌ හිනාවුණා විතරයි.

      Delete
  6. අප්පට උඩු!!! :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. කොල්ල කෙල්ල පැටලිලා

    ReplyDelete

ඔබේ අදහස්